පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2022-09-15

අමුඩේ


අමුඩය අපුරූය. 

අපේ උද්ඝෝෂකයින්ට හිතුනොත් ඇද ගෙන අගනුවර එන්න පවා ස්මාට් ඇදුමකි අමුඩය. කාන්තා පක්‍ෂය අමුඩ වාගේ ඇදුම් අදිතත් ඒවාට කියන්නේ වෙනත් නම්ය. පසුගියදාක ගෝල්පේස් පිටියේ ජනාධිපති මණ්දීරයට පෙනෙන්න මේවා වැටවල් වල වනා තිබුනේය. ලාමක යයි සිතුන එක්කෙනාට ලැජ්ජා සිතී එයා යන්නම ගියේය.ඒ මෑත අතීතයේ අමුඩ කතාය.

පසුගිය දාක වත පොතෙහි එහාට මෙහාට යන කොට අමුඩ කතාවක් මුණ ගැහුනේය. එය ඒ අයුරින්ම පල කරන්නේ අමුඩයටත් යම්කිසි පිලිගැණීමක් ඇති බව දැනගන්නා පිණිසය.

ඒ අමුඩ කතාවත් අහමු 

 ........................අමුඩ කොටේ (1කොටස)

මෑතකදී බොහෝ දෙනාගේ ..කතා බහට ..විහිලුවට ලක් ..වුණත්..අමුඩය

එකළ සෑම සිංහල පිරිමියෙක් ඇද්ද එකක්.

මෙම කතාවේ පළමු ජායාරූපයේ අමුඩය ගසා නාන පිරිස 1949/50 වකවානුවේ නිට්ටඹුව ගුරු අභ්යාස විදුහලේ වාර්ෂික චාරිකාව ගිය ගුරු සිසු පිරිසකි..මේ සිසුන් අතර මහගම සේකරයන් මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන් ද ගුරු සිසුන් ලෙස විය.

කෘෂිකාර්මික ජීවන රටාවක් පැවැති මේ දේශයේ වැඩ කරන ජනතාවගේ නිල ඇඳුමක් ලෙසින් පැවත ආ අමුඩය අද අප අතරින් තුරන්වී ගොසිනි. වියළි කර්කශ දේශගුණික තත්ත්වයන්ට උචිත ආකාරයෙන් මෙන්ම චාමි සරල ඇඳුමක් වශයෙන් ද අමුඩය අනාදිමත් කාලයක සිට අපේ අනන්යතාවය සුරැකූ ඇඳුමකි.

අතීතයේ ගැමි තාරුණ්යය මෙන්ම ජවසම්පන්න බවත් හැඩි දැඩි බවත්, ප්රදර්ශනය කිරීමට ද අමුඩය ඉවහල් විය. අමුඩය ගසා වැඩ බිමේ වැඩ කරන තරුණයකුගේ දේහ ලක්ෂණ හා සිරුරේ නම්යතාවය තරුණියක් තුළ ඇති කළේ ආලවන්ත හැඟීම්ය. අමුඩය ගසා ඇඳිවත සුම්බරය කොට හිසේ බැඳගත් තරුණයන් තරුණියන්ගේ සිත් ගැනීම සඳහා සිය යොවුන් දේහය මැනවින් උපයෝගී කර ගත්හ. වැදි ජනතාව අතර පැවැති සිරිතක් වූයේ අමුඩය ගැසීම සඳහා ඉණ වටා බඳින සිහින් ලනුපට යෝජිත මනමාලිය ලවා සකස් කර මනමාලයාගේ ඉනේ බැඳීමයි.

මෙය අතීත ගම්මානවල තරුණියන් විසින් ද සිය පෙම්වතා වෙනුවෙන් රහසිගතව ප්රතිඥා දුන් ආදරණීය තෑග්ගක් ලෙස පැවතිණි. දියකෝනම අමුඩ ලේන්සුව ආදී නම්වලින් හඳුන්වන ලද අමුඩය දුහුල් රෙද්දෙන් නිමාකළ හරි හතරැස් ලේන්සුවකි. අමුඩ ගැසීමේදී ද විලාසිතා කීපයක් අනුගමනය කළහ.

1.හඟල අමුඩය

හඟල අමුඩය ගසන්නේ මාමලා නැන්දලා ආදී වැඩිහිටියන් සමඟ වැඩ කරන විට ය. හඟල අමුඩය ගසන විට අමුඩයේ ඉදිරි පසින් එල්ලෙන කොටසේ රැළි දිග හැර ඉණ වටා වැටෙන හඟලයක් සේ සකසා ගනී. එවිට ඉණෙන් පහළ අඩියක් පමණ ප්රමාණය හොඳින් ආවරණය වෙයි.

2.දිය අමුඩය

දිය නෑම සඳහා අමුඩය ගැසීමේදී විලි වැසී අඩියක පමණ කොටසක් අමුඩයෙන් ආවරණය වෙයි. එය දිය අමුඩේ නමින් හැඳින්වෙයි.

3.ගැට අමුඩය

වල් කෙටීම, නියර බැඳීම ආදී කටයුතුවල නිරත වන විට ගැට අමුඩය ගැසීමට ගොවීහු වග බලා ගනිති. හෙවන සහිත ගසක් දිවා ආහාරය ගැනීම සහ තේ බීම, බුලත්විට කෑම ආදී අවශ්යතා සඳහා උපයෝගී කරගනී.බුලත්විට කා ගස් සෙවණේ සිට වැඩ කරන තැනට යනවිට ත්රිකෝණාකාරව ඉදිරිපසින් ඇති අමුඩයේ කෙළවර දුන්කොළ ටිකක් ගැට ගසාගැනීමට බොහෝ අය පුරුදු වී සිටිති. ටික වේලාවක් වැඩ කරන විට බුලත්විටේ තෘප්තිය හීනවී යන අතර එවිට අමුඩ ගැටේ ඇති දුම්කොළ ටිකක් කටේ දමාගන හපමින් තවත් හෝරා කීපයක් වැඩ කිරීම ඔවුන්ගේ සිරිතකි.

තවද අලුතෙන් ඉදිකරන නිවසක වහලය සෑදීමට ගන්නා උමන් (පරාල ලෙස පාවිච්චි කරන ලී) කැපීමට කැලයට යන පිරිස උමන් කපන විට අමුඩය ගලවා කරේ දමාගෙන නිරුවතින් ලී දඬු කපති. ඔවුන් එසේ කරන්නේ වහලේ උමන් ගුල්ලන් කෑමෙන් ආරක්ෂා කර ගැනීමට කරන කෙමක් වශයෙනි.

අමුඩය හිසේ බැඳගන ගමනක් යන විට ඉන් අදහස් කරන්නේ සිය ගව රංචුව බැලීමට හෝ වෙනත් අවශ්යතාවයකට කැලෑ වදින බවයි. එහෙත් අමුඩය කරේ දමාගන යන ගමන රහසිගත හමුවීමක් සඳහා යන ගමනක් බව සැක කෙරේ. අමුඩය ගසා ඊට උඩින් ඇඳිවත හරස් අතට ඇඳගෙන යාමෙන් පැවසෙන්නේ ඔහු වැඩිහිටියන් හෝ වියපත් දරුවන් අසලට යන ගමනක් බවයි.

අමුඩය හා බැඳුණු උපහැරණ අතර අමුඩය දීලා කෑවා වාගේයන කියමන අදට ද ගම්මාන තුළින් ඇසේ. මෙය ගැඹුරු අරුතක් ඇති කියමනකි. බඩගින්නේ නිරාහාරව සිටින අයකු නිරාහාරව සිටින බව කාටත් ප්රදර්ශනය නොවේ. එහෙත් නිරාහාරව සිටීමට නොහැකිව අමුඩය විකුණා කුසට අහරක් සපයා ගත් පසුව ක්ෂණිකව කුසගින්න නිවුණත් නිරුවතින් සිටීමේ අවමානයෙන් මිදිය නොහැකිය.

අමුඩ කෙටිය, දිය කෝනම, දිය අමුඩය ආදී නම්වලින් හඳුන්වන අමුඩය ගෘහ මූලිකයාගේ සිට වයස 10-12 දරුවා දක්වාම වැඩ කරන විට උපයෝගී කරගත්හ. කාර්යයක නිරත වන විට නිල ඇඳුමක් වූ අමුඩය අතීත ගැමියා ගමනක් බිමනක් යනවිට යට ඇඳුමක් වශයෙන් ද පාවිච්චි කළහ.

අතීත යුගයේ පිළිගත් පවුල්වල තරුණයන් පාවිච්චි කරනු ලබන අමුඩය මිදුලේ හෝ එළිපහලියේ වනා තැබීම තහංචියක් සේ සලකනු ලැබීය. ඒ අමුඩයෙන් ගන්නා නූලකින් අදාළ තරුණයාට වශී ගුරුකමක් කළ හැකි නිසා එසේ අමුඩය සුරක්ෂිත කළහ.

අසම්මත ගමන් බිමන් යනවිට අමුඩය හොඳ සාකිෂ්කාරයෙක් වූ අවස්ථා ද අතීත ගම්මානවලින් අනාවරණය වෙයි. එක්තරා ගරු ගාම්භීර ගමරාල කෙනෙක් සිය කුලයෙන් පහත් තරුණියක සමඟ ආලයෙන් වෙලිණි. ඔවුන්ගේ හමුවීම ඉතා රහසිගතව කැලෑවේ දී සිදුවූ අතර දිනක් මේ දෙදෙනා මුණගැසී සිටින විටෙක ගමේ වෙනත් ගැමියකුගේ පැමිණීම නිසා හදිසියේ වෙන්ව යාමට සිදුවිය. ගමරාල කඩි කුලප්පුවට දිව යාම නිසා ඔහුගේ කරේ තිබුණු අමුඩය කටු ගාලක පැටලී තිබී කටකාර ගැමියකුට අසුවිය. පසුදින උදේ හන්දියේ පලුගසේ ගමරාලගේ අමුඩය එල්ලා තිබූ අතර ඊට යටින් මේ කවිය ලියන ද කොළය ද අලවා තිබුණි.

කර ආලේ නැහුනත්

කටු බැදි අස්සේ

ගමරාලේ දැන්නම්

රහසක් නැත්තේ

හොර පාරේ ගිය මඟ

සලකුණ ඇත්තේ

කටු ගාලේ තිබු අමුඩේ

පලු අත්තේ

මේ ආදී බොහෝ තොරතුරුවලට පාදක වූ හෙළ ගොවි අමුඩය හෙට දවසේ කෞතුක වස්තුවක් වීමට ඇති ඉඩකඩ ද බැහැර කළ නොහැකිය.

 

(උපුටා ගැනීම අන්තර්ජාලය තුලින් )

අයිතිය මුල් අයිතිකරුට


notes of imaginary

2022-09-10

සබද අපි කුදු නොවෙමු............



මම කාලයක් දින පොතක් ලියමින් සිටියා . මගේ කඩුල්ල බ්ලොග් අඩවියට. මේ පහතින් පලවෙන්නේ 2015 ලියන ලද සටහනක්. පුංචි පුංචි වෙනස් කම් ටිකක් කලත් එදා ලියු විදියටම සටහන තියෙනවා. දින පොත ලියන එක හිටි හැටියේ නතර වෙනවා. ආයෙත් ලියනවා. පිලිවෙලකට නැතිවුනත් මේ වැඩේ ටික කාලයක් කර ගෙන ගියා.

“ජීවිතය ගෙවෙන්නේ එදාට වැඩිය වේගයෙන්. මම ඉස්සර කාලේ දිනපොතක සටහන් තිබ්බා වයසත් සමග මෝරන ජීවිතයට ඒ දිනපොත් අතර තියෙන සටහන් නැවත කියවන විට මළවිකාර කියලා මටම හිතුනා. මේ සටහනුත් දිනපතාම ලියවිලා තිබුන සටහන් නෙමෙයි.

පසුකාලෙක මගේ මාමන්ඩියගේ දිනපොත් කිහිපයක් කියවන්න ලැබුනා ඒ එතුමාගේ මරණින් පසුව. එතුමා ගිය ගමන් බිමන් වන්දනා ගමන් දවසේ දේශපාලන තොරතුරු සමග කාලගුනය.දවසේ වැඩකටයුතු හමුවු පුද්ගලයින් පිලිබද දීර්ඝ දවසේ සටහන් ඒ දිනපොත් වල සටහන්ව තිබුනා.

මම 1989 ප්‍රේමදාස කාලේ ඒ කාලෙ පැවත්වුන මැතිවරණයෙදී මගේ සහෝදරයෙකුගේ (ශ්‍රීලනිප) මැතිවරණ ජයග්‍රහණයට උරදීලා හිටියා. මම නිතර ගැවසුන ගම්මාන එකල සහෝදරවරු දෙස හැදුන්වුන සහෝදර පිරිසගේ අර් ධ පාලනයට යටත්ව තිබුනේ. මගේ දෛවය මේ කාලේ දෙපැත්තට දෝලනය වුනා. මට මැතිවරණ ප්‍රචාරක කටයුතු පවත්වා ගෙන යන්න අවකාශ ලබා දුන් සහෝදරයෝ මහ මග මගෙන් සමු අරන් තිබුන වාර අනන්තයි. මට තිබුන ප්‍රජාතාන්ත්‍රික අරමුණ විරුද්ධ දේශපාලනිකයන් හදුනා ගෙන තිබුන නිසාදෝ මම නිරුපද්‍රිතව රැකුනා.

ඒ දේව වරප්‍රසාදයකින් දෝ මගේ අදහස් ප්‍රකාශ කිරිම සහ මා හදුනාගෙන තිබීම නිසා කියලා අවුරුදු විසිහයකට පස්සේ මම හිතනවා.

දවසක දවස ගැන හිත හිතා ඉන්න මට කොල කෑල්ලක සටහන් වෙලා තියෙන මේ පදවැල හමුවෙනවා. අවුරුදු හතලිහක් විතර වෙන ඒ කාලේ මගේ වයස මේ ගීතය හදුනාගන්නේ අපි පසු බසිමු , අපි හෙමින් කතාකරමු, එකිනෙකා පරදා අපි ඉහල යා යුතු නැහැ කියන්නා වගේ. හැපෙන්න බැරි තැන පසු බහින්න මගේ හිත මේ ගීතය නිසා ඒ කාලේ පුහුණු වුනා. පරිසරයේ ගොඩනැගෙමින් තිබුන මූසල නිහඩතාවය මැදින් මට විශාල වැඩිහිටියෝ පිරිසක් ඇතිවුනා.

මේ විවරණිකාවත් එක්ක අද දිනපොතේ ලියවෙන්නේ විශාරද ගුණදාස කපුගේ යන් ගැයු ගීතයක් ගැන සටහනක්.

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන…..//.

වියරු ගිනි දැල් නොවෙමු
වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු
දැවෙන කැළයට වසින……

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන……

නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන….

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන….//

1971 තරුනයන්ගේ අවදි වීම මම දැක්කේ සතුටු සිතකින්. ඒ කාලේ මගේ වයස අවුරුදු 23යි. 1989 දි මගේ වයස අවුරුදු හතලිස් එකයි.උදාසීන සිතිවිල්ලක් ඇති වෙලා තිබුනා වගේම කොහේදෝ බලපෑමකට අපේ රට විනාශය කරා ගෙන යනවා කියන හැගීමක් ඒ කාලේ ඇති වෙලා තිබුනා.
පෞද්ගලීකරනය කරන්නට නොහැකිවූ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් සහෝදරවරුනුගේ ගිනුමට ලා ගිණිබත් කලා. ඒ තැන්වල සහෝදරයොත් වැටී ගිණි බත්වුනා.
පසුකාලයක මේ ආයතන පෞද්ගලිකරණය වුනා. නැත්නම් අර් ධ රාජ්‍ය සමාගම් බවට පත්වුනා.

අද මම 67 වියේ.
අද මේ දේශපාලන විකාර දැකලා මගේ හිත කම්පා වෙනවා. සියල්ලෝම උත්සහා කරන්නේ “ කදු වෙන්න !.“දේශපාලන කදු වෙන්න.

කිසිවෙකුට සොදුරු අඩහැරයක් , සිහිල දෙන වැස්සක් වන්න ඕන කමක් නැහැ. -අපේ දරුවෝ දකින්නේ නපුරු හීනයක් !.ඒ නපුරු හීනය එක් එක් දේශපාලන කෝන වලින් කැමරා ගත වෙලා අපේ දරුවන්ගේ අනාගතය පේනවා.ඒ හීනය තුලින් ගීණි දැල් මැවෙනවා

1989 දරුවන් 2015 වන විට අවුරුදු විසි හයක දරුවන් බවට පත්වෙලා.මේ අයට සුනිල දිය දහරක් ,සිහිල දෙන වැස්සක සොදුරු අඩහැරයක් වෙන්න මේ මකබාස්ලාට ඕන කමක් නැහැ.

රාජ්‍ය නායකයා පටන් සියල්ලෝම විකාර දොඩවනවා.පිස්සන්ගේ දේශයක අපිත් පිස්සෝ බවට පත්වෙනවා.

අපි බෙලහීන වන විට බාහිර බලවේග අපිව බිලි ගන්නවා.

👮👮👮👮👮👮👮👮👮👮මේ 2015 සටහනක්. අද 2022 සැප්තැම්බර් මස 09 වැනිදා සිකුරාදා . 2015 වසරේ අවුරුදු 67ක් වුන මට අද 74 ගෙවෙනවා. ඒත් මේ විෂම චක්‍රය එලෙසම පරිභ්‍රමනය වෙනවා. 
ඊටත් වඩා අනතුරු දායක ලෙසට.

ගුණදාස කපුගේ ගායනා කල මගේ ජීවිතයයේ ගමන් මගට පහනක් වු “ සබද කදු නොවෙමු “ වර් තමානයේ දේශපාලකයන් ( මුන් දේශපාලනඥයෝ නොවෙයි.) තේරුම් ගන්නේ “සබද අපි කුදු නොවෙමු” කියලා. උන් කුදු තමයි. නපුරු හීනයක් දකිමින් අපි ඉන්නව. 71 දරුවන්ට , 89 වන විට වයස 18 යි. 89 දරුවන්ට 2022 වන විට වයස අවුරුදු 33 යි. පාඩම් ඉගන ගෙන ක්‍රමය වෙනස් කර ගන්න දරුවන්ට හැකි වෙලා තියෙනවා. පාලකයෝ තේරුම් ගත යුත්තක්. "කුදු වෙලා හරියන්නේ" නැහැ.

අරගලය කැරැල්ලක් නොවුනත් කැරල්ලක් බවට පත්කර නිශ්ක්‍රීය කර බවයි මට හිතෙන්නේ.?.
ළමුන් සුව නින්දේ නොනිදන බව පාලකයෝ තේරුම් ගනිමින් සිටිනවා.👮👮👮👮👮👮





notes of imaginary