ප්රජාතන්ත්රවාදී ක්‍රමයක් ඇතුලේ වැඩ කරන්න පුළුවන් ක්‍රමය මොකක්ද ?
ආහ්, ඒක තමයි බහුතර කැමැත්ත.
මේ බහුතර කැමැත්ත කියන්නේ ආසන්නව 51% යි.
2/3 ක බලයක් කියන්නේ ආසන්නව 65% ක් වගේ.
ජනමත විචාරණයක් තිබුනොත් ජනතාවගේ සෘජු ඡන්දයෙන් 51% ක් ගත්තොත් ඒකත් ගොඩ.
ඒ කියන්නේ මේ සෑම අවස්ථාවකදීම අකමැති ජනතාවක් ඉන්න පුළුවන්. හැමෝම එකඟ වෙන දේවල් පවතින්නේ නැති තරම්.
දැන් මේක මනින්නේ කොහොමද ?
ඒකට තමයි ඡන්ද තියෙන්නේ.
ස්විස්ටර්ලන්තයේ වගේ සෘජු ප්රජාතන්ත්රවාදයක් ක්‍රියාත්මක වෙන රටවල නම් වාර්ෂිකව පැවැත්වෙන ඡන්ද වලින් විවිධ ප්‍රතිපත්ති වලට ජනතාවගේම කැමැත්ත අහනවා.
අපේ රටේ ඕක කෙරෙන්න ඡන්ද ජනාධිපති, පාර්ලිමේන්තු, පළාත් සභා හා ප්‍රාදේශීය සභා ඡන්ද වලින්.
කොච්චර ඡන්දයක් උනත් වෙනත් කෙනෙකුගේ මානව හිමිකමක් උල්ලංඝනය වෙන අන පනත් හදන්න රජයකට බෑ. විශේෂයෙන් සුළු ජාතීන්ගේ අයිතීන් මහ ජනතාවගේ බහුතර බලයෙන් ආරක්ෂා වෙන්නේ එහෙම.
ඒක තමයි ප්රජාතන්ත්රවාදයේ සැකැස්ම.
දැන් මේ එන පොඩි පොඩි ප්‍රතිරෝධ වලට මුහුණ දෙන කොට ඒ අණ පනත් අකුල ගන්න හදන්නේ ඇයි?
එහෙනම් නොකර ඉන්නේ?
එක්කෝ බොරු කියන ස්ට්‍රැටජිය දිගටම ක්‍රියාත්මක කරනවා. දැන් බොරු කියලා පස්සේ කරනවා.
නැත්නම් ජනප්‍රියවාදීන් හෙවත් populist culture එකේ දේශපාලකයෝ පොඩි ජන ප්‍රතිරෝධයටත් බයයි.
රට තියෙන්නේ ඓතිහාසික මංසන්ධියක.
ඉතිං අවසානයේ මම නිතර කියපු කතාවක් මතක් වෙනවා.
' ඔබ කිසිවක් වෙනස් කරන තුරු කිසිවක් වෙනස් නොවේ '
Meaningful change එකක් මේ රටට අවශ්‍යයි.
Great Transformation එක කරන්න පුළුවන් වෙන්නේ එතකොට.













