පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-11-05

අමුඩ කතා.


අමුඩය දේශපාලනිකවු ඇදුමකි.

පසුගිය කාලයේ නාමල් කරුනාරත්නයන් පිරිවරා ගෙනආ වී ගොවීන් , උක් ගොවීන් වට්ටක්කා ගොවීන් නා නා විධ වගා කරුවන් ඇන්දේ අමුඩයයි.

දැන් ගොවීන් නාමල්ට අමුඩය අන්දන්න අභියෝග කරන අතර නාමල් සුපිරි ඇදුම් ලා පාර්ලිමේන්තුවේ වායු සමීකරණය යට ගිමන් අරින්නේය.

ගොවීන් අමුඩය ඇදගෙන හුළං අල්ලන්නේය.

නාමල් ගොවීන්ට අමුඩය ගැස්සුවේය.

වරක් විජයානන්ද දහනායක මහතා පාරලිමේන්තුවට අමුඩයක් ඇද පාර්ලිමේන්තුවට පැමිණියේය.

1960 දශකයේ එකල රජය චිත්ත රෙදි යාරයක මිල ශත දහයකින් ඉහළ දැමීමට විරෝධය පෑමට එතුමා මෙලෙස පාර්ලිමේන්තුවට පැමිණ ඇත.

විජයානන්ද දහනායක අමුඩයකින් සැරසී පාර්ලිමේන්තුවට ආවිට එක් මන්ත්‍රීවරයෙක් " චී චී මීට වඩා ලැජ්ජ නැති වැඩක් තියනවාද කියා ඇහුවම . ගත් කටටම විජයානන්ද දහනායක " ඇයි ඕයි අමුඩයත් නැතුව එන එක කියා කිව්ව කියලා කතාවක් ද ඇත. 


අමුඩය අපුරූය.

 අපේ උද්ඝෝෂකයින්ට හිතුනොත් ඇද ගෙන අගනුවර එන්න පවා ස්මාට් ඇදුමකි අමුඩය.

කාන්තා පක්‍ෂය අමුඩ වාගේ ඇදුම් අදිතත් ඒවාට කියන්නේ වෙනත් නම්ය.

පසුගියදාක ගෝල්පේස් පිටියේ ජනාධිපති මණ්දීරයට පෙනෙන්න මේවා වැටවල් වල වනා තිබුනේය.

ඒ මෑත අතීතයේ අමුඩ කතාය.


බොහෝ දෙනාගේ ..කතා බහට ..විහිලුවට ලක් වුණත්..අමුඩය

එකළ සෑම සිංහල පිරිමි ඇන්ද ඇදුමක්ය .

කෘෂිකාර්මික ජීවන රටාවක් පැවැති අපේ රටේ වැඩ කරන ජනතාවගේ නිල ඇඳුමක් ලෙසින් පැවත ආ අමුඩය අද අප භාවිතයෙන් තුරන්වී ගොසින්ය. වියළි කර්කශ දේශගුණික තත්ත්වයන්ට උචිත ආකාරයෙන් මෙන්ම චාමි සරල ඇඳුමක් වශයෙන් ද අමුඩය අනාදිමත් කාලයක සිට අපේ අනන්‍යතාවය සුරැකූ ඇඳුමක්ය.


අතීතයේ ගැමි තාරුණ්‍යය මෙන්ම ජවසම්පන්න බවත් හැඩි දැඩි බවත්, ප්‍රදර්ශනය කිරීමට ද අමුඩය හැකිවිය. අමුඩය ගසා වැඩ බිමේ වැඩ කරන තරුණයකුගේ දේහ ලක්ෂණ හා සිරුරේ නම්‍යතාවය තරුණියක් තුළ ඇති කළේ ආලවන්ත හැඟීම්ය.

අමුඩය ගසා ඇඳිවත සුම්බරය කොට හිසේ බැඳගත් තරුණයන් තරුණියන්ගේ සිත් ගැනීම සඳහා සිය යොවුන් දේහය මැනවින් උපයෝගී කර ගත්හ.

වැදි ජනතාව අතර පැවැති සිරිතක් වූයේ අමුඩය ගැසීම සඳහා ඉණ වටා බඳින සිහින් ලනුපට යෝජිත මනමාලිය ලවා සකස් කර මනමාලයාගේ ඉනේ බැඳීමය


මෙය අතීත ගම්මානවල තරුණියන් විසින් ද සිය පෙම්වතා වෙනුවෙන් රහසිගතව ප්‍රතිඥා දුන් ආදරණීය තෑග්ගක් ලෙසද අමුඩයට තැනක් පැවතුනේය. .

දියකෝනම අමුඩ ලේන්සුව ආදී නම්වලින් හඳුන්වන ලද අමුඩය දුහුල් රෙද්දෙන් නිමාකළ හරි හතරැස් ලේන්සුවකි.

අමුඩ ගැසීමේදී ද විලාසිතා කීපයක් අනුගමනය කළහ.

1.හඟල අමුඩය.

හඟල අමුඩය ගසන්නේ මාමලා නැන්දලා ආදී වැඩිහිටියන් සමඟ වැඩ කරන විට ය. හඟල අමුඩය ගසන විට අමුඩයේ ඉදිරි පසින් එල්ලෙන කොටසේ රැළි දිග හැර ඉණ වටා වැටෙන හඟලයක් සේ සකසා ගනී. එවිට ඉණෙන් පහළ අඩියක් පමණ ප්‍රමාණය හොඳින් ආවරණය වෙයි.

2.දිය අමුඩය .

දිය නෑම සඳහා අමුඩය ගැසීමේදී විලි වැසී අඩියක පමණ කොටසක් අමුඩයෙන් ආවරණය වෙයි. එය දිය අමුඩේ නමින් හැඳින්වෙයි.

3.ගැට අමුඩය .

වල් කෙටීම, නියර බැඳීම ආදී කටයුතුවල නිරත වන විට ගැට අමුඩය ගැසීමට ගොවීහු වග බලා ගත්හ.

හෙවන සහිත ගසක් දිවා ආහාරය ගැනීම සහ තේ බීම, බුලත්විට කෑම ආදී අවශ්‍යතා සඳහා උපයෝගී කරගනී.බුලත්විට කා ගස් සෙවණේ සිට වැඩ කරන තැනට යනවිට ත්‍රිකෝණාකාරව ඉදිරිපසින් ඇති අමුඩයේ කෙළවර දුන්කොළ ටිකක් ගැට ගසාගැනීමට බොහෝ අය පුරුදු වී සිටිති. ටික වේලාවක් වැඩ කරන විට බුලත්විටේ තෘප්තිය හීනවී යන අතර එවිට අමුඩ ගැටේ ඇති දුම්කොළ ටිකක් කටේ දමාගන හපමින් තවත් හෝරා කීපයක් වැඩ කිරීම ඔවුන්ගේ සිරිතකි.

අමුඩ කෙමක්.

අලුතෙන් ඉදිකරන නිවසක වහලය සෑදීමට ගන්නා උමන් (පරාල ලෙස පාවිච්චි කරන ලී) කැපීමට කැලයට යන පිරිස උමන් කපන විට අමුඩය ගලවා කරේ දමාගෙන නිරුවතින් ලී දඬු කපති. ඔවුන් එසේ කරන්නේ වහලේ උමන් ගුල්ලන් කෑමෙන් ආරක්ෂා කර ගැනීමට කරන කෙමක් වශයෙනි.

අමුඩ පණිවිඩ.

අමුඩය හිසේ බැඳගන ගමනක් යන විට ඉන් අදහස් කරන්නේ සිය ගව රංචුව බැලීමට හෝ වෙනත් අවශ්‍යතාවයකට කැලෑ වදින බවයි. එහෙත් අමුඩය කරේ දමාගන යන ගමන රහසිගත හමුවීමක් සඳහා යන ගමනක් බව සැක කෙරේ. අමුඩය ගසා ඊට උඩින් ඇඳිවත හරස් අතට ඇඳගෙන යාමෙන් පැවසෙන්නේ ඔහු වැඩිහිටියන් හෝ වියපත් දරුවන් අසලට යන ගමනක් බවයි.


අමුඩය හා බැඳුණු උපහැරණයක්.

“අමුඩය දීලා කෑවා වාගේ” යන කියමනක් ඇත.

බඩගින්නේ නිරාහාරව සිටින අයකු නිරාහාරව සිටින බව කාටත් නොදැනේ.

එහෙත් නිරාහාරව සිටීමට නොහැකිව අමුඩය විකුණා කුසට අහරක් සපයා ගත්තොත් ක්ෂණිකව කුසගින්න නිවුණත්

නිරුවතින් සිටීමට සිදුව අවමානයට ලක්වේ.


අමුඩ කෙටිය, දිය කෝනම, දිය අමුඩය ආදී නම්වලින් හඳුන්වන අමුඩය ගෘහ මූලිකයාගේ සිට වයස 10-12 දරුවා දක්වාම වැඩ කරන විට උපයෝගී කරගත්හ. කාර්යයක නිරත වන විට නිල ඇඳුමක් වූ අමුඩය අතීත ගැමියා ගමනක් බිමනක් යනවිට යට ඇඳුමක් වශයෙන් ද පාවිච්චි කළහ.

අතීත යුගයේ පිළිගත් පවුල්වල තරුණයන් පාවිච්චි කරනු ලබන අමුඩය මිදුලේ හෝ එළිපහලියේ වනා තැබීම තහංචියක් සේ සලකනු ලැබීය. ඒ අමුඩයෙන් ගන්නා නූලකින් අදාළ තරුණයාට වශී ගුරුකමක් කළ හැකි නිසා එසේ අමුඩය සුරක්ෂිත කළහ.


ගමරාල කෙනෙක් සිය කුලයෙන් පහත් තරුණියක සමඟ ආලයෙන් වෙලිණි.

ඔවුන් එකිනෙකා හමුවීම ඉතා රහසිගතව කැලෑවේ දී සිදුවිය.

දිනක් මේ දෙදෙනා මුණගැසී සිටින විටෙක ගමේ වෙනත් ගැමියකුගේ පැමිණීයේය.

මේ නිසා හදිසියේ සැගවී යාමට සිදුවිය.

ගමරාල හනි හනිකට දිව යාම නිසා ඔහුගේ කරේ තිබුණු අමුඩය කටු ගාලක පැටලීනි.

ගමරාළගේ අමුඩය කටකාර ගැමියකුට හමුවිය. 

පසුදින උදේ හන්දියේ පලුගසේ ගමරාලගේ අමුඩය එල්ලා තිබූ අතර ඊට යටින් මේ කවිය ලියන ද කොළය ද අලවා තිබුණි.


"කර ආලේ නැහුනත්

කටු බැදි අස්සේ

ගමරාලේ දැන්නම්

රහසක් නැත්තේ

හොර පාරේ ගිය මඟ

සලකුණ ඇත්තේ

කටු ගාලේ තිබු අමුඩේ

පලු අත්තේ............"


දැන් නම්

" හොර පාරේ ගියමග

සලකුණ ඇත්තේ

කටුගාලේ තිබු අමුඩේ

පලු අත්තේ .........."

තියලා සේය.


A day in the life

2025-11-04

ඉල් පුර පසලොස්වක පෝය.




මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත පිරිස පිළියෙළ වීම, බුදු රජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කිරීම, පසු වස්‌ විසූ භික්‍ෂූන් වහන්සේලා පවාරනය කිරීම, අනුබුදු සැරියුත් මාහිමි පිරි නිවීම යනාදී, ශාසනික කරුණු රැසක්‌ම සිදු වුණ දිනයක්‌ ලෙස ඉල්පුර පසළොස්‌වක්‌ පොහෝ දිනය සලකනු ලැබේ.


වප් පොහෝදා සංකස්‌ස පුරයේ වූ දේවාවරෝහණයෙන් පසු අප බුදු රජාණන් වහන්සේ හා සැරියුත් මහා රහතන් වහන්සේ අතර කෙරුණු ධර්ම සාකච්ඡාවට සවන් දීමෙන් පසු මහත් ප්‍රීතියෙන් ඔද වැඩී ගිය එනුවර වැසි සිරිවර්ධන කෙළෙඕයාණන්ට පුත්ව ඉපිද සිටි මෛත්‍රීය බෝසතුන් උතුම් පැවිද්ද ලබා ගත් සේක. එවැනි දිනක පැවිදි භූමියට පත් මෙත් බෝසතාණෝ සීලාදී ගුණ ධර්මවල යෙදෙමින් කුසල් දහම් සිදුකර ගන්නේ චීවර මාසයෙහි අවසානයෙහි වස්‌සග්ගයෙන් ලද වස්‌ත්‍ර දෙකක්‌ හිමි විය.


තමන් වහන්සේ වෙත ලැබුණු චීවර දානයේ මහාර්ඝත්වය තේරුම් ගත් බෝධි සත්වයෝ එක්‌ වස්‌ත්‍රයක්‌ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින ස්‌ථානයෙහි උඩුවියනක්‌ කොට බැඳ අනෙක්‌ වස්‌ත්‍රය කඩ කොට ඉරා වියන් කෙළවර එල්ලා බැඳ බුදු රදුන්ට පූජා කොට රැස්‌ වූ මහා සංඝයා ඉදිරියේ එකත් පස්‌ව වැඩ හුන්හ. මෙත් බෝසතාණන් වහන්සේගේ මේ මහා පූජාව බුදු ඇසින් දැක ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධි සත්වයන් අමතා ඔබ මේ මහා භද්‍ර කල්පයෙහි මෛත්‍රී බුදුන් නමින් බුදු වන්නේ යයි නියත විවරණ දී වදාළ සේක. එය අද වන් පොහෝ දිනක සිදු විය.


ඇසළ පොහෝ දින ඉසිපතන මිගදායේ දී දම්සක්‌ පැවතුම් සූත්‍ර දේශනාව පවත්වා එහිම වස්‌ වසා තථාගතයන් වහන්සේ වස්‌ පවාරණය කොට තවත් මාසයක්‌ එහිම වැඩ සිටිමින් දිනක්‌ පස්‌වග මහණුන් ප්‍රමුඛ යස සුභාහු පුණ්‌නජි ගවම්පති ආදි කොට සෑම දෙනා අමතා "චරත භික්‌කවේ චාරිකං බහු ජන හිතාය බහු ජන සුඛාය" යනාදී වශයෙන් මහණෙනි බොහෝ ජනයාට හිත සුව පිණිස ලෝකානුකම්පාවෙන් චාරිකාවෙහි හැසිරෙන්න. එක්‌ මගකින් දෙදෙනෙක්‌ නොයා එක්‌ මගකින් එක්‌ කෙනෙක්‌ වැඩම කොට "ආදි කල්‍යානේ මෙච්ඡ කල්‍යානේ පිරිසොසාන කල්‍යානේ" ආදි වශයෙන් දක්‌වා ඇති මුල යහපත් වූද මැද යහපත් වූද, අග යහපත් වූද, ධර්මය ලෝකයාට ප්‍රකාශ කරව් යයි අභීත ප්‍රකාශනයක්‌ කර සැට දිසාවකට ඔවුන් යවා තමන් වහන්සේ ධර්ම දේශනා පිණිස උරුවෙල් ජනපදයට වැඩම කළ සේක.


මේ ආරම්භ කරන ලද ධර්මදූත ව්‍යාපාරය ඉතිහාසගත සිද්ධියකි. මේ වැදගත් ක්‍රියාදාමයෙහි පරමාර්ථ අවබෝධ කරගත් ඒ අනුව යමින් ක්‍රියා කළ අශෝක අධිරාජයා ධර්මදූත වහන්සේලා එතෙර මෙතෙර පිටත් කර හැරීම නිසා දේශ දේශාන්තරවල ඉතා ශීඝ්‍රයෙන් බුදු දහම පැතිරී ගියේ මෙසේ ලොව පළමු වරට දියත් කළ ධර්මදූත ව්‍යාපාරය ද අද වැනි දිනක ආරම්භ වූවකි.


මේ අවස්‌ථාව වන විට උරුවෙල් කාශ්‍යප, නදී නාශ්‍යප, ගයා කාශ්‍යප යන ජටිල සොහොයුරෝ තිදෙනා කණ්‌ඩායම් වශයෙන් ගෙන තපස්‌ ක්‍රම කියා දෙමින් සිටියහ. බුදුරදහු එහි වැඩ නොයෙක්‌ විදියේ ප්‍රාතිහාර්ය දක්‌වා ඔවුන් දමනය කොට බුද්ධ ශ්‍රාවකයන් බවට පත් කළ සේක. ඔවුන් දමනය කොට වදාළේ ද ඉල් පුර පසළොස්‌වක්‌ පොහෝදාය.


බුද්ධ නියමය පරිදි පෙර වස්‌ විසීමට නොහැකි භික්‍ෂූන්ට පසු වස්‌ විසුමට නොහැකි භික්‍ෂූන්ට පසු වස්‌ සමාදන්ව අවසානයෙහි පවාරණ කිරීම අද වැනි ඉල් පොහෝ දිනට යෙදේ.


බුදුන් දවස සම්බුද්ධ ශාසනයෙහි වගකිව යුතු උත්තමයකු වූ සැරියුත් මහ රහතන් වහන්සේ ඉතා ගුණවත් උතුමෙකි. මුන් වහන්සේට චුන්ද, උපසේන, රේවත යයි සහෝදරයන් තුන් දෙනෙක්‌ හා චාලා, උප චාලා, සිසුපචාලා යන සහෝදරියන් තිදෙනෙක්‌ ද සිටියහ. ඔවුහු භික්‍ෂු ශාසනයෙහි භික්‍ෂුණී ශාසනයෙහි පැවිදිව තම ජීවිත වාසනාවන්ත කරගත් අතර සම්බුදු සසුනෙහි උන්නතියට මහඟු සේවයක්‌ කළා. එහෙත් සැරියුත් මාතාව "සාරි බැමිණිය" මිසදිටු තැනැත්තියකි. ඇයද බෞද්ධ උපාසිකාවක්‌ බවට පත් කළාය. සැරියුත් මහ රහතන් වහන්සේ සිය ගෙදරදීම පිරිනිවන් පා වදාළසේක.

වතුරුවිල හේමාලෝක හිමි


පසු සටහන.

“ඉල්” යන වචනය සිංහල භාෂාවෙන්ම ප්‍රභවය වූ වචනයකි. 
හීල – සීතල යන අර්ථය ගෙන දෙයි. 
වස්‌සාන කාලය අවසන් වී සීතල කාලය හෙවත් හේමන්ත සෘතුව ආරම්භ වන්නේ ඉල් මාසයේදීයි.

A day in the life