පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-09-19

කල්තොටින් - වැලිගෙපොලට




මේ කතා බහේදී අපට මග හැරුන තැන් කිහිපයක් තියෙනවා.
අපි කල්තොට ට ගියේ බෙල්ලන්ගල දූර්ගය හරහා ඒ මැදින්.
මධ්‍යම කදුකරයේ දකුණු මායිම දිගේ.
දේශගුණය ටිකින් ටික වෙනස් වෙලා ටිකක් උෂ්න දේශගුණයට අපි සංක්‍රමණය වෙනවා කල්තොට දී.
කල්තොටට යන ඔබට මධ්‍ය කඳුකරය අවසාන වී පහතරට වියළි කලාපය ආරම්භ වන ආකාරයත් විඳගන්නට ලැබෙනවා.
රජවක තංජන්තැන්න හරහා කල්තොටට යන විට අපි ගියේ බෙල්ලන්ගල කන්ද හරහා තැනූ මාර්ගය ඔස්සේයි.
බෙල්ලන්ගල සිට කල්තොට

මේ කන්ද භු විද්‍යාත්මකව වැදගත් වන්නේ මධ්‍යම කඳුකරයේ අවසානය සටහන් කරනා නිසයි. භූ විද්‍යාඥයන් එයට පවසන්නේ දක්ෂිණ වේදිකාව කියලයි.
එහි උතුරු මායිමේ පිහිටා තිබෙන්නේ රජවක ඖෂධ උද්‍යානයයි. අතරමැදි කලාපයට අයත් මෙහි වියළි කලාපීය වනාන්තර වගේම තෙත් කලාපීය වනාන්තරත් පැතිර තිබෙනවා.
බෙල්ලන්ගල කන්ද වටිනා ඖෂධයක් වන ගම්මාලු ගස්වලට ප්‍රසිද්ධයි. සමහර තැන්වල ගම්මාලු ගස් මණ්ඩි වශයෙන් දක්නට තිබෙනවා. සංජීවනී නම් දුලබ ඔසු පැළෑටිය ද මෙහි තිබෙනවා. බිංකොහොඹ, කොතලහිඹුටු වැනි ඖෂධ වගේම අප රටට ආවේණික මැන්දෝර ගස්ද, නෙල්ලි, බුරුත, වීර, කහට, කිරිකෝන් ආදී ගස්ද මේ වනාන්තරයේ අගය ඉහළ නංවනවා. මෙම දුර්ග මාර්ගයේ ගමන් කරන විට පහළින් වලවේ ගංගා මිටියාවත හා උඩවලව වනෝද්‍යානය අලංකාරව දිස්වන අයුරු දැකගත හැකියි.

බෙල්ලන්ගල කන්ද පසුකර ටික දුරක් ගමන කරන ඔබ පිවිසෙන්නේ කල්තොට කුඩා නගරයටයි. එය තවමත් නාගරීකරණය නොවූ ප්‍රදේශයක්.

https://www.youtube.com/watch?v=0AVPxbuFGGM මේ වීඩියෝ බෙල්ලන්ගල කන්ද නැවත සිහිකරාවි .

කපුගල පාර

කල්තොට සිට දියවින්නට ආ අපි එදා ගමන නිමා කලා මතක ඇති.
අද තුන්වන දවස.
අපි බෙලිහුල්ඔය නවාතැනේ සිට සමනල වැව ,මුල්ගම ,වටවල හරහා රජවකට ආවා . එතනින් කල්තොටට නොගිහින් සමනල වැව විදුලි බලාගාරය පාර දිගේ කපුගලට එනවා.
සමනල වැව පසු කරන අපිට මුල්ගම හමුවෙනවා.
මුල්ගම ක්‍රිව 1815 තරම ඓතිහාසික සාධක ඉතිරි කල ගමක්.
එකල ඉදි කල පැරණි වළව් සහ පැවත එන පරම්පරා ගමේ පදිංචිව ඉන්නවා.
ගමට පිවිසීමට සමනලවැව - කපුගල පාරෙන් හැරී යායුතුයි. ඒ මග හමුවන අහස් පොකුණ , මල් මී කදුර සුන්දරයි.
කෑම්පින් වලට අපුරු නවාතැනක් මුල්ගම.

මුල්ගම වලව්වක්

අපි මුල්ගමින්
කපුගල සිට වැලිගෙපොලට එමු.
කපුගල දී අපට සමනල වැව ජල විදුලි බලාගාරය පසුකරගෙන එන විට
හදගිරිගොඩ - උඩවලව දෙවන පිවිසුම මුණ ගැහෙනවා. තාමත් සංවර්ධණ සිහින දකින මෙම ව්‍යාපෘතිය උඩවලව වනෝද්‍යානයට බලන්ගොඩ දෙසින් ඇතුල්වීමට කෙටි මගක් වෙනවා.
මෙය සම්පුර්ණ වුනොත් උඩවලව හරහා ඇඹිලිපිටියට යා හැකි දුර අඩු වෙනවා.
මෙතන සිට වැලිගෙපොලට දුර කිමි 16යි .

හදගිරිය - චන්දන ග්‍රාමය

වර්තමානයේ හදගිරිගොඩ ග්‍රාම සේවා වසම් දෙකක් හදගිරිය ලෙසින් පවති. වැලිගෙපොල සිට 8km පමණ කපුගල මාර්ගයේ ගමන් ගත් පසු මෙම ස්ථානයට ළගා විය හැක.වළව ගං මිටියාවතේ පිහිටි මෙම රාජධානිය කෘෂිකාර්මික අතින් ඉතා සරුසාර ප්‍රදේශයකි.ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ රෝපණ උත්සවයේදි රෝපණය සදහා බෙදන ලද අෂ්ටපල බෝධින් වහන්සේගෙන් එක් අංකුරයක් ලෙස හදගිරියේ පිහිටි බෝධින් වහන්සේ බව ඉතිහාසයේ සදහන් වේ.

බමරගල ආරන්‍ය සේනාසනය

ක්‍රි.පු.2-3 සියවස් වලට අයත් බැව් පැවසෙන කටාරම් සහිත ලෙන් හා ශිලා ලිපි සහිත පුරාණ විහාරයක් වන මෙය වැලිගෙපොල සිට 19km පමණ දුරින් පිහිටා ඇත.

ඉළුක්කුඹුර ලුණු ගල් ලෙන

වසර 6350 ක් පමණ පැරණි ආදිවාසි පරිහරණයක් සහිතව ඇතැයි කියන ගල්ලෙනක් වන මෙය වැලිගෙපොල සිට 15km පමණ දුරින් පිහිටා ඇත.

කොට්ටිඹුල්වෙල විහාරය

වළගම්බා රජතුමා විසින් කරවන ලද ඉතා මනරම් කටාරම් සහිත සිතුවම් සහිත ලෙන් විහාරස්ථානයක් වන මෙය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සිට 8km පමණ දුරින් පිහිටා ඇත.


මෙහිදී කොට්ටඉඹුල්වල අසල තිබෙන ලෙන් දොර කදුවෙල ගල් ගුහා වල මෙන්ම කොට්ටඉඹුල්වල ද වලගම්බා කුමරු සඟවී සිටි බව ජනප්‍රවාදයයි. මෙසේ සිටින අතර විහාරාධිපතීන් වහන්සේගේ සහාය ඇතිව කොට්ටඉඹුල්වලින් යුද්ධ හමුදාවක් රැස් කරවා ගෙන එතනින් හම්බගමුවට ගොස් එහි කොටවෙහෙරේ විසූ තෙරුන් වහන්සේ ගේද සහයෝගයෙන් තවත් සේනාවක් ලබා ගෙන පිහිටි රට බලා යන අතර මගදී එකතු වූ සේනාවන්ද සහාය කොට ගෙන දමිළ සංහාරය කොට ත්‍රිසිංහලය එක්සේසත් කිරීමෙන් පසු සේනා සංවිධානය කිරීමෙහිලා ප්‍රථමයෙන්ම තමා හට උපකාර කළ කොට්ටඉඹුල්වල විහාරාධීපතීන් වහන්සේට අභයරාජ යන ගෞරව නාමය දී විහාර ගල මුදුනට නැග ශක්තිමත් පුරුෂයෙකු ලවා ලෝකඩ තම්මැට්ටමක් ගස්වා අවට ඇසෙන භූමි ප්‍රදේශය ශාසනාන්තර්දානය දක්වා විහාරය විරස්ථායි වනු වස් උන් වහන්සේට පිදූ බව පිළි ගැනේ.


ඓතිහාසික වටිනාකමින් යුතු බිතුසිතුවම් රාශියකි.
වරක් මේ බිතුසිතුවම් තැපල් මුද්දරයකටද යොදා ගෙන තිබිනි.
මෙසේ අප ගමනේ තුන්වන දිනය කොට්ටිඹුල්වල විහාරයෙන් නිමවිනි.



A day in the life

2025-09-18

නේපාලය


ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රම මගින් ආණ්ඩු පෙරලා දැමූ බොහෝ රටවල ජනතාවට එමගින් යහපත් බලපෑම් මෙන් ම, අයහපත් බලපෑම් ද සිදුව ඇත. ඒ සම්බන්ධ උදාහරණ කිහිපයක් මෙසේ ය.

1973 දී ජෙනරාල් ඔගස්ටෝ පිනෝචේගේ නායකත්වයෙන් යුත් චිලී හමුදාව, එරට ජනාධිපති සැල්වදෝර් අයියෙන්දේගේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ආණ්ඩුව පෙරලා දැමී ය. මෙම කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස වසර 17 ක කුරිරු ආඥාදායකත්වයක් රට තුළ ඇති වූ අතර, එය දහස් ගණනකගේ මරණ, අතුරුදන් කිරීම් සහ දේශපාලන විරුද්ධවාදීන්ට වධහිංසා පැමිණවීම්වලට ද හේතු වී ය.

1954 දී ග්වාතමාලා ආණ්ඩුවට එරෙහිව එක්සත් ජනපදයේ සහාය ලත් කුමන්ත්‍රණය ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපති ජැකොබෝ අර්බෙන්ස් ගුස්මාන් බලයෙන් පහ කර ‘ග්වාතමාලා විප්ලවය’ අවසන් කළේ ය. ඉන්පසු හමුදා ජුන්ටාවක් බලයට පත් වූ අතර, එය දිගු කාලයක් එරට දේශපාලන අස්ථාවරත්වයක් සහ ජනතා මර්දනයකට තුඩු දුන්නේ ය.

කාන්තාර රටක් සශ්‍රීක රටක් බවට පත් කළ ලිබියානු රාජ්‍ය නායක කර්නල් මොහොමඩ් ගඩාෆි 2011 දී එරට ඇතිවූ මහජන නැගිටීමේ දී ඝාතනයට ලක් වී ය. ගඩාෆි ඝාතනය කිරීමෙන් පසු ලිබියාව අර්බුදයෙන් අර්බුදයට යන්නට පටන් ගත්තේ ය. ඒ, ඔහුගේ ඝාතනයෙන් පසුව ඇති වූ දේශපාලන-මිලිටරි අස්ථාවරත්වයත්, අරාබි වසන්ත විරෝධතාත්, පළමු සිවිල් යුද්ධයේ ප්‍රතිඵලත් හේතුවෙනි.

සන්නද්ධ කණ්ඩායම්වල ව්‍යාප්තිය රට පුරා ප්‍රචණ්ඩත්වයට සහ අස්ථාවරත්වයට තුඩුදුන් අතර, එය 2014 දී යළිත් සිවිල් යුද්ධයක් දක්වා පුපුරා ගියේ ය. එම දෙවන සිවිල් යුද්ධය 2020 ඔක්තෝම්බර් 23 දක්වා පැවතිණි.
පාකිස්තානය, බංග්ලාදේශය, මියන්මාරය වැනි තවත් බොහෝ රටවල ද ඇති වූයේ මේ හා සමාන අරගල හා ප්‍රචණ්ඩ ක්‍රියා ය.

2005 සිට 2015 දක්වා මෙරට නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සුවිශාල සේවයක් කර 2019 වසරේ මෙරට අටවන ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂට 2022 ජූලි මාසයේ දී දෙස් විදෙස් කුමන්ත්‍රණකරුවන්ගේ උදව් උපකාර ඇතිව මෙරට දියත් කළ අරගලයේ දී ධූරය හැර යන්නට සිදුවී ය. ඒ, මුළු ලොව ම වෙළාගත් කොවිඩ් වසංගතයත්, එමගින් ඇති වූ ආර්ථික අවපාතයත් විරුද්ධවාදීන් අතකොළුවක් කර ගැනීම හේතුවෙනි. මහජන විරෝධයට හිස නමමින් පාර්ලිමේන්තුව බිඳ වැටෙන්නට නොදී අලුත් ජනාධිපතිවරයකු පත්කර ඔහු පමණක් ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීම නිසා ඉහත බොහෝ රටවල සිදුවූ බොහෝ විනාශකාරී තත්ත්වයන්ගෙන් ශ්‍රී ලංකාවට ගැලවෙන්නට ලැබිණි.

1990 දී නේපාලයේ මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය එරට පැවැති රාජාණ්ඩුව සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පෙරලා දැමීම අරමුණු කරගත් කැරැල්ලක් දියත් කළේ ය. එහි ගරිල්ලා ව්‍යාපාරය මෙහෙය වූයේ ‘ප්‍රචණ්ඩා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ පුෂ්ප කමල් ෂර්මා දහාල් ය.
1952 දී නැගෙනහිර නේපාලයේ උපත ලැබූ පුෂ්ප කමල් දහාල්ගේ මුල් ජීවිතය දුෂ්කරතාවලින් පිරුණු එකක් වී ය. ඔහුට වයස අවුරුදු හතරේ දී ඔහුගේ මව වසූරිය රෝගයෙන් මිය ගිය අතර, ඔහුගේ පවුල ගංවතුරෙන් අවතැන් වූ නිසා ඔහුට ජීවත් වීමට සිදුවූයේ, ඔහුගේ ආච්චිත්, සීයාත් සමග ය. ඔහු කොමියුනිස්ට් මතවාදයට අනුගත වූ තරුණ ක්‍රියාකාරිකයකු ලෙස දේශපාලනයට පිවිසි අතර, රාජාණ්ඩුවට විරුද්ධ වීම නිසා 1970 සහ 1980 ගණන්වල වසර 14 ක් සිරගත කරනු ලැබී ය. ඔහුගේ දේශපාලන දැක්ම සහ මහජන ප්‍රතිරූපය හැඩගස්වන ලද්දේ එම අත්දැකීම් විසිනි.

නේපාලයේ කොමියුනිස්ට් පක්ෂයේ (එක්සත් මාක්ස්වාදී - ලෙනින්වාදී) ආරම්භක සාමාජිකයකු වූ ඔහු, දේශපාලන සන්ධාන ඇතිකර ගැනීමේ හැකියාව වර්ධනය කර ගනිමින් ජාතික වශයෙන් ඉදිරියට පැමිණියේ ය. පසුව ඔහු අභ්‍යන්තර කටයුතු සහ විදේශ කටයුතු ඇතුළු ප්‍රධාන අමාත්‍ය ධුර කිහිපයක් ම දැරූ අතර, සිව් වතාවක් එරට අගමැති ලෙස තේරී පත් වී ය.
පුෂ්ප කමල් ශර්මා දහාල් 2015 දී පළමුවරට නේපාල අග්‍රමාත්‍ය ධුරයට පත් වූයේ, ඉන්දියාව සමග ඇති දේශසීමා මාර්ග ඉන්දියාවෙන් අවහිර කිරීම හේතුවෙන් මාස කිහිපයක් තිස්සේ රටට ඉන්ධන සහ බෙහෙත් හිඟයක් ඇතිව තිබූ අවස්ථාවක ය.

ඔහුගේ රජය ඊට ප්‍රතිචාර දැක්වූයේ, බීජිං සමග සංක්‍රමණ ගිවිසුමක් අත්සන් කිරීමෙන් වන අතර, එය නේපාලයේ වෙළහෙලඳාම් සම්බන්ධයෙන් ඉන්දියාවට තිබූ ඒකාධිකාරය අවසන් කළේ ය.
නේපලයේ පවත්නා එම කොමියුනිස්ට් පාලන කාලය තුළ නේපාල ජනතාව අත්කර ගත් සමාජ ආර්ථික ජයග්‍රහණවලින් ස්වල්පයක් මෙසේ ය.

1995 වනවිට නේපාල ජාතිකයන්ගෙන් 55% ක් පමණ සිටියේ, දිනකට ඩොලර් 2.15ට වඩා අඩු ආදායමක් ලබන අන්ත දරිද්‍රතා තත්ත්වයක ය.
2022 වසර වන විට එම අන්ත දරිද්‍රතා අනුපාතය ජනගහනයෙන් 0.37% දක්වා පහත වැටිණි. එය ප්‍රධාන වශයෙන් ප්‍රේෂණ මගින් මෙහෙයවන ලද අසමසම සාර්ථකත්වයකි.
ජාතික දරිද්‍රතා අනුපාතය 1996 දී 41.8% ක් වී ය. එය 2011 වන විට 25.2% දක්වා පහත වැටුන අතර, 2010 දී 84.4% ක් ව පැවැති දිනකට ඩොලර් 3.20 ට අඩු ආදායමක් ලබන ජනගහනයේ ප්‍රතිශතය 2022 වන විට 52.6% දක්වා පහත වැටිණි.
එරට දළ දේශීය නිෂ්පාදිතය වාර්තාගත අවම අගයක් ගත්තේ 1963 දී ය. ඒ ඩොලර් බිලියන 0.5 දක්වා පහත වැටීම නිසා ය. 2022 වන විට එම අගය ඩොලර් බිලියන 41.18 දක්වා වර්ධනය වී ය.
1960 සිට 2024 දක්වා කාලය තුළ එරට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍යය ඩොලර් 545 කි. දිගු කලක් එකතැන පල්වෙමින් තිබූ එය 2000 ගණන්වල ක්‍රමයෙන් ඉහළ යාමට පටන් ගත් අතර, 2022 දී එය ඩොලර් 1,386 දක්වා ළඟා වී ය.
එරට දළ දේශීය නිෂ්පාදිතය (නාමික): 2025 වර්ෂය අවසන් වන විට ඩොලර් බිලියන 46.08 ක් වනු ඇතැයි පුරෝකථනය කර ති⁣⁣බිණි.
සැබෑ දළ දේශීය නිෂ්පාදිත වර්ධනය 2025 මූල්‍ය වර්ෂයේ පළමු භාගයේ දී 4.9% කින් වර්ධනය වූ අතර, 2024 මූල්‍ය වර්ෂයේ එය 5.3%ක් බවට පත් වී ය. එය එම කාලපරිච්ඡේදය හා සසඳන කල 0.3%ක වැඩිවීමකි. 2025 මූල්‍ය වර්ෂයේ සම්පූර්ණ වර්ෂය සඳහා, එම වර්ධනය 4.5% ක් ලෙස පුරෝකථනය කර තිබේ.

එරට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය (නාමික): 2025 වර්ෂය සඳහා ඩොලර් 1,460 ක් ලෙස ප්‍රක්ෂේපණය කර ඇත.
2024 දී නේපාලයේ නිල විරැකියා අනුපාතය 12.6% ක් වුව ද, එරට පවත්නා විශාල අවිධිමත් අංශය හේතුවෙන් එම ගැටලුව අවම වී තිබේ.
2024 මූල්‍ය වර්ෂයේ දී, එහි ප්‍රේෂණ ප්‍රමාණය නේපාල ආර්ථිකයෙන් 26% කට වඩා වැඩි වී ය. 2024 දී නේපාලයට ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 11 ක ප්‍රේෂණ ලැබුණු අතර, එය ගෝලීය වශයෙන් වඩාත්ම ප්‍රේෂණ මත යැපෙන රටවලින් එකක් බවට පත් වී ය.
2025 මූල්‍ය වර්ෂයේ පළමු භාගයේ දී එරට උද්ධමනය 5% දක්වා අඩු වූ අතර, එය පෙර වසර හා සසඳන කල 1.5% ක අඩු වීමකි. එය 5% දක්වා තවදුරටත් මධ්‍යස්ථ වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමට ඉවහල් වන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට ඉක්මනින් බිඳ වැටෙන සභාග ආණ්ඩු බිහි වීමත්, නිතර සිදුවන ව්‍යවස්ථා සංශෝධනත්, දේශපාලන අධිකාරියේ සහ රාජ්‍ය අංශයේ පවත්වා දූෂණත් බෙහෙවින් බාධා කරන අතර, මෙය ආයෝජන අධෛර්යමත් කිරීමට ද බලපා තිබේ.
මීට අමතරව ස්වාභාවික විපත් අවදානම ද එරට ආර්ථික ක්‍රියාකාරකම්වලට සහ සංවර්ධනයට බාධා කරයි. නේපාලය යනු භූමිකම්පා සහ ගංවතුර ඇතුළු දේශගුණික සහ ස්වාභාවික විපත්වලට බෙහෙවින් ගොදුරු වන රටකි.
ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වැඩිදියුණු කිරීම වැනි තීරණාත්මක යටිතල පහසුකම් ව්‍යාපෘතිවල ප්‍රමාදයන් ද එරට ආර්ථික විභවයට සහ ඵලදායිතාවට බෙහෙවින් බලපා තිබේ.

ලෝකයේ දුප්පත්ම රටවල් අතරින් එකක් වන නේපාලයේ දේශපාලන අස්ථාවරත්වය ආයෝජන අධෛර්යමත් කර ඇති අතර, එහි ආර්ථික සංවර්ධනයට එය බාධාවක් වී ඇති අතර, මිලියන ගණනක් තරුණ තරුණියන්ට ප්‍රධාන වශයෙන් මැලේසියාව, දකුණු කොරියාව සහ මැද පෙරදිග රැකියා සොයා යාමට සිදුව ඇත.

මෙවන් තත්ත්වයන් යටතේ පැවැති නේපාල රජය සමාජ මාධ්‍ය වේදිකා කිහිපයකට, විශේෂයෙන් ම ෆේස්බුක් ඇතුළු ‘මෙටා’ වේදිකාවලට (Meta Platforms' META.O) ප්‍රවේශ වීම අවහිර කිරීමට පසුගිය සතියේ ගත් තීරණය නිසා රට පුරා විරෝධතා ඇති වී ය. තරුණ ක්‍රියාකාරීන් විසින් මෙහෙයවනු ලැබූ මෙම විරෝධයේ දී ඔහුට චෝදනා කළේ විරෝධයන් නිහඬ කිරීමට සහ දූෂිත ප්‍රභූ පැලැන්තියක් ආරක්ෂා කිරීමට නේපාල රජය උත්සාහ කරන බව ය.
එම සමාජ මාධ්‍ය තහනම අසාර්ථක වූ අතර, ඊට එරෙහිව පැන නැගුන කලහකාරී විරෝධතා අතරතුර 19 දෙනකු මරණයට පත්වීම හේතුවෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ නේපාලයේ කිසියම් පැවැත්මක් සහිතව කටයුතු කළ එරට දේශපාලන නායකයාට ධුරයෙන් ඉල්ලා අස්වන්නට සිදුවී ය.

 විචාරකයන් පවසන්නේ ඔහු ආර්ථිකය නිවැරදි කරන්නට හෝ දූෂණය අවසන් කරන්නට අපොහොසත් වූ බව ය. සමහරු ඔහු චීනයට පක්ෂපාත යැයි අතර, අගමැතිවරයා කියා සිටියේ තමා මධ්‍යස්ථ බව ය.
ඔහුගේ ඉල්ලා අස්වීම සැමරූ විරෝධතාකරුවෝ ඔහුගේ නිවසට කඩා වැදී ජනේල, භාජන, පුටු සහ අනෙකුත් ගෘහ භාණ්ඩ කඩා දමා දේපළ විනාශ ක⁣ළ හ. ඉන් අනතුරුව ඔවුන් නිවසට ගිනි තැබූ අතර, ආරක්ෂක අංශ සාමාජිකයන් කිහිප දෙනෙකුට හැකි වූයේ, ඒ දෙස බලා සිටින්නට පමණකි. එහි දී ඔහුගේ බිරිඳ වන සීතා පවුඩෙල් පණ පිටින් පුළුස්සා දමන්නට විරෝධාකරුවෝ කටයුතු කළෝ ය.

සමාජ මාධ්‍ය තහනම් කිරීම සම්බන්ධයෙන් රජය කියා සිටියේ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මර්ධනය කරන්න⁣ට රජය උත්සාහ නොකළ බවත්, අසත්‍ය තොරතුරු පැතිරවීම සහ මූල්‍ය වංචා කටයුතු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය අනිසි ලෙස භාවිත කිරීම නිසා එය සීමා කිරීමට කටයුතු කළ බවත් ය.
සමාජ මාධ්‍ය ජාල හිතූ හැටිය⁣ට පරිහරණය කරමින් එමගින් අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීම සම්බන්ධයෙන් අපට ද ඇත්තේ, එසේ මෙසේ අත්දැකීම් නොවේ. ප්‍රගතිශීලී ආණ්ඩු බලයෙන් පහකර ජනතාවාදී ආණ්ඩු යැයි කියමින් ජනතාවගේ ඉහ මොළ සෝද⁣ා බලයට පත්වන්නටත්, ඒ බලය පවත්වාගෙන යන්නටත් යම් යම් කොටස් සමාජ මාධ්‍ය භාවිත කිරීමේ අනිටු ප්‍රතිවිපාක අද අපි භුක්ති විදිමින් සිටිමු.

පුෂ්ප කමල් ශර්මා දහල් අග්‍රමාත්‍යවරයාට දාව දරු දැරියන් සිව්දෙනකු සිටින අතර, ඉන් රේණු දහල් නම් දියණිය මේ වන විට නේපාලයේ භාරත්පූර් මෙට්‍රොපොලිටන් නගරයේ වත්මන් නගරාධිපතිනිය ලෙස කටයුතු කරන්නී ය. ඇය 1994 දී නේපාලයේ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වූ අතර, 1996 දී පක්ෂයේ පූර්ණ කාලීන සාමාජිකාවක බවට පත් වූවා ය.


නේපාලය මැදි කරගෙන සිටින ආසියානු යෝධයන් දෙදෙනා වන චීනය සහ ඉන්දියාව බුදුන් උපන් දේශය වන නේපාලයේ කටයුතු සම්බන්ධයෙන් ඉහළ අවදානම් සහිත සටනක නිරතව සිටින අතර, පුෂ්ප කමල් ෂර්මා දහල් අගමැතිවරයාට සිදුවූ අසාධා⁣රණය එම දෙරට ඇතුළු ලොව බොහෝ ප්‍රගතිශීලී රටවල් වඩාත් සමීපව නිරීක්ෂණය කරනු ඇත.


අනුර බී. සෙනෙවිරත්න

A day in the life