යුද්ධය අවසන් වීමෙන් පසු ඊශ්‍රායල ජනතාව අමතමින් අගමැති නෙතන්යාහු විසින් ඉතාම බරපතල වීරත්වයක් සහිත දේශපාලන දේශනයක් ඊශ්‍රායල ජනතාව වෙත මුදාහැරියේ, "මැදපෙරදිග බජාර් එකේ චණ්ඩියා" ඊශ්‍රායලය බව හුවා දක්වාය.බෙන්ජමින් නෙතන්යාහු මේ දේශනය හරහා වසාගැනීමට උත්සාහ කරනා ඔහුගේ දේශපාලනයේ හෙළුව කුමක්ද ?
යාපහුව - දළදා මාලිගයට පිවිසුම
අනුරාධපුරයෙන් පොළොන්නරුවටත්, එතැනින් දඹදෙනියටත් මාරු වූ අගනුවර ඊට පසු පිහිටවූයේ යාපහුවෙයි. මේ පර්වතය මුලින්ම රටේ අගනුවර බවට පත්කර ගත්තේ පළමුවැනි බුවනෙකබාහු (1272-1284) රජු යි. මුලින්ම දඹදෙණියේ රජ වූ ඔහු වැඩි ආරක්ෂාව පතා යාපහුවට රාජධානිය අරන් යනවා. දළදා වහන්සේ අවුරුදු 11ක් යාපහුවේ වැඩ හිඳි බවත් වංශකතාවල සඳහන් වෙනවා.
හුණු ගල් පොකුණ - කල්තොට
හුණුගල් යනු අවසාධිත පාෂාණයකි. මේවා ප්‍රධාන වශයෙන් ජලය යට නිර්මාණය වේ. එලෙස නිර්මාණයවීම සඳහා වසර ලක්ෂ ගණනක් පමණ ගතවන අතර තට්ටු අඩි දහස් ගණනක ඝනකමින් යුක්ත වේ. පාෂාණ නිර්මාණය වන ආකාරය අනුව එහි වර්ග ත්‍රිත්වයකි. එනම් ආග්නේය පාෂාණ (Igneous Rocks), අවසාධිත පාෂාණ (Sendimentary Rocks) සහ විපරීත පාෂාණ (Metamorphic Rocks) වේ.
This is default featured slide 3 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 4 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 5 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
2025-06-27
ඉරාන - ඊශ්‍රායල සටන් විරාමයෙන් පසු බෙන්ජමින් නෙතන්යාහු
2025-06-26
දාස මුදලාලි
දාස මුදලාලිට ගමෙ ඉඩකඩම් තිබුණත් කොළඹ ආ ඔහුට වුවමනා වුණේ තනිවම නැගී සිටින්නටයි.
අම්මා දුන් රුපියල් දහයෙන් කොළඹ පැමිණ ස්වෝත්සාහයෙන් වෙළෙඳාම පටන්ගත් සුන්නාදෙණියගේ ගුණදාස රටේ ඉහළ පෙළේ මහා ව්‍යාපාරිකයකු වී යුගයක පුරෝගාමියකු වී සිටියේය. එදා රටේ ජනතාව හැත්තෑවේ දශකය හැඳින්වූයේ ‘දාස යුගය’ කියාය.
දාස මුදලාලි ලංකාවේ ජනතාවට කිසිදිනෙක අමතක නොවන කෙනෙකි. හේතුව ඔහු හැමවිටම ජනතාවගේ දාසයකු වීමට උත්සාහ කළ ව්‍යාපාරිකයකු වූ නිසාය. “මුදලාලි” යන වචනය දකුණු ඉන්දියාවෙන් අපට ආවෙකි. ආචාර්ය දෙමළ පණ්ඩිත් මඩුළුගිරියේ විජේරත්න සූරින් පවසන අන්දමට මුදල් යනු ප්‍රථම, මුල්‍ය, ප්‍රබල යන තේරුම් ගෙනෙන්නකි. දකුණු ඉන්දියාවේ මුදලාලිලාත් මුඩ්ලියර්ලාත් එකම පංතියේ ප්‍රභූවරුන්ය. ලංකාවේත් පුරාණයේ සිට මුදලි, මුහන්දිරම් හා මුදලාලිවරු රටේ ප්‍රථම පංතියේ ප්‍රභූවරුන්ය. මුදල් අල්ලන අතමිට සරුසාර අයෙකි.
ලංකාවේත් හතළිහේ පනහේ දශකවල ඉහළ පංතියේ මුදලාලිවරු පිරිසක් බිහි වූහ. එයින් මුලට කියැවුණේ යාපනේ මුදලාලිලා ය. පසුකාලයක නවලෝක මුදලාලි, ජයසිංහ මුදලාලි, ගුණසේන මුදලාලි, ජයගිරි මුදලාලි, ඉසුරුදිසි මුදලාලි වැන්නවුන් බිහි වූහ. මේ මුදලාලිලා සැබැවින්ම සමාජ සේවකයෝ මෙන්ම දානපතියෝය. එහෙත් ඔවුන්ගේ ආරම්භය වූයේ ඉතා කුඩාවටයි. දාස මුදලාලි යනුවෙන් රටම දන්නා දාස කර්මාන්ත ආයතනයේ අධිපති එස්.ඩී. ගූණදාස මහතාගේ සම්පූර්ණ නම සුන්නාදෙණිගේ ගුණදාස යි. ඔහු ඉපදුණේ 1931 සැප්තැම්බර් 5 දායි. ගම දකුණු තලල්ලයි. පාසල් ගියේත් එහිමයි.
දඟකාර ගැටවර වයසට ගුණදාස ළංවෙද්දී ඔහුට සිතුණේ තමාත් සුළුවෙන් හෝ ව්‍යාපාරයක් පටන් ගත යුතු යැයි යන හැඟීමයි. මේ වනවිට ගුණදාසගේ වයස අවුරුදු දාහතරක් විතර වූවා පමණි. අයියලාගේ විරුද්ධත්වය මැද්දේ බිස්නස් කිරීමට පටන් ගත්තේය. පාසල් ගමන නතර විය.
බොහොම ලාබ රෙදි පිළි ටිකක්, බැනියම් රේන්ද, රිබන්, කපුරු බෝල ආදිය මිලට ගත් ඔහු රෝද තුනේ අත්කරත්තයක් ද කුලියට ගෙන සිය වෙළෙඳාම ඇරඹීය. දිනපතාම අත්කරත්තයේ බඩු පටවාගෙන රවුමේ යයි. මරදාන, පංචිකාවත්ත, බොරැල්ල, කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය ආදී මේ හැමතැනම අත්කරත්තය තල්ලු කරගෙන ගොස් ආපසු එනවිට රෑබෝ වෙයි.
වෙළෙඳාම ආරම්භ කළේ ගුණදාස අතේ තිබූ රුපියල් දහයෙන්ය. ව්‍යාපාරයේ ආරම්භක මූලධනය වූයේ එයයි. මෙයද තම මවගෙන් ඉල්ලා ගත් එකකි. ඇස්.ඩී. ගුණදාසගේ ජීවන තොරතුරු ගැන සඳහන් ග්‍රන්ථයක් ප්‍රථම වරට පළවූයේ විජය රාමනායක ලියූ “පිරුණලොවින්” නමැති ග්‍රන්ථයේ ය. විජය රාමනායක ලේක් හවුසියේ රැකියාව කොට පසුව චිත්‍රපට නිෂ්පාදනයට හා අධ්‍යක්‍ෂණයට පිවිසියෙකි. යුගාන්තය, කලියුගය, මල්දෙණියේ සිමියොන්, රිදී නිම්නය වැනි ජාත්‍යන්තර තලයේ චිත්‍රපට නිපදවා සම්මාන හිමිකරගත් ඔහු ලංකාවේ කැසට් ව්‍යාපාරයේ පුරෝගාමියකු ලෙස හැඳින්විය හැකිය. විජය රාමනායකට ‘පිරුණලොවින්’ පොත ලිවීමට ඒ.ඩී. රංජිත් කුමාර, අජන්තා රණසිංහ, ග්‍රැන්විල් සිල්වා ආදී ලේඛකයෝ උදව් කළහ. විජය රාමනායක පත්තරවලට වැඩිපුරම ලීවේ ‘විරාම‘ යන නමිනි.
අවුරුදු දාහතර කාලේ කරත්තය තල්ලු කරගෙන යන ගුණදාස දහවල්ට කෑවේ රෝස්පාන් එකකි. එයද දවසක් පරණ වූ එකකි. අලුත් රෝස් පාන් ගෙඩියක් මිලට ගතහැකි වුවත්, මුදල් ඉතිරිකරගත යුතු බැවින් නියම මිලෙන් බාගයකට ලැබෙන රෝස්පාන් ගෙඩියෙන් ඔහු කුසගිනි නිවාගත්තේය. ඒ කාලයේ සත දෙකක් ගෙවූ විට තේ කෝප්පයක් මිලට ගත හැකි වුවත්, සතයක් ගෙවා තේ කෝප්පයකින් බාගයක් බීවේය.
මේ තරම් දුක්කම්ටොළු මැද ඔහු කොළඹ ජීවිතය ගෙව්වේ ගමේ දේපළ, ඉඩකඩම් නොමැතිව නොවේ. ගේ දොර, වතුපිටි, කුඹුරු ඔවුන්ට දකුණු තලල්ලේ ඇති වෙන්නට තිබුණි. පුංචි ගුණදාසට ඕනෑ කළේ තනියම නැගී සිටින්නටය. ස්වොත්සාහයෙන් දියුණු වී මිනිහෙක් වෙන්නටය. තම සහෝදරයන් කොළඹ ව්‍යාපාරිකයන් වුවත්. ගුණදාස ඔවුන්ට අත පෑවේ නැත.
උදේ පාන්දර නැගිට බඩු පටවාගෙන රවුමේ යාම මෙසේ කාලයක් තිස්සේ කරගෙන ගිය අතර ‘දැන් රවුමේ ගියා ඇති...’ යන සිතුවිල්ල පහළ වූයේ යමක් කමක් අතේ ඉතිරිකර ගත්තාට පසුවයි. කොහේ හරි පැත්තකට වෙලා බිස්නස් එක කිරීම ගුණදාසගේ ඊළඟ අරමුණ විය.
ඔහු ඒ සඳහා තෝරාගත්තේ මරදාන ය. මරියකඩේ පදික වේදිකාවයි. රෙදි පිළි සහ වෙනත් සුළු සුළු බඩු ටික රැස්කරගෙන ඔහු ඒවා කඩයකට දමාගෙන පදික වේදිකාවට ගෙන එයි. සොයන්නාට සම්බවෙයි කීවාක් මෙන් ගුණදාස කොළුවාටද මරියකඩේ පදික වේදිකාවේ ඉඩක් සම්බ විය.
පදික වේදිකාවේ වෙළෙඳාම සරුවිය. එහෙත් ටිකක් කරදර සහිතය. එක පැත්තකින් ඇනුම් බැනුම්ය. තර්ජන ගර්ජනවලට මුහුණදිය යුතුය. ඊටත් වඩා පොලීසියෙන් බේරීමද ප්‍රශ්නයකි. දැනටමත් ගුණදාස කොළඹ ටිකක් තැලී පොඩී වී සිටින නිසා බජාර් එකේ තර්ජන නම් ඔහු ගනන් ගත්තේ නැත. හිටිහැටියේ පදික වේදිකාවට පොලීසියෙන් පනියි. මෙහි වෙළෙඳාම තහනම්ය. පොලිසියෙන් පනින අවස්ථාවලදී ගුණදාස බඩු ටික අකුලගෙන වට්ටියට දමා එය හිස මත තබාගෙන පැත්තකට මාරුවීම ඔහුගේ සිරිතයි. අනෙක් වෙළෙන්දොත් එසේමය. එහෙත් එක දවසක් එසේ පලායාමට කාලයක් නොතිබුණි. ඔහු පොලීසියට අසු වුණේය. මුළු දවසක් පොලීසියේ ලකප් කූඩුවේ හිරවී සිටියේය.
කුමන බාධක පැමිණියත් ගුණදාස අධෛර්යමත් වූයේ නැත. වෙළෙඳාම අත්හැරියේත් නැත. තවත් පියවරක් පෙරට තැබුවේය. හැමදාමත් පේමන්ට් එකේ බඩු විකිණීමද කළ නොහැකිය.
සවුත් වෙස්ටර්න් බස් සමාගම මගීන්ට ටිකට් දීමට තනවා තිබූ ලෑලි කූඩුවක් බම්බලපිටියේ විය. මේ කූඩුව ප්‍රයෝජනයට ගන්නේ නැත. එම ටිකට් කූඩුව කුලියට ගතහොත් එහි සිට වෙළෙඳාම් කළ හැකි බව ඔහුගේ අදහස විය. ඒ අදහස ඔස්සේ ගිය ගුණදාස කූඩුව කුලියට ගෙන වෙළෙඳාම නව ආරකින් පටන් ගත්තේය. මේ කාලය වනවිට ඔහු සෑහෙන මුදලක් ඉතිරි කරගෙන තිබුණි. 1951 දී බම්බලපිටියෙන් ඉවත් වී බොරැල්ලට පැමිණියේය. බොරැල්ල හංදියේ සාමාන්‍ය කඩ කාමරයක් කුලියට ගත් ගුණදාස “ගුණදාස ඩෙපරි ස්ටොර්ස්” නමින් එය හැඳින්විය.
1950 දශකය ඇස්.ඩී. ගුණදාස ශීඝ්‍ර දියුණුවක් ලැබූ වකවානුවකි. බොරැල්ලේ වෙළෙඳසැලකට අමතරව වෝඩ් පෙදෙසේ තවත් වෙළෙඳසැලක් විවෘත කරන්නට ඔහුට හැකිවිය. ඒ වෙළෙඳසැල් දෙකට අමතරව බේස්ලයින් පාරේ තවත් දාස වෙළෙඳසැලක් විවෘත විය. දැන් ඔහු වෙළෙඳ ආයතන හතරක අයිතිකරුවා විය. එහෙත් මෙම සූර තරුණයාගේ අරමුණ වී ඇත්තේ තවත් ඉදිරියට යාමටයි. 1956 දී මේ වෙළෙඳ ව්‍යාපාරයේ නව නැම්මක් සිදු විණ. එනම් ඔහුගේ දාස ආයතනය පිටරටින් බඩු ගෙන්වීමයි. රේඩියෝ, බයිසිකල්, ට්‍රයිසිකල්, රෙදිපිළි ආදී බොහේ දේ ඔහු පිටරටින් ගෙන්වීය. ලංකාවේ පාරිභෝගිකයින්ගේ මෙන්ම පිටරට වෙළෙඳ ආයතනවල ද විශ්වාශය දිනාගත්තේය. මෙතෙක් කළ කුමන ව්‍යාපාරයකින්වත් අසාර්ථක ප්‍රතිඵල නොලැබූ ගුණදාස දැන් රටේ තොටේ කීර්තිමත් නාමයක් ඇති කරගත් දේශීය ව්‍යාපාරිකයකු බවට පත්වී සිටියේය.
තලල්ලේ ඇස්.ඩී. ගුණදාස 1958 මැයි 15දා සිරිමතී ගුණදාස සමඟ විවාහ විය. දෙමටගොඩ ආරාමය පාරේ පදිංචි වූ ඔවුන් පෙර පරිදි තම ව්‍යාපාර කටයුතු කරගෙන ගියේය. භාණ්ඩ නිෂ්පාදනය කෙරෙහි ඔහුගේ සිත යොමුවූයේ මේ කාලයේදීය. මුලින්ම ඔහු සකස් කළ ඇඳුම් හෙවත් මසා නිමකළ ඇඳුම් නිෂ්පාදනයට අත පෙවීය. නිෂ්පාදනය කළේ කමිසයි. මෙම අලුත් ආයතනය ඇරඹුණේ දෙමටගොඩය. ආරම්භයේදී මැෂින් නවයක් තිබුණි. මුලින්ම කමිස කැපීම සඳහා රෙදි කැපුවේ බිම එළාගෙනයි. දිනකට නිෂ්පාදනය කළ හැකි වූයේ කමිස අටකි. ඒවා අලෙවි කිරීම ද ප්‍රශ්නයක් විය.
ඒ වනවිට ස්වදේශ කමිස වෙළෙඳපොළ විදේශීය කමිස නිෂ්පාදකයන්ගේ ඒකාධිකාරියකි. එම නිෂ්පාදන හා තරග කිරීම ගුණදාසට මහා අභියෝගයක් විය. නිෂ්පාදනවල තත්ත්වයද ආරක්ෂා කළ යුතු විය. දාස ආයතනය නිෂ්පාදනය කළ කමිස මුලින්ම හැඳින්වූයේ “ගුඩ්වේ” යන නමිනි. ගුඩ්වේ කමිස බෙහෝ වෙළඳසැල් හිමියන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
පසු කලෙක දාස ආයතනයේ නිෂ්පාදන ‘ඩියුරෝ’ නමින් හැඳින්විය. කල්පවතින (Durable) යන අරුත ඇතිව මේ නම යෙදුවේය.
ඩියුරෝ කමිස, ඩියුරෝ රෙදිපිළි, ඩියුරෝ සූට්කේස්, ඩියුරෝ උණුවතුර බෝතල්, ඩියුරෝ මදුරුදැල්, ඩී.එස්. සපෝටර්ස් රටේ ජනතාව අතර ජනප්‍රිය වන්නට විය. ආරම්භයේ දී ඩියුරෝ කමිස දිනකට 2000ක් නිෂ්පාදනය විය. එමෙන්ම ඒවා ජනප්‍රිය විය. අලෙවි විය. පසුව ඔහු අත ගැහුවේ “සින්තටික්” වූ නම් කෘත්‍රිම රෙදි නිෂ්පාදනයටයි. සින්තටික් රෙදිපිළි ලංකාවට හඳුන්වා දුන්නේ ඔහුය. කිසිම විදේශීය රෙදි වර්ගයකට දෙවෙනි නොවන උසස් රෙදි පිළි නිපදවෙන අලුත්ම කර්මාන්ත ශාලාව තවත් නැම්මක ආරම්භයයි. එය ආසියාවේ තිබෙන විශාලම කර්මාන්ත ශාලාවන්ගෙන් එකක් විය. මෙම යෝධ කර්මාන්ත ශාලාව තැනුවේ ගුණදාස මහතාගේම උපදෙස් හා අනු දැනුම අනුවයි. කිසිදු කොන්ත්‍රාත් සමාගමකට මෙය පැවරුවේ නැත. සියල්ල නිර්මාණය කළේත්, සැලසුම් කළේත් ඔහු විසින්මය. මේ සමගම ඩියුරෝ ප්‍රවාහන සේවය නමින් විශාල ප්‍රවාහන ජාලයක් ද ආරම්භ කළේය.
පිබිදෙන ගායක පරපුර
එදා රේඩියෝව පමණක් තිබූ කාලයේ කැලණියේ දළුගම දාස සමූහ ව්‍යාපාර ‘පිබිදෙන ගායක පරපුර’ නොඇසූ කෙනෙක් නැති තරම්ය. 70 දශකයේ මුල සිට මේ වැඩසටහන ඉදිරිපත් කළේ කරුණාරත්න අබේසේකරයි. පසුව ආරියදාස පීරිස්ය. 1989 ලලිත් එස්. මෙත්‍රීපාලය. වැඩිම කාලයක් මෙම වැඩසටහන ඉදිරිපත් කළේ සීලරතන සෙනරත්ය. ඔහු අදත් ‘පිබිදෙන ගායක පරපුර’ චීන ජාත්‍යන්තර ගුවන් විදුලියට නිෂ්පාදනය කර ඉදිරිපත් කරයි.
එදා කොළඹ රේඩියෝ සිලෝන් එකේදී කරුණාරත්න අබේසේකර ‘පිබිදෙන ගායක පරපුර’ පටිගත කරද්දී අනුග්‍රාහක එස්.ඩී. ගුණදාස මහතා කීවේ. “ගම කොළඹට ගෙන්වන්නේ නැතිව අපි ගමට යමු කියාය.” ඒ අනුව අනුරාධපුරය, මොනරාගල, අම්පාර, මාතර, පදවිය, පොළොන්නරුව, හම්බන්තොට, කුරුණෑගල, මහනුවර ආදී ප්‍රදේශවලට ගොස් පිබිදෙන ගායක පරපුර පටිගත කළේය.
මේ පටිගත කිරීම ගමට ගියාට පසු ඩියුරෝ කමිස, සරම්, මදුරුදැල් පමණක් නොව ඩියුරෝ උණුවතුර බෝතල් පවා ගමේ ජනප්‍රිය වන්නට විය. ඒ කාලයේ ඩියුරෝ කමිසයක් ඇන්ද නැති කෙනෙක් නැති තරම්ය. කමිසයක මිල රුපියල් දාහතරකි. අසූව දශකයේ ලංකාවේ ඉස්තරම් කමිසය ඩියුරෝ කමිසයයි.
මරදානේ ජෝන් බ්‍රදර්ස්, ඩැනී බ්‍රදර්ස්, ශ්‍රී රම්‍යා ස්ටොර්ස්, සුමති ස්ටොර්ස් ආදී ප්‍රකට වෙළෙඳ ව්‍යාපාර සමඟ දාස ස්ටොර්ස් යන නාමය ද කරට කර බැබළුණේය. බොරැල්ලේ නගර මධ්‍යයේ පිහිටි දාස සමූහ ව්‍යාපාර ගොඩනැගිල්ල හා ව්‍යාපාරය අදත් විරාජමානව බැබළෙනු දැකිය හැකිවේ. අද රට පුරා විසිරී පැතිරී තිබෙන සුපර්මාර්කට් ක්‍රමය ලංකාවේ ඇති කළේ හඳුන්වා දුන්නේ ගුණදාස මහතාය.
1962 දී ජපානයේ ඔසාකා නුවර පැවැති ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයට හා සම්මන්ත්‍රණයට ගිය ගුණදාස මහතා ආපසු පැමිණියේ විශාල රෙදි නිෂ්පාදන සැලැස්මක් සිත තුළ රඳවාගෙනය. ඒ සැලැස්ම හරියටම හරිගියේය.
ආසියාවේ තිබෙන විශාලතම කර්මාන්ත ශාලාව ආරම්භයේදී දිනකට රෙදි යාර 25,000ක් නිපදවීමට ඔහුට හැකිවිය. එකල මෙම කර්මාන්ත ශාලාව තැනීමට ගිය මුළු වියදම ලක්ෂ 114 ක් වේ. ඔහු ධනපතියකු වූ පසු දානපතියකු බවට පත්විය. ලක්ෂ ගණනකට රැකියා ලබා දුන්නේය. ආගමික ස්ථාන දියුණු පවුණු කිරීමට කටයුතු කළේය. රටේ අධ්‍යාපනය නගාසිටුවීමට තම ධනය උපරිමයෙන් වැය කළේය. මංමාවත් තැනුවේය. ගම්බිමි සංවර්ධනය කළේය. දුප්පතුන්ට ආධාර උපකාර කළේය. රෝහල්, පුස්තකාල, විද්‍යාගාර ඇති කළේය. එපමණක් නොව සතා සිවුපාවාට පවා මෛත්‍රිය කළේය. මරණයට නියම වූ ගවයින් නිදහස් කළේය. එය ඔහුගේ පුරුද්දක් විය.
තම ආයතනයේ වැඩකළ සේවකයන්ට වසරක පඩිය බෝනස් වශයෙන් ලබදී රටට ආදර්ශයක් ලබා දුන්නේය. හම්බ කළ ධනයෙන් සතයක්වත් වැරදි, අයුතු වැඩවලට නිස්කාරණේ වැය නොකළ ඔහුගේ නම අදත් ජනතාව සිහිකරන්නේ ගෞරවයෙනි. දාස මුදලාලිට දියණියන් හය දෙනෙක් ද පුතුන් හතර දෙනකු ද වූහ.
මේ දූ දරුවන් උසස් අධ්‍යාපනය ලැබ අද සමාජයේ ඉහළ තැන්වල වැජඹෙන දේශහිතෛශී පිරිසකි. දාස සමූහ කර්මාන්ත ආයතනයේ ස්වර්ණමය යුගය 1970 බලයට පත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සමයයි.
එදා මැතිණිය බලයට පත්කිරීමට දේශීය ව්‍යාපාරිකයෝ විශාල පිරිසක් පෙරමුණ ගෙන සිටියෝය. පියදාස මුදලාලි, මැකලම් මුදලාලි, ගුණදාස (දාස) මුදලාලි, ඩේවිඩ් සිල්වා මේ මුලින්ම සිටි පිරිසේ නායකයෝ වූහ. ඔවුන් අතරෙන් ‘දාස මුදලාලි’ ට හිමි වූයේ සුවිශේෂ ස්ථානයකි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලකණුවකි.
සිරිමාවෝ අගමැතිණිය ළඟින්ම ඇසුරු කළ ගුණදාස මහතා ඇයට කෙතරම් සමීපද කිවහොත් තම රජයේ කැබිනට් එක පත්කිරීමට පවා මෙතුමාගෙන් උපදෙස් ලබා ගත්තේය. දාස මුදලාලි ජීවිතය ජය ගත්තේ එක අරමුණක් හා එක ප්‍රතිපත්තියක් තිබූ උතුම් මිනිසෙකු වූ නිසාය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැමවිටම ඇලුම් කළේය. ඒ එහි තිබූ දේශීය චින්තනය නිසාය. ඔහු සිරිමාවෝ බණ්ඩාර මැතිණියට ගරු කළේය. හිතවත්ව කටයුතු කළේය. ඒ හිතවත්කම ඇය මිය යන තුරුම පැවතිණ. හිටපු මුදල් ඇමැතිවරයකු වු රොනී ද මෙල් මහතා දාස මුදලාලිගේ කිට්ටුවන්ත මිත්‍රයෙකි. රොනී, දාස මුදලාලි සමඟ තරහ වූයේ ඒ ප්‍රතිපත්තිගරුක බව නිසාය.
රොනී 77 බලයට ඒමට පෙර දාස මුදලාලිගෙන් එජාපයට ආධාර ඉල්ලුවේය. “මම හදවතින්ම ශ්‍රී ලංකා කාරයෙක්. මට ගුණමකු වෙන්න බෑ. ඒ නිසා යූ.ඇන්.පියට උදව් කරන්නේ නෑ.”
මෙයින් පසු රොනී තරහ වුණේය. ඔහු එජාප රජයේ මුදල් හා ක්‍රම සම්පාදන ඇමැති විය. ඉන්පසු ඔහු දාස මුදලාලිට පහර පිට පහර දුන්නේය. ඔහුගේ ව්‍යාපාර වැටෙන්නට හේතුව වූයේ ප්‍රතිවිරෝධී දේශපාලකයින්ගේ පලිගැනීමට ලක්වීමයි.
එහෙත් දාසලා පැරදුණේ නැත. වැටුණේ නැත. දේශීය දේට ජාතික දේට ආදරයක්, ඇල්මක් ඇති ඇස්.ඩී. ගුණදාස මහතා මිය යනතුරුම ජාතික ඇඳුම ඇන්දේය. විදේශ රටවල පැවැති ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනවලට හා සම්මන්ත්‍රණවලට ඔහු හැමවිටම සහභාගි වූයේ ජාතික ඇඳුමෙන්ය. මෙතුමා රටටත්, ලෝකයටත් ආදර්ශයකි.
පී.ඇම්. සේනාරත්න
(ලංකාදීප)
උපුටාගැනීමකි
2025-06-25
කර්නල් මුහම්මර් ගඩාෆි
44 හැවිරිදි ගඩාෆි, 1986 ඇමරිකානු ගුවන් ප්‍රහාර වලට ලක්ව විනාශ වූ ලිබියාවේ ට්‍රිපොලි අගනුවර බාබ් අසීසියා මාළිගය තුළදී. මේ, අන්තර්ජාලය තුළ ඔහු සිනාසෙමින් සිටින ඡායාරූප අතලොස්සෙන් එකකි
කර්නල් මුහම්මර් ගඩාෆි මේ සියල්ල දැන සිටියාක් මෙන් ය. ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කොට, එහි නායක සදාම් හුසේන්ව ඝාතනය කිරීමෙන් පසු පැවැත්වුණු 2008 අරාබි ලීග් සමුළුවේදී, එවකට ලිබියානු නායක ගඩාෆි මෙසේ පැවසීය.
"ඉරාකය ආක්‍රමණය කිරීමටත්, විනාශ කිරීමටත්, ඉරාක ජාතිකයන් මිලියනයකට ජීවිත අහිමි කිරීමටත් හේතුව කුමක්ද? අපගේ ඇමරිකානු මිතුරන්ට මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට ඉඩ හරිමු.
ඇයි ඉරාකය? හේතුව කුමක්ද? බින් ලාඩන් ඉරාක ජාතිකයෙක්ද? නැහැ. නිව්යෝක් නගරයට පහර දුන්නේ ඉරාක ජාතිකයන්ද? නැහැ. පෙන්ටගනයට පහර දුන්නේ ඉරාක ජාතිකයන්ද? නැහැ. ඉරාකය සතුව බහුජන විනාශකාරී අවි (Weapons of Mass Distruction - WMD) තිබෙනවාද? නැහැ.
ඉරාකය සතුව WMD's තිබුණා නම්, ඒ වුණත් පාකිස්තානය සහ ඉන්දියාව සතුවත් න්‍යෂ්ටික බෝම්බ තිබෙනවා නොවේද? චීනය, රුසියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඇමරිකාව සතුවත් තිබෙනවා නොවේද? මේ සියළු රටවල් විනාශ කර දැමිය යුතුද?
හොඳයි, අප ඒ WMD's සහිත සියළු රටවල් විනාශ කර දමමු. විදේශ බලවන්තයෙකු පැමිණ, අරාබි රටක පැලපදියම් වී එරට ජනාධිපතිවරයාව එල්ලා දමනවා. අප පසෙකින් වාඩිවී සිනාසෙමින් සිටිනවා.
සදාම් හුසේන්ව එල්ලීම පිළිබඳව ඔවුන් පරීක්ෂණයක් නොපවත්වන්නේ ඇයි? යුධ සිරකරුවෙකු එල්ලා දමන්නේ කෙසේද? අරාබි රටක ජනාධිපතිවරයෙකු, අරාබි ලීගයේ සාමාජිකයෙකු යනු සුළුපටු පුද්ගලයෙකු නොවෙයි.
සදාම් හුසේන්ගේ ප්‍රතිපත්ති ගැන හෝ අප අතර තිබූ දේශපාලනික මතභේද පිළිබඳ මා කතා කරන්නේ නැහැ. අප හැමෝටම ඔහුත් සමග දේශපාලනික මතභේද තිබුණා. මේ ස්ථානයේ සිටින අප අතරත් එවැනි මතභේද තිබෙනවා. මේ ශාලාවෙන් පිටතදී අපට බෙදාගන්නට කිසිවක් නැහැ.
සදාම් හුසේන්ව ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂණයක් නොපැවැත්වෙන්නේ ඇයි? සමස්ත අරාබි නායකත්වයම එල්ලා දමා අවසන්. අප පසෙකින් වාඩිවී සිටින්නේ ඇයි? ඔබගෙන් ඕනෑම කෙනෙකු මීළඟ වින්දිතයා විය හැකියි. ඔව්!
ඇමරිකාව, අයතුල්ලා අලී ඛමෙයිනිට එරෙහිව සදාම් හුසේන් සමග එක්ව සටන් කළා. ඔහු ඔවුන්ගේ මිතුරෙක්. ඩික් චේනි සදාම් හුසේන්ගේ මිතුරෙක්. ඉරාකය විනාශ කර දැමූ සමයේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් යනු සදාම් හුසේන්ගේ සමීප මිතුරෙක්. අවසානයේදී ඔවුන් ඔහුව විකුණා එල්ලා දැමුවා.
ඔබ ඇමරිකාවේ මිතුරන්. අපි මෙසේ කියමු, ඔබ පමණක් නොවෙයි, 'අපි ඇමරිකාවේ මිතුරන්'. එහෙත් එක්තරා දිනෙක ඇමරිකාව විසින් අපවත් එල්ලා දමාවි"
- මුහම්මර් ගඩාෆි, 2008 අරාබි ලීග් සමුළුවේදී.
2008 අරාබි ලීග් සමුළුව පැවැත්වුණේ මාර්තු 29 වැනිදා සිරියාවේ දමස්කස් අගනුවරදීයි. ඉන් වසරකට පසුව, 2009 අරාබි ලීග් සමුළුවේදී ලිබියානු නායක මුහම්මර් ගඩාෆි, සවුදි අරාබියේ අබ්දුල්ලා රජු බ්‍රිතාන්‍යයේ නිර්මාපිත, ඇමරිකානු ආරක්ෂාව ලබන්නෙකු බව ඔහුට ඍජුවම ප්‍රකාශ කළේය. විශාල ඇමරිකානු කඳවුරු කිහිපයක් සවුදි අරාබියේ පිහිටුවා තිබීම සහ අබ්දුල්ලා රජු උග්‍ර ඇමරිකානු හිතවාදියෙකු වීම ඊට හේතුවයි. ගඩාෆි-අබ්දුල්ලා අතර උණුසුම් වාදයක් ඇතිවෙද්දී ඊජීප්තු නායක හොස්නි මුබාරක් මැදිහත්ව ප්‍රශ්නය සමථයකට පත්කළේය.
2009දී 'අරාබි වසන්තය' නම් ව්‍යාපෘතිය පණගැන්විණි. ඒ සමග ඇතිවූ තරුණ අරගල, ඝාතන, කුමන්ත්‍රණ, කැරලි සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලින් පසුව ටියුනීසියාව, ඊජීප්තුව සහ ලිබියාව යන රටවල් වල පාලකයන්ගේ වෙනසක් ඇතිවිය.
සිරියාව සහ යේමනය දරුණු සිවිල් යුද්ධ වලට මුහුණපෑවේය. බහරේන්හිද සිවිල් නැගිටීම් දැකිය හැකිවූ අතර මේ බොහෝ රටවල් වල ආර්ථිකයන් කඩාවැටුණි. මහජනයා අන්ත දුගීහාවයට පත්විණි. ඒ රටවල් තුළ අන්තවාදීන් සහ අවි අත දරාගත් තරුණයන්ගේ කල්ලි සුලබ විය.
උක්ත නිර්භීත කතාව පැවැත්වූ මුහම්මර් ගඩාෆි, 2010 ඔක්තෝබර් 20 වැනිදා, ලිබියාවේ National Transition Council (NTC) නම් සංවිධානය ප්‍රමුඛ මහජනතාව විසින් මහමග දිගේ ඇදගෙන ගොස්, වෙඩිතබා ඝාතනය කළේය. එතැනින් පසුව ලිබියානු පාලන තන්ත්‍රයේ කඩාවැටීම ඇරඹිණි.
2012දී ගාසා තීරයේ යුද්ධ ගැටුම් යළි ඇවිලිණි. එය මෙතෙක් නොනවත්වා ක්‍රියාත්මක ය. 2023දී ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලන් සහ ඊශ්‍රායලය අතර ගැටුම් වැඩි විය. ඊශ්‍රායල-පලස්තීන ගැටුම්ද උත්සන්න විය. එමෙන්ම රතු මුහුදේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් ඊශ්‍රායලය සහ යේමනයේ හූති ගරිල්ලන් අතර ගැටුම් පවතියි.
එකල ජාත්‍යන්තර ප්‍රවෘත්ති වලට අනුව ගඩාෆි යනු ඒකාධිපතියෙකි. ඔහු සාන්තුවරයෙකු යැයි කිව නොහැකිය. එහෙත් ගඩාෆි විසින් 2008දී පැවැත්වූ උක්ත කතාව තුළ, මෑත කාලීන ගෝලීය දේශපාලන ඉතිහාසය පිළිබඳ බොහෝ තොරතුරු ගැබ්ව ඇත. ඉතිහාසය සියල්ලට සාක්ෂි දරමින් තිබේ. ඊශ්‍රායල්-ඉරාන ගැටුම් යනු එහි වර්තමානයයි.
"මේ හෑලි අපට මොකටදැ?"යි විමසන ඕනෑම කෙනෙකුට දියහැකි පිළිතුර වන්නේ, "කුසට පෙර මොළයට සංවේදනා දැනෙන බවත්, ඒවාට සංවේදී වීම වැදගත් බවත්" ය.
--අයුලි නුගේරා
- අසංක හදිරම්පෑල.
A day in the life
2025-06-24
මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්
මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු.
මගේ වයස අවුරුදු 65 යි. මේ 65 තුළ පසුගිය කාලේ මම බොහෝ දේවල් දැක්කා. මට අවුරුදු 7-8 කාලේ ඉඳලා දැක්ක දේවල් මට හොඳට මතකයි. මම කුඩා කාලේ ජීවත් වුණ ලෝකෙයි, අද ලෝකෙයි අතර තියෙන්නේ ලෝක දෙකක වෙනසක්.
එදා පායපු ඉර හඳ නෙවෙයි අද පායන්නේ. එදා දැක්ක අහස නෙවෙයි අද දකින්නේ. එදා හිටපු මිනිස්සු නෙවෙයි අද ජීවත් වෙන්නේ. මේ සියල්ල ගත්තහම මට හිතෙන්නේ මම ජීවත් වෙන්නේ ලෝක දෙකක කියලයි. ඒත් අපේ ආත්තිල ඇත්තෝ, මුත්තිල ඇත්තෝ (අත්තා මුත්තා) ජීවත් වුණෙත්, මිය ගියෙත් එකම ලෝකයකමයි.
අවුරුදු 60 ක් තරම් කෙටි කාලයකදී මේ වගේ වෙනසක් වෙන්න හේතුව මිනිස්සුන්ගේ ඔලූගෙඩි නරක්වීම. අපි ඉස්සර කැලේට ඇතුල්වුණේ ගහක අත්තක් තව ගහක අත්තක එල්ලලා. අපේ පරපුරේ මිය ගිය නැයින්ට වැඳලා අවසර අරගෙන. ගහක අත්තක් කැපුවේ ගහට වැඳලා. බිම හෑවේ වැඳලා අවසර අරගෙන. පොළොවේ ඇට හිටවන්නේ අවසර අරගෙන.
ඒ කාලේ අපි ඉරට කිව්වේ ඉර දෙය්යෝ කියලා. හඳට කිව්වේ හද දෙය්යෝ කියලා. වැස්ස, පොළාව, සුළං අපි සැලකුවේ දෙවිවරු හැටියට. ගංගා, කඳු ඇල දොලවල අරක්ගත් යක් යකින්නන් අපි පිදුවා. අපේ ඇඟට, ඇහට නොපෙනුනාට ඒවාට ලොකු බලයක් තියෙනවා කියලා ඒ කාලේ අපි හිතුවා. ඒක අපිට දැනුනා. ඒ නිසා ඒවාට වඳිමින්, පුදමින් ගරු කරනකොට, ඒවා රකින කොට, ඒ බලය අපිට ලැබුණ බව අපිට දැනුනා.
ඉස්සර අපිට උවමනා කෑම-බීම, ආරක්‍ෂාව විතරක් නොවෙයි සතුටත් ඉබේම ලැබුණා. ඒ නිසා අපි නිදහසේ ජීවත් වුණා. ඒත් අද? අපි ඒ සඳහා කොච්චර මහන්සි වෙනවද? ඒ කාලේ අපි කැලේ හැම තැනක්ම, හැම දෙයක්ම අපිට ඕන හැටියට පාවිච්චි කළේ නැහැ. ලොකු ගස් පේලියක දුනුහන (දුන්නක සලකුනක්) කොටලා සීමාවක් හදාගෙන ඒක ඇතුලෙයි අපි දඩයම් කළේ. මී කැඩුවේ. අල හැරුවේ. ඒක ඉඩ අපිට හොඳටෝම ඇති වුණා.
අපි හේන් කළා. අපේ හේනේ සීමාව වුනේ මැද ඉඳලා කෙළවරට ගලක් විසිකරන දුර විතරයි. අපි හේනකට හොයාගත්තේ මහා ගස් තියෙන ලොකු කැලෑවක් නෙවෙයි.
අපි කඳු මුදුන්, කදු බෑවුම්, උල්පත්, වතුර පාරවල් ලඟ, අඩි පාරවල් ලඟ, බුරුල් වැලි තියෙන පොළොව වගාවට තෝරා ගත්තේ නැහැ. අපි එක යායට හේන් ගොඩක් හදන්නෙත් නැහැ. අපේ හේන් දෙකක් අතර හූවක දුර කැලෑවක් ඉතුරු කළා. ඊලඟ අවුරුද්දේ ඒ හේන අපි වවන්නේ නැහැ. අපි ඉන් ඒහායින් අලූත් හේනක් සොයාගන්නවා. අවුරුදු හතකට පස්සෙයි අපි ආයෙමත් පරණ හේනට එන්නේ. "අපි දඩයම් කළෙත් ක්‍රමේකට කවදාවත් අබ්බගාත සතෙක්, ගැබ්බර දෙනෙක්, පැටියෙක් මරන්නේ නැහැ. කවදාකවත් රැලේ යන, දිය බොන, වල් කන, සෙල්ලම් කරන වෙලාවක ඒ සතාව මරන්නේ නැහැ. වේලට හරියන සතෙක් මිසක්ලොකු සතෙක් මරණ එක අපි කරන්නේ නැහැ. වැඩුණු පිරිමි සතෙක් මරණ එක තමයි අපේ හොඳම දඩයම."
"අපි දන්නවා කැලේ තියෙන කිසිම දෙයක් අපිට අයිති නැති බව." ඒවා අයිති සත්තුන්ට. පරිසරයට. අපිට කැලෙන් ලැබෙන දෙයින් මුල් කොටස යකුන්ට පුදන්න ඕනේ.
වැඩිපුර දේවල් ගන්නවට පරිසරයත්, නෑ යක්කුත් අපිත් එක්ක අමනාප වෙනවා. ඊට පස්සේ අපිට කිසිම දෙයක් දෙන්නේ නැහැ. ලෙඩ රෝග හදනවා. කැලේ සත්තු ලවා අපිට කරදර කරනවා. සමහර විට අපිව මරා දානවා. ඕවා අපි දන්නේ අපේ පරම්පරාවෙන්.
අපේ නෑ ඇත්තෝ විතරක් නෙවෙයි, මේ රටේ ලෝකේ ඉස්සර හිටිය මිනිස්සු මේ විත්තිය දැනගෙන හිටියා. ඒ අයටත් අපිට වගේම සිරිත් විරිත් තිබුණා.
ඒත් පස්සෙන් පහු ඒ අය ඒ සිරිත් විරිත් අමතක කෙරුවා. මිනිස්සු සත්තුන්ගෙන්, කැලෙන්, අව්වෙන්, වැස්සෙන් සුළගින් ලැබුණ දේවල් මගේ කියලා බදා ගන්න පටන් ගත්තා. මහ පොළොවේ වැට කොටු බැඳලා සීමා හදා ගත්තා. සිරිත් විරිත් අතහැරලා ඉවක් බවක් නැතිව හූ දෙක තුනේ දුරට ගස් කොළන් පිරුණු කැලෑව කපලා දැම්මා. ඒක දවසකට ඇහැට පේන නොපෙනෙන සත්තු අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් මරලා දැම්මා. ඔය විකාර කෙරුවාට මිනිස්සු කියන්නේ ”දියුණුව” කියලා.
මට ඒ වචනේ ඇගෙන කොටත් හරි අපුලක්, පිළිකුලක් දැනෙනවා. තරහක් දැනෙනවා. අපේ ගතිගුණ සිරිත් විරිත් විතරක් නෙවෙයි අපිවත් නැති කළ හතුරා තමයි ‘‘දියුණුව’’. මේක කරේ තියාගන්නඅය සමහර වෙලාවට ඒකේ ප්‍රතිඵල වලින් මිදෙන්න ක්‍රමයක් හොයාගත්තා. අහක හිටපු අපිට ගැලවීමක් නැහැ.
"දියුණුවේ” විපාක ඔක්කොම විඳින්න වුනේ අපිට. නිදහසේ ඉපදිලා නිදහසේ මැරිච්ච අපිට සිද්ධ වුණා අනිත් අයට අතපාල ජීවත් වෙන්න. තවත් වෙලාවක අපිට වුණා අනිත් අයගේ බැල මෙහෙවර කරන්න. ඒක තමයි දියුණුවෙන් අපිට ලැබුණා දේ. මේ විකාර වලින් මිනිස්සුන්ගේ ඔලූව නරක් වෙන්න කලින්, කලට වැස්ස වැස්සා. කාලෙට පැව්වා. හරියට දිනේට වෙලාවට හුළං හැමුවා. අපි හඳ, තරු, ගහකොළ දිහා බලලා හෙට වෙන දේ ගැන කිව්වා. ඒ අනුව අපේ එදිනෙදා ජීවිතේ හදාගත්තා. ඒත් අද වහින්න ඕනේ කාලෙට පායනවා. පායන්න ඕනේ කාලෙට වහිනවා. වෙන දේ ගැන හිතාගන්නවත් බැහැ.
ඉස්සර අපි හැමෝම සතා සීපාවට ආදරය කළා. උන්ව හුරතල් කළා. උන්ව ආරක්‍ෂා කළා. දැන් මිනිස්සුන්ට ඒ සේරම පේන්නේ හතුරෝ වගේ. සත්තු නොදැක ඉන්න, උන්ගෙන් ඈත් වෙන්න හදනවා.
"මිනිස්සු දැන් මුලූ ඇඟම රෙදි වලින් වහගෙන ශීත කාමරවල හැංගිලා. සත්තු වෙනුවට සත්තුන්ගේ රූප බිත්තියේ අලෝගෙන. ගස් කපලා දාලා ගෙවල් ඇතුලේ බොරුමල් (ප්ලාස්ටික්) ගස් ගෙනත් තියා ගන්නවා."
"පොළාවට පොහොර කියලා වස විස ඉහලා ඒක වී ඇටයක් ගන්න හිරිකිතයක් නැතිව සත්තු කෝටි ප්‍රකෝටි ගානක් මරනවා."
මං හීනෙකින්වත් හිතුවේ නැහැ මෙහෙම ලෝකයක්.
ඉස්සර අපි කෑම බීම ආරක්‍ෂාව ඉල්ලූවේ කිරි කොරහ නටල අපේ නෑ යකුන්ගෙන්. අද අපිට විනාශ කරපු මිනිස් ඇත්තන්ගෙන්ම අපේ කෑම වේල ඉල්ලන්න වෙලා. තමන්ගෙම දෙමාපියන් මහළු වුනාම අනාථ නිවාසෙට දාන ඔය මිනිස්සු අපිට කන්න දෙයි කියලා කොහොමද විශ්වාස කරන්නේ.
"මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්.මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා." ඒත් දන්න දේ, දැනෙන දේ, හිතන දේ කියන්න ඕනේ. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. ගහ කොළ ඉවරයි. සතා සීපාව ඉවරයි. ඊලඟට මිනිස්සු.
දැන් එක එක හුළං එනවා. කඳු කඩා පාත් වෙනවා. මුහුදු ගොඩ ගලනවා. ගංගා ඇල දොළ උතුරනවා. දන්නෙවත් නැති අලූත් ලෙඩ හැදෙනවා. මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මිනිස්සු ලෝකෙට කරපු කරන විනාසෙට හම්බ වෙන උත්තර තමයි මේ. පුදුම වෙන්න දෙයක් නැහැ.
දැන් අපි එක් එක්කෙනාට දෙස් දෙවොල් කියලා වැඩක් නැහැ. දියුණු වෙන්න ගිහින් මේ කරපු විනාසේ නවත්තමු. අපි ආපහු අත්තලාගේ මුත්තලාගේ ලෝකෙට යමු. නැත්නම් "මේ ලෝකේ මිනිස්සු කියලා සත්තු ජාතියක් ඉපදිලා අනිත් අයත් මරාගෙන ඒ සත්තු මැරුණා කියලා පිට ලෝක වල අය කියයි."
මේ වැඩිහිටි අයට මොනව කිව්වත් වැඩක් නැහැ. අපි අපේ දරුවන්ට ඇත්ත කියමු.
"අපි වැඩිහිටියෝ වුණාට මේ ලෝකේ ඉපදුන ලොකුම මෝඩයෝ අපි කියලා අපේ දරුවන්ට කියමු."
අපි කරපු මෝඩකම් නොකර තමන් කව්ද කියලා තෝරාගෙන, තමන්ට සෑහෙන තරමට ජීවත් වෙන්න ඒ අයට උගන්වමු. තමන් ජීවත් වෙන ගමන් අනිත් අයටත් ජීවත් වෙන්න ලෝකයක් ඉතුරු කරන හැටි ඒ අයට තේරුම් කරමු.
මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු. ඉරට, හඳට, තරුවලට, ගහට, කොළයට, මල්වලට, ගගට, ඇලට, විලට, වැවට විතරක් නෙවෙයි හීතලට, උණුසුමට, සුළඟට පවා ගරු කරන්න අපේ දරුවන්ට කියා දෙමු.
"එහෙම කළොත් අපේ පුංචි පැටව් අමාරුවෙන් හරි මේ ලෝකේ ආපහු හදාගනියි. ඒක දකින්න අපිට වාසනාව නැති වුනත් අපේ දරුවන්ට අපේ පුංචි කාළේ සතුට සැනසීම ලැබෙන එක ගැන හිතලා අපි සතුටු වෙමු."
උපුටා ගැනීමකි
ලක්මිණි වසන්ති තෙන්නකෝන් - මුණුපොතට
A day in the life2025-06-23
හෝර්ටන් තැන්නට අළුත් පාරක්.
බෙලිහුල්ඔය සිට හෝර්ටන් තැන්නට ඇතුල්වීමට නව මංකඩක් සකස් කිරීමේ යෝජනාවක් ගැන සාකච්ඡා වෙනවා. මෙය කලක සිට කතා බහ වෙන්නක්.පාලන වෙනසත් එක්ක අළුත් වෙන පරණ වෙන කතාබහක්.
ඉංග්‍රීසින් ගේ යුගයේ නුුුවරඑළිය - පට්ටිපොල - අඹේවෙල - හොර්ටන්තැන්න හරහා බෙලිහුල්ඔයට මාර්ගයක් තිබිලා තියෙනවා. මේ මාර්ගයේ නටබුන් බෙලිහුල්ඔය ගල්පොතුතැන්තත් - නාගරක් ඩිවිසන් ( Nagarat division ) අතරත් තාම අඩිපාරක් වගේ තියෙනවා.
2025-06-22
දෙල් නොකරගන - දෙල් කන්න.
දෙල් කන්න කවුද අකැමැති?
විවිධ රසට විවිධ ක්‍රමයට පිසිය හැකි දෙල් වාරේ ඔන්න අැවිත්. ඒත් ඉතින් දෙල් ගැන සිහිපත් කරනකොටම සමහරුන්ගෙ මූණු දෙල් වෙනවා. කන්න කැමැත්තක් තිබුණත් දෙල් සැර උෂ්ණ අධික කෑමක්නේ කියලා පැත්තකට වෙන අයත් ඉන්නවා. ඒ කොහොම වුණත් සැර වැඩි දෙලේ සැර බාල කරලා ගුණ විතරක් අදාළ කර ගැනීමේ අපූරු හැකියාවක් අපේ අත්තම්මලාට තිබුණා. අත් බෙහෙතක් ලෙස භාවිත නොවුණත්, දෙලේ ගුණ හඳුනාගෙන එය නැණවත්ව පරිහරණයට අත්තම්මලාගේ තිබූ ඒ හැකියාව ඔබ සමඟ බෙදා ගන්නයි මේ සූදානම.
කොතරම් සැරයි කීවත් රසය නිසා දෙලට ඇතිවන ඇල්ම තහනම් පෙමට ලොල් වූවාක් මෙන් යැයි කිවොත් නිවැරදියි. ඇබ්බැහිවීම තවත් වැඩි වන ලෙස රසවත්ව දෙල් සැකසීමට අපේ ගෘහණියන්ට තිබෙන්නේ අපූරු හැකියාවක්. අමු පොල් සහ කොච්චි සම්බෝලයක් සමඟ රසවත් උදේ ආහාරයක් වුණු දෙල් තවත් විටෙක කිරට මාළුවක් වී හෝ සුදුලූනු, ගම්මිරිස්, ඇඹරූ පොල් සමඟ මැල්ලුමක් වී දහවල් බත සැරසුණා. ඉදුණු දෙල් තෙලේ බැදී තේ වෙලාවට සැපයෙන රස කැවිල්ලක් සැකසුණු අතරවාරයේදී වැඩිවන දෙල් අව්වේ වේළී අවාරයේදී ගන්නට දුම් මැස්සේ මුට්ටියක තැන්පත් වුණා.
ගත වෙහෙසා දහදිය හෙලා වැඩ කළ ගොවියාට ගෙනගිය කයිදම් බතේ ද, සාංඝික හෝ දේව දානයටද වාරයේදී දෙල් වැරදුණේ නැතිතරම්.දෙල්වල ඇති ගුණ ප්‍රමාණය ඔබ ඇත්ත වශයෙන්ම දන්නවා නම් ගෙවත්තේ දෙල්, කඩයට විකුණා අර්තාපල් මිලදී නොගනීවි. ප්‍රධාන වශයෙන් ශක්තිය සපයන කාබෝහයිඩ්රේට් අඩංගු වුවද සෝයාවලටත් වඩා ප්‍රෝටීන් වැඩිපුර අඩංගු පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, කොපර් වැනි තවත් ලවණ වර්ග රාශියක් ද, විටමින් A, C, E සහ K අඩංගු දෙල් පවුලකට අවශ්‍ය සියලුම පෝෂක ද්‍රව්‍ය සපයා දෙන ආහාරයක්. දෙල් කෝප්පයක ඇති පොටෑසියම් ප්‍රමාණය කෙසෙල් ගෙඩි තුනක ඇති පොටෑසියම් ප්‍රමාණයට සමාන ෙවනවා.
කොස්වලටත් වඩා ශාකමය තන්තු අඩංගු දෙල් අාහාර මාර්ගයේදී කොලෙස්ටරෝල් රුධිරයට අවශෝෂණය කිරීම වළක්වා රුධිර පීඩනය පාලනය කරන අතරම, අන්ත්‍රාවල ඇතිවන පිළිකා වළක්වා ගැනීමට උපකාරී වෙනවා. පොටෑසියම් හෘද ස්පන්දනය සාමාන්‍ය පරිදි පවත්වාගෙන රුධිර පීඩනය සාමාන්‍ය ලෙස පවත්වා ගැනීමට වෙනත් ආකාරයකින් බලපාන නිසා දෙල් ඔබේ හදවත රැකබලා ගැනීමට දායක වන අගනා ආහාරයක්. විටමින් සහ ලවණ වර්ග බහුල දෙල් ශරීරයේ රෝගවලට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තිය වර්ධනය කරනවා. අාහාර මනා ලෙස දිරවීමේ හැකියාවක් ඇති දෙල් ජීර්ණ මාර්ගයෙන් වැඩිපුර ඇති සීනි රුධිරයට අවශෝෂණය කර ගැනීම වැළකීමෙන් දියවැඩියාව පාලනය කිරීමට සහ වැළැක්වීමට හැකි ආහාරයක්.
සෝයාවලටත් වඩා ඇමයිනෝ අම්ල (ප්‍රෝටීන ) අඩංගු වෙනවා මෙන්ම මුහුදු මාළුන්ගෙන් අපට ලැබෙන ඔමේගා 3 සහ 6 යන මේද වර්ග බහුලව අඩංගු දෙල්, මස්, මාළු නොකන අයට අවශ්‍ය සියලු පෝෂක ලබා දෙන අමිල එළවළුවක්. සම ආරක්ෂා කරන ප්‍රති ධූලකයක් ලෙස ක්‍රියාකරයි. එමඟින් සම ආවරණය කර හිරු රශ්මියෙන් සමට වන හානිය වළකා ඉක්මනින් සම ප්‍රතිසංස්කරණය කරන්නත් දෙල්වලට පුළුවන්. ඔමේගා 3 සහ 6 මේද වර්ග හිසකෙස්වලට ඉතා හිතකරයි. මේ හේතුව නිසා හිස කෙස් වර්ධනය පවත්වා ගැනීමටත් ඉස්සොරි වළක්වා ගැනීමටත්, හිසකෙස් ප්‍රතිසංස්කරණය කිරීමටත් දෙල් උදව් වෙනවා.
පැසිපික් දූපත්වල මුල් සම්භවය ඇතැයි පවසන දෙල්, ලොව පුරා බොහෝ ජාතීන්ට ශක්තිය, සපයන මහත් ගුණ ඇති ආහාරයක්. ලොව පුරා දෙල් වර්ග සියයකට අධික ප්‍රමාණයක් ඇති බව කියවෙනවා. වසර තුන්දාහකට පමණ පෙර සිට භාවිත වුණු බවට සාක්ෂි ඇති දෙල්වල ජන්ම භූමිය ලෙස සැලකෙන්නේ නිව්ගිනීයා දේශයයි.
දේශගවේෂකයන් ඔස්සේ පැසිපික් සාගරය හරහා ලොව පුරා පැතිරුණු බවට විශ්වාස කෙරෙන මේ දෙල් අප්‍රිකානු රටවලදී ආහාරයට ගැනෙන්නේ අපට බත් මෙන් ප්‍රධාන වශයෙන් ශක්තිය සැපයෙන ආහාරයක් ලෙසින්. ඔවුන් දෙල් ළිපේ පුලුස්සා, පිටි කර හෝ බෙරි වන්නට තම්බා හෝ එළවළු සමඟ ස්ටු ආකාරයට පිළියෙළ කර ආහාරයට ගන්නේ අපට වඩා වෙනස්ම ආකාරයන්ට.
ගෝලීයකරණයත් සමඟ යුරෝපය සහ අමෙරිකාව වැනි රටවල සුදු ජාතින් දක්වා විහිදුණු මේ අනර්ඝ ආහාරය ඔවුන් ආහාරයට ගන්නේ බාබකිව් ක්‍රමයට හෝ උඳුනේ පුලුස්සා ගැනීමෙන්.
ලංකාවට දෙල් මුලින්ම හඳුන්වා දී ඇත්තේ පෘතුග්‍රීසි පාලනය කාලයේ. නමුත් ඒ අපිට ඇති ආදරේට එහෙම නොවෙයි. එහි ඇති සැර මඟින් සිංහලයාගේ ශක්තිය දුර්වල කිරීමේ උපක්‍රමයක් ලෙස. නමුත් ලන්දේසියාට වඩා වෙද හෙදකමින් ඉතා ඉදිරියෙන් සිටි අපේ අත්ත මුත්තලා දෙලේ සැර පොළෙන් මකා දමා දෙලේ ශක්තිය උපයෝගී කරන් උන්ට ආපහු බැට දෙන්ට සමත් වුණාලු. අද වගේ බටහිරෙන් ගේන හැම බෝලයක්ම ගෙඩිය පිටින් නොගිලපු ඔවුන් දෙල් බෝලෙන් උන්ටම බැට දීපු හැටි ඒ. ලන්දේසින් ගෙනත් සිටුවපු මුල්ම දෙල් පැළයේ ශාඛාවක් ගාල්ල කොටුව උසාවිය ළඟ අදටත් තිබෙන බවයි කියවෙන්නේ.
දෙල් සැර ද ?
මෙතරම් ගුණදායී දෙල් අපේ රටේ බොහෝ දෙනෙකු ආහාරයට නොගන්නේ එහි ඇති උෂ්ණාධික බව ගැන කියමින්. විද්‍යාත්මක වශයෙන් දෙල්වල මෙවැනි විසක් ඇති බව සොයාගත් බවට පොත් පත්වල සඳහන් වෙන්නේ නැහැ.
රසායනාගාර පර්යේෂණ සෑම එකකින්ම විදහා දක්වන්නේ එහි ඇති ගුණ පමණයි. ඔවුන් පවසන්නේ ඕනෑම ආහාරයකට අසාත්මිකතා ඇතිවන අයුරින් දෙල්වලටත් ඉඳහිට කෙනෙකුට අසාත්මිකතා පෙන්විය හැකි බවයි. උදාහරණයක් ලෙස පෙනිසිලින් ආසාත්මිකතාව. කලාතුරකින් කෙනෙකු දකිනවා වගේ දෙල් අසාත්මිකතාව කෙනෙකුට ඇතිවන්න පුළුවන්.
ලවණ වර්ග ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ලැබුණු විට ශරීරයෙන් පිටවන ශ්‍රාවයන් ඔස්සේ ඒ වැඩිපුර ලවණ පිට කර හැරීමේ ස්වාභාවික ක්‍රියාවලියක් තිබෙනවා. මේ විදිහට වැඩිපුර ලවණ වර්ග පිටවෙන්නේ කඳුළු, මූත්‍රා, කෙළ, සොටු වගේ ක්‍රමවලින්. ඒ විතරක් නෙමෙයි. මේ ලවණ අධිකකම නිසා ඇතැම්විට ශ්‍රාවයන් පිටවන සුමට පටල වෙහෙසට පත් වෙනවා හෝ එවන් ලෝහ ලවණ අධික ආහාර වර්ග ගැනීමෙන් පසු ඇස්වලින් කබ පිටවීම, මූත්‍රා දැවිල්ල වැනි ඌෂ්ණාධික යැයි සම්මත ලක්ෂණ මතුවන්නේ මේ නිසයි.
නමුත් ශරීරය ශෝධනය කිරීම පහසු වන ආහාරයක් මේ සමඟ එකට ගැනීමෙන් මේ තත්ත්වය සමතුලනය කරගෙන ගුණ පමණක් ශරීරයට ඇතුළුකර ගන්නට පුළුවන්. උදාහරණයකට කතුරුමුරුංගා, සාරණ, නිවිති තම්පලා වගේ කොළ එළවළුවක් ගන්න පුළුවන්.
අපේ අත්තම්මලා මේ ප්‍රශ්නයට පිළියම් යෙදුවේ කෙසේදැයි බැලීම වැදගත්. තහංචි නැතිව සැර මකා රස ගුණ මතු කරගෙන අසල්වැසියන් සමඟ දෙල් බෙදාහදාගෙන කෑ අයුරුයි මේ.
අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
උපුටාගැනීමකි
මුල් හිමිකරුට තුති..

ඉදිරිපත් කිරීම
දිවියට දිරියක් With Nilanthi
මුණු පොතට
Devika Herath SaheliA day in the life
2025-06-21
හත්දා මගුල්
ඒ මඟුල් මොනවද කියලා හරියටම දැනන් හිටියෙ නැහැනෙ.
ඔන්න මේ ලිපියෙන් දැනගමු ඒ තොරතුරු .
1 - නැකත් භාර කරවීමේ මගුල,
මනාල පාර්ශ්වය විසින් මඟුල් තුලාව සඳහා නැකත් සෑදූ පසු ඒවා මනාලියගේ පාර්ශ්වයට ගෙන ගොස් භාර දීම උත්සවාකාරයෙන් සිදු කරයි එය පළමු දින මගුලය.
.webp)
2 - මගුල් කීමේ මංගල්‍යය,
මංගලෝත්සවයට ආරාධනා කිරීම සඳහා දෙපාර්ශ්වයේ මාමාවරුන් ගේ නිවෙසට යන දෙපිරිස සඳහා එම මාමාවරුන්ගේ නිවස් වල ආහාරපාන සහිතව උත්සවාකාරයෙන් සූදානමක් කරයි.
එය දෙවැනි දින මගුලයි.
3 - තෑගි දෙන මගුල,
මනාල පාර්ශ්වය විසින් මඟුලට උවමනා යම් යම් දේ මනාලියගේ දෙමව්පියන්ට සහෝදරයන්ට සහ මනාලියට උත්සවාකාරයෙන් ගෙන ගොස් භාර දෙයි එය තෑගි දෙන මගුල නොහොත් කත් තියන මගුල ලෙස කියති.
4 - පෝරුවේ නඟින මගුල,
චාරිත්‍ර වාරිත්‍ර ඉටු කළ නීත්‍යානුකූලව විවාහය සිදුවී පෝරු මස්තකාරූඪ වන්නේ මෙම දිනයේදී..මනාලියගේ පාර්ශව වෙත මනාල පාර්ශ්වය පැමිණීම මෙහිදී සිදුවේ.
5 - මහා මගුල නැතහොත් මහ ගමන යෑම,
මනාලියට දිය යුතු තෑගිබෝග දෑවැදි සහිතව දීග විවාහයකදී මනාලියගේ පාර්ශවය මනාල නිවසට උත්සවාකාරයෙන් පැමිණේ.
6 - දංකුඩ ගෙන යාමේ මගුල,
දිනකට පසුව මනාලියගේ සමීප ඥාතීන් අතහැරුනු මගහැරුණු තෑගි බෝග රැගෙන මනාලයා සහ මනාලිය ජීවත්වන නිවසට ගොස් සතුටු සාමීචි කර පැමිණේ මෙම මඟුලට දෙමව්පියන් සම්බන්ධ නොවේ බොහෝවිට තරුණ සහෝදර- සහෝදරියන් යහළුවන් විසින් යයි .
අදටත් දකුණු පළාතේ ඇත.
7, ඉසි දිය මගුල,
ලිප ගිනි තියන මගුල මේ දෙකම හෝ එකක් භාවිතවේ.
මූලාශ්‍රය නම් ජනශ්‍රැතිය වේ...
අදටත් පැරණි ජෝතිෂ්‍යවේදීන් මේ සත් දින මගුල් සදහා නැකත් සාදවා දෙයි,මෙම සද් දිනයටම කිරිබත් සෑදීම කැවුම් සෑදීම පහතරට වෙරළ බඩ නම් මාළු ඇඹුල්තියල් කිරීම වැනි මංගල සම්මත යැයි කරුණු කරයි..
හෙළ සිරිතට අකුරටම දෙමාපියන් ඥාතීන් ගේ කැමැත්ත පිට ගෞරවාන්විතව මංගල්‍යය කරනවා කියන එක තමයි හත් දවසක් මගුල් කනව කියන්නෙ
.
![]() |
2025-06-20
අදු - Eryngium femidom L.
• නම: අඳු
• විද්‍යාත්මක නම: Eryngium femidom L.
• පවුල: APIACEAE.
• සමාන පද: අඳු
• ඉංග්‍රීසි නම: Common Sweet Basil
• දෙමළ නම: අප්රකටය.
• සංස්කෘත නම: අජ්ජක, අර්ජක
• භාවිතා කළ හැකි කොටස් : සම්පූර්ණ පැළෑටිය ම
• උප විශේෂ: E. foetidum
• දෝෂ කර්ම: කඵ වාත ශාමකයි.
• ගුණ කර්ම:
රස - මධුර, කෂාය ගුණ - ලඝු, ස්නිග්ධ වීර්යය - උෂ්ණ විපාක - මධුර
• රසායනික ගුණ:
Tanin , Saponin, Caffeic acid, Flavonoids. කැල්සියම්, යකඩ, කැරොටින් සහ රයිබොෆ්ලැවින් අඩංගු වෙයි.
• චිකිත්සක භාවිතයන්:
අතීසාර, සර්ප දෂ්ඨ, ක්‍රිමි රෝග. පිළිස්සුම් තුවාල, කන් රෝග, උණ රෝග, අධික රුධිර පීඩනය, මල බද්ධය, ඇදුම, බඩේ රුදාව වැනි රෝගවලට මෙන්ම පනු රෝගවලට, සර්ප දෂ්ඨවලට පාචනය හා මැලේරියාව වැනි රෝගවලට භාවිතා කරයි. මීට අමතරව අපස්මාරයට, වමනයට, හිසරදයට, ආතරයිටීස් හා ගෝනුසු විෂට ද ඉතා හොඳ ඖෂධයකි. අඳුකොළ පැළෑටිය වේදනා නාශක ගුණයෙන් හා ආත්මය සංසුන් කරවන ගුණයෙන් ද යුත් දිව්‍යමය පැළෑටියකි.
• වෙනත් භාවිතයන්
: මදක් දුර්ගන්ධයක් සහිත නිසා සර්පයන් එලවීම සඳහා ලංකාවේ භාවිතා කරන මෙම ශාකය ඖෂධීය වටිනාකමක් සහිත ශාකයකි. ආහාරමය වටිනාකමක් පවති. අඳුකොළ නාගයින් අකමැති දෙයක් ලෙස අතීතයේ සිටම පැවත එන්නකි. ‘නයාට අඳුකොළ වැනිය’ යන කියමන පටබැදුනේ ද එනිසාය. නමුත් නාගයා අඳුකොළ උඩ දරන ගසා සිටිනු දැකිය හැක. නයා අකමැති වන්නේ අඳුකොළ පොඩි වූ විටය. අඳුකොළ පොඩි වූ විට එයින් නිකුත් වන සුවඳට නාගයින් අකමැතිය. එනිසා අඳුකොළ පොඩිකර නයි සිටින ස්ථානවලට දැමීමෙන් නයින් පලවා හැරිය හැක. නයි මුගටි සටනින් පසුව මුගටියා අඳුකොළ කා විස නසා ගන්නා බවද පුරාන පොත පතේ සඳහන් වේ.
• ව්‍යප්ත වී ඇති ප්‍රදේශ:
ලංකාව, ඉන්දියාව නේපාලය ඇතුළු බටහිර ඉන්දීය කොදෙව්හි, විශේෂයෙන් කැරිබියානු සහ කොරියාවේ බහුලව භාවිතා වේ
• වෙනත් භාවිතයන්:
උද්‍යාන අලංකරණයේදී, විදේශීය රටවල් වල ඉහළ ඉල්ලුමක් සහිත ශාකයක ලෙස දැක්විය හැක. කොළ සඳහා ඇමරිකා එක්සත් ජනපදයට විශාල ඉල්ලුමක් ඇති අතර විවිධ සුපිරි වෙළඳපොලවල පවා විකුණනු ලැබේ.
• වෙනත් රටවල භාවිතයන්: තායිලන්තය , මැලේසියාව සහ සිංගප්පූරුව යන රටවල ඉතා ජනප්‍රිය වන අතර මෙම රටවල වෙසෙන ජනතාව එය සලාද, සුප් සහ වෙනත් මස් නිෂ්පාදනවල රසකාරකයක් ලෙස භාවිතා කරයි. මස් මාංශ සහ අනෙකුත් ආහාර රස ගැන්වීම සඳහා රසකාරකයක් ලෙස භාවිතා කරයි. එය චට්නි, මස් කෑම, සෝස්, කල් තබා ගැනීම සහ සුලු කෑම වල කුළුබඩුවක් ලෙසත් භාවිතා කරයි.
• වෙනත් විස්තර:
පඳුරු වශයෙන් සෑදෙන පැළෑටියකි. උස සෙ.මී. 20-80 ක් පමණ වේ. පත්‍රය ඉලිප්සාකාර වන අතර පත්‍ර දාරය දැති සහිත අක්‍රමවත් ය. පත්‍රයේ මැද නාරටිය පැහැදිලි ය. පත්‍ර නාරටියේ පැහැය අනුව ළා කොළ පැහැති හා දුඹුරු පැහැති වශයෙන් ප්‍රභේද දෙකකි. පත්‍රය සෙ.මී. 3-5 පමණ වේ. පත්‍ර තලය දිලිසෙන සුළු ය. පත්‍රයේ සගන්ධ තෙල් සහිත ග්‍රන්ථි වලින් යුක්ත වේ. පුෂ්ප මංජරියකි. සුදු පැහැති ය. ඵලය ස්ඵෝටකයකි. කුඩා ය. පොකුරක් ලෙස සැකසී ඇත.
• වෙනත් වගතුග: ලංකාවේ ජනප්‍රිය නැති උනත්, වියට්නාමයේ "කොත්තමල්ලි කොල" නැත්නම් "මෙක්සිකන් කොත්තමල්ලි" (Mexican Coriander) කොල කියන්නේ මේ අඳු කොල වලට කිව්වොත් ඔබ පුදුම වෙයි. ඇමරිකාවේ විශේෂයෙන් කැලිෆෝනියාවේ අවන්හල් වල කොත්තමල්ලි වෙනුවට ආදේශකයක් විදිහට මේ අඳු කොල භාවිතා කරන බවත් අන්තර්ජාලයේ සඳහන්. ඒ වගේම අපිට නොවටින මේ "අඳු කොල" වියට්නාමය විශාල වශයෙන් වගා කොට ඇමරිකාවට අපනයනය කර විශාල ආදායමක් උපයා ගන්නවා
• අඳු වලින් සාදන කෑම:
• අඳු කොල මිශ්‍ර ගොටුකොල සම්බෝලය
සිහින්ව ලියාගත් ගොටුකොල හා අඳු කොල වලට පොල්, ලියාගත් රතු ලූණු, අමුමිරිස්, තක්කාලි, පදමට ලුනු හා දෙහි ඇඹුල් යහමින් එකතු කර පොඩි නොවන සේ අතින් මිශ්‍ර කර කෑමට ගන්න. (අවශ්‍යය නම් උම්බලකඩ කුඩුද එකතු කර ගන්න පුලුවන්). නැවුම් කොල වර්ග කෑමට ගැනීමට ලං වෙලා හදා ගන්නවා නම් තමයි රස. ගොටුකොළ නැතුව උනත් මේ අඳු කොල ලූණු තක්කාලි දාලා සලාදයක් වගේ උනත් කන්න පුලුවන්.
මූලාශ්‍ර පොත පතින් සහ අන්තර්ජාලයෙන්.
උපුටා ගැනීමකි
ප.ලි .
හැකිනම් මෙහි වෛද්‍ය විද්‍යාත්මකව හෝ ආයුර්වේද ක්‍රමය අනුව මේ ගැන දන්න අයද මේ ගූණ ගැන ලියන්න. භාවිතයට ගන්න විට ඔබ දන්න අයගෙන් ද විමසා සිටින්න
2025-06-19
සිරිලාල් කොඩිකාරයන්.
මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකු වූ සිරිලාල් කොඩිකාර මහතා 97 වසරක දිවිසැරිය 2021නොවැම්බර් 19දා අවසන් කළේය. සම්ප්‍රදායේ ගැලී නොසිට ඉන් බැහැර මාධ්‍ය කලාවක් හඳුන්වා දීමට පුරෝගාමී වූ ඔහු බය නැති පත්තරකාරයෙක් විය. යොවුන් වියේ සිටම “ඇත්ත” පුවත්පත කියවීමට අප පෙළඹුණේ මෙරට දේශපාලන කරළියේ යථා ස්වභාවය දෙස උපහාසාත්මකව බලා ලියවුණු එම පුවත්පතේ කතුවරයා වූ බී.ඒ. සිරිවර්ධනයන්ගේ කතුවැකිය නිසාය. ඇත්ත පුවත්පතේ අප මුලින්ම බැලුවේ යූනූස්ගේ කාටුනයයි. ඉන්පසු “රංචාගොඩ ළමයා”ගේ කවි පන්තියයි. ගැදි පැදි දෙකම මුසු වූ බස් ආරකින් ලියවුණු එම කොලම වදින තැනට වදින්නට ලියවුණක් විය. පසුකාලයේ එම පුවත්පතේම “කෝසල සිහින” නමින් තවත් කොලමක් විය. එය එවක සිටි එක්තරා රාජ්‍ය නායකයකුගේ ක්‍රියා කලාපය අරභයා ලියවුණක් විය. රංචාගොඩ ළමයාත්, කෝසල සිහිනත් ලියුවේ ලාල් මහත්තයා ලෙස අප හැඳින්වූ සිරිලාල් කොඩිකාරයන්ය.
සිරිලාල් කොඩිකාර 1924 අගෝස්තු 27 වැනිදා උපත ලැබුවේ තලාතුඔයදීය. ඔහුගේ පියා වඩුකාර්මිකයකු වූ අතර මව ගෘහණියක වූවාය. ළමා වියේ මවගේ අභාවයත් සමඟ ඔහුගේ පාසල් ගමන ඇණහිටියේය. පසුව ඔහු පිරිවෙන් ඇසුරින් තම අධ්‍යාපනය ගොඩනංවා ගත්තේය. ඔහුගේ හඳහන බැලූ කොග්ගල පඤ්ඤාරතන හිමියෝ ඔහු තම පන්සලේ නවතාගෙන සංස්කෘත හා වෙදකම ඉගැන්නූහ.
ඔහු සාහිත්‍යයට බෙහෙවින් ඇලුම් කළේය. එම ඇල්ම හේතුවෙන් කොග්ගල හිමියන්ගෙන් කවි පබැඳුම් කලාවද උගත්තේය. කවි ලියූ ඔහු වැලිගම කවි මඩුවල කවි කියන්නටද ගියේය. ඔහු තුළ වාමාශික හැඟීම් පුබුදු වූයේ ධර්මසිරි කාරියවසම් නමැති මිතුරකුගේ ඇසුර නිසාය. ධර්මසිරි ඔහුට වාමාංශික දේශපාලනය ගැන කියා දුන්නේය. ඔහු කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වූයේ මේ කාලයේය. 1947දී ප්‍රාචීණ ප්‍රාරම්භ විභාගයට පෙනී සිටි සිරිලාල් කොඩිකාරට මුද්‍රණ වැඩ ඉගෙන ගන්නැයි පැවසූ කොග්ගල හාමුදුරුවෝ කොළඹ මාලිගාකන්දේ චන්ද්‍රසේන පොත් සාප්පුවේ සහ මුද්‍රණාලයේ වැඩ ඉගෙනීමට එහි යැව්වේය.
මුද්‍රණාලයේ වැඩ ඉගෙන ගන්නා අතරම ඔහු පුවත්පත්වලට කවි ලිව්වේය. ඔහුගේ සාහිත්‍ය දිවියේ ආරම්භය සනිටුහන් වූයේ “නව ලෝකය” සඟරාවට ලියූ කවි පෙළත් සමඟිනි. 1948 දී සිංහල ජාතිය පුවත්පතට සම්බන්ධ වූ සිරිලාල් කොඩිකාර පත්තර කලාවේ හැම දෙයක්ම කළේය. අකුරු ඇමිණුවේත්, සෝදුපත් බැලුවේත්, කොපි ලිව්වේත් කොඩිකාරය. එතැන් සිට දිවි ගමන අවසන් වන තෙක්ම ලියවිල්ල නැවැත්වූයේ නැත. වෙදකම යම් තරමකට හදාරා තිබුණද ප්‍රාචීණ ප්‍රාරම්භ විභාගය සමත් වූ පසු යළි ආයුර්වේදය හදාරන්නට ඔහුට සිත් දුන්නේ නැත. එහෙයින් පුවත්පත් කලාව තම ආත්ම ප්‍රකාශනය බවට පත්කර ගත්තේය.
1954 වසරේ “සිංහල ජාතිය” පුවත්පත වැසී ගියේය. ඔහුගේ ඊළඟ නැවතුම වූයේ දවස කන්තෝරුවය. එහි වාර්තාකරුවකු ලෙස ඔහුට රැකියාවක් ලැබිණි. දවස පුවත්පතට ප්‍රවෘත්ති පමණක් නොව ලිපි හා කවිද ලිව්වේය. ඔහුගේ දක්ෂතා හඳුනාගත් ඩී.බී. ධනපාල මහතා ඔහු කර්තෘ මණ්ඩලයට බඳවා ගත්තේය. එවක පැවැති දේශපාලන හැලහැප්පීම් නිසා ඔහු දවස පුවත්පතින් ඉවත් විය. ඒ 1964 වසරයි. එච්.ජී.එස්. රත්නවීර “ඇත්ත” පුවත්පත ආරම්භ කළේ මේ කාලයේය. සිරිලාල් කොඩිකාර ඇත්තට එක්වූ මුල්ම සාමාජිකයන් සිව්දෙනාගෙන් අයෙක් විය. ජාඩියට මූඩිය සේ ඇත්තට සිරිලාල් ද සිරිලාල්ට ඇත්තද ගැලපුණේය. ඔහුගේ කවි කලාවට බෙහෙවින් බලපෑවේ රංචාගොඩ ළමයාගේ මෙම කවි බස් වහරය.
“මෙහෙව් රටේ රංචාගොඩ ඉපදීලා
රුහුණු රටට මා දීලා ඉලව්වේ
දෙමට පොතු කකා කටහම යන්නාවේ
හැම දෙවියනේ මගෙ වාහේ රකෝ රකෝ....”
එහෙයින් ඇය අනුගමනය කරමින් “රංචාගොඩ ළමයා” නමින් කාලීන දේශපාලන වාතාරවරණය දෙස උපහාසාත්මක ඇසින් ලියන්නට පටන් ගත්තේය. එළිසමයෙන් බැහැර වූ එම කවි සම්ප්‍රදාය පොදු ජනයා ආදරයෙන් වැළඳගත්හ. 1970 දසකයේ ගැසට් මගින් ආහාර මිල වැඩි කරන්නට එවක පැවැති ආණ්ඩුව කටයුතු කරද්දී සිරිලාල් කොඩිකාර ‘ගැටස් සංදේශය’ නමින් පද්‍ය විශේෂාංගයක් ආරම්භ කළේය.
සිංහල ලේඛක සංගමය පිහිටුවීමේ පුරෝගාමියකු වූයේද සිරිලාල් කොඩිකාරය. ඒ පිළිබඳ යෝජනාව කේ. ජයතිලක මහතා මුලින්ම සාකච්ඡා කළේ සිරිලාල් කොඩිකාර හා ඇම්.ඩී.ඇන්. ඔස්ටින් යන දෙපළ සමඟය. සිංහල ලේඛක සංගමයේ ලේකම්වරයා වූයේද සිරිලාල් කොඩිකාරය. මරදානේ ජයන්ත වීරසේකර මාවතට එම නම වැටුණේද සිරිලාල් කොඩිකාරගේ උනන්දුව නිසාය. ඒ පිළිබඳව ඔහු විසින් රචිත සිය චරිතාපදානය වන “දියවැලක් ඔස්සේ” කෘතියේ සඳහන්ය. අද මරදානේ ජයන්ත වීරසේකර මාවත ලෙසින් හැඳින්වෙන මාවත එදා හැඳින්වූයේ ඩ්‍රිබර්ග් ඇවනියු ලෙසිනි. සිංහල ලේඛක සංගමයේ රැස්වීමකදී මේ නම වෙනස් කොට අභාවප්‍රාප්ත ලේඛකයෙකුගේ නමක් යෙදිය යුතු යැයි සිරිලාල් කොඩිකාර යෝජනා කළේය. යෝජනාව ස්ථිර විය. එවක කොළඹ නගරාධිපතිවරයා වූයේ වී.ඒ. සුගතදාස මහතාය. ඔහුට මෙම යෝජනාව ඉදිරිපත් කළ විට ඔහු ඇසුවේ “කවුද ජයන්ත වීරසේකර කියන්නේ” කියාය. “ජයන්ත වීරසේකර මහත්තය තමයි ඩඩ්ලි සේනානායක මහත්තයටත් සිංහල උගන්නල තියෙන්නේ. ප්‍රසිද්ධ ලේඛකයෙක්.” සිරිලාල් නගරාධිපතිවරයාට කීවේය. අවසානයේ ඩ්‍රිබර්ග් ඇවනියු ජයන්ත වීරසේකර මාවත විය.
ඇත්ත පුවත්පත වැසීගිය පසු නිවෙසට වී සිටි කාලයේ ඔහු ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දෙසතිය සඟරාවට අපූරු ලිපිපෙළක් ලිවීය. රසවිඳුනාව නමින් පළ වූ එම ලිපි පෙළ ශ්‍රී ලංකාවේ දේශපාලන බල අරගලයේ අතීතය පිළිබඳ විමසා බැලීමකි. ස්වභාෂා සටන, ජනහඬ, ජාතිය, හෙට වැනි පුවත්පත්වලටද ඔහුගේ දායකත්වය හිමිවිය. හෙට පත්තරයට බයිලා විශේෂාංගයක් ලිව්වේද, විසිතුර පුවත්පතට නාට්‍ය කලාව පිළිබඳ විශේෂාංගයක් ලිව්වේද, ටිකිරි පුවත්පතට චීන ජනකතා සිංහලෙන් ලිව්වේද, ජාතිය පුවත්පතට “කෝසල රජුගේ අලුත් සිහින” විශේෂාංගය ලිව්වේද ඔහුය. පසුව එම විශේෂාංගය “කෝසල සිහින” නමින් ඇත්ත පුවත්පතට ආවේය. ඇත්තේ පළවූ “හත් හවුල් කයි මඩුව”ද ඔහුගේ විශේෂාංගයකි. පුවත්පතට පමණක් නොව ඔහු ගුවන් විදුලියටද නාට්‍ය පිටපත් රචනා කළේය. සමගි පෙරමුණු රජය සමයේ ගුවන් විදුලියේ නාට්‍ය අංශය බාරව සිටියේ සුගතපාල ද සිල්වාය. ඔහුගේ ඉල්ලීම අනුව සිරිලාල් කොඩිකාර ගුවන් විදුලි නාට්‍ය රචනා කළේය. එහෙත් ගුවන් විදුලියට පත්ව ආ එක්තරා දේශපාලනික චරිතයක බලපෑමෙන් නාට්‍ය ලිවීම නතර විය.
ඔහු මුලින්ම ලියු කෘතිය වූයේ “දුම්”ය. වැලිගම යන්ත්‍රාලයේ මුද්‍රණය කෙරුණු එම කෘතියේ අකුරු ඇමිණුවේද සිරිලාල්ය. ඇතුළු පිටු මුද්‍රණය කළද එහි පිටකවරය මුද්‍රණය කර ගත නොහැකි වූ බැවින් පොත එළියට ආවේ නැත. පසුව කොළඹ මාලිගාකන්ද පාරේ මුද්‍රණාලයකින් ඔහුට කවි පොතක් ලියන්නට ඇරියුමක් ලැබිණි. ඔහු කවි පොතක් ලියාගෙන ගොස් මුද්‍රණාල හිමිකරුට දුන්නේය. එහෙත් එය මුදලාලිට හරියන වර්ගයේ කවි පොතක් නොවීය. එහෙයින් කවිපොත මුද්‍රණය වූයේ නැත. ඉන් පසු නොබැසි සිරිලාල් කොඩිකාර එම කවි පොත තමාම මුද්‍රණය කළේය. 1960 දී ඔහුගේ පළමු කෘතිය ලෙස පළවූ එම කාව්‍ය සංග්‍රහය “නො නෙළු මල” විය.
මගේ සාක්කිය, කියමි සිහිකර, මහාවංස වීමංසන, දියවැලක් ඔස්සේ, ගහෙන් වැටුණු ගැහැනිය සහ තවත් අය, විශ්වය තුළ විශ්ව, මා දුටු කෝසල සිහිනය, ලෙයින් ලියූ කවි, රඟදෙන බයිලා, ටයර් සෑය ළඟ, මානස විල, කනේරු මල්, බකවත, කැලිස්ටාගෙ සවාරිය, වෙසඟනකගෙ ප්‍රේමය, නොරටුන්ගේ අන්තඃපුරය, නයිල් ගඟේ කෙස් ගහ වැනි ගද්‍ය හා පද්‍ය ඔහුගේ කෘතීන් අතර වේ. ප්‍රේමසිරි කේමදාසයන් නිර්මාණය කළ ‘මානස විල’ ඔපෙරාවට පාදක වූයේද ඔහුගේ රචනයකි. ඔහුගේ නිර්මාණ කිහිපයකට පිට කවර නිර්මාණය කරන්නට මට අවස්ථාව ලැබිණි.
ඔහු තෙවරක් සෝවියට් රුසියාවට ගොස් තිබේ. ඒ කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සමිති සාමාජිකයෙක් ලෙසත්. පාක්ෂිකයකු ලෙස හා ලේඛකයකු ලෙසත්ය. ජාතික ඇඳුම ඇන්ද චාම්, සරල දිවියක් ගෙවූ සිරිලාල් කොඩිකාර සැහැල්ලුවෙන් ජීවත් වූවෙක් විය. මධුවිතටද බෙහෙවින් ඇළුම් කළේය. රාවය පුවත්පතේ විමලනාත් වීරරත්න සම්මුඛ සාකච්ඡාවකදී වරක් ඔහුගෙන් මෙලෙස ඇසුවේය.
“රුසියාවට ගිය අවස්ථාවල රුසියානු තරැණියන්ට හිත ගියේ නැද්ද? ”
“නැත්තෙ මොකෝ. හිත ගියා. ඒත් ඉතිං වොඩ්කාවලට ඊටත් වඩා මගෙ හිත ගියානෙ.” ඒ ඔහුගේ පිළිතුර විය.
ඇත්ත පුවත්පත ජනතාව අතරට ගෙන ගිය අය අතර සුවිශේෂී පුද්ගලයන් කිහිප දෙනෙක්ම වූහ. බී.ඒ. සිරිවර්ධන, යූනූස් සහ සිරිලාල් කොඩිකාර ඔවුන් අතරින් ප්‍රධානය. ලාල් මහත්තයාගේ සමුගැනීමත් සමඟ ඇත්තේ පැරණි ඇත්තන් සියල්ලන්ම වාගේ දැයෙන් සමුගෙන අවසන්ය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා ගෙ වියමනකි. මුනු පොතෙන්.
A day in the life
2025-06-18
කැපවීම අගයන්න..
මෙන්න මේන් එක පාරටම මිනිහෙක් හොයන් ,ඒ මිනිහත් එක්ක තනියම ජීවත් වෙන්න යන්න හදනවා ,මම තමයි එයාට ඉන්න එකම ළමයා ,මමත් බැඳලා මටත් අවුරුදු එක හමාරක බබෙක් ඉන්නවා ,අපි දෙන්නම ඔෆිස් ගියාම ළමයා බලන්නෙ අම්මා ,මෙච්චර කල් මේ ළමයා බලාගෙන ගෙදර වැඩ කරන් පාඩුවේ හිටියා ,මේ ලඟදි ඉඳල තමයි මේ වෙනස ,අනේ මිස් මේ අපේ අම්මට උපදෙසක් දෙන්නකෝ ??
මගෙ මහත්තයා මැරෙනකොට මට වයස විසි නමයයි ,දුවට අවුරුදු දෙකයි ,එදා ඉඳන් මගෙ මුළු ජීවිතේම වුනෙ මගෙ දුව ,රස්සාවත් කරගෙන දරුවා ලොකු කරලා විශ්ව විද්‍යාලේ යනකම් උගන්නලා බලද්දී දන්නෙම නැතුව මන් වයසට ගිහින් ,
ඒ කාලෙ මට කසාදයක් ගැන හිතන්න වෙලාවකවත් වුවමනාවක්වත් තිබ්බෙ නැහැ ,කොහොමහරි දුව හොඳට ඉගන ගත්තා ලොකු රස්සාවක් කරනවා ,දැන් දුව බැඳලා ..එයාල බොහොම සතුටෙන් ඉන්නවා ..
ඔය අතරෙ ගිය අවුරුද්දේ මන් දඹදිව වන්දනාවෙ ගියා ,ඒ යද්දී තමයි එයාව මට හම්බුනේ ,එයත් නෝනා මැරුණ මනුස්සයෙක් ..
එයාගෙ පුතා ඉන්නෙ එංගලන්තේ ,ඒ දරුවත් මේක දන්නවා .
මට මගෙ ජීවිතේ අවුරුදු විසි පහක් හන්ගන් හිටපු මගෙ කථා ඔහේ කියව කියව ඉන්න ,ජීවිතේ ගැන කථා කරන්න හමබුනේ ඒ මනුස්සයා එක්ක ,
ඒක මට පුදුම සහනයක් ,මට ජීවත් වෙන්න පුංචි හරි ආසාවක් ආවෙ ඒ නිසා ..
ඒ මනුස්සයත් තනියෙන් ඉන්න කෙනෙක් ,
මම එපා කියද්දීම ඒ මනුස්සයා කෙලින්ම ගෙදරටම ඇවිත් අපේ දුව එක්කම මේ ගැන කථා කලා ,
ඒ දවසෙ ඉඳල දුව හොඳටම වෙනස් වුනා ,
මාව ඇහැට පේන්න බැරි තරමටම එපා වෙලා බනිනවා මට පිස්සු කියලා ,
සමහර විට මට පිස්සු ඇති ,බැඳලා අවුරුදු තුනෙන් මහත්තයා මැරිලා ජීවිතේම තනියම හිටපු ගෑනියෙකුට මැරෙන්න ඔන්න මෙන්න කියලා හරි පොඩ්ඩක් ජීවත් වෙන්න හිතෙන එක පිස්සූ වැඩක් වෙන්න ඇති මිස් ,
මම වැරදි ඇති මිස් ,අනේ දුවට කියන්න මට සමාව දෙන්න කියලා !!!
ඒ අම්මා එහෙම කිව්වා ..
ඒ කිව්ව ටික ඇතුලෙ නොකිව්ව බොහෝ දේ තිබුනා
රහස්‍යභාවය රැකෙන විදිහට එහෙ මෙහෙ කරලා මේ කථාව ඔයාට ලියන්නෙ අන්න ඒ නිසා ..
මම නිතරම දරුවන්ගෙ පැත්තෙ හිටගන්න කෙනෙක් ,
හැබැයි මෙතන කථාව වෙනස් ..
යාවත්කාලීන වෙලා කන්න බොන්න දීලා උගන්වලා නිසි වයසේදී දෙමව්පියෝ දරුවන්ව අත ඇරලා දරුවන්ගෙ ජීවිත නිදහස් කරන්න ඕනෙ වගේම ඕකෙ අනිත් පැත්තත් එහෙම්මම වෙන්න ඕනෙ නේද ?
ඒ කියන්නෙ දරුවො දෙමව්පියෝ ගැන හිතන විදිහත් අද කාලෙට ගැලපෙන විදිහට වෙනස් වෙන්න ඕනෙ ,යාවත්කාලීන වෙන්න ඕනෙ කියන එක !
ගෙදරින් කාලා ඉගනගෙන රස්සාවල් කරලා බැඳලා තමන්ට ඕනෙ නිසා ළමයි හදලා ඊට පස්සෙ තමන්ගෙ වයසක අම්මා තාත්තා තමන්ගෙ ළමයින්වත් ලොකු කරන්න ඕනෙ කියල හිතනවනම් ඒක අමානුශිකයි , තමන් හදපු දරුවො තමන් බලාගෙන වැඩිහිටි දෙමව්පියන්ව එයාලගෙ නිදහසේ ඒ කාලය ගත කරන්න දෙන්න ඕනෙ
කැමැත්තෙන්ම හරි දරුවන්ට බැහැ කියන්න බැරි කමට හරි වයසක අම්මලා මුණුබුරෝ ලොකු කරනවා ඇති ,හැබැයි ඒ මිනිස්සුන්ට වයසට ගිහින් හරි නිදහසක් දෙන එක තමයි දරුවන්ගෙ යුතුකම ,
ඒ වගේම ගෑනියෙක්ට මිනිහෙක් ඕනෙ ලිංගිකව සතුටු වෙන්න විතරමයි ,ගෑනියෙක් මිනිහෙක් අතර තියෙන්න පුළුවන් ලිංගික සම්බන්ධකම් විතරමයි කියල හිතනවනම් ඒකත් හෙනම ප්‍රාථමිකයි .
වයසට ගියාම මිනිස්සුන්ට කසාදයක් බඳින එක වැරද්දක් කියල හිතන එක ,වයසකින් පස්සේ මිනිස්සුන්ට බැඳීම් ඇති වෙන්න බැහැ කියල උපකල්පනය කරන එක ඊටත් වඩා ගෝත්‍රිකයි .
අනික ,වයස ගියා කියන්නෙ මිනිස්සුන්ගෙ හැඟීම් දැනීම් සම්පුර්ණයෙන්ම නැති වෙලා යනවා කියන එක නෙමෙයි ,
ඔයාට අම්මා තාත්තා උනාට ඒ මිනිස්සුන්ටත් වෙනම ජීවිතයක් තියනවා ,ඒ ජීවිතේ ඇතුලෙ අම්මා තාත්තා කියන චරිත වගේම තව තව චරිත තියනවා ,ආසාවල් තියනවා ,බැඳීම් තියනවා ,වගේම ඔයාලට වගේම ජීවිතේ අත අරුණු මග අරුණු හීන එහෙමත් තියෙන්න පුළුවන් ..
සමහර මිනිස්සු ජීවිතේම දුක විතරක්ම විඳිනවා
සැපක් සැනසීමක් දකින්නේවත් නැතුව වයසට යනවා
මැරෙන්න මොහොතකට කලින් හරි එහෙම මිනිහෙක්ගෙ ජීවිතේකටත් තමන් ආස සතුට විඳින්න අයිතියක් තියනවා ..
ඒ මිනිස්සු දෙමව්පියෝ උනා කියල ඒ අයිතිය සම්පුර්ණයෙන් අහිමි කරවීම මානුෂීය නැහැ ..
ඒක ලෝක ලැජ්ජාවක් කියල හිතෙනවනම් ඒ ලැජ්ජා කරන්න හදන මිනිස්සුන්ට උත්තර දීලා ඒ වෙනුවෙන් පෙනී ඉඳල තමන්ගෙ මිනිස්සුන්ගෙ ගෞරවය රකින එක තමයී නියම මනුස්ස කම ,
ඒක තමයි තමන්ගෙ කම ..
අනික මිනිස්සු ලැජ්ජා වෙන්නෙ ඕනෙ බය වෙන්න ඕනෙ වැරදි වැඩ කරන්න මිසක් ,සැනසීමෙන් ඉන්න නෙමෙයි ..
මිනිස්සු වයසට යනවා කියන්නෙ හැඟීම් මැරෙනවා කියන එක නෙමෙයි ..
ඔයා ඒ දුව නොවී ඒ අම්මා වෙලා එක සැරයක් හිතලා බලන්න ,
ඒ ගැහැණිය ආපු පාරෙ නිකමට ටික දුරක් හිතින් ඇවිදලා බලන්න ..
එතකොට තේරෙයි ..
අනිශා ජයකොඩි

Anisha Jayakody
(Psychological counsellor )
.jpg)









.webp)









