පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2023-12-05

කෙම්ගෙඩිය හා ඉටිගෙඩිය



අතීතයේ විතරක් නෙමෙයි,අදටත් ගමේ ගොඩේ නගරයේ කියලා වෙනසක් නැතිව බොහෝ දෙනාගේ මුවින් පිටවන කතාවක් තමයි,"දන්න කෙංගෙඩියක් නෑ.." , " මොන ඉටිගෙඩියක්ද.."
😊
කියන වදන්.
ඔයාලා දන්නවනේ අපේ සිංහල සංස්කෘතිය තුළ කෙම් ක්රම බොහෝමයක් තිබුණ වග. ඔය.. ලෙඩක් දුකක් අසනීපයක් වුණාම ප්රසිද්ධියක් නැතිව කරන ගුරුකම් තියෙනවා නේද..අන්න ඒවට තමා කෙම් කියන්නේ.මේ කෙම කියන එක ගමේ උදවියට නම් අරුමැක්කක් නෙමෙයි.
අතීතයේ ඉතින් ගමේ හැම ගෙදරකම පාහේ ගව පට්ටියක් නම් වරදින්නේ නැහැ.සමහර අවස්ථාවල ගවයන්ගේ ඇඟේ පණුවන් පිරි සිටින තුවාල හට ගන්නවා.එහෙම උනාම කාටත් නොදැනෙන්න අබ ටිකක් මතුරලා ලිපට දැම්මම පණුවන් මැරී යනවා. ඒක එක්තරා කෙමක්.අන්න ඒ වගේ කාටත් නොදැනෙන්න හොර රහසේ හදන බෙහෙත් ගෙඩියකට තමයි මේ කෙම්ගෙඩිය කියලා කියන්නේ.
ඔන්න ඉතිම් උදේ පාන්දරම කුකුළා හඬලන්නට ඉස්සෙල්ලා ගෙදරින් පිටත් වෙන්න ඕනේ..ඊට පස්සේ අර කීව බෙහෙත් ගෙඩියට ඕනෑ කරන බෙහෙත් වර්ග ටික හොයාගෙන තමා ආපහු ගෙදර එන්නේ.ඊටත් පස්සෙ ඒ බෙහෙත් වර්ග තලලා හෙම අවශ්ය විදිහට සකස් කරගෙන තවාපු කෙසෙල් කොළේක ඔතනවා.පස්සේ ඒක ආයෙත් ගොක්කොල අරගෙන හරකාගේ බෙල්ලට දාන්න පුළුවන් මාලයක් විදිහට සකස් කරනවා. හැබැයි ඉතින් මේ එල්ලන බෙහෙත් ගෙඩියේ මොන මොන බෙහෙත් වර්ග ද තියෙන්නෙ කියලා දන්නේ වෙද මහත්මයා ම විතරයි. ඒකනි ඉතිම් කෙම කියන්නේ.
😊
ඇත්තටම මෙහෙම මේ විදියට බෙහෙත් ගෙඩිය කරේ එල්ලන්නේ හරකුන්ගේ කුර ලෙඩේ සුව කරන්නටලු.
ඔන්න ඔය විදියට කෙමක් මූලික කරගෙන හදන බෙහෙත් ගෙඩියට තමයි මේ කෙම්ගෙඩිය කියලා කියන්නේ.
🤗
😊
වහරන කොට කාලයත් එක්ක මේක කෙංගෙඩිය වෙලා.
☺️
ඉටිගෙඩිය
😊

---------------------
වර්තමානයේ බොහෝ දුරට දකින්නට නොලැබුනත්,එදා අතීතයේ අපේ මුලුතැන්ගේ,නැතිනම් කුස්සියේ යටලීයක හරි නැත්තම් බිත්තියක හරි අලවලා තියෙන කොහොල්ලෑ හරි මී ඉටි හරි එකතු කරපු ගුලියකට තමයි මේ ඉටිගෙඩිය කියලා කියන්නේ..
😊
ඉස්සර අපේ පරණ ගෙදරත් කුස්සියේ ඔහොම එකතු කරපු කොහොල්ලෑ ගුලියක් තිබුණා. ඉස්සර ඉතිම් කලගෙඩියෙනේ තිබුණේ වතුර දාන්නේ .මට හොඳට මතකයි අපෙ අම්මා එක දවසක් වතුර කාන්දු වුණ හිල්වුන කලයකට අර ඉටිගෙඩියෙන් ටිකක් අරගෙන අර කාන්දු වෙන තැනට රෙදි කෑල්ලක් තියලා අලවලා ගින්දරෙන් රත් කරනවා.ආයි ඉතින් වතුර කාන්දු වෙන්නේ නෑ..
☺️
කලයකට විතරක් නෙමෙයි වළඳක් ලබු ගෙඩියක් එහෙම පුපුරලා ගියාමත් අතීතයේ මිනිස්සු ඔය දේ කරල තියෙනව .ඒ නිසා ඉතිම් ඒ දේවල් අපතේ නොයවා නැවතත් ප්රයෝජනයට ගන්න පුළුවන් .
ඔන්න ඔහොම තමා ඉතිම් කෙම්ගෙඩියයි,ඉටිගෙඩියයි හැදුණේ...
🤗
☺️
හරිත පොජ්ජ දිගහැරුමකි
අපේකම් අගයන්න එතරම් බලවත් හරයක්

---------------ප්‍රදීප් ප්‍රියංකර
notes of imaginary

2023-12-04

කෝපි















වායුව, කැක්කුම, බඩ පිපීම, හෝ නාන කාමරයට නිතර නිතර යන බවක් දැනෙනවාද? එය කුපිත කළ හැකි බඩවැල් සින්ඩ්‍රෝමය (IBS) විය හැකි නමුත් රෝග ලක්ෂණ සමනය කිරීම සඳහා කෝපි පානය කිරීම ගැන ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? නව පර්යේෂණවලින් පෙනී යන්නේ නිතිපතා කෝපි භාවිතය  IBS අත්විඳීමේ අවදානම අඩු කළ හැකි බවයි.
වැඩිහිටියන් 400,000 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් අධ්‍යයන 8 ක විශ්ලේෂණයක දී, පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ කෝපි පානය කරන්නන්ට IBS වර්ධනය වීමේ අවදානම 16% කින් අඩු බවයි. කෝපි වල ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රති-ගිනි අවුලුවන බලපෑම් සහිත පොලිෆෙනෝල් සහ ඩයිටර්පෙනස් වැනි ජෛව ක්‍රියාකාරී සංයෝග ඇති අතර එමඟින් බඩවැල් බාධක අඛණ්ඩතාව සහ ක්ෂුද්‍ර ජීවී සමතුලිතතාවය පවත්වා ගත හැකිය.
එහෙත් කෝපි සෑම විටම ආරක්ෂිත නොවේ; විශ්ලේෂණයේ සිදු කරන ලද අධ්‍යයන කිහිපයකින් කෝපි පානය කරන්නන් තුළ IBS අවදානම වැඩි බව සොයාගෙන ඇත. කෝපි ආමාශයික අම්ලය සහ බඩවැල් චලනය උත්තේජනය කරයි, එබැවින් එය සංවේදී බඩවැල් කුපිත කළ හැකිය. බීර ක්‍රමය ද ප්‍රයෝජනවත් සංයෝගවල මට්ටම් සහ ජෛව උපයෝගීතාවයට සැලකිය යුතු ලෙස බලපායි. එබැවින් සමහර සූදානමක ප්‍රතිඔක්සිකාරක ප්‍රමුඛ වන අතර අනෙක් ඒවා තුළ බඩවැල් අවුස්සන රසායනික ද්‍රව්‍ය පවතී.
ආමාශ ආන්ත්‍ර විද්‍යාඥ ආචාර්ය බබාක් ෆිරූසි මෙසේ සටහන් කරයි: "කෝපි ප්‍රබල උත්තේජකයක් විය හැක - පාචනය ඇති IBS රෝගීන් සඳහා, කෝපි නරක අතට හැරිය හැක, සහනයක් නොවේ." කෝපි සංයෝග පරිවෘත්තීය කිරීමේ ජානමය වෙනස්කම් ද බලපෑමේ විචල්‍යතාවයට දායක විය හැකිය.
කෝපි සහ IBS පිළිබඳ කතාව සංකීර්ණයි. පොරොන්දු වූ දත්ත පවතින අතර, කෝපි රෝග ලක්ෂණ වලින් සහනයක් ලබා දෙයිද නැතහොත් ගැටලුව උග්‍ර කරයිද යන්න තවමත් තනි සාධක තීරණය කරයි, එබැවින් GI ගැටළු වලට ගොදුරු වන අය සඳහා ප්‍රවේශම් වන්න
බඩවැලට උදව් කිරීමට සහ හානි කිරීමට කෝපි වල ඇති හැකියාව ගැන තව දැන ගැනීමට, "නිතිපතා කෝපි පරිභෝජනය IBS වැලැක්වීමට උපකාරී විය හැක, නමුත් එය සෑම කෙනෙකුටම නොවේ"

දැනුවත්ව සිටින්න සහ නිරෝගීව සිටින්න!

ටිම් ස්නයිත්

Newsletter Editor, Medical News Today

notes of imaginary