පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-06-08

හිත් මඩල .



කලා වැව හිදෙනවා

ආයෙමත් පිරෙනවා

මගේ හිත බිදෙනවා

ආයෙමත් හැදෙනවා


“හිත බිදෙනවා  - ආයෙමත් හැදෙනවා“ ජීවිත කාලෙටම මෙහෙම වෙනවා.

ළදරු වියෙත් අම්මගේ උණුසුම බඩගින්න  හිත බිදෙන්න හේතු වෙනවා

කාලෙන් කාලෙට හේතු  වෙනස් වෙනවා

හිත බිදෙනවා - ආයෙමත් හැදෙනවා.

බුදුහාමුදුරුවන්ගෙන් ආනන්ද හාමුදුරුවෝ අහනවා. කුසල සම්පන්න ශීලයෙන් ඇති පල මොනවද කියලා.

බුදුහාමුදුරුවේ කියනවා.. පසුතැවිලි නොවීම කියලා ..

ආනනද් හාමුදුරුවන්ට තව තවත් පැහැදිලි කරගන්න ඕන.

පසුතැවිලි නොවීම කියන්නේ ?.

පසුතැවිල නොවීමේ ප්‍රෙබා්ධමත් විය හැකිනේ !

ප්‍ර බෝධමත් වීම ?.

ප්‍රීතිය ඇති කරන්න හේතුවක් නේ

ප්‍රීතිය  ?

ආනන්ද හාමුදුරුවෝ ආයෙත් ප්‍රශ්න කරනවා.

ප්‍රීතිය නිසා සන්සිදීම ඇති වෙනවනේ ආනන්ද ය බුදුහාමුදුරුවෝ කියනවා.

සන්සිදීම කියන්නේ ?

ආනන්ද හාමුදුරුවෝ තවත් පැහැදිලි කරගැනීමේ අරමුනින් අහනවා.

ආනන්දය සන්සිදීමෙන්“ සැපය“ ඇත්වෙනවා නොවැ බුදුහාමුදුරුවෝ කියනවා

“සැපය“ නිසා “සිත එකග කිරීමට“ හේතුවෙනවා !.

තවත් පැහැදිලි කරන බුදුහාමුදුරුවෝ

“සිත එකග කිරීම “ තරුණ විදර්ශනාවට “ හේතු වන බවත් 

එය ‘‘ බලවත් විදර්ශනාවට මාර්ගය ( නිබ්බදා විරාගං) පෙන්වන බව පවසන බුදුන් වහන්සේ 

“නිබ්බදා විරාගං - විමුක්ති ඤාණ දස්සනතාය “ ( KNOWLEDGE AND VISION OF LIBERATION  )

බලවත් විදර්ශනාව අරහත් ඵලය හා ප්‍රත්‍ය වේක්‍ෂා ඥාණය ප්‍රෙය්ජනය කොට ආනිශංස ලැබෙන බව ආනන්ද හාමුදුරුවන්ට පැහැදිලි කරනවා.


කලා වැව හිදෙනවා

ආයෙමත් පිරෙනවා

මගේ හිත බිදෙනවා

ආයෙමත් හැදෙනවා


සිදුණු වැව් පතුලේ

කටු කොහොල් පෙනෙනවා

බිදුණ හිත් මඩලේ 

සෝ සුසුම් දැනෙනවා.


පිරුණු වැව් ජලයේ

සුදු නෙළුම් සරනවා

හැදුන හිත් මඩලේ

පෙම් සුවද දැනෙනවා.





A day in the life ජීවිතයෙන් දවසක් .

2026-06-06

ආපසු හැරෙන් !.



මීදුමත් අළුත් වෙන්න එපාය.

ඔන්න අද ඉදන් මගේ කතා විතරයි.

කතාවලට මාතෘකා නම් ඕන තරම් මතු වේවි.

බෙල්ල විතරක් තියෙද්දී ඔළුව නැති කර ගන්න වෙන කතා කියන්නත් වෙයි.

කමක් නැහැ.

ඔන්න ඔහේ ලියමු.

පහුගිය කාලෙම හිත එක තැනක තියා ගන්න බැරිව .

කියවලා වැදගත් යයි හිතුන කතා  දැම්මා.

ඒවට ප්‍රතිචාර දක්වන්න සහෘදයෝ මනාප වෙලා තිබුනේ නෑ.

ඒත් ඇවිල්ලා බලලා ගිය කට්ටිය හිටියා.

මාසෙකට 10000 කට 

ආසන්න පිරිසක් ආවා ගියා.

මේ ඕපාදූපත් එක්ක ආර වෙනස් කරලා බලමු.

දැන් කාලේ පොත්කියවන අය අඩුයි.

ටෙලියක් දෙකක් බලලා හවස් කාලේ ගෙවා දාන අයත් ඉන්නවා.

යාන්තම් “ දෙවෙනි ගමන“ ඉවර වුනා.

එයාලා හැමදාමත් 8.30 ට තිරය මත දිගඇරියත් , ප්‍රේක්ෂකයා දෙවෙනිගමන අත්හැරලා ගොඩක් කල්.

පහුගියි කාලේ ලස්සන ටෙලි කතා කිහිපයක් තිබුනා.

කූඹියෝ , කලපුවට ආපු දොස්තර …….පස්සේ මේ දවස් වල “ නටත් අයෙක් සුරා මතින් “ ආයෙත් රූපවාහිණි තිරය ලගට අපි අරන් ගිය කතා.

මාධ්‍ය ආයාතන හිතන්නේ සරුංගල් කතා වලින් ටෙලි කාලය පුරවපුව හරි කියලනම් ටෙලි විකාශණ වලටත් දෙයියන්ගේ පිහිටම තමයි.

හරි ටිකක් හර බර ඇතිව අපි හමුවෙමු.

නැත්නම් මීදුමටත් ටෙලියන්ට වෙච්ච සන්තෑසියම වෙයි.



A day in the life 
ජීවිතයෙන් දවසක් .