පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2022-08-19

ගමුකෝ රෙද්දක් අමුඩේ ගහන්න.




දේශපාලනය සමහරුන්ට උණකි. දේශපාලනය දන්නා එවුන් නොව ගොම රිටි දේශපාලනඥයන් වු විට අම්බරුවන් විලස හැසිරෙන අන්දම දකින කතාන්දර අපි ඕනා තරම් අසා ඇත්තෙමු. මෙයත් එවැනි එක් කතාවකි.
මේ රණිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවු සමයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ එතුමා ගේ රජයේ මංත්‍රීවරයෙකුගේ හැසිරීමකි.

නන්දසේන මහතා පොලොන්නරුව අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ බොහෝ දෙනා දන්නා කියන ජනප්‍රිය විදුහල්පති වරයෙකි.
මේ කතාන්දරය දිග හැරෙන සමයේ ඔහු නගරයට ආසන්න විදුහලක විදුහල්පතිවරයෙකු ලෙස සේවය කලාය. ජනප්‍රිය විදුහලක විදුහල්පතිවරයෙක් ලෙස කටයුතු කිරීම අසීරු කටයුත්තකි.

පන්තියක සිටිය යුතු උපරීම ශිෂ්‍ය සංඛ්‍යාව එකල සීමාවුයේ හතලිහකටය.මේ සීමාව ඉක්මවා කටයුතු කිරීමට ඔහුට බාදා ඇත. සිසුන් සංඛ්‍යාව වැඩිවු විට ගුරුවරුන්හට තම සිසුන්ගේ ක්‍රීයාකාරකම් අගයමින් ඉගැන්වීමේ කටයුතු සිදුකිරීම අසීරුය. ගුරුවරුන්ගේ මේ දුෂ්කරතා දෙමව්පියන් අදහන්නේ නැත.
තම විද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යාපනය සහ අධ්‍යාපන ප්‍රමිතීන් මුල්තැන ලා සලකන දඩබ්බර පන්නයේ ප්‍රතිපත්ති දරන විදුහල්පතිතුමා යකාටවත් තම අදහස් වෙනස් කරන්නට කැමතිවුයේ නැත.

මේ කියන වකවානුවේ පොලොන්නරුව ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ගෝල බාලයෙකුට තම දරුවා මේ විදුහලට ඇතුලත් කර ගැණිමට අවශ්‍ය විය. විදුහල්පති වරයා හමුවු ගෝල බාල තුමා තම අදහස සාකච්ඡා කලද විදුහල්පති තුමාට අනුව පංති කාමරයේ ඉඩ නැති පදනම මත දරුවා පාසලට ඇතුලත් කර ගැනීමට නොහැකි බව පවසා යෝජනාව ප්‍රතික්‍ෂෙප විය. එතනින් නොවැතුන ඔහු තමන්ගේ මංත්‍රීරයාවු උත්තමයා වෙත අදහසත් විදුහල්පතිවරයාගේ තීරනයත් සැලකර සිටියේය.

මංත්‍රීවරයා විසින් ලීඛිත ඉල්ලීම් විදුහල්පතිවරයාගේ කුණු කූඩයට විසි වුන බැවින් ගෝලයා මංත්‍රීතුමා වෙත නිතර පැමිණිලි කරන්න විය. ඇතිවු මදි පුංචි කම නිසා මංත්‍රීතුමා කෝප පයට පත්ව පසු දිනක තම පැජරෝවට මංත්‍රී ගෝලයාද නන්වා ගෙන පාසලට පැමිණ විදුහල්පතිවරයා සොයා කාර්යාලයට කඩා වැදුනේය.

💢💢💢💢💢💢💢එතැන් සිට එදා සිදුවු කතා බහ මෙලෙස විය.  
“කෝ මේකේ විදුහල්පති ?. ”
ආයුබොවන් !
වාඩිවෙන්න මංත්‍රීතුමා.
වාඩිවෙන්න නෙමෙයි මොනවද තමුසේ කරන මේ වැඩ?
මෙයාගේ ළමයා අදම පාසලට ඇතුලත් කර ගන්න ඕනි .
මංත්‍රීතුමා , පන්ති කාමරවල ඉඩ නැහැ පන්තියේ ලමයි හතලිහකට වැඩියි.
ඒ නිසා තවත් බරක් වෙන්න ලමයි බාරගන්න බැහැ.

තමුසේගේ කතා වලින් වැඩක් නැහැ මේ ලමයා ගන්න ඔනී.
මට නම් ඒ වැඩේ කරන්න බැහැ.
මන්ත්‍රී උත්තමයාට අන්තිමේදී මල පැන්නේය.
තමුසේ අමුඩයක් ගස්සලා මේ ස්කොලෙන් පන්නන්නේ තේරුනාද ?
තමුසේ කතා කරන්නේ කා එක්කද ?💢💢💢
💣💣💣💣💣මෙච්චර වෙලානම් මංත්‍රීතුමාත් එක්ක.
මංත්‍රීතුමා , මම මෙහේට ආවේ දකුණු පලාතේ ඉදන් .
මගේඅප්පච්චි ගොවියෙක්. කුඹුරු පිටි වගේම හරකා බාන අප්පච්චිගේ උරුමේ. අප්පච්චි වැඩපලට ඇන්දේ අමුඩේ. මාත්මෙහේට ( උතුරුමැද පලාතට ) එන්න ඉස්සෙල්ලා
අප්පච්චීගේවැඩපලට උදව් උනේ අමුඩේ ගහගෙන.
ඉතින් ඔබතුමාට අරුමයක් උන මේ අමුඩේ මට නම් අරුමයක්නැහැ. ගම්මුකෝ රෙදිකෑල්ලක් දැන් අමුඩයක් ගහන්න !.💣💣💣💣💣

මේ වනවිට මංත්‍රීතුමාගේ ගෝරණාඩුවට වටාපිටාවේ ගුරුවරුන්ද කාර්යාලයට රොක්වෙලාය. විදුහල්පතිවරයාගේ දේශණාවට මන්ත්‍රී උත්තමයාට කට උත්තර තිබුනේ නැත.
පිරිස මැද මංත්‍රීතුමා කරකවලා අතහැරියාක් මෙන් විය.
ඔහු ගෝලයාත් නන්වා ගෙන මේ දඩබ්බරයාට හොද පාඩමක් උගන්නම්යයි සිතා පලාත් අධ්‍යාපන කාර්යාලය දක්වා පසුබැස්සේය.

මෙකල කොන්ද පණ නැති විදුහල්පතිවරු , නියෝජ්‍ය විදුහල්පතිවරුතමන් දුන් සාක්‍ෂි කට උත්තර පවා දිවුරුම් පෙත්සම් මගින් අස්කර ගන්නා රටක මේ විදුහල්පතිවරයාට තිබුනේ නොනැමෙන කෂේරුවක් වීම නිසා උතුරු මැද පලාතේ සිට මධ්‍යම පලාතට ක්‍ෂණික මාරුවක් ලැබ කොට්ට මෙට්ට අකුලාගෙන යාමට එදා සිදුවිය.
රනිල්ගේ දෙවර්ෂ පුර්ණය අවසානයේ මන්ත්‍රී උත්තමයාට පාර්ලිමේන්තුව අත්හැර ගෙදර නතරවන්න සිදුවිය.

විදුහල්පතිවරයා මධ්‍යම පලාතේ සිට නැවත එම පාසලටම විදුහල්පතිවරයා ලෙස පත්ව පසු කාලයේ අධ්‍යාපන නිලධාරියෙක්ව විශ්‍රාම ගියේය.









notes of imaginary

2022-08-16

හදවතටවන කම්පන (Heart Attack )



Heart Attack එකක් එන විදිය ගැන ඔයාලට මොන වගේ දැනුමක් ද තියන්නේ?
පොතේ නම් තියන්නේ පපුවේ වම් පැත්තේ ඇට කටු වලට ඇතුලින් එන දැවිල්ලක් නොවන හිරවෙනවා වගේ විනාඩි 20කට වඩා තියෙන කැක්කුමක් ය කියල. මීට අමතරව මේ කියන කැක්කුම පැනඩෝල් වලට අඩුවෙන්නේ නැති වම් අත දිගේ හරි බෙල්ල දිගේ ඉහළට පැතිරිලා යන ගතියකුත් තියනවා. මේ හැර 
දාඩිය දැමීම, හුස්ම ගන්න බැරි ගතියක්, වමනේ ගතියක් වගේම පපුවේ ගැස්ම ගතියක් ද ලෙඩා අත්දකිනවා. 

ලෙඩා මහන්සි වෙච්ච වෙලාවක, බර කෑමක් ගත්තු වෙලාවක, සීතල වෙලාවක (රෑට නාපුවා ම වගේ) සහ හිතට දුකක් දැනිච්ච වෙලාවක හරි තමයි ගොඩක් වෙලාවට මේ තත්වය ඇතිවෙන්නේ.
ඒ තමයි පොතේ තියන විදිය. හැබැයි මේ විදියට ම ලෙඩ්ඩු එන්නේ ටිකක් අඩුවෙන්. 

එතකොට ගෑස්ටික් කැක්කුම ?

හැදුනු අය දන්නවා ඇති. මේකෙදි එන්නේ බඩේ උඩ හරියේ දැවිල්ලක් වගේ කැක්කුමක්. මේක පපුව දිගේ උඩට පිච්චෙනවා පිච්චෙනවා වගේ පැතිරිලා යන ගතියක් තියනවා. ඒ වගේ ම වමනේටත් එනවා. 
ඉතින් මේ දෙකේ තියන සම්බන්ධය මොකද්ද කියල ඔයාල දැන් බලනවා ඇති. මේ කැක්කුම් දෙක හරි විදියට අදුරගන්න ටිකක් විතර අමාරුයි. ඒ කිව්වේ ඔයා කැක්කුම ගෑස්ටික් කියල හිතුවට ඒක ඊට වඩා ගොඩක් භයානක heart attack එකක් වෙන්නත් පුළුවන් කියන එක. මේ කියන කාරණය හන්දම ගොඩ දෙනෙක් අමාරුවේ වැටෙනවා දකින්න පුළුවන්. 
මේ ඒ වගේ ලෙඩ්ඩු දෙතුන්දෙනෙක් ගැන කතා ටිකක්...

පළවෙනි ලෙඩා

මෙයාට පාන්දර දෙකට විතර එක පාරටම බඩේ දැවිල්ලක් ඇවිල්ල. කලින් ගෑස්ටික් තිබිලත් නැහැ. ඒ පාර කෑම ටිකක් එහෙම කාල ආයෙත් නිදාගෙන. ඒත් කැක්කුම අඩුවෙලා ම නැහැ. කොහොමින් කොහොම හරි පාන්දර 6 වෙනකන් ම ගෙදරට වෙලා ඉදල. අඩුවෙලා නැති තැන මෙයාල hospital ගිහින්. යන අතර මගදී මෙයා නැතිවෙලා... 
පහුවෙනිදා මෙයාගේ මරණ පරීක්ෂණය සිදුවෙනවා. ඒකෙදි හෙළිවෙනවා හදවතට රුධිරය සපයන ප්‍රධාන රුධිර නාලිකාවක් අවහිර වෙලා තමයි මෙයාගේ මරණය සිදුවෙලා තියන්නේ කියන කාරණය. ඒ කියන්නේ මෙයා ගෑස්ටික් කියල හිතන් හිටියට ඇත්තටම වෙලා තියන්නේ Heart Attack එකක් ආපු එක. දන්නේ ම නැතිව තත්වය උත්සන්න වෙලා තමයි මෙයාගේ මරණය සිදු වෙන්නේ.

දෙවැනි ලෙඩා.

මෙයා මට හමුවෙන්නේ පහුගිය සතියේ දවසක. 
ඩොක්ටර් මං අද දවල් ඇඹරැල්ල මාළුවක් එක්ක බත් කෑවා. තව මිරිස් මාළුත් තිබුණ. දැන් නිකන් බඩ අප්සට් වෙලා වගේ... 
එහෙම කියද්දී මට හිතුනේ මෙයා කොහෙන්ද ජරාවක් කාල දැන් බඩේ අමාරුවක් හදාගෙන කියල.
වමනේ ගියාද ? නැහැ. 
බඩ එළියේ ගියාද ? නැහැ
බඩ නිකන් පෙරළෙනවා පෙරළෙනවා වගේ ද? ඒත් නැහැ. ඒත් මගේ පපුව නිකන් පිච්චෙනවා පිච්චෙනවා වගේ.
කලින් ගැස්ටික් හැදිලා තියනවා ද? ඔව් 
කැක්කුම ඒ වගේ ද? 
ටිකක් විතර කල්පනා කරපු ලෙඩා එකනම් හරියට හිතාගන්න අමාරුයි කියල කියපු හන්ද ම මං ECG එකක් ගන්නයි කියල කිවුවා.
ECG එක ආපුවාම දැකපු දෙයින් මං අන්දුන් කුන්දුන් වෙලා ගියා. මේ බඩේ අජිරනයක් කියල තව ටිකෙන් බෙහෙත් ටික දීල ගෙදර යවන ලෙඩාට Heart Attack එකක්. 

මං හදිසියේ දෙන්න ඕනි බෙහෙත් ටික දීල ලෙඩාව වහාම ඉස්පිරිතාලෙට පිටත් කරලා ඇරිය. මේ ලෙඩා තාමත් ඉස්පිරිතාලේ.
එක පාරක් Heart Attack එකක් හැදුනු ලෙඩෙක් ටිකට් කපල ගෙදර එවනකොට පොඩි උපදෙස් ටිකක් දෙනවා. 
ඔයා සතියක් යනකම් හොදට rest කරන්න ඕනි. හෙට ඉදන් දවසට පොඩ්ඩක් ගේ වටේ එහෙම ඇවිදින්න ඕනි . ටික ටික ඇවිදින ප්‍රමාණය වැඩි කරන්න ඕනි. 
සති තුනක් යනකම් බර වැඩ, වාහන එලවන වැඩ, දර පලන වැඩ එහෙම මුකුත් බැහැ. ඒ වගේම වැදගත් ම එක සති දෙකක් යනකම් ලිංගික ක්‍රියාකාරකම් තහනම්. 

මෙහෙම නීති දාන්නේ මේ කියන කාල සීමාවේ දී ආයෙම Heart Attack එකක් එන්න ගොඩක් ලොකු chance එකක් තියන හන්ද...
මෙහෙම කීවට දවසක් Heart Attack එකක් හැදිලා ටිකට් කපල ගෙදර ගියපු ලෙඩෙක් අමාරුවක් නැති හන්ද පහුවෙනිද ම වෙළට ගිහින්. දෙපාරයි උදැල්ලෙන් කොටලා තියන්නේ. පපුවේ කැක්කුමක් ඇවිත්. මනුස්සයාට වෙලෙන් ගොඩ එන්න වත් හම්බවෙලා නැහැ. 
තව එකක් තමයි වරක් Heart Attack එකක් ආපු ලෙඩෙක් ජිවිත කාලයටම ගන්න ඕනි බෙහෙත් ටිකක් තියනවා.. 
ඔයා Heart Attack එකක් ඇවිත් තියන ලෙඩෙක් නම් දන්නවා ඇති ක්ලිනික් ගියාට ඔයාව හරියට බලන්නෙත් නැහැ. doctor එකම බෙහෙත් ටික ඔහේ ලියල දෙනවා.

ඇත්තම කිවොත් ඇඟට අමාරුවකුත් නැති හන්ද ටිකෙන් ටික ලෙඩාට හිතෙනවා මේ බෙහෙත් නතර කරන්න ඕනි කියල. 
එහෙම නතර කරපු ගොඩක් ආයෙම Heart Attack හදාගෙන hospital එනවා... ගොඩ දෙනෙක් අමාරුව වැඩිම වෙන්න කලින් එන හන්දම බේරිලා ගෙදර යනවා... 

ඉතින් අන්තිමට කියන්න තියන්නේ ඔයාට ගෑස්ටික් වගේ කැක්කුමක් ආවොත්. කලින් ගෑස්ටික් හැදිලා නැතිනම් අනිවාර්යයෙන් ම ECG එකක් ගහල බලන එක ඇඟට ගුණයි කියන එකයි.
කලින් ගෑස්ටික් හැදිලා තියන කෙනෙක් නම්, කැක්කුම වෙනද වගේ නැතිනම් ඒත් ECG එකක් ගහල බලන්න. 

private බෙහෙත් ගන්න එන ගොඩ දෙනෙක් ECG එකට රුපියල් 500ක් විතර යන හන්ද වැඩේ අදිමදි කරනවා. ඒත් එක කරන්න එපා කියල මං ඔබෙන් ඉල්ලන්නම්. එහෙම සල්ලි නැතිනම් ළඟම රජයේ රෝහලට එන්න. සේරම නිකන් කරලා දේවි.

ඒ වගේ ම Heart Attack එකක් ආවොත් අර සති තුන අනිවාර්යයෙන් ම doctor උපදෙස් දෙන විදියට ම ඉන්න. ඒ වගේ ම එකම බෙහෙත් ටික දුන්නත් ඒ ටික කියන කාලයක් යනකන් ගන්න.
Heart Attack එකක් එන එක වළක්වා ගන්න එකත් මේ වගේ ම වැදගත්. 
සරලව කිවොත් තෙල් කෑම වැඩිය කන්න එපා. සිනි කෑම වැඩිය කන්න එපා.
දුම් පානය කරන්න එපා. මත් ද්‍රව්‍ය ගන්න එපා. 
දවසට අඩුම පැය භාගයක් වත් හොදට දාඩිය දාන්න excercise කරන්න.අඩුම තරමේ ඇවිදින්නවත් යන්න. 

ඔයා වයස 30ට වඩා වැඩිනම් අනිවාර්යයෙන් ම රුධිර පීඩනය, රුධිරයේ සීනි මට්ටම සහ කොලෙස්ටෙරෝල් මට්ටම කොහොමද කියල වසරකට සැරයක්වත් බලාගන්න. මොකද ඒ දේවල් heart attack එකක් එන්න තියන chance එක ඉහල දමනවා...

💢💢💢💢💢උපුටා ගැනීම - ඩොකාගේ ඩයරියෙනි... මුහුණු පොත
notes of imaginary