පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-06-18

මහනුවර ඔරලෝසු කණුව





මහනුවර නගරයට නිතරම යන එන කෙනෙක් විදියට නිතරම ඇස ගැටෙන දෙයක් තමයි මේ මහනුවර ඔරලෝසු කණුව කියලා කියන්නේ . ඇත්තටම මේ ඔරලෝසු කණුවට මෙහෙම ඉතිහාස කතාවක් තියෙනවා කියලා මම දැනගෙන හිටියේ නැහැ .
ඒවගේම තමයි මේ ඔරලෝසු කනුවට මෙහෙම ඉතිහාස කතාවක් තියෙනවා කියලා සමහරවිට නුවර මාකට් ස්ටෑන්ඩ් එකේ ඉඳලා දිනපතාම බස් වලට නගින බහින අයවත් දන්නේ නැතුව ඇති . වෙලාව බැලුවේ නැතත් සමහරුන්ට මේ කුළුණ ඇස ගැටිලා ඇති . මෙන්න මේක තමයි මේ කතාවේ ඉතිහාස කතාව වෙන්නේ .

හාජි මොහොමඩ් ස්මයිල් කියලා මහනුවර හිටපු ව්‍යාපාරිකයෙක් තමයි මේ ඔරලෝසු කණුව නිර්මාණය කරවලා තියෙන්නේ . ඒ තමන්ගේ මියගිය පුතාව සිහිපත් වෙන්න .
1947 අගෝස්තු මාසයේ 14 වෙනිදා මහනුවර කඩුගන්නාව මාර්ගයේ වාහනයක ගමන් කරපු මොහොමඩ් සාකි ස්මයිල් කියන මේ ව්‍යාපාරිකයාගේ පුත්‍රයා ගමන් කරපු වාහනය යට වෙන්න තරම් ලොකු පස් කන්දක් කඩාගෙන වැටිලා තියෙනවා . ඒ නිසා ඒ වාහනයේ ගමන් කරපු හතරදෙනාම දෙනාම මිය ගියා .

මේ නිසා මේ ව්‍යාපාරිකයා ලොකු හිතේ අමාරුවකින් තමයි ජීවත් වෙලා තියෙන්නේ තමන්ගේ පුතා මිය යාම හේතුවෙන් . පස්සේ පුතාව මතක් වෙන්න තරමක් ලොකු දෙයක් කරන්න ඕන කියලා කල්පනා කරනකොට තමයි මතක් වෙලා තියෙන්නේ මහනුවර නගරයට හෝරා ස්ථම්භයක් නැහැ කියල . පස්සේ මහනුවර නගරසභාවට අයත් බිම් කඩක මේ ඔරලෝසු කණුව නිර්මාණය කරලා තියෙනවා'

ඔරලෝසු කණුව මහනුවර නගරයේ තියෙන සාම්ප්‍රදායික නිර්මාණවලට ගැළපෙන විදියට ඒ සැලසුම් ක්‍රම උපයෝගී කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ . මේ නිර්මාණයට වාස්තු නිර්මාණ කටයුතු කරලා තියෙන්නේ ෂර්ලිද අල්විස් මහතා .
950 දෙසැම්බර් 23 තමයි මේ ඔරලෝසු කණුව විවෘත කරලා තියෙන්නේ . මේ ඔරලෝසු කණුව විවෘත කරලා තියෙන්නේ D S සේනානායක මහතා සහ බණ්ඩාරනායක මහත්මයා කියන අයගේ ප්‍රධානත්වයෙන් .
අදත් මේ ඔරලෝසු කණුව ඒ පියාගේ දරුදුක සඟවාගෙන මහනුවරටම වෙලාව කියමින් නගරයේ ප්‍රධාන අංගයක් විදියට පවතිනවා .
ඔරලෝසු කණුවේ මෙන්න මෙහෙම සටහනක් තියෙනවා සමරු ඵලකයේ .


THIS CLOCK TOWER IS THE GIFT O
F HAJI MOHAMED ISMAIL
TO THE TOWN OF KANDY IN
MEMORY OF HIS BELOVED SON
MOHAMED ZACKY ISMAIL
WHO LOST HIS LIFE
AT KADUGANNAWA
ON 14th AUGUST 1947



උපුටාගැනීමකි
ස්තූතිය
ලිපිය සහ ජායාරූප මුල් හිමිකරුට

A day in the life

2024-06-17

ආර්නස්ටෝ ගෙවාරා ද ලා සර්නා









 


 


"ඔවුන් අප පස් වලට යට කර විනාශ කර දැමීමට උත්සාහ කළේ අප හොඳින් පැළවෙන බීජ බව නොදැන ය."
( මෙක්සිකන් කියමනක්.)

ආර්නස්ටෝ පවුල රියො නගරයට පැමිණ ටික කාලයකින් ඔවුන්ට දාව පිරිමි දරුවෙක් උපත ලැබුවා. 1928 ජුනි 14 අදවගේ දවසක උපන්න ඒ දරුවට ආර්නස්ටෝ ගෙවාරා ද ලා සර්නා කියන නම තැබුවා. නමුත් මව්පියන් කතා කලේ " ටෙටෙ " කියන සුරතල් නමින් . ඒත් තරුණයෙකු වූ පසුව ටෙටෙ ට එයාගේ යාලුවො කතා කලේ
" චේ" යන නමින්. චේ යන වචනයට තේරුම් ගොඩක් තියෙනවා . සතුට, විශ්මය,මෘදු බව යන දෑ . මම හිතන්නෙ චේ කියන්නෙ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම චේ කෙනෙක්.චේ එන්න එන්න වැඩි වියට පත් උනා සමාජයේ ඇත්ත ඇති සැටියෙන් දකින්න පටන් ගත්තා .ඒ වගේම ඔහු වෘත්තියමය වශයෙන් වෛද්‍යවරයෙක් .

මේ අතර කාලයේ චේට රාවුල් කැස්ත්‍රෝ ( ෆිදෙල් කැස්ත්‍රෝ ගේ සහොදරයා ) හමුවෙනවා. කුඩා කල අම්මා කියාදුන් කතන්දර වල සිටි වීරයින් චේට සිහි වෙනවා. දැන් චේට තදින්ම වුවමනා වුනා පිදෙල් නැමති කියුබානු වීරයා මුණ ගැහෙන්න . මේ බලාපොරොත්තුවෙන් ඉදපු දවස උදාවුනා. ඔහු ඉතාම අගය කල වීරයා වූ ෆිදෙල් කස්ත්‍රො චේට මුණගැහෙනවා. ඔහු චේට පළමුවෙන්ම කිව්වෙ " මම සටන් කරන්නෙ මගේ රටේ දුප්පතුන් සූරා කන දනේශ්වර ක්‍රමය පරදවා නිදහස ලබාගන්න".

ආර්ජන්ටිනාවේ වගේම කියුබාවේත් මිනිස්සු දුක් වින්දා . දරිද්‍රතාවය නිසා අහිංසක දරුවන්ට පාසල් යන්න හැකියාවක් තිබුනේ නැ.පාසල් යා යුතු වයසේ පුංචි ළමුන් කුසගින්නෙ මිය ගියා.
චේ හැමදාමත් පුංචි ළමයින්ට ඉතාමත් ආදරෙයි . දුප්පත්කම නිසා වැඩිපුරම පීඩාවට පත් වන්නෙ පුංචි දරුවො.
ඒ වගේම චේ කිව්වා " මම කැමති ඔබේ රට සතුරන්ගෙන් නිදහස් කරගැනීමේ සටනට එකතු වන්න . වෛද්‍යවරයෙක් ලෙස මම ඔබට මගේ සේවාව ලබා දෙන්නම්." ෆිදෙල් ඉතාමත් කැමත්තෙන් චේ තම හමුදාවට බදව ගත්තා .
1959 ජනවාරි 8 වෙනිදා ඔවුන් කියුබානු නිදහස් විප්ලවය ජයග්‍රහණය කලා. මේ පිට රටකින් පැමිනි වීරයා ගැන මහත් ආඩම්බරයෙන් කියුබානු වැසියන් කතා කලා. "චේට අපි කෘත ගුණ දක්වන්න ඕනෑ.

එතැන් සිට චේ කියුබානු නිදහස් සටනට කල දායකත්වය නිසා කියුබානු පුරවැසිභාවය වගේම කර්මාන්ත ඇමති දූරයද පිරිනැමුවා. ඇමති වරයෙක් වීමෙන් අනතුරුවත් ඔහු තුල තිබුනු නිරහංකාර ගති ගුණ අඩු වුනෙ නම් නෑ කියුබාවේ විශාල උක් වතු තිබෙනවා. දහස් ගානක් කම්කරුවන් සමග ඔහු උක් ගස් කැපුවා. චේ බලාපොරොත්තු වුනෙ එකම එක දෙයයි" කවදා හෝ දුප්පත් මිනිසුන් ඔවුන්ගේ දුප්පත්කම පරාජය කරාවි. ඔවුන්ගේ දරුවො සුන්දර ලෝකයක් වෙනුවෙන් ඉගෙන ගනීවී.යනුවෙන් .

කියුබානූ නිදහස් සටන ජයග්‍රහණය කල පසු ඔහු බොලිවියාවට පැමිණියා. නමුත් කියුබාවේදි මෙන් බොලිවියානු නිදහස් සටන ජයග්‍රහණය කරන්න බැරි උනා. සතුරන් අතට පත් උනා.
" මං දන්නවා උබලා මට වෙඩි තියන බව . මා කිසි දිනෙක පණපිටින් ගන්න බැහැ. ෆිදෙල්ට කියන්න මේ පරාජය විප්ලවයේ අවසානයක් නොවන බවට. එය කොතනක හෝ ජය ලබාවී."
චේ මිය ගිය පසු අපූරු සිදුවීමක් සිදු වුනා.තමා බලන්නට එන අය දෙස බලා සිටිනවා සේ චේ මිය ගිය පසුවත් දෑස් විවරව තිබුනා.බොලිවියාවේ කදුකර වැසියො මෙය දැක" මේ නම් සාමාන්‍ය මිනිහෙක් නෙවෙයි . ඔවුන් මරා දමා ඇත්තේ අප ගලවා ගැනීමට පැමිනි සාන්තුවරයෙක්. එදා සිට අද දක්වාම බොලිවියානු කදුකරවාසි ජනතාව චේ " ශාන්ත ආර්නස්ටො යන නමින් වන්දනාමාන කරනවා.

චේ මිය ගිය පුවත ෆිදෙල් ඇතුලු කියුබානු ජනතාවට ආරංචී වීමත් සමග මුලු කියුබාවම ශෝක ගින්නෙන් දැවී ගියා. ඔහු වෙනුවෙන් අවසන් වශයෙන් කියුබානු රජය විසින් මාසයක ශෝක කාලයක් නම් කරනු ලැබුවා.

කාලය ගෙවි ගියා. චේ සමග සෙල්ලම් කල ගී ගැයු මිතුරන් දැන් වියපත් වෙලා. කියුබානු නිදහස් සටනට පන පෙවු කියුබානු මිතුරන් ක්‍රමයෙන් වියපත් වෙලා.කියුබාව දැන් දියුනු රටක් ඉස්සර වගේ දුප්පත් කම නිසා පාසල් නොයන දරුවන් නෑ.
චේ ගේ මරනෙන් වසර තිහකට පසු අපූරු පුවතක් මුලු ලොවක් මවිත කරන්න උනා. ඒ චේ මිය ගිය ස්ථානය ලෙස 1997 ජුනි මාසයේ බොලිවියාවේ ගොවිපලක චේගේ ඇටසැකිල්ල සොයාගැනීමට හැකිවුණා .

මුලු ලොවක් ආදරය කල ආදරනීය වෛද්‍යවරයා , විප්ලවවාදියා, මානව හිතවාදියා ගැන පොත් ලියැවුනා. චිත්‍රපට බිහිවුණා. ලෝකයේ අංක එකෙ බ්‍රෑන්ඩ් එක වෙන්න චේට පුලුවන් උනා. අදටත් කියුබානු තරුණයින්ගේ පරමාදර්ශී චරිතය චේ.
කියුබානු නිදහස් සටනේ පියා වන ජොසේ මාටි ගේ නමින් තිබෙන නිදහස් චතුරස්‍රයේ චේගේ භශ්මාව ශේශ තැන්පත් කරනු ලැබුවා. මල් පොකුරු රැගෙන පැමිනි කියුබානු මව්වරු තම දරුවන්ට චේ ගැන කියා දුන්නා 
.
කියුබානු නිදහස් සටන ජයග්‍රහණය කෙලවර කල ශාන්ත ක්ලාරා නුවර පිහිටුවා තිබෙන චේගෙ විශාල ප්‍රමාණයේ පිළිරුව අසල භශ්මාවශේශ තැන්පත් කලා. ඒ අවස්තාවේ දී තමන්ගේ විප්ලවීය සගයා වූ චේ ගැන ෆිදෙල් මෙසෙ පැවසුවා .

" අපගේ විප්ලකාරී සටන්කාමින් , අපගේ මිනිසුන් අනාගත පරපුර කවුරුන් විය යුතු දැයි කීමට අප අදහස් කරන්නෙ නම් නොපැකිලිව කිව යුත්තේ චේ වගේ වන්න කියායි."
කියුබාවේ පුංචි ලමයින්ට චේ නැමැති වීරයා ගැන කියා දීමට කියුබාවේ ගුරුවරු අමතක නොකරති. කියුබාවේ ළමයින් පවසන්නෙ " අපි ලොකු උනාම චේ වගේ වෙනවා " කියාය .

ලෝකය වඩා යහපත් තැනක් කරන්නට උත්සාහ කල මිනිස්සුන්ගේ ජීවිත සෑම විටෙකම කැපවීම , පරිත්‍යාගය හා අවංකත්වය යන උතුම් මනුශ්‍ය ගුණාංග වලින් ඔපවී තිබේ.
දරුවන්ට අවබෝධ කර දිය යුත්තේ මෙම උතුම් ගුණාංගයන්‍ ය. සෑම දරුවෙකුටම එක හා සමාන ලෙස ජිවත් විය හැකි යහපත් ලෝකයක් ගොඩනැගීම අරමුනු කරගත් චේ අද කියුබානු ළමයින්ගේ පරමාදර්ශයයි . ඒ කියුබාවේ ළමුන්ගේ අනාගතය වෙනුවෙන් කියුබානුවෙකු නොවු චේ පරිත්‍යාග කල නිසයි.
ඉතින් අපිත් චේ වගේ හිතමු ....!වෙමු..!


-------පසිදු භාග්‍ය රූපසිංහA day in the life