පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-07-24

සැතපෙන කුටියේ පොකුණ.









ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සැතපෙන කුටියේ පොකුණ.

මේ තියෙන්නේ මොකක්ද කියලා ඔබ දැන් බලාවි.මෙය තියෙන්නෙත් දළදා මාලිගා භුමියේමයි. හැබැයි මෙය වන්දනාවේ යන කාගේවත් ඇස ගැටෙන්නේ නැහැ. මේ පොකුණක්. නිකම්ම පොකුණක් නොව රාජකීය පොකුණක්.
දැන් මෙය දළදා මාලිගා භුමියේ තිබෙනවා වගේ අපිට පෙනුනට රජසමයේ මේ භූමිය රජ මාලිගාවේ පරිශ්‍රය.

දළදා මාලිගාවට ගියාම රාජා ඇතා ගේ අනුරුව තියෙන කෞතුකාගාරයට ආසන්නව තියෙන රජ මාලිගාව ඔබ දන්නවා.ඒ අපිට දකින්න ලැබෙන්නේ අවසන් රජතුමා වු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ මාලිගාව වුණාට මහනුවර සිටි බොහෝ අපි දන්නා නොදන්නා රජවරුන්ගේ මාලිගාව තිබිලා තියෙන්නේ ඒ ස්ථානයේම තමයි.
දළදා මාලිගාව කියන්නේ රජතුමාගේ බුදුමැදුර. එය ඉස්සර තිබු⁣ණේ දළදා වහන්සේ වැඩසිටින කුටිය පමණයි. පස්සේ තමයි එක එක කොටස් එකතු වෙන්නේ.

ඉතින් දළදා මාලිගාවත් රජ මාලිගාවේම කොටසක්.1815 මහනුවර නගර සැලැස්ම බලනවිට රජ මාලිගාව යනු ගොඩනැගිලි සංකීර්ණයක්. රජතුමාගේ මාලිගාව වෙනම, රජතුමා සැතපෙන කුටිය වෙනම, එතුමා බෙහෙත් ගන්න.කුටිය වෙනම, සළු පළඳින කුටිය වෙනම. එහෙම තමයි මේ සියල්ල තිබිලා තියෙන්නේ. ඒ දැන් දකින රජ මාලිගාව පිටිපස්සට වෙන්න තමයි සියල්ල තිබිලා තියෙන්නෙ.

ඒ වගේම රජතුමා හමුවෙන්න එන රටවැසියා බොහෝම දුර ඉඳලා ආවම මහන්සිනේ.. ඒ නිසා ඒ අයට ගිමන් හැරලා රජතුමා හමුවෙනතුරු රැඳී ඉන්න රජ මාලිගාව අසලම මඩුවක් තිබුණා ඒකට කියන්නේ වෛසෙලියේ මඩුව කියලා. ඒ වගේම ඒ අසලම ළිඳක් තිබුණා. ඒ ළිඳට කියන්නේ වෛසේලියේ ළිඳ කියලා. මේ ළිඳ තවමත් රජමාලිගාව අසලම තියෙනවා. හැබැයි ඒක උඩින් වහලා තියෙන්නේ.

ඉතින් මේ සමග ඇති පොකුණ තියෙන්නේ මගුල් මඩුව පිටිපස්සේ. ඒ කියන්නෙ වර්තමානයේ රන් ආයුධ මණ්ඩපය අසල ඒ ඉදිරියේ තමයි මේ පොකුණ තියෙන්නේ. ඒ නිසා ඒ ප්‍රදේශයට වැඩි දෙනෙක් නොයන නිසා මේ පොකුණ ඇස නොගැටෙන්න පුළුවන්. ඔබ මගුල් මඩුව පිටිපස්සෙන් ජාත්‍යන්තර කෞතුකාගාරයට පිවිසෙනවානම් ඉන් වම් පැත්තට ගියාම රන් ආයුධ මණ්ඩපය ඉදිරිපිට මේ පොකුණ දැකගන්න පුළුවන්.

ඉතින් මේ පොකුණ අසලම තමයි රජතුමාගේ සැතපෙන ගේ තිබුණේ. සැතපෙන ගේ එක්කම තමයි රජතුමාගෙ සළු කුටිය තිබු⁣ණේ. ඒ කියන්නේ රජතුමා ඇදුම් අඳින තැන. ඒ කිට්ටුවම තමයි රජතුමාට ශාන්ති කර්ම කරපු ශාන්ති මණඩපය තිබුණේ..
ඉතින් මේ පොකුණ අද මෙහෙම තිබුණාට මෙය රජතුමා පාවිච්චි කරපු පොකුණක්. රජ තුමාගේ සැතපෙන කුටිය ඇතුලේම සිහිල ගේන්න මේ පොකුණ තිබුණා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සැතපෙන කුටිය ඉදිරිපිට මෙය තියෙන්නත් ඇති.ඒ කොහොම වුණත් රජතුමා මෙය පාවිච්චි කරපු පොකුණක්.

ඒ මාලිගාවට ගියාම වැඳල පුදලා දුවල එන්නේ නැතිව ඔය වගේ පෞරාණික දේවල් ගැනත් අවධානය යොමුකරලා බලලා එන්න


වජිර උඩුනුවර

උපුටා පළකිරීමකි..
ස්තූතිය. ලිපිය සහ ජායාරූප මුල් හිමිකරුට
මනුසත් හෙළ දෙරණේ පුනරාගමනය Manushath Hela Derane Punaragamanaya
A day in the life

2024-07-23

දෙමෝදර රේල් පාලම





9 Arch හෙවත් දෙමෝදර රේල් පාලමේ ඔබ කිසි දිනක නොඇසූ සත්‍ය ඉතිහාස කතාව මෙන්න..
1885 වසරේ ප්‍රංශයේ Marseille හිදී Alphonse Laurent උපත ලබනවා. කුඩා කාලයේ සිටම වාස්තු ක්‍රමවේදයන් සහ ඉදිකිරීම් කෙරෙහි කෙරෙහි ආසාවකින් සිටි අල්​පොන්සු ඒ පිළිබඳව ඉහළටම ඉගෙනීමට තීරණය කරනවා..
වැඩිවියට පත්වෙද්දී ඔහු ප්‍රංශයේ ඉදිකිරීම් පිළිබඳව හැදෑරීමෙන් අනතුරුව ප්‍රංශයේ නොමැති ​එහෙත් ඊටත් වඩා වෙනස් ක්‍රමවේදයන් පිළිබඳව ඉගෙනීමට කැමැත්තක් දක්වනවා. ඒ අනුව ඔහුගේ අවධානය යොමුවන්නේ ආසියාව කෙරෙහි.. ඒ වෙද්දී බ්‍රිතාන්‍යයේ පාලනය යටතේ තිබුණු ආසියානු කලාපයට මේ අල්පොන්සෝ සිය හැකියාවන් දියුණු කරගැනීමටත් වෙනස් අත්දැකීමක් ලබාගැනීමටත් පැමි​ණෙනවා..



මේ පැමිණීමේ දී ඔහුගේ අවධානය යොමු වන්නේ එකළ සිලෝන් ලෙසින් නම් කර තිබූ ශ්‍රී ලංකාවටයි. ඒකට හේතුව වුණේ කළු ගල් කපා කළ ඒ මහ නිර්මාණයන්ය. අඟලක බැස්මක් තිබූ ඇල මාර්ගයන්ය..
බ්‍රිතාන්‍යයන් උඩරට කලාපයට පහසුවෙන් ගමන් කිරීමට දුම්රිය මාර්ගයන් ඉදි කරමින් සිටි නමුත් ඔවුන්ට දෙමෝදර, ඇල්ල අතර ප්‍රදේශයේ තිබූ දැඩි ප්‍රපාතය සහ අභියෝගාත්මක භූගෝලීය පිහිටීම හමුවේ පාලමක් නිර්මාණය කිරීම තරමක අපහසු කටයුත්තක් වූ බව සඳහන් වෙනවා.
අල්පොන්සුගේ අවධානයත් මේ දුම්රිය මාර්ගය නිර්මාණය කිරීම කෙරෙහි ඒ වෙද්දී යොමුවෙලා තිබුණේ.. ප්‍රංශ සිසුවෙකු වීම නිසා බ්‍රිතාන්‍යයන්ගෙන් බාධාවක් නොමැතිව වැඩබිම් බැලීමටත් අල්පොන්සුට අවස්ථාව උදාවී තිබුණා..
දෙමෝදර සහ ඇල්ල මාර්ගය අතර පාලම නිර්මාණය කිරීම අභියෝගයක් වී ඉංග්‍රීසි ඉදිකිරීම්කරුවන් අභියෝගයකට මුහුණ දී සිටින විටත් ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටිම පිළිබඳව දැඩිව අධ්‍යයනයක නිරත වෙලා හිටපු අල්පොන්සු මේ සඳහා සිය දායකත්වය ලබාදෙන්න තීරණය කරනවා.



බ්‍රිතාන්‍යයෙන් කෙතරම් කෙළින් පාලම් සදා නිර්මාණය කළත් නැම්මක් සහිත පාලමක් ඉදිකිරීම ඔවුන්ට දැඩි අභියෝගයක් වුණා. මොකද භූමියේ පිහිටීම පාලමක් නිර්මාණය කිරීමට තරම් සුදුසු එකක් ලෙස ඔවුන් දුටුවේ නැහැ. අනික විදේශීයෙන් මෙය නිර්මාණය කිරීමට උපකරණ ගෙන ඒමටත් බ්‍රිතාන්‍යයන්ට හැකියාවක් තිබුණේ නැහැ.
නමුත් ශ්‍රී ලංකාවේ කළුගල් කපා භූමි දෝෂ මඟ හැරවාගෙන ඉදිකිරීම් කළ හැටි අල්පොන්සෝ දැන සිටි අතර ඔහුට ඒ පිළිබඳව ඉංග්‍රීසින්ට වඩා ඉහළ දැනුමක් තිබුණා.
අල්පොන්සෝ විසින් වහාම පාලම නිර්මාණය කරන ප්‍රදේශය පරික්ෂා කොට සැලැස්මක් සදා ඉංග්‍රීසින් අතට පත් කළා.. මවිතයට පත්වූ ඉංග්‍රීසින් වහාම පාලම හදන කටයුත්ත අල්පොන්සෝගේ මඟ පෙන්වීම යටතේ ආරම්භ කළා..
ප්‍රධාන ඉංජිනේරුවරයා වූ අල්පොන්සෝ එවකට පාලමේ වැඩවල නිරතව සිටි සිංහලයන් සමඟ සමීප සම්බන්ධතාවයක් ගොඩ නඟා ගත්ත බවයි වාර්තාවල සඳහන් වන්නේ. ඒ නිසාම මේ පාලම මෙලෙස නිර්මාණය කිරීමටත් පහසු වී තිබුණා.
අල්පොන්සෝ නම උච්චාරණය එවකට සිංහලයන්ට තරමක් සමීප නොවන ගතියක් තිබුණු නිසා ඔහුට අප්පු කියන්නත් ගෞරවයක් එකතු කිරීම සඳහා හාමි ලෙසත් පැවසූ බව සඳහන්.. ඒ අනුව ඔහු අල්පොන්සෝ නමට වඩා අප්පු+හාමි හෙවත් අප්පුහාමි නමින් නම් වූ බව සඳහන්.
1921 වසර වෙද්දී අඩි 300ක නැවුමක් සහිතව අඩි 100ක උසින් යුතු 9 Arch හෙවත් දෙමෝදර ආරක්කු පාලම ඉදිවන්නේ මෙරට ඉතිහාසයේ අතිවිශිෂ්ඨතම ඉදිකිරීමක් ලෝකයාට දායක කරමින්.
අල්පොන්සෝ හෙවත් අප්පුහාමි සිංහලයන් සමඟ දැඩි සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය නිසා ඔහු අවසානයේ ශ්‍රී ලංකාවේම ජීවත් වෙන්න තීරණය කළ අතර මෙරට ඉදිකිරීම් රැසකටම අප්‍රසිද්ධියේ උදව් උපකාර කළ බව සඳහන් වෙනවා.
තමන්ව මෙරට ඉතිහාසයේ කටකතා අතර පමණක් තබමින්, අවසානයේ ඔහු 1957 වසරේ දී වයස අවුරුදු 72ක් පමණ විට ජීවිතයෙන් සමුගෙන ගිය බව සඳහන් වෙනවා.



මේ ඉහළ තියෙන්නේ අල්පොන්සෝ හෙවත් අප්පුහාමිගේ ඡායාරූපයක්, එවකට තිබූ දැඩි කාෂ්ටක අව්වට ඔහුගේ සුදුහම අවර්ණ වී තිබුණේ ඔහුත් ශ්‍රී ලාංකිකයෙකු ලෙසටම පරිවර්තනය වූ ආකාරය පෙන්වන්න.

හරිනේ දැන් ඔන්න අප්පු තමා පාලම හැදුවේ, ප්‍රශ්නය ඉවරයිනේ.

Ceylon Government Railway Magazine
#සංජේ
#sarcasmquote


මේ තවත් කතාවක් සුජීව ප්‍රේමරත්න මෙටාවට වියමන් කරලා තිබුුනා. කරුණු සෙයන්නත් හදාරන්නත් පලකරනවා.

අප්පුහාමි නිසා දෙමෝදර ස්ටේෂන් මාස්ටර් වෙලා හිටි මිත්‍රයා Nawin Chinthana Wimalsiri ඉන්ටඩික් වෙන්නත් ඉඩ තිබිලා

මේ නවීන් කියපු කතාව
"Harold Marwood තමයි ninearches හදද්දී හිටපු engineer. එයාගෙ report එකේ තියෙනවා labourer supply කරේ local contractor කෙනෙක් කියල. අනිවාර්යයෙන්ම අප්පුහාමි කියන්නෙ ඔය contractor වෙන්න ඕන.
මම 2014 Demodara station එකේ වැඩ බාර ගනිද්දී අප්පුහාමිගෙ photo එකක් station එකේ එල්ලලා තිබුනා. හරි විස්තර දන්න නිසා ඒක ගලවල දැම්මා.
පස්සේ අප්පුහාමි මුණුබුරාද කොහෙද ඒක complain කරල ප්‍රාලේ උපදෙස් මත ග්‍රාම නිලධාරී ඇවිල්ලා පරීක්ෂණයකට.
තව ටිකෙන් inquiry එකකුත් සෙට් වෙනවා. Harold Marwood ගෙ report එක පෙන්නුවම තමයි වැඩේ shape උනේ


A day in the life