පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-03-08

කාන්තා දිනය.

ක්ලාරා සෙට්කින්  - 1910







 

අද ජාත්‍යන්තර කාන්තා දිනයයි.

 ජාත්යන්තර දිනයක් බවට පත් කිරීම පිළිබඳ අදහස ඉදිරිපත් කළේ, කොමියුනිස්ට් ක්රියාකාරිනියක සහ කාන්තා හිමිකම් පිළිබඳ නීතිඥවරියක වූ ක්ලාරා සෙට්කින් නම් කාන්තාව ය. ඇය එම යෝජනාව 1910 වසරේදී කෝපන්හේගන්හි පැවති වැඩ කරන කාන්තාවන් පිළිබඳ ජාත්යන්තර සමුළුවකදී ඉදිරිපත් කළා ය. එම සමුළුවට රටවල් 17ක් නියෝජනය කරමින් කාන්තාවන් 100 දෙනෙකු සහභාගි වූ අතර,ඇයගේ යෝජනාව ඒකමතිකව පිළිගැනිණි.

කෙටියෙන් IWD ලෙස හැඳින්වෙන ජාත්යන්තර කාන්තා දිනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් පිළිගත් වාර්ෂික උත්සවයක් බවට පත්වීම දක්වා කම්කරු ව්යාපාරය හරහා වර්ධනය වූවකි.

එහි මුල් බීජ රෝපණය වූයේ, 1908 වසරේදී කාන්තාවන් 15,000ක් වැඩ කරන පැය ගණන අඩු කිරීම, වඩා හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය ඉල්ලා නිව් යෝර්ක් නගරය හරහා පෙළපාළියක නිරත වීමත් සමග ය. ඉන් වසරකට පසු ඇමෙරිකාවේ සමාජවාදී පක්ෂය පළමු වරට ජාතික කාන්තා දිනය ප්රකාශයට පත් කළේ ය.

1911 වසරේදී එය පළමු වරට සමරන ලද්දේ, ඔස්ට්රියාව, ඩෙන්මාර්ක්, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය යන රටවල ය.ජාත්යන්තර කාන්තා දිනයේ සියවස් සැමරුම 2011 වසරට යෙදී තිබිණි.

මෙය නිල වශයෙන් ප්රකාශයට පත් වූයේ, 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම දිනය සැමරීමට පටන් ගත් පසුව ය. 1996 වසරේදී මේ සඳහා වන පළමු තේමාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දුන් අතර, එම තේමාව වූයේ, "අතීතය සැමරීම සහ අනාගතය සැලසුම් කිරීම" (Celebrating the Past, Planning for the Future) .

ජාත්යන්තර කාන්තා දිනය සමාජය තුළ, දේශපාලනය සහ ආර්ථික විද්යාව යන ක්ෂේත්රයන්හි කාන්තාවන් කෙතරම් ඉදිරියට පැමිණ තිබේ ද? යන්න සැමරීමේ දිනයක් බවට පත්ව ඇති අතර, වත්මන් දේශපාලන මූලයන් අදහස් කරන්නේ, අඛණ්ඩ ස්ත්රී පුරුෂ සමාජභාවය පිළිබඳ අසමානතාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා වැඩවර්ජන සහ විරෝධතා සංවිධානය කරන බව ය.

 ජාත්යන්තර කාන්තා දිනයක් වෙනුවෙන් ක්ලාරා ඉදිරිපත් කළ යෝජනාවේ එය සමරන නිශ්චිත දිනයක් ගැන සඳහන් නොවීය.

1917 වසරේදී රුසියානු කාන්තාවන් "පාන් සහ සාමය" ඉල්ලමින් නිරත වූ යුද්ධ කාලීන වැඩවර්ජනය තෙක් එය විධිමත් තත්ත්වයක නොපැවතිණි. වැඩවර්ජනය ඇරඹී දින හතරක් ගත වෙද්දී සාර් රජුට බලය අත්හැරීමට බල කෙරුණු අතර ඉන්පසු පිහිටවූ තාවකාලික රජය කාන්තාවන්ට ඡන්දය ප්රකාශ කිරීමේ අයිතිය ලබා දුන්නේ ය.

රුසියාවේ එවකට භාවිතයේ පැවති ජූලියන් දින දර්ශනයට අනුව කාන්තා වැඩවර්ජනය ආරම්භ වූ දිනය පෙබරවාරි 23 ඉරිදා ය. ග්රෙගරියානු දින දර්ශනය අනුව එම දිනය, මාර්තු 8 වන දා විය. අද දිනයේ එය සමරන්නේ, එහෙයිනි.

 

දම් පාට බොහෝ විට ජාත්යන්තර කාන්තා දිනය සමඟ සම්බන්ධ වන්නේ එය 'යුක්තිය සහ අභිමානය' සංකේතවත් කරන බැවිනි.

ජාත්යන්තර කාන්තා දිනය වෙනුවෙන් ඇති වෙබ් අඩවියෙහි දැක්වෙන පරිදි, ජාත්යන්තර කාන්තා දිනයේ වර්ණ වන්නේ, දම්, කොළ සහ සුදු ය.

"දම්පාටින් යුක්තිය සහ ගෞරවය සංකේතවත් වෙනවා. කොළ පාටින් සංකේතවත් වෙන්නේ, අපේක්ෂාව. මතභේදාත්මත් සංකල්පයක් වුණත්, සුදු පැහැය පාරිශුද්ධත්වය නියෝජනය කරනවා.

මේ වර්ණ භාවිතයේ මූලාරම්භය වුණේ, 1908 වසරේදී එක්සත් රාජධානියේ කාන්තා සමාජ හා දේශපාලන සංගමය (WSPU) යි,

කාන්තා දිනය සැමරෙන්නේ කෙසේ ද?

ජාත්යන්තර කාන්තා දිනය රුසියාව ඇතුළු බොහෝ රටවල ජාතික නිවාඩු දිනයක් වන අතර, එහිදී මාර්තු 8 වන දිනට ආසන්න දින තුනක් හෝ හතරක් තුළ මල් අලෙවිය දෙගුණ වේ.

චීනයේ, රාජ්ය කවුන්සිලයේ උපදෙස් පරිදි මාර්තු 8 වන දා බොහෝ කාන්තාවන්ට දින භාගයක නිවාඩුවක් ලැබේ.

la Festa della Donna ලෙස හැඳින්වෙන ඉතාලියේ ජාත්යන්තර කාන්තා දිනය සමරනු ලබන්නේ, මිමෝසා මල් තිලිණ කිරීමෙනි. එම සම්ප්රදායේ මූලාරම්භය පැහැදිලි නැති වුව ද, දෙවන ලෝක යුද්ධයෙන් පසු රෝමයේදී ආරම්භ වූ බවට විශ්වාස කෙරේ.

ඇමෙරිකාවේ, මාර්තු මාසය යනු කාන්තාවන්ගේ ඉතිහාස මාසය යි. සෑම වසරක ම නිකුත් කරන ජනාධිපති ප්රකාශයකින් අමෙරිකානු කාන්තාවන්ගේ ජයග්රහණ අගය කෙරේ.

BBC NEWS --සිංහල
A day in the life

2024-03-07

ඌරුවරිගේ වන්නිලැත්තෝ


මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්. මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා.
මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු.
මගේ වයස අවුරුදු 65 යි. මේ 65 තුළ පසුගිය කාලේ මම බොහෝ දේවල් දැක්කා. මට අවුරුදු 7-8 කාලේ ඉඳලා දැක්ක දේවල් මට හොඳට මතකයි. මම කුඩා කාලේ ජීවත් වුණ ලෝකෙයි, අද ලෝකෙයි අතර තියෙන්නේ ලෝක දෙකක වෙනසක්.
එදා පායපු ඉර හඳ නෙවෙයි අද පායන්නේ. එදා දැක්ක අහස නෙවෙයි අද දකින්නේ. එදා හිටපු මිනිස්සු නෙවෙයි අද ජීවත් වෙන්නේ. මේ සියල්ල ගත්තහම මට හිතෙන්නේ මම ජීවත් වෙන්නේ ලෝක දෙකක කියලයි. ඒත් අපේ ආත්තිල ඇත්තෝ, මුත්තිල ඇත්තෝ (අත්තා මුත්තා) ජීවත් වුණෙත්, මිය ගියෙත් එකම ලෝකයකමයි.
අවුරුදු 60 ක් තරම් කෙටි කාලයකදී මේ වගේ වෙනසක් වෙන්න හේතුව මිනිස්සුන්ගේ ඔලූගෙඩි නරක්වීම. අපි ඉස්සර කැලේට ඇතුල්වුණේ ගහක අත්තක් තව ගහක අත්තක එල්ලලා. අපේ පරපුරේ මිය ගිය නැයින්ට වැඳලා අවසර අරගෙන. ගහක අත්තක් කැපුවේ ගහට වැඳලා. බිම හෑවේ වැඳලා අවසර අරගෙන. පොළොවේ ඇට හිටවන්නේ අවසර අරගෙන.
ඒ කාලේ අපි ඉරට කිව්වේ ඉර දෙය්යෝ කියලා. හඳට කිව්වේ හද දෙය්යෝ කියලා. වැස්ස, පොළාව, සුළං අපි සැලකුවේ දෙවිවරු හැටියට. ගංගා, කඳු ඇල දොලවල අරක්ගත් යක් යකින්නන් අපි පිදුවා. අපේ ඇඟට, ඇහට නොපෙනුනාට ඒවාට ලොකු බලයක් තියෙනවා කියලා ඒ කාලේ අපි හිතුවා. ඒක අපිට දැනුනා. ඒ නිසා ඒවාට වඳිමින්, පුදමින් ගරු කරනකොට, ඒවා රකින කොට, ඒ බලය අපිට ලැබුණ බව අපිට දැනුනා.
ඉස්සර අපිට උවමනා කෑම-බීම, ආරක්‍ෂාව විතරක් නොවෙයි සතුටත් ඉබේම ලැබුණා. ඒ නිසා අපි නිදහසේ ජීවත් වුණා. ඒත් අද? අපි ඒ සඳහා කොච්චර මහන්සි වෙනවද? ඒ කාලේ අපි කැලේ හැම තැනක්ම, හැම දෙයක්ම අපිට ඕන හැටියට පාවිච්චි කළේ නැහැ. ලොකු ගස් පේලියක දුනුහන (දුන්නක සලකුනක්) කොටලා සීමාවක් හදාගෙන ඒක ඇතුලෙයි අපි දඩයම් කළේ. මී කැඩුවේ. අල හැරුවේ. ඒක ඉඩ අපිට හොඳටෝම ඇති වුණා.
අපි හේන් කළා. අපේ හේනේ සීමාව වුනේ මැද ඉඳලා කෙළවරට ගලක් විසිකරන දුර විතරයි. අපි හේනකට හොයාගත්තේ මහා ගස් තියෙන ලොකු කැලෑවක් නෙවෙයි.
අපි කඳු මුදුන්, කදු බෑවුම්, උල්පත්, වතුර පාරවල් ලඟ, අඩි පාරවල් ලඟ, බුරුල් වැලි තියෙන පොළොව වගාවට තෝරා ගත්තේ නැහැ. අපි එක යායට හේන් ගොඩක් හදන්නෙත් නැහැ. අපේ හේන් දෙකක් අතර හූවක දුර කැලෑවක් ඉතුරු කළා. ඊලඟ අවුරුද්දේ ඒ හේන අපි වවන්නේ නැහැ. අපි ඉන් ඒහායින් අලූත් හේනක් සොයාගන්නවා. අවුරුදු හතකට පස්සෙයි අපි ආයෙමත් පරණ හේනට එන්නේ. "අපි දඩයම් කළෙත් ක්‍රමේකට කවදාවත් අබ්බගාත සතෙක්, ගැබ්බර දෙනෙක්, පැටියෙක් මරන්නේ නැහැ. කවදාකවත් රැලේ යන, දිය බොන, වල් කන, සෙල්ලම් කරන වෙලාවක ඒ සතාව මරන්නේ නැහැ. වේලට හරියන සතෙක් මිසක්ලොකු සතෙක් මරණ එක අපි කරන්නේ නැහැ. වැඩුණු පිරිමි සතෙක් මරණ එක තමයි අපේ හොඳම දඩයම."
"අපි දන්නවා කැලේ තියෙන කිසිම දෙයක් අපිට අයිති නැති බව." ඒවා අයිති සත්තුන්ට. පරිසරයට. අපිට කැලෙන් ලැබෙන දෙයින් මුල් කොටස යකුන්ට පුදන්න ඕනේ.
වැඩිපුර දේවල් ගන්නවට පරිසරයත්, නෑ යක්කුත් අපිත් එක්ක අමනාප වෙනවා. ඊට පස්සේ අපිට කිසිම දෙයක් දෙන්නේ නැහැ. ලෙඩ රෝග හදනවා. කැලේ සත්තු ලවා අපිට කරදර කරනවා. සමහර විට අපිව මරා දානවා. ඕවා අපි දන්නේ අපේ පරම්පරාවෙන්.
අපේ නෑ ඇත්තෝ විතරක් නෙවෙයි, මේ රටේ ලෝකේ ඉස්සර හිටිය මිනිස්සු මේ විත්තිය දැනගෙන හිටියා. ඒ අයටත් අපිට වගේම සිරිත් විරිත් තිබුණා. ඒත් පස්සෙන් පහු ඒ අය ඒ සිරිත් විරිත් අමතක කෙරුවා. මිනිස්සු සත්තුන්ගෙන්, කැලෙන්, අව්වෙන්, වැස්සෙන් සුළගින් ලැබුණ දේවල් මගේ කියලා බදා ගන්න පටන් ගත්තා. මහ පොළොවේ වැට කොටු බැඳලා සීමා හදා ගත්තා. සිරිත් විරිත් අතහැරලා ඉවක් බවක් නැතිව හූ දෙක තුනේ දුරට ගස් කොළන් පිරුණු කැලෑව කපලා දැම්මා. ඒක දවසකට ඇහැට පේන නොපෙනෙන සත්තු අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් මරලා දැම්මා. ඔය විකාර කෙරුවාට මිනිස්සු කියන්නේ ”දියුණුව” කියලා.
මට ඒ වචනේ ඇගෙන කොටත් හරි අපුලක්, පිළිකුලක් දැනෙනවා. තරහක් දැනෙනවා. අපේ ගතිගුණ සිරිත් විරිත් විතරක් නෙවෙයි අපිවත් නැති කළ හතුරා තමයි ‘‘දියුණුව’’. මේක කරේ තියාගන්නඅය සමහර වෙලාවට ඒකේ ප්‍රතිඵල වලින් මිදෙන්න ක්‍රමයක් හොයාගත්තා. අහක හිටපු අපිට ගැලවීමක් නැහැ.
"දියුණුවේ” විපාක ඔක්කොම විඳින්න වුනේ අපිට. නිදහසේ ඉපදිලා නිදහසේ මැරිච්ච අපිට සිද්ධ වුණා අනිත් අයට අතපාල ජීවත් වෙන්න. තවත් වෙලාවක අපිට වුණා අනිත් අයගේ බැල මෙහෙවර කරන්න. ඒක තමයි දියුණුවෙන් අපිට ලැබුණා දේ. මේ විකාර වලින් මිනිස්සුන්ගේ ඔලූව නරක් වෙන්න කලින්, කලට වැස්ස වැස්සා. කාලෙට පැව්වා. හරියට දිනේට වෙලාවට හුළං හැමුවා. අපි හඳ, තරු, ගහකොළ දිහා බලලා හෙට වෙන දේ ගැන කිව්වා. ඒ අනුව අපේ එදිනෙදා ජීවිතේ හදාගත්තා. ඒත් අද වහින්න ඕනේ කාලෙට පායනවා. පායන්න ඕනේ කාලෙට වහිනවා. වෙන දේ ගැන හිතාගන්නවත් බැහැ.
ඉස්සර අපි හැමෝම සතා සීපාවට ආදරය කළා. උන්ව හුරතල් කළා. උන්ව ආරක්‍ෂා කළා. දැන් මිනිස්සුන්ට ඒ සේරම පේන්නේ හතුරෝ වගේ. සත්තු නොදැක ඉන්න, උන්ගෙන් ඈත් වෙන්න හදනවා.
"මිනිස්සු දැන් මුලූ ඇඟම රෙදි වලින් වහගෙන ශීත කාමරවල හැංගිලා. සත්තු වෙනුවට සත්තුන්ගේ රූප බිත්තියේ අලෝගෙන. ගස් කපලා දාලා ගෙවල් ඇතුලේ බොරුමල් (ප්ලාස්ටික්) ගස් ගෙනත් තියා ගන්නවා."
"පොළාවට පොහොර කියලා වස විස ඉහලා ඒක වී ඇටයක් ගන්න හිරිකිතයක් නැතිව සත්තු කෝටි ප්‍රකෝටි ගානක් මරනවා."
මං හීනෙකින්වත් හිතුවේ නැහැ මෙහෙම ලෝකයක්. ඉස්සර අපි කෑම බීම ආරක්‍ෂාව ඉල්ලූවේ කිරි කොරහ නටල අපේ නෑ යකුන්ගෙන්. අද අපිට විනාශ කරපු මිනිස් ඇත්තන්ගෙන්ම අපේ කෑම වේල ඉල්ලන්න වෙලා. තමන්ගෙම දෙමාපියන් මහළු වුනාම අනාථ නිවාසෙට දාන ඔය මිනිස්සු අපිට කන්න දෙයි කියලා කොහොමද විශ්වාස කරන්නේ.
"මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්.මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා." ඒත් දන්න දේ, දැනෙන දේ, හිතන දේ කියන්න ඕනේ. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. ගහ කොළ ඉවරයි. සතා සීපාව ඉවරයි. ඊලඟට මිනිස්සු.
දැන් එක එක හුළං එනවා. කඳු කඩා පාත් වෙනවා. මුහුදු ගොඩ ගලනවා. ගංගා ඇල දොළ උතුරනවා. දන්නෙවත් නැති අලූත් ලෙඩ හැදෙනවා. මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මිනිස්සු ලෝකෙට කරපු කරන විනාසෙට හම්බ වෙන උත්තර තමයි මේ. පුදුම වෙන්න දෙයක් නැහැ.
දැන් අපි එක් එක්කෙනාට දෙස් දෙවොල් කියලා වැඩක් නැහැ. දියුණු වෙන්න ගිහින් මේ කරපු විනාසේ නවත්තමු. අපි ආපහු අත්තලාගේ මුත්තලාගේ ලෝකෙට යමු. නැත්නම් "මේ ලෝකේ මිනිස්සු කියලා සත්තු ජාතියක් ඉපදිලා අනිත් අයත් මරාගෙන ඒ සත්තු මැරුණා කියලා පිට ලෝක වල අය කියයි."
මේ වැඩිහිටි අයට මොනව කිව්වත් වැඩක් නැහැ. අපි අපේ දරුවන්ට ඇත්ත කියමු.
"අපි වැඩිහිටියෝ වුණාට මේ ලෝකේ ඉපදුන ලොකුම මෝඩයෝ අපි කියලා අපේ දරුවන්ට කියමු."
අපි කරපු මෝඩකම් නොකර තමන් කව්ද කියලා තෝරාගෙන, තමන්ට සෑහෙන තරමට ජීවත් වෙන්න ඒ අයට උගන්වමු. තමන් ජීවත් වෙන ගමන් අනිත් අයටත් ජීවත් වෙන්න ලෝකයක් ඉතුරු කරන හැටි ඒ අයට තේරුම් කරමු.
මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු. ඉරට, හඳට, තරුවලට, ගහට, කොළයට, මල්වලට, ගගට, ඇලට, විලට, වැවට විතරක් නෙවෙයි හීතලට, උණුසුමට, සුළඟට පවා ගරු කරන්න අපේ දරුවන්ට කියා දෙමු.
"එහෙම කළොත් අපේ පුංචි පැටව් අමාරුවෙන් හරි මේ ලෝකේ ආපහු හදාගනියි. ඒක දකින්න අපිට වාසනාව නැති වුනත් අපේ දරුවන්ට අපේ පුංචි කාළේ සතුට සැනසීම ලැබෙන එක ගැන හිතලා අපි සතුටු වෙමු."

ඌරුවරිගේ වන්නිලැත්තෝ


A day in the life