පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-05-11

අභයගිරි භුගත අභිරහස.



ඔබ දන්නේ අහස සිඹින අභයගිරි දාගැබ ගැන පමණයි. නමුත් ඒ යෝධ පදනමට යටින් සැඟවුණු තවත් නගරයක් පවතින බව ඔබ දැන සිටියාද?
අනුරාධපුර අභයගිරි පරිශ්‍රය මතුපිටින් පෙනෙන ආගමික ශුද්ධ භූමියකට වඩා එහා ගිය, අතිශය සංකීර්ණ භූගත ඉංජිනේරු ජාලයකින් සමන්විත ප්‍රදේශයකි. වසර දහස් ගණනකට පෙර අපේ හෙළ ඉංජිනේරුවන් විසින් පොළොව යට නිර්මාණය කළ මේ "දිය-පරිපථය" අදටත් නූතන විද්‍යාඥයන්ව මවිතයට පත් කරන සැබෑ ඉංජිනේරු මවිතයකි.

අභයගිරිය යට සැඟවුණු සැබෑ තාක්ෂණය:

1. හයිඩ්‍රොලික් ඉංජිනේරු විද්‍යාව (Hydraulics): කුට්ටම් පොකුණ සහ ඇත් පොකුණ වැනි දැවැන්ත ජල පද්ධතීන් පාලනය කිරීම සඳහා පොළොව යටින් දිවෙන අතිශය නිරවද්‍ය මැටි නල (Ceramic pipes) සහ ගල් පුවරු භාවිතා කර ඇත. මෙම නල පද්ධතිය මගින් ජලය ගලා යන පීඩනය පාලනය කිරීමේ සුවිශේෂී හැකියාවක් අපේ මුතුන් මිත්තන් සතු විය.

2. ස්වභාවික වායු සමනය (Geothermal Cooling): මෙම භූගත මැටි නල හරහා ජලය බොහෝ දුරක් ගමන් කිරීමේදී, පසෙහි ඇති සිසිලස මගින් ජලය ස්වභාවිකවම සිසිල් වූ අතර, ස්ථර කිහිපයක පෙරහන් පද්ධති හරහා ජලය පිරිසිදු කිරීමේ (Filtration) ක්‍රියාවලියක් ද සිදු විය.

3. බටහිර ලෝකය මවිත කළ නිරවද්‍යතාවය: බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයන් පවා මෙම මැටි නලවල (Seamless clay pipes) තාක්ෂණය දැක පුදුමයට පත් වූ අතර, ඔවුන්ගේ නිල කැණීම් වාර්තාවල මේවා පිළිබඳව ඉතාමත් විස්තරාත්මකව සටහන් තබා ඇත.
මෙය හුදෙක් ආගමික ස්ථානයක් පමණක් නොව, එය එකල ලෝකයේ තිබූ දියුණුම ජල පාලන මධ්‍යස්ථානයකි. බටහිර ලෝකය තාක්ෂණය ගැන අසා නොතිබූ යුගයක, හෙළයන් විසින් භෞතික විද්‍යාවේ නියමයන් භාවිතා කරමින් සොබාදහම මෙල්ල කළ ආකාරය අභයගිරි නටබුන් අදටත් සාක්ෂි දරයි.

මෙම තොරතුරු තහවුරු කර ගැනීම සඳහා පදනම් කරගත් සැබෑ මූලාශ්‍ර:
- Archaeological Survey of Ceylon Reports (H.C.P. Bell සහ A.M. Hocart ගේ නිල කැණීම් වාර්තා).
- 'Ancient Ceylon' by H. Parker - ලංකාවේ පෞරාණික වාරි හා ජල තාක්ෂණය පිළිබඳව ලියැවුණු සම්භාව්‍ය කෘතිය.
- 'Engineering Marvels of Ancient Lanka' - හෙළ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රීය විග්‍රහයන්.
අපේ අතීත උරුමය තුළ සැඟවුණු මේ වගේ දියුණු තාක්ෂණයන් ගැන ඔබ මොකද හිතන්නේ?
#Guptha #Mystery #TrueStory #GupthaLK #Abhayagiri #AncientEngineering #Hydraulics #Anuradhapura #HiddenHistory






A day in the life 
ජීවිතයෙන් දවසක් .

- ගුප්ත මුණුපොතෙන්.

2026-05-10

මහ නැව් අදින පුංචි ටග්.



කවදාහරි වරායක් කිට්ටුවට ගිහින් බලන් ඉද්දි දැකලා තියෙනවද බිල්ඩිමක් සයිස් යෝධ නැවක්, නාන කාමරේ තියෙන බේසමක් වගේ පොඩි ටග් බෝට්ටුවකින් ඇදගෙන ඇවිත් ලස්සනට වරායේ ජැටියක් අයිනට Dock කරනවා? නෙළුම් කුළුණට නැගලා වරාය දිහා බලපු අය මේක අනිවාර්යයෙන්ම දැකලා ඇති.
බැලූ බැල්මට මේක නිකන්ම නිකන් බෝට්ටුවක් ලොකු නැවක් තල්ලු කරනවා වගේ පෙනුණට, මේක ඇතුළේ තියෙන්නේ ලෝකයේ තියෙන පුදුම සහගතම ඉංජිනේරු වික්‍රමයක්. ඇත්තටම කො​හොමද මේ තඩි නැවක් පොඩි බෝට්ටුවකින් අදින්නේ? අපි බලමු මේ ටග්බෝට්ටු කියන පුංචි යෝධයෝ ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලා.
මේ ටග්බෝට්ටුවල බල​ය තේරුම් ගන්න නම්, මුලින්ම අපි මේ ලොකු නැව් වල සයිස් එක ගැන තේරුම් ගන්න ඕනේ.
හිතන්න ලෝකයේ තියෙන ලොකුම බහාලුම් නැවක් ගැන. මේකේ බර මෙට්‍රික් ටොන් 220,000 ක් විතර වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පවුලක පාවිච්චි කරන කාර් 200,000 ක බර!
මේ නැවක් මහ මුහුදේ උපරිම වේගයෙන් ගිහින් එන්ජිම ඕෆ් කළොත්, නැ​ව සම්පූර්ණයෙන්ම නවතින්න කලින් ත​ව කිලෝමීටර් 5ක් විතර දුරක් යනවා!
මේ වගේ මහා බරක් තියෙන, නවත්වන්න මේ තරම් දුරක් යන යෝධයෙක් වරායකට ඇවිත් අර පටු ඇළ මාර්ග අස්සෙන් ගිහින්, හිමීට ජැටියක් අයිනට නවත්වන්නේ කොහොමද?
ලොකු නැවක තියෙන සුක්කානම (Rudder) වැඩ කරන්නේ නැව වේගයෙන් ඉස්සරහට යද්දී විතරයි. වතුර වේගයෙන් ඒකේ වදිනකොට තමයි නැ​ව හැරවෙන්නේ. හැබැයි වරායකට එද්දී මේ නැව් එන්නේ අපි ඇවිදින වේගයටත් වඩා හිමින්. ඒ වගේ අඩු වේගයකදී අර සුක්කානමෙන් කිසිම වැඩක් වෙන්නේ නෑ.
ඒ කියන්නේ ටොන් 220,000 ක බරක් තියෙන මේ යෝධ නැව, වරායට එද්දී නිකන්ම නිකන් පාවෙන ලී කොටයක් ගාණට වැටෙනවා! තනියම හැරවෙන්න කිසිම විදිහක් නෑ. අන්න එතනට තමයි අපේ කතාවේ වීරයා වෙන ටග්බෝට්ටුව එන්නේ.
සාමාන්‍ය ටග්බෝට්ටුවක් මීටර් 20 ත් 40 ත් අතර දිගයි. බර ටොන් 300 ක් විතර වෙනවා. අර ටොන් 220,000 ක නැවයි මේ ටොන් 300 ක බෝට්ටුවයි අතර අනුපාතය ගත්තොත් 1:660 ක් විතර! මේක හරියට පොඩි බල්ලෙක් ලොකු බෝයිං 747 ප්ලේන් එකක් තල්ලු කරනවා වගේ වැඩක්. හැබැයි කොහොමද එහෙම කරන්නේ?
මෙතනදී බලපාන්නේ බෝට්ටුවේ සයිස් එක නෙවෙයි, ඒකෙන් දෙන බලය. ටග්බෝට්ටුවක බලය මනින්නේ Bollard Pull (බොලාඩ් පුල්) කියන එකෙන්. ඒ කියන්නේ බෝට්ටුව කඹයකින් කණුවක ගැටගහලා උපරිම වේගයෙන් ඉස්සරහට යද්දී කඹේට එන ආතතිය (Tension). නවීන ටග්බෝට්ටුවකට ටොන් 80 ත් 100 ත් අතර බලයක් දෙන්න පුළුවන්. ලෝකේ තියෙන ලොකුම ටග් බෝට්ටු වල​ට ටොන් 300 කට වඩා බලයක් දෙන්න පුළුවන්!
හැබැයි ටොන් 100 ක බලයක් තිබුණත්, ඒකෙන් ටොන් 220,000 ක නැවක් තල්ලු කරන්නේ, අදින්​නේ කොහොමද? අන්​න එතන තමයි නියම භෞතික විද්‍යාව තියෙන්නේ.
හිතන්න ලොකු බර දොරක් ගැන. ඒක උළුඅස්සට​ සවි වෙලා තිය​න සරනේරු තියෙන පැත්තෙන් තල්ලු කළොත් ලොකු මිනිහෙකුටවත් දොර අරින්න වහන්​න අමාරුයි. හැබැයි දොරේ හැඬල් එක තියෙන අනිත් කොනෙන් පොඩි ළමයෙක් තල්ලු කළත් දොර ලේසියෙන්ම ඇරෙනවා වැහෙනවා නේද?
ටග්බෝට්ටු කරන්නේ අන්න ඒ දේම තමයි. එයාලා නැවේ මැදින් තල්ලු කරන්නේ නෑ. නැවේ ඉස්සරහින් (Bow) හරි පිටිපස්සෙන් (Stern) හරි තමයි තල්ලු කරන්නේ. එතකොට පොඩි බලයක් දුන්නත් මහා ලොකු හැරවුම් බලයක් හැදිලා අර යෝධ නැව ලේසියෙන්ම කැරකෙනවා!
ඉස්සර තිබුණ පරණ ටග්බෝට්ටු වලට නැවක් තල්ලු කරන්න ඕනේ වුණාම, බෝට්ටුවම ඒ පැත්තට හරවගන්න ඕනේ. වරායක් වගේ කලබල තැනක ඒකට ලොකු වෙලාවක් යනවා.
හැබැයි අද තියෙන නවීන ටග්බෝට්ටු වල තියෙන්නේ Azimuthing thruster (ඇසිමියුටින් ත්‍රස්ටර්) එහෙමත් නැත්නම් Z-Drive කියන තාක්ෂණය. මේකේ ප්‍රොපෙලර් එක බෝට්ටුවට යටින් තියෙන පොඩ් එකක තමයි හයි කරලා තියෙන්නේ. මේකට පුළුවන් අංශක 360 ක් වටේටම කැරකෙන්න!
ඒ කියන්නේ බෝට්ටුව ඉස්සරහට බලාගෙන ඉද්දීම, ප්‍රොපෙලර් එක හරවලා බෝට්ටුවට වමට, දකුණට, පිටිපස්සට, ඕනෑම පැත්තකට යන්න පුළුවන්. නැවට හේත්තු වෙලා ඉන්න ගමන්ම එකපාරටම බලය දෙන දිශාව ක්ෂණිකව වෙනස් කරන්න මේ ටග්බෝට්ටුවලට පුළුවන්. හරියට අ​පේ කාර් එකේ රෝද 4ම වෙන වෙනම අංශක 360 ක් කැරකෙනවා වගේ හිතන්නකෝ!
හැබැයි ඔයා මේ ඊළඟ කරු​ණ අහලා පුදුම වෙයි. ටග්බෝට්ටුවක් කරන වැදගත්ම වැඩේ නැව තල්ලු කරන එකවත්, හරවන එකවත් නෙවෙයි. ඒකේ ප්‍රධානම රස්සාව තමයි බ්‍රේක් එකක් විදිහට වැඩ කරන එක!
ටොන් 220,000 ක නැවක් නෝට් 2 ක (පැයට කිලෝමීටර් 4 ක) වගේ පොඩි වේගයකින් ආවත්, ඒකේ තියෙන ගම්‍යතාවය (Kinetic energy) අතිවිශාලයි. මේ නැව ජැටිය​ක වැදුණොත් ජැටියත් කුඩු වෙලා, ඩොලර් මිලියන 300ක් විත​ර වටින නැවත් කුඩු වෙනවා.
මේක නවත්වන්න, නැවයි ජැටියයි අතරට ටග්බෝට්ටුවක් රිංගනවා. නැව හිමීට ජැටි​ය පැත්තට එද්දී, මේ ටග්බෝට්ටුව තමන්ගේ උපරිම එන්ජින් බලය පාවිච්චි කරලා නැව පාලමෙන් ඈතට තල්ලු කරනවා! මේකෙන් අර යෝධ නැවේ වේගය බිංදුවටම අඩු කරලා, කිසිම හානියක් නැතුව හරිම සිනිඳුවට ජැටිය​ට හේත්තු කරනවා.
මේ ඔක්කොම දේවල් වෙන්නේ නිකන්ම නිකන් නෙවෙයි. නැවේ කැප්ටන් සහ වරායේ නියමුවා (Harbor pilot) රේඩියෝ එකෙන් ටග්බෝට්ටු කපිතාන්වරුන්ට උපදෙස් දෙනවා.
ඉස්සරහා ඉන්න ටග්බෝට්ටුව කඹයක් දාගෙන නැව වමට දකුණට යන එක පාලනය කරනවා.
පිටිපස්සේ ඉන්න ටග්බෝට්ටුව නැව හරවන්න උදව් කරනවා.
පාලම ගාව ඉන්න ටග්බෝට්ටුව බ්‍රේක් එක වගේ වැඩ කරනවා.
මේ මුළු ක්‍රියාවලියටම විනාඩි 30 ක ඉඳන් පැය 2 ක් විතර යන්න පුළුවන්. මේ කිසිම දෙයක් අහම්බෙන් වෙන්නේ නෑ. මේක කරන්නේ අවුරුදු ගණනාවක අත්දැකීම් තියෙන, භෞතික විද්‍යාව සහ මුහුද ගැන ලෝකේ කාටත් වඩා හොඳින් දන්න ටග්බෝට්ටු කපිතාන්වරුන් විසින්.
මහන්සි වෙලා ලියන ලිපි වලට තත්පර 10ක් වැය කරලා Comment එකක් දාගෙන යනවා නම් ගොඩක් වටිනවා..
ලෝකයේ ආර්ථිකය දුවන්නේ මේ යෝධ බහාලුම් නැව් සහ තෙල් නැව් මත. හැබැයි ඒ යෝධ නැව් වලට කවදාවත් තනියම වරායකට ඇවිත් බඩු බාන්න බෑ. ඒක කරන්න පුළුවන් මේ මීටර් 30ක් විතර දිග, සපත්තු පෙට්ටියක් වගේ පේන ටග්බෝට්ටු වලට විතරයි.
භෞතික විද්‍යාවට සයිස් එක අදාල නෑ. භෞතික විද්‍යාවට අදාල වෙන්නේ බලය, දිශාව සහ නිවැරදි වෙලාව විතරයි කියන එකට ලෝකයේ තියෙන හොඳම උදාහරණය තමයි මේ පුංචි ටග්බෝට්ටුව.
ඊළඟ වතාවේ වරායක් ගාවට ගියාම මේ පුංචි යෝධයෝ දිහා වෙනස්ම විදිහකට බලන්න ඔයාට පුළුවන් වෙයි. Z-Drive තාක්ෂණය ගැන ඔයා මීට කලින් දැනගෙන හිටියාද? ටග්බෝට්ටුවක් බ්‍රේක් එකක් වගේ වැඩ කරනවා කියලා ඇහුවාම ඔයාට මොකද හිතුණේ? මේ ලිපිය ගැන ඔයාගේ අදහස පල්ලෙහායින් Comment කරන්න. ඒ වගේම මේ ලිපියට Like එකක් දාලා, නැව් වලට සහ ඉංජිනේරු තාක්ෂණයට ආස ඔයාගේ යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරන්න අමතක කරන්න එපා!






මුණු පොතට  - සුලෝචන දිසානායක

A day in the life 
ජීවිතයෙන් දවසක් .