ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

පොසොන් පෝය 29 වෙනිදා.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2012-09-18

පුංචිත්තා බාලගිරිට එරෙහි විය.




පුංචිත්තා රෝහලේ සිට නිවසට පැමීනියේ දෙසැම්බර් අවසන් සතියේ නත්තල් සීතලත් රැගනය. නිවසට පැමිණි මුල් සති දෙක තුන පරිසරයට අළුත් කාලසටහනටත් හුරුවීම පුංචිත්තාට අපහසු විය.
 මේ නිසා පුංචිත්තා වරින් වර පෙරලි කරන්න (අඩන්න) පටන් ගත්තේය.

අපිටද පුංචිත්තා ගේ චර්යා රටාවට අනුගත නොහැකිවීම නිසා වෙන් පුංචිත්තාට ඇතිවන අසහනතා තේරුම් ගැණිම අපහසුවිය. දුර ගමනක යෙදී ඇති නිසා දවසින් වැඩි කාලයක් නිදා ගත්තේය. පුංචිත්තාට නිදා ගන්නට දහවල රෑය කියා වෙනසක් නොමැතිය.  සමහර රාත්‍රී කාලයේ පැය ගණන් අවදියෙන් සිටියේය.දහවල්කාලයම සුවසේ නිදන්නේය. එක් දිනක රැයක් නොනවත්වාම අඩන විට පුංචිත්තා උණුසුම් වනසේ පොරොනයන්ගෙන් වට කලේය. පුංචිත්තා නිදහසේ  සුව නින්දක්  ලබාගත්තේය.  එදා සිට පුංචිත්තාට අවහිරයක්වු දේශගුණික වෙනසක් ඇති නොවන්නට අපි වග බලා ගත්  නිසා  සීතලට මෙන්ම උනුසුමට ඇඩීම නතරවුනේය. පුංචිත්තාට කිරි බීම සදහාද කාලසටහනක් නොතිබුනේය. මව් කිරි ලැබුන විට උරා බොමින් බඩ පුරවා ගත්තාය. අපිද වරින් වර මව්කිරි දීමටවග බලාගත්තාය.   දවසට හය හත් වාරයක් තෙත රෙදි මාරුකරමින් ප්‍රමානවත් කිරි ප්‍රමානයක් ලැබුන බව අප  සිතා ගත්තාය.
පුංචිත්තා සමහර විටක නින්දෙන් සිනහවිය. සමහර විටක තොල කණපිට පෙරලාගෙන අඩන්න සැරසුනේය. සමහර විටක ටිකක් හැඩුවේය. පෙර විසූ ආත්මය පිළිබඳව සිහිනෙන් දැක මේ පෙරලි කරන බව   අපේ කුඩා අවදියේ අසා ඇත.ඒත් පරිසර සාංකූලතා වලට පුංචිත්තා දක්වන ප්‍රතිචාර මේයයි අප සිතා ගත්තාය.  එකලත් දැනුත් සමහර වැඩිහිටියෝනිතර දරුවන් හඩන්නේ නම්  දරුවට  "බාලගිරි දෝෂය  ඕකට මතුරන්න ඕනී. නැත්නම හරි යන්නේ නෑ.කියා සිතන්නේය
ආහාරත් පරිසරයට සංවේදීවීමත්  ඔහුට ගැලපෙන අයුරින් සකස් කර දුන් විට  සුවසේ නිදා ගත් නිසා පුංචිත්තාට බාලගිරි දෝෂය පිලිබදව හැගීමක් නොවු බව අප සිතාගත්තේය.  අපට නිවසේ දොරකඩ හෝ පුංචිත්තගේ කාමරයට පිවිසෙන දොරෙහි හෝ  බාලගිරි අද නොවේ හෙට“ යන්න සදහන් දැන්වීම් පුවරුවක් එල්ලීම අවශ්‍ය නොවීය. පිරිත් පොත මෙට්ටය යටත්, යකඩයක් ඇද ඉස්මත්තේ තැබීමත් අවශ්‍ය නොවීය.

බාලගිරි ගැන ඇති අතීත කතාව මීදුම අසා ඇත්තේ මේ අයුරින්ය.ඉපදී අවුරුද්දක් යන තුරු එක්‌ එක්‌ මාසයට එක් යක්‌ෂ යක්‌ෂනියක බැගින් යක්‌ෂ යක්‌ෂනියන්  දොළොස්‌ දෙනෙකු බිලින්දන්  ලගට එන බවත් , එසේවිත් බිලින්දන් වඩා ගන්නත් බිය ගන්වන්නත් උත්සහා කරන්නේය. මින් බාලගීරි, නීලගිරි, මදනගිරි, සඳුන්ගිරි, සහ අඳුන්ගිරි යක්‌ෂ යක්‌ෂනියන්  යන අය මේ කටයුත්ත කිරීමට දක්‍ෂයින් බව සදහන්ය.


මෙවන් දෝෂ තිබෙන විට කුඩා බිළිඳන්ට එම දෝෂ නැති කිරීමට නිතර රතන සූත්‍ර භාවිතය, රතන යන්ත්‍රය සාදවා කොට්‌ටයට පැළඳවීම, ඒ වගේම බාල ගිරි දෝෂයට සුවඳ දූප අඅල්ලීම  සහ  අබ, සුවඳ කොට්‌ටං, පුදාහල මල්, කොහොඹ කොළ, බෙලි කොළ, නයි හැව, සුදු ළුණු යනාදිය පැඟිරි තෙල්, තල තෙල් සමඟ මුසු කර රතන සූත්‍රයෙන් ජපකර දුම් ඇල්ලීමෙන් බිලින්දනට  සහනයක්‌ ලැබෙන බව වැඩිහිටි මතයක් ඇත. "බාලගිරි අද නොවේ හෙටයි" යනුවෙන් පත් ඉරුවක ලියා දරුවා සිටින කාමරයේ දොරකඩ එල්ලීමද සමහරක් නිවස්වල ඉදිරිපස එල්ලා තැබීමද කරන අය සිටිති.

පුංචිත්තා බාලගිරිට එරෙහිවු බැවින්  මේ කිසිවක් කිරීමට අපට අවශ්‍ය නොවීය.


notes of imaginary

2012-09-17

පුංචිත්තාගේ ලෝකය.





ජීවිත නාටකයට තවත් එක් ජවනිකාවක් එකතු වෙමින්  එහි සීයාගේ චරිතය රගපාන්න මීදුමට අවස්ථාව නියම විනි. ඒ  බව මීදුම කියවන ඔබට දැනෙන්න ඇත්තේ මීදුමේ පලවන වියමන් නොමැතිවීමෙන් විය යුතුය.

පුංචිත්තාගේ ලෝකය විසිතුරුය. පුංචි ලෝකයේ විසිතුරු කියන්නට පෙර පුංචි එවුන් හා පුංචි එවුන්ගේ දෙමව්පියන් වැළද ගන්නා මිත්‍යාව නිසා පුංචි එවුන් විදිගන්නා අපහසුතා ගැන කතා කරන්න පුංචි ත්තාගේ සීයාට අත්දෑකීම් ඇතිවිය.

මින් දශක තුන හතරකට පෙර මව් කිරෙන් බැහැරවු පුංචිත්තාලා අද මවු කිරට එකතු වී ඇති බව මීදුම වියමන් කරන්නේ බලවත් සතුටකින් යුතුය. ඒ අතීත අම්මලා වෙළදපලේ ඇති නානා නම්වලින් පිරි ළදරු කිරිපිටි වල නම් කියමින් උජාරු වු අතර මව්කිරි පමනක් දෙන අම්මලා හෑල්ළුවට ලක් කලේය. පසු කාලයක් වන විට ළදරු කිරිපිටි ටින් එකේ මූනතට “මව්කිරි දීම අගනා බව“ සදහන් වැකියක්  එකතුව ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති කිරීමට රජයන්ට නීති නියෝග පැනවීමට සිදුවිය.වර්තමානයේ වෛද්‍යවරුන් සහ උපදේශකවරුන් බිලිදු අවධියේ සිටම දරුවන්ට මව්කිරි දීමේ වැදගත් කම මවුවරුන්ට ලබා දෙන්නේය. ඔවුන් බහුජාතික සමාගම් වල වෙළද නියෝජිතයෝ නොවී කරන මෙම සත්කාර්ය අප සැවොම අගේ කල යුතුය.

අපේ පුංචි එකාගේ දැන් වයස මාස අටක් වී ඇත. පුංචි එකා පළමු මාස අටේ මවු කිරි පමනක් උරා බී මෙන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගෙවා දැම්මේය.මාස හතර ඉක්මවු පසු අර්ධ ඝණ ආහාරවලට හුරු කලේය. මුල් මාස දෙක දියර ස්වභාවයටත් මාස හයේ සිට දියර ස්වභාවය අඩු කරමින් තලපයක් ලෙස ආහාර සකස් කර දෙන්නත් පුරුදු විය.

මීදුම සියා කෙනෙක් වී මුණුපුරා වැඩෙන හැටි නිරීක්‍ෂණය කලේය. මේ වියමනේ සිට පලවන්නේ ඒ නිරීක්‍ෂනයේ වාර්තාවන්ය.

notes of imaginary

2012-09-11

මෙයයි ආශ්චර්ය !.

notes of imaginary

2012-08-29

මොනාලිසා සංචාරයක ගිහින්

ඇෆ්ගනිස්ථානයේ මොනාලිසෘ

අප්‍රිකාවේ මොනාලිසා

ඩුබායි මොනාලිසා

ඊජිප්තුවේ මොනාලිසා

ඉන්දියාවේ මොනාලිසා

ඉරානයේ මොනාලිසා

ක්වයිට් මොනාලිසා

පාකිස්ථානයේ මොනාලිසා

පලස්තීනයේ මොනාලිසා

සියරාවේ මොනාලිසා

එක්සත් රාජධාණියේ මොනාලිසා

ලියෝනා ඩා වින්සිගේ නියම  මොනාලීසා 


notes of imaginary

2012-08-27

ප්‍රේමයේ සිරකරුවෙකුවු ෂා ජාහාන් - ටාජ් මහල්



ලොව පුදුමයන් අටෙන් එකක් ලෙස අප හදුන්වන නිර්මාණයන් අට අතරට එක්වු ටජ්මහල් මණ්දීරය ආදරවන්තියක සිහිපත් කිරීමට ආදරවන්තයෙකු විසින් ඉදි කරනලද සදාතනිකවු සිහිවටනයකි. මෝගල් අධිරාජ්‍යෙයකුවු සජාහාන් රජතුමා(ක්‍රි.. 1627 – 1658)  17 හැවිරිදි මුම්ටාස් කුමරිය හා විවාපත්වුයේ 1612 වසරේ මාර්තු මස 13 දිනදීය. සජාහාන් සහ මුම්ටාස් යුවලට දරුවන් 13 දෙනෙක් වුහ . විවාහයෙන් පසුව සජාහාන් රජතුමා ඈ තම අගමෙහෙසිය බවට පත්කර ගත්තේය. මුම්ටාස්මහල් දේවිය 14 වෙනි දරු ප්‍රසූතියට මුහුණ දෙමින් සිටි අවස්ථාවේ අධික රුධිරවහනය වලක්වා ගත නොහැකිව තම ජීවිතය බේරාගැණිමට අසමත්ව මියගියාය.
එකිනෙකා කෙරෙහි තද බැදීමක් ඇතිව සිටි රජතුමා තම මෙහෙසියගේ වියෝවෙන් පසු ජීවිතයේ බලවත් මානසික පසු බෑමකට ලක්වු බව මුලාශ්‍රයන් කියවන විට අනුමාන කල හැක. ඔහුගේ ශෝකය තුණි කර ගනුවස් තම ආදරවන්තිය වෙනුවෙන් සිහිවටනයක් ඉදි කිරීම ඔහුගේ අරමුන විය මේ නිසා ජීවිතයේ අවසාන කාලයේ තම පුතෙකුගේම සිරකරුවෙකු බවට පත්ව මාළිගය තුලම කාමරයක සිරකරුවෙකුව ජීවත්ව මිය ගිය බව සදහන්ය.
විශාරද සනත් නන්දසිරියන් ගයන මේ ගීතය ඔබ රසවිද   ඇති බව නිසක ය. එම ගීතයේ පදමාලාව කියන්නේ සජාහාන්ගේ සිතිවිලි යයි මගේ සිත කියයි.
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ.
හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ.
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
නිමල මැදුර බලා වඩින්න දේවියේ.
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ..
දහසක් මිණි මල් ලිය කම්..පෙම පිදු වූ රන් කැටයම්..යමුනාවේ 
තරඟ මතින් මත පිළිබිඹු වේවා..චමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවා..
අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළු කඳුළු ගලා-මැදුරක කිරිගරුඬ පවුරු පබා කැළුම් දේවා..
සනාතන වූ පෙම් සිතුවම් එහි සටහන් වේවා.
ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු-නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ..

මුම්ටාස් මහාල් (MumtazMahal) ගේ නමේ අග කොටස වන "මහල්" යන්න ටජ්මහල් යන නාමය බිදි ආ බව පැවසෙයි. මධ්‍යතන යුගයේ භාරතය පාලනය කළ මෝගල් රාජ පරම්පරාවේ ‍පස්වන පාලකයා වූ ෂා ජහන් අධිරාජ්‍යා තමා අතිශයින්ම ආදරය කළ මුට්ටාස් මහල් දේවියගේ මරණයෙන් පසු ඇය වෙනුවෙන් ඉදිකළ අද්විතීය සිහිවටනය ටාජ්මහල් මන්දිරයයි.
අග නුවර යමුනා නදී තීරයේ අතිශයින් සුන්දර පරිසරයක මෙම ආදර සිහිවටනය ඉදිකොට තිබේ. ස්මාරකයේ වැඩ ආරම්භ කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1632දීය.

 කම්කරුවන් විසි දහසක් පමණ යොදාගෙන ඉදිකිරීම් අවසන් කිරීමට අවුරුදු විසි දෙකක පමණ කාලයක් ගතවී ඇත. මුළු ගොඩනැගිල්ලම කිරිගරුඩ ග‍ලෙන් නිමවා ඇත. ගොඩනැගිල්ල, පොකුණු, උද්‍යානයද යමුනා නදිය එක්ව ගත් කල අතිශයින්ම දර්ශනීය ස්මාරකයක් බවට පත් වී ඇත.
ඔහු සියළු රාජ්‍ය කටයුතු වලින් බැහැරව අවුරුදු විසි දෙකක්ම මියගිය තම මෙහෙසිය වෙනුවෙන් කාලය ගත කරමින් මේ මහා ස්මාරකය ඉදිකරිම නිසා රටවැසියා නෙසන්සුන්වුවා විය හැක. එහි ප්‍රතිපලයක් ලෙස වෙනත්  බිසවකට දාව උපන් පුතකු වූ අවුරන්ග් සෙබ් රාජ්‍ය බලය අල්ලා ගෙන සජාහාන් සිරකරුවෙකු බවට පත් කර ජීවිතාන්තය දක්වා මාලිගයේ කාමරයක සිරකර තැබුවේය.ඉන් වසර අටකට පසුව 1666 එක්තරා දිනෙක ටජ්මහල දෙසටම දෙනෙත යොමුකොට මරණය සොයා ගොස් සිටි සාජහාන්ගේ දේහයද මුම්ටාස් අසලින්ම මිහිදන් කෙරිණි.
notes of imaginary

2012-08-26

විශ්වාස කරනවාද ?.


I don't know whether this is true.......... Unbelievable













notes of imaginary

2012-08-25

ටජ්මහල් සහ තවත් පැනෝරාමා


ටජ්මහල් වලට මෙතනින් යන්න.

http://www.airpano.ru/files/Taj-Mahal-India/2-3

ඔබට තවත් නැරඹිය හැකි පැනෝරාමා කිහිපයක්



මේ ලින්ක් එකෙන් තවත් පැනෝරාමා.

2012-08-04

ඔන්න ඔහොමයි මම නිව්ටන් උනේ

Add caption



නිව්ටන් ලා ගැන කියන කොට අයිසෙක් නිව්ටන් එහෙමත් මතක් වෙනවා.අපේ ගමේ  පාරක් තියෙනවා.මේ පාර සබරගමුව විශ්ව විද්‍යාලය හරහා සමනල වැව දක්වා ගොස් සමනල වැව ඩෑම් එක පාමුලෙන්   තවත් ඈතට යනවා. මේ පාර හැදුවේ 1 97 8 වගේ කාලෙක. මේ පාරේ එක තැනක් නම් කරන්නේ මගුල් පොකුණකියලා. එක වංගුවක් තියෙනවා  . ඒ වංගුව හදුන්වන්නේ නිව්ටන් වංගුව “  කියලා.

මේ පාර හදපු රජයේ කොන්ත්‍රාත් සමාගමේ (SD&CC)  නිව්ටන් කියලා නම ඇති රියදුරු  මහතෙක්  සේවය කලා. ඔහු පදවන ලද ට්‍රැක්ටරය  මේ කියන වංගුවේදී අනතුරකට පත්වෙලා නිව්ටන් රියදුරු මහතා  මියගියා . එදා ඉදන් අද වෙනකම් මේ වංගුව නිව්ටන් වංගුව “   කියලයි හදුන්වන්නේ.

මේ රියදුරු මහතා රස කතා කියන්න හරි දක්‍ෂයි.වැඩ කටයුතු එවර වෙලා වැඩ බිමේ කදවුරේ තාවකාලිව ඉදිකරලා තිබුන නිවහනේ  ඉදගෙන හීන් අඩියක් දාගත්තම රසකතා කියන නිව්ටන් අයියා  කාගෙත් රස වතෙක්. දවසක් මාතෘකා උනේ නිව්ටන් අයියට තමන්ගේ නම වැටුන හැටි.
මල්ලීලා උඔලා දන්නවද මට මේ මළ හත්තිලව් නම හැදුනේ කොහොමද කියලා ?. පුශ්නයක් අහගෙනම නමේ පුරාවෘත්තය කියන්න පටන් ගත්තා

මගේ පුංචිම කාලේ  නම සිරිසේනමේ සංකර නම මට වැටුනේ මට හැදුන ලෙඩක් හින්දා.මම පොඩි කාලේ බොරු කියනවා. කට ඇරියොත් කියන්නේ බොරු !. අම්මයි අප්පච්චියි කොච්චර කිව්වත් මගේ පුරුද්ද නම් නැතිවුනේ නෑ. මෙහෙම කාලයක් ගතවුනා. මට පුංචි ගොතයක් ඇතිවෙන්න පටන් ගත්තා. අවුරුද්දක් දෙකක් යන කොට මේ ගොතේ තවත් වැඩිවුනා. අම්මා කියාපු  මම අ......අ ම්...බා  කියලා කිව්වේ  බොහොම අමාරුවෙන්. දවසක් මට මතකයි අප්පච්චි  බිත්තියේ ගාන්න කියලා තීන්ත ටින් එකක් ගෙනල්ලා මේක මළයට දෙන්න කිව්වා. මම මළයට මේ තීන්ත ටින් එක දීලා තිත්....තිත්......තියන්න කිව්වම මේ යෝදයා  තින්ත  ටින් එක එවර වෙනකම්ම  බිත්තිය පුරාම තිත් තිව්වා.
 හොදට හිටපු මට කතා කරන්න බැරිවුනාම අම්මයි අප්පච්චියි හරියට දුක්වුනා.දවසක් අම්මයි අප්පච්චියි මාත් එක්ක ගමේ පන්සලේ හාමුදුරුවෝ ගාවට ගිහින්  මට වෙ ලා තියෙන මේ වින්නැහියට සහනයක් බලාපො‍රොත්තු උනා. හාමුදුරුවෝ වෙද කමටත් හරි දක්‍ෂයා. මගේ කට ඇරලා හොදට බලලා  පොඩි එකාගේ දිව කොට වේගෙන යනවා නේ කියලා අප්පච්චි දිහා බලලා කල්පනාවට වැටුනා.

හාමුදුරුවේ කල්පනා කර කර ඉදලා ටික වෙලාවකට පස්සේ මාව ලගට ගත්තා . දැන් මගෙන් නොයෙක් ප්‍රශ්ණ අහනවා. මමත් ගො ගගහා උත්තර දෙනවා. හාමුදුරුවෝ ටික වෙලාවක් මෙහෙම පුශ්න කර කර ඉදලා හ්ම්  එහෙනම් උපාසක මහත්තයෝ මේ පැංචට  මම බෙහෙත් කරන්නම් කිව්වා. බොන්න කෂාය , දිවේ ගාන්න තෙල් ,එහෙම දීලා කිව්වා කලබල නොවී මේ බෙහෙත් ටික කරලා මාසෙකින් විතර පැංචා එක්ක එන්න කියලා.
දෙයිහාමුදුරුවනේ  !.  මාසයක් යන දවසේ මගේ දිව බිමට වැටුනා. කලබල වෙච්ච පාර මම දුවලා දුවලා ගිහින් නතරවුනේ පන්සලේ හාමුදුරුවෝ ලග.හාමුදුරුවේ කලබල වුන බවක් පෙනුනේ නෑ. මගෙන් ඇහුවා අම්මා අප්පච්චිට කියලාද ආවේ කියලා මම අත් දෙක එහාට මෙහාට පද්දල නෑ කිව්වා. ඇබිත්ත කොල්ලා කැන්දපු හාමුදුරුවෝ අපේ ගෙදරට පණිවිඩ ඇරියා මම පන්සලේ ඉන්න විත්තිය කියලා.
 අම්මටයි අප්පච්චිටයි කියල මම පන්ලේ නතර කරගත්ත හාමුදුරුවෝ මට වෙදකම් කරන්න පටන් ගත්තා. උපදෙස් දෙන්න පටන් ගත්තා  . මෙහෙම මාසයක් දෙකක් යන කොට මගේ දිව අයෙත් වැඩෙන්න පටන් ගත්තා මාස හයක් විතර යන කොට මගේ දිව හොදටම වැඩිලා .. හොදට කතා කරන්න පුළුවන් උනා.
හාමුදුරුවො මම පන්සලෙන් එන දවසේ මට කනට කරලා  කිව්වා  "සිරිසේන ලමයෝ අයෙත් බොරු කියන්න න් පටන් ගන්න නම් එපා"  කියලා.
දැන් මට මේ  තියෙන්නේ අළුත් දිවක් . 
මේ වැඩෙන් පස්සේ ගමේ කවුරුත් මගේ නම  සිරිසේන කියන නම වෙනස් කරලා කතා කරන්න පටන් ගත්තා.
ඔන්න ඔහොමයි මම නිව්ටන් උනේ . ( New + tongue )