![📷](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tb6/1.5/16/1f4f7.png)
![❤](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf3/1.5/16/2764.png)
Nature does not hurry, yet everything is accomplished..
I will not follow where the path may lead, but I will go where there is no path and I will leave a trail..
Study nature, love nature, stay close to nature. It will never fail you.
We do not see nature with our eyes, but with our understandings and our hearts.
Every morning was a cheerful invitation to make my life of equal simplicity, and I may say innocence, with Nature herself.
නවන්දනා කුලය යනු රජ යුගයේ තාක්ෂණ ශිල්පී පරම්පරාවයි. ආචාර්ය වරු ලෙස නම්දැරූ ඔවුන් ග්රාම්ය ව්යවහාරයේදී ආචිරි ලෙස කටහුරු වූවා වන්නට පුළුවන. .ඔවුන්ට ගොවිගම කුලයටත් වඩා වටිනාකමක් එවකට තිබිනි.
යුධ ආයුධ අත්යවශ්ය වකවානු වල ඒවා තැනීම සඳහා යපස් ගෙන ඒම සහ කුලී කටයුතු ලබා දියයුතු ය යන්න රජුගේ නියෝග ලෙස ගොවිගම කුලය වෙත නිකුත් කර ඇත. ආදි යුගයේ ලෝකුරු ශිල්පය යක්ෂ ගෝත්රික යන් සතුවිය. යකඩ , යකාගෙ වැඩක්, යකෝ, යකඩෝ, යකා නගිනව, වැනි කටහුරු වචන වලින්ම ඒ බව ඔප්පු කලහැක. යක්ෂ ගෝත්රිකයන් ගේ ආවුද පනපෙවීමේ පාරම්පරික ඥානය නවන්දනා කුල ශක්තිමත් තරුණයන් විසින් සොරාගත් බවට ජනශ්රැතියේ පැවසේ. එසේම ගොවිගම ආදී සියළු කුලවල අය මොවුන්ගෙන් තාක්ෂණික කටයුතු ඉටු කරගත්තේ ගෞරවනීය ලෙස පඩුරු පාක්කුඩම් දීමෙන් බවටද ජනශ්රැතිය සාක්ෂි දරයි. එපමණක් නොව කම්මල් කටයුතු වලදී මයින හම ඇඳීම යකඩ තැලීමට හවුල් නොවන්නේ නම් රදලයෙකුට වුවද සේවාව ලබාදීම ප්රතික්ෂේප කලේ ශිල්පීය පෞඩත්වය දරන්නන් නිසාමය. මොවුන්ගේ සම්බවයනාග ගෝත්රයේ බව ඉපැරණි ආවුධ තාක්ෂණය ට සුරුවිරුකම් පෑ අයවළුන්ගේ වාසභූමි ය වූ කොත්මලා ප්රදේශය බවට අදද සාක්ෂි ඇත . දොලොස් බාගේ ප්රදේශයේ ඇති කිණිහිරය නැමැති යෝධ පර්වතය ඒ පුරාවෘත්තයේ එක් සළකුණකි.
අලි අල්ලන් සිටි කොත්මලා ප්රදේශයේ නාග ගෝත්රික ගම්මානයක දුටුගැමුණු කුමරා සැඟවී සිටියේ යුද්ධය සඳහා ආවුද තනවා ගැනීමට විය හැක. නුවර යුගයේ දී
දළදා මාලිගාව ආදී ප්රසාදයන් නිර්මාණය කල දේවේන්ද්ර මූලාචාරින් යනු එම කුලයේ ප්රභලයෙකි. මෑත කාලීනව ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ නිර්මාතෘ විමලසුරේද්රයන් ද එම කුලයට සම්බන්ධ බව මා අසා ඇත. හැත්තෑව දසකය ට පෙර එම කුලයේ අයවලුන් ගේ නම අවසන් කලේ "හාමි" යන ගෞරවාර්ත පදයෙනි.ලුවිස් හාමි, සුබේ හාමි, දිනෙස්හාමි,අපට අපට පෙර පරම්පරාවේ වැඩිහිටියෝය. ඔවුන්ගේ භාර්යාවන් හැඳින්වූ පොදු නම වූයේ "නාච්චිලේ" නැමති පදයයි. ද්රවිඩ ඌරුවක් ඇති එම නාමය සමහර විටෙක නුවර යුගයේ වඩුග පරම්පරාවේ ස්ත්රීන් සරණපාවා ගත්තා නිසා වන්නට පුළුවන.ලෝහ තැනීම, ලෝහ භාන්ඩ තැනීම, ආවුද සහ ආයුධ නිර්මානය හා දොරගුළු තැනීම, කරත්ත රෝද පට්ටං ගැසීම ,ලාඩං ගැසීම,මෙන්ම රිදී රත්තරන් ආභරණ නිර්මාණයද ඔවුන්ගේ සුවිශේෂී තාක්ෂණික කටයුතු වේ.මෙතරම් උසස් නිර්මාණ ශිල්පීන් වුවත් කුලයෙන් පහත් ලෙස සලකන්නට ලක්වූයේ යුරෝපීය ආක්රමණයෙන් පසුවය.එයට හේතු වූයේ සිහලුන් කවදාවත් නුදුටු ගිනි අවි ආක්රමණිකයාටම එල්ල කරන්නට තරම් හැකියාවක් ලබාගත්තේ නවන්දනා කුලයට පින්සිද්ද වෙන්ටය. සතුරාගෙන් උදුරා ගත් ආයුධයේ තාක්ෂණය අසුරු සැනින් වටහා ගත් ඔවුන්ගේ හැකියාව මත බයිනෙත්තු ,රයිපල්, පිස්තෝල, කාලතුවක්කු පවා නිර්මාණය වූයේ ඔවුන්ගේ විස්කමෙනි.ලෝකුරු කර්මාන්තයේ ඕනෑම නවෝත්පාදන යක් වටහා ගැනීම හා ප්රතිනිර්මාණය කිරීමට මේ කන්ඩායම පෑ දක්ෂතාවය නිසාම එයට බියපත්වූ යූරෝපියානු අධිරාජ්යයවාදීනහු නවන්දනා කුලය නීච කුලයක් ලෙස හංවඩු ගැසීමට පියවර ගත්තේය. එයට අවනත වූ කුලීන යටත් වැසියන් ඉංග්රීසි සමය අවසාන වනවිට නවන්දනා කුලය කොන් කොට හමාරවී තිබිණි .යටත්විජිතවාදී චින්තනය නිසාම"වානෙට මඩ බොරරිදියට පුස්කර " ලෙස ප්රකට ආවුද පනපෙවීමේ ශිල්පීය කලාව ප්රගුණ කල අයෙකු ඔවුන් අතර හෝ දැනට නොමැති බවනම් කණගාටු වෙන් වුවද පැවසිය යුතුය..යකඩ තැලීම
උපුටා ගැනීම@ Wikipediaකිරි හැලයා ,:-කවුද?කතා කළේ෴කන්දේ ගුරා ෴මක්කටද ආවේ? ෴යකඩ තලන්න ෴මක්කද ගෙණාවේ?මුරුංගා ෴කෝටුං බෝටුං අපට මොටෝ දෑ අපි ඒවා කන්නේ නෑ ෴ වත්තෙන් පහළට කොංඩුං පෝ෴දුම්බර මහගෙට - ඇවිලු පන්දම, කවුද නිවන්නේ?කිරි හැලයා:- කවුද කතා කළේ?කන්දේ ගුරා ෴මක්කටද ආව෴යකඩ තළන්න෴මක්කද ගෙනාවේ?වම්බටු ෴වම්බටු කොම්බටු අපට මොටෝ දෑ අපි ඒවා කන්නේ නෑ ෴වත්තෙන් පහළට කොංඩුං පෝ ෴දුම්බර මහගෙට - ඇවිලු පන්දම්, කවුද නිවන්නේ?කිරි හැලයා:- කවුද කතා කළේ?කන්දේ ගුරා ෴මක්කටද ආවේ?යකඩ තළන්න ෴මක්කද ගෙනාවේ?හාල් කූර මල්ලයි - ලුණු කූර මල්ලයි ෴හරි හරි දුල්ලා මාගේ දුල්ලා - මම් කන කෑමත් උන් දෑ දනිතෙයි - මම් බොන බීමත් උන් දෑ දනිතෙයි ෴කුනාගෙ යකඩත්, මම් ම තලඤ්ඤයි ,මම් ම තලඤ්ඤයිමල්ලියා සරි මං නයි දෙත් සරි - කම්මල් වත්තට ගෙන්නූ පන්දම් - දීරෝ දිරෝ,කවුදැයි කවුදැයි කතා කරන්නේ?කන්දේ දුරයා කතා කරන්නේ ෴මන්දැයි ආවේ?යකඩ තලන්නට ෴මොනව ද ගෙණාවේ? මෑකරල්මිටියක් ගෙණාවේ෴ කෝටුං බෝටුං අපි කන්නේ නෑ අපෙ කම්මලෙ නොගණිති එව්වා ෴වත්තෙන් පහලට කොංඩු පෝං....
notes of imaginary
“Why do I read?I just can't help myself.I read to learn and to grow, to laughand to be motivated.I read to understand things I've neverI read when I'm crabby, when I've justsaid monumentally dumb things to thepeople I love.I read for strength to help me when Ifeel broken, discouraged, and afraid.I read when I'm angry at the wholeworld.I read when everything is going right.I read to find hope.I read because I'm made up not just ofskin and bones, of sights, feelings,and a deep need for chocolate, but I'malso made up of words.Words describe my thoughts and what'shidden in my heart.Words are alive--when I've found astory that I love, I read it again andagain, like playing a favorite songover and over.Reading isn't passive--I enter thestory with the characters, breathetheir air, feel their frustrations,scream at them to stop when they'reabout to do something stupid, cry withthem, laugh with them.Reading for me, is spending time with afriend.A book is a friend.You can never have too many.”
“ඇයි මම කියවන්නේ?
මට උදව් කරන්න බැහැ.මම කියවන්නේ ඉගෙනීමට සහ වර්ධනය වීමට, සිනාසීමටසහ අභිප්රේරණය කිරීමට.මම කවදාවත් නැති දේවල් තේරුම් ගන්න කියෙව්වාමම කකුළුවෙකු වූ විට, මම කියවන විට මම කියවමිට ස්මාරක ලෙස ගොළු දේවල් කීවේයමම ආදරය කරන මිනිස්සු.මට උදව් කිරීමට ශක්තිය සඳහා මම කියෙව්වාබිඳුණු, අධෛර්යමත් සහ බියක් දැනේ.මුලු හිතම තරහා උනාම කියවනවාලෝක.හැමදේම හරියනකොට මම කියවනවා.මම බලාපොරොත්තු සොයා ගැනීමට කියෙව්වා.මම කියවන්නේ මම සෑදී ඇති නිසා පමණක් නොවේසම සහ අස්ථි, දර්ශන, හැඟීම්,සහ චොකලට් සඳහා ගැඹුරු අවශ්යතාවක්, නමුත් මමවචන වලින් ද සෑදී ඇත.වචන මගේ සිතුවිලි සහ දේ විස්තර කරයිමගේ හදවතේ සැඟවී ඇත.වචන ජීවමානයි - මම සොයා ගත් විටමම ආදරය කරන කතාව, මම එය නැවත කියෙව්වානැවතත්, කැමතිම ගීතයක් වාදනය කරන්නාක් මෙන්නැවත නැවතත්.කියවීම නිෂ්ක්‍රීය නොවේ - මම එයට ඇතුල් වෙමිචරිත සමඟ කතාව, හුස්ම ගන්නඔවුන්ගේ වාතය, ඔවුන්ගේ කලකිරීම් දැනේ,ඔවුන් සිටින විට නවත්වන්නැයි කෑගසන්නමෝඩ දෙයක් කරන්න හදන්නේ, අඬන්නඔවුන්, ඔවුන් සමඟ සිනාසෙන්න.මට කියවීම, ඒ සමඟ කාලය ගත කිරීමයිමිතුරා.පොතක් යනු මිතුරෙකි.ඔබට කිසි විටෙකත් ඕනෑවට වඩා තිබිය නොහැක. ”
මැණිකෙ දැන් ඔය මදෑ හොඳටම යන්ට දැන් හරි වෙලාව
තවත් ඉන්ටද මෙතනටම වී ඔයාගේ කල්පනාව
රිදී රේඛා ඇඳේ කීවට මැකුණු පසු කලු වළාව
ඒ තමයි අපි අදත් අදහන ජීවිතේ ලොකු මුලාව.....
අහල අහලම ඇති වෙලා ඇති නුඹේ ඔය කන්නලවුව
දන්නවා ඔය හිතේ ඇවිලෙන ගින්න දරුවන් මෙළෙව්ව
අපේ නැති බැරි කම් වසා ගෙන දුක දරා සිටි සොරොව්ව
ඕං දැන්වත් කරමු අමතක මැණික ඔය හත් ඉලව්ව.....
දෝවණය කළ පැන් කලත් ඇති ඉහේ කෙස් ගාණට වඩා
බෝධි මලුවට දැනෙන්න්ට ඇති නුඹේ පා තරමට විඩා
තුමුල මහ කඳු ශිඛර මැද්දේ අපි වුණෙන් ගල් කැට කුඩා
සේරමත් බර අරන් ආවට නුඹත් දැන් හොඳටම ලෙඩා.....
ඔප්පු කරනට බැරි තරම් වෙයි එදා හිට ගැට ගහපු පඬුරූ
කලු ගලක් හරි නුඹේ දුක දැක උණු නොවේවිද ලෙසින් වෙඬරූ
කමක් නෑ මේ ඉන්න ඩිංගට උන්ට අපි නම් තිත්ත කදුරූ
යං ඉතිං අපි හිටපු තැනටම පිහ ගනින් ඔය ඇහේ කඳුලූ.....
- රුවන් ජයරත්න -
Harsha Sulovhana
නිතර නිතර අළුත් වෙන වැදගම්මකට නැති සටහනකින් පිටුවේ මැද පිරවෙනවා. වැදගම්මකට නැති දේ කියන්නේ දේශපාලන කථා. මේවා නැවත නැවත කියවා බලන්න ගියොත් ඔළුව අල කලංචි වෙනවා. කියවලා ඉවත දාපුවහම කැළඹෙන හිත ටික වෙලාවකින් කාලෙකින් සන්සුන් කර ගන්න පුළුවන්. අපි මොනවටද කුණු පුරවා ගෙන ගද ගස්සවා ගස්සවා දවස ගෙවන්නේ.
උදාහරණ කීපයක් කියන්නම්. රණිල් මහත්තයා බ්‍රෙස්ලට් දාගෙන චුවිංගම් කකා අව්වට සන්ග්ලාස් දාගෙන ෆ්‍රී වයිෆය් දීලා අපි කුඹුරට බස්සන්න හැදුවා කාලයක්. අපේ අනුර සහෝදරයාට අනුව දකුණු අධි වේගී මාර්ගය මහින්දට ඇඹුල් තියල්, කිරිපැණි ගේන්න හැදුවේ. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල, වරාය සංවර්ධණ ව්‍යාපෘතිය ගැන නොයෙක් කතා කිව්වා. උමා ඔය ව්‍යාපෘතිය ලොකු හිලක් ඉතිරි කරන ව්‍යාපෘතියක් කිව්වා. යථාර්ථය තුල අද වෙන විට ඒ්වා හෑල්ලුවට ලක් වෙලා.
සජිත් තාමත් දේශපාලන ළදරුවෙක්. අනුකම්පා කටයුතු. කියන දේවල් අවසාන විග්රහයේදී ඉල කැඩෙන විහිළු.
මහින්ද වේදිකාවෙන් බැස යන තරුවක්....
ඔය වගේ අය ගැන පහලින් පුංචි කොළමක් ලියවෙනවා.
මේ පුර්විකාව.
කොළම ආයෙත් ලියන කොළමත් ඒක්ක කුණු කූඩෙට දමනවා.
මම මෙටාවේ පෝස්ට් එකක් බෙදා ගත්තා. පෝස්ට් එක කතා කලේ මාලිමාවට එරෙහිව. පසුගිය කාලේ මාලිමාවේ - ජවිපෙ වේදිකාවේ කතා වුන රටේ සිදුවුන ව්‍යාපෘති පිලිබද විවේනයක් ලඝු කරලා තිබුනා මේ පෝස්ට් එකේ. මෙන්න මෙහෙමයි .
* උමා ඔයේ හිල, හම්බන්තොට ගල, පොර්ට් සිටියේ කළුගල්, හයිවේ එකේ බල්ලෝ, බාපු ලැම්බෝගිනි දහ අට, රත්තර අශ්වයා, උගන්ඩාවේ ඩොලර්, ඩුබායි මැරියට් හෝටලය, ශ්‍රී පාදේ ඝන්ටාරේ, ස්වර්න මාලි සෑ රදුන්ගේ චුඩාමානික්‍යය.
මේ පෝස්ට් එකින් ඇහුවේ මේ අතරින් ලොකුම බොරුව මොකක්ද කියලා ?
එක එක කෝනයෙන් දැක්ක මගේ මිත්‍රවරු මෙහෙම කියන්න පටන් ගත්තා.
එක ප්‍රතිචාරයකින් තවත් බොරුවක් එකතු කරලා තිබුනා ඒකේ අයිතිකාරයා ජනාධිපති තුමා. "රට බංකොළොත් බැවින් නිදහස් කියල කියන්න" යන එක ----ජනතාවට දැනෙනවානේ තමන්ට වෙලා තියන දේ. කියලා මම කිව්වා. පාලනය ගැන කේන්තියෙන්ම ඉන්න සගයෙක් මෙහෙම කියනවා.
තාම ඉන්නවා මේකෙ මයින්නු කපුටෝ ගෝතාලා සුද්ද කරන බයියෝ මම එතුමාට කිව්වා. ------මැද ඉද ගෙන වටපිට බලන්න. එතකොට තමයි තේරුම් ගන්න පුළුවන්. ----- කියලා ටිකක් වෙන්න සාධාරනව හිතන අයත් ඉන්නවා නේ එහෙම අදහස් කීහිපයක් තිබුනා.
අදායම එන විදිය නොකියා, දෙන දේවල් ගැන කියන කතා ඔක්කොම ආකර්ෂණීය බොරු තමයි. දැන් ඉන්න දෙස්පලුවො වැඩි හරියක් චේතිය රජ පරම්පරාවට අයත් ඇති.
තවත් කෙනෙකුට ප්‍රශ්නයක් ? ඇත්තටම ශ්‍රී පාදයේ ඝණ්ටඨාරෙ කොහෙද තියෙන්නෙ
බොරු වපුරා ලැබෙන අස්වැන්න තමා පේන්න තියෙන්නෙ.
හොදම කෙබරය තමයි ඔය ඔක්කොම කරලා නෑ කියපු එක
මේ රට මෙතන පත් වෙලා තියෙන්නේ මේ දේවල් බොරැ කිය කියා මේ හොර පාලක කල්ලි රැකපු නිසා තමයි. (මේ ඔක්කෝම බොරැම කියමුකෝ ආන්ඩුවක් උනාම රටට රාජ්‍යට හානියක් කරන බොරැ කාරයොන්ට එරෙහිව ඇයි නීතිමය පියවරක් නොගත්තේ) සමහර වෙලාවට දේශපාලනික අන්දබව නිසා තමන්ගේ වටිනාකම් දැනඋගත් පරිණත බව පවා අමතකවෙන එක හරිම ලොකු හානියක් ---------- මාවත් ඩිංගක් වෙන්න කොනහලා තිබුනා. ඒ හින්දා මම මෙහෙම කිව්වා;
--------- “ඩිංගක් වෙන්න කොනහලා .....අදහස් පල කරන්න ඉඩ හදලා දුන්නා මිසක් කඩේ යාමක් නොවන බව කරුනාවෙන් සලකනු මැනවි. ----- කියලා මට පිලිතුරක් ලැබුනා අවලාදයකුත් එක්ක.
“ ඒ ඔක්කෝම බොරැ වල ප්‍රතිඵල ලෙස අද රට බංකොලොත් කියලාවත් සමහර අය දන්නෑ. ඒවා කරපු කරන්න සහය දීපූ බලය අරන්දීපු ඒ වෙනුවෙනු තවමත් පෙනී ඉන්න එක“ කියලා. මම කිව්වා
-------- “එහෙමද පේන්නේ ? මගේ දේශපාලන වැටහීම ටිකක් වෙනස්. අතේ තියන ගානට වඩා අපි වියදම් කලා. වියදම් කරපු විදියට ආදායම ලැබුනේ නැහැ. තව තවත් ණය වෙමින් ආදායම් ලබන්න හිතා ගෙන වියදම් කලා...අන්තිමෙදී අසාර්ථක වුනා. අද ඉන්නේ එතන. අපි කතා නොකර වැඩ කරන්න පට් ගත්තොත් කාටවත් අතනොපාන ස්ථාවරයකට ආවොත් රට වෙනස් වේවි . අද ඉන්න තත්වය නුව නම් මැජික් පෙන්වන්න බැහැ. කියලා කීවාම ...............
“ඔව් මැජික් වලට රැවටුන නිසා තමයි මේ රට මේ තත්වයට පත් උනේ. මොකද මැජික් කාරයෝ පස්සේ ගිය ජනතාව ඔවුන් බලයට ගෙනාවා. රජය සතු ආදායම් ඉපයිය හැකි ආයතන විකුනාගන කාපුවාම කොහොමද ආදායමක් එන්නේ. පාලකයන් විතරක් පෝසත් වෙලා රටේ ජනතාව දුප්පත් උනේ කොහොමද බැලුවාම හරියට පැහැදිළිවෙනවා.
“අපිට වෙච්ච දේ මම දැක්කෙම වෙනස් විදියකට ..................මට එකග වෙන්න නම් බැහැ. රජය සතුවීම ජනතාවට බරක් කියලා යි මම හිතන්නේ. එයට එක් හේතුවක් තමයි ජාතික හැගීමක් ඇතිව රජය සතු දේපළ පාලනය වෙන්නේ නෑ. විදේශීය කරනය වෙන්න ඕන නැහැ. දේශීය පෞද්ගලිකරනය වුනාට කමක් නැහැ. බදු නියමිත පරිදි අයකර ගත යුතුයි. බදු ජනතා සුබ සාධනය සදහා යෙදවීම රජයේ කාර්යයක්. ජනතාව දුප්පත් වෙන්නේ නම් රජයේ අඩු පාඩුවක් නිසාමද කියලා හිතන්න. කවුරු බලය අත්පත් කරගත්තත් කම්මැලි කමට බලා හිටියොත් දියුණුවක් ඇති වෙන්නේ නැහැ. ඔක්කොම බොරු කියලා ඉවරයි දැන් මොකක්ද කියන්නේ ?
තවත් කෙනෙකුට ප්‍රශ්නයක්. “ශ්‍රී පාදේ ඝංටාරෙයි පහනයි නම් ගැලෙව්ව ඒක බොරුවක් නෙමෙයි “ එහෙම කිව්වේ තවත් සහෝදරයෙක්. මේ තවත් සහෝදරයෙක්.
.1 උමා ඔයේ හිල වහල දැම්මා. 2. වරායෙ ගල කඩල දැම්මා 3. පෝට් සිටියට ගල් කඩලා දැන් නාය යනවා 4. අධිවේගේ බල්ලො නැහැ 5. ලංසගෙ ගෙදර තිබුණු ලැම්බෝගිනී ගිනි තිබ්බා. අනික්වා කන්ටේනර් වල උගන්ඩා ගියා. 6. රත්තරන් අශ්වයා පැනල ගියා.7. උගන්ඩාවෙ ඩොලර් සුදු කරලා දැන් ටික ටික ලංකාවට එනවා.8. මැරියට් හෝටලේ නාමල් පනවගේ රකිනවා.9. ශ්‍රී පාදෙ ඝාන්ථාරෙ ගෝථගෙන් අහන්න වෙනවා. කිව්වේ කේන්තියට.
මේ තව කෙනෙක් දැක්ක හැටි.“හොරුන්ගේ අසූචි වලින් අනිවාර්යයෙන්ම යැපෙන විපරමේ සංස්කෘතිය මිනිසුන්ට අපහාස කිරීම බඩගෝස්තරය උදෙසා.
මේ තව අදහසක්ඒ පෝස්ට් එක නියමයි මොලයක් ඇති උන් හිතන්න පෙලෙබෙනවා.ඇයි එතකොට මහ බැංකු වංචාව.,බදුහොරු, සුනාමිසහන මංඩලය.හෙල්පින් හම්බන්තොට අරගලය අස්සෙ අරලියගහමන්දිරේට රිංගපුවා තවඑකී මෙකී නොකී ගොඩයි.වැඩේ කියෙන්නෙ දැන් තියෙන්නෙ උන්ගෙ ආන්ඩු වකුත් නෙමෙයි එකේ. මේ බොරුකාරයන්ගෙ බොරු බොරු කියලා ඔප්පු නොකරන එකනෙ. මාලිමාවේ සහෝදරියකගේ ප්රතිචාරයක්.
!doctype>ජීවිතයේ සැදෑ සමය හරියටකන්දක් උඩට නැග්ගා වගෙයි. ජීවිතය සැදෑසමයට පත්වෙලා. කන්ද මුුදුුනට ගියාම තමයි පේන්නේ අවට දසුන්. සුන්දර මෙන්ම අසුන්දර රටාවල් මේ අතර තියෙන්න පුළුවන්. ඒ වගේ ජීවිතයේ කදු මුදුනේ ඉන්න මට සුන්දර මතකයන් මෙන්ම අසුුන්දර මතකයන් සිහිපත් වෙනවා ඒ් මතකයන් කලින් කල විදවන්නේ විවිධාකාරයෙන්
!doctype>බලමු........ මොන විදියට විදවයි ද කියලා.
මීදුම...... ඉර පායනවත් එක්කම නැතිවෙලා යන තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙන මීදුම ඝණ වෙලා දිය වෙලා කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා. තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා . සිතුවිලිත් ඒ වගෙයි. ඇති වෙලා නැතිවෙලා යනවා. දේවල් බෙදා හදාගන්න
මීදුම... යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා. තෝරා බේරාගෙන පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එනවා. වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත් මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මීදුමත් සමග මුසු වෙන්න පුළුවන්.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි කියලා .
මම හිතනවා
!doctype>එළඹෙන නොවැම්බර් 16 වන දින හෝ ඊට පෙර ශ්‍රී ලංකාවේ 9 වන ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. 1982 වසරේ පළමු ජනාධිපතිවරණය පැවැත්වුණා. ඉන්පසුව පිළි...