පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2023-03-29

ලන්ච් සීට්

මම දිනපොත ලියන්න පටන් ගත්තේ කොයි වෙලාවේ නතර වෙයිද දන්නේ නෑ කියලා හිතාගෙන. පුංචි බ්රේක් එකක් ඇවිත් දැන් යාථා තත්වයට පත්වෙමින් ඉන්නවා.

ලොකු ලොකු දේවල් හිත හිතා ඉන්න කොට පුංචි එකෙක් කිව්ව කතාවක්  මතක් වුනා.

එක එක කාලෙට එක එක සංකල්ප එනවා. එනවා වගේම නැතිවෙලත් යනවා. ප්‍රායෝගික නූනාම ඒවා පවතින්නේ නැහැ. මේ කතාව පටන් ගන්නේ කෑම පාර්සල් ඔතාගෙන එන පොලිතීන් කොළ ගැන. අපි සිංහල භෂාවෙන් “ ලන්ච් සීට් “ කියන්නේ !!.

පොලිතීන් සීමාකරන්න ඕන කියලා ලොකු අඩහැරයක් තිබුනාගේ සිරිසේන උන්නැහේගේ රාජ්‍ය පාලන සමයේ. ඉතින් ඒ කාලේ පාසල් වල දරුවන්ට තමන්ගේ දිවා ආහාරය ගේන කොට විකල්පයක් භාවිතා කරන්න සිද්ධවුනා. මේක අකුරටම කෙරෙන්න ඕන කියලා පාසල්වල නියෝගයක් පනවලා තිබුනා. ඔය මම කියන පාසලේ කෑම පාර්සල් පරීක්‍ෂණයට ‍ගුරුවරයෙක් වෙන් වෙලා හිටියා

 එතුමා පාර්සල් පරීක්‍ෂා කරමින් යනවා දිනපතාම. මුළු පාසලේම ලන්ච් සීට් භාවිතයෙන් ඉවත් වෙලා. ඒත් ලමයි දෙන්නෙක්  විතරක් මේ වැඩේ අත්හැරලා නැහැ. කොයිතරම් අවවාද කලත් මේ දෙන්නා පිලිගන්නේ නැහැ.ඒ මදිවට මේ දෙන්නා ශිෂ්‍ය නායකයෝ. අමුතු වරප්‍රසාද  මේ දෙන්නට විතරක් තියෙන්න බැහැනේ. එහෙම හිතාගන විදුහල්පතිතුමාට පැමිණිලි කරන්න හිතාගත්තා.

සර් ගේ ක්‍රියාකලාපය නිරීක්‍ෂණය කරගෙන හිටු පොඩි එකෙක් සර් ලගට ඇවිත් කියාපි  “ ඔය අයියලා දෙන්නා සර් කියන නියෝගය පිලිපදින්නේ නැහැ සර් “ කියලා ““ඇයි එහෙම කියන්නේ ?.“ ඇයි සර් දන්නේ නැද්ද අර වැසිකිලිවල කැපුවේ කවුද කියලා   ?. එතකොට මතක් වුනා මේ දෙන්නා නේද ? කියලා. “සර් විසිපන්දහක් ඉල්ලපු වැඩේ මේ දෙන්නා කරලා දුන්නේ හත්දාහට. පොඩි එකා කිව්වා.

රුපියල් දහඅට දාහක් ආගිය අතක් නෑ.

කුඩු කෑ විත්තිය යට ගිහින්. ළමයි දෙන්න ලන්ච් සීට් එකේම තාමත් කෑම ගේනවා.


notes of imaginary

2023-03-17

මාර්තු 17 වෙනිදා .










වර්ජණය තාවකාලිකව නතරවු බවක් පේන්නේ. තර්ජණය එහෙමමයි. එක් දිනක පාඩුව මේච්චරයි. අච්චරයි කියලා වර්ජණය කල ඇත්තෝම පුරසාරම් දොඩවනවා. කාටද පාඩු ?.

පාසල් යන දූ දරුවන්ට කරන ලද පාඩුව. මිළ කරන්න බැහැ. ඊයේ බ්‍රහස්පතින්දා. බුහස්පතින්දා වර්ජණය කරලා සිකුරාදත් නිවාඩු දමපුවහම ආයේ පාසලට එන්න ඕනි සදුදා.  උදේ ට අතුරු පාරකින්  එන බස් එකක ගුරුවර ගුරුවරියන් පහලොවක් විතර එනවා පාසල් දෙකකට. අද උදේ ඒ බස් එකේ හිටියේ ගුරුවරු තුන්දෙනයි. ඒ රජයේ ගම්බද පාසලක තත්වය.ඒත් නගරයේ පෞද්ගලික පාසලක ගුරුවරු වර්ජණයට සහභාගීවෙලා නැහැ. ඊයෙත් පාසල පැවත්වුනා.

අපෙන් අය කරන බදු මුදල් වලින් වැටුප් ගන්න මේ උදවිය පාඩු කරන්නේ බදු ගෙවන අපිටමයි කියලා හිතන්නේ නැති හැටි.

ජාතික ජන බලවේගයේ  කේ.ඩී. ලාල්කාන්ත සහෝදරයා වර්ජනය ගැන සුබවාදී අදහසක් පලකරලා තිබුනා.ඒ අතර විපක්ෂයේ දේශපාලන පක්ෂවල ඇතැම් කණ්ඩායම් විසින් සංවිධානය කරවනු ලබන  වැඩ වර්ජන වැනි ජනතාව අපහසුතාවට ලක්වන ක්‍රියාමාර්ගවලට විරුද්ධව නැගී සිටින බවත්, වැඩ වර්ජන නිසා වන විනාශය ගැනත් ඔහු අදහස් දැක්වුවා.

වෘත්තී සමිති පිටුපස සිට මෙහෙවනු ලබන්නේ දේශපාලන පක්‍ෂ විසින්. දේශපාලන පක්‍ෂ බලයට පත්වීමට පවතින ඕනම ආණ්ඩුවක් පීඩනයට පත්කිරීමට යොදා ගන්නේ වෘත්තීය සමිති.මේ වර්ජනයේදීත් එය පැහැදිලිව දක්කට ලැබුනා. ඉන් ජනතාව පීඩනයට පත්වෙනවා කියලා හිතන්නේ නැහැ.

සිංගප්පූරුව දියුණුවු අන්දම ගැන කතා කරන අපි මුල් කාලයේ පාලනය අධ්‍යයනය කලොත් දකිවී වෘත්තීය සංගම් සදහා ඉඩ දී තිබු අන්දම.  අපේ දූෂිත දේශපාලකයන් මෙන්ම වර්ථමාන රාජ්‍ය සේවයද මේ රටින් අතුගාදමා පිරිසිදු කල යුතුයි.

අයිතිවාසිකම් මිස යුතුකම් ගැන ඔවුන්ගේ හැගීමක් ඇත්තේම නැහැ.


notes of imaginary