ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2025-06-22

දෙල් නොකරගන - දෙල් කන්න.




දෙල් කන්න කවුද අකැමැති?

විවිධ රසට විවිධ ක්‍රමයට පිසිය හැකි දෙල් වාරේ ඔන්න අැවිත්. ඒත් ඉතින් දෙල් ගැන සිහිපත් කරනකොටම සමහරුන්ගෙ මූණු දෙල් වෙනවා. කන්න කැමැත්තක් තිබුණත් දෙල් සැර උෂ්ණ අධික කෑමක්නේ කියලා පැත්තකට වෙන අයත් ඉන්නවා. ඒ කොහොම වුණත් සැර වැඩි දෙලේ සැර බාල කරලා ගුණ විතරක් අදාළ කර ගැනීමේ අපූරු හැකියාවක් අපේ අත්තම්මලාට තිබුණා. අත් බෙහෙතක් ලෙස භාවිත නොවුණත්, දෙලේ ගුණ හඳුනාගෙන එය නැණවත්ව පරිහරණයට අත්තම්මලාගේ තිබූ ඒ හැකියාව ඔබ සමඟ බෙදා ගන්නයි මේ සූදානම.

කොතරම් සැරයි කීවත් රසය නිසා දෙලට ඇතිවන ඇල්ම තහනම් පෙමට ලොල් වූවාක් මෙන් යැයි කිවොත් නිවැරදියි. ඇබ්බැහිවීම තවත් වැඩි වන ලෙස රසවත්ව දෙල් සැකසීමට අපේ ගෘහණියන්ට තිබෙන්නේ අපූරු හැකියාවක්. අමු පොල් සහ කොච්චි සම්බෝලයක් සමඟ රසවත් උදේ ආහාරයක් වුණු දෙල් තවත් විටෙක කිරට මාළුවක් වී හෝ සුදුලූනු, ගම්මිරිස්, ඇඹරූ පොල් සමඟ මැල්ලුමක් වී දහවල් බත සැරසුණා. ඉදුණු දෙල් තෙලේ බැදී තේ වෙලාවට සැපයෙන රස කැවිල්ලක් සැකසුණු අතරවාරයේදී වැඩිවන දෙල් අව්වේ වේළී අවාරයේදී ගන්නට දුම් මැස්සේ මුට්ටියක තැන්පත් වුණා.

ගත වෙහෙසා දහදිය හෙලා වැඩ කළ ගොවියාට ගෙනගිය කයිදම් බතේ ද, සාංඝික හෝ දේව දානයටද වාරයේදී දෙල් වැරදුණේ නැතිතරම්.දෙල්වල ඇති ගුණ ප්‍රමාණය ඔබ ඇත්ත වශයෙන්ම දන්නවා නම් ගෙවත්තේ දෙල්, කඩයට විකුණා අර්තාපල් මිලදී නොගනීවි. ප්‍රධාන වශයෙන් ශක්තිය සපයන කාබෝහයිඩ්රේට් අඩංගු වුවද සෝයාවලටත් වඩා ප්‍රෝටීන් වැඩිපුර අඩංගු පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, කොපර් වැනි තවත් ලවණ වර්ග රාශියක් ද, විටමින් A, C, E සහ K අඩංගු දෙල් පවුලකට අවශ්‍ය සියලුම පෝෂක ද්‍රව්‍ය සපයා දෙන ආහාරයක්. දෙල් කෝප්පයක ඇති පොටෑසියම් ප්‍රමාණය කෙසෙල් ගෙඩි තුනක ඇති පොටෑසියම් ප්‍රමාණයට සමාන ‍ෙවනවා.

කොස්වලටත් වඩා ශාකමය තන්තු අඩංගු දෙල් අාහාර මාර්ගයේදී කොලෙස්ටරෝල් රුධිරයට අවශෝෂණය කිරීම වළක්වා රුධිර පීඩනය පාලනය කරන අතරම, අන්ත්‍රාවල ඇතිවන පිළිකා වළක්වා ගැනීමට උපකාරී වෙනවා. පොටෑසියම් හෘද ස්පන්දනය සාමාන්‍ය පරිදි පවත්වාගෙන රුධිර පීඩනය සාමාන්‍ය ලෙස පවත්වා ගැනීමට වෙනත් ආකාරයකින් බලපාන නිසා දෙල් ඔබේ හදවත රැකබලා ගැනීමට දායක වන අගනා ආහාරයක්. විටමින් සහ ලවණ වර්ග බහුල දෙල් ශරීරයේ රෝගවලට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තිය වර්ධනය කරනවා. අාහාර මනා ලෙස දිරවීමේ හැකියාවක් ඇති දෙල් ජීර්ණ මාර්ගයෙන් වැඩිපුර ඇති සීනි රුධිරයට අවශෝෂණය කර ගැනීම වැළකීමෙන් දියවැඩියාව පාලනය කිරීමට සහ වැළැක්වීමට හැකි ආහාරයක්.

සෝයාවලටත් වඩා ඇමයිනෝ අම්ල (ප්‍රෝටීන ) අඩංගු වෙනවා මෙන්ම මුහුදු මාළුන්ගෙන් අපට ලැබෙන ඔමේගා 3 සහ 6 යන මේද වර්ග බහුලව අඩංගු දෙල්, මස්, මාළු නොකන අයට අවශ්‍ය සියලු පෝෂක ලබා දෙන අමිල එළවළුවක්. සම ආරක්ෂා කරන ප්‍රති ධූලකයක් ලෙස ක්‍රියාකරයි. එමඟින් සම ආවරණය කර හිරු රශ්මියෙන් සමට වන හානිය වළකා ඉක්මනින් සම ප්‍රතිසංස්කරණය කරන්නත් දෙල්වලට පුළුවන්. ඔමේගා 3 සහ 6 මේද වර්ග හිසකෙස්වලට ඉතා හිතකරයි. මේ හේතුව නිසා හිස කෙස් වර්ධනය පවත්වා ගැනීමටත් ඉස්සොරි වළක්වා ගැනීමටත්, හිසකෙස් ප්‍රතිසංස්කරණය කිරීමටත් දෙල් උදව් වෙනවා.

පැසිපික් දූපත්වල මුල් සම්භවය ඇතැයි පවසන දෙල්, ලොව පුරා බොහෝ ජාතීන්ට ශක්තිය, සපයන මහත් ගුණ ඇති ආහාරයක්. ලොව පුරා දෙල් වර්ග සියයකට අධික ප්‍රමාණයක් ඇති බව කියවෙනවා. වසර තුන්දාහකට පමණ පෙර සිට භාවිත වුණු බවට සාක්ෂි ඇති දෙල්වල ජන්ම භූමිය ලෙස සැලකෙන්නේ නිව්ගිනීයා දේශයයි.

දේශගවේෂකයන් ඔස්සේ පැසිපික් සාගරය හරහා ලොව පුරා පැතිරුණු බවට විශ්වාස කෙරෙන මේ දෙල් අප්‍රිකානු රටවලදී ආහාරයට ගැනෙන්නේ අපට බත් මෙන් ප්‍රධාන වශයෙන් ශක්තිය සැපයෙන ආහාරයක් ලෙසින්. ඔවුන් දෙල් ළිපේ පුලුස්සා, පිටි කර හෝ බෙරි වන්නට තම්බා හෝ එළවළු සමඟ ස්ටු ආකාරයට පිළියෙළ කර ආහාරයට ගන්නේ අපට වඩා වෙනස්ම ආකාරයන්ට.

ගෝලීයකරණයත් සමඟ යුරෝපය සහ අමෙරිකාව වැනි රටවල සුදු ජාතින් දක්වා විහිදුණු මේ අනර්ඝ ආහාරය ඔවුන් ආහාරයට ගන්නේ බාබකිව් ක්‍රමයට හෝ උඳුනේ පුලුස්සා ගැනීමෙන්.

ලංකාවට දෙල් මුලින්ම හඳුන්වා දී ඇත්තේ පෘතුග්‍රීසි පාලනය කාලයේ. නමුත් ඒ අපිට ඇති ආදරේට එහෙම නොවෙයි. එහි ඇති සැර මඟින් සිංහලයාගේ ශක්තිය දුර්වල කිරීමේ උපක්‍රමයක් ලෙස. නමුත් ලන්දේසියාට වඩා වෙද හෙදකමින් ඉතා ඉදිරියෙන් සිටි අපේ අත්ත මුත්තලා දෙලේ සැර පොළෙන් මකා දමා දෙලේ ශක්තිය උපයෝගී කරන් උන්ට ආපහු බැට දෙන්ට සමත් වුණාලු. අද වගේ බටහිරෙන් ගේන හැම බෝලයක්ම ගෙඩිය පිටින් නොගිලපු ඔවුන් දෙල් බෝලෙන් උන්ටම බැට දීපු හැටි ඒ. ලන්දේසින් ගෙනත් සිටුවපු මුල්ම දෙල් පැළයේ ශාඛාවක් ගාල්ල කොටුව උසාවිය ළඟ අදටත් තිබෙන බවයි කියවෙන්නේ.

දෙල් සැර ද ?

මෙතරම් ගුණදායී දෙල් අපේ රටේ බොහෝ දෙනෙකු ආහාරයට නොගන්නේ එහි ඇති උෂ්ණාධික බව ගැන කියමින්. විද්‍යාත්මක වශයෙන් දෙල්වල මෙවැනි විසක් ඇති බව සොයාගත් බවට පොත් පත්වල සඳහන් වෙන්නේ නැහැ.

රසායනාගාර පර්යේෂණ සෑම එකකින්ම විදහා දක්වන්නේ එහි ඇති ගුණ පමණයි. ඔවුන් පවසන්නේ ඕනෑම ආහාරයකට අසාත්මිකතා ඇතිවන අයුරින් දෙල්වලටත් ඉඳහිට කෙනෙකුට අසාත්මිකතා පෙන්විය හැකි බවයි. උදාහරණයක් ලෙස පෙනිසිලින් ආසාත්මිකතාව. කලාතුරකින් කෙනෙකු දකිනවා වගේ දෙල් අසාත්මිකතාව කෙනෙකුට ඇතිවන්න පුළුවන්.

ලවණ වර්ග ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ලැබුණු විට ශරීරයෙන් පිටවන ශ්‍රාවයන් ඔස්සේ ඒ වැඩිපුර ලවණ පිට කර හැරීමේ ස්වාභාවික ක්‍රියාවලියක් තිබෙනවා. මේ විදිහට වැඩිපුර ලවණ වර්ග පිටවෙන්නේ කඳුළු, මූත්‍රා, කෙළ, සොටු වගේ ක්‍රමවලින්. ඒ විතරක් නෙමෙයි. මේ ලවණ අධිකකම නිසා ඇතැම්විට ශ්‍රාවයන් පිටවන සුමට පටල වෙහෙසට පත් වෙනවා හෝ එවන් ලෝහ ලවණ අධික ආහාර වර්ග ගැනීමෙන් පසු ඇස්වලින් කබ පිටවීම, මූත්‍රා දැවිල්ල වැනි ඌෂ්ණාධික යැයි සම්මත ලක්ෂණ මතුවන්නේ මේ නිසයි.

නමුත් ශරීරය ශෝධනය කිරීම පහසු වන ආහාරයක් මේ සමඟ එකට ගැනීමෙන් මේ තත්ත්වය සමතුලනය කරගෙන ගුණ පමණක් ශරීරයට ඇතුළුකර ගන්නට පුළුවන්. උදාහරණයකට කතුරුමුරුංගා, සාරණ, නිවිති තම්පලා වගේ කොළ එළවළුවක් ගන්න පුළුවන්.

අපේ අත්තම්මලා මේ ප්‍රශ්නයට පිළියම් යෙදුවේ කෙසේදැයි බැලීම වැදගත්. තහංචි නැතිව සැර මකා රස ගුණ මතු කරගෙන අසල්වැසියන් සමඟ දෙල් බෙදාහදාගෙන කෑ අයුරුයි මේ.

අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

උපුටාගැනීමකි
මුල් හිමිකරුට තුති..
ඉදිරිපත් කිරීම
දිවියට දිරියක් With Nilanthi
මුණු පොතට
Devika Herath SaheliA day in the life

2025-06-21

හත්දා මගුල්


හත්දා මගුල් කනවා කිව්වට
ඒ මඟුල් මොනවද කියලා හරියටම දැනන් හිටියෙ නැහැනෙ.
ඔන්න මේ ලිපියෙන් දැනගමු ඒ තොරතුරු .

1 - නැකත් භාර කරවීමේ මගුල,

මනාල පාර්ශ්වය විසින් මඟුල් තුලාව සඳහා නැකත් සෑදූ පසු ඒවා මනාලියගේ පාර්ශ්වයට ගෙන ගොස් භාර දීම උත්සවාකාරයෙන් සිදු කරයි එය පළමු දින මගුලය.




2 - මගුල් කීමේ මංගල්‍යය,

මංගලෝත්සවයට ආරාධනා කිරීම සඳහා දෙපාර්ශ්වයේ මාමාවරුන් ගේ නිවෙසට යන දෙපිරිස සඳහා එම මාමාවරුන්ගේ නිවස් වල ආහාරපාන සහිතව උත්සවාකාරයෙන් සූදානමක් කරයි.
එය දෙවැනි දින මගුලයි.

3 - තෑගි දෙන මගුල,

මනාල පාර්ශ්වය විසින් මඟුලට උවමනා යම් යම් දේ මනාලියගේ දෙමව්පියන්ට සහෝදරයන්ට සහ මනාලියට උත්සවාකාරයෙන් ගෙන ගොස් භාර දෙයි එය තෑගි දෙන මගුල නොහොත් කත් තියන මගුල ලෙස කියති.





4 - පෝරුවේ නඟින මගුල,

චාරිත්‍ර වාරිත්‍ර ඉටු කළ නීත්‍යානුකූලව විවාහය සිදුවී පෝරු මස්තකාරූඪ වන්නේ මෙම දිනයේදී..මනාලියගේ පාර්ශව වෙත මනාල පාර්ශ්වය පැමිණීම මෙහිදී සිදුවේ.

5 - මහා මගුල නැතහොත් මහ ගමන යෑම,

මනාලියට දිය යුතු තෑගිබෝග දෑවැදි සහිතව දීග විවාහයකදී මනාලියගේ පාර්ශවය මනාල නිවසට උත්සවාකාරයෙන් පැමිණේ.

6 - දංකුඩ ගෙන යාමේ මගුල,

දිනකට පසුව මනාලියගේ සමීප ඥාතීන් අතහැරුනු මගහැරුණු තෑගි බෝග රැගෙන මනාලයා සහ මනාලිය ජීවත්වන නිවසට ගොස් සතුටු සාමීචි කර පැමිණේ මෙම මඟුලට දෙමව්පියන් සම්බන්ධ නොවේ බොහෝවිට තරුණ සහෝදර- සහෝදරියන් යහළුවන් විසින් යයි .
අදටත් දකුණු පළාතේ ඇත.

7, ඉසි දිය මගුල,

ලිප ගිනි තියන මගුල මේ දෙකම හෝ එකක් භාවිතවේ.

මූලාශ්‍රය නම් ජනශ්‍රැතිය වේ...

අදටත් පැරණි ජෝතිෂ්‍යවේදීන් මේ සත් දින මගුල් සදහා නැකත් සාදවා දෙයි,මෙම සද් දිනයටම කිරිබත් සෑදීම කැවුම් සෑදීම පහතරට වෙරළ බඩ නම් මාළු ඇඹුල්තියල් කිරීම වැනි මංගල සම්මත යැයි කරුණු කරයි..

හෙළ සිරිතට අකුරටම දෙමාපියන් ඥාතීන් ගේ කැමැත්ත පිට ගෞරවාන්විතව මංගල්‍යය කරනවා කියන එක තමයි හත් දවසක් මගුල් කනව කියන්නෙ
.












A day in the life

2025-06-20

අදු - Eryngium femidom L.




• 
නම: අඳු

• විද්‍යාත්මක නම: Eryngium femidom L.

• පවුල: APIACEAE.

• සමාන පද: අඳු
• ඉංග්‍රීසි නම: Common Sweet Basil
• දෙමළ නම: අප්රකටය.
• සංස්කෘත නම: අජ්ජක, අර්ජක
• භාවිතා කළ හැකි කොටස් : සම්පූර්ණ පැළෑටිය ම
• උප විශේෂ: E. foetidum
• දෝෂ කර්ම: කඵ වාත ශාමකයි.
• ගුණ කර්ම:
රස - මධුර, කෂාය ගුණ - ලඝු, ස්නිග්ධ වීර්යය - උෂ්ණ විපාක - මධුර

• රසායනික ගුණ:
Tanin , Saponin, Caffeic acid, Flavonoids. කැල්සියම්, යකඩ, කැරොටින් සහ රයිබොෆ්ලැවින් අඩංගු වෙයි.


• චිකිත්සක භාවිතයන්:

අතීසාර, සර්ප දෂ්ඨ, ක්‍රිමි රෝග. පිළිස්සුම් තුවාල, කන් රෝග, උණ රෝග, අධික රුධිර පීඩනය, මල බද්ධය, ඇදුම, බඩේ රුදාව වැනි රෝගවලට මෙන්ම පනු රෝගවලට, සර්ප දෂ්ඨවලට පාචනය හා මැලේරියාව වැනි රෝගවලට භාවිතා කරයි. මීට අමතරව අපස්මාරයට, වමනයට, හිසරදයට, ආතරයිටීස් හා ගෝනුසු විෂට ද ඉතා හොඳ ඖෂධයකි. අඳුකොළ පැළෑටිය වේදනා නාශක ගුණයෙන් හා ආත්මය සංසුන් කරවන ගුණයෙන් ද යුත් දිව්‍යමය පැළෑටියකි.

• වෙනත් භාවිතයන්

: මදක් දුර්ගන්ධයක් සහිත නිසා සර්පයන් එලවීම සඳහා ලංකාවේ භාවිතා කරන මෙම ශාකය ඖෂධීය වටිනාකමක් සහිත ශාකයකි. ආහාරමය වටිනාකමක් පවති. අඳුකොළ නාගයින් අකමැති දෙයක් ලෙස අතීතයේ සිටම පැවත එන්නකි. ‘නයාට අඳුකොළ වැනිය’ යන කියමන පටබැදුනේ ද එනිසාය. නමුත් නාගයා අඳුකොළ උඩ දරන ගසා සිටිනු දැකිය හැක. නයා අකමැති වන්නේ අඳුකොළ පොඩි වූ විටය. අඳුකොළ පොඩි වූ විට එයින් නිකුත් වන සුවඳට නාගයින් අකමැතිය. එනිසා අඳුකොළ පොඩිකර නයි සිටින ස්ථානවලට දැමීමෙන් නයින් පලවා හැරිය හැක. නයි මුගටි සටනින් පසුව මුගටියා අඳුකොළ කා විස නසා ගන්නා බවද පුරාන පොත පතේ සඳහන් වේ.

• ව්‍යප්ත වී ඇති ප්‍රදේශ:

ලංකාව, ඉන්දියාව නේපාලය ඇතුළු බටහිර ඉන්දීය කොදෙව්හි, විශේෂයෙන් කැරිබියානු සහ කොරියාවේ බහුලව භාවිතා වේ

• වෙනත් භාවිතයන්:

උද්‍යාන අලංකරණයේදී, විදේශීය රටවල් වල ඉහළ ඉල්ලුමක් සහිත ශාකයක ලෙස දැක්විය හැක. කොළ සඳහා ඇමරිකා එක්සත් ජනපදයට විශාල ඉල්ලුමක් ඇති අතර විවිධ සුපිරි වෙළඳපොලවල පවා විකුණනු ලැබේ.

• වෙනත් රටවල භාවිතයන්: තායිලන්තය , මැලේසියාව සහ සිංගප්පූරුව යන රටවල ඉතා ජනප්‍රිය වන අතර මෙම රටවල වෙසෙන ජනතාව එය සලාද, සුප් සහ වෙනත් මස් නිෂ්පාදනවල රසකාරකයක් ලෙස භාවිතා කරයි. මස් මාංශ සහ අනෙකුත් ආහාර රස ගැන්වීම සඳහා රසකාරකයක් ලෙස භාවිතා කරයි. එය චට්නි, මස් කෑම, සෝස්, කල් තබා ගැනීම සහ සුලු කෑම වල කුළුබඩුවක් ලෙසත් භාවිතා කරයි.

• වෙනත් විස්තර:

පඳුරු වශයෙන් සෑදෙන පැළෑටියකි. උස සෙ.මී. 20-80 ක් පමණ වේ. පත්‍රය ඉලිප්සාකාර වන අතර පත්‍ර දාරය දැති සහිත අක්‍රමවත් ය. පත්‍රයේ මැද නාරටිය පැහැදිලි ය. පත්‍ර නාරටියේ පැහැය අනුව ළා කොළ පැහැති හා දුඹුරු පැහැති වශයෙන් ප්‍රභේද දෙකකි. පත්‍රය සෙ.මී. 3-5 පමණ වේ. පත්‍ර තලය දිලිසෙන සුළු ය. පත්‍රයේ සගන්ධ තෙල් සහිත ග්‍රන්ථි වලින් යුක්ත වේ. පුෂ්ප මංජරියකි. සුදු පැහැති ය. ඵලය ස්ඵෝටකයකි. කුඩා ය. පොකුරක් ලෙස සැකසී ඇත.

• වෙනත් වගතුග: ලංකාවේ ජනප්‍රිය නැති උනත්, වියට්නාමයේ "කොත්තමල්ලි කොල" නැත්නම් "මෙක්සිකන් කොත්තමල්ලි" (Mexican Coriander) කොල කියන්නේ මේ අඳු කොල වලට කිව්වොත් ඔබ පුදුම වෙයි. ඇමරිකාවේ විශේෂයෙන් කැලිෆෝනියාවේ අවන්හල් වල කොත්තමල්ලි වෙනුවට ආදේශකයක් විදිහට මේ අඳු කොල භාවිතා කරන බවත් අන්තර්ජාලයේ සඳහන්. ඒ වගේම අපිට නොවටින මේ "අඳු කොල" වියට්නාමය විශාල වශයෙන් වගා කොට ඇමරිකාවට අපනයනය කර විශාල ආදායමක් උපයා ගන්නවා

• අඳු වලින් සාදන කෑම:

• අඳු කොල මිශ්‍ර ගොටුකොල සම්බෝලය

සිහින්ව ලියාගත් ගොටුකොල හා අඳු කොල වලට පොල්, ලියාගත් රතු ලූණු, අමුමිරිස්, තක්කාලි, පදමට ලුනු හා දෙහි ඇඹුල් යහමින් එකතු කර පොඩි නොවන සේ අතින් මිශ්‍ර කර කෑමට ගන්න. (අවශ්‍යය නම් උම්බලකඩ කුඩුද එකතු කර ගන්න පුලුවන්). නැවුම් කොල වර්ග කෑමට ගැනීමට ලං වෙලා හදා ගන්නවා නම් තමයි රස. ගොටුකොළ නැතුව උනත් මේ අඳු කොල ලූණු තක්කාලි දාලා සලාදයක් වගේ උනත් කන්න පුලුවන්.

මූලාශ්‍ර පොත පතින් සහ අන්තර්ජාලයෙන්.

උපුටා ගැනීමකි

ප.ලි .
හැකිනම් මෙහි වෛද්‍ය විද්‍යාත්මකව හෝ ආයුර්වේද ක්‍රමය අනුව මේ ගැන දන්න අයද මේ ගූණ ගැන ලියන්න. භාවිතයට ගන්න විට ඔබ දන්න අයගෙන් ද විමසා සිටින්න

2025-06-19

සිරිලාල් කොඩිකාරයන්.








දියවැලක් ඔස්සේ ගසා ගෙන ආ රංචාගොඩ ළමයා

මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකු වූ සිරිලාල් කොඩිකාර මහතා 97 වසරක දිවිසැරිය 2021නොවැම්බර් 19දා අවසන් කළේය. සම්ප්‍රදායේ ගැලී නොසිට ඉන් බැහැර මාධ්‍ය කලාවක් හඳුන්වා දීමට පුරෝගාමී වූ ඔහු බය නැති පත්තරකාරයෙක් විය. යොවුන් වියේ සිටම “ඇත්ත” පුවත්පත කියවීමට අප පෙළඹුණේ මෙරට දේශපාලන කරළියේ යථා ස්වභාවය දෙස උපහාසාත්මකව බලා ලියවුණු එම පුවත්පතේ කතුවරයා වූ බී.ඒ. සිරිවර්ධනයන්ගේ කතුවැකිය නිසාය. ඇත්ත පුවත්පතේ අප මුලින්ම බැලුවේ යූනූස්ගේ කාටුනයයි. ඉන්පසු “රංචාගොඩ ළමයා”ගේ කවි පන්තියයි. ගැදි පැදි දෙකම මුසු වූ බස් ආරකින් ලියවුණු එම කොලම වදින තැනට වදින්නට ලියවුණක් විය. පසුකාලයේ එම පුවත්පතේම “කෝසල සිහින” නමින් තවත් කොලමක් විය. එය එවක සිටි එක්තරා රාජ්‍ය නායකයකුගේ ක්‍රියා කලාපය අරභයා ලියවුණක් විය. රංචාගොඩ ළමයාත්, කෝසල සිහිනත් ලියුවේ ලාල් මහත්තයා ලෙස අප හැඳින්වූ සිරිලාල් කොඩිකාරයන්ය.

සිරිලාල් කොඩිකාර 1924 අගෝස්තු 27 වැනිදා උපත ලැබුවේ තලාතුඔයදීය. ඔහුගේ පියා වඩුකාර්මිකයකු වූ අතර මව ගෘහණියක වූවාය. ළමා වියේ මවගේ අභාවයත් සමඟ ඔහුගේ පාසල් ගමන ඇණහිටියේය. පසුව ඔහු පිරිවෙන් ඇසුරින් තම අධ්‍යාපනය ගොඩනංවා ගත්තේය. ඔහුගේ හඳහන බැලූ කොග්ගල පඤ්ඤාරතන හිමියෝ ඔහු තම පන්සලේ නවතාගෙන සංස්කෘත හා වෙදකම ඉගැන්නූහ.

ඔහු සාහිත්‍යයට බෙහෙවින් ඇලුම් කළේය. එම ඇල්ම හේතුවෙන් කොග්ගල හිමියන්ගෙන් කවි පබැඳුම් කලාවද උගත්තේය. කවි ලියූ ඔහු වැලිගම කවි මඩුවල කවි කියන්නටද ගියේය. ඔහු තුළ වාමාශික හැඟීම් පුබුදු වූයේ ධර්මසිරි කාරියවසම් නමැති මිතුරකුගේ ඇසුර නිසාය. ධර්මසිරි ඔහුට වාමාංශික දේශපාලනය ගැන කියා දුන්නේය. ඔහු කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වූයේ මේ කාලයේය. 1947දී ප්‍රාචීණ ප්‍රාරම්භ විභාගයට පෙනී සිටි සිරිලාල් කොඩිකාරට මුද්‍රණ වැඩ ඉගෙන ගන්නැයි පැවසූ කොග්ගල හාමුදුරුවෝ කොළඹ මාලිගාකන්දේ චන්ද්‍රසේන පොත් සාප්පුවේ සහ මුද්‍රණාලයේ වැඩ ඉගෙනීමට එහි යැව්වේය.

මුද්‍රණාලයේ වැඩ ඉගෙන ගන්නා අතරම ඔහු පුවත්පත්වලට කවි ලිව්වේය. ඔහුගේ සාහිත්‍ය දිවියේ ආරම්භය සනිටුහන් වූයේ “නව ලෝකය” සඟරාවට ලියූ කවි පෙළත් සමඟිනි. 1948 දී සිංහල ජාතිය පුවත්පතට සම්බන්ධ වූ සිරිලාල් කොඩිකාර පත්තර කලාවේ හැම දෙයක්ම කළේය. අකුරු ඇමිණුවේත්, සෝදුපත් බැලුවේත්, කොපි ලිව්වේත් කොඩිකාරය. එතැන් සිට දිවි ගමන අවසන් වන තෙක්ම ලියවිල්ල නැවැත්වූයේ නැත. වෙදකම යම් තරමකට හදාරා තිබුණද ප්‍රාචීණ ප්‍රාරම්භ විභාගය සමත් වූ පසු යළි ආයුර්වේදය හදාරන්නට ඔහුට සිත් දුන්නේ නැත. එහෙයින් පුවත්පත් කලාව තම ආත්ම ප්‍රකාශනය බවට පත්කර ගත්තේය.

1954 වසරේ “සිංහල ජාතිය” පුවත්පත වැසී ගියේය. ඔහුගේ ඊළඟ නැවතුම වූයේ දවස කන්තෝරුවය. එහි වාර්තාකරුවකු ලෙස ඔහුට රැකියාවක් ලැබිණි. දවස පුවත්පතට ප්‍රවෘත්ති පමණක් නොව ලිපි හා කවිද ලිව්වේය. ඔහුගේ දක්ෂතා හඳුනාගත් ඩී.බී. ධනපාල මහතා ඔහු කර්තෘ මණ්ඩලයට බඳවා ගත්තේය. එවක පැවැති දේශපාලන හැලහැප්පීම් නිසා ඔහු දවස පුවත්පතින් ඉවත් විය. ඒ 1964 වසරයි. එච්.ජී.එස්. රත්නවීර “ඇත්ත” පුවත්පත ආරම්භ කළේ මේ කාලයේය. සිරිලාල් කොඩිකාර ඇත්තට එක්වූ මුල්ම සාමාජිකයන් සිව්දෙනාගෙන් අයෙක් විය. ජාඩියට මූඩිය සේ ඇත්තට සිරිලාල් ද සිරිලාල්ට ඇත්තද ගැලපුණේය. ඔහුගේ කවි කලාවට බෙහෙවින් බලපෑවේ රංචාගොඩ ළමයාගේ මෙම කවි බස් වහරය.

“මෙහෙව් රටේ රංචාගොඩ ඉපදීලා
රුහුණු රටට මා දීලා ඉලව්වේ
දෙමට පොතු කකා කටහම යන්නාවේ
හැම දෙවියනේ මගෙ වාහේ රකෝ රකෝ....”

එහෙයින් ඇය අනුගමනය කරමින් “රංචාගොඩ ළමයා” නමින් කාලීන දේශපාලන වාතාරවරණය දෙස උපහාසාත්මක ඇසින් ලියන්නට පටන් ගත්තේය. එළිසමයෙන් බැහැර වූ එම කවි සම්ප්‍රදාය පොදු ජනයා ආදරයෙන් වැළඳගත්හ. 1970 දසකයේ ගැසට් මගින් ආහාර මිල වැඩි කරන්නට එවක පැවැති ආණ්ඩුව කටයුතු කරද්දී සිරිලාල් කොඩිකාර ‘ගැටස් සංදේශය’ නමින් පද්‍ය විශේෂාංගයක් ආරම්භ කළේය.


සිංහල ලේඛක සංගමය පිහිටුවීමේ පුරෝගාමියකු වූයේද සිරිලාල් කොඩිකාරය. ඒ පිළිබඳ යෝජනාව කේ. ජයතිලක මහතා මුලින්ම සාකච්ඡා කළේ සිරිලාල් කොඩිකාර හා ඇම්.ඩී.ඇන්. ඔස්ටින් යන දෙපළ සමඟය. සිංහල ලේඛක සංගමයේ ලේකම්වරයා වූයේද සිරිලාල් කොඩිකාරය. මරදානේ ජයන්ත වීරසේකර මාවතට එම නම වැටුණේද සිරිලාල් කොඩිකාරගේ උනන්දුව නිසාය. ඒ පිළිබඳව ඔහු විසින් රචිත සිය චරිතාපදානය වන “දියවැලක් ඔස්සේ” කෘතියේ සඳහන්ය. අද මරදානේ ජයන්ත වීරසේකර මාවත ලෙසින් හැඳින්වෙන මාවත එදා හැඳින්වූයේ ඩ්‍රිබර්ග් ඇවනියු ලෙසිනි. සිංහල ලේඛක සංගමයේ රැස්වීමකදී මේ නම වෙනස් කොට අභාවප්‍රාප්ත ලේඛකයෙකුගේ නමක් යෙදිය යුතු යැයි සිරිලාල් කොඩිකාර යෝජනා කළේය. යෝජනාව ස්ථිර විය. එවක කොළඹ නගරාධිපතිවරයා වූයේ වී.ඒ. සුගතදාස මහතාය. ඔහුට මෙම යෝජනාව ඉදිරිපත් කළ විට ඔහු ඇසුවේ “කවුද ජයන්ත වීරසේකර කියන්නේ” කියාය. “ජයන්ත වීරසේකර මහත්තය තමයි ඩඩ්ලි සේනානායක මහත්තයටත් සිංහල උගන්නල තියෙන්නේ. ප්‍රසිද්ධ ලේඛකයෙක්.” සිරිලාල් නගරාධිපතිවරයාට කීවේය. අවසානයේ ඩ්‍රිබර්ග් ඇවනියු ජයන්ත වීරසේකර මාවත විය.


ඇත්ත පුවත්පත වැසීගිය පසු නිවෙසට වී සිටි කාලයේ ඔහු ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දෙසතිය සඟරාවට අපූරු ලිපිපෙළක් ලිවීය. රසවිඳුනාව නමින් පළ වූ එම ලිපි පෙළ ශ්‍රී ලංකාවේ දේශපාලන බල අරගලයේ අතීතය පිළිබඳ විමසා බැලීමකි. ස්වභාෂා සටන, ජනහඬ, ජාතිය, හෙට වැනි පුවත්පත්වලටද ඔහුගේ දායකත්වය හිමිවිය. හෙට පත්තරයට බයිලා විශේෂාංගයක් ලිව්වේද, විසිතුර පුවත්පතට නාට්‍ය කලාව පිළිබඳ විශේෂාංගයක් ලිව්වේද, ටිකිරි පුවත්පතට චීන ජනකතා සිංහලෙන් ලිව්වේද, ජාතිය පුවත්පතට “කෝසල රජුගේ අලුත් සිහින” විශේෂාංගය ලිව්වේද ඔහුය. පසුව එම විශේෂාංගය “කෝසල සිහින” නමින් ඇත්ත පුවත්පතට ආවේය. ඇත්තේ පළවූ “හත් හවුල් කයි මඩුව”ද ඔහුගේ විශේෂාංගයකි. පුවත්පතට පමණක් නොව ඔහු ගුවන් විදුලියටද නාට්‍ය පිටපත් රචනා කළේය. සමගි පෙරමුණු රජය සමයේ ගුවන් විදුලියේ නාට්‍ය අංශය බාරව සිටියේ සුගතපාල ද සිල්වාය. ඔහුගේ ඉල්ලීම අනුව සිරිලාල් කොඩිකාර ගුවන් විදුලි නාට්‍ය රචනා කළේය. එහෙත් ගුවන් විදුලියට පත්ව ආ එක්තරා දේශපාලනික චරිතයක බලපෑමෙන් නාට්‍ය ලිවීම නතර විය.


ඔහු මුලින්ම ලියු කෘතිය වූයේ “දුම්”ය. වැලිගම යන්ත්‍රාලයේ මුද්‍රණය කෙරුණු එම කෘතියේ අකුරු ඇමිණුවේද සිරිලාල්ය. ඇතුළු පිටු මුද්‍රණය කළද එහි පිටකවරය මුද්‍රණය කර ගත නොහැකි වූ බැවින් පොත එළියට ආවේ නැත. පසුව කොළඹ මාලිගාකන්ද පාරේ මුද්‍රණාලයකින් ඔහුට කවි පොතක් ලියන්නට ඇරියුමක් ලැබිණි. ඔහු කවි පොතක් ලියාගෙන ගොස් මුද්‍රණාල හිමිකරුට දුන්නේය. එහෙත් එය මුදලාලිට හරියන වර්ගයේ කවි පොතක් නොවීය. එහෙයින් කවිපොත මුද්‍රණය වූයේ නැත. ඉන් පසු නොබැසි සිරිලාල් කොඩිකාර එම කවි පොත තමාම මුද්‍රණය කළේය. 1960 දී ඔහුගේ පළමු කෘතිය ලෙස පළවූ එම කාව්‍ය සංග්‍රහය “නො නෙළු මල” විය.

මගේ සාක්කිය, කියමි සිහිකර, මහාවංස වීමංසන, දියවැලක් ඔස්සේ, ගහෙන් වැටුණු ගැහැනිය සහ තවත් අය, විශ්වය තුළ විශ්ව, මා දුටු කෝසල සිහිනය, ලෙයින් ලියූ කවි, රඟදෙන බයිලා, ටයර් සෑය ළඟ, මානස විල, කනේරු මල්, බකවත, කැලිස්ටාගෙ සවාරිය, වෙසඟනකගෙ ප්‍රේමය, නොරටුන්ගේ අන්තඃපුරය, නයිල් ගඟේ කෙස් ගහ වැනි ගද්‍ය හා පද්‍ය ඔහුගේ කෘතීන් අතර වේ. ප්‍රේමසිරි කේමදාසයන් නිර්මාණය කළ ‘මානස විල’ ඔපෙරාවට පාදක වූයේද ඔහුගේ රචනයකි. ඔහුගේ නිර්මාණ කිහිපයකට‍ පිට කවර නිර්මාණය කරන්නට මට අවස්ථාව ලැබිණි.

ඔහු තෙවරක් සෝවියට් රුසියාවට ගොස් තිබේ. ඒ කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සමිති සාමාජිකයෙක් ලෙසත්. පාක්ෂිකයකු ලෙස හා ලේඛකයකු ලෙසත්ය. ජාතික ඇඳුම ඇන්ද චාම්, සරල දිවියක් ගෙවූ සිරිලාල් කොඩිකාර සැහැල්ලුවෙන් ජීවත් වූවෙක් විය. මධුවිතටද බෙහෙවින් ඇළුම් කළේය. රාවය පුවත්පතේ විමලනාත් වීරරත්න සම්මුඛ සාකච්ඡාවකදී වරක් ඔහුගෙන් මෙලෙස ඇසුවේය.

“රුසියාවට ගිය අවස්ථාවල රුසියානු තරැණියන්ට හිත ගියේ නැද්ද? ”
“නැත්තෙ මොකෝ. හිත ගියා. ඒත් ඉතිං වොඩ්කාවලට ඊටත් වඩා මගෙ හිත ගියානෙ.” ඒ ඔහුගේ පිළිතුර විය.

ඇත්ත පුවත්පත ජනතාව අතරට ගෙන ගිය අය අතර සුවිශේෂී පුද්ගලයන් කිහිප දෙනෙක්ම වූහ. බී.ඒ. සිරිවර්ධන, යූනූස් සහ සිරිලාල් කොඩිකාර ඔවුන් අතරින් ප්‍රධානය. ලාල් මහත්තයාගේ සමුගැනීමත් සමඟ ඇත්තේ පැරණි ඇත්තන් සියල්ලන්ම වාගේ දැයෙන් සමුගෙන අවසන්ය.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා ගෙ වියමනකි. මුනු පොතෙන්.

A day in the life

2025-06-18

කැපවීම අගයන්න..




අපේ අම්මට මේ ලඟදි ඉඳල අමුතු ලෙඩක් හැදිලා ,
දැන් අවුරුදු හැටකටත් කිට්ටුයි ,

මෙන්න මේන් එක පාරටම මිනිහෙක් හොයන් ,ඒ මිනිහත් එක්ක තනියම ජීවත් වෙන්න යන්න හදනවා ,මම තමයි එයාට ඉන්න එකම ළමයා ,මමත් බැඳලා මටත් අවුරුදු එක හමාරක බබෙක් ඉන්නවා ,අපි දෙන්නම ඔෆිස් ගියාම ළමයා බලන්නෙ අම්මා ,මෙච්චර කල් මේ ළමයා බලාගෙන ගෙදර වැඩ කරන් පාඩුවේ හිටියා ,මේ ලඟදි ඉඳල තමයි මේ වෙනස ,අනේ මිස් මේ අපේ අම්මට උපදෙසක් දෙන්නකෝ ??

ඒ අම්මා 

මගෙ මහත්තයා මැරෙනකොට මට වයස විසි නමයයි ,දුවට අවුරුදු දෙකයි ,එදා ඉඳන් මගෙ මුළු ජීවිතේම වුනෙ මගෙ දුව ,රස්සාවත් කරගෙන දරුවා ලොකු කරලා විශ්ව විද්‍යාලේ යනකම් උගන්නලා බලද්දී දන්නෙම නැතුව මන් වයසට ගිහින් ,

ඒ කාලෙ මට කසාදයක් ගැන හිතන්න වෙලාවකවත් වුවමනාවක්වත් තිබ්බෙ නැහැ ,කොහොමහරි දුව හොඳට ඉගන ගත්තා ලොකු රස්සාවක් කරනවා ,දැන් දුව බැඳලා ..එයාල බොහොම සතුටෙන් ඉන්නවා ..
ඔය අතරෙ ගිය අවුරුද්දේ මන් දඹදිව වන්දනාවෙ ගියා ,ඒ යද්දී තමයි එයාව මට හම්බුනේ ,එයත් නෝනා මැරුණ මනුස්සයෙක් ..
එයාගෙ පුතා ඉන්නෙ එංගලන්තේ ,ඒ දරුවත් මේක දන්නවා .

මට මගෙ ජීවිතේ අවුරුදු විසි පහක් හන්ගන් හිටපු මගෙ කථා ඔහේ කියව කියව ඉන්න ,ජීවිතේ ගැන කථා කරන්න හමබුනේ ඒ මනුස්සයා එක්ක ,
ඒක මට පුදුම සහනයක් ,මට ජීවත් වෙන්න පුංචි හරි ආසාවක් ආවෙ ඒ නිසා ..
ඒ මනුස්සයත් තනියෙන් ඉන්න කෙනෙක් ,
ඉතින් මට හිතුනා අන්තිම කාලෙ හරි මන් ළඟ කියව කියව ඉන්න කෙනෙක් වත් හිටියොත් හොඳයි කියලා ,

මම එපා කියද්දීම ඒ මනුස්සයා කෙලින්ම ගෙදරටම ඇවිත් අපේ දුව එක්කම මේ ගැන කථා කලා ,
ඒ දවසෙ ඉඳල දුව හොඳටම වෙනස් වුනා ,
මාව ඇහැට පේන්න බැරි තරමටම එපා වෙලා බනිනවා මට පිස්සු කියලා ,
සමහර විට මට පිස්සු ඇති ,බැඳලා අවුරුදු තුනෙන් මහත්තයා මැරිලා ජීවිතේම තනියම හිටපු ගෑනියෙකුට මැරෙන්න ඔන්න මෙන්න කියලා හරි පොඩ්ඩක් ජීවත් වෙන්න හිතෙන එක පිස්සූ වැඩක් වෙන්න ඇති මිස් , 
මන් මුළු ජීවිතේම කළේ දරුවගෙ ගෞරවය රැකපු එක ,හැබැයි දැන් මන් මුළු ලෝකෙටම වඩා වැරදි කරාපු ගෑනියෙක් ගානට වැටිලා ..

මම වැරදි ඇති මිස් ,අනේ දුවට කියන්න මට සමාව දෙන්න කියලා !!!
ඒ අම්මා එහෙම කිව්වා ..
ඒ කිව්ව ටික ඇතුලෙ නොකිව්ව බොහෝ දේ තිබුනා

රහස්‍යභාවය රැකෙන විදිහට එහෙ මෙහෙ කරලා මේ කථාව ඔයාට ලියන්නෙ අන්න ඒ නිසා ..
මම නිතරම දරුවන්ගෙ පැත්තෙ හිටගන්න කෙනෙක් ,
හැබැයි මෙතන කථාව වෙනස් ..

යාවත්කාලීන වෙලා කන්න බොන්න දීලා උගන්වලා නිසි වයසේදී දෙමව්පියෝ දරුවන්ව අත ඇරලා දරුවන්ගෙ ජීවිත නිදහස් කරන්න ඕනෙ වගේම ඕකෙ අනිත් පැත්තත් එහෙම්මම වෙන්න ඕනෙ නේද ?
ඒ කියන්නෙ දරුවො දෙමව්පියෝ ගැන හිතන විදිහත් අද කාලෙට ගැලපෙන විදිහට වෙනස් වෙන්න ඕනෙ ,යාවත්කාලීන වෙන්න ඕනෙ කියන එක !

ගෙදරින් කාලා ඉගනගෙන රස්සාවල් කරලා බැඳලා තමන්ට ඕනෙ නිසා ළමයි හදලා ඊට පස්සෙ තමන්ගෙ වයසක අම්මා තාත්තා තමන්ගෙ ළමයින්වත් ලොකු කරන්න ඕනෙ කියල හිතනවනම් ඒක අමානුශිකයි , තමන් හදපු දරුවො තමන් බලාගෙන වැඩිහිටි දෙමව්පියන්ව එයාලගෙ නිදහසේ ඒ කාලය ගත කරන්න දෙන්න ඕනෙ
කැමැත්තෙන්ම හරි දරුවන්ට බැහැ කියන්න බැරි කමට හරි වයසක අම්මලා මුණුබුරෝ ලොකු කරනවා ඇති ,හැබැයි ඒ මිනිස්සුන්ට වයසට ගිහින් හරි නිදහසක් දෙන එක තමයි දරුවන්ගෙ යුතුකම ,

ඒ වගේම ගෑනියෙක්ට මිනිහෙක් ඕනෙ ලිංගිකව සතුටු වෙන්න විතරමයි ,ගෑනියෙක් මිනිහෙක් අතර තියෙන්න පුළුවන් ලිංගික සම්බන්ධකම් විතරමයි කියල හිතනවනම් ඒකත් හෙනම ප්‍රාථමිකයි .
වයසට ගියාම මිනිස්සුන්ට කසාදයක් බඳින එක වැරද්දක් කියල හිතන එක ,වයසකින් පස්සේ මිනිස්සුන්ට බැඳීම් ඇති වෙන්න බැහැ කියල උපකල්පනය කරන එක ඊටත් වඩා ගෝත්‍රිකයි .
අනික ,වයස ගියා කියන්නෙ මිනිස්සුන්ගෙ හැඟීම් දැනීම් සම්පුර්ණයෙන්ම නැති වෙලා යනවා කියන එක නෙමෙයි ,

ඔයාට අම්මා තාත්තා උනාට ඒ මිනිස්සුන්ටත් වෙනම ජීවිතයක් තියනවා ,ඒ ජීවිතේ ඇතුලෙ අම්මා තාත්තා කියන චරිත වගේම තව තව චරිත තියනවා ,ආසාවල් තියනවා ,බැඳීම් තියනවා ,වගේම ඔයාලට වගේම ජීවිතේ අත අරුණු මග අරුණු හීන එහෙමත් තියෙන්න පුළුවන් ..
සමහර මිනිස්සු ජීවිතේම දුක විතරක්ම විඳිනවා
සැපක් සැනසීමක් දකින්නේවත් නැතුව වයසට යනවා
මැරෙන්න මොහොතකට කලින් හරි එහෙම මිනිහෙක්ගෙ ජීවිතේකටත් තමන් ආස සතුට විඳින්න අයිතියක් තියනවා ..
ඒ මිනිස්සු දෙමව්පියෝ උනා කියල ඒ අයිතිය සම්පුර්ණයෙන් අහිමි කරවීම මානුෂීය නැහැ ..

ඒක ලෝක ලැජ්ජාවක් කියල හිතෙනවනම් ඒ ලැජ්ජා කරන්න හදන මිනිස්සුන්ට උත්තර දීලා ඒ වෙනුවෙන් පෙනී ඉඳල තමන්ගෙ මිනිස්සුන්ගෙ ගෞරවය රකින එක තමයී නියම මනුස්ස කම ,
ඒක තමයි තමන්ගෙ කම ..


අනික මිනිස්සු ලැජ්ජා වෙන්නෙ ඕනෙ බය වෙන්න ඕනෙ වැරදි වැඩ කරන්න මිසක් ,සැනසීමෙන් ඉන්න නෙමෙයි ..
මිනිස්සු වයසට යනවා කියන්නෙ හැඟීම් මැරෙනවා කියන එක නෙමෙයි ..
ඔයා ඒ දුව නොවී ඒ අම්මා වෙලා එක සැරයක් හිතලා බලන්න ,
ඒ ගැහැණිය ආපු පාරෙ නිකමට ටික දුරක් හිතින් ඇවිදලා බලන්න ..
එතකොට තේරෙයි ..

 

අනිශා ජයකොඩි
Anisha Jayakody
(Psychological counsellor )

A day in the life

2025-06-17

කමටහනක් කර ගන්න.





කුමටද වැලපෙන්නෙ මගෙ දෙන
දෙසම බලා..
එනවද දුකක් ඔබගේ මුළු
ලයම පලා...
මොකටද තවත් ඔය හදවත
ගන්නෙ තලා..

ඔබ නොදනිතත් මං මීටත්
කලින් මළා ...
සෙනෙහස මොටද නිසසල
මළ සිරුරකට ...
මදහස පෙනෙනවද පියැවුණු
ඇස් දෙකට..

තුරුහිස මුදුනෙ නොපිපුණු
මල් පොකුරකට..
ජයගොස නගා කවියක්
ලියලා කුමට..
සුදු රෙදි කඩින් වැසුවත් අද
මගේ ගත..

හඳුනා ගත්තෙ කවුරුද
හදවතේ තෙත..
හෙට මේ සිරුර දා ලූ පසු
සොහොන මත..
කාටද මතක ගතවු පසු
දවස් හත...

පෙරදා නුරාවෙන් හිනැහුණ
දෑස් බලා..
මතකද කලක් ඔබ මට
ආදරෙත් කලා..
කිසිදා වෙන් නොවන බවටත්
සඵථ කලා..

රැඳුණේ සදහටම කවදද
අහසෙ වලා...
මළහිරු බහින විට අද
බටහිර අහසේ...
අප පෙර මතක හිත

නොපෙලාවිද රහසේ...
යලි යලි සිත බැඳී හෙට
පෙර මෙන් පහසේ..
සසරේ මුලා වෙමු දැයි
විමසමි රහසේ...

සංසාරෙදී අපි බෝ හමු
වෙන්න ඇතී..
මේ වාරෙදී හමුවී දුක්
ගන්න ඇතී...

යන පාරෙදී යලි හමුවක්
නොවනු ඇතී..
එන වාරෙදී මං සසරින්
මිදෙනු ඇතී...

මා දුන් සෙනෙහෙ හදවත
පතුලේ තියලා..
හිත සනසා ගන්න
ඔය දෑසම පියලා..
යන ලෙස මකුළුවෙකු
යලි යලි දැල වියලා..
පැටලෙනු එපා ආයෙත්
සෙනෙහස කියලා ....

සසරින් මිදෙන එක සටනක්
කර ගන්න ..
කතරින් එතෙර වී සටනට
සමුදෙන්න ...

අතරින් පතර යලි පටුනක්
නොතබන්න..
මගෙ මේ සිරුර කමටහනක්
කර ගන්න ...

...🙏 සමන්තී දේශප්‍රිය .

A day in the life

2025-06-16

අර්තාපල් චිප්ස්





ර්තාපල් චිප්ස් බිහි වූයේ පළිගැනීමක ප්‍රතිඵලයකින්. 
මේ සියල්ල සිදු වූයේ 1853 දී නිව් යෝර්ක් හි ඉහළ පෙළේ අවන්හලකදී. එක්තරා පාරිභෝගිකයෙක් ඔහු වෙනුවෙන් පිසූ අර්තාපල් පිඟානක් ඒවා ඕනෑවට වඩා ඝන සහ තෙත් බැවින් ආහාරයට ගත නොහැකි බව පවසමින් ඒවා නැවත සූපවේදී ජෝර්ජ් ක්‍රම් වෙත එව්වා. 

ඉන්පසු සූපවේදියා නැවත අවස්ථා කිහිපයකදීම අලුත් අර්තාපල් පිඟානක් පාරිභෝගිකයාට ලබා දුන්නා. නමුත් ඔහු නැවත නැවතත් සූපවේදීයාට පැමිණිලි කළේ ඒවා ආහාරයට ගත නොහැකි බවයි.
නිරන්තර පැමිණිලිවලින් වෙහෙසට පත් වූ සූපවේදී ජෝර්ජ් ක්‍රම් ඔහුට පාඩමක් ඉගැන්වීමට තීරණය කළා. ඔහු අර්තාපල් කඩදාසි වැනි තුනීවට පෙති කපා, ඒවා වැඩිපුර හැපෙනසුළු වන තෙක් ගැඹුරු තෙලේ බැද, ලුණු ගොඩක් එකතු කළා. “බලමුකො දැනුත් පැමිණිලි කරයිද කියලා ” ක්‍රම් සිතුවා.

හැමෝම පුදුමයට පත් කරමින්, පාරිභෝගිකයා ඒවාට කැමැත්ත ප්‍රකාශ කරමින් වහාම තව තවත් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

කලකිරීමෙන් සහ තරමක් වෛරයෙන්, අර්තාපල් චිප්ස් බිහි වූයේ එලෙසිනි. “චිප්ස්” ඉක්මනින් ජනප්‍රිය වූ අතර, ක්‍රම් අවසානයේ තමාගේම අවන්හලක් විවෘත කළා. එහිදී ඔහුගේ තුනී, ලුණු සහිත චිප්ස් මෙනුවේ ජනප්‍රියතාව ඉතා ඉහළ ගියා.
දශක ගණනාවකට පසු, 1920 ගණන්වලදී චිප්ස් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කර බෑග්වල ඇසුරුම් කිරීම ආරම්භ කළ අතර, එය ලොව විප්ලවයක් ආරම්භ කළා. අද වන විට ලෝකයේ සෑම වසරකම චිප්ස් බෑග් බිලියන 11 කට වඩා භුක්ති විඳිනවා!
ඉතින් ඊළඟ වතාවේ ඔබ චිප්ස් බෑගයක් විවෘත කරන විට මතක තබා ගන්න, ඒ සියල්ල ආරම්භ වූයේ සූපවේදියෙකුගේ පළිගැනීමකින්. නමුත් එය අවසානයේ මුළු ලෝකයම ජනතාව සතුටු ක
ළා.

✍🏻 මුල් හිමිකරුට ස්තූතියි 🌷
©️ උපුටා ගැනීමකි

A day in the life

2025-06-15

මඟුල් කපුරාළ


මඟුල් කපුරාළ ගමේ කාටත් ඕනෑකරන කෙනෙක්. ගමේ ළමිස්සියො ගෙදරටම නාකිවෙන්ඩ දෙන්නෙ නැතුව කරකාර බන්දල දෙන්න එයා ගන්න දහිරිය බොහොම ලොකුයි. ඉස්සර ගමේ ලැජ්ජ බයට හැදිච්ච ළමිස්සියො කොල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නත් බොහොම කුලෑටියි. ඒ හින්දා ඒ ගොල්ලන්ට දීගතල දෙන වයස ආවත් කොල්ලෙක් එක්ක සම්බන්ධයක් හදාගන්න දහිරියක් නැහැ. වෙනකක් තියා ගමේ ලොකුමහත් වෙච්ච දැරියන්ට දෙමාපියො වැඩිහිටියො තහංචි දාලයි තිබුණේ.

2025-06-14

ආචාර්ය රාජිනී තිරාණගම. - බිදුණු තල්රුක.




  

අපි මේ වගේ නිර්භීත කාන්තාවන්ව අමතක නොකල යුතුයි.

ඔවුන්ගේ මතකයන් අප අතර සදාකාලිකවම රදවා තබා ගත යුතුයි.
අද ඇය ජීවතුන් අතර නැහැ.
ඇය යාපනය සරසවියේ වෛද්‍ය පීඨයේ සිටි 💕 
ආචාර්ය රාජිනී තිරාණගම. 

One day some gun will silence me,

and it will not be held by an outsider,
but by the son born in the womb of this society,
from a woman with whom my history is shared...
1954 වසරෙ පෙබරවාරි මස 23 වෙනි දින උපන් ඇය, 1986 වසරෙ සැප්තැම්බර් මස 21 වෙනි දින, LTTE ත්‍රස්තයන් විසින් ම්ලේච්ඡ ලෙස ඝාතනය කරන්නෙ, ඇගේ 35 වෙනි වියේදීයි. 
මිය යන විට ඇය යාපනය සරසවි වෛද්‍ය පීඨයේ කාය ව්‍යවච්ජේද විද්‍යා දෙපාර්තමේන්තුවේ (Department of Anatomg) අංශ ප්‍රධාන ආචාර්යවරියයි.
ඇගේ පියා වඩුක්කොඩෙයි යාපනය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති A. රාජසිංහම්. උපතින් රාජනී රාජසිංහම් වන ඇය යාපනයේදී ජන්ම ලාභය ලබන්නෙ, දියණියන් සිව් දෙනෙක් ඇති ද්‍රවිඩ ක්‍රිස්තියානි පවුලක දෙවෙනි දරුවා ලෙසයි. ඇගේ සොහොයුරියන් වන නිර්මලා, සුමති හා වාසුකී මෙන්ම ඇයත් ඉගෙනුම ලබන්නෙ යාපනය විද්‍යාලයේ. කෙටි කලක් පමණක් ඇය යාපනය නගරයේ පිහිටි චුන්ඩික්කුලි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබනව.
ජීව විද්‍යාව අංශයෙන් උසස් පෙළ සමත් වන ඇය, 1973 වසරෙදි කොළඹ සරසවි වෛද්‍ය පීඨයට ඇතුල් වෙනව. එහිදී ඇය ශිෂ්‍ය දේශපාලනයට සක්‍රියව දායක වෙනව. 
ඇයට එකල කැළණිය සරසවියේ ශිෂ්‍ය දේශපාලන නායකයකු වන දයාපාල තිරාණගම මුණ ගැසෙනව. සිංහල බෞද්ධ පවුලක උපන් ඔහු උපාධියට හැදෑරුවෙ භූගෝල විද්‍යාවයි. සියළු ආගමික හා වාර්ගික බාධක බිඳ දමමින් ඇය සහ ඔහු විවාහ වන්නෙ, 1977 වසරේ අගෝස්තු මස 28 වැනි දිනයේ.
1978 වසරෙ වෛද්‍ය විද්‍යා උපාධිය ලබන ඇය යාපනය මහ රෝහලේ සීමාවාසික වෛද්‍යවරියක ලෙස සේවය කරනව.

1979 වසරෙ ඇය හල්දුම්මුල්ල රෝහලේ සේවය කරනව. පසුව ඇය 1980 වසරෙදි යාපනය සරසවියේ අළුතෙන් ඇරඹූ වෛද්‍ය පීඨයේ කාය විච්ඡේදනය විද්‍යා ආචාර්ය වරියක ලෙස සේවයට එකතු වෙනව.
එවකට LTTE සාමාජිකාවකව සිටි ඇගේ වැඩිමල් සොහොයුරිය වන නිර්මලා මගින් LTTE සංවිධානයට සම්බන්ධ වෙනව. තුවාල ලබන LTTE ක්‍රියාකාරිකයන්ට ඇය ප්‍රතිකාර කරනව.
පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් ලැබ ඇය 1983 වසරෙ එංගලන්තයට යන්නෙ, ලිවර්පූල් වෛද්‍ය විද්‍යාලයේ පශ්චාත් උපාධිය සඳහා කාය විච්ඡේදනය (Anatomg) හැදෑරීමටයි. එහි සිට ඇය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ 1982 දී අත්අඩංගුවට ගෙන සිටි තම සොහොයුරිය වන නිර්මලා නිදහස් කර ගැනීම හා එවකට මෙරට සිටි ඉන්දියානු සාම සාධක හමුදාව මගින් උතුරේ දෙමළ ජනයාට සිදුවන හානියට එරෙහිව අරගලයක් දියත් කරනව. 
ඇය තම අධ්‍යයන කටයුතු කරන අතරම කාන්තා සහ මානව හිමිකම් පිළිබඳ සංවිධාන සමග ද එකතු වී දැනුවත් කිරීම් කරනව. අවිගත් කණ්ඩායම් වලින් සිදුවන ඝාතන පිළිබඳව සංවේදී වන ඇය අවසානයේ LTTE සංවිධානයේ පටු ජාතිවාදය අවබෝධ කර ගන්නව. 
ආපසු සිය රටට පැමිණි ඇය යාපනය සරසවියේ සේවයට එකතු වෙනව. එහි මානව හිමිකම් පිළිබඳ ආචාර්යවරුන්ගේ සංගමය පිහිටුවීමට සක්‍රියව දායක වෙනව. LTTE සංවිධානය සහ IPKF (ඉන්දියානු සාම සාධක හමුදාව) මගින් සිදු කරනු ලබන මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ සාක්ෂි ඇතුලත් "The broken Palmyra" නම් කෘතිය ඇගේ ද සම කතුවරත්වයෙන් පළ කරනු ලබනව. 80 දශකයේ යාපනයේ ප්‍රචණ්ඩත්වය ගැන ලියවුණු එම අමිල කෘතිය ”බිඳුණු තල් රුක" නමින් සිංහලට ද පරිවර්තනය කරනු ලබනව. පොත ප්‍රකාශයට පත් කර සති කීපයකට පසු, ඇය සරසවියේ සේවය නිම කර ආපසු තම නිවස වෙත පාපැදියෙන් එමින් සිටියදී තිරුනෙල්වෙලි වල පිහිටි ඇගේ නිවස ආසන්නයේදිම අවි ගත් අයෙකු ඇයට වෙඩිතබා ඝාතනය කරනව. වෙඩි හඬ නිවසේ සිටි ඇගේ කුඩා දියණියන් දෙදෙනට පවා ඇසෙනව. 
ඒ වනවිට දයාපාල තිරාණගමයන් කොළඹට ඇවිත්. තම ජීවිතයේ කවදාවත් ඉන් පෙර නොදුටු කාන්තාවක් කොළඹට පැමිණ ඔහු මුණ ගැසී ඇගේ වියොව තමාට දැනුම් දුන් මොහොත දයාපාල තිරාණගමයන් සංවේදී ව සිහිපත් කරනව.
1981 වසරේ සැප්තැම්බර් මස 25 වෙනි දින නල්ලූර් හි ඇගේ පවුලේ සුසාන භූමියේ ඇගේ දේහය මිහිදන් කරනව. තම දිවියේ වඩාත්ම කටුක, වඩාත්ම වේදනාත්මක හා වඩාත්ම අපහසු ගමන එදින තම දියණියන් දෙදෙනගේ අතින් අල්ලාගෙන සුසානය වෙත ගිය ඇගේ අවසන් ගමන බව පසුව දයාපාල තිරාණගමයන් ලියා තබනව. 
1978 උපන් නර්මදා දියණිය දැන් එක්සත් රාජධානියේ වෙසෙනව. 1980 උපන් ශාරිකා දියණිය එක්සත් ජනපදයේ වෙසෙනව. ඇය විවාහ වී සිටින්නෙ ස්ටැන්ෆර්ඩ් වී සරසවියේ මානව විද්‍යාඥ තෝමස් බ්ලොම් හැන්සන් සමගයි. 2005 වසරෙදි කැනඩාවේ ජාතික සිනමා මණ්ඩලය මගින් නිර්මාණය කළ "No lore Tears Sister” නම් වාර්තා චිත්‍රපටයේ තම මවගේ භූමිකාව රඟ දක්වන්නෙ ශාරිකා තිරාණගම දියණියයි. 
රාජිනී තිරාණගම නම් අකල්හි දැයට අහිමි වූ ඒ දිරිය දියණිය ලියා තැබූ අනාවැකියකින් මේ සටහන අවසන් කරන්නේ අද වැනි දිනයක ඇයට දක්වන උපහාරයක් ලෙසයි.
💘💘"One day some gun will silence me,
and it will not be held by an outsider,
but by the son born in the womb of this society,
from a woman with whom my history is shared...
"එක්තරා දිනයක ගිනි අවියක් මගින්, මා නිහඬ කරවනු ඇත.
එය උසුලනු ඇත්තේ පිටස්තරයකු විසින් නොව,
මගේ ඉතිහාසය මා සමග බෙදා හදා ගත්,
මේ සමාජයේම ගැහැණියකගේ ගර්භාෂය තුළින් බිහි වූ පුතෙකු විසිනි. 💘💘
- *Premashcntha Kumarasiri* ගේ සටහනක් 
-A day in the life

2025-06-13

පරම්පරා දෙකක වෙනස.




"පරම්පරා" දෙකක් අතර සංසන්දනය ....... හැමෝම කියවන්න
තරුණයෙක් තම පියාට මෙසේ කීය:
ඔබට
වායු සමීකරණය කළ වාහනයක් තිබී නැත.
Wifi නැත.
අන්තර්ජාලය තිබී නැත.
පරිගණක නැත.
අන්තර්ජාල සාප්පු සවාරි නැත.
රූපවාහිනී නැත.
ඉන්ධන ඇවැසි නැත
ජංගම දුරකථන නැත.
සුපර් මාකට් තිබී නැත.
ඔබ එසේ ජීවත් වූයේ කෙසේද?
ඔහුගේ පියා මෙසේ පිළිතුරු දුන්නේය.
"ඔබේ පරම්පරාව අද ජීවත් වන ආකාරයට අද......
අනුකම්පාවක් නෑ.
අනුන් කෙරෙහි ගෞරවයක් නෑ.
තමන්ටද ගෞරවයක් නෑ.
උසස් වූ චරිතයක් නෑ.
ලැජ්ජාවක් නෑ.
නිහතමානීකමක් නෑ.
කාල සැලසුම් නෑ.
ක්‍රීඩා නෑ.
පොත පතකියවීමක් නෑ.
වගකීමක් නෑ, යුතුකම් දන්නේ නෑ.
ඒත්.....අපි, 
1940-1980 අතර උපත ලද මිනිසුන් භාග්‍යවන්තයෝය. 
අපගේ ජීවිතය ජීවමාන සාක්ෂියකි.
සෙල්ලම් කරනකොට බයිසිකල් පදිනකොට අපි කවදාවත් හෙල්මට් දාල නෑ.
ඉස්කෝලේ ඇරිලා අපි හවස් වෙනකම් සෙල්ලම් කළා. අපි කවදාවත් රූපවාහිනිය බැලුවේ නැහැ.
අපි සෙල්ලම් කළේ සැබෑ මිතුරන් සමඟ මිස අන්තර්ජාල මිතුරන් සමඟ නොවේ.
අපිට කවදාහරි පිපාසයක් දැනුනොත් අපි බිව්වේ බෝතල් කරපු වතුර නෙමෙයි.
එකම ජූස් වීදුරුව යහළුවන් හතර දෙනෙකුට බෙදා ගත්තට අපි කවදාවත් අසනීප වුණේ නැහැ.
අපි හැමදාම බත් ගොඩක් කෑවත් කවදාවත් බර වැඩි වුනේ නෑ.
පාවහන් නොමැතිව සැරිසැරුවත් අපේ දෙපාවලට කිසිවක් සිදුවුනේ නැහැ.
අපේ අම්මයි තාත්තයි කවදාවත් අපිව නිරෝගීව තියාගන්න කියල කිසිම ආහාර අතිරේකයක් පාවිච්චි කරලා නෑ.
අපි අපේම සෙල්ලම් බඩු නිර්මාණය කර ඒවා සමඟ සෙල්ලම් කළා.
අපේ දෙමව්පියෝ පොහොසත් අය නෙවෙයි. ඔවුන් අපට දුන්නේ ආදරය මිස ලෞකික දේවල් නොවේ.
අපිට කවදාවත් ජංගම දුරකථන, ඩීවීඩී, ප්ලේ ස්ටේෂන්, එක්ස්බොක්ස්, වීඩියෝ ක්‍රීඩා, පුද්ගලික පරිගණක, අන්තර්ජාල කතාබස් තිබුණේ නැහැ.
නමුත් අපට සැබෑ මිතුරන් සිටියා.
අපි අනාරාධිතව අපේ යාලුවන්ගේ ගෙවල් වලට ගිහින් ඔවුන් එක්ක කෑම රස වින්දා.
ඔබේ ලෝකය මෙන් නොව, අපට සමීපව ජීවත් වූ නෑදෑයන් සිටි නිසා පවුලේ කාලය හා බැඳීම් එකට සතුටින් ගත කළා. 
අපි කළු සුදු ඡායාරූපවල සිටියා විය හැකි නමුත් එම ඡායාරූපවල වර්ණවත් මතකයන් ඔබට හමුවනු ඇත.
අපි අද්විතීය සහ, වඩාත්ම අවබෝධය ඇති පරම්පරාවකි, මන්ද **තම දෙමාපියන්ට සවන් දුන් අවසාන පරම්පරාව අපි* වෙමු.
*එමෙන්ම , තම දරුවන්ට ඇහුම්කන් දීමට සිදු වූ පළමු අය.*
අපි තවමත් බුද්ධිමත් වන අතර අප ඔබේ වයසේදී කිසිදා නොතිබූ තාක්‍ෂණය භාවිතා කිරීමට දැන් ඔබට උදව් කරන්නෙමු !!!
අපි *සීමිත* මිනිස් සංස්කරණයක්!
ඉතින් ඔබ වඩා හොඳයි -
අපව ආදර්ශයට ගන්න.
අපෙන් ඉගෙන ගන්න .
*අපි පෘථිවියෙන් සහ ඔබේ ජීවිතයෙන් අතුරුදහන් වීමට පෙර*.
*_අපිව ආදර්ශයට ගෙන නිධානයක් ලෙස සලකන්න

 A day in the life