පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2013-09-01

පොලොන්නරුව ඉතිහාසයෙන් .




ශත වර්ෂ හතක් නිදිගත් වනව සිටි පොලොන්නරුව පිබිදීමට පටන්ගත්තේ බ්‍රිතාන්‍ය පාලනයේ අවසන් භාගයේදී ය. බ්‍රිතාන්‍යයන් විසින් වනාන්තරයට යටවී තනිවු අපේ උරුමය නැවත එලි පෙහෙලි කරමින් ඇරඹු සංවර්ධණය අග්‍රාමත්‍යය ඩී.එස් සේනානායක මැතිදුන්ගේ නව ගොවි ජනපද ව්‍යාපාරයන් සමග නිල්ල පිරුණු ගොවි ජනපදයක් බවට පොලොන්නරුව පත්විය.


අතීත පුරා විද්‍යාත්මක වටිනාකම් රැසක් අපට ඉතිරි කළ පුලතිසි පුරවරය ලෙස හැදුන්වු පොළොන්නරුව වර්තමානයේ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් ක‍ර ඇති, අපේ අතීත සෞභාග්‍ය ලෝකයට කියා පාන භුමියකි. .

පොලොන්නරු පූජා භූමිය වෙන්වත් වානිජ නගරයක් ලෙස කදුරුවෙල නව නගරයක් ලෙස බිහිවී තිබේ. පොළොන්නරුව දුම්රිය ස්ථානය , බස් නැවතුම් පොල සහ ව්‍යාපාරික ස්ථාන නව පොළොන්නරු නගරය වන කදුරුවෙල පිහිටා ඇත.

පැරණි අනුරාධපුරයේ මෙන් පොලොන්නරුවේ පැරණි නගරයේ නටඹුන් මත ගොඩනැගිළි ඉදිවී නැති බව අපට නිරීක්‍ෂනය වන්නකි

ඓතිහාසික පොළොන්නරුව නගරයක් ලෙස නිර්මාණය කරන ලද්දේ කවර කාලයකදී දැයි නිශ්චිත නැත. විජය රජුගේ විජය නම් අමාත්‍ය වරයෙකු ඉදිකල විජිතපුරය ඓතිහාසික පොළොන්නරුව බව එක් මතයකි. දුටුගැමුණු රජු විනාශ කරන ලද එළාර රජුගේ විජිතපුර බළකොටුව පොළොන්නරුව ආසන්නයේ තිබෙන්නට ඇතැයි ද විශ්වාසයකි

දුටුගැමුණු රජතුමා අනුරපුරය ආක්‍රමණය කරද්දී කන්දවාරපිට්ඨි නම් තැනක කඳවුර ලා ගත් බවත් එය පොළොන්නරුව බවටත් මතයක් ද පවතී. එසේම 1 උපතිස්ස රජ දවස පුලස්තිපුර වැවක් කරවූ බව ඇති සෙල්ලිපියක් හමුව ඇත. ඒ හැරුණු කොට 4 අග්බෝ, 7 අග්බෝ, 2 සේන, 5 සේන රජවරුන් පොළොන්නරුව අගනුවර කරගෙන රජකම් කර ඇත.
පස්වැනි මිහිදු රජු සමයේ සොළීහු මෙරට ආක්‍රමණය කොට පොළොන්නරුව සිට රටේ පාලනය ගෙන ගියේය. වර්ෂ 1065 දී සොළීන් පළවාහැර අනුරාධපුරයේදී රාජ්‍ය අභිෂේක ලබන මහා විජයබාහු රජු පොළොන්නරුවට පැමිණ එය අගනුවර කර ගැනීමෙන් පොළොන්නරුවේ සිංහල රාජ වංශය ආරම්භ විය.
ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත කරමින් මෙරට පාලනය කරනු ලැබු මහා පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේ දැවැන්ත වාරිමාර්ග පද්ධතීන්ද ඉදි කර තිබේ. වර්ෂ 1164 දී පොළොන්නරුවේ රජ පැමිණ 33 වසරක් එතුමන් රට පාලනය කළ බව සදහන්වේ.එකළ රාමඤ්ඤ පුරය, පඩි රට, රාජිනා පුරය ආදී විදෙස් රාජ්‍යයන් කිහිපයක්ද යටත් කරගත් බව මහාවංශයේ සඳහන් වේ. පෙළොන්නරුවේ ඇති නටඹුන් වලින් වැඩි ප්‍රමාණයක් මෙම පරාක්‍රමබාහු රජතුමාගේ පාලන සමයේ ඉදිකරවන ලද ගොඩනැගිළිය.
වර්ෂ 1197 දී රජ පැමිණී නිශ්ශංකමල්ල රජු බොහෝ වෙහෙර විහාර කරවා ප්‍රතිසංස්කරණය කල බව ඉතිහාසයයේ සදහන්වේ. පොළොන්නරුවේ ඓතිහාසික ගල්පොත නැමැති සෙල්ලිපිය මෙම රජුගේ ලේඛනයකි.
අනුරාධපුර සමයේදී ද පොළොන්නරුවේ දියුණු නගරයක් ලෙස පවතින්නට ඇති බවට සාධක පොත පතෙහි සදහන්වේ. .පොළොන්නරුව පිළිබඳ මහාවංශයේ පළමුවැනි උපතිස්ස රජු ක්‍රීස්තු වර්ෂ 365 ත් 406 ත් අතර තෝපා වැවබැන්දවු බව සදහන් කරයි . ක්‍රිස්තු වර්ෂ 633 දී තුන්වැනි අග්‍රබෝධි රජු විසින් කරවන ලද ආරාමයක් පිළිබඳ තොරතුරුද සඳහන් වේ.
රජවරුන් පහළොස් දෙනෙක් සහ ලීලාවතී හා කළ්‍යාණවතී නැමැති රැජිනියන් ද පාලනය කළ පොළොන්නරු රාජධානිය සොළි ආක්‍රමණයෙන් බිඳවැටේ.
ඉන් පසු කාලිංග මාඝ නම්වු සොළි රජු ගේ පාලනය ඇරඹේ. මෙකළ ඇතිවු හින්දු සංස්කෘතිකමය ආභාෂයන් ශිව දේවාල, පොලොන්නරුවේ සදකඩපහන ආදී නිර්මාණවලින් හදුනාගත හැකිවේ. සටහන්වේ.
නැවත දෙවැනි පරාක්‍රමබාහු කාලිංඝ මාඝ පරාජය කර දඹදෙණිය සිය රාජධානිය කර ගත්තේය.
ඉතිහාසය පොළොන්නරු යුගය අවසන් කරන්නේ තුන්වැනි පරාක්‍රමබාහු රජතුමාගෙනි. ඔහු ක්‍රිස්තු වර්ෂ 1298 සිට 1303 දක්වා වසර පහක් පොළොන්නරුවට වී රට පාලනය ගෙන ගියේය.

 

පොලොන්නරු යුගයේ පාලනය කල රජවරුන්ගේ පාලන කාලයන්


👪1017 දී අනුරාධපුර රාජධාණිය බිද වැටුනේ යයි සදහන්ය

  1. පස්වෙනි මහින්ද (මිහිදු) 982-1029
  2. හතරවන කස්සප 1029-1040
  3. මහලාන කිත්ති 1040-1042
  4. වික්‍රම පණ්ඩු 1042-1043
  5. ජගතිපාල (ජගත්පාල) 1043-1046
  6. පරාක්‍රම පණ්ඩු 1046-1048
  7. ලෝක (ලෝකිස්සර ,ලෝකේශ්වර ) 1048-1054
  8. හත්වන කස්සප 1054-1055
  9. පලමුවන විජයබාහු(විජය-බා) 1055 -1110
  10. පලමුවන ජයබාහු 1110 – 1111
  11. පලමුවන වික්‍රමබාහු 1111 – 1132
  12. දෙවන ගජබාහු 1132 – 1153
  13. පලමුවන පරාක්‍රමබාහු (පැරකුම්බා) 1153 – 1186
  14. දෙවන විජයබාහු 1186- 1187
  15. නිශ්ශංකමල්ල 1187 – 1196
  16. දෙවන වික්‍රමබාහු 1196 – ——
  17. චෝඩගංග 1196 – 1197
  18. ලීලාවතී රැජිණ 1197 – 1200
  19. සහස්සමල්ල 1200 – 1202
  20. කල්‍යාණවතී රැජිණ 1202 – 1208
  21. ධර්මාශෝක 1208 – 1209
  22. අනිකංග මහාදිපාද 1209———
  23. ලීලාවතී රැජිණ (දෙවන රාජ්‍ය කාලය ) 1209 – 1210
  24. ලෝකේශ්වර 1210 – 1211
  25. ලීලාවතී රැජිණ (තුන්වන රාජ්‍ය කාලය) 1211 – 1212
  26. පරාක්‍රම පණ්ඩු 1212 – 1215
  27. මාඝ ( කාලිංග විජයබාහු) 1215 – 1236
  28. තුන්වන විජයබාහු 1232 – 1236 ( දඹදෙණිය රජ කලේය)
  29. දෙවන පරාක්‍රමබාහු (පන්ඩිත දෙවන පරාක්‍රමබාහු) 1236 -1270
  30. හතරවන විජයබාහු (බොසත් විජයබා) 1270 – 1272
  31. බුවනෙකබාහු 1272 – 1284 (දඹදෙණිය සහ යාපහුව රාජධාණි )

notes of imaginary

ඩී.සි.ඩී. (DCD) අඩංගු කිරිපිටි - අසල්වාසියාගේ අදහස


ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන, කිරිපිටිවල ඩයිසයන්ඩයිඑමයිඩ් (DCD) නමැති රසායනික ද්‍රව්‍ය අඩංගු වී ඇති දැයි යන සැකයත් සමග මතුවූ සමාජමය කැළඹීම, තවමත් කිරිපිටි පරිභෝජනය කරන ජනතාව අතර විවිධ අපැහැදිලි මතවාදයන්ට තුඩු දෙමින් පැතිර යන බව පෙනී යයි. මාධ්‍ය මගින් පළවන වාර්තා මගින් ඔවුන්ගේ අදහස්‌ විවිධ දිශාවන්ට දොaලනය කරනු ලබන බව පෙනේ. එම මතවාදයන්ට වඩාත් පුළුල් පැහැදිලි කිරීමක්‌ ලබාදීමත්, සමස්‌තයක්‌ ලෙස මේ සම්බන්ධව උනන්දු වන සියලුම ලාංකිකයන්ගේ අවබෝධය වර්ධනය කිරීමත් මෙම ලිපියේ අරමුණු අතර වේ.

DCD යනු කාබන්, නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍ය විවිධ ප්‍රමාණයන්ගේ එකතුවෙන්, කෘතිමව සෑදූ රසායනිකයකි. මෙසේ කෘතිමව නිපදවනු ලබන DCD වල භාවිතය විවිධාකාර වේ. ඒ අතරින් බහු අවයවික කර්මාන්තයේ දී (Polymer Industry) භාවිතා කරනු ලබන මෙලමයින් සංයෝගය සෑදීම (වසර කිහිපයකට පෙර කිරිපිටිවල ඇතැයි හඳුනා ගනු ලැබුවේ මෙම රසායනික සංයෝගයයි) පරිසර දූෂණය පාලනය කිරීමට නවසීලන්තය සහ සත්ත්ව නිෂ්පාදන (විශේෂයෙන් ගව පාලනය) සිදු කරනු ලබන වෙනත් රටවල තෘණ භූමි සඳහාත් භාවිතය, ප්‍රධාන වේ.

තණ බිම්වල දවසේ වැඩි කාලයක්‌ ගත කරන දහස්‌ ගණන් ගවයන් පරිසරයට මුදාහරින මුත්‍රා ප්‍රමාණය (පරිමාව) ඉතා විශාල වේ. මුත්‍රාවලට ආවේණික ගන්ධයක්‌ ඇති බව සියලු දෙනාම දන්නා කරුණකි. මෙම ගන්ධයට හේතු වනුයේ ඇමෝනියා නමැති රසායනික සංයෝගයයි. ඇමෝනියා රසායනික වශයෙන් නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍යවලින් සෑදුණ සරල සංයෝගයක්‌ වන අතර, එය වායුවක්‌ ලෙස අවට වායු ගෝලයට මුදාහැරීමේදී මුත්‍රාවලට ආවේනික ගන්ධය අපට දැනේ. ඇමෝනියාවල ඇති නයිට්‍රජන් වාතයේ, පොළොවේ ඇති ඔක්‌සිජන් සමග සම්බන්ධවීම විද්‍යාත්මකව ඔක්‌සිකරණය ලෙස හැඳින්වේ. මෙම ක්‍රියාවලියේදී ජලයේ අසීමිත ලෙස දියවන නයිට්‌රේට නමැති රසායනික සංඝටකය සහ වායුමය නයිටි්‍රක්‌ ඔක්‌සයිඩ් සහ නයිට්‍රස්‌ ඔක්‌සයිඩ් පරිසරයට මුදාහැරේ. මෙසේ මුදාහරිනු ලබන ද්‍රව්‍යමය සහ වායුමය සංඝටකයන් පිළිවෙළින් ජල දූෂණයට සහ වායු දූෂණයට සෘජු ලෙසම බලපාන රසායනික සංයෝග වේ.

තෘණ මගින්, මේ ආකාරයට ගවයන් තුළට DCD ඇතුළු වුවත්, ගවයාගේ බහිස්‍රාවී ද්‍රව්‍ය (ගොම සහ මුත්‍රා) මගින් DCD බැහැරවීමට ඇති ඉඩකඩ වඩාත් වැඩිය. ඒ අනුව ගවයාගේ ශරීරයේ අනිකුත් ඉන්ද්‍රියන්ට ද ඇතුළු වීමෙන් පසු, ප්‍රමාණාත්මකව නිර්ණය කළ හැකි මට්‌ටමින් DCD, පළමුව දියර කිරිවලත්, දෙවනුව කිරිපිටි තුළත් අඩංගුවේ යෑයි සිතීම ප්‍රශ්නාර්ථයක්‌ ගෙන දෙන්නකි.

එසේ නම් ප්‍රමාණාත්මකව නිර්ණය කළ හැකි මට්‌ටමින් DCD කිරිපිටිවල පැවතීමට වෙනත් මාර්ගයක්‌ තිබිය යුතුය. දියර කිරිවල මිල නියම කිරීමේදී, සෞඛ්‍යමය වශයෙන් වැදගත් වන එක්‌ සංඝටකයක පැවැත්මේ ප්‍රමාණය මෙහිදී අවධානයට යොමුවේ. එම සංඝටකය දියර කිරිවල අඩංගු ප්‍රොaටීන ප්‍රමාණයයි. ඒ අනුව ප්‍රොaටීන වැඩි ප්‍රමාණයක්‌ සහිත දියර කිරිවලට වඩා වැඩි මිලක්‌ නියම වේ. ප්‍රොaටීන සෑදෙනුයේ ඇමයිනෝ අම්ල නමැති සරල තැනුම් ඒකක විශාල සංඛ්‍යාවක එකතුවෙනි. සෑම ඇමයිනෝ අම්ල ඒකකයකම පොදු ලක්‍ෂණයක්‌ වනුයේ එහි නයිට්‍රජන් ඒකකයක්‌ පැවතීමයි. ඒ අනුව ප්‍රොaටීනවල ඇති නයිට්‍රජන් ප්‍රමාණය මැන බැලීම, එහි ඇති මුළු ප්‍රොaටීන ප්‍රමාණය පිළිබඳ මිනුමක්‌ වේ. ප්‍රොaටීන මැනීම සඳහා භාවිතා කරන නයිට්‍රජන් ප්‍රමාණය මැනීමේ ක්‍රමවේදයට, කුමන ආකාරයකින් නයිට්‍රජන් කිරිපිටිවල තිබේදැයි (ප්‍රොaටීන නයිට්‍රජන් සහ ප්‍රොaටීන නොවන නයිට්‍රජන්) හඳුනා ගැනීමට හැකියාවක්‌ නැත. ඒ අනුව නයිට්‍රජන් අඩංගු කිරිපිටි සමග හොඳින් ගැලපෙන, ප්‍රොaටීන නොවන වෙනත් ද්‍රව්‍යයකට වුවද, මෙම පරීක්‍ෂණයේදී සත්‍ය ප්‍රමාණයට වඩා ප්‍රොaටීන් ප්‍රමාණය වැඩි ලෙස පෙන්වීමට දායක විය හැකිය.

DCD වල රසායනික ව්‍යqහය බැලූ විට එහි එක්‌ ඒකකයක නයිට්‍රජන් ඒකක හතරක්‌ පවතතී. DCD පහසුවෙන් ජලයේ දියවන, ගඳ සුවඳක්‌ නැති ක්‍ෂණික හානි කර තත්ත්වයක්‌ ඇති නොකරන රසායනික ද්‍රව්‍යයකි. වඩාත්ම අවධානයට යොමු විය යුතු කරුණ වනුයේ, ප්‍රොaටීනවල තැනුම් ඒකකය වන ඇමයිනෝ අම්ල ඒකකයක්‌ මගින් නයිට්‍රජන් කොටස්‌ එකක්‌ ලබාදෙන විට, DCD මගින් එමෙන් හතර ගුණයක්‌ ලබාදීමයි. ඒ අනුව කිරිපිටිවල ප්‍රොaටීන අගය වැඩි කිරීමට DCD භාවිතා කළ හැකි සේම, කිරිවල පවතින ස්‌වාභාවික ප්‍රොaටීන වෙනත් වටිනාකමින් වැඩි නිෂ්පාදන සෑදීම සඳහා ඉවත් කරගෙන එම අඩුව සකස්‌ කිරීමට DCD පහසුවෙන් යොදා ගැනීමේ හැකියාව ද බැහැර කළ නොහැක.

කිරිපිටිවල මෙලමයින් රසායනය ඇතුළු කිරීම තුළ ඇත්තේ ද මෙයට සමාන තත්ත්වයකි. තෘණභූමිවලට යොදන DCD නිර්ණය කළ හැකි ප්‍රමාණවලින් කිරිපිටිවල අන්තරගතවීම සැක සහිත වුවද, ප්‍රමාණාත්මකව ප්‍රොaටීන පෙන්වීමට, DCD කිරිවලට එකතු කරහොත් (adulteration), ස්‌ථිර වශයෙන්ම නිර්ණය කළ හැකි මට්‌ටමක අගයක්‌ ගැනීම සැකයෙන් තොරව පිළිගත හැකි කරුණකි.

DCD විෂ රහිතද?

DCD වල අහිතකර භාවය පිළිබඳව පවතින කරුණු තවමත් විවාදයට තුඩු දෙන සුළුය. මිනිසුන් සම්බන්ධව සිදු කරන ලද විධිමත් විද්‍යාත්මක සොයා ගැනීම් තවමත් මෙම ලියුම්කරු දන්නා තරමින් සම්පූර්ණත්වයට පත්වී නොමැත. එයට ප්‍රධාන හේතුව වනුයේ DCD මිනිසුන් පාරිභෝජනය කරන ද්‍රව්‍ය සමග ශරීරගත විය හැකි ආකාරයක්‌ සාමාන්‍යයෙන් නොපැවතීමයි. කිරිපිටි තුළින් DCD ශරීරගතවීම මෑතකදී අවධානයට ලක්‌වූ කරුණක්‌ බැවින්, DCD ශරීරයට හානිදායක නොවන අයුරින් ඇතුළත් විය යුතු උපරිම මට්‌ටම තීරණය කිරීමට තවත් කාලයක්‌ ගත වනු ඇත. පැහැදිලි නිගමනයන් නොමැති පසුබිමක, පාරිභෝගිකයන් වශයෙන් අප පිළිගත යුත්තේ DCD පරිභෝජන ද්‍රව්‍යවල නොතිබිය යුතු බවයි. කිරිපිටි සමග හෝ අනෙකුත් ආහාර සමග DCD හෝ වෙනත් රසායනික ද්‍රව්‍යයක්‌ මුසුවී ඇතැයි සැක කරන්නේ නම්, එය බැහැර කිරීමට තරම් අප බුද්ධිමත් පාරිභෝගිකයන් විය යුතුය.

DCD ඇති බව ශ්‍රී ලංකාවේ දී නිර්ණය කළ හැකිද?

විවිධ පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු දෙස බැලූ විට DCD ලංකාව තුළදී නිර්ණය කළ හැකිද යන්න මතභේදයට තුඩු දෙන්නකි. විශ්ව ගම්මානයක්‌ බවට ලෝකය හැකිලී ඇති අද වැනි කාලයක ඒ සඳහා තාක්‍ෂණික ක්‍රමවේදයන් ශ්‍රී ලංකාවේ නොමැතිවීම පිළිගැනීමට අපහසු කරුණකි. එම අදහස ඇතිව මෙම කරුණ පිළිබඳව සොයා බැලීමේදී ලියුම්කරුට දැන ගැනීමට ලැබුණ තොරතුරු සාමාන්‍ය ජනයාට තේරුම්ගත හැකි පරිදි මෙහි සඳහන් වේ.

කිරිපිටි නිෂ්පාදනවල DCD අඩංගු යෑයි ප්‍රධාන ලෙසම වාර්තා වූ සමාගම සඳහන් කළේ, DCD නිර්ණය සඳහා අවශ්‍ය ක්‍රමවේදය පරීක්‍ෂණ කටයුතු සිදු කරන කාර්මික තාක්‍ෂණික ආයතනය (පෙර පැවැති ලංකා විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ ආයතනය - ක්‍ෂීෂR) සතුව නොමැති බවයි. ඒ අනුව ජනමාධ්‍ය තුළින් ඔවුන් සඳහන් කළේ, මේ සඳහා අවශ්‍ය වනුයේ ද්‍රව වර්ණලේඛන ශිල්පය සමග සම්බන්ධ වූ ස්‌කන්ධභේද වර්ණාවලිය අනුව DCD නිර්ණය කිරීමේ ක්‍රමවේදය බවයි. ඛCරැඵී-ඵී ලෙස මෙය කෙටියෙන් හැඳින්වේ. කාර්මික තාක්‍ෂණ ආයතනය මේ සම්බන්ධයෙන් මේ වන විට භාවිත කරනුයේ ද්‍රව වර්ණලේඛන ශිල්පයම වන අතර, එයට සම්බන්ධ වූ පාරජම්බුල/දෘෂ්‍ය වර්ණාවලිය අනුව DCD නිර්ණය කිරීම සිදු කරයි. මෙම ක්‍රමවේදයන් දෙක පිළිබඳවම සාමාන්‍ය ජනයාට අවබෝධයක්‌ නොමැත. එබැවින් සැමට අවබෝධ වන ලෙස සරලව පැහැදිලි කරගැනීමට පහත උදාහරණය දැක්‌වීමට අදහස්‌ කරමි.

කොළඹ සිට අනුරාධපුරයට යැමට අවශ්‍යව ඇති කෙනකුට කොළඹ සිට කුරුණෑගල, දඹුල්ල හරහා කැකිරාව දක්‌වා ගොස්‌ කැකිරාවෙන් තලාව පාරට හැරී අනුරාධපුරයට ළඟා විය හැක. තව කෙනකුට මේ අයුරින්ම කැකිරාව දක්‌වා පැමිණ, මරදන්කඩවල හරහා අනුරාධපුරයට පිවිසිය හැක. වායුසමනය කළ බස්‌ රථ මරදන්කඩවල හරහා පමණක්‌ යන බැවින්, මරඳන්කඩවල හරහා යන තැනැත්තාට වායුසමනය කළ බස්‌ රථයකින් අනුරාධපුරයට යා හැකි වන විට, තලාව හරහා යන තැනැත්තාට යා හැකි වනුයේ සාමාන්‍ය බස්‌ රථයකින් පමණි. කෙසේ වුවත් දෙදෙනාටම ගැටලුවකින් තොරව ඔවුන්ගේ ගමනාන්තය වන අනුරාධපුරයට ළඟා විය හැකිය. DCD නිර්ණය කරන ක්‍රමවේදයන් දෙක තුළ ඇත්තේ ද මෙයට සමාන තත්ත්වයකි. වායුසමනය කරන ලද බසයක සහ සාමාන්‍ය බස්‌ රථයක ගමන් කරන විට ඇතිවන පහසු අපහසුතා මෙම ක්‍රමවේදයන් දෙක තුළ ද ඇත.

කෙසේ වුවද, විද්‍යාත්මක සහ අන්තර්ජාතික මට්‌ටමින් පිළිගන්නා සත්‍යය නම් මෙවැනි නව පරීක්‍ෂණයක ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට පෙර එම ප්‍රතිඵලවල නිවැරදිභාවය තහවුරු කරනු පිණිස පරීක්‍ෂණ ක්‍රියාවලියක්‌ සිදු කිරීමයි. මෙම ක්‍රියාවලිය, පරීක්‍ෂණයේ වලංගුභාවය තහවුරු කිරීමේ (Analytical Method Validation) ක්‍රමවේදය ලෙස හැඳින්වේ.

ඉහත සඳහන් කරන ලද ක්‍රමවේදය මගින් DCD නිර්ණය කිරීමේදී, DCD තිබේ නම් එයට අදාළ සංඥවක්‌ (ඡැaන) දැකිය හැක. මෙම සංඥව හඳුනා ගැනීම පිණිස පළමුව DCD වල ප්‍රමාණය ස්‌ථිරවම දන්නා ද්‍රdවණයකින් (Standard Solution) නිශ්චිත ප්‍රමාණයන් උපකරණයට ඇතුළත් කරනු ලැබේ. ඒ අනුව DCD වලට අදාළ සංඥව පෙන්වන ස්‌ථානය සොයා ගනු ලබයි. පරීක්‍ෂාවට ලක්‌ කරන කිරිපිටිවලින්, නියමිත ක්‍රමවේදයට අනුව සකස්‌ කරගන්නා ද්‍රdවණ, සමාන තත්ත්ව යටතේදී වෙන් වෙන් වශයෙන් උපකරණයට ඇතුළත් කරනු ලබයි. DCD වලින් පළමුව සංඥව පෙන්නුම් කරන ලද ස්‌ථානයේම කිරිපිටි මගිනුත් සංඥවක්‌ පෙන්නුම් කරයි නම් එම කිරිපිටිවල DCD ඇති බවට තහවුරු වේ. කිරිපිටි නිස්‌සාරණයෙන් ලබාගන්නා ද්‍රdවණ වෙනත් බොහෝ සංඥ ලබාදිය හැකි බැවින්, ක්‍රමවේදයේ ඇති සංකීර්ණභාවය පාඨකයා හඳුනාගත යුතුය. කිරිපිටිවල DCD සඳහා ලැබෙන සංඥවේ ප්‍රමාණය, DCD අගය ප්‍රමාණාත්මකව දන්නා ද්‍රdවණය මගින් ලබාදෙන සංඥවේ ප්‍රමාණය හා සංසන්දනය කිරීමෙන් කිරිපිටිවල ඇති DCD අගය නිර්ණය කළ හැක. ඉහත සඳහන් කළ පරිදි කිරිපිටි සඳහා සංඥ එකකට වඩා වැඩි ප්‍රමාණයක්‌ ලැබේ නම් නිවැරදිව DCD තිබේදැයි හඳුනා ගන්නේ කෙසේද?

ඒ අවස්‌ථාවේදී අනුගමනය කරනු ලබන්නේ DCD ප්‍රමාණාත්මකව දන්නා ද්‍රdවණයකින් කොටසක්‌ DCD අඩංගු බවට තහවුරු වූ කිරිපිටි සඳහා පළමුව එක්‌ කිරීමයි. එමගින් සාදාගන්නා ලද ද්‍රdවණයෙන් කොටසක්‌ පෙර පරිදිම උපකරණයට ඇතුළත් කරනු ලබයි. පළමු DCD සඳහා කිරිපිටි මගින් පෙන්වන ලද සංඥව වඩාත් වර්ධනය වී මෙම අවස්‌ථාවේදී පෙනේ නම් එම කිරිපිටිවල DCD ඇති බව තහවුරු කළ හැක. ආරම්භයේදී DCD නොමැති කිරිපිටි මේ අයුරින් DCD එකතුකොට පරීක්‍ෂා කිරීමේදී අදාළ ස්‌ථානයේ අලුත් සංඥවක්‌ පෙන්නුම් කරයි. ලියුම්කරුට දැනගත හැකි කරුණක්‌ වූයේ කාර්මික තාක්‍ෂණ ආයතනය DCD තහවුරු කරගැනීම සඳහා භාවිතා කොට තිබූ එක්‌ ක්‍රමවේදයක්‌ මෙය බවයි.

කාර්මික තාක්‍ෂණ ආයතනය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් වූයේ DCD සම්බන්ධ ක්‍රමවේදයේ වලංගුතාව තහවුරු කරනු පිණිස කරන ලද පරීක්‍ෂණවලදී කිරිපිටිවල DCD වලට අදාළ සහතික කරන ලද විමර්ශන ද්‍රව්‍ය පරීක්‍ෂා කිරීමට නොහැකි වූ බවයි. කිරිපිටිවල DCD වලට සම්බන්ධ සහතික කරන ලද විමර්ශන ද්‍රව්‍ය යනු එම ද්‍රව්‍ය සෑදීම සඳහා අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා ආයතනයකින් සාදනු ලබන කිරිපිටි තුළ DCD නිශ්චිත ප්‍රමාණයක්‌ යෙදීමෙන් පිළියෙල කරගන්නා ද්‍රව්‍යයකි. සාමාන්‍යයෙන් මෙවැනි සහතික කරන ලද විමර්ශන ද්‍රව්‍යයක්‌ පිළියෙල කොට භාවිතය සඳහා මුදාහැරීම වසර ගණනාවක්‌ ගතවන ක්‍රියාවලියකි. උදාහරණයක්‌ ලෙස ගතහොත් කිරිපිටිවල අඩංගු මෙලමයින් සම්බන්ධ සහතික කරන ලද විමර්ශන ද්‍රව්‍ය එළිදැක්‌වූයේ, කිරිපිටිවල මෙලමයින් අඩංගු බව සොයා ගැනීමෙන් වසර කිහිපයකට පසුවය. එබැවින් මෙම ලියුම්කරුගේ අදහස වනුයේ කිරිපිටිවල DCD සම්බන්ධ සහතික කරන ලද විමර්ශන ද්‍රව්‍යය ලබාගැනීමට තවත් වසර කිහිපයක්‌ බලා සිටීමට සිදුවන බවයි. කෙසේ වුවත් කිරිපිටිවල DCD සම්බන්ධ සහතික කරන ලද විමර්ශන ද්‍රව්‍යය පිළිබඳ දන්නා පාඨකයකු සිටීනම් එය අදාළ පරීක්‍ෂණ කටයුතු කරන ආයතනවලට ලබාගැනීමට හැකිවන සේ තොරතුරු ලබාදීමෙන් මෙම සුවිශේෂී ජාතික කාර්යභාරයේ කොටස්‌කරුවකු බවට ඔබට ද පත්විය හැක.

සරත් මලවිපතිරණ
(කථිකාචාර්ය - සබරගමුව විශ්වවිද්‍යාලය)







notes of imaginary