පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-04-12

උන් ඉක්මනට ලොකු වෙනවා --




ළමයින්ට දුෂ්ඨකම් කරන්න එපා - උන් ඉක්මනට ලොකු වෙනවා --
පොඩි කාලෙ මට ඇදුම් තිබුනෙ නෑ - අපි නැති බැරි පවුලක් නොවුනත් අපේ තාත්තල අපිට වියදම් කරේ ම නෑ - ඉතින් හිගපාඩු එමටයි -
ශිෂ්‍යත්වෙන් කොළඹ ආව ම අඩු පාඩු ඩබල් - ගමනක් යන්න අදින්න තිබුනෙත් සුදු ඇදුම් - පාට ඇදුමක් අදින්න මාර ආසයි -
මං හිටියෙ මාමලගෙ ගෙදර - එහේ ඉදන් වැඩට යන අයිය කෙනෙක් හිටිය - බැංකුවක වැඩ කරන - දවසක් මං ආසාවට මෑන්ගෙ ටී ෂර්ට් එකක් ඇදන් පංති ගියා - එතකොට මං නමයෙ - දවසක් කීපෙකට පස්සෙ මාමලගෙ කඩේ වැඩ කරන කොල්ලෙක් මට කියනවා “ මහත්තය අරයගේ ඇදුම් අදින්න එපා - අපිත් එක්ක මහත්තයට හොදටම බැන්නා එයාගෙ ඇදුම් අදිනවා කියලා--
එච්චරයි -
ඊට පස්සෙ මං උගෙ ඇදුමක් දිහා බැලුවෙවත් නෑ -
ඕලෙවල් මට්ටමට එනකොට යාඵවො - යාඵවො හුවමාරු කරන් ඇදුම් අදින්න පටන් ගත්තට පස්සෙ සහ අපේ අයියා රස්සාවකට යෑමත් එක්ක ඇදුම් ප්‍රශ්නෙ යම්කිසි මට්ටමකට විසදුනා -
මං පළවෙනි රස්සාවට ගියාට පස්සෙ පඩියෙන් වැඩිපුරම කලේ ඇදුම් ගන්න එක - ඇතිවෙන්න ඇන්දා - තනිකරම බ්‍රෑන්ඩඩ් - කොච්චර ඇන්දද කිව්වොත් අද වෙද්දි ඇදුම් ඇරියස් එකක් නැති තරම් -දැන් මට එක ඩෙනිමක් ටී ෂර්ට් දෙක තුනක් තිබ්බම ඇති --
කතාව ඒක නෙමෙයි - පොඩි අයට අමතක වෙනව කියල හිතන් උන්ට කෙනෙහිලිකම් කරන්න එපා - උන්ට හොදට මතක හිටිනවා - නිකං නෙමෙයි හදවත පත්ලෙම මතක හිටිනවා -
එදා මං හිටපු වයසෙ ඥාති පුත්තු දැන් මං ඇදන් ඉන්න ටීෂර්ට් එකක් දැකල “ ඒක ලස්සනයි මාමෙ - මටනම් ඒක මරුවට සෙට් වෙනවා “ කිව්වම මං “ කෝ ඔයා ගෙදරට අදින ටී ෂර්ට් එකක් දෙන්න “ කියල මං ඇදන් ඉන්න ටී ෂර්ට් එක ගලවල උෘට දෙනවා - ඒ විතරක් නෙමෙයි ඒ ජාතියේ ඇදුමක් දෙකක් පස්සෙ අරන් දෙනවා -
ඒ පොඩි කාලෙ මට දැනුනු කම්පනය මතක් වෙලා --

Hasani Lelwala

A day in the life

අද බක් පෝය දිනයයි.



අද බක් පෝය දිනයයි.
සිංහල හිණ්දු අලුත් අවුරුද්ද මුව විට මෙවර පෝය දිනය එළඹ තිබේ.
බක් පෝය ශාසන ඉතිහාසයේ වැදගත් වන කාරනා කිහිපයකි.
බුදුරජානන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවුයේ බක් මහා පෝය දිනයේදීය.
චුලොදර මහෝදර නා රජුන්ගේ ගැටුම සමතයකට පත්කිරීම සදහා බුදුරජානන් වහන්සේ නාගදීපයට වැඩම විම සිදු කරන ලදී.

එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසළොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.



A day in the life