ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2026-01-29

මමත් ඇසුවා ඔබෙන්.



ඇවිලුණු ගිනි දැල් නිවි නිවි යාද්දී ඈ මට හමු වූවා

සුපිපුනු වන මල් සුවඳ හමද්දී ඈ මට හමු වූවා

ඇවිලුණු ගිනි දැල් නිවි නිවි යද්දී


රන් කෙඳි දහරින් පෙරි පෙරි ඉතිරී //

හිරු අවරට ඇදුනා

පාළුව තනිකම රජයන විටදී //

ඈ මට හමු වූවා

ඇවිලුණු ගිනි දැල් නිවි නිවි යාද්දී ඈ මට හමු වූවා

ඇවිලුණු ගිනි දැල් නිවි නිවි යාද්දී


සුසිනිඳු සළුවක් සුළඟට ඇඹරී //

රහසක් මට කීවා

සුදු මුදු වැල්ලේ සිටියදි තනිවී //

ඈ මට හමු වූවා

ඇවිලුණු ගිනි දැල් ................


පද රචනය:            විමලධර්ම ජයවීර

සංගීත නිර්මාණය: සනත් නන්දසිරි 

ගායනය:               සනත් නන්දසිරි.


ජීවිතය හමුවෙන්නේ එහෙමයි. මම නොලිවුවත් විමලධර්ම ජයවීරයන් එහෙම ලියනවා. 

හිත අතීතය ආවර්ජනයට අරගෙන යන පසුබිමක් මවමින් සනත් නන්දසිරියන් කඩ හඩ එක්කරනවා.


කරුනාදාස සපුතන්ත්‍රී කියන්නේ මෙහෙම කතාවක්. 


මංමුලාවී පාර හොයාගෙන - 

හසරක් අසමින් යන ගමනේ

මංමුලාවූ සමණලියකගෙනි 

පාර අසා තිබුණේ

මංමුලාවී පාර සොයාගෙන 

හසරක් අසමින් යන ගමනේ

මංමුලාවූ සමණලියකගෙනි 

පාර අසා තිබුණේ


ඇයත් නොදන්නිය ඇය යන මානය - 

උන්හිටි තැන් මතකයෙ අඩමානය //

පාර කියන්නේ කෙලෙසද මා හට - 

ඇයටද පාරක් ඇති නැති ගාණය

මංමුලාවී පාර සොයාගෙන 

හසරක් අසමින් යන ගමනේ

මංමුලාවූ සමණලියකගෙනි 

පාර අසා තිබුණේ


අප හමුවූයේ මන්දැයි නොදනිමි - 

පාර ඇසූයේ ඇයිදැයි නොකියමි //

අපේ ගමන අද නවතනු හැකිනම් - 

අප යන ගමනද අද මෙතැනින් නිමි

මංමුලාවී පාර සොයාගෙන 

හසරක් අසමින් යන ගමනේ

මංමුලාවූ සමණලියකගෙනි 

පාර අසා තිබුණේ 


ගුණදාස කපුගේ ගේ හඩම මේ ප්‍රශ්නය අහන්න බලා ගෙන හිටියා වගෙයි. 

මටත් තිබුනා ප්‍රශ්ණයක් .


අප හමුවූයේ මන්දැයි නොදනිමි - 

පාර ඇසූයේ ඇයිදැයි නොකියමි //

අපේ ගමන අද නවතනු හැකිනම් - 

අප යන ගමනද අද මෙතැනින් නිමි


ඒ වුනත් අපි තාමත් යනවා. ගමන නිමා කරන්න පුළුවන් වෙන්නේ ස්වභාව ධර්මයට විතරයි.


මේ ප්‍රශ්ණය කපුගේ අහන්නේ “ පාර දිගේ චිත්‍රපටියේ. චන්දරේ  වෙන්නේ විජය කුමාරණතුංග.

එයා සීසර් කෙනෙක්. ෆිනෑන්ස් ඇරියස් වෙන වාහන උස්සන එකයි රාජකාරිය.

කාලයත් එක්ක චන්දරේට ප්‍රේම සම්බන්ධයක් ඇති වෙනවා. ඇය චන්දරේට කියනවා මට බබෙක් හම්බුවෙන්න ලැබෙන්න ඉන්නා විත්තියක්.

බබාට දැන් මාස තුනයි කියලා.

චණ්දරේ කියනවා

“අපි ඔක්කොම නිකන් අහකට විසි කරපු එඩරු දඩු වගෙ 

අපට මුල් නැ වැල් නැ

ඒත් දලු එනවා“

කියලා .

චණ්දරේ යාළුවෝ දෙන්නෙක් එක්ක කච්චේරියට ගිහිල්ලා විවාහය ලියාපදිංචි කරලා යමින් ගමන

පාරමාරුවෙන ගමන් ඈ අහනවා අපි කොහෙද යන්නේ කියලා ?.

චණ්දරේ කියනවා..

“ දන්නේ නෑ “ කියලා .


අප හමුවූයේ මන්දැයි නොදනිමි - 

පාර ඇසූයේ ඇයිදැයි නොකියමි //

අපේ ගමන අද නවතනු හැකිනම් - 

අප යන ගමනද අද මෙතැනින් නිමි


පාර දිගේ චිත්‍රපටිය නිමා වෙනවා.


මේ ප්‍රශ්න පත්‍රය නිමා වෙන්නේ නැහැ .

ඒක නේ ජීවිතය කියන්නේ …

කුමාරදාස සපුතන්ත්‍රි බන්ඩාර අතාවුද ටයි මාලණි බුලත්සිංහලටයි  කියනවා මෙහෙම කතාවක් .

එච්. එම්. ජයවර්ධනයන් හැඩ වැඩ දාලා 

අපිට කියන්නේ මෙහෙම කතාවක්.

එකත් ජීවිතේ බදා ගන්නවා.


කොහේ යන්නෙද 

කොහේ ඉන්නෙද

ඔබත් ඇසුවා මගෙන්...

මමත් ඇසුවා ඔබෙන්...

කොහේ යන්නෙද 

කොහේ ඉන්නෙද

ඔබත් ඇසුවා මගෙන්...

මමත් ඇසුවා ඔබෙන්...


මං මුලාවී ජීවිතේ අපි

ලං වෙලා ඉමු මේ ලෙසින්

තවත් පෙම්ව..තියන්...

පෙම්වතුන්

එනතුරා මේ මාවතේ..

ගමන් මඟ විමසා අපෙන්


මේ ලෙසින් සසරේ පුරා අපි

ලංවෙලා සිටියේ හදින්

හෙටත් අද වාගේ...

බලා හිඳිමු

සිත් සතන් නැති ලෝකයා

පෙම් සුවේ දකිනා තුරා

කොහේ යන්නෙද

කොහේ ඉන්නෙද

ඔබත් ඇසුවා මගෙන්...

මමත් ඇසුවා ඔබෙන්...

කොහේ යන්නෙද

කොහේ ඉන්නෙද

ඔබත් ඇසුවා මගෙන්...

මමත් ඇසුවා ඔබෙන්...


හා.. හහහහා.... හහහහා.... හහහහා....

හා.. හහහහා.... හහහහා.... හහහහා....


මේ 2025 අවුරුදු පනහකට ආසන්න කාලයක් ගතවෙලා නානාප්‍රකාර හැළහැප්පී මැද්දේ .

නොනිමෙන ගමනක යෙදෙන ගමන් තාමත් අහනවා..


කොහේ යන්නෙද 

කොහේ ඉන්නෙද

ඔබත් ඇසුවා මගෙන්...

මමත් ඇසුවා ඔබෙන්...

කොහේ යන්නෙද 

කොහේ ඉන්නෙද

ඔබත් ඇසුවා මගෙන්...

මමත් ඇසුවා ඔබෙන්…

කියලා.










A day in the life

2026-01-28

ලෙනින් කියවීම - ඇමති ලාල් කාන්ත



හිතවත් ලාල් කාන්ත ඇමතිතුමා, ලෙනින් කියවන්නට ගොස් වටිනා කතා දෙකක් කියා තිබේ. පලමුවැන්න, එතුමා සිවුර, ජාතික ඇදුම, කලු කෝට් මොනවා ඇන්දත් පහර ගසන බව කීමය. දෙවැන්න, තමන්ට දැනට ඇත්තේ ආන්ඩු බලය පමනක් බවත්, ඉදිරියේදී රාජ්‍ය බලය ලබාගැනීමට අරගලයක් කරන බව ප්‍රකාශ කිරීමය.

නිරාගමික, නිර්සංස්කෘතික දේශපාලන දෘෂ්ටිවාදයක පිහිටා කටයුතු කරන ලාල් කාන්ත ඇතුලු ජවිපෙ ප්‍රධානියකුගෙන් නිකුත්වන එම ප්‍රකාශය විසින් අපේ රටේ ශාසනික මූලස්ථාන වෙත නාහිමිපාණන් වහන්සේලා බැහැදැකීමට දැකුම් වට්ටි රැගෙන යන ආන්ඩුවේ සෙසු නායකකාරකාදීන්ගේ මවාගත් ශාසනාලයේ ධවල සළු මුලුමනින්ම ගලවා දමයි. ලාල් කාන්ත ඇමතිතුමා මෑතකදී මිහින්තලේ නාහිමියන්ට 'පහරදී' ස්වකීය ප්‍රකාශයේ පූර්වාදර්ශය ස්ථාපනය කලේය. ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඇතිවූ පසුබෑමට හේතුවූ ශාසනික මැදිහත්වීමට 'සිවුරට' පහරදීමේ වගකීම ආන්ඩුව බාර දුන්නේ ලාල් කාන්ත ඇමතිතුමාට බව ඉන් ගම්‍ය වේ.

ජනාධිපතිතුමාට "මහා මහේන්ද්‍ර ප්‍රසාදනී" සම්මානයදීමෙන් මිහින්තලේ නාහිමි තමන් වහන්සේගේ අනාරක්ෂිත හා දුර්වලභාවය ප්‍රදර්ශනය කිරීමෙන් ආන්ඩුවේ 'වෙඩික්කරුවන්ගේ' ඉක්මන් ඉලක්කයක වූ බව මගේ අදහසයි. ලාල් කාන්ත ඇමතිතුමාගේ ප්‍රහාරය හ ප්‍රකාශය ගෞරවනීය මහා සංඝරත්නය නිවැරදිව කියවාගෙන ඇතැයි මම උපකල්පනය කරමි.

කලුකෝට්, ජාතික ඇදුම්,සිවුරු වලට පහර දෙන්නේ යැයි කළ පලමු ප්‍රකාශය ලාල් කාන්ත ඇමතිතුමාගේ දෙවන වටිනා ප්‍රකාශය, එනම්‍ රාජ්‍ය බලය ලබාගැනීමේ 'අරගලයේ' ක්‍රමවේදීය අනාවරනයක් ලෙස මම සලකමි. එහිදී සුපැදිලි වන එක් කරුනක් නම්, සභ්‍යත්වය නියෝජනය කරන ඕනෑම පාර්ශ්වයක් තම ප්‍රහාර අපේක්ශාවෙන් සිටිය යුතු බවය. එය තර්ජනයක් යැයි සිතන්නට ඔබට ඇති අයිතිය මම ප්‍රශ්න නොකරමි. කාලාන්තරයක් මුලුල්ලේත්, දැනටත්, ආන්ඩු විරෝදීන් යනු, රාජපක්ෂවාදීන්, සජිත්වාදීන්, රනිල්වාදීන්, හෝ පොදුවේ විපක්ෂ හෙන්චයියන් හා/හෝ ජාතිවාදීන් ලෙස හන්වඩුගසා කෲර හා සියුම් මනෝවිද්‍යාත්මක සමාජ මාධ්‍ය අශූචි ප්‍රහාර මගින් නිහඬ කිරීමේ අතිශය දුර්වල ක්‍රමවේදය, පර්‍යේෂනාත්මක ආරම්භයක් සේ ක්‍රියාත්මක බව අපි දනිමු.

මම දේශපාලන විද්‍යා විශාරදයකු නොවුනත්, ආන්ඩුවක් යනු රාජ්‍යය විසින් සකසා ගන්නා ව්‍යුහයක් බව අසා ඇත්තෙමි. ආන්ඩුවකට සියලු පුරවැසියන් අවනතවීමේ අවශ්‍යතාවක් නැත. රාජ්‍යද්‍රෝහීත්වය දඩුවම් ලැබියහැකි වරදක් වුවද, ආන්ඩු විරෝධය වරදක් නොවේ. ස්ථිරසාර වන්නේ රාජ්‍යය මිස ආන්ඩුව නොවේ. විසුරුවාහැරිය හැක්කේ ආන්ඩු මිස රාජ්‍යය නොවේ. ආන්ඩු වෙනස් කිරීමේ අයිතිය පුරවැසියන් සතුය. කොටින්ම ආන්ඩුවකට භූමියක් උවමනා නැත. එල්.ටී.ටී.ඊ. සංවිධානය කැනඩාවේ හෝ අන්තැනක පිහිටුවා ගෙන ඇතැයි කියන ඊළමද එවැන්නකි. ආන්ඩුව රාජ්‍යයේ නියෝජිතයාය..නැත්නම් ආන්ඩුව රාජ්‍යයේ සේවකයාය.

ශ්‍රී ලංකාව වනාහී දීර්ඝ ඉතිහාසයක් හා සංකීර්න විචිත්‍රවත් සම්භාව්‍ය (භාවිතාව පරස්පරවිය හැක) සංස්කෘතියක් සහිත රටකි. අපේ රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්‍යයෙන් අවශ්‍යය. මාගේ අදහස නම් ප්‍රතිසංස්කරණ නොව අපිට අවශ්‍ය අලුත්ම අධ්‍යාපන මාදිලියකි. එහෙයින්, ආන්ඩුවේ රාජ්‍ය බලය ඇල්ලීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස, ඉතිහාසය හා සංස්කෘතිය ආසානාසි කිරීමේ සියුම් මෙහෙයුම් තේරුම් ගැනීම අපට අපහසු නැත. සිංහල වේවා, අසිංහල වේවා, බෞද්ධ වේවා, අබෞද්ධ වේවා, ශ්‍රී ලාංකිකයා සතු සංස්කෘතික කේතය මකාදැමීම, ලාල් කාන්ත ඇමතිතුමා පවසන රාජ්‍ය බලය ඇල්ලීමේ අරගලයේ ප්‍රධාන උපාය මාර්ගයක් බව අපි දනිමු.

අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා 2024 ජනාධිපතිවරණයේදී උතුරේ යාපනේ දිස්ත්‍රික්කයෙන් ලබාගන්නේ ඡන්ද 27,068ක් පමනි. ප්‍රධාන ප්‍රතිවාදියාවූ සජිත්ට යාපනෙන් 121,177කි. 
වන්නි දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිතුමාට ඡන්ද 21,412කි, සජිත්ට 95422කි. 
සමස්ත උතුරු පළාතෙන් ජනාධිපතිතුමා ඡන්ද 48, 498ක් ලබද්දී, සජිත් 216,599 ලබා ගනී.

අම්පාරෙන් ජනාධිපතිතුමාට ඡන්ද 108,971කි. සජිත්ට 200,384කි.. 
මඩකලපුවෙන් එතුමාට 38,832කි., සජිත්ට 139, 110කි. 
ත්‍රිකුනාමලයෙන් ජනාධිපතිතුමා ඡන්ද 49,886 ක් ලබයි. සජිත් 120, 558කි. 
සමස්ත උතුරු නැගෙනහිරින්ම ජනාධිපතිතුමා ලැබෙන්නේ ඡන්ද 246,187කි. ප්‍රතිවාදියා 676,651කි. 
ජනාධිපතිතුමා ජනාධිපතිවරණයේදී ලබාගත්තු මුලු ඡන්ද සංඛ්‍යාව වුනු 5,634,915 ප්‍රතිශතයක් ලෙස එතුමා උතුරු නැගෙනහිරින් ලබා ඇත්තේ 4.3% කි. 
ඒ මත පදනම් ව රටේ වාර්ගික හා සංස්කෘතික අන්න්‍යතාව අර්ථකථනය කිරීම රාජ්‍ය බලය උපයා ගැනීමේ විශිෂ්ට ක්‍රමවේදයක් නොවේ.

කෙසේ වෙතත්, ලාල් කාන්ත ඇමතිතුමා ලෙනින් කියවමින් කල ප්‍රකාශය ශ්‍රී ලංකාව නම් රාජ්‍යයේ සබුද්ධික පුර්වැසියන්ගේ චින්තනයට රසවත් ආහාරයක් සපයා ඇත. 

චමිල ලියනගේ.

A day in the life

2026-01-27

මා ජවිපෙන් විතැන් වුනේ ඇයි.




මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට හුඟ දවසක සිට මා බලා සිටියෙමි. මැතිවරණ දිනවල සමහර පෝස්ට්වලට මා දුන් පිළිතුරුවලට සමහරුන් හිත් රිදවා ගෙන ද තිබුනි. විදෙස් ගත සමහර මිතුරන් මට අනතරු ද අඟවා තිබුණි. ලෝකයේ සිටින අති විශිෂ්ට ශිෂ්ට සම්පන්නයයැයි කියා ගන්නා ව්‍යාපාරයකට අයත් සේ තමන් විසින් ම හඳුන්වා ගත් සහෝදරවරුන් ද ඔවුන්ට සුපුරුදු කුණුහරපයෙන් මා අමතා තිබුණි. මා ගැන දන්නා නොදන්නා මිතුරන්ට දැන් මම කියන්නම්.

මා දේසපාලනයට අත් පොත් තැබුවේ කලක් පාරිශුද්ධ දේශපාලන පක්ෂයක්ව තිබු එහෙත් 2010න් පසු කතිපයාධිපති ඩීල් කල්ලියක් විසින් වලපල්ලට යැවූ ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදි ශිෂ්‍ය සංගමයෙනි.
මා විජේවීර සහෝදරයා පළමුවෙන් ම දුටුවේ 1970 දී පේරාදෙනි සරසවියේ එළිමහන් රඟහලේ ( වලේ ) සමාජවාදි ශිෂ්‍ය සංගමය කැඳවා තිබූ රැස්වීමේදි ය (දිනය මතක නෑ). මේ දිනවල ජවිපෙ නම අප්‍රකටය. කිව්වෙ චේගුවෙරා කාරයෝ නැත්නම් චේ කල්ලිය කියල. ඒ නම දැමුවේ එන්. එම්. පෙරේරා විසිනි. වල පිරී ඉතිරී තිබුනි.

පුංචිම පුංචි මනුස්සයෙක්.කතාව පටන් ගත්තා. මා පුදුම වුනා. මගේ ජීවිත කාලය පුරාවට එවැනි කතාවක් අසා නැත. වක්කඩ කැඩුවා සේ ය. ආර්ථික අර්බුදයෙන් පටන් ගෙන ඉන්දියානු ව්‍යාප්ත වාදය තෙක් ජාතික ආර්ථික සමාජ හා දේශපාලනික විග්‍රය පැය තුනකට අධික කාලයක් පැවතුණි. ඔහු එකවර හදවතට හා බුද්ධියට යන දෙකට ම කතා කළ හැකි අයෙකි. කතා⁣ව අවසන් වන විට තමන්ගේ අසරණ කම ගැන වැටහී ගොස් තිබූ නිසා හැම දෙනෙකුගේ ම වාගේ නෙත්වලට කඳුලු ඇවිත් තිබුනා.

මේ කතාව පුරා ඔහු මාක්ස්වාදය සමග ජාතිකත්වය අවධාරණය කර තිබුණි. ප්‍රගතිය කරා යාමේ දි රටක සංස්කෘතිය සහ ජන විඥානයේ දීශානතිය වැදගත් වන අයුරු සහ මාඕ ලෙනින් වැන්නන් එහි වැදගත් කම සැලකිල්ලට ගත් අයුරු පෙන්වා දුන්නේ ය. රටක ජනතාව ඕපපාතික ලෙස සලකා ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගිය නොහැකි බවත් පැරණි වම ජනතාව අතර පිරිහිමට එක් හේතුවක් වනුයේ මෙය බවත් පෙන්වා දුන්නේ ය (එක් වාමාංශික නායකයෙකුට අනුව දුටුගැමුණු යනු ගඩොල් මෝඩයෙකි ).
කතාව තුළ තාර්කික බව එක්කම ෆ්ලැට් න්‍යායත් අතුළු වී තිබුණි . එවකට චීන කොමියුනිස්ට් පක්ෂයේ ( චීන පිල ) ශිෂ්‍ය සංගමයේ ලේකම් දේවප්‍රිය සහෝදරයා චකබ්ලාස් වන ප්‍රශ්නයක් ඇසී ය. " සහොදරය , සංස්කෘතිය ජාතිකත්වය ඔය තරම් වැදගත් නම් ඇයි ඔයා කලිසම අඳින්නෙ? "දුන්න පිළිතුර නොකවුට් පිළිතුරක්. " සහෝදරය දැනගන්න කලිසම කියන්නෙ අධිරාජ්‍යවාදි සුද්දගෙ ඇඳුමක් නොවෙයි. සුද්දා කොල අතු ඇඳ ගෙන දඩයමේ යන කාලේ ඉස්සෙල්ලම කලිසම ඇන්දෙ චීන්නු."
අපේ චීන පිළේ සහෝදරයා නිහඬවි ය. මා මෙහිදී මේ ටික විශේෂයෙන් සඳහන් ක⁣ළේ පැරණි ජවිපයේ අවක්ෂේපයක් වන වර්තමාන ජවිපෙ කතිපයාධිපති කල්ලිය සංස්කෘතික හර පද්ධතියට ජන විඥානයට හා ජාතිකත්වයට කෙතෙක් නම් වෛර කරන්නේ ද යන්න සිහිපත් වන නිසයි.

කෙසේ හෝ ඉන් පසු මා සමාජවාදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු වීමි.
එවකට සරසවියේ බලය තිබුනේ SLFP ශිෂ්‍ය සංගමයට ය. ඔවුන්ගේ පාවාදීම් හා ද්‍රෝහී කම්වලට නිතර නිතර අපි මූන පෑවෙමු. CP හා LSSP සමග දැඩිව මතවාදි ගැටුම් තිබුනි. එදා ජවිපෙ විනය හා සමාජ සදාචාරයට වැඩි තැනක් දුන් බැවින් දුම් බීම මත්පැන් පානය වැනි දේවලින් අප තුළ ස්වයං වාරණයක් ඇතිවි ය. දවසක් කතිපයාධිපති අතළොස්සක් වූ වි.කො.ස (විරෝධේ ) පිරිසක් AT එක ඉදිරිපිට ගැටුමකදී පැවසුවේ 'යකෝ සිගරට් අරක්කු නොබිව්ව කියල විප්ලවේ කොරන්න පුලුවන් ද, අපි නම් අහුවුනොත් බඩුත් ගහනව. තොපි සුළු ධනේශ්වරවාදීන්" කියා ය. (මොවුන්ට අනුව මාඕ සේතුං ද සුලු ධනේශ්වරවාදියෙකි).⁣ කෙසේ හෝ සුලු කලක් ඇතුළත මොවුන් ජනතාව අතරෙන් අතු ගෑවී ගියේ ය. මේ අතර අපේ සමහරු පක්ෂයේ පූර්ණකාලීනව කට යුතු කිරීමට සරසවිය හැර ගියහ.

භීෂණ සමය ඇරඹුනේ 1971 මාර්තු මාසයේ ය. එය වැල්ලවාය පොලිසියට පහර දීමෙන් ඇරඹිනි. රටට ම ඇඳිරි නීතිය. හමුදාව හා පොලිසිය සරසවියට ඇතුළු වූහ. පළමුව හැම ශාලාවක් ම සෝදිසි කර සැක සිතෙන හැම දේ ම අත් අඩංගුවට ගන්නා ලදී. වැඩිපුර ම තිබුනේ අපි මසා ගෙන තිබූ අපේ නිල ඇඳුම් හා හමුදාවට සමාන ඉන පටි වැනි දේවල් ය. ඒ සියල්ල ස්ට්‍රයික් ගහ ළඟ ගොඩ ගැසුවෝ ය.ඉන් පසු අත් අඩංගුවට ගැනීම්. හෙළි දරව් වී තිබූ සියලු දෙනා අත් අඩංගුවට පත් වූහ. සමහරු පැන ගත්හ. මම ද පැන ගතිමි.
ඉන් පසු වසර 3 ක් ම කොළඹ හෙට්ටි වීදියේ මයිලන් කෝවිල ඉදිරිපිට පදික වේදිකාව මට නිවහන විය. දවසට රුපියලේ 4 වැටු⁣පට රේස් බුකියක වැඩ කළෙමි. CID භීතිකාව මුලු රට ම වෙලාගෙන තිබුණු නිසා පාරේ ඇවිද ගියෙත් පරිස්සමෙන් ය. එහෙත් මේ මුලු කාලය පුරා ම නිකන් හිටියේ නැත. නැති සබඳ කම් හා අලුත් සබඳතා ගොඩ නගා ගැනීම් වැනි දේ යලි ටිකෙන් ටික හදා ගත්තෙමි. මේ අතර දිනක් පිට කොටුව බෝගහ හන්දියෙදි මගේ ජූනියර් බැචෙක් මට හමු විය. අපි උඹ හැම තැන ම හෙව්වා, වරෙන් වරෙන් යන්න, දැන් ඒ තරම් ප්‍රශ්නයක් නෑ.දැන් ශිෂ්‍ය සංගමෙත් ඉන්නෙ අපේ එවුන්. වහා ම වරෙන් යැයි ඔහු පැවසී ය.

යාමට අදහසක් නොතිබුනත් මට හිතුනේ සරසවිය පැත්තෙ රවුමක් දමා ඒමට ය. ඉතින් මම වසර තුනකට පසු ආපහු ගිමෙි. ඒ යන විට පෙරදිග භාෂා පීඨයේ සභාපතිව හිටියේ මගේ ම බැච් එකේ හිටපු දැනට ප්‍රංසයේ ජේතවන විහාරයේ නා හිමි මුරුංගස්යායේ ඤාණිස්සර හිමියන් ය. මාගේ re-admit වීමට උන්වහන්සේ වෙහෙසී කටයුතු කළහ. මේ වන විට general කරපු මගේ බැචාලා නික්ම ගොස් තිබිණි.

මේ වන විට සමාජවාදි සංගමයේ සමාජිකයන් එලිපිට කටයුතු කළේ නැත. නමුත් හැම එකාම එක පොකුරටයි හිටියේ. රජයෙන් ජවිපෙ සාමාජිකයන් සොයන එක නතර කරල තිබුනේ නැත. ඒ විතරක් නෙවෙයි , ආණ්ඩුවට ගැති සමහර සංස්ථා සේවකයන් සේවක පාඨමාලාව කියල එකක් සාදා කැම්පස් එකට එවා තිබුනේ ශිෂ්‍යයන් විදිහට ය. ඔවුන් එවා තිබුනේ ඔත්තුකරුවන් හැටියට ය. අපි ප්‍රසිද්ධියේ දේශපාලනය නොකළත් අපට මදක් හෝ පෑහෙන්නට හැකි CP එකට අපි සපෝර්ට් කළෙමු. ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා අපි යටින් උදව් කළෙමු. මේ අයුරින් SLFP බලය ඉවර කිරීමට හැකිවිය. එහෙත් අපේ එකෙක්වත් කිසිම පක්ෂයකට ගියේ නැත. අපි වෙනුවෙන් අපිමය. ඉන් පසු 76 පිටව ආවෙමි.⁣ ( මේ වන විට පෞද්ගලික වශයෙන් මට සිදු වූ හානි කිසිවක් අදාල නැති හෙයින් සඳහන් නොකරමි.)

1977 ජේ ආර් බලයට පත් විය. ඔහු පැමිණ අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාව මගින් සිරගත කර සිටි විජේවීර සහෝදරයා ඇතුළු සියලු දෙනා නිදහස් කළේ ය. හැබැයි ඔහු එසේ කළේ ජේවීපි එකට අනුකම්පාවෙන්වත් ප්‍රජාතාන්ත්‍රීය නිසාවත් නොව සිරිමා බණ්ඩාරනායකට රිදවීමට ය. ජේආර්ගෙ අරමුණ ඉටු වී ද නැද්ද යන්න දැන් ඔබ දන්නවා. කෙසේ නමුත් දැන් අනතුරක් නැති නිසා අපි ප්‍රසිද්ධ දේශපාලනයේ යෙදුනෙමු. විජේවීර සොයුරා ජනාධිපතිවරණයට ද ද ඉදිරිපත් විය. ටිකෙන් ටික ජේආර්ට තේරුම් යමින් තිබුනේ තමන් එළියට දැම්මෙ පූසෙක් නොව බෙංගාල ව්‍යාඝ්‍රයෙක් බව ය. අවස්ථාව එන තුරු ඔහු බලා සිටියේ ය.

මම සරසවියෙන් පිට වූ පසු ගුරුවෘත්තියට බැඳුනෙමි. හැබැයි කිසිවිටෙක මම සිසුන් සමග දේසපාලනේ කතා කිරීමට ගියේ නත. මා ඉගැන්වූයේ Logic And Scientific Method ය. නමුත් ළමුන් මා කවරෙකුදැයි දැන සිටි බව මට පසුව තේරුණි. මා දේශපාලනය කතා නොකළ ද විද්‍යාවේ ඉතිහාසය කියාදෙන විට ජියොර්දානෝ බෲනෝ ගැලියෝ ගැලලි වැන්නන්ට පාලකයන්ගෙන් හා ආගමෙන් සිදු කළ විනාසය වැනි අසාධාරණ කම් මම පැහැදිලි කළෙමි. ඔවුන්ට off period එකක් ඇතොත් මා සොයා ඒම සිරිතක් කර ගත්හ. මේ අයගෙන් බොහෝ දෙනෙක් පසුව පේරාදෙණියට ම තේරුනහ.

මා හීනෙන්වත් නොසිතූ දෙයක් සිදු වී තිබිණි. ඒ තමයි ඔවුන්ගෙන් බොහෝ දෙනා jvp වී සිටීමයි. (පොඩි සතුටක් නොතිබුනාම නොවෙයි). බොහෝ ම මෑතක මා ජේවීපී එකට සමුදුන් වෙලාවේ එක් පැරණි සිසුවෙකු ඇසුවේ " අපිව මෙතෙන්ට රැගෙන ආවේ සර්. දැන් සර් වෙනස් වෙලා." මගේ පැනය වූයේ මා කිසිවිටෙක ඔබලාට jvp වෙන්න කියා කියල තිබෙනව ද යන්නයි. "එහෙම කිව්වෙ නෑ තමයි. ඒ වුනාට උගන්නපු දේවල්වල හැටියට වෙන තැනකට යන්න හිතුනෙ නෑ සර්." මේ ටික කිව්වෙ සාකච්ඡාව අතරතුර වරහන් ඇතුලෙ කියල හිතන්නකො.

කෙසේ හෝ මේ අතර තුර 83 කලු ජූලිය පැමිණියේ ය. ජේ. ආර්. තම අපරාද වසා ගැනීමට මෙරට වාමාංශික ව්‍යාපාරය බිල්ලට ගත්තේ ය. ජවිපෙ තහනම් විය. නැවත ද යටිබිම් ගතවන්නට සිදුවිය. බිල්ලන් තැන තැන රජ විය. බුරුතු පිටින් අත් අඩංගුවට ගැනිණි. එසේ ගිය බොහෝ දෙනා යලි කිසිදා ආපසු ආවේ නැත. 
මා ද ජීවිතය අහිමි වන තැනට පත්විය. ඒ අන් කිසිවක් නිසා නොව විජය කුමාරතුංග ඝාතනය කළ sniper තුවක්කු කරු වූ ලයනල් රණසිංහගේ කට උත්තරය නිසා ය. මං ඉගෙන ගත්තෙ ජයදේව සර්ගේ පංතියේ යන වගන්තිය කට උත්තරයේ තිබීම එයට හේතුවයි. හමුදාව මා සොයා ගෙය වට කළහ. මා පිටත ගොස් ය. එවර මා බේරුවේ ජේ.ආර්. සහ ගාමිණි දිසානායකයි . මහවැලි අධිකාරියෙන් ජේ.ආර්. සහ ගාමිණීගේ ඡායාරූප සහිත පොකට් කැලැන්ඩරයක් ගසා තිබිණි. එම කැලැන්ඩරයක් ගෙදර බිම පෑගි පෑගී තිබෙනු දුටු මගේ බිරිඳ එය රැගෙන මාගේ ලියන මේසයේ දමා තිබිණි. එය මා දැන සිටියේ නැත.ගේ වට කළ හමුදාව ප්‍රශ්න කර තිබුනේ ගාල්ලේ හිටපු ජයදේව ඉන්නෙ මෙහේ ද කියා ය.

'ජයදේව නම් මෙහෙ තමයි, හැබැයි එයා ගාල්ලෙ නෙවෙයි රත්නපුරෙ' බිරිඳගේ පිළිතුර වී තිබුණි. කොහොම ද ඔප්පු කරන්නෙ? උප්පැන්න තමයි දෙන්න තියෙන්නෙ. ගන්නවා බලන්න. මහත්තෙයගෙ මේසයේ උඩ ලාච්චුවෙ.'
හමුදා නිලධාරියා මේසය ලාච්චුව හැරියේය. ලාච්චුව හැරි විගස එය වසා දැමු හමුදා නිලධරයා තම පිරිසත් සමග යන්නට ගොස් ඇත. මා කුදලාගෙන යනු බැලීමට අවට මිනිසුන් රැස් ව සිට ඇත. ගෙදර ආ පසු මට කරුණු තේරුම් ගියේ ය. ලාච්චුවේ ලිපි ගොනු උඩින් ම දිලි දිලී තිබී ඇත්තේ බිරිඳ දමා තිබු අර පොකට් කැලැන්ඩරයයි. එතනින් ද බේරුනෙමි.

ඉන්පසු එළඹුනේ චන්ද්‍රිකා ජවිපෙ පරිවාස යුගයයි. සත්‍ය වශයෙන් ම අප පැතූ යුගය උදා වෙමින් ඇතැයි අපි සිතුවෙමු. එහෙත් එය බල්ලාගේ අධෝමුඛයේ බැඳි මීයක් බවට පත් විණි. චන්ද්‍රිකාට අවශ්‍ය වූයේ ජවිපේ උදව්වෙන් ( යකා එක්ක හරි ) ගොඩ යාම වූ අතර අනුරලාගේ අරමුණ වූයේ චන්ද්‍රිකා ජීවග්‍රහයෙන් අල්ලා ගැනීම ය. වැව් හෑරූමුත් ලැබුණු අස්වැන්නක් නැත. ඒ මගුල ඉක්මනින් අවසන් විය.

2005 වන විට එළඹුනේ රාජපක්ෂ අවදියයි. ඔහු මරණ තුනක් ඇතිව පැණි කන මිහිහෙකුගේ තත්වයට පත්ව සිටියේ ය. LTTE තොන්ඩුව ඔහුගේ බෙල්ලේ බැඳිලයි තිබුනේ. මේ වන විට මම මගේ පෙදෙසේ පක්ෂ කාර්යාලයට අනුයුක්තව කටයුතු කරමින් සිටියෙමි. සෝමවංශ සහෝදරයා පක්ෂ නායකයා ලෙස සිටියත් පක්ෂ ප්‍රචාරක කටයුතු සංවිධානය වැනි දේ කළේ විමල්, ටිල්වින්, අකුදි, හේරත් ආදීන් විසින් ය. සෝමවංශ සහෝදරයා හුදු symbol එකක් වූවා පමණි. රාජපක්ෂගේ හුස්ම හිරවෙමින් තිබියදී මුලින් ම ඔහු දිරි ගැන්වූයේ සෝමවංශ සහෝදරයා ය. ආයුධ නැතැයි කී විට තියෙන ලබ්බකින් ගහල හරි මේක ඉවර කරනව ඕයි කිව්වෙ සෝමවංශය.

සෝමවංශ ඇතුළු ජවිපෙ පහළ මට්ටමේ සියේට අනූවක් මේ වන විටත් පෙර සිට පැවත ආ ජාතිකවාදී කඳවුරේ සිටි අය වූහ. යුද්ධයට එය සවියක් විය.
මේ කාලයේ මට පෙනී ගිය විශෙෂ දෙයක් නම් ජවිපයේ ක්‍රමානුකූල ව්‍යපගමනයි. අතීතයේ පක්ෂය තුළ පැවති සහෘද සංවේදී බව, අනෙකා ගැන සැලකිලි මත් වීම දක්නට ලැබුනේ නැත. ඉස්සර අප බත් පිඟාන අතට ගත්තේ අනෙකා කෑවාදැයි සොයා බලාය. ඒ වෙනුවට තමන් ගැන පමණක් හිතන පිරිසක් බිහි වෙමින් තිබිණි. 80 දශකයෙන් පසු ජවිපෙට හැමදාම හිටියේ අලුතින් බැඳුණු පිිරිසකි. විතැන් වූ අය හෝ කලකිරුණු අය යලි එක් කර ගැනීමේ වැඩපිළිවෙලක් අතීතයේ සිට ම තිබුනේ නැත.

ගිය පුද්ගලයා ද්‍රෝහියා ලෙස හංවඬු ගැසුවා මිස ගියේ ඇයි කියා බැලුවේ නැත. ප්‍රශ්න නගන්නන් කතිපයාධිපති සංවිධානයකට ලොකු ම හිසරදයකි. එවැන්නන් සිටීම වල්ගවාදීන් බිහි කිරීමට බාධාවකි. තත්වය මෙසේ තිබියදී මා විමසිල්ලෙන් තව බලා සිටියෙමි. පක්ෂ සාමාජිකයන්ගේ දැනුම සඳහායැයි සලකා මා ළඟ තිබූ දේශපාලන පොත්පත් සඟරා කාර්යාලයේ තැබුවෙමි. නමුත් එකෙක් හෝ ඒවා අත ගා බැලුවෙවත් නැත." අපි මොකට ද ඕව කියවන්නෙ. හැම දේම අපේ නායකයො දන්නව. අපට තියෙන්නෙ එයාලා කියන දේ කරන එක." ඔවුන් එසේ සිතන්නට ඇත.

මෙසේ තිබියදී තව බොහෝ දේ වෙමින් තිබණි.එකක් නම් ජවිපෙ පැවති ජාතික කඳවුර අඩ පණ කර දෑමීම ය. එයට බලවත් බාධකය වූයේ විමල් වීරවංසය. අනුරගේ කතිපයාධිපති කල්ලිය කළේ ඔහුට යන තැනට වැඩ කිරීමය. ඔහුව පෙන්නන්න බැරිව ගියේ උතුරේ යුද්ධයට රාජපක්ෂට සහාය වීමය. යුද්ධය නිමා වුවහොත් බොහෝ කලකට සටන් පාඨ නැතිව යන බව ඔවුහු දැන සිටියහ. අනෙක් කරුණ නම් විමල්ගේ කථිකත්වය නිසා ඔහු ජනතාව අතර වඩා ජනප්‍රිය වීම ය. ජවිපෙ වෙත ජනතාව ආකර්ෂණය වීමට තදින් ම බල පෑවේ විමල් ය. ජවිපෙ කුණු සෝදා හැර එය ජනගත කිරීමට උපකාරී වූයේ ඔහු බවට මොහොතක්වත් හිතුවේ නැත. විමල් තමන්ගේ පැවැත්මට හානිකර බව ඔවුන් වටහා ගෙන තිබුණි.

ඉන් පසු තම බලය තහවුරු කර ගැනීමට ලොකුම බාධාව වූයේ සෝමවංශ අමරසිංහය. විජේවීර සහෝදරයා සමග සිටි අයගෙන් අන්තිම පුරුක වූයේ ඔහු ය. ඔහු ද එලවා දැමිණි, නැත්නම් අයින් වෙන තැනට වැඩ කළහ.
මේ සමග ම පෙනී යන තවත් දෙයක් නම් ඊනියා කතිපයාධිපති කල්ලිය එලිපිට ම ජාතික චින්තනය දේශීය සංස්කෘතිය හා ඒ මත පදනම් වූ ජනවිඥානය ගර්හාවට ලක්කිරීම. එය ගෝත්‍රික වාදයක් වශයෙන් හඳුන්වන්නට තරම් ඔවුන් අද සැහැසි වී ඇත. මෙය ඉබේ සිදු වූවක් නොවෙයි. එකක් නම් ස්ථාවර සංස්කෘතික පසුබිමක් සහිත අපේ සමාජවල අරාජික තත්වයක් ඇති කිරීමට ලොකු ම බාධාව වනුයේ මෙම සංස්කෘතික පදනම බව අධිරාජ්‍යවාදීන්ට පෙනී යාමයි.

එය ඔවුන් බලාපොරොත්තු වූ පරිදි UNP යෙන් කළ නොහැකි විය. මන් ද කියනවා නම් එය වරෙක විජාතිකත්වයත් වරෙක දේශියත්වයත් දෙසට වරින් වර දෝලනය වීමයි. මේ නිසා එයට උචිත ම පිටිය සැකසී ඇත්තේ ජවිපෙ තුළය.ජවිපෙ ඔවුන්ගේ නිලනොලත් සුනඛයා බවට පත්කර ගන්නට ඔවුන් සමත් විය. අනෙක් කාරණය තමයි ජාතිකත්වයට මුල් තැන දෙන පක්ෂයක් ආණ්ඩුබලයේ සිටින විට ඔවුන්ට තම සටන් පාඨ තොරොම්බල් කර මිනිසුන්ගේ මොලේ කොලොප්පම් කිරීම අපහසු වීමයි. රාජපක්ෂ ආන්ඩුවට මොවුන් මේ තරම් වෛර කිරීමට මෙය එක් හේතුවකි. 2015 අරලියගහ මන්දිරයේ පිහිටවූ විධායක කමිටුවේ රනිල් අතික්‍රමණය කරමින් අනුර පෙරමුණ ගන්නේ මේ නිසයි. මේ සියල්ල කරනවිට ඔවුන් වටා තවත් පිරිසක් අලුතින් එකතු වූහ. බළලා මල්ලෙන් එළියට පනින්නෙ එතැනදී ය.

ඒ ඔවුන් වටා සිටින ඊනියා විද්වතුන් කලාකරුවන් යැයි කියා ගන්නා පිරිසයි. මේ පිරිස මෙරට සංස්කෘතියේ සහ පොදු ජන විඥානයේ පරම හතුරන් ය. අසූව දශකය වන තුරු ජවිපෙ නයාට අඳුකොල සේ පෙනුනු මොවුන්ට හිටි හැටියේ එය ගැලවුම්කාර පක්ෂයක් හැටියට පෙනෙන්න ගත්තේ ඇයි. සිරිමා බෝධිය යට අඩියක් ගැසීම රුවන්වැලි සෑයට කුණු පිරවීම වැනි මනෝ විකාරයන්ගෙන් පෙලෙන, නිර්වස්ත්‍රං පරමං සුඛං වැනි නාට්‍ය නිපදවන්නට කටයුතු කළ , ගැහැනුන්ගේ පශ්චාද් භාගය පහසමින් බයිලා රංගනයේ යෙදෙන හැට හුට හමාරක් කලාකරුවන් දැන් මොවුන්ගේ පාක්ෂිකයන් ය. මොවුන්ගෙන් සමහරු නිරාගමික ලෙස තමන් ම හඳුන්වා ගත්තත් මොවුන් විරුදධ බුදුදහමට පමණි. වෙනත් කිසිදු ආගමකට හෝ සංස්කෘතියකට මොවුන් විරුද්ධ නැත.

පසුගිය කාලය පුරා ම ජවිපෙ පන්ති හතුරා වූයේ ධනේශ්වර පන්තිය නොවේ .රාජපක්ෂ පවුලයි. රාජපක්ෂලාට මේ සා ජයක් ලබා දීමට හේතු වූයේ රට තුළ ඔවුන් ගෙන ගිය නින්දා අපහාස බේගල් හා වෛරී ප්‍රකාශ නිසා බව මොවුනට නොවැටහේ. ඔවුන් සිතන්නේ මේ රටේ මෝඩ බහුතරය (මෙය මාක්ස්වාදි න්‍යායක් ද ) මොවුන් පැරදවූ බවය.

1967 පමණ සිහින් උල්පතකින් පටන්ගෙන පණස් වසරක් පුරා ගලා ගිය පිරිසිදු ජල පහරක් කක්කුස්සි වලකින් අවසන් වෙතැයි කිසිවෙකු නොසිතන්නට ඇති.

මෙතෙක් කරුණු මා පැවසුවේ කතිපයාධිපති කල්ලිය වටා පෙළ ගැසුණු වල්ගවාදීන් සඳහා නොවේ. අනාගතයේදී සමාජයට එකතු වන යොවුන් පරපුර වෙනුවෙන් ය. ඔවුන් අක්මුල් සිඳී ගිය ජාතියක් නොවනු පිණිස ය.
මා 2011 ජවිපෙන් සමු ගතිමි. විතැන්ව යාම යනු යලි නොඑන්නට යාමක් නොවේ. මෙරට ජනවිඥානයට අපහාස නොකරන තමන්ගේ අක් මුල් සිඳ නොගත් කුණුහරපයෙන් නොව සබුද්ධිකව යමක් වටහා දීමට හැකි නායකත්වයක් කරා යලි ජවිපෙ මාරු වනු ඇත යනු මගේ පැතුමයි. එහෙත් එය පැතුමක් ම පමණක් බව මම දනිමි.

විවේචන යෝජනා හෝ චෝදනා හමුවේ සංවාදය වෙනුවට කුණුහරුපය ම එක ම අවිය සේ සලකන කුණුහරප විශේෂඥ සහෝදරවරුන්ට ඉඩ දී නතර වෙමි.

එන්.ජී. එස්. ජයදේව.
A/69/ 480.පේරාදෙණිය ආදිවිද්‍යාර්ථී
2020.අගෝස්තු 18

A day in the life

2026-01-26

අම්මෙකුගේ සටහනක්







කොන්ද දිගේ එකපාරටම ආව වේදනාවට...
මට එයාගේ අත මිරිකුණා....
එයා ගැස්සිලා මං දිහා බැලුවා...
ඇයි මැණික...
අමාරුද....
එයා කකා ඉදපු බත් එකත් පැත්තකින් තියලා ඉක්මනට නැගිට්ටා..
උදේ ඉදලා මට වෙනසක් දැනුනා..
ඒත් හිතුවේ නැත්තේ තව සතියක් විතර තිබ්බ නිසා...
මම අමාරුයි කියන්න ඔලුව වැනුවා....
මට වැඩිය එයා බය වෙලා..
එහාට දුවනවා..
මෙහාට දුවනවා...
ගන්න බඩුවක් ගැනවත් සිහියක් නෑ...
අමාරුවෙන් උනත් මම හිටගත්තේ එයාට මොකුත් කරගන්න බෑ කියලා තේරුණ නිසා..
ඒත් මට අඩි දෙකයි යන්න හම්බුනේ...
මගේ කොන්ද දිගේ ආව වේදනාවත් එක්ක...
රෝස පාට වතුරක් කකුල් දෙක දිගේ වැගිරුනා...
අනේ..
මම හරිම වේදනාවෙන් කෑගැහුවා...
කොහොම හරි බඩු ටිකත් හොයාගෙන අපි රෝහලට ගියා...
වාට්ටුවෙන් එහාට මහත්තයට එන්න දුන්නෑ...
අම්මා ඉක්මනට වස්ති කරන්න එන්න...
ඉක්මනට ඔයාව ලේබර් රූම් දාන්න ඕනේ...
ඔයාගේ වොටර් බෑග් එක ගෙදරින්ම කැඩිලනේ...
ජීවිතේට එහෙම වේදනාවක් දැනිලා නෑ මට....
දෙයියනේ..
කලන්තෙ වගේ..
වමනෙට වගේ..
කොන්දට උලකින් අනිනවා වගේ..
නෑ..
කොන්ද කැඩෙනවා වගේ...
නෑ..
දෙයියනේ නෑ...
එහෙම වේදනාවක් මොන වගේද කියලා හිතාගන්න බෑ...
අම්මා..
වම් පැත්තට හැරිලා ඉන්න...
ලේබර් රූම් එකේ..
ඇදට දාපු මට මිස් කෙනෙක් කීවා...
මට එහා පැත්තේ ඇදවල් දෙකේ අම්මලා කෑගහනවා...
අනේ...
අම්මා කෙනෙක් වෙන එක කොයිතරම් වේදනාවක්ද...
එක පාරටම මට කොන්දේ වේදනාවක් එක්ක
වැසිකිලියට යන්න ඕන වගේ දැනුනා..
අනේ.. මිස් මට ටොයිලට් එකට යන්න ඕනේ...
මම කෑගැහුවා...
එතකොටම එතනට මිසීලා දෙන්නෙක් තුන්දෙනෙක් වටවුනා...
හරි අම්මා..
ඔයා අපිට උදවු කරන්න ඕනේ...
හොදට හුස්ම අරගන්න...
මට ටොයිලට් එකට යන්න ඕනේ මිස්..
මම ආය කැගැහුවා..
ඇත්තටම වේදනාව මැදින් මට දැනුනේ ටොයිලට් එකට යන්න තියෙන උවමනාවමයි...
මම මාව ටොයිලට් එකට එක්කන් යන්න කියලා හුගක් ඇවටිලි කරා...
අන්තිමට මගේ කරදරෙන් බේරෙන්න බැරුව..
හරි.. අම්මේ..
ඔයා ඔතනම ටොයිලට් යන්නකෝ..
අපි අරන් දාන්නම්..
කියලා කිව්වා...
දරුවා ලැබෙන්න යනකොට එහෙම හැගීමක් දැනෙනව ලූ...
හරි අම්මා හොදට තටමන්න..
අපිට උදව් කරන්න...
ඇත්තටම කෑගහලා කෑගහලා මට පනක් තිබ්බේ නෑ...
අනේ.. මිස් මට වතුර..
හොදටම හෙම්බත් වෙලා ඉදපු මම ඉල්ලුවා....
අම්මේ තව ටිකයි...
ඉවසන් අපිට උදවු කරන්න.....
අම්මේ බබා ඇවිත් ඉන්නේ...
හිතට මහා හයියක් ගත්ත මම මගේ ඇගේ මුලු හයියම ගත්තා..
අම්මා..
ඔයාගේ මහපට ඇගිල්ලෙන් අල්ලන්න එපා..
ඔයාගේ ඇගිල්ල කැඩෙයි..
මිස් කෙනෙක් මට කිව්වා...
අවසානේ මහා වේදනාව මැද...
මුලු ප්රසූතාගාරයම දෙවනත් කරමින් මම මගේ සුරංගනාවිව බිහිකරා...
මහා ලොකු බරක් බිමින් තිබ්බා වගේ දැනුනේ..
දෝණි හයියෙන් අඩන්න ගන්නකොට...
පෙකෙණිවැල කපන්නත් ඉස්සර ලේවැකුනු මගේ මැණිකව මගේ බඩ උඩින් තියනකොට මට දැනුනේ මම ලෝකයක් දිණුවා වගේ...
කුලුදුලේම මගේ කෙල්ල මගේ ළමැදෙන් කිරි උරා බිව්වේ හරි පුරුදු කාරියක් වගේ....
දරුවව මගෙන් අරන් යනකොටත් මගේ ඇස් තිබ්බේ එයා ගාව....
අනේ.. දරුවව මාරුවෙයිද..
දරුවව මාරු වෙන්නෑ අම්මා.. ඒකටනේ එයාගේ අතේ ටැග් එකක් දාන්නේ...
මම වේදනාව පැත්තකින් තියලා ඉස්සි ඉස්සි බලනකොට මිස් කෙනෙක් ලගට ඇවිත් හිනාවෙවී කිව්වා...
අපිට ටිකක් උදව් කරන්න අම්මා.. තුවාලේ මහන්න ඕනේ..
එතකොට ඔයාගේ වැඩේ ඉවරයි..
ඇත්තමයි..
ඒක නම් ටිකක් දැනුනා..
ඒත්..
මොනා කරන්නද..
ඩොක්ට බඩ මිරික මිරික ඇතුලේ තිබ්බ ජරාව යවද්දි දවල් තරු පෙනුනා...
අවසානේ ඔක්කොම ඉවර වෙනකොට ඇගේ නම් පණක් ඉතුරු වෙලා තිබ්බේ නෑ...
එතකොට තමා..
මිස් කෙනෙක් දුං දාන තේකක් අරන් ආවේ...
ආ.. අම්මේ මේක බොන්න...
දෙයියනේ..
ඒක තමා මම බිව්ව රසම කිරි තේක...
මිස්ට පින් දිදී බිංදුවක්වත් ඉතුරු නොවෙන්න ඔක්කොම බිව්වා...
අවසානෙට දෝණිව ලස්සනට අන්දලා මගේ අතට දුන්නා..
මට දැනුනේ මම මහා ලොකු වික්රමයක් කරා වගේ හැගීමක්...



💜️නෙලුම් සුගන්දිකා රත්නායක 💜️


A day in the life