පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-08-01

කිතුනුකමේ ගැඹුර



ඒ කාලයේ සෑම පල්ලියකම තිබූ ඉතා ගම්භීර හා පියතුමකු පමණක් අසුන් ගන්නා ආසනයකි කොමිසන් පුටුව. දැන් දැන් මේ ශුද්ධ වූ ආසනය බොහෝ දේවස්ථානවල පෙනෙන්නට නොමැති තරම්ය.

එහෙත් එය සමහර දේවස්ථානයන්හි විරාජමානව තිබෙනා අන්දම දුටුවිට අතීතය මෙනෙහිවීම නිතැතින්ම සිදුවේ. පියතුමා කොමිසන් පුටුවේ වාඩිගෙන කොමිසම අසනා විට, එළියේ සිට තමා කළ පාපක්‍රියා ප්‍රකාශ කරනා කිසිවකු හට වේවැල් දැල තුළින් පියතුමාව හරිහැටි නොපෙනේ. එහෙත් උන්වහන්සේගේ හඬ නිසල වුවද හොඳින් ශ්‍රවණයවේ.

මේ ක්‍රියාව අතිරහසිගත හා පෞද්ගලික වූ ක්‍රියාවකි. කොමිසන් පුටුව කොමිසන් ඇසීම සඳහා තැන්පත් කරන්නේ ද පල්ලියේ අයිනකය. ඒ හෙයින් පියතුමාගේ හා කොමිසම කරන්නාගේ හඬ කිසිවකු හට නෑසේ. එය ඒ තරමටම පෞද්ගලික දේව ක්‍රියාවකි.

කිතුනුකමේ ගැඹුර විදහා දැක්වීමට මේ වැනි ගාම්භීර භාණ්ඩ ද සභාව විසින් හඳුන්වා දී ඇත්තේ දේව තේජස ද විදහා දැක්වීමටය. මේ වන් පූජා භාණ්ඩ රැසක් ඕනෑම දෙව් මැඳුරක දේව සේවයට උපයෝගී කර ගනී. එය ආදියේ සිට පැවත එන සම්ප්‍රදායක් ද වේ.

කතෝලික සභාව තුළ මේ භාණ්ඩ ආශීර්වාදාත්මක භාණ්ඩය.

මේ පූජා භාණ්ඩ විශේෂයෙන්ම පරිහරණය කරනු ලබන්නේ පියතුමා ඇතුළු පූජා උදව් දරුවන් විසිනි.

ආසිරි පැන් ඉස බැතිමතුන් ආසිරි ගන්වන පැන් භාජනය, පියතුමා පමණක් පාවිච්චි කරනු ලබයි. ඒ අතර සීනුව, ආරක්ෂිත සත්ප්‍රසාද තැටිය, කුරුස සිරියස්, ඉටි පහන් කණු පූජා උදව් දරුවනගේ දෑතේ රැඳෙනා දේය.

දිව්‍ය පූජාව ඔප්පු කිරීම පිණිස පූජාසනය මත වැඩ රඳවන කාලිස් පාත්‍රය හා මිදි යුෂ කුසලානය පියතුමා විසින් දෙවිඳුනට ඔසවනා භාණ්ඩ අතර වේ.

දේව ස්තූතිය පිරිනමා දෙවිඳුන් හා ශුද්ධවරයන් නමදින ඉටි පහන ද දෙව්මැඳුරක ඕනෑම මොහොතක බැතිමතුනගේ පරිහරණයට තැබිය යුතුම තවත් පූජා භාණ්ඩයකි. ඕනෑම අයෙක් මෙම ඉටි පහන් තබා ඇති පෙට්ටියට මුදල් දමා ඉටි පහන් රැගෙන දෙව්මැඳුරේ යම් ආරක්ෂිත ස්ථානයක ඒවා දල්වා යැදීම පිණිස පහසුකම බැතිමතුනට සලසා දී ඇත. කතෝලික විශ්වාසයේ ගැඹුර දැල්වෙන ඉටි පහනේ දැල්ල තුළින් ද මනාව දැකිය හැකිය.

කතෝලික සභාව ගොඩනැඟෙන්නේ විශ්වාසය පෙරදැරිකොටගෙනය. එනම් ජේසු කල්වාරි ගමනින් පසුව තුන්වන දින උත්ථානවූ දිනයේ පටන්ය. කතෝලික සභාවේ ආරම්භය ජේසුගේ උත්ථානයය. කිතුනුවන්ගේ විශ්වාසය වසර දෙදහස් ගණනක් ගියද තවම නොනැසී පවතින්නේ මේ විශ්වාසය හේතුකොටගෙනය.

සීනු හඬ, ඉටිපහන් ආලෝකය, ගීතිකාව, යාඥාව, කතෝලික භාවයේ මහිමයය.

මේ අසිරිමත් කොටස් නොමැතිව කිතුනු කමක්ද නැත. එදා දෙව් මවුන් වන්දනාමාන සිදු කළේ හිස් පලඳනාවකින් හිස වසාගෙනය. එය ද කාන්තා පාර්ශ්වය විසින් පැලඳිය යුතු පූජා භාණ්ඩයක් බඳුය.

එහෙත් වත්මන් කාන්තා පරපුර මේ චාරිත්‍රයෙන් බැහැරව සිටිනා අන්දම දැකිය හැක. එහෙත් වැඩිහිටි කතුන් දෙව් මව් පිළිවෙත අනුගමනය කරනා අයුරු දෙව්මැඳුර තුළදී දකින්නට ලැබීම ද සතුටකි.

මේ වන් කුමක්හෝ පූජා භාණ්ඩයක් දිව්‍ය පූජාවට සහභාගි වන පිරිමි පාර්ශ්වයට ද යෝජනා කර පූජා වත්පිළිවෙතේ ගරු ගාම්භීර භාවය ඔප් නංවා ගැනීම සඳහා සභාව කටයුතු කළහොත් එයත් වටිනා පිළිවෙතක් වේ යැයි ලියුම්කරු සිතයි.

ලයනල් පී. පෙරේරා

දිවයින - ජුලි 31.


A day in the life

2024-07-31

ඉතා හොඳ දේ දරුවන්ටයි







ඉතා හොඳ දේ දරුවන්ටයි
දරුවන්ට පොල්වතුර බොන්න දෙන්න.
ඔවුන්ගේ ආහාරයට දිනපතා කොස් ඇට දෙකතුනක් උයා එකතු කරන්න
උණුකර නිවාගත් වතුර පානයට දෙන්න.
දහඩිය දැමීමට තරම් ක්‍රීඩා කිරීමට දෙන්න
සමවයස් කණ්ඩායම් සමග ක්‍රීඩා කිරීමට හැකිතරම් ඉඩ දෙන්න.
අන්‍යයන්ට උදව් කරන්න, අන්‍යයන් වෙනුවෙන් තමන්ට වැඩිපුර ඇති දේ පරිත්‍යාග කරන්න පුරුදු කරන්න.
සත්තුන්ට ආදරය කරන්න උගන්වන්න
දවසට එක ගහක නමක්, මලක්, ඵලයක් හඳුන්වා දෙන්න.
කතාන්තරයක් කියා දෙන්න
ගරුත්වය දීමට සහ ලැබීමට උගන්වන්න.
ආගමික හික්මීම කියා දෙන්න.
සංස්කෘතික ජීවියෙක් කරවන්න.
ඉතිහාසය, මව්බස සහ සාහිත්‍යයට ඇළුම් කරවන්න
.
සංගීතයට යොමු කරවන්න.
පිටි සහිත කෘතීම ආහාරයෙන් ඈත් කරවන්න.
සීමාසහිතව ඇඳුම් පැලඳුම්, පොතපත් උපකරන සෙල්ලම් බඩු ලබා දෙන්න.
ඇඳුම් පරණ වුවත් සෝදා පිරිසිදු කොට හිරවෙනතුරු හෝ ඉරෙන තුරු අන්දවන්න.
වැඩිමල් අය අයින් කරන ඇඳුම් සපත්තු බාලයන්ට අන්දවන්න.
සමගිය, බෙදාහදා ගැනීම උගන්වන්න.
රාත්‍රී අහස දරුවන් සමඟ දකිමින් සුන්දරත්වය විඳින්න.
පරිසරය විඳින චාරිකාවල යන්නපොදු ප්‍රවාහන ‍‍සේවයේ, නිදහස් සෞඛයේ සේවාවන් ඉඳහිට දරුවන් සමග ලැබගන්න.
වෙළඳ ‍‍පොළට,තැපැල් කන්තෝරුවට දරුවන් ගෙන යන්න.
මඟුල් වලට සේම මරණ ගෙවල්, බණ, දාන, ගෙවල් වලත් අසනීපව සිටින ඥාති හිතමිතුරු ගෙවල්වලත් ගෙනයන්න
රූපවාහිනී, පරිගණක හැකිතරම් ඈත් කරන්න.සාමාන්‍ය පෙළ වන තෙක් ජංගම දුරකථන නොදෙන්න.
තමන්ගේ ඇඳ හදාගන්න, සපත්තු සෝදාගන්න පවරන්න
බාල සහෝදරයන්ට උදව් කිරීම පවරන්න
මුදල් පරිහරණය සීමා කරන්න.
දකින දකින ඉල්ලන ඉල්ලන දේ ලබා නොදෙන්න.
ඉල්ලන දේ නොව, අවශ්‍ය දේ නොව, අත්‍යාවශ්‍ය දේ පමණක් ලබාදෙන්න.
අනාගත පරපුරට සම්පත් ඉතුරු කළයුතු බව කියා දෙන්න.
අපගේ උරුමයක් දෑසින් දකින්න රැගෙන යන්න. ඒ ගැන කියා දෙන්න.
හැකිතරම් ස්වාධීනව ඔහුගේ එදිනෙදා කටයුතු කරගැනීමට පුරුදු කරන්න
‍හොඳින් නරක් වෙන්කර ගැනීමට ඔහුට හැකිවන් තෙක් ඔහුට මග පෙන්වන්න
ඔබගේ වටිනාම සම්පතට වටිනාකමක් ලැබෙන සේ ජීවිතය කියා දෙන්න
උපුටා ගැනීමකි
A day in the life