පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-08-07

බංග්ලාදේශය සහ අගමැතිනි ෂෙයික් හසිනා









බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසිනා ගේ පලායාම පිළිබඳව විවිධ අදහස් පවතී. මුලින්ම මම එයා ගැන කියන්නම්. එයා පියා තමයි 1971 දී බංග්ලදෙශය නම් රටක් හැදුවේ.
ඊට පෙර කිව්වේ නැගෙනහිර පකිස්ථානය කියලයි. ඔබ දන්නවා ඉන්දියාව ඉංග්‍රීසින් ගෙන් නිදහස ලබනාවත් සමගම පකිස්ථානය වෙනම රාජ්‍යයක් ඉල්ලා ඔවුන්ගේ රජයක් හදාගනු ලැබුවා. ඒ අතර නැගෙනහිර පකිස්ථානය ලෙස කොටසක් ද ඔවුන් වෙත පැවරුවා.
ඒ කාලේ නැගෙනහිර පාකිස්ථානයේ වැඩිහරියක් ජීවිතය ගෙව්වේ අඳගොවියන්ටත් වඩා පහල ජීවන තත්වයකි. ඔවුන් ගෙන් පිරිසක් හින්දු අයගේ කුඹුරු වල වැඩ කළා. සමහරු හන කම්හල් වල සේවය කලා. බහුතරයක් මැරෙන්නේ නැතිව කාලා ජීවත් වුනා කියලයි මම දකින්නේ.
මේ දෙක එකම රටක් කිව්වා වුවද ඒ දෙක අතර පරතරය කිලෝමීටර් 1200 ක් පමණ වෙනවා. ( ඒ කියන්නේ ඉන්දියාව මැද්දේ ඉන්නවා ) ඔර්ජිනල් පකිස්ථානය එක පැත්තක සහ නැගෙනහිර පකිස්ථානය හෙවත් බංග්ලාදේශය බොහොම දුරින් ඇත.
හැබැයි ඒ කාලේ 1971 පෙර සේරම පාලනය කලේ පකිස්ථානය විසිනුයි. නිවැරදිවම කියනවා නම් ප්‍රභූ පැලැන්ති විසින් දුප්පත් වගේම ජලගැලීම් සහ සුලිසුලන් වැනි පීඩාවට ලක්වෙන මේ ජන කොටස් නොසලකා හරිමින් එයාලගේ අභිමතය අනුව පාලනය ගෙන ගියා. කියන්න පුළුවනි.
ලංකාවේ නම් කොළඹ සිට ලයින් කාමර වල ජීවිත ගෙවන වතුකරයේ අහිංසක ජනතාව පාලනය කරනවා වගෙයි. කියලයි මම දකින්නේ. ඒ කියන්නේ ඔවුන් ගැන බලන්න අවංක නායකයෙක් ලැබී නැහැ.
තත්වය මෙසේ තිබියදී 1964 දී හෂීනාගෙ පියා අවාමි ලීගයේ නායකයා වුනා. 1969 දී ඔහු කරුණු 6 ක් සඳහන් කරමින් ඔවුන්ට ද පාලන බලය බෙදී යනසේ ඉල්ලීම් ඉදිරිපත් කළා. මේ කලේ පකිස්ථානය පාලනය කලේ අයුබ් ඛාන් විසිනි. ඔහු ජනතාවට බලය දෙනවා වෙනුවට හමුදාවේ යායි යා ඛාන් වෙත බලය දුන්නා.
මේ කාලයේ ( 1970 නොවැම්බර් ) මහ ජලගැල්මක් නිසා මියලන ගණනක් පීඩාවට පත්වුනා. පකිස්ථාන ආණ්ඩුව ඔවුන් ගැන කිසිඳු සොයා බැලීමක් කලේ නැහැ. මේ සියල්ල නිසා පකිස්ථානයේ පලනය පිළිබඳව බංග්ලාදේශ ජනතාව දැඩි අප්‍රසාදයෙන් පසුවුණා.
තත්වය මෙසේ තිබියදී පකිස්ථානයේ අසාධාරණ පාලනයට එරෙහිව 1970 පකිස්ථාන මහා මැතිවරණයෙන් නැගෙනහිර පකිස්ථානයේ ෂෙයික් මුජබර් රහුමාන්ගේ අවාමි ලීගයට ජනතාව විසින් බහුතර බලයක් දුන්නා.
ඒ කියන්නේ අවාමි ලීගය ආසන 167 ක් ලැබෙන වීට අලි භූතහෝගේ පකිස්ථාන ජනතා පක්ෂයට ලැබුනේ ආසන 87 ක් පමණයි. අනෙක් පක්ෂ වලට 10 ක් ගන්න නොහැකි වුනා.
ඒ කියන්නේ අලි භූතහෝ ගේ ( බෙනාසීර් ගේ පියා ) පක්ෂය පවා අභිබවමින් ඉහල ජයක් ලැබුවා. ඒ අනුව ඔවුන් පකිස්ථානයේ අගමැති දුරය ද අපේක්ෂා කළා හැබැයි අර ප්‍රභූ පැලැන්ති විසින් ඒ ජයග්‍රහණය මායිම් කලේ නැහැ. ජාතික සභාවේ වාර අවසන් කරමින් කල්දමනු ලැබූ බව ඔහු නිවේදනයක් කලා ( බහුතරය කියන්නේ හැමදේම නෙවෙයි කියලා. )
දැන් මේ බලය දුන්නේ නැති නිසා 1971 මාර්තු 2 වී.වී. ශිෂ්‍යයින් සමග ජනතාව පාරට බැස්සා. දිනෙන් දින වැඩේ උග්‍ර වුනා මුළු බන්ග්ලාදෙශයම නතර වුනා. පකිස්ථාන මිලිටරි නායකයාට බංගලි කුක්ලා උයන්නේ ද නැතුව ගියා. ලක්ෂ ගනන් පාරේ උද්ඝෝෂණ කලා.
ඉන්පසු ජනතාව කිව්වා මිජිබර්ව කිසිඳු දිනක පකිස්ථානයේ අගමැති කරන්නේ නැහැ. ඒනිසා ෂෙයික් මුජිබර් රහුමාන් ( ෂෙයික් හසීනා ගේ පියා ) නිදහස් බංග්ලාදේශයේ අගමැති ලෙස නම් කලා.
පකිස්ථානය එය පිළිගැනීමට සුදානම් වුනේ නැහැ. ඉන්පසු ඔහු ජනතාව සමග එක්වී තම රටෙහි ස්වාධීනත්වය ප්‍රකාශ කරමින් බන්ග්ලාදේශය වෙනුවෙන් සටන් ඇරඹුවා.
එහිදී 1971 මාර්තු 25 පකිස්ථානය විසින් ඔපරේෂන් සර්ච් ලියිට් නම් මෙහෙයුමක් ආරම්භ කළා. ඒ අනුව බංග්ලාදේශයද තම විමුක්ති සටන ආරම්භ කලා.මුජිබර් රහුමාන් අත් අඩංගුවට ගනු ලැබුවා. මිලියන ගණන් ජනතාවට මහා විශාල දුක ගැහැට වලට මුහුණ දෙන්න වුනා. සමහරුන්ට සැඟවී පලා යන්න වුනා.
එම යුද්ධයේදී පකිස්ථානුවන් විසින් බන්ගලාදේශ වැසියන් ලක්ෂ 30 ක් පමණ මරා දැමුවා. ගැහැණු දරුවන් සහ කාන්තවන් ලක්ෂ 30 ත් 40 ක් වගේ ප්‍රමාණයක් දුෂණය කළා. ගෙවල් ගිනි තිබ්බා. හැමෝම පන බේරා ගැනීම හිස්ලු අත දිවගියා. මිලියන 10 ක් පමණ වූ සරණාගතයින් ගෙන් ඉන්දියාවේ බටහිර බෙංගාලය පිරුනා. මෙය මහා ජන සංහාරයක් වුනා.
එහෙම වුනේ ඔවුන්ගේ අවි ආයුධ නවීන නැහැ වගේම ඔවුන්ගේ අත්දැකීම් මෙන්ම දක්ෂකම් ද ප්‍රමාණවත් නොවීම කියලයි මගේ කියවීම. මේ අනුව මුජිබර් රහුමාන් ඉන්දියාවේ සහය ඉල්ලුවා.
ඉන්දියාවද එයට නොමදව සහය ලබා දුන්න. සෝවියට් දේශයේ සහය ද යම් ප්‍රමාණයකින් ලබුනා. ඒ කාලේ ඉන්දිරා ගාන්ධි අගමැති, usa ජනාධිපති හෙන්රි කිසින්ජර් උන්නේ. අවසානෙදි ඉන්දු පකිස්ථාන යුද්ධයක් ලෙස මෙය ආරම්භ වුනා.
ඉන්පසු බංග්ලාදේශ වැසියන්ට ඉන්දීය නාවික හමුදාව විසින් අවි පුහුණුව ලබාදුන්නා. 1971 අගෝස්තු 15 තමයි උච්චම යුද්ධය ආරම්භ කලේ. ඊට සතියකට පෙරාතුව ජනතාව ගේ මොරල් එක ඉහල දැමීම පිණිස දේශාභිමානී ගීත දෙකක් බෙංගාලි භාෂාවෙන් ගයලා දිනපතා කිහිපවරක්ම ප්‍රචාරණය කලා. බෙන්ගාලි භාෂාවෙන් නිසා විරුද්ධ වාදීන්ට දැනුනේ නැහැ.
මෙය ඔවුන්ගේ චිත්ත ධෛරිය ඉහල ගිය බව අදත් සාකච්ජා වෙනවා. ඒවායේ තේරුම් ලියන්න ගියෝත් මේක දිග වැඩි වෙනවා. එක අදහසක් කියන්නම් අපි මේ යන්නේ මගුල් ගෙදරයි. හැබැයි ආයෙත් ගෙදර නොඑන මගුලක් සඳහා කියන අදහස එහි තිබුනා.
මාස 9 ක දරුණු සටන් වලින් පසුව 1971 දෙසැම්බර් 16 පකිස්ථාන හමුදාවේ 93000 ක් අවි ආයුධ භාරදීලා ඉන්දියන් හමුදාවට බන්ග්ලාදේශයේදී සරෙන්ඩර් වුනා. මේ සඳහා අත්සන් කලේ මොහොමඩ් ෂෙරීෆ් නම් රියර් අද්මිරාල් වරයායි.
මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසුව සිදුවූ විශාලම යටත්වීමයි. එදා තමයි නව බංග්ලාදේශය ස්වාධීන රාජ්‍යයක් ලෙස ආරම්බය සනිටුහන් වුනේ.
ඉන්පසු මිලියන 10 ක් පමණ වූ සරණාගතයින් ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සිට ඇඳිවත හෝ සුළු බඩු පොදියක් සමග නැවත සිය ගම්බිම් බලා කරත්ත වලින් හෝ පයින් ගමන් කළා.
ඉන්පසු කොහේ හෝ ඉඩම් කැබැල්ලක පැල්පතක් අටවා ගෙන වගාවක් කරන්න හෝ කාගේ හෝ ඉඩමක කුලී කරුවන් වගේ වැඩ කරලා ජීවිතය ගැට ගහ ගන්න ජාතියක් වුනා.
කොහොම නමුත් මගේ දැනීමේ ප්‍රමාණය අනුව නම් එයාලගේ ජීවිත වලට කිසිදා ආලෝකයක් නම් ලඟා වුනේම නැහැ. ඒ ඔවුන්ගේ අඩු අධ්‍යාපනය සහ ජලගැලීම් ස්වභාවික විපත් වගේම දේශපාලන ගැටුම් ඔවුන්ව දසක ගණනාවක් තිස්සේ පීඩාවට පත්කළා අදත් එය අවසන්වී නැහැ.
කොහොම හරි යුද්ධයෙන් පස්සේ ආයේ මුජිබර් ආවා ඒ කියන්නේ ප්‍රංශයේ ඉඳලා කියලයි මගේ කල්පනාව එයා පලා ගියා කියලා සඳහන් වුනා. කිසියම් පිරිසක් ඔහුට එසේ පලායාමට උදව් කළා.
එසේ පැමිණ පාලනය ගෙන යාමට හ්කිවුනේ වසර 3 ක් සහ මාස 8 ක් වැනි කාලයක් පමණයි. 1975 අගෝස්තු 15 ඔහුගේ නිවසේදීම කුමන්ත්‍රණකාරී ලෙස ඔහුගේම හමුදාව විසින් වෙඩි තබ මාරා දමනු ලැබුවා. මගේ මතකය අනුව එදින 21 දෙනෙකු මරා දැමුවා. වයස 3 ක වගේ මුනුබුරෙක් හෝ පුතේක් ද මරා දැම්ම.



මේ කාලයේ ෂෙයික් හසීනා සහ එයාගේ නංගී ප්‍රංශයේ හෝ ජර්මනියේ අධ්‍යාපනය ලබමින් උන්නේ. ඉන්පසු එයාලා එංගලන්තයේ දේශපාලන රැකවරන ලැබුවා 1993 එයා uk ඉඳලා ආවේ.

1996 එයා බලයට ආවේ. 2001 දී පැරදිලා බෙගම් කලිදාසියා අගමැති වුනා නැවතත් 2009දී බලයට එනවා එදා සිට මේදක්වා වසර 15ක් අගමැති ලෙස වැඩ කළා.
එයා ආණ්ඩුව ගන්න වීටදී දල දේශීය නිෂ්පාදනය ඩොලර් බි. 102 යි. අද එය බි.455ක් දක්වා වැඩිකර ඇත. එහෙම කියලා නැහැ වැරදි තීන්දු තීරණ වලට ඔහොම වෙනවා.
මේ ගැන පැහැදිලි ලෙස කියනව නම් මිලියන 170 ක් ඒ කියන්නේ කෝටි 17 ක දිළිඳු ජනතාවක් එහි ඉන්නවා මේ දියුණුව ඔස්සේ මිලියන ගණනක් එයින් එළියට ආවා කියලා ද කිවයුතු වෙනවා.
එසේම කොවිඩ් 19 නිසා ලොකු පසුබෑමක් වුනා. ඉන් පසු කිසියම් කඩාවැටීමක් වුනා, ඉන්පසු සිදුවූ දේවල් අනුව මෙයා ගේ නරක කාලය ආව කියලයි මම දකින්නේ.
2020 මාර්තු 17 සිට 2021 මාර්තු 26 දක්වා මුජිබ් වසරක් ප්‍රකශයට පත්කලා. වසර 50ක් පිරීමේ නිදහස් උත්සවය මහ ඉහලින් සමරණු ලැබුවා. ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර දාස් මෝදී 2021 මාර්තු 26 ඩකා අගනුවරට පැමිණියා.
එහිදී නාවික හමුදා නිධාරීන් වෙත බංග බන්දු නමින් පදක්කම් ප්‍රධානය කළා. එහිදී මෝදී විසින් ෂෙයික් හෂීනාට ෂෙයික් මුජිබර් රහුමාන් ජාතියේ පියා ලෙස සමරු සිහිගන්වමින් තිලිනයක්ද පිරිනැමුවා.
ජන්දේ පිළිබඳව පවා නොයෙක් අපවාද ආවා. අවසානේදී මෙයා 1971 බංග්ලාදේශය නිර්මාණය කරන්න දායක වූ පවුල් වල අය සඳහා රජයේ රැකියාවලින් 32%ක් දෙන්න සුදානම් වුනා ඉන්පසුව වැඩේ ලෙඩක් වුනා.
එසේම මෙයට ඇමරිකානු සැලසුමක් හෝ කිසියම් මැදිහත් වීමක් සිදුව ඇතයිද සඳහන් වෙනවා. ඒ කියන්නේ බංගලිදේශ විපක්ෂය වන BNP බංග්ලාදේශ ජාතික පක්ෂය සමග පසුගිය නොවැම්බර් වල කුමන්ත්‍රණ සිදු වුනා කියලා රුසියනු විදේශ අමාත්‍යාංශය සෘජුවම ප්‍රකාශයක් කළා.
මෙම කැරලි උද්ඝෝසණ සඳහා එහි ඇමරිකානු තානපති පීටර් හාස් ඔවුන් සමග එක්වී මෙම උද්ඝෝසණ කිරීමට කුමන්ත්‍රණ කළා කියලා 2023 දී චෝදනා එල්ලකළ. මෙහෙම වෙන්න ප්‍රධාන හේතුවක් ලෙස රුසියාව විසින් න්‍යෂ්ඨික බලාගාර 3 ක් ඉදිකිරීම සඳහා ආධාර දෙන්න ගිවිසුමක් හෂීනා සමග ඇති කර ගනු ලැබුවා.
මේවා ද ඇමරිකාවේ නොකැමැති දේවල්වීම මෙසේ ඉක්මනින් යන්න පාර සකස් වුනා කියලා කියන්න ද පුළුවනි. මෙහි මා දන්නා තවත් බොහෝ කරුණු ඇත. මේ වනවිට පැය 6 ක් ගියා. අනෙක් ඒවා ලියන්න ගියොත් 10 ක් පමණ යයි. ඔබට දැනගැනීමට යමක් වෙයි නම් අහන්න කියා දෙන්නම්.
මෙයින් ලියා අවසන් කරනවා. ඔබෙන් කරන එකම ඉල්ලීම නම් මෙය තවත් අයට කියවන්න බෙදා හරින්න පමණයි. කියවූ ඔබට මගේ ප්‍රණාමය. මෙය අපේ දේශපාලකයින්ට ද හොඳ පාඩමකි එක එක දේවල් කරලා බලයේ ඉන්න හැදුවොත් ජනතාව ගේ බලය හමුවේ සේරම ඉවර වෙලා පලා යන්නම වෙනවා මයි.




A day in the life

2024-08-06

පාස්පෝර්ට් අළුත් කලා ද ?.







මම ඊයේ පාස්පොර්ට් එක අලුත් කලා.. Online appointment දාලා හැදුවේ.. පාස්පෝට් හදන්න යන්න ඉන්න අයට කියන්න දේවල් තියෙයි.

Online Appointment දාන්නෙ නැතුව යන්න එපා කවුරුත් .. දවස් ගනන් පෝලිමේ ඉන්න මිනිස්සු හිටියා.. ඒ නිසා හැමෝම online appointment දාලා යන්න.. 
හදිසිම කෙනෙක් ඉන්නවනං.. Appointment දාන්නෙ නැතුව ගිහිං පෝලිමේ ඉඳල ගන්න වෙන්නෙ.. ඊයේ සාමාන්‍ය විදිහට හා online appointment දාපු අය 30 000ක් විතර ඉන්න ඇති... සාමාන්‍ය විදිහට පෝලිමේ ඉන්න අයගෙන් දවසකට 450-500ක් අතර ගානක් ඇතුලට ගන්නවා.. ඉතුරු අයට තව දවසක් දෙනවා සීල් කරල එන්න කියලා... ඔයාලට හොඳම විදිහ තමයි.. Online Appointment දාල යන්න.

දැනට ආරංචි විදිහට online appointment ලබනමාසෙ අන්තිම වෙනකල් booking .... තව ඉස්සරහට අමාරුවෙයි ගන්න.. දැනටමත් print කරන passport පොත් එහෙම අඩුයිලු.. පුළුවන් තරම් oneday ම ගන්න.. Normal service එක ගොඩක් පරක්කු වෙනවා... ඉස්සර සති දෙකෙන් ආවට.. දැං මාස දෙකකට වඩා වැඩි කාලයක් යයි....
Online දාල යන අය... පුළුවන් තරම් උදෙන්ම යන්න..මම නම් ගියේ උදේ 5.30ට විතර එතනට.. එතකොටත් 500 M විතර දිගයි පෝලිම....
උදේ 7ට විතර ඇතුලට ගන්නවා... Appointment දැම්මාම එන pdf එක පෙන්නලා ඇතුලට යන්න ඕනි.. ඊට පස්සෙ online appointment Cheq කරනවා එයාලගෙ ලිස්ට් එකෙන්.. බොරු කරල එහෙම යන්න බැහැ හොඳේ.... 

ඊටපස්සේ.. One Day අය 2 Flour එකටත් normal 1st flour එකටත් ගිහිං ටෝකන් අරගන්න ඕන...
ඊලගට document cheq කරල... Finger Print අරගෙන සල්ලි ගෙවන්න තියෙන්නෙ.. ඇතුලට ගියාට පස්සෙ මේ වැඩ ටිකට පැය 1ක් 2ක් අතර වෙලාවක් යන්නෙ.

ඊට පස්සෙ 1 st flour එකේ D section එකෙන්... Onday අයට පාස්පොර්ට් එක ගන්න පුළුවන් ... හැබැයි දවල් 12න් පස්සෙ දෙන්න පටන් ගන්නෙ..
ඔයාලගෙ document ටික හරියට හදාගෙන යන්න.. නැත්තං ඔයාලට ටිකක් අපහසුවෙයි වැඩේ කරගන්න
මම ඊයේ document බාර දීලා සල්ලි ගෙව්වෙ උදේ 8.17ට... ඒත් මට පාස්පොර්ට් එක හම්බුනේ..4.45ට විතර..උදේම ගියා කියලා පාස්පොර්ට් එක ඉක්මනින් හම්බෙන්නෑ..chance එක තමයි ඉතිං...
Onday යන අය කෑමට මොනාහරි අරගෙන යන්න.. වතුර බෝතයක් අරං යන්න.. කුඩයක් විශේෂයෙන් .. මේ දවස්වල වහිනවානේ.... අවට කඩ එහෙම තියෙයි.. ගානනං වැඩියි.

හැමෝටම උදව්වක් වෙයි කියලා දැම්මේ... තෙරුවන් සරණයි හැමෝටම
පලි. ලබන මාසෙ ඉඳන් oneday service එක 15000 සිට 22500ට  යනවළු.

අවශ්‍ය Document
  1. Original උප්පැන්න සහතිකයයි...
  2. ID එකයි කොපියයි
  3. පරණ පාස්පෝට් තියෙයිනම්.. ඒකයි කොපියයි..
  4. Studio එකෙන් photo ගැහුවාම දෙන රිසිට් එකයි..
  5. Application එකයි..
  6. Application එක හරියට පුරවගෙන යන්න.. තව ඔයාගෙ උප්පැන්නනෙ නම සහ.. ID එකේ නම වෙනස් නම් දිවුරුම් සහතිකයක් ඕනි.. Online appointment එකේ PRINT එකක් හරි.. Pdf එක හරි අරගෙන යන්න..(උපුටා ගැනිමකි)

A day in the life