පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2014-10-13

අසල්වාසියාගේ සටන



අසල්වාසියාගේ සටහන ලියපු මට අසල්වාසියාගේ සටන ගැනත් ලියන්න අවස්ථාව සැලසුනා.

පසුගිය දිනක රාත්‍රියේ කඩා පැන්න මැර හමුදාවක් සබරගමුව සිසුන්ට පහර දීලා. ඔවුන් ඉදිකල  අට්ටාලෙත් “දියව් සහ ගනිව් “ කියලා ප්‍රදර්ශනය කරලා තිබුන පෝස්ටර් කුළුනුත් ගිණි තියලා පලා ගිහින් !. සබරගමුව සිසුන්  කිහිප පොලකට තුවාල කරලා රෝහල් ගත වෙන්න වැඩ සලස්වලා.

බිම ඉදගන්නත් ඇත්ත කියන්නත් බය වෙන්න එපා කියලා  හිතුවත් මේ සිද්ධියේදී මොකක්දෝ අඩුපාඩුවක් වෙලා කියලා අසල්වාසියාට හිතුනා.
සබරගමුව විශ්ව විද්‍යාලයේ සටන්කාමී දරුවන්ට මැර ප්‍රාහාරයක් එල්ල කරපු එක ගැන අසල්වාසියාට ඇතිවුනේ බලවත් විරෝධයක් සහ කේන්තියක්.

මේ මැරයෝ අතර නායක මැරයා ලදරු දේශපාලන - ඥයෙක් . කියලයි කියන්නේ. ලදරුවන්ට චූ කරන්නවත් පාලනයක් නැහැනේ.සිසුන් අට්ටාලගතවෙලා - විශ්ව විද්‍යාලය දින නියමයක් නැතිව වහලා. සිසුන් කර ගන්න වැඩේ හරි කියලා කවුරුවත් වගේ අසල්වාසියත් පිලි ගන්නේ නෑ.බල්ලාගේ වැඩේ බල්ලට පවරලා බූරුවගේ වැඩේ බුරුවා කරනවා නම් විශ්ව විද්‍යාලේ වහන්න හේතු ඇති වෙන්නේ නෑ.

ඒ මැදට ඌරොත් පැන්නම වැඩේ තවත් මඩ වෙනවා. දැන් වෙලා තියෙන්නේ ඒ වගේ වැඩක්.  ගමේ දේශපාලන - ඥයෙක් කාඩ් එක ගහගන්න කරපු වැඩකින් උන්නැහේට වෙලා තියෙන්නේ අනුන්ගේ පලංචිවල කූඤ්ඤ ගලවන්න ගිය වදුරට වුන වැඩේ. දැකපු සිහින බොද වෙලා වල්ගේ හිර වෙලා හිරේ විලංගුවේ වැටෙන්න මග පාදා ගෙන.

අම්ම - තාත්තගේ  පපුවේ ගින්දර පත්තු කරන්නේ නැතිව දේශපාලන ලනු ගිලින්නේත්  නැතිව උපේක්‍ෂාවෙන් දරුවෝ අකුරු කර ගන්නවා නම් කොයිතරම් අපූරුද ?.


notes of imaginary

සැරද ! ජයලලිතා.












දේශපාලනය අමුතු දෙයක්. බලයත් එක්ක ධනය ගලා එන්නා වගේම බලය නැතිවුනහම ධනය විතරක් නෙමෙයි තමුනුත් පිරිහිලා අවලංගු කාසි බවට පත්වෙනවා.
තමිල්නාඩුවේ මහ ඇමතිනි ජයලලිතා මහත්මියගේ ජීවන චරිතය මේ දිනවල අර්බූදයට ලක්වෙලා. 
ඈ අහසින් පොලොවටවත් වඩා පහලට පත් වෙලා.මේ බලන්න ඇයට බලයත් සමග ලැබුන දේවල් ! .



notes of imaginary