පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-06-22

තණ්ඩලේ .




දුම්රිය සේවය ආරම්භ ​වෙන තුරු ලංකාවේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වූයේ කරත්තයයි. අනුරාධපුර කාලයේ සිටම ගැල් භාවිතා විය. ගැල් යාම අසීරු ඉතා පටු දුෂ්කර මාර්ගවල භාණ්ඩ ප්‍රවාහනය කළේ තවලම් මගිනි. අදත් දුෂ්කර ගම්මානවල තවම මේ තවලම් දැකිය හැක. තවලම් නිසා ඇති වූ ස්ථාන නාම ද ග්‍රාම නාම ද වෙයි. තනි ගොනා බැඳි කරත්තය. ‘බර බාගේ’ නම් විය. ගොන් දෙන්නා බැඳි කරත්තය. ‘බර කරත්තය’ නම් විය. සමහර විට ගවයන් වෙහෙසට පත්වෙන විට මාරු කිරීම සඳහා අතිරේක ගවයකු ගැල පිටුපස බැඳගෙන යාම අද ද සිදුවෙයි.
ඉංග්‍රීසි යුගයේ කෝපි වගාව සමඟ උඩරට සිට කොළඹට කෝපි ප්‍රවාහනය කළේ ගැල් මගිනි. අද ලොරි රථ හිමියකුට ඇති කීර්තිය එද‌ා ගැල් සමූහයක හිමිකරුට විය. ගැල් සමූහයක් රාත්‍රී නවාතැන් ගත්තේ ‘ගාල්’ වලය. ඒ සඳහා සුළු මුදලක් ගෙවිය යුතු විය. ගාලට භාරකරුවකු විය.
ගැල් ප්‍රවාහනයේදී ‘තණ්ඩලේ’ එහිදී යෙදෙන එක් වදනකි. ගැල් කවි වලද ‘තණ්ඩලේ දෙන්නා දෙපොළේ දක්කනවා’ යනුවෙන් එයි. මෙහි අර්ථය කුමක් ද? බර කරත්තයේ බර අධිකවීම කඳුකර පාරවල ගවයන් දෙදෙනාට ගැල ඇදීම අසීරු වෙයි. එවිට ගැලට ඉදිරියෙන් තවත් ලීයක් බැඳ අතිරේක ගවයන් දෙදෙනෙකු යෙදීම සිදුවිය. එවිට දෙදෙනා බැගින් ගවයන් හතර දෙනෙක් ගැල ඇදීම කළ අතර ගැල ඉදිරියේ ගැල්කරුවන් දෙදෙනෙකු ඉඳගෙන හරකුන් දැක්කීම සිදුවිය. තණ්ඩලේ යනු එයයි. බදුල්ල මහියංගණ පාරේ යන දර කරත්තවල අදත් ගවයන් දෙදෙනාට අමතරව තවත් එක් ගවයකු ඉදිරියෙන් බැඳ දැක්කීම තාම සිදුවෙයි. මේ අනුව ගවයන් තිදෙනෙකු බැඳ අදත් භාවිත ​වෙන දර කරත්ත තණ්ඩලේ ලෙස සැලකිය හැක.
මෙයට අමතරව එකවර එක ළඟ ගමන් කරන ගැල් සමූහයක ඉදිරියෙන්ම යමින් ගැල් මෙහෙයවන පළපුරුදු නායකයා ද තණ්ඩලේ යන නමින් හැඳින්වෙයි.
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
එස්.කේ. ජයවර්ධන


උපුටා ගැනීම 'ලංකාදීප' වෙබ් අඩවියෙන්

******පාරු රැසක නායක පාරුකරුවා තන්ඩලේ නමින් හැදුන්වුවා. කළු ගග දිගේ ඇති තොටුපල වල එකල එගොඩ මොගොඩ යාමට පාරු සහ පාලම් පාරු තිබුන ස්ථාන තිබුනා. මේ තැන්වල සිටි පාරු පදින්නන් අතර තන්ඩලේ කෙනෙක් හිටියා. මට මතක එක් ස්ථානයක් තමයි රත්නපුර - පානදුර මාර්ගයේ පිහිටි දුම්බර. (ඉංගිරියට ආසන්න ) දුම්බර සහ එගොඩ පිහිටි වතුයාය සම්බන්ධ වෙලා තිබුනෙ කළු ගගේ තොටුපලකින්. මෙතන මගී පාරු කිහිපයක් සහ පාලම් පාරුවක් තිබුනා. එහි තන්ඩලේ කෙනෙක් හිටියා.



A day in the life

2024-06-21

හාගල කන්දට වෙව්ච දෙයක්.


 






 

1948 -1960 වගේ කාලේ අපෙ ගමෙ තිබුනා රජ‌යේ බෙහෙත් ශාලාවක්. ඒ කාලේ කාර්ය භාර වෛද්‍යවරයාට කිව්වේ ඇපෝතිකරි මහත්තයා කියලා . ආරච්චි මහත්තයා , විදානේ මහත්තයා , ස්කෝලේ මහත්තයා මැම්බර් මහත්තයා ,ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ හැරුනම ඇපෝතිකරි මහත්තයා ගමේ ප්‍රභු චරිතයක්.
අපි වගේ නාහෙට නාහන වයසේ එවුවන්ට නම් ඇපෝතිකරි මහත්තයා ඇරුනම සෙසු චරිත අප්‍රසනන්න චරිත.
ඇපෝතිකරි මහත්තයා කාටත් ගරු සරු ඇතිව දොස්තරමහත්තයා වුනා.
මම දන්න කාලේ ප්‍රනාන්දු මහත්තයා , සිල්වා මහත්තයා , රූපසිංහ වගේ මහත්වරුත් සමග යාපනයේ සම්බවය ඇති වේල් මුරුගු , මූර්ති වගේ සිංහල හරියට කතා කරන්න බැරි මහත්තුරුත් හිටියා.මේ වෛද්‍ය කාර්මණ්ඩලයට ඖෂධ සංයෝජක වරයෙක් සහ තවත් එක් කම්කරුවෙක් අයත්ව සිටියා.
ඒ කාලේ බෙහෙත් පෙති තිබුනේ නැහැ. බෙහෙත් දෙන ස්ථානයේ ලොකු රාක්ක වල ලොකු බෝතල් වල පුරාවපු එක එක පාට බෙහෙත් දියර වර්ග පේලියට තියලා තිබුනා. මේබොතලයක් දැන් කියන විදියටට නම් ලීටර් පහක් විතර අසුුරන්න පුළුවන්. මේ බෝතල් වලින් නියමිත මාත්‍රාව බැගින් අරගෙන කලවම් කරලා අපි ගෙනියන බෝතලවලට දාලා දෙන එක තමයි ඖෂධ සංයෝජක මහත්තයාගේ රාජකාරිය.
ඉතින් ......මේ ඖෂධ සංයෝජක මහත්තයා ඒ කාලේ හැදුන්වුනේ “ කංකානම් මහත්තයා “ කියලා.
මෙච්චර වැල් වටාරම් ගොඩක් කියලා කියන්න හදන්නේ අදාලම නැති කතාවක්.
මම කියුවනේ වේල්මුරුගු කියලා යාපනේ මහත්තෙක් ගැන. ඒ මහත්තයාගේ කාලේ වැඩ කරපු ජිනදාස කංකානම් මහත්තයා හරි විහිළු කාරයා. යාපනේ ඉදන් ආපු වේල් මුරුගු මහත්තයාට අපේ ගම සොබාව සෞන්දර්ය මවිතයකට කාරනයක් කදු වට කරලා හැම පැත්තෙන්ම දිය දහරවල්. සෞම්‍ය දේශගුණය.
රෝහල් ගොඩනැගිල්ල තිබුනේ තරමක් උස් බිමක ( දැන්නම් මෙතන සංචාරක නිවහනක් ).රෝහල් බිමේ ඉදන් බලපුවම අවට සෞන්දර්ය ලස්සනට පේනවා.
දවසක වෙල්මුුරුගු මහත්තයා ජිනදාස කංකානම් මහත්තයා ගෙන් අහනවා
“චිනතාස , අර බේන ගන්ද මොකාක්ද ?.“
කියලා
ජිනදාස කියනවා.
ඕක තමයි “ පෙත්ත --න කන්ද “
කියලා.
දැන් වේල්මුරුගු මහත්තයා  කන්දේ නම ට  භාවිතා කරන්නේ  ජිනදාස කියලා දුන්න නම.
කාලයක් ගිහිල්ලා කන්ද නගින්න ආශාවක් ඇතිවෙලා කිහිපදෙනෙක් එක්ක කතා කරන කොට තමයි ජිනදාස දුන්න ලනුව තේරුනේ.....
කන්දේ නම “ හාගල “ කියලා.



 

.




A day in the life