පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-02-15

වෙල් එලිය .




මන්මද දසුන් සපිරුනු ගම්පියස තුල
හෙල්මලු රටාවෙන් සරසා නියර පෙල
විහිදා ගොයම් කෙහෙරැල් නෙතු මවිත කල
සුරවමියක් වැනිය ගම්මානයට වෙල
මොලකැටි ගොයම මත ජීවය නගන මෙනේ
මදනල පවා සීතල දියබිදිති ගෙනේ
ඇදවී දිගහැරී දිවයන නියර කොනේ
කලුගල් කැදලි මුරකරුවන් ලෙසින් පෙනේ
ගම්මානයේ ඉම නිල් පාටින් ඇන්ද
බෑවුම් තැනිතලාවන් සපිරුණු කන්ද
වෙල දෙස නෙතයොමා සුදුපැහැයෙන් බැන්ද
දිය ඇලි සේල දෙස නොබලා පුලුවන්ද
සැඩහිරු නැගී එනවිට මිහිතලය දවා
විහිදා අතුපතර උස් තුරු පොකුරු පවා
කරමින් හැකි විලස සැඩ හිරුකිරණ මුවා
සනසයි ලියදිපෙල සිය සෙවනතෙහි හොවා
රුවක් පෙනී හෝ නොපෙනී නොයෙක් රැහේ
සතෙක් යමක් පවසන බව නිතර ඇහේ
ගමක් කොතෙක් හැඩවුව එහිඉඩක කොහේ
වෙලක් නොමැති නම් එය පිරිමැසිය නොහේ




ලියුවේ

Suranga Bandara

රුව - Dinuka Deshapriya

A day in the life

2026-02-14

කුරුන්දි විහාරය .




මුලතිව් නාගචෝල මහා වනය මධ්‍යයේ විරාජමානව වැඩ සිටින්නාවූ කුරුන්දි ස්ථූපරාජයාණන්වහන්සේ ඇතුළු විහාරාරාම සංකීර්ණය වනාහි ක්‍රි.පූ 109 - 104 අතරෙහි රාජ්‍ය විචාල ඛල්ලාටනාග මහ රජු විසින් කරවන ලද්දකි.පැරණි මූලාශ්‍ර අනුව කුරුන්දි ස්ථූපය සහිත මෙම විහාරාරාම සංකීර්ණය හැදින්වීම උදෙසා කුරුඤ්ඤ, කුරුන්දචුල්ලක , කුරුන්දපිල්ලක , කුරුන්දවාපි , කුරුන්දවාසෝක විහාර ආදි නාම රාශියක් භාවිතා කර ඇත.
කුරුන්දි විහාරය විශේෂයෙන්ම බෞද්ධ ප්‍රජාව අතර ප්‍රචලිත වන්නේ කුරුන්දි අට්ඨකතාව විරචිත පින්බිම කුරුන්දිය වීමය.බුද්ධඝෝෂ ආචාර්යයන්වහන්සේ විරචිත සමන්තපාසාදිකා විනයාර්ථකතාවෙහි පමණක් කුරුන්දි යන නාමය 102 වතාවක් සදහන්ව ඇත.
ඛල්ලාටනාග මහ රජතුමාගෙන් අනතුරුව මෙම විහාරය පළමු අග්ගබෝධි රජු සහ පළමු විජයබාහු මහරජවරු විසින් පෝෂණය කර ඇති බව මහාවංසය දක්වයි.
මෙම කුරුන්දි විහාරයේ ඛල්ලාටනාග රජ දවස කුරුන්දචුල්ලක නම් පිරිවෙණක් තිබී ඇති අතර එහෙයින් මෙම කුරුන්දි විහාරයේදී කුරුන්දි අට්ඨකතාව විරචිත බව ඓතිහාසික සාක්ෂි සාධක අනුව ඉතාම පැහැදිලිය.ඒ බව සී.ඩව්ලිව් නිකලස් මහතාගේ වාර්තා අනුවද සනාථ වේ.
මෙම උතුම් පින්බිම රැකගැනීම සිංහල බෞද්ධයන් සතු පරම යුතුකමක් සේම සාසනික වගවීමක්ද වේ.එහෙයින් කුරුන්දි රජමහා විහාරාධිපති අතිපූජනීය ගල්ගමුවේ සන්තබෝධි ස්වාමින්වහන්සේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම විහාරය සංරක්ෂණය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙලට සහය දැක්වීම ඉතාම අගනේය.
සියලු බෞද්ධයෝ කුරුන්දි විහාරය වන්දනා කරගැනීම පිණිස යෑමට උනන්දු විය යුතුමය.
තෙරුවන් සරණයි !
විශේෂ තොරතුරු - කුරුන්දි විහාර වංසය ග්‍රන්ථයෙනි.


A day in the life