පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2014-10-26

පිවිතුරු හෙටක් ?.


දේශපාලන අදහස් ගැන අපට උදහස්වීමට කාරනා ඇතිවේ.
උදහස් වීම හා ආතතිය හා බැදීමක් ඇති බැවින් ආතතිය නිසා ඇති වන ලෙඩ රෝග ඇතිවීමෙන් වැලකී සිටීමට නම්  උදහස් වීමට ඇතිවන කරුණු කාරනා වලින් ඈත්වීම සුබදායකවේ. ඒ නිසාවෙන් එදිනෙදා ඇසෙන දේශපාලන ප්‍රවෘත්ති පිලිබදව නෑසු කන්ව සිටීමේ ප්‍රතිපත්තියකට මාරුවීම මගේ ප්‍රතිපත්තියක් බවට පත්ව තිබිනි.

එහෙත් මේ දිනවල අසන්න ලැබෙන්නේ ආතතිය ඇතිවීමට හේතු සාධක වන ප්‍රවෘත්ති නොවේ. මේ ප්‍රවෘත්ති සිත සැහැල්ලු කරන වර්ගයේ කොමඩි කතා බැවින් ලේ ගමන යහපත් වී ඇගපතටද සැහැල්ලුවක් ඇති කරන බැවින් ඇග පත ද රන්වන් පාටවන රූප ලාවන්‍ය ප්‍රවෘත්තින්  වේ.  එබැවින්  දේශපාලන ප්‍රවෘත්ති කියවීමට  නැවත උනන්දුවක් ඇති කරගැණිමට අදහසක් ඇති කර ගතිමි.

මාදුළුවාවේ සෝභිත හිමියෝ , අතුරලියේ රතන හිමියෝ සහ  බොදු බල සහ රාවනා ආදී කී නොකී හිමිවරු අප සාශනයට කරන්නාවු සේවය පිලිබදව බෞද්ධයෙක් වශයෙන් මගේ සිත තුල ඇතිවන බුද්ධාලම්භන ප්‍රීතිය දක්වන්නට බුදුහාමුදුරුවෝ ජීවමානව නැති හෙයින් මම කම්පා වෙමි. එතුමන්ලාට පැවදි ජීවිතය පියමන් කර ගිහි ජීවිතය ආක්‍රමණය කිරීමට සිත් පහල නොවන්නේ මන්දැයි හිමිදිරි උදෑසනක මම පිණිබිදුවකින් විමසුවෙමි.  නිහඩතාවය නිසා   යලි විමසන්නට බලන විට පිණිබිදුව වාෂ්ප වී ගොසිනි.

විධායක ජනාධිපති ක්‍රමය නොතිබෙන්නට තිස්වසරක යුද්ධය දිනන්නට ස්ථාවර රජයක් ගොඩ නගා ගන්නට නොහැකිවේ යයි  මම සිතමි. වරදාන ලබමින් ජරාව කමින් හෝ පසුගිය පාර්ලිමේන්තුව ස්ථාවරව තිබුනේ ජාත්‍යාලයෙන් නම් නොවේ.. එලියට බැස්සොත් ඇගපත වියලී තෝරුන් සේ සිටින උත්තමයින් හාල්මැස්සන් වන බැවිනි. අදද පාර්ලිමේන්තුව ඇති ආකාරයෙන් ඇත්තේ බෝර්ඩ් ලෑල්ලේ ලියා ඇගේ එල්ලා ඇති පට්ටමේ ඇති වරදානයන් සහ ජරාවේ ඇති අනුහසිනි.

මෙසේ තිබියදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නො කර ජනාධිපතිවරණයක්‌ පැවැත්වීමට ආණ්‌ඩුව තීරණය කළොත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පැරැදවීම සඳහා කළ හැකි සෑම දෙයක්‌ ම කරන බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පිවිතුරු හෙටක්‌ සංවිධානයේ ජාතික සම්බන්ධීකාරක අතුරලියේ රතන හාමුදුරුවන් වහන්සේ පවසයි. එහෙත් නියරය යට සිට වක්කඩය කඩන්නට උන්වහන්සේට අදහසක් පහල නොවේ. අපිට මන්ත්‍රියෙක් නැති සමානුපාත ඡණ්ද ක්‍රමය ගැන හාන්කවිස්සියක් වත් උන්වහන්සේට සිහිපත් නොවේ.

එතුමන්ට පවතින පාර්ලිමේන්තුවේ රැදී සිටිමින් නිර්වාණය අවබෝධ කර ගන්නට නොහැකිවී ඇති බව සිතන්නට අපට කරුණු කාරනා පහලවේ.  රතන හාමුදුරුවෝ 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය පාවිච්චි කරන ලද  බව මට සිහිපත්වේ. අද වන විට උන්වහන්සේගේ 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය පාවිච්චි කිරීම වැරදි බව කියනා තැනට පත්වීමෙන් උන්වහන්සේට ලැබුන නොලැබුන මාර්ගඵලයන්හී වටිනාකමේ කිසියම් වෙනසක් ඇතිවී ඇති බව අවබෝධ වන්නට ඇතැයි එකත්පස්ව වැදගෙන සිටින උපාසක උපාසිකා අපගේ සිත්තුල කොමඩි සිතිවිල්ලක් ඇතිවේ.

පැවදිව සිටි කාලයේ උන්වහන්සේලා දේශනා කරනු ලැබු බණක බුදුරජානන් වහන්සේ ට පරිනිර්වාණය කරන ලෙස මාර දිව්‍ය පුත්‍රයා ආරාධනා කළ කල්හි ,  ආනන්ද හාමුදුරුවන් නිහඩව සිට ඇත්තේ  උන්වහන්සේට ආවේෂ වුණු මාරයා  එය වැළැක්‌වු බැවින්යැයි සදහන් වු බව සිහිපත් වේ.  18 වැනි සංශෝධනය සඳහා ඡන්දය දෙන අවස්‌ථාවේදී අපේ අතුරලියේ රතන හාමුදුරුවන් වහන්සේටත් මාරයා ආවේෂ වූවා විය හැකියයි  උපකල්පනයක් ඇති කර ගැණිමට මම උත්සහා දැරුවෙමි.  උන්වහන්සේට ආවේශවු මාරයා ගිය පසු කඩුල්ල වසන්නටත් විකල්පයන් සොයන්නටත් හදන හැටි අසමින් මම විස්සෝපයට පත්වෙමි.

පණ්ඩිත උන්නාන්සේලා අනුගමනය කිරීම හැර උන්වහන්සේලාට උපදෙස් දීමට පෙ‍ළඹවීම ගිහි අපට බ්‍රහ්ම දණ්ඩණය පැනවීමට හේතුවේ. එසේ වුව හොත් පාංශකූලයට පවා කහසිවුරු හයර් පර්චසින් කිරීමට උපාසික උපාසිකාවන්ට සිදුවීය හැකි බැවින්  එකත්පස්ව අසා සිටීම ගුණදායක බව අවවාදයක් ලෙස මේ කොමඩි වියමන යේ සටහන් කරම්හ.



notes of imaginary

2014-10-15

මතින් කල කතාවක්.




මත්පැන්වලින් අය කරන බදු තවත් ඉහළ නංවා තිබේ. බියර් සදහා ලීටරයකට රුපියල් 15/= කින්ද 10%ට වඩා සැර අරක්කු වැනි මත්පැන් සදහා මිලි 750කට රුපියල් 80/= කින් සහ 33.5% වඩා සැර බ්‍රැන්ඩි විස්කි රම් ජින්  සහ වෙනත් මත්පැන් සදහා රුපියල් 100/= - 150/= වැනි මිල ගණන් වලින් බදු මුදල් සහ ඊට අමතරව නිෂ්පාදන වියදම්ද එකතුව  මිල ගණන් ඉහල ‍ගොස් ඇති බව සදහන්වේ.
නිෂ්පාදන වියදමට වඩා මත්පැන්වලින් අය කරන බද්ද මේ වන විට දෙතුන් ගුණයක් වී තිබේ.  සිගරට් වලට අයකරන රජයේ බදු මුදල්ද  මේ ස්වරුපයම ගනී. ඔබ රුපියල් 850/= මිලදී ගන්නා අති විශේෂ අරක්කු මිලි ලීටර් 750ක නිෂ්පාදන වටිනාකම රුපියග් 200/= පමණ විය හැකියි. ඉතිරි 650/= ම බදු මුදල් වේ.

මිල ඉහල ගොස් සතියක් හමාරක් වැඩිවන මිල ගණන් ගැන කතා කරන මත්ලෝලීන් ඉන්පසු සිරිත් පරිදි  පරන ස්ථාවරයටම පත්වෙති. මේ නිසා රජයට අයවන බදු මුදලේ මෙන්ම නිෂ්පාදකයාගේ අළවියේ වෙනසක්ද සිදු නොවේ. අප ආදායම් බදු , උපයන විට ගෙවන බදු , වටිනාකම මත ගෙවන බදු ආදී ගණනය කරන බදු ගෙවන විට බදු මුදල් කුවිතාන්සිය කවුන්ටරයෙන් අතට ලැබෙන්නේ   ඇගෙන් කෑල්ලක් බැංකු අයකැමි ලාච්චුවේ දමාගත් පසුවයි.

එහෙත් මත්පැන් බී නිර්වින්දනයට පත්වන මත්ලෝලීන් දිනපතා බදු මුදල් බාර් එකේ කවුන්ටරයට ගෙවන්නේ ඉතාමත් කැමැත්තෙනි. සමහරු ගෙවු බව දන්නේ පසුදා සාක්කුව අතපත ගානවිටයි.

මත්පැන් සදහා බදු මුදල් අයකිරීම මත්ලෝලීන්ට පනවන සුන්දර දඬුවමකි. සමහරු තම ආදායමේ සීමාවක් මායිමක් නොබලයි. තරාතිරමක් නොමැතිව  ඇගට පතට නොදැනී මැසිවිලි නොකියා මත්පැන් හලේ අයකැමිට  බදුමුදල් ගෙවා වැනි වැනී යති. සමහරු කාණු පල්ලේ නිදාගනිති. අමතරව දඩුවම් නියම කර ගත්දා පාරේ දඩාවතේ යන සතුන් සිව්පාවුන්  හා පිලිසදරේ යෙදෙති. කොතරම්  සුන්දර බදු ගෙවීමක්ද  ?.

සුරා බදු ඉහල ගියදා මතට තිත නොතැබු සමාජයක කතාබහට ඇහුම් කන් දී සිටියෙමි. අයෙක් අධික ලෙස මත්පැන් බී රෝහල්ගත වන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා මහජන මුදල් වැය වන බැවින්  මත්පැන්වලින් යම් ප්‍රමාණයක බද්දක් අය කිරීම සාධාරණ බවට තර්ක කරයි.

තවත් අයෙක් කියන්නේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්  මත්පැන් අලවි සහ නිෂ්පාදන බලපත්‍රධාරීන් බවයි. ඔවුන්  ගමින් ගම බාර් දමාගෙන මත්පැන් විකිණීමේ ජාවාරමේ යෙදෙයි.  මැතිවරණයකුත් කිට්ටු නිසා ආණ්ඩුව ඔවුන්ගේ සාක්කු පුරවන්න අරක්කු ගාන වැඩි කල බවට චෝදනාවකි.

දේශපාලන - ඥයෝම ආපසු හැරී මතට තිත තියන්න උද්ඝෝෂණය කරන බවට කට කැඩෙන කතාවකි..

තව කෙනෙක්ගේ මතය කුස්සිය සන්සුන් කර ( විදුලිය ගෑස් තෙල් මිල ) තබා මහත්තුරුන්ගේ කණට ගැසු බවකි. රජය  සුරා බදු ප්‍රධාන ආදායම් මාර්ගයක් කරගෙන ජනතාවගේ සාක්කුව සූරා ගැනීම ආණ්ඩුවේ උපාය මාර්ගය වී ඇති බවට තර්ක නගති.
පුදුමයට මෙන් හැමදේටම පාරට බසිනි වෘත්තිය සමිති විශ්ව විද්‍යාල ශිෂ්‍යයයෝ ‍සෞඛ්‍යය ,ගමනා ගමන සේවකයෝ මේ අසාධාරණයේදී  නිහඩ පිලිවෙතක් ගනී . සාක්කුවෙන් වැඩි පිරිවැයක් ගෙවන මත්පැන් සදහා අසාධාරණ බදු මුදලක් අයකරන විට ජනමාධ්‍ය, සිවිල් සමාජය හැසිරෙන්නේ කිසිවක් සිදු නො වූ ගානට නිදිගත්වනවයි. ඒ මත්පැන්වල ඇති ආශ්චර්යකට විය හැකියයි  අධ්‍යාපන වෘත්තිකයෙක් කියයි.

ජාතික මැතිවරණයක් අභියස නායකයින්ට උපදේශ දෙන   කාරකාදීන් දී ඇත්තේ දිරච්ච ලනුවකි. අපේ රටේ මත්පැන් බොන ඇත්තන් ගේ ඡණ්දය වැරදුනොත් මේ ආණ්ඩුවට ගෙදර යන්න සිද්ධ වෙන්නේ ඇදුමත් නැතිව බව හොදටම වෙරිවු නෙනෙක් අභියෝග  කරයි.

කෙසේ වෙතත් අයවැයට කිට්ටු වෙන මේ දිනවල වම් අතින් අරගෙන දකුණු අතට සහන ලැබෙන බවට ඉගියක් නම් කල හැකිවේග අන්තිමේදී අපි  නතර වන්නේ හිටපු තැනටත් පහලට වැටී බව නම්  නියතයකි.






notes of imaginary