පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2023-04-03

බිත්තර

බිත්තර ගැන මෙතරම් කතා බහට ලක්වුන කාලයක් මට මතක නැහැ;මේ ඔක්කොම හුට පට වෙළද ඇමතිතුමාගේ ආරෝවක් කියලා දවසක ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇහුවා.දේශපාලකයෝ කියන්නේ සමාජ සේවකයෝ පිරිසක් කියලයි මම හිතන්නේ.ඒත් අපේ දේශපාලකයෝ හිත් මමත්වයෙන් පුරවා ගත්ත අය විදියටයි අපි දකින්නේ.දේශපාලනයේදී පෞද්ගලික කරුණු කාරනා තියෙන්න පුළුවන්ද ?.

බිත්තර විටමින් ඒ – 6%ක්, ෆෝලේට් 5%ක්, විටමින් බී 5 : 9%ක්, විටමින් බී 12 : 15%ක්, විටමින් බී 2 : 9%ක්, පොස්පරස් : 9%ක් සහ සෙලනියම් : 22% ක් බිත්තරවල අඩංගු වෙනවා. එයට අමතරව විටමින් ඩී, විටමින් ඊ, විටමින් කේ, විටමින් බී 6 වගේම කැල්සියම් සහ සින්ක්ද බිත්තරයක තියෙනවා. බිත්තරයකින් කැලරි 77ක් සිරුරට එකතුවෙන අතර ප්‍රෝටීන ග්‍රෑම් 5ක් සිරුරට හිතකර මේද අම්ල ලෙස සිරුරට ඇතුළත් වෙනවා. එක් බිත්තරයක තිබෙන පෝෂ්‍ය පදාර්ථ එක්ක ගත්තාම අඩුම මිලකට ගන්න පුළුවන් පෝෂ්‍යදායි ආහාරයක් වෙන්නේ බිත්තර.

බිත්තර වලට පාලන මිලක් පැනවුවා. පාලන මිලට විකුනන්න  සිල්ලර වෙලෙන්දෝ කැමතිවුනේ නැහැ. එයාලට ලැබෙන ලාභය රුපියල් දෙකක් නිසා. නිෂ්පාදකයා පිරිවැය වැඩි නිසා ලාභයක් නැහැ කිව්වා. මහපරිමානයෙන් ගොවිපල පවත්වා ගෙන යන්නන් , බිත්තර රැස් කර අළවි කරන්නන් වෙළද පලට බිත්තර විකුනන්නේ නැතිව මහා පරිමාන ආහාර නිෂ්පාදකයින්ට බිත්තර අළවි කරන්න පටන් ගත්තා. මෙයට හේතුවකුත් තිබ්බා.

බිත්තර නිෂ්පාදනය සදහා කුකුළු පැටවුන් , ආහාර ,බෙහෙත් ද්‍රව්‍ය හිගයක් සහ මිළ අධික වීම නිසා මහා පරිමාන නිෂ්පාදකයෝ තම නිෂ්පාදන පරිමාව අඩුකලා.කුඩා ගොවිපල හිමියන් නිෂ්පාදන පිරිවැය දරා ගන්න බැරිව තම ගොවිපලවල් වසා දැම්මා.

මේ හේතුවෙන් බිත්තර වෙළද පලේ හිගයක් ඇතිවුනා. ඉල්ලුම සහ සැපයුම අතර වෙනස බිත්තර මිළ ඉහල යන්න හේතු වුනා.රජය ඉන්දියාවෙන් බිත්තර ගේනන තීන්දු කලේ මේ වගේ පසුබිමක.

රජය ඉන්දියාණු බිත්තර,  කර්මාන්තකරුවන්ට දෙන්න තීරණය කරලා අහාර නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ වෙළද පල අත්පත් කරගන්නා විට පාරිභොගික වෙළද පලට මෙරට නිෂ්පාදනය කරන බිත්තර ලැබෙයි කියන බලාපොරොත්තුව ඇති කර ගෙන සිටිනවා. ඒ වුනත් පරිභෝජනයට ප්‍රමානවත් බිත්තර ප්‍රමාණයක් මෙරට ගොවිපල වලින් නිෂ්පාදනය වන බවක් දකින්නට නැහැ.  බිත්තර නිෂ්පාදකයාට අවශ්‍ය යටිතල පහසුකම් ඒ කිව්වේ කුකුළු පැටවුන් ,සාධාරන මිලට ආහාර හා ඖෂධ තාමත් ලැබෙන්නේ නැහැ.රජයේ නව බදු ප්‍රතිපත්ති බිත්තරේටත් හරස් වෙලා. කෘෂිකර්ම අමාත්‍යංශයට අනුව  දියර කිරි නිෂ්පාදනය සියයට 19.8කින්, බිත්තර නිෂ්පාදනය සියයට 34.9කින්ද, කුකුල් මස් නිෂ්පාදනය සියයට 12.1කින්ද පහත වැටී ඇති බවයි පැවසෙන්නේ.

එම අමාත්‍යංශයම සදහන් කරන පරිදි  මෙයට හේතුව  සත්ව ආහාර නිෂ්පාදනය නිසියාකාරව නොසිදුවීමයි.ගොවීන්ට බීජ , පොහොර නිසිකලට නොලැබෙන් විට අස්වැන්න බලාපොරෙත්තුවෙන්න බැහැ. මෙයට වගකිව යුත්තෙත් කෘෂිකර්ම අමාත්‍යාංශය. ඇමති දෙපල රෙදි ඇදගෙන නානවාද නැත්නම් රෙදි නැතිව නානවද කියලා හිතා ගන්න බැහැ. එකම මේසෙක විසදගන්න පුළුවන් ප්‍රශ්න එකිනෙකා හමු වෙන්නේ නැති ගානට වේදිකාවේ නැත්නම් මාධ්‍ය සාකච්ඡා පවත්වලා දිග අරිනවා.

ඉන්දියාවෙන් බිත්තර ගෙනවිත් ඉන්දියාවට යන විනිමය ගැන හිතන්නේ නැහැ. අපේ ගොවියට බීජ පොහොර අඩු බදු අයකිරීමකින් සපයලා කුකුල් ගොවිපල හිමියනට පැටවුන් ඖෂධ සපයන්නේ නම් ක්‍රමවත් සැලැස්මකින් මාස කිහිපයකින් බිත්තර දේශීයව නිෂ්පාදනය කර ගත හැකියි. සහල් වලට දැන් ගැටළුවක් තියෙනව ?.කන්න දෙකකින් සහල් ප්‍රශ්නය විසදුනා වගේ බිත්තර ප්‍රශ්නයත් විසදේවි.

වෙළද අමාත්‍ය වරයා එක පාරක යන කොට කෘෂිකර්ම ඇමති තුමා යන්නේ වෙන පාරක.සත්භාවයෙන් කටයුතු කරනවා නම් මේවා ගැටළු නෙමෙයි.බිත්තරයටත් QR නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.



 


notes of imaginary

2023-04-01

අප්රෙල් 1 - දිනපොත.


මේ දවස් වල පලාත් පාලන මැතිවරණය මාධ්‍යට අමතක වෙලා. මැතිවරණයට ඉදිරිපත් වුන අපේ හිතවත්තු නිහඩ වෙලා. ඒ අතරේ රනිල් මහත්තයා නම් ප්‍රවෘත්ති මවනව. තෙල් අඩුකරනවා. ඒ ගමන්ම ඛනිජ තෙල්  සංස්ථාවට ප්‍රහාර එල්ල කරනවා. පන්දම පත්තු කර ගත්ත නිරුවත් මානවයා නන්නන්තාර වෙලා.

1956 බලයට ආපු බණ්ඩාරනායක මහත්තයට වැඩ වර්ජන පෝලිමකට මුහුණ දෙන්න සිද්ධවුනා. වෘත්තීය සමිති බොහොමයක බලය තිබුනේ වාමාංශික පක්‍ෂවලට.ආචාර්ය එන්.එම්; පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා වගේ අය විපක්‍ෂ බලවේග. “ බණ්ඩාරනායක මහත්තයා නොමරා මැරුවේ “ ඒ වර්ජණ රැල්ල. අන්තිමේදී එතුමා ඝාතනය කලෙත්  එතුමා බලයට පත් කරන්න උදව් වුන බලවේග.මට නම් හිතෙන්නේ එතුමාගේ ප්‍රතිසංස්කරණ ඔරොත්තු නොදුන් බලවේග විසින් එතුමාගේ පාලනය අවසන් කලා කියලා

වර්ථමානයේ ආපස්සට හැරෙමින් තියන ඉන්ධන බෙදා හැරීම ඒ කාලේ තිබුනේ බ්‍රිතාන්‍ය සමාගම් කිහිපයක් අතේ. ෂෙල් , කල්ටෙක්ස් , එසෝ සමාගම් එදා වෙළදපලේ හිටියා.ඛනිජ තෙල් සංස්ථාව ඇති කලාට පස්සේ එම සමාගම් තම ව්‍යාපාරික කටයුතු අත්හැරලා දැම්මා.විදේශීය වශයෙන් විරුද්ධවාදීන් පිරිසක් ඇති කරගත්තත් සමාජවාදී රටවල් එදා පිහිටට හිටියා. එදා ඉදන් දේශපාලන හිතවතුන්ගේ ව්‍යපාරයක් බවට පත්වු ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන්න පටන් ගත්තා. අද එය යලිත් පරණ තිබු තැනට පත්වෙමින් තියෙනවා.

ජනසතුව ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වෙලා තිබුන ඒ යුගයේ වැවිලි කර්මාන්තය, ප්‍රවාහණය වැනි ක්‍ෂෙත්‍රයන් ජනතාව සතුවුනා.ඇත්තෙන්ම වුනේ දේශපාලනඥයන් සතුවීම. දේශපාලන හෙන්චයියන්ගෙන් මේ ආයාතන පිරී ගියා. එවුන්ට ආයතන ගැන හැගීමක් තිබුනේ නැහැ. සමාජවාදී රටවල සිදුකෙරුන ජනසතුව ආකෘතියකට ගත්තත් අපේ රටේ එය සාර්ථක වුනේ නැහැ.

සිරිමාවෝගේ යුගයෙන් පස්සේ 1970 – 1977 න් පස්සේ විවෘත ආර්ථිකය ආවා.

වෘත්තීය සමිති මෙහෙවන්නේ දේශපාලන පක්‍ෂ විසින්. වෘත්තීය අරගල වලට වඩා ඒවායෙන් කෙරෙන්නේ ඒ ඒ දේශපාලන පක්‍ෂ බලයට පත් කර ගැණීම සදහා මග එලි කිරීම. එම අරමුණු උදෙසා ජනතාව පීඩනයට පත් කිරීම ඔවුන්ට වැදගත් වන්නේ නැහැ.  අදවන විට ජනතාවගේ මනස වෘත්තීය ක්‍රියාමාර්ග සදහා අවතීර්ණ වන්නන්ට අනුකම්පාවක් , සහයෝගයක් දක්වනු වෙනුවට ඔවුන් .ගැන ඇත්තේ කලකිරිමක්.


Notes of imaginary