පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-06-05

ඉතිං මං තාමත් හොඳ යාළුවෙක්ව හොයනව.




"ඔයාට අර ගාල්ලේ ළමයා එක්ක සම්බන්ධයක් තියෙනවද? ඔයාලා දෙන්නා බෝ ගහ ගාවට වෙලා කතා කර කර ඉන්නව මිනිස්සු දැකලා මගෙන් ඇහුවා.." තාත්තා දවසක් මගෙන් ඔය කතාව අහලා මාව හොඳටම හිනැස්සුවා. ඒත් තාත්තානම් මගේ දිහා බලාගෙන හිටියේ කුතුහලයෙන් වගේ. කුතුහලය සංසිඳවන්න එපැයි.
"සම්බන්ධයක් තියෙනව.. එයා මගේ යාළුවනේ.. වෙන අමුතු සම්බන්ධයක් තියෙනවානම් මං ඒක ඔයාට තමයි මුලින්ම කියන්නේ කියලා ඔයා දන්නවනේ.."
"මට යාලුකම් තේරුම් ගන්න පුළුවනි. ඒත් මේ ගමේ ඉන්න සමහර එවුන්ට මේවා තේරෙන්නේ නෑ. මගෙන් ඇහුවා බඳින්න ඉන්න කෙල්ලද කියලා" තාත්‍තා දැන් ආපිට එහෙම කියලා හිනා වෙන්න ගත්තා. එතැනින් ඒ කතාව අහවර වුණා. ආයේ අපි කවදාවත්ම ඒ ගැන කතා කළේ නෑ. ආයේ ඒ කතාව ඇදිලා ආවේ, අවුරුදු ගානකට පස්සේයි.

"අර ගාල්ලේ ළමයා දැන් එන්නේ නෑ නේද?" තාත්තා හදිසි යමක් මතක් වුණා මගෙන් අහපුවාම වෙනදා වගේ මට හිනාවක් ගියේ නෑ.
"එයා කසාද බැන්දානේ තාත්තේ.." එතැනින් පස්සේ තාත්තා ඒක ගැන ඇහුවේ නෑ. අපි ඒ ගැන කතා කළේත් නෑ.

ඔය ගාල්ලේ ළමයා තමයි, මගේ ජීවිතයේ ඉඳපු හොඳම යාළුවා. ඉස්සර අපි පැය දෙක තුනක් දවසකට කතා කරනව. මනුස්සයෙක්ට තව මනුස්සයෙක් එක්ක එච්චර කතා කරන්න දේවල් මොනවද තියෙන්නේ කියලා අද හිතුනත් අපිට සෑහෙන්න ප්‍රශ්න ඒ දවස් වල තිබුණා.
ආක්ටික් වල පෝලර් බියර්ලා වඳ වෙච්ච එක ගැන, න්‍යෂ්ටික බෝම්බය හදන්න අයිස්ටයින් වගේ මනුස්සයෙක් වක්‍රව දායක වෙච්ච විදිය ගැන, මහත්මා ගාන්ධි ඇත්තටම අවිහිංසාවාදියෙක් ද, අඛණ්ඩ භාරතයක් වෙනුවෙන් ධර්මාශෝක ෆිලෝසොපි හරහා දේශපාලන බලය ව්‍යාප්ත කළේ කොහොමද, ඇත්තටම ලෝකයට මාක්ස්වාදය වැඩ කරයිද, නූතන ලිබරල් ප්‍රතිපත්ති වලින් ලෝකය දුවන විදිය ගැන, සාත්‍රේගේ සාංදෘෂ්ටිකවාදයට අනුව මිනිස් ජීවිතය ගොඩ නගන්නේ කොහොමද, මනෝ විශ්ලේෂණ වාදය එක්ක සම්බන්ධකම් වල නියම තත්ත්වය මොන වගේද, ලංකාවේ ආහාර සංස්කෘතිය ප්‍රදේශයෙන් ප්‍රදේශයට අන්‍යයතා ගොඩ නගාගෙන ඉන්නේ කොහොමද, මිනිස්සු ආදරය කරනව කියලා කරන ලබ්බ ඇත්තක් ද, හදිසි මරණ පරීක්ෂණයකදි මනුස්සයෙක්ව විච්ඡේදනය කරලා රහස් හොයන්නේ කොහොමද,
වගේ ප්‍රශ්න ගොඩකට උත්තර හොයන්න වගේම කතා කරන්න අපිට තිබුණා.

නිවාඩුවක් ලැබුණ හැටියේ එයා මෙහේ දුවගෙන ආව. මං එයාට අපි ජීවත් වෙන ලෝකය පෙන්නුවා. මං ගාල්ලට ගියාම එයා මට දකුණ කියන වෙනම රට පෙන්නුවා. මුහුදු වතුර එක්ක මුහුදු කෑම මං විඳ ගත්තා. මාටින් වික්‍රමසිංහ හොයාගෙන ගියා.
හොඳ අරක්කු වීදුරුවක රහ මොකක්ද කියලා අපි බැලුවා. අපි කෑ ගහලා කියපු සිංදු තිබුණා. අපි අත් අල්ලගෙන නටපු වෙලාවල් තිබුණා. අපි මහා හයියෙන් හිනා වෙච්ච තැන් ඕනෑවටත් වැඩියෙන් අපිට තිබුණා. රෑ පාන්දර වෙනකං හඳ එළිය යට බියර් වීදුරුවක් තොල ගාමින් අපිට නින්දක් නැතුව කතා කරන්න දේවල් තිබුණා.
මං දැන් අවුරුදු ගානකින් කතා කරලා නෑ. කතා කරනවා කියන්නේ මිනිස්සු එක්ක තියෙන සාමාන්‍යය සන්නිවේදනය නෙමෙයි. කතා කරනවා කියන්නේ ඊට වඩා වැඩි දෙයක් ! අපේ ආත්මය වෙන කෙනෙක් ! අපි අපේ ආත්මය එළියෙන් තියන්නේ තෝරාගත්තු ආත්මයක් ළඟදි විතරයි. ප්‍රහර්ෂයක් තියෙන, පිළිගන්න, විනිශ්චය නොකරන ආත්මයන් ළඟදි අපි අපිව එළියෙන් තියෙනව.

ඕනම මිනිහෙකුට තමන්ගේ ගුහාවෙන් එළියට ඒමේ උවමනාව තියෙනව. මිනිස්සු ඒකට විවිධ වූ විධික්‍රම පාවිච්චි කරනව. සමහර අය සෙක්ස් වලදි කරනව. සමහර අය ආදරේදි කරනව. සමහර අය රස්සාවේදි කරනව. සමහර අය විනෝදාංශ ඇතුළේ කරනව. ඒත් කවුරුත්ම තමන්ගේ ආත්මය පරිපූර්ණව ගුහාවෙන් එළියට ගන්නේ නෑ.
එහෙම අවස්ථාවක් ලැබෙන්නේ යාලුකමකදි විතරයි. ඒත් එවැනි යාළුකමක් තුළදීත් අල්පයක් වූ යාලුකමක් ගාවදි විතරක් ඒකට ඉඩ ලැබෙනව.

මං එදායින් පස්සේ කතා කලේම නෑ. මං දැන් කරන්නේ මිනිස්සු කියන දේවල් අහගෙන ඉන්නව විතරයි. මිනිස්සු එයාලගේ ආත්මයන් මගේ ඉස්සරහා තියලා යනව. මං ගුහාවේ ඉඳගෙන ඒ මිනිස්සුන්ගේ ආත්මයන් දිහා බලාගෙන ඉන්නව. මං මගේ ආත්මය එදායින් පස්සේ කොතැනකදීවත් එළියට දැම්මේ නෑ.

යාළුකම කියන්නේ බලාපොරොත්තුවකින් තොරව පරිත්‍යාගය මත සිද්ධ වෙන සමාජ බන්ධනයක් ! ආදරය කියන්නේ බලාපොරොත්තුව සහිතව ගොඩ නැගෙන දෙයක් ! ආදරයට වඩා යාලුකම හැම වෙලාවකම පරම පූජණීයයි කියලා මං හිතනව. මොකද හොඳ යාළුකම් මිස හොඳ ආදරයන් මට මුණ ගැහුණේ නෑ.

ගොඩක් වෙලාවට කෙල්ලෝ මට කිව්වේ, ඔයාව නැති වුණොත් මං ලේසියෙන් අත ඇරලා ඉන්නේ නෑ, මං ලෝකේ අනිත් පැත්ත හරවලා හරි ඔයාව ගන්නව කියලයි. ඒත් උන් මාව ලේසියෙන්ම අත ඇරලා දැම්මා.

ඒත් බලාපොරොත්තුවකින් තොරව ගොඩ නැගුණ හොඳ යාළුවෙක් මාව අල්ලා ගත්තේත් නෑ. මාව අතෑරියෙත් නෑ. මට නිදහසේ පවතින්න ඉඩ දුන්නා. මගේ ආත්මය ගුහාවෙන් එළියට ගත්‍තා.

ඉතිං මං තාමත් හොඳ යාළුවෙක්ව හොයනව. මගේ ආත්මය ගුහාවෙන් එළියට අරගෙන පෙන්වන්න එකෙක්ව හොයනව. 
A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-06-04

ආක්‍රමණයට ලක් වූ අහිංසක දරුවන්ගේ ජාත්‍යන්තර දිනය




අද ජුනි හතර වෙනිදා. 

**ආක්‍රමණයට ලක් වූ අහිංසක දරුවන්ගේ ජාත්‍යන්තර දිනය (International Day of Innocent Children Victims of Aggression)** සෑම වසරකම **ජූනි 4 වනදා** ලෝකවාසී ජනතාව සමරනු ලබයි.


මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමට හේතු වූ ඓතිහාසික පසුබිම සහ කරුණු පහත පරිදි සාරාංශ කළ හැකිය:


### 1. ඓතිහාසික පසුබිම: 1982 ලෙබනන් යුද්ධය


1982 වසරේදී ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනය ආක්‍රමණය කිරීමත් සමඟ දරුණු සන්නද්ධ ගැටුමක් ඇති විය. මෙම යුද්ධය හේතුවෙන් පලස්තීන සහ ලෙබනන ජාතික අහිංසක සිවිල් වැසියන් විශාල පිරිසක් පීඩාවට පත් වූ අතර, ඒ අතරින් දහස් සංඛ්‍යාත කුඩා දරුවන් මිය යාම, තුවාල ලැබීම සහ අනාථ වීම සිදු විය.


### 2. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීම


යුද්ධයෙන් දරුවන්ට සිදු වූ මෙම දරුණු විනාශය පිළිබඳව එවකට ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයකට පත් විය. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා 1982 අගෝස්තු 19 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය (UN General Assembly) විසින් පලස්තීන ගැටලුව පිළිබඳ හදිසි විශේෂ සැසියක් කැඳවන ලදී.


එහිදී ඊශ්‍රායලයේ ආක්‍රමණශීලී ක්‍රියාවන් නිසා පලස්තීන සහ ලෙබනන දරුවන් විශාල සංඛ්‍යාවක් ගොදුරු වීම පිළිබඳව දැඩි සංවේගය සහ කනගාටුව පළ කරමින් **ES-7/8** නමැති විශේෂ යෝජනාවක් සම්මත කර ගන්නා ලදී. එම යෝජනාවට අනුව, සෑම වසරකම ජූනි 4 වනදා "ආක්‍රමණයට ලක් වූ අහිංසක දරුවන්ගේ ජාත්‍යන්තර දිනය" ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.


### මෙම දිනය සැමරීමේ ප්‍රධාන අරමුණු:


* **දරුවන්ගේ වේදනාව හඳුනා ගැනීම:** ලොව පුරා සන්නද්ධ ගැටුම්, යුද්ධ සහ විවිධ ආක්‍රමණ නිසා ශාරීරික, මානසික මෙන්ම רגිවේදනීය (emotional) පීඩාවන්ට හා අපයෝජනයන්ට ලක්වන දරුවන්ගේ දුක සහ වේදනාව ලෝකයට මතක් කර දීම.

* **ළමා අයිතිවාසිකම් සුරැකීම:** දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සතු කැපවීම නැවත තහවුරු කිරීම.

* **ගෝලීය දැනුවත්භාවය:** යුද පරිසරයන්හි වෙසෙන දරුවන් මුහුණ දෙන ප්‍රචණ්ඩත්වය, පැහැරගැනීම්, ලිංගික හිංසන සහ අධ්‍යාපන/සෞඛ්‍ය අයිතීන් අහිමි වීම් වළක්වා ගැනීමට ලෝක නායකයන්ගේ අවධානය යොමු කිරීම.


> **කෙටියෙන් කිවහොත්:** 1982 ලෙබනන් යුද්ධයේදී පලස්තීන සහ ලෙබනන දරුවන්ට විඳින්නට සිදු වූ ඛේදවාචකය මුල් කරගෙන, සමස්ත ලෝකයේම යුද්ධයෙන් පීඩා විඳින දරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම දිනය නම් කරන ලදී.



A day in the life 
ජීවිතයෙන් දවසක් .