පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-12-06

රාජ්‍ය සේවයේ පුනරුදය .




ආපදාවට හරි හැටි මුහුණ දෙන්නට නම්...
සුනිල් කන්නන්ගර, කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති .

රාජ්‍ය සේවයේ පුනරුදය ජාතික ආපදා කළමනාකරණයට එල්ල වූ අකුණු පහරක් බවට පත්ව ඇති සේ ය.

ජනාධිපති කමත්, තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයත් මදි වී, තමන් පැරදුණු පළාත් පාලන ආයතනවලත් සභාපති කම ඩැහැගන්න නීතිය නවා වංගු ගසා උදම් ඇණූ ලොක්කන්ගේ පාලනයෙන් ආපදාව ගිලිහී ඇති බවට බරපතල විවේචන මතුවෙමින් තිබේ.

‘ළූණු බිකත් බඩටනෙ යන’ න්‍යායෙන් ගමේ මහජන ආරක්ෂක කමිටුවේ සිට දායක සභාව දක්වා සියල්ලේ බලයත් ඩැහැගන්න උගුල් ඇට වූ ලොක්කෝ මේසා බිහිසුණු ආපදාවක් හොම්බ ළඟට එද්දීත් සතියේ “එදා වේල ටුවර්ස්” මාතෘකා වලින් ත්‍රිල් එකක් ගත්තා මිස ආපදා කලමනාකරණ යාන්ත්‍රණයේ මළකඩ කඩා සක්‍රිය කිරීමට නිකමටවත් සිතුවේ නැති බව කනගාටුවෙන් යුතුව සටහන් කළ යුතු ය. කොටින්ම කිව්වොත් මේ මහා යාන්ත්‍රණය ඔවුන් හරිහැටි හඳුනාගෙනවත් තිබුණේ නැත.

අප සමග සමකාලීනව කටයුතු කළ, දැන් විශ්‍රාමික දක්ෂ දිසාපතිවරයෙකු ඊයේ හිමිදිරි පාන්දර මට දුරකතනයෙන් කතා කර කීවේ, “මේ වෙන දේ අහනකොට දුකට ඇඬෙනවා; කරන්න පුළුවන් දේවල් ගැන හිතෙනකොට කේන්තියෙන් පුපුරනවා” කියා ය.

අපේ රටේ ආපදා කලමනාකරණය ප්‍රායෝගිකව කරන්නේ දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාම පාලනයේ නිරත රාජ්‍ය යන්ත්‍රණයයි.

ඔය රාජ්‍ය යාන්ත්‍රණයේ ග්‍රාම පාලනය පටන් ගත්තේ මනුෂ්‍යයා ගල් ගුහාවේ පදිංචිය අතහැර බිමේ පැලක් අටවාගෙන ගොවිතැන් කරන්න පටන් ගත් දවසේ සිට ය. ඒ ග්‍රාම පාලනයම ව්‍යාප්ත වී ප්‍රාදේශීය පාලනයකුත්, ප්‍රාදේශීය පාලනය ව්‍යාප්ත වී දිසා පාලනයකුත්, එයත් ව්‍යාප්ත වී රජුන් බිහිවීමත්, රට එක්සත් කර මහ රජු බිහිවීමත් සිදුවුණේ ඔය ග්‍රාම පාලන ජානයේ ජවයෙනි. ග්‍රාම පාලනයේ ඉස්සර සිටි විදානෙලා, ආරච්චිලා, මුලාදෑනිලා, දුරයලා වෙනුවට දැන් ප්‍රමුඛව ඉන්නේ ග්‍රාම නිලධාරියා ය. ඊට ඉහළ ප්‍රාදේශීය පාලනයේ සිටි වන්නිවරු, රටේ මහත්වරු, මුදලිවරු, මනිඅගර්ලා, දිස්ත්‍රික් අධිකාරිවරු වෙනුවට දැන් ඉන්නේ ප්‍රාදේශීය ලේකම්ලා ය. දිසා පාලනයේ සිටි දිසාවෙලා, ආණ්ඩුවේ ඒජන්තලා වෙනුවට අද ඉන්නේ දිස්ත්‍රික් ලේකම්ලා ය.

එදා මේ පාලන තන්ත්‍රය ක්‍රියා කළේ රටේ පාලකයාට ජවය සපයන බලවේගය ලෙසයි. රටේ ආහාර නිෂ්පාදනයක් මුළුමනින්ම භාරව තිබුණේ ඔය පාලන තන්ත්‍රයට ය. රජවරු වැව් හැදුවේ, යුද ආක්‍රමණවලට මුහුණ දුන්නේ, වෙහෙර විහාර හැදුවේ ඔය පාලන තන්ත්‍රය සංවිධානාත්මකව සැපයූ ශ්‍රමයෙනි. අවුරුද්දකට සති දෙකක් සෑම මිනිහෙක්ම ඉහත කාර්යයන් තුනට ගමෙන් පිට සේවයට කැඳවීමට තිබූ බලය මත මේ ශ්‍රම සම්පාදනය කෙරිණි. රට අල්ලාගත් සුද්දන් මේ පාලන ක්‍රමයේ වටිනාකම තේරුම් ගෙන රජ්ජුරුවන්ගේ දිසාවේ වෙනුවට ආණ්ඩුකාරයාගේ ඒජන්ත වරු නව දෙනෙක් පත්කර ගෙන මේ ප්‍රාදේශීය හා ග්‍රාම පාලනය රට පාලනයට භාවිතා කළෝ ය.
නිදහස ලැබුණු දා පටන් මේ පාලන තන්ත්‍රය දුර්වල කරන්න උපාය උපක්‍රම සැලසුම් කළා මිස කිසිම ආණ්ඩුවක් මේ පාලන තන්ත්‍රය ශක්තිමත් කිරීමේ වැදගත්කම ගැන හිතුවේ නැත. 2004 සුනාමියෙන් විනාශ වුණු වෙරළ තීරයේ ජන ජීවිතය නගා සිටුවන්නට දිසාපතිවරු පරණ ඩබල් කැබ්/කාර් කටු වල ඇවිත් මොන්ටෙරෝ, වී8, බෙන්ස්, අවුඩි වලින් කොඩි දාගෙන ආ ජාත්‍යන්තර සංවිධාන මෙහෙයවමින් දෙන අපූරු නායකත්වය දකුණේ දී දුටු පී. බී. ජයසුන්දර නම් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කොළඹට ආ ගමන් කළේ නවීනතම මොන්ටෙරෝ ජීප් රථ විසිපහක් ගෙන්වා රටේ දිසාපතිවරුන්ට භාර දී ඔවුන්ගේ රාජකාරිය අගය කිරීමයි.

සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ඩබල් කැබ් රථ ද ගෙනැවිත් දුන් ජයසුන්දර කීවේ “රට පාලනය මේ අය කරාවි; අපි ඔවුන්ට පහසුකම් සපයමු” කියා ය. අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කච්චේරි ගොඩනැගිලි අඩුපාඩු, වායුසමීකරණය කිරීම් ආදී පහසුකම් සියල්ල සඳහා ඔහු නෑ බැහැ කිව්වේ නැත. ඒ කාලේ ආපදාවක් එන ආරංචියට ආපදා අමාත්‍යංශයේ ලේකම්ටත් කලින් දිසාපතිට කතා කළේ ජයසුන්දර ය. ඔහු අසන්නේ කොච්චර සල්ලි ඕනෑද? කියා ය. ගාණ කිව්වේ නැතත් කෝටි පහක්වත් දිසාපතිගේ නිල ගිණුමට බැර විය. ඊළඟට ඔහු අසන්නේ වියදම් සීමා වැඩි කිරීමට ඕනෑ නම් වහාම කෙටි පණිවිඩයක් එවන ලෙස ය.

චක්‍රලේඛයේ කෙටුම්පත දුටු විට දිසාපතිවරු දෙතුන් දෙනෙකුට කතා කර ඒ ගණන් මිනුම් ඇතිදැයි විමසන ලෙස භාණ්ඩාගාරයේ නිලධාරීන්ට උපදෙස් ද දෙයි. ලංකාවේම ග්‍රාම නිලධාරී කාර්යාල 14,022කටම ලී බඩු ගන්න මුදල් දුන්නේත් ඔහු ය. ඒ කාලයේ ස්වදේශ කටයුතු ඇමතිවරුන් වූ කරු ජයසූරිය, ජෝන් සෙනවිරත්න වැනි ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් මෙන්ම ඩී. දිසානායක, අබේකෝන් වැනි ලේකම්වරු ද දිස්ත්‍රික්, ප්‍රාදේශීය පාලනය ශක්තිමත් කරන්නට අපූරු සහයක් දුන්නෝය.

ජනාධිපති ළඟ සිටි ලේකම් ලලිත් වීරතුංග හා අතිරේක ලේකම් ගාමිණී සෙනරත් දෙදෙනාට ඕනෑ වෙලාවක ඇමතීමට දිසාපතිවරුන්ට හැකිව තිබුණි. ඕනෑම අදහසක් ඔවුන්ගෙන් අයෙකු හරහා ජනාධිපතිට යොමු කළ හැකි වි ය. එදා පරිපාලන තීන්දු ගැනීමට දිසාපතිවරුන් සතුවූ ප්‍රධානම ශක්තිය එය විය.

ඉන්පසු යහපාලන ආණ්ඩුවේ හොරු ඇල්ලීමේ මෙහෙයුම රාජ්‍ය පාලන තන්ත්‍රයේ පරිපාලන තීන්දු තීරණවලට එරෙහිව අපරාධ නීතිය කෙලින්ම පාවිච්චි කිරීමේ සම්ප්‍රදායක් ආරම්භ කළේය.

එතෙක් ශ්‍රී ලාංකීය රාජ්‍ය තන්ත්‍රයේ රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි තීන්දු තීරණ ගැන පැමිණිල්ලක් ලැබුණහොත් හෝ විගණන විමසුමකින් පෙන්වා දුන්නොත් ආයතන සංග්‍රහය යටතේ මූලික විමර්ශනයක් පවත්වා අපරාධමය වරදක් පිළිබඳ සාක්ෂි ඇත්නම් පමණක් පොලිසියට පැමිණිලි කිරීම සිදු කෙරිණි. තමා භාරයේ ඇති රජයේ දේපළකට රාජ්‍ය නිලධාරියෙකුගේ නොසැලකිල්ලෙන් හානියක් වුණොත්, මුදල් රෙගුලාසි යටතේ පරීක්ෂණයක් කර ඒ පාඩුවේ වටිනාකම රජයේ ගාස්තු ද සමග අධිභාර කර ගැනීම සිදු විය. චේතනාන්විතවම වංචාවක්, හොරකමක් රාජ්‍ය දේපළට කර තිබුනොත් පමණක් දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ පැමිණිල්ලක් මත පොලිස් පරීක්ෂණ ඇරඹෛණි. මේ ක්‍රමය ගැන රාජ්‍ය නිලධාරීන්ට කිසි ගැටලුවක් තිබුණේ නැත.

යහපාලනයේ හොරු අල්ලන කමිටුව මේ විධිමත් ක්‍රමය නොසලකමින් ඒ කමිටුවට ලැබුණු පැමිණිලි කෙලින්ම පොලිසියේ වෙනම ඒකකයක් හදා ඊට යොමු කර විමර්ශනය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නේය. පොලිසියත් ඒ පැමිණිලි විමර්ශනය කර පොදු දේපළ පණත යටතේ රාජ්‍ය නිලධාරීන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් කළෝය. එයට ප්‍රසිද්ධිය දුන්නේ හොරු ඇල්ලීම කියා ය. මේ යටතේ රාජ්‍ය ආයතන අධ්‍යක්ෂ මණ්ඩලවල නිල සාමාජිකයින්, අධ්‍යක්ෂ මණ්ඩල තීන්දු ලෙස ගත් තීන්දු නිසා රිමාන්ඩ් වෙනු දුටු රාජ්‍ය නිලධාරීන් කැලඹිණි. මීට එරෙහිව ආණ්ඩුවට කරුණු ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ ක්‍රමවේදය නැවතුණි.

දැන් ඒ හොරු ඇල්ලූ කට්ටිය පසුගිය මුල් කාලයේම රටේ මහජනතාවගේ ඔලුවට දැම්මේ හොරු ඇල්ලීම, හොරකම් නතර කිරීම හා හොරකම් කළ දේ ආපසු ගැනීම යන ත්‍රිවිධ උපායෙන් රට ගොඩනගන බව ය. ඔවුන්ට අනුව ගමේ සිට කොළඹ දක්වා දේශපාලකයන් හොරු ය. ග්‍රාම නිලධාරී සිට ලේකම් දක්වා නිලධාරීන්ගෙන් ද වැඩි දෙනෙක් හොරු ය; ඇතමෙක් හොරකමට ඉඩ දී නිහඬව සිටින්නෝ ය. ඉන්පසු මේ මතය ජනතාව තුළට කාවද්දා බලය ගෙන, වගකිව යුතු බොහෝ තැන් උඩ සිටම තමන්ට හිතවත් අය ගෙන් පිරෙව්වේය.

තනතුරු දීමේ ප්‍රධාන නිර්ණායකය වුණේ තමන්ට හිතවත් වීම මිස දක්ෂතාව නොවේ. අදටත් පළාතක් පාලනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් රිමාන්ඩ් එකෙන් තැප ස්වේච්ඡාවෙන් පූල් ගතව අත්සන් කරමින් මේ ඊයේ පෙරේදා වනතුරු සිටියේ අර්බුදකාරී අවස්ථාවක රට මුහුණ දුන් ප්‍රශ්නයක් ලිහන්නට රජයේ තීරණය මත අත්සන යෙදීමේ පාපයට ය.

ඊළඟට හොරු ඇල්ලීමට පටන් ගෙන මේ වන විට රාජ්‍ය මුදල් අවභාවිතයක් ගැන හිටපු ජනාධිපතිවරයාව මාංචු දමා ගෙන ගොස් රිමාන්ඩ් කිරීම දක්වා දුර ගොස් ඇත. තවත් හොරු අල්ලන ලොක්කෙක් රාජ්‍ය නිලධාරීන්ට ප්‍රසිද්ධියේ කිව්වේ කැබිනට් තීන්දුවක් යැයි කියා බේරෙන්න බැරි බව දැන ගන්නා ලෙසට ය. හිටපු ජනාධිපතිවරයාව මාංචු පිටින් ගෙනිහින් රිමාන්ඩ් කරන්න පුළුවන් තරම් බලයක් සහිත රාජ්‍ය මුදල් පරිහරණය නම් වූ විෂය අරබයා ක්ෂණික තීරණ තම හිතුමතයට ගැනීමට නිලධාරීන් පැකිලෙන්නේ මක් නිසාදැයි තේරුම් ගත යුත්තේ ඔය පසුබිමත් සමඟ ය. කැබිනට් මණ්ඩලය ගත් තීන්දු ක්‍රියාත්මක කළත් බේරෙන්න බැරිනම් අපට කාගේ පිහිටදැයි නිලධාරීන් සිතා තීරණ ගැනීමට කල් මැරීම ගැන රාජ්‍ය නිලධාරීන්ට දොස් කිව හැකිද?

මේ ආපදාවේදී රාජ්‍ය සේවය නිශ්ක්‍රිය වී ඇතැයි කීම නිවැරදි නොවේ. ඔය දිස්ත්‍රික් පාලන, ප්‍රාදේශීය පාලන, ග්‍රාම පාලන යන්ත්‍රය දැනුත් වැඩ ය. එහෙත් මීට ජවය සපයන තීරණ ගැනීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම නැත. තමන් තනි වගකීම ගෙන රාජ්‍ය අරමුදල් වැයවෙන තීන්දු ගැනීමට ආපදා කළමනාකරණයේ යෙදී සිටින දිස්ත්‍රික් ප්‍රධානීන්ට දැන් නිදහසක් නැත්තේ තුන් බියක් නිසාය. ඒ දණ්ඩ නීති බිය, පොදු දේපළ බිය හා දූෂණ විරෝධී බිය යන තුන් බියයි. මේ තුන් බිය කඩාගෙන තීන්දු ගැනීමට අවශ්‍ය ආවරණයක් රාජ්‍ය නිලධාරීන්ට අද නැත. එදා දිසාපතිවරු පසුපස සිටි ජයසුන්දරලා, ලලිත් වීරතුංගලා, ගාමිණී සෙනරත්ලා අද නැත. ඒ අය නොසිටියත් ඒ භූමිකාවට පණ දෙන වෙනත් අය හෝ සිටිය යුතු ය. ඒ කිසිවක් හෝ කිසිවෙක් දැන් නැත. එදා තිබුණේ විගණන විමසුමට පිළිතුරු දීමට පමණි.

විගණකාධිපතිතුමාගේ කාර්යභාරය දැන සිටි, ඊට ගරු කළ අපට රූල පනින්න ඕනෑ වුණොත් රූල පැන වැඩේ කර, ඊට හේතු සහිතව පූර්ණ වාර්තාවක් වහාම විගණකාධිපති තුමාට යැවීමේ හැකියාවක් තිබුණි.ඒ සඳහා අද අඩුම තරමින් විගණකාධිපති කෙනෙකු වත් නැත.

මේ කිසිවෙක් නැතත් රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය මහජනයාට අත්‍යාවශ්‍ය වෙලාවක් මේ ආපදාව නිසා දැන් උදා වී ඇත. රාජ්‍ය සේවය අයිති මහජනතාවට ය. ඒ නිසා “එකා මෙන් මේ අවස්ථාවේ මහජනයා වෙත සේවය සලසන ලෙසත්, අවශ්‍ය තීන්දු තීරණ නොපැකිලව ගන්නා ලෙසත්” රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලමි. ඒ මත ඔබලාට හිරිහැර කරන්ට ආවොත් එදාට මහජනතාව ඔවුන්ට පිළිතුරු දෙනු ඇත. ආණ්ඩුවට ද දැන් වත් තමන්ගේ මනෝරාජික පාලන උපක්‍රම වැරදි බව තේරී මොළේ පෑදුනොත් තත්ත්වය මීට වඩා යහපත් වනු ඇත.

- සුනිල් කන්නන්ගර
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති

A day in the life

2025-12-05

කුණාටුවේ දේශපාලනය.



කුනාටුව පහව යමින් තියෙනවා.

ඒ අතරත් දැනුත් දේශපාලන කුණාටු නම් පහව ගිහිල්ලා නැහැ.

අපේ ඇත්තෝ කතා කර ඉන්න දක්ෂයි. බිමට බැහැලා වැඩක් කරන්න අදිමදි කරනවා.

ජණ්ම පුරැද්දක් ද කොහේ ද ?.

අපි සිනමා ශාලාවක සිනමා පටයක් බලනවා. දුෂ්ඨයාගේ මූණ දකින කොට ඉදිරි පේලියේ අසුන් අරන් ඉන්න රසිකයන්ට මළ පනිනවා.අම්මා මෝ නැති භාෂාවෙන් තමයි දුෂ්ඨයා අමතන්නේ.

අම්මෝ එකට ප්‍රේමවන්තයා තිරයට එනකොට.

ඔල්වරසන් දීලා පුලුවන් බදා ගෙන ඉඹලා පිලිගන්නේ.

පසු පෙල ඉන්න අයට මේ සිනමාපට දෙකම විදින්න වෙනවා.

අපේ දේශපාලනෙයි ඕකෙයි වෙනසක් නැහැ . 

දිට්වා කුණාටුව ආවා. කාලගුණේ කලින් කිව්වා දිට්වා එනවා මේ මේ පැති වලට තදින් බලපානවා කියලා.

රජය එ ගැන තැකීමක් කලේ නැහැ කියලා බරපතල චෝදනාවක්. 159ක් ඉන්නවා.ඔය අතරේ ආපදා කළමනාකරණයටම වගකිවයුත්තෝ ඉන්නවා. මෙතුමන්ලාට ඒ ගැන අත්දැකීම් නැති නිසා බරපතල ලෙස අවධාණය යොමු නොවෙන්න ඇති.

මට හිතන්නේ වරද සිදුවෙලා තියෙන්නේ ඡණ්දදායකයා අතින්. විද්‍යාඥයන් අචාර්ය මහාචාර්ය වරුන්  වෛද්‍යවරුන් කී නොකී බුද්ධිමතුන්159+01 ක් පත්කරන්න චන්දය දුන්නේ ඡණ්දදායකයානේ.

ජනාධිපතිතුමා අසරණ වෙලාද ? මංමුලාවෙලා ද කියලා හිතා ගන්න බැහැ.

බලයට එන්න පෙර එතුමා කියන ලද කතා ,යෝජනා , බලයට ආපසු ගලපා ගන්න බැහැ.එතුමා කරන ලද චෝදනා ඒ අයුරින්ම එතුමාට කරනවා.

පහල පන්තියේ නොදරුවන්ට මේක ඉවසන්න බැහැ.

සිනමාහලේදී මුනගැහුන දුෂ්ඨයා වගෙයි එහෙම චෝදනා කරන අය දකින්නේ. ඒ අයට අම්මාමෝ නැතිව අමතනවා. ගවසම්පත මේච්චල් කරන දැගලිල්ල අනතුරැදායකයි කියලා හිතන්න උද්ධච්ච මානසිකත්වය ඉඩ දෙන්නෙම නැහැ.

ඔය ජනාධිපති තනතුරත් පිටත ඉදන් බලනවා වගේ නෙමෙයි කියලා දැන් දැන් හිතනවා ඇති එතුමාට.ආඩම්බරයෙන් පැළද ගත්තට එතරම් සුමට නැහැ. කියලා.

කුණාටුව කරලා තියෙන විනාශය අපි දන්නවාට වඩා ඇත්ත එතුමා දන්නවා ඇති.

දැන් ඉන්න විපක්ෂය වගකීමකින් සංයමයකින් කටයුතු කරන බව පසුගිය දවස් වල පෙනුන දෙයක්. ඔවුන් වැඩබිම් පාසැල් ගොවි බිම් අරාජික කරන්න මෙතෙක් කටයුතු කලේ නැහැ. එහෙම සංස්කෘතික මිනිස්සු විපක්ෂ දේශපාලනයේ චන්දදායකයින් නෙවෙයි. එහෙම පෙල ගැස්මක් කර ගන්න නායකකාරිකාදීන්ට බැහැ.

මේ මිනිස්සු සිනමා හලක පසුපස ඉදන් සිනමාපටයක් බලන මිනිස්සු වගෙයි. නිහඩව විදිමින් නිහඩව ප්‍රතිචාර දක්වන මිනිසුන්.

මිනිසුන් නිහඩ කල්පනාවක ගිලී ඉන්නවා. 

නිකරුනේ හඩ දෙන සතුන් කඩල පිරුණ බාල්දිය පෙරලා ගෙන ඝෝෂා කරනවා.


A day in the life