Wednesday, February 07, 2024

වවුනියාවේ කිඹුලාගල (නන්දිමිත්‍ර යෝධයා උපන් )

වවුනියාව නගරයේ සිට වැලිඔය දක්වා වැටුණු B442 මාර්ගයේ පාරේ කි. මී. තුනක් යනවිට මාමඩුව හන්දිය හමුවෙනවා. මේ හන්දියෙන් හැරිලා කි. මී. 12ක් යනකොට මහකච්චකොඩිය කියලා ඉපැරණි ගම්මානයක්‌ තිබෙනවා. මේ ගම පහුකරලා යනකොට තමයි කිඹුලාගලට සහ එරුපොතානට පිවිසිය හැක්කේ. වව්නියාව දකුණ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහකච්චකොඩිය ග්රාම සේවා වසමට අයත් මහකච්චකොඩිය සහ ඒරුපොතාන යන වැව් ආශ්රිතව පිහිටි ගල්පර්වත බහුල කඳුවැටියක තමයි මෙම පුරාවිද්යා බිම පැතිර තිබෙන්නේ.

 

ඉතිහාස කතා
මහාවංශයට අනුව මේ බිම අයත් වන්නේ පාචීනකණ්ඩරාජියට යි. පාචීනකණ්ඩරාජිය මහා කච්චකොඩිය, එරුපොතාන, කිඹුලාගල, නිරාවිය ආදී පෙදෙස්වල පැතිර තිබූ බව තමයි ඉතිහාසඥයන් අනුමාන කරන්නේ. පාචීණකණ්ඩරාජිය යන පාලි නාමයෙන් හඳුන්වා තිබෙන්නේ නැගෙනහිර කඩරොද ගම්මානය යි. මහාවංශයට අනුව නැගෙනහිර කඩරොද දුටුගැමුණු රජුගේ සේනාවේ සිටි නන්දිමිත්ර යෝධයාගේ උපන් ගම යි. මහාවංශය සඳහන් කරන ආකාරයට නන්දිමිත්ර උපත ලැබුවේ නැගෙනහිර කඩදොර ගමෙහි චිත්තපබ්ත සමීපයෙහි යි.
මහාවංශ කතුවරයා පවසන මේ පුවත තහවුරුකර ගැනීමට ක්රිස්තු පූර්ව යුගයට අයත් ලෙන් ලිපි කිහිපයකින් උපකාර ලැබෙනවා. එරුපොතානෙහි චිත්ර ගුහා නමින් හැඳින්වූ ඓතිහාසික ලෙනෙහි කටාරම යට කොටා ඇති ලිපියෙහි, “පරුමක සතනසතගේ දුවණිය වූ පරුමක මිතගේ භාර්යාව වූ පරුමකලු ඵුශා විසින් කරවන ලද ලෙන සතර දිගින් වැඩි නොවැඩි සංඝයා වෙත පූජා කරනු ලද” බව සඳහන් වෙනවා. මෙහි සඳහන් පරුමක මිත නන්දිමිත්ර ලෙස හඳුනාගෙන තිබෙනවා. “පරුමක” යනු ප්රධානියා හෙවත් ප්රමුඛයා ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන අර්ථ ගන්වා තිබෙනවා. පරුමකලු එහි ස්ත්රී ලිංග පදය යි. මෙහි සෙල්ලිපි අතුරින් ලිපි 3කම දැකගත හැකි “පරුමක නදික” යන පුද්ගල නාමයෙන් හඳුන්වනු ලබන්නේ ද වංශකතාවන්හි සහ ජනප්රවාදවල සඳහන්වන දුටුගැමුණු රජුගේ දසමහා යෝධයින් අතරින් කෙනෙකු වූ නන්දිමිත්ර සෙන්පතියා බව පිළිගෙන තිබෙනවා.
මහාවංශය මෙන්ම පුරාණ අටුවා කතාවලත් නැගෙනහිර කඩරොද හෙවත් පාචීනකණ්ඩරාජිකය ගැන සඳහන්. පැදුම්කඩරොද වැසි තෙරනමක් පිළිබඳ කතාවක් විශුද්ධිමග්ගයෙහි කම්මට්ඨානගහණ නිද්දේශයෙහි තිබෙනවා. අංගුත්තර අටුවාවෙහි චතුක්කනිපාත වර්ණනාවේත් මේ ගම ගැන දැක්වෙනවා.

 


මෙයට නුදුරින් වූ කිඹුලාගල හා නිරාවියේ ඇති සෙල්ලිපි තුනක කියැවෙන්නේ කර්මාන්තකරුවන් ගැන යි. ලිපි දෙකක තඹ කර්මාන්තකරුවන්ගේ ප්රදානයන් ගැන දැක්වෙනවා. එක් ලෙනක් පූජා කරන්නේ තඹ කාර්මික තිස්සගේ පුත් රෝහණි ගුත්ත යි. අනෙක් ලෙන පූජා කරන්නේ තඹ කාර්මික පුශ්ස හා සුමන යි. එක් ලෙනක් පූජාකර ඇත්තේ ටින් කාර්මික ගෘහපති සුමනගේ පවුලේ උදවිය යි.
දින නියම කළ පැරණිම සෙල්ලිපියක්
ලංකාවේ දින නියම කළ හැකි පැරණිම සෙල්ලිපි පෙළක් ලෙස සැලකෙන “නා රජුගේ දියණිය වූ අබි අනුරාධී” සහ එක්ව උත්තිය රජු විසින් ලෙන් සතරක කොටවන ලද ලෙන් ලිපි ප්රාචීනකණ්ඩරාජියේ නිරාවිය කන්දේ වනගත ආරණ්යය ඇසුරේ හමුවෙනවා. උත්තිය (ක්රි. පූ. 210 සිට 200) යනු දෙවන පෑතිස් රජුගෙන් පසු රජවූ ඔහුගේ දෙටු පුතා යි.

 


කිඹුලාගල
කිඹුලාගල කන්දත්, එරුපොතාන කන්දත් එකිනෙකට සමාන්තරව පිහිටි කඳු දෙකක්‌. ඒරුපොතාන පර්වතය සහ කිඹුලාගල පර්වතය ද ඒ අතර පිහිටි අනෙක් පර්වතයන් ද අතීතයේ දී එකම ලෙන් විහාර සංකීර්ණයකට අයත් වූ බව ඉතා පැහැදිලි යි. නමුත් වර්තමානයේ දී ඒරුපොතාන වැවට සම්බන්ධ වූ එරුපොතාන පර්වතය සහ එහි පුරාණ ලෙන් විහාර සංකීර්ණය වෙනමම නටබුන් බිමක් සේ දිස්වෙනවා.
කිඹුලාගල හෙවත් මහසියඹලාකුලම්මලේට ඒ නම ලැබී ඇත්තේ එහි පර්වත කූටය කිඹුලෙක් කට ඇරගෙන සිටින්නාක් සේ ඈතට දිස්වන හින්දා යි. මෙහි කටාරම් කෙටූ ලෙන් 23ක් දැකගත හැකියි. ක්රිස්තු පූර්ව තුන්වන සියවසේ සිට ක්රිස්තු වර්ෂ 1 සියවස තෙක් දිවෙන ලෙන් ලිපි 13 ක් ද කිඹුලාගලින් හමුවෙනවා. කටාරම් කෙටූ ලෙන් ආරක්ෂිත කුටි බවට හැරවූ පුරාණ ගඩොල් බිත්ති ද සමහර තැන්වල දැකගත හැකියි. මෙම බිත්ති අනුරාධපුර යුගයට අයත් බව යි පෙනෙන්නේ.
එරුපොතාන වැව
කිඹුලාගලට නුදුරින් තමයි එරුපොතාන කඳුවැටිය පිහිටා තිබෙන්නේ. එය පාමුල පිහිටි පුරාණ වාපි සංස්කෘතියට අයත් එරුපොතාන වැව තවමත් අවට ප්රදේශයට ජල පහසුව සපයනවා. වෑ කන්ද කිලෝ මීටරයක් දිගින් යුක්ත යි. එහි ධාරිතාව හෙක්ටයාර අසූවක් පමණ වන බව අසල වූ පුවරුවක සටහන්කර තිබෙනවා. විශේෂත්වය වන්නේ මේ වැවෙහි සොරොව්ව වෑකන්දට සවිව පිහිටි කළු ගලක් කැණ නිර්මාණය කළ විශිෂ්ට නිමැවුමක් වීම යි. සොරොව්වේ තුන් පසෙකම තිබෙන්නේ ස්වභාවික කළුගලක්. සොරොව් කට අසල කළු ගල් කුට්ටියෙන් මනාකොට තැනූ බිත්තියක් දැකගත හැකියි. දිය ගෙනෙන ඇළමඟ සොරොව් විවරයේ සිට විහිදවා ඇත්තේ පිහිටි කළු ගල කැණීමෙන්. පුරාවිද්යාඥයන්ට අනුව මේ සොරොව්ව ක්රිස්තු වර්ෂ 2 -6 සියවස්වලට අයත් නිර්මාණයක්. බ්රිතාන්ය පාලන කාලයේ 1897 දී මේ සොරොව්ව අලුත්වැඩියා කළ බව එහි සඳහන් කර තිබෙනවා. මහියංගනයේ සොරබොර වැව ද පිහිටි ගල කපා තැනූ සොරොව්වකින් යුක්ත යි.
සොරබොර වැව ගැන මේ ලිපියෙන් කියවමු: සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මාර්ගය අයිනේ වැටී ඇති ගලින් කරන ලද මල් ආසනයක් ද තිබෙනවා.ඒ මල් ආසනයට මීටර කිහිපයක් දුරින් මහා මාර්ගය අසලම ගරා වැටුණු චෛත්යයක් දැකගත හැකියි.

 


නටබුන් පිරි කඳුවැටිය
ක්රිස්තු පූර්ව යුගයට අයත් සෙල්ලිපි දොලහක්, පර්වතය මත පිහිටි දාගැබ් ගොඩැල්ලක්, සිරිපතුල් ගලක්, ආසනඝරයක්, කටාරම් කෙටූ සහ නොකෙටූ ලෙන් පද්ධතියක් මෙහි තිබෙනවා. එරුපොතාන වැවෙහි සොරොව්ව අසලින් එරුපොතාන පර්වතය දෙසට ගමන් කළ හැකි ඉතා පටු අඩි පාරක් හමුවෙනවා. වල් බිහිවීම හේතුවෙන් මේ අඩිපාර එක්වරම හදුනාගැනීම නම් තරමක් අපහසු යි. ඒ මාර්ගය ඔස්සේ වනාන්තරය තුළට ගමන් කරන විට පුරාණ ලෙන් ආරණ්යයේ ශේෂ හමුවෙනවා.
අඩිපාර දෙපසින් පමණක් කටාරම් කෙටූ දර්ශනිය ගල්ලෙන් රැසක් හමුවෙනවා. ඇතැම් ලෙන්වල ගඩොලින් බැඳි බිත්ති තවමත් දැකගත හැකියි. කළුගලින් කරන ලද හිස බිඳී ගිය හිටි පිළිමයක් එක් ගල්ලෙනක් ඉදිරියේ දක්නට ලැබෙනවා. මෙසේ වැව් තාවුල්ල දක්වාම විවිධ හැඩයේ ගල්ලෙන් පිහිටා තිබෙනවා. ඒරුපොතාන පර්වතය පාමුල පිහිටා ඇති ලෙන් සහිත භූමි කොටසට විහිදෙන අඩිපාරවල් ද දැකගත හැකියි. සෑම ගල් ලෙනක්ම එකිනෙකට වෙනස් හැඩයක් ගන්නා නිසා අපූරු සුන්දරත්වයක් ඒවායේ දැකගත හැකියි.

 

පුරාවිද්යා ගවේශන
මෑතක දී වවුනියාව පුරාවිද්යා කාර්යාලය මඟින් මෙම කඳුවැටියේ අවශේෂ ගැන ගවේශනයක් කර තිබෙනවා. කි.මී. 4ක් පමණ දිගට විහිදී යන පර්වත කූට සහිත මෙම ශේෂ කඳු වැටියේ කටාරම් සහිත ගල් ලෙන් 105ක්, ස්වභාවික සහ කෘතිම පොකුණු11ක්, පැරණි ගොඩනැගිලි 5ක සාධක, පැරණි ගඩොල් බිත්ති සහිත ලෙන් විහාර 2ක්, ස්තූප ගොඩැලි 6ක නටබුන් ද එම ගවේශන මඟින් අනාවරණය කොටගෙන තිබෙනවා.
කටාරම් සහිත ලෙන්වල ඇති සෙල්ලිපි අක්ෂර රූප විද්යාත්මක කාල නීර්ණ අනුව ක්රි. පූ. 1-2 සියවස්වලට අයත් වෙනවා. මෙම ලෙන් සංකීර්ණ ප්රධාන වශයෙන් කොටස් 4ක් යටතේ හඳුනාගත හැකියි. සමස්ථ ප්රදේශයේම හමුවන ගල්ලෙන් බොහොමයක ඒවායේ භාවනායෝගීන් වැඩසිටි බව තහවුරු කෙරෙනා සෙල්ලිපි දැකගත හැකියි. අනුරාධපුර යුගයේ මුල් කාලයේ සිට මධ්යභාගය දක්වා මෙහි බෞද්ධ ආරාම පැවති බව නටබුන්වලින් හෙළිවෙන කරුණක්. මෙම පුරාවිද්යා පරිශ්රයේ නඩත්තු කටයුතු මේ වන විට වව්නියාව ප්රාදේශිය පුරාවිද්යා කාර්යාලය මඟින් සිදුවෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ප්රාදේශිය ලේකම් බල ප්රදේශයට අයත් ඉඩම්වල විසිර පවතින මෙම පුරාවිද්යා පරිශ්රය මැන පුරාවිද්යා දෙපාර්තමේන්තුවට වෙන්කර මායිම් කණු යෙදීමට යෝජිතව පවතින බව යි පුරාවිද්යා දෙපාර්තමේන්තුව පවසන්නේ.


Kusumsiri Wijayawardena
උපුටා ගැනිමකි
මුල් හිමිකරුට ස්තුතිය

A day in the life

Tuesday, February 06, 2024

තත්වය රැකගන්න







දවසක් සිංහයෙක් කැලේ මැදින් යද්දී, අසූචි වලක බැහැලා හිටිය තඩි ඌරෙක්, සිංහයාට චැලේන්ජ් කරාලු.
"අඩෝ උඹට පුලුවන් නම් වරෙන් මාත් එක්ක ෆයිට් එකට"
සිංහයා එක පාරට මේ අසූචි වලේ ඉන්න ඌරා දිහා බලලා,
අපෝ මේකට පාඩමක් උගන්නන්න මම මේ අසූචි වලට බැස්සොත් මගේ ඇඟත් ජරා වෙනවා නේද?
මූ වගේම මාත් ගඳ ගහයි නේද කියලා හිතලා, එතනින් නිහඬව යන්න ගියාලු..
දැන් ඉතින් අසූචි වලේ ඉන්න තඩි ඌරා හිතාගෙන ඉන්නේ සිංහයත් උට බයයි කියලා,
ඇත්ත කාරනේ;
නුවනක්කාර සිංහයා ඌරගේ මට්ටමට වැටෙන්න තිබ්බ අකමැත්තයි!!
අපේ ජීවිතේ ගොඩක් වෙලාවට මේ අසූචි වලවල් ඉඳන් කෑ ගහන ඌරෝ හම්බවෙනවා,
උන්ගේ අසූචි වලවල් වලට පැනලා උන්ට පාඩම් උගන්වන්න ගියොත් අපිත් ගඳ ගහනවා,
උගේ තත්වෙටම වැටෙනවා,
නුවනක්කාර සිංහයා වගේ වෙන්න,
අසූචි වලවල් ඉඳන් කෑ ගහන ඌරෝ හම්බ වුනොත් මග හැර යන්න!
උපුටා ගැනීමකි ... 

 රෂී අබේසිංහ මුණු පොතට ලියලා තිබුනා 

 සටහනක් තිබ්බේ සිරිපාල කහවත්තගේ එයත් රසවත් සටහනක් ඌණ පුරනයක් එක්ක. දෙන්නටම ස්තුතියි.

මේක යක්කඩුවේ හාමුදුරුවන්ගේ වනකතා පොතේ එන කතාවක්.
සිංහයෝ පස්සෙ ගිහීන් උන් අහකදාන බොකුබඩවැල් කාපු ඌරෙක් සිංහයාටත් වැඩිය ආරලා ආවලු.කැළේ සත්තු ඌට කිව්වලු බලපන් දැන් උඹ සිංහයාටත් වඩ උසමහතයිනේ.උඹට පුලුවන් කැළේ රජා වෙන්න වුනත් කියලා.ඒකට සිංහයා මරන්න එපායැ.හැම සතාම ඕක කියන කොට ඌරට ඌ ඌරෙක් බව අමතක වුනාලු.ඌ සිංහයා සටනට කැඳෙව්වලු සිංහයා සතියකින් එන්නම් කීවලු.දවස ළ වෙන්න ළං වෙන්න ඌරට මර බයක් දැනෙන්න ගත්තලු.සටන හෙට කියලා ඌ නරිය ළඟට ගියාලු උප උපදෙසක් ගන්න.නිරිය කිව්වලු එළිවෙනකල් අසූචිවළක බැහැල ඉඳලා වෙලාවට එතෙන්ට යන්න කියලා.ඌරත් වෙලාවට අසූචි පෙර පෙරා සටන් බිමට ගියාලු අහලකවත් ඉන්න බැරි ගැඳ උහුලන්න බැරි සිංහයා හරි හරි උඹ දිනුම්
මං පරාදයි කියලා ආපහු ගියාලු.

 

A day in the life

Monday, February 05, 2024

අපියි මළ මිනිස්සු



In "Mala Minissu," I shed light on the pressing political issues surrounding the healthcare system in Sri Lanka. It's a raw, industrial rock anthem that exposes the harsh reality faced by countless citizens due to the importation of low-quality drugs. This negligence has resulted in tragic consequences, with lives lost unnecessarily in our hospitals.

"මල මිනිස්සු" තුළ මම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය වටා ඇති දැවෙන දේශපාලන ගැටලු පිළිබඳව ආලෝකයක් ලබා දුන්නෙමි. එය ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීම හේතුවෙන් අසංඛ්‍යාත පුරවැසියන් මුහුණ දෙන කටුක යථාර්ථය හෙළි කරන අමු, කාර්මික පාෂාණ ගීයකි. නොසැලකිලිමත්කම හේතුවෙන් අපගේ රෝහල්වල අනවශ්‍ය ලෙස ජීවිත අහිමි වන ඛේදජනක ප්‍රතිවිපාක ඇති වී තිබේ.



Lyrics - Somalatha Herath Menike
Music & Composing - Dileep Mann
lyrics
තලා දමා අප හප කෙරුවා
හිනාවෙවී උන් රජ වෙනවා
බෙහෙත් පෙත්තටත් දමා කොමිස් ලණු
තුසිතය මත මහ මාළිගාව තැනු
දෙවියන් ලෙස පෙන්නූ
අවජාතක හොරුරැල
ඉන්දියන් සාගරේ මුතු ඇටයක්
මකා දමා හැදුවා පුස් ඇටයක්
හදවතම පිලිස්සූ
බිම වැටුණ මිනිස්සු
යුක්තියක් නැති බිමක
අපියි මළ මිනිස්සු
ඔලව අතගා ටොක්කකුත් ඇන්නාය අපහට
බුරිය අතගා රුපියලත් ගත්තේය හෙමිහිට
බෙහෙත් පෙත්තත් හප හපා කෑ
කලු පාට ගුල්ලෝය මහ උන්
දරුවන්ගේ බොටුවත් මිරිකලා
මොනර කොළ ළඟ රෙද්ද ඉස්සූ
හදවතම පිලිස්සූ
බිම වැටුණ මිනිස්සු
යුක්තියක් නැති බිමක
අපියි මළ මිනිස්සු

 A day in the life

Sunday, February 04, 2024

චන්දන ග්‍රාමය හෙවත් හදගිරිය

ඓතිහාසික චන්දන ග්රාමය හෙවත් හදගිරිය වර්තමානයේ වැලිගෙපොල ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ හදගිරිය හදගිරිගොඩ වසම් දෙකෙහි විසිර පවති.බලංගොඩ වැලිගෙපොල මාර්ගයේ 16km පමණ පැමිණ එතැන් සිට 8km පමණ කපුගල මාර්ගයේ ගමන් ගත් පසු මෙම ස්ථානයට ළගා විය හැක.වළව ගං මිටියාවතේ පිහිටි මෙම රාජධානිය කෘෂිකාර්මික අතින් ඉතා සරුසාර ප්රදේශයකි.ජය ශ්රි මහා බෝධින් වහන්සේ රෝපණ උත්සවයේදි රෝපණය සදහා බෙදන ලද අෂ්ටපල බෝධින් වහන්සේගෙන් එක් අංකුරයක් ලෙස හදගිරියේ පිහිටි බෝධින් වහන්සේ බව ඉතිහාසයේ සදහන් වේ

 සබරගමු පළාතේ රත්නපුර දිස්ත්රික්කයේ වැලිගෙපොළ ප්රාදේශීය ලේකම් කොට්ටාශයේ සඳගිරිය ග්රාම සේවා වසමට අයත් ගිරමාදොල හා කටුපත්ඔය නිම්නයේ පිහිටි වර්තමාන හඳගිරිය අතීත දක්ඛිණගිරි මණ්ඩලයේ බත්තිය ජනපදයට අයත් චන්දන ග්රාමය (සඳුන්ගම) ලෙස හඳුනා ගැනීමට සාධක ඇත.

ගිරිනුවර, සඳගිරිනුවර, සඳමහනුවර, සඳගම්නුවර, සදගනානුවර යනුවෙන් විවිධ නම්වලින් විවිධ කාල වලදී හඳුන්වා ඇති මෙම බෞද්ධ භූමිය කාලයාගේ වැලි තලාවෙන් යටව ගොස් නැවතත් එළිවෙමින් පවතී.
රමණීය වෙල් යායක් මධ්යයේ තිබෙන හඳගිරියේ බෞද්ධ නටබුන් අක්කර 5 ක පමණ භූමි ප්රමාණයක ව්යාප්තව තිබේ. මුලු වෙල්යාය පුරා තැනින් තැන ගොඩනැගිලි පාදම්, මැටි මෙවලම්, ගල්, ගඩොල් හා උළු කැබලි විවිධ අවස්ථාවන්වලදී පොළොවෙන් මතුවෙන බව වෙල්යායේ කුඹුරු කොටන ගොවීන් පවසයි.
හඳගිරියේ නටබුන් පිළිබඳව මුලින්ම සටහන් කරන්නේ සබරගමු මහා දිසාපති ලෙස කටයුතු සී, එච්. කොලින්ස් මහතාටය. රාජකීය ආසියාතික සංගමයේ ශ්රී ලංකා ශාඛාව මුද්රණය කරන සඟරාවේ 31ක් වෙන වෙළුමට (1932) ඉදිරිපත් කල “සබරගමුව බින්තැන්නේ පුරාවස්තු” නැමැති වාර්තාව වර්ග සැතපුම් ගණනාවක් පුරා විසිරී ඇති නටබුන් අතර ඇති ගල් කණු සමූහය, උස් භූමියක වෘත්තාකාර විශාල මළුව, ගරා වැටී ඇති දාගැබක අවශේෂ විනාශයට පත් ගඩොල් ප්රාකාර බැම්මකින් වට වූ බෝධි වෘක්ෂය, අක්කර 20-40 අතර වූ විනාශයට පත් වැව් පහක නටබුන් ඔහුගේ නිරීක්ෂණයට ලක්වී ඇති බව පෙන්වා දෙයි.


 

හඳගිරිය අසල ඇති මාලිගාගොඩැල්ල මුරපොළඅතුර වැනි ග්රාම නාම හා ඒ අවට ඇති ගල් ගුහාවන් මෙම ප්රදේශය ක්රිස්තු පූර්ව 200 දී පමණ ජනාකීර්ණ අගනගරයක ලක්ෂණ පිළිබිඹු කරන බව කොලින්ස් මහතාගේ නිගමනය විය.
නැවතත් වර්ෂ 1942 දී “සපරගමුවේ පැරණි ලියකියවිලි” ග්රන්ථයේ රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල හිමියන් හඳගිරිය පිළිබඳව සටහන් කොට ඇත. බඳගිරියේ කුඹුරුවල තැනින් තැන විසිරුණු කැටයම් කල ගල් කණු කිහිපයක්ද සාමාන්ය ගල් කණු කිහිපයක්ද කුඹුර මැද උස් බිමක ගරාවැටුණු ස්තූපයක නටබුන් ද ජරාවාස වූ වැව් කිහිපයක නටබුන්ද තිබුණු බව මෙම සටහනේ දක්වා ඇත.
ශ්රී ලංකා පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්යා කොමසාරිස්ගේ 1960-61 පාලන වාර්තාවේ හඳගිරිය පිළිබඳ ගවේෂණයක තොරතුරු සටහන් වේ. මෙහි නටබුන් අතර අඩි 25ක් උස දාගැබක නටබුන්ද අඩි 25ක හතරැස් කුළුණු සහිත ගොඩනැගිල්ලක්ද, ගල් කුළුණු සහිත අඩි 37×17 ප්රමාණයේ ගොඩනැගිල්ලක්ද. විසිරී ඇති වෙනත් ගල් කැටයම් කිහිපයක් හා පුරාණ ගඩොල් බැම්මකින් වට වූ බෝධි වෘක්ෂයක් ද ඇති බව සඳහන් වේ.
නැවත මෙහි විධිමත් ගවේශණයක් වන්නේ 2003 වසරේය. 1960 වසරේ අඩි 25ක් උස්ව පැවති ස්තූපය අඩි 11 ක් දක්වා අඩු වී තිබිණි. ස්තූපය මැදින් අඩි 15ක් පමණ ගැඹුරු වළක් නිදන් කොල්ලකරුවන් විසින් හාරා තිබිණි. 1992 දී පූජ්ය විකිළියේ නාරද හිමියන් සටහන් කල ගල්කණු 119 කණු 52 ට අඩු වී තිබිණි. වටාපත හා දෑකැත්ත කොටා ඇති ගල්ටැඹක් දෙකට කඩා ඇති අතර එය පුරාවිද්යා මුර කුටියේ දැනට තැන්පත් කොට ඇත.

හඳගිරිය නටබුන් අතර ප්රධාන කේන්ද්රස්ථාන හතරක් හඳුනාගත හැක
1. ස්තූපය
2. පිළිම ගෙය
3. ප්රධාන සංඝාවාසය හා අවශේෂ කුටි
4. බෝධිය හා බෝධිඝරය
වෙහෙරගොඩැල්ල නැමති ස්ථානයේ ස්ථූපයේ අවශේෂ පවතී. ගරා වැටුණු මෙම ස්ථූපය නිදන් හොරුන්ගේ ග්රහණයට අසුවී ඇත. එබැවින් එය ගඩොල් ගොඩක් බවට පත්වී ඇත. එහි ප්රමාණය අනුරාධපුර ථූපාරාමයේ ස්තූපයට සමාන විශාලත්වයක් තිබිය හැක.
ස්තූපය අවට ගොඩනැඟිලි බොහොමයක් අතුරුදහන් ගොසිනි. දාගැබට වයඹ දෙසින් මීටර් 60ක් පමණ දුරින් පිහිටි පිළිම ගෙයක නටඹුන් හඳුනාගත හැක. ස්තූපයට යාර 50 ක් පමණ නැගෙනහිරින් ප්රධාන සංඝාවාසය හා ඊට දෙපසින් අඩි 10×10 ප්රමාණයේ කුටි දෙකක් තිබූ බව පෙනේ.
ස්තුපයේ සිට යාර 150ක් පමණ ඈතින් නිරිතදිග දෙසට වන්නට බෝධිය හා බෝධිඝරය පිහිටා ඇත. ගල් ඇන්දක් මත බෝධි මාලකයක් හා බෝධිඝරයක් තුළ රෝපණය කර ඇති බෝධිය අෂ්ඨඵලරූහ බෝධීන්ගෙන් එකක් බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. කර්ණිකාව සහිත විකසිත නෙළුම් පෙති හතකින් හා කුඩා නෙළුම් පෙති වලින් සමන්විත කවාකාර සඳකඩ පහණ ගලවා බෝමළුව මත මල් පූජා කිරීමට යොදා ගෙන තිබේ. මෙහි ප්රවේශ දොරටුව ඇත් සොඬ කොරවක්ගල් දෙකකින්ද පියගැටපෙළ සතරකින්ද සමන්විත බව පෙනේ. බෝධිඝරය අෂ්ඨාකාර හැඩයෙන් යුක්තය. එය වටා වැලි මළුවක් සහිත ගඩොල් ප්රාකාර බැම්මක් තිබූ බවට සාධක ඇත.

 

අවට ගම්මුන් අතර හඳගිරිය පිළිබඳ ජනප්රවාද බොහොමයක් පවතී. වරක් මෙම බෝධියට පුද සත්කාර කල කාන්තාවක් මියගිය පසු ඇය සතු රෙදිකඩක් ඇයට පින් පිණිස මෙම බෝධියේ එල්ලා ඇත. එදින රාත්රියේ ඇතින්නියක් මෙම රෙදිකඩ සමඟ බෝධි ශාඛාව බිඳ ගෙන ගොස් ඇත. පසුදින මේ ගැන සොයා බැලූ ගම්වාසීන්ට දකින්නට ලැබුණේ බෝධි ශාඛාව හිස මත ඇතිව ඇතින්න මැරී ඇති බවයි. කටුපත්ඔයේ මෙම ස්ථානය අද හඳුන්වන්නේ “ඇතිනිගේ මංකඩ” යන නාමයෙනි.
කපුගල දියඉන්න මාර්ගයේ සිට අඩිපාර දිගේ පහළට ගිය විට මුලින්ම හමුවන්නේ මාලිගාගොඩැල්ල යනුවෙන් හඳුන්වන භූමියයි. මෙහි ඇත්තේ පිළිමගෙයක ශේෂව ඇති ගල්ටැම්ය. අඟල් 8×6 ප්රමාණයේ අඩි 6 අඟල් 6ක් උස අඩි 10×10 ප්රමාණයේ සම සතරැස් කුටියක සිව්කොන පිහිටි ගල් ටැම් මත වහලය සාදා තිබූ බව පෙනේ. පශ්චාත් අනුරාධපුර යුගයේදී මෙම පිළිමගය අඩි 31×26 ප්රමාණයට විශාල කොට තිබේ. මුලදී කුඩාවට තිබු පිළිමගෙය ගල් කණු විසිහතරක් යොදා මහල් ප්රාසාදයක් බවට පරිවර්තනය කර තිබූ බවට සාධක තිබේ.
ජනප්රවාදයට අනුව මෙම ස්ථානයේ බුදුන්ගේ දළදාව වැඩ සිටි බවට විශ්වාසයක් තිබේ. මෙම ප්රවාදය සත්යනම් මෙම ස්ථානය සොළොස් ටැම් මත පිහිට වූ දළදා මැදුර විය යුතු බව පුජ්ය එල්ලාවල මේධානන්ද හිමියන් විශ්වාස කරයි. මෙහි මුලින් තිබූ පිළිමගෙය වට කොට කොන් සතරේ ටැම් 6 බැගින් ගල්ටැම් විසිහතරක් සිටුවා දළදා මැදුරක් සාදා පස්වන මිහිඳු රජතුමා (982-1029) විසින් අනුරාධපුර අවසාන භාගයේ දී චෝල ග්රහණයට හසු නොවී දළදා වහන්සේ රැකගත් ස්ථානය මෙය විය හැකි බව එතුමාගේ විශ්වාසයයි.
ස්ථූපයට ඉදිරියෙන් හා පිළිමයට දකුණු පසින් අඩි 20×30 ප්රමාණයේ එක් පෙලට ගල් ටැම් හයක් බැගින් පේළි හතරකින් යුත් ටැම් විසිහතරක් සහිත සංඝාවාස ගොඩනැගිල්ලක් දක්නට තිබේ. එයින් ශේෂව ඇත්තේ ගල්ටැම් නමයක් පමණි. බිම පතිත පතිත වී ඇති ටැම් ගණන 6කි. මෙයට අඩි විස්සක් පමණ උතුරින් හා අඩි විස්සක් පමණ දකුණින් අඩි 10×10 ප්රමාණයේ කුටි දෙකක් තිබූ බවට ශේෂව ඇති ටැම් වලින් පෙනී යයි. අඟල් හයක් උස අඩි 4, 5 දිග පළලින් යුත් කොනක ටැම් හතර බැගින් කණු දාසයක් සිටුවා ලෑලි තරප්පුවකින් උඩට නැගීමට සකස් කළ මහනුවර යුගයට අයත් ටැම්පිට පිළිම ගෙයක ශේෂ දැයි සිතේ.
ආශ්රිත ලිපි හා ග්රන්ථ
බිනරගම, ද., 2006. සබරගමුව පැරණි රජදහන (මද්ය වලව නිම්නය) මහ බින්තැන්න. 1st ed. කොළඹ 10: ඇස් . ගොඩගේ සහ සහෝදරයෝ, pp.131-153

A day in the life

Saturday, February 03, 2024

සින්නක්කර බෑ ඔන්න








 

පුරන් වුණත් මට නොදෙනා වපුරන්න...
තරන් නෑ නුඹට සිත මා මඩවන්න...
අරන් නැවුම් මානෙල් මල පුබුදන්න...
දියන් මටත් සින්නක්කර බෑ ඔන්න ...
කඩන් මීවදය අතවත් ලෙවකන්න...
වඩන් ඉවසීම තව බෑ සැනසෙන්න...
පටන් සුබනැකත රාහුද මට සින්න...
බලන් කෑම එකගෙයි වෙන හැටි බින්න...
තොරණ් බැඳ ගෙදර පිරියම් කර බෝම...
වලං වල සුවඳ විතරයි මට තාම...
අරං අත ඇගේ පෝරුව ලඟදීම...
වහං උනා නම් වෙන් නෑ පැරදීම...
රෑ පැල් රකිනු බෑ සඳ මත ඇගේ වත...
ගෙට ගොඩ වෙන්න බෑ ගින්නකි ඇගේ ගත...
මට උහුලන්න බෑ අය්යේ මගේ සිත...
සිහිනෙන් ඇවිලිලා හති තබපන්කො තිත...
...ශ්රීමතී වල්පොල ....

A day in the life

Friday, February 02, 2024

මෙයට උපගුරු .







අධ්‍යාපන පරිපාලන විෂයය පටන් ගන්න මුල්ම තැන විෂය භාර , අංශ භාර, නියෝජ්‍යවිදුහල්පති, සහකාර විදුහල්පති, විදුහල්පති , ගුරු උපදේශක , කොට්ඨාස අධ්‍යක්‍ෂ ,  විෂයය අධ්‍යක්‍ෂ,  අධ්‍යක්‍ෂ සැලසුම්, අධ්‍යක්‍ෂ , ගුරු ආයාතන (පරිපාලන)  සහකාර, නියෝජ්‍ය , අතිරේක තවත් ලියවෙන්න අමතක වුන ඒවාත් එක්ක කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ පහු කරලා පලාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ගාවටත් පලාත් අධ්‍යාපන ලේකම් ආදී සුපිරි තනතුරුත් ඔල මොට්ටල පලාත් අධ්‍යාපන ඇමති තනතුරුත්  එන කොට තනතුරු සීයයක් විතෝ තියෙනවා 

මේ ඇත්තෝ  කරන්්නෙ පුංචි ලමයින්ගේ අධ්‍යාපනයට කණ කොකා හඩවන එක. මේච්ර පිරිසක් ඉදලත් අපේ ළමයින්ගෙන් ටියුෂන් පංති පිරිලා. ටියුෂන් පංතියට ආවේ නැත්නම් විෂය භාර ගුරුවරයා සිසුවන්ට කෙනෙහිලි කම් කරනවා. ඉතින් තේරෙනවනේ අපේ අධ්‍යාපනයේත්  අධ්‍යාපන පරිපාලනයේත් පලදායිතාවය.

මේ කතාව අපේ රටේ අධ්‍යාපනයත්  අධ්‍යාපන පරිපාලනයත් ගැන නෙමෙයි.නස්රුදීන් කාලයේ සිද්ධවෙච්ච දෙයක් ගැන.දැන්  කාලේ කියලා අහංකාර නිළධාරින්ගේ හැසිරීම් රටාවේනස්රුදීන්ගේ කාලයෙත්  වෙනසක් නැහැ.අදත් එදත් .ගුරුවරියන් , කාන්තා අධ්‍යාපන  නිලධාරිණියන් පාසලට කියලා හිතාගෙන යන්නේ  රාත්‍රී  ප්‍රිය සම්භාෂනයකට යන්නා වාගේ.

නස්‌රුදීන් ගේ කතාවල විශේෂත්වය තමයි කතාව තමන්ටවු අත්දැකීමක් ලෙස විස්තර වෙන එක. ගුරුවරයෙක්, දේශකයෙක් ,වෙද්‍යවරයෙක්, වෙලෙන්දෙක් වැනි නොයෙක් චරිත බවට පත්වන  එක. නස්‌රුදීන්ගේ මේ කතාවෙන්  සදහන් කරන්නේ ගුරුවරයෙක් ලෙස විදපු අත්දැකීමක් ගැන .නස්‌රුදීන් පිටිසර ගමක පාසලක ගුරුවරයෙක් හැටියට සේවය කරමින් හිටියා. නගරයේ වගේ පිටිසර පාසල් වල පහසුකම් නැහැ. පාසල් පරීක්‍ෂකවරයා පාසලට එනවා කියන ආරංචිය ලැබුනදා සිට  ගුරුවරු  ඒ සදහා ලක ලෑස්ති වෙන්නේ තමන්ගේ කාඩ් එක කොහොම හරි බේර ගන්න ඕනි නිසා. 

නස්‌රුදීන්නුත් මාස ගානක් තම ශිෂ්‍යයින් පාසල් පරීක්‍ෂක පිලිගැණිමට හොදට සුදානම් කලා.ඔන්න ඉතින් එදා පාසලට ‍ගරු ගාම්භිරව සැපත් වුනේ පාසල් පරීක්‍ෂකවරයයෙක් නෙමෙයි  පාසල් පරීක්‍ෂකවරියක්. එතුමිය නස්‌රුදීන් සිසු දරුවන්ට පංතියේ උගන්වමින් ඉන්න වෙලාවේ පංතියට සැපත් වෙනවා.  ඔහුගේ ඉගැන්වීමේ කටයුතු පරීක්‍ෂා කරන්න 

හැමදාමත් වතු පිටි කෙත්වතු හරහා ආ  සුදු මුදු සුලග  වෙනුවට අමුතු සුවඳිකින් පංති කාමරය පිරී ගියා. කර පළල අත් රහිත හැට්‌ටය. ඉනට බොහෝ පහළින් දවටා ගෙන  තිබුන  ඇගේ  සාරිය  සිරුරේ වැඩි කොටසක් ස්වභාව ධර්මයේ  නිර්මාණයන් ප්‍රදර්ශණය කරමින් තිබුනා. රතට රතේ පින්තාරු කල  දෙතොල, චුටි ඉරක් වගේ ඇද ඇසි බැමි ගලවා නිර්මාණය කල දෙබැම . ලේ වැකුණු අමු මස්  ගොඩකට ඇන්නා වගේ  අප්‍රංබංශ සිර‍ැර .මේ විසිතුරු නිර්මාණය දෙස  සිසුන් කට අයාගෙන පුදුමයෙන් වගේ බලා සිටියා.මේ කෝළම  දැකපු  නස්‌රුදීන්ට හොදටම තරහ ගියා. 

කරන්නම්  අද හොද වැඩක් කියලා සිතිවිල්ලක් ඇතිවුනා.නස්‌රුදීන් ගේ සුන්දර  ඉගැන්වීමේ ක්‍රම පිලිවෙත නිසා නස්රුදීන්ට සිසුන් හරි ආදරෙයි. අමාරු දෙයකට වුනත් විනෝදාත්මක ආදර්ශක උපයෝගි කරගන්න නස්‌රුදීන්ගේ අධ්‍යාපන රටාව පොහොසත්.  එදා පංතියට සැපත් වුන පාසල් පරීක්‍ෂකවරිය සිසුන්ගෙන්  – නස්‌රුදීන්ගේ ඉගැන්වීමේ දක්‍ෂතාවය උදුරාගෙන කියලා නස්රුදීන්ට තේරුනා. සිසුන් පාසල් පරීක්‍ෂකවරියගේ  රූප ස්වභාවය   නිසා අන්ද මන්ද වෙලා. නස්රුදීන්ගේ ඉගැන්වීමේ හරඹය බින්දුවට බස්සලා පාසල් පරීක්‍ෂකවරිය ගේ රුප සොබාවටත්  ඇගෙන් විසුරුනු ස්වභාව ධර්මයට සම්පාත වුන ශාරිරික  හරඹයටත් සිසුන්ගේ මනස  ජයග්‍රහණය කරලා.

ඉගැන්වීමේ  හරඹයෙන් පසු   පරීක්‍ෂකවරිය ළමයින්ගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා. ඒත් ඒ ප්‍රශ්න වලට ළමයින්ගෙන්  උත්තර නැහැ. ඒ මදිවාට නස්‌රුදීන් පාසල් පරීක්‍ෂකවරියට පිටුපසින් හිටගෙන අතින් ඇසින් සංඥා යොදවමින්   ළමයිනට නිසි පිළිතුරු නොදෙන ලෙසට දන්වනවා.

අවසානයේ පරීක්‍ෂකවරිය නස්‌රුදීන්ගේ ඉගැන්වීම අසාර්ථකයි කියල වාර්තාවක් දීලා  වහාම නිදහසට කරුණු ලබා දෙන ලෙසට නස්රුදීන්ට දැන්වුවා. නස්‌රුදීන් චෝදනාවට උත්තර බදින්න කොලයක් ගත්තා.  පිළිතුර සටහන් වුණා. පිලිතුර බොහෝම කෙටි එකක්.“මම බොහෝ අධ්‍යයනය කර සිසුන්ගේ මනසට රිංගීමට කල උපක්‍රම පරදා    තමන්  ශිෂ්‍ය ජීවිතයෙන් පසු වෘත්තීය ජීවිතයේ දී  ධනයෙන් ලබාගත යුතු රන් රුවන් මුතු මැණික්‌. දුහුල් සළු, සුවඳ විලවුන්,වැනි භෞතික සම්පත් සහ  අනුරාගි බැලුම්, කාමුක දර්ශණ පංති කාමරය තුලදීම තම සිසුන්ට අත්විදීමට ලැබීම ජයග්‍රහණය කර ඇත.එවැනි ක්‍රම තුල සිසු දරුවන්  ශිල්ප ශාස්‌ත්‍ර කෙරේ යොමුවෙතැයි යන්න මට නම් සිතාගත නොහැකිය.”

මෙයට උපගුරු

නස්රුදීන්.


A day in the life

Thursday, February 01, 2024

කුළු පේ කිරීම






බලන්නකෝ මේ ඡායාරෑපය දිහා . පෙර කාලයේ ලොකු කතාවක් ගමට කිවිව මේ ලියක රදවපු කුල්ල
ඉස්සර අපේ ගම්වල තිබුන ගෙවල්වල දැන් වාගේ කාමර ගොඩක් තිබුනෙ නෑ. ඒවාට තියා ගෙට ඇතුල්වෙන තැනවත් තුස්සියටවත් දොරවල් තිබුනෙ නෑ. දොර වෙනුවට පැලැල්ලක් තමා තිබුනෙ දොරට හේත්තු කරන්න.හැම ගෙදරකම පිරිමි බොගෝ රැයවල් ගතකලේ හේනෙ නැතිනමි කුඹුරේනෙ සත්තුන්ගෙන් අස්වැන්න රැක ගන්න හන්දා. එතකොට විවාහකයන්ට කෝ ඉඩක් විවාහයේ සතුට විදින්න.
එයාලට ඒ සතුට විදින්න උනේ දවල් කාලෙමයි. හිතන්නකෝ මහ දවාලෙ දොරක්වත් නැති හැම තිස්සෙම ගෙට පිටඅය ගොඩවෙන තැනක ඒ සතුට විදින්න හිත හදාගන්නෙ කොහොමද කියලා ඒක හරි අමාරු වැඩක්. අනේ මටනම් බ්ෑ.අන්න ඒකට විසදුම තමා මේ කුල්ල. කාගෙහරි ගෙදරක මිදුලෙ මේ රුපයේ පෙනෙනවා වගේ ලියක කුල්ල රදවලා තිබනොත්. ගමේ කිසිම කෙනෙක් මේ මිදුලට අඩියක් තිබ්බෙම නෑ. ගමේ හැමෝම දැනන් උන්නා මේ ගෙදර දෙමහල්ලො මේ මොහොතේ රතිසැප විදිනවා කියලා .ඒකට එයාලා කිව්වා කුළු පේ කරනවා කියලා හරි අපුරැයි නේද?. අපිත් අද ඉදලා කියමුද?කුළු පේ කරන්න යමු මැණිකෙ කියලා ගෙදර නෝනට.
ඔයාල මේවගේ අතීත රසකතා අහන්න ආසයි කියල සටහන් කරල තිබුනොත් ආයෙත් දවසක ලියන්නම්

මුුහුුනු පොතට ලියුවේ කපිල සේන.

A day in the life

Wednesday, January 31, 2024

වසර විසි අටකට පෙර අඳුරු මතකයෙන්.......











 

ජනවාරි 31  දිනට ශ්‍රී ලංකා මහ බැංකුව කොටි බෝම්බ ප්‍රහාරයට ලක්ව අවුරුදු ( 1996 ) විසි අටකි. එදින බැංකුවේ සේවයේ නියුක්ව සිටි සහෝදර ධර්මදාස වෙල්හේනගේ සහෝදරයා ගේ  සටහනක්වු අත්දැකීම  පහතින් පලවේ..

එදා 1996 ජනවාරි 31 දිනයයි. මම මහ බැංකුවේ බිම්මහළත් පළමුමහළත් අතර අතුරු මහළෙහි සේවයේ යෙදීසිටියෙමි. වේලාව උදේ 10.30 පසුවන්නට ඇත. බිම් මහළේ රාජකාරියේ යෙදීසිටි නාවික හමුදා නිළධාරියාගේ මැෂින් තුවක්කුවෙන් එක දිගට වෙඩිහඬ ඇසෙන්නට විය. අසාමාන්ය ශබ්දයෙන් කලබලවූ අපි බිම්මහළ දෙස බලන්නට වීමු. පහළ සිටි කවුදෝ මහ හඬින් බෝම්බ ලොරියක් බැංකුව ඇතුලට එන්න හදනවා යැයි කෑගසමින් මැදි මහළට වේගයෙන් නගිනු දුටුවෙමු. ඒ සමග අපි සියලු දෙනාම මැදි මහළේ පිටුපසට දුවන්නට පටන් ගතිමු. සියල්ලෝම පහළට බසින පඩිපෙළ ලඟ සිරවුනි.ගතවූයේ නිමේෂයකි.මහා බිහිසුණු හෙණහඬකි.

 

අපි සියල්ලෝම මොහොතකට සිහි නැතිවූවාසේය.මුලු ගොඩනැගිල්ලම සෙලවෙනවා දැණුනි.ඇස් ඇරී බලනවිට අපි මුලින් සිටි පෙදෙසම කඩාවැටී විශාල ආලෝකයක් පැතිරී තිබුණි. ඒ මොහොතේ අපේ ගොඩනැගිල්ලේ වීදුරු සහ බිත්ති කැඩී කුඩුවී විශාල ශබ්ද නඟමින් පහළට වැටෙමින් තිබුණි.මා සිටි ස්ථානයේ සියලු දෙනාම අණතුරක් නොමැතිව සිටි බව පෙනුනද සියල්ලෝම හඬමින් කෑගසමින් ඉක්මනින් පහළට බසින්නට උත්සාහකරමින් සිටියේය. මමද අමාරුවෙන් පහලට තල්ලුවී බිමට බැසගතිමි. තුවාලවූ අපගේ සහෝදර සහෝරියන් ගේ වේදනා හඬ දසතින් ඇසෙන්නට විය.ගොඩනැගිල්ලේ වීදුරු බිමට වැටෙනහඬ තවමත් ඇසේ,ඉදිරිපස කොටසේ සිට විශාල දුමක් ඉහළට නගිනු පෙනුනි. මා ඇඳසිටි සුදුකමිසයේ තැනින් තැන විශාල ලේ පැල්ලම් වූ බව දුටුවේ මුහුද අසල පාරට පැනගත්විටය.පෙරපිණකින්දෝ මට තුවාල නොතිබුණි,තදවී බිමට බසිද්දී අනෙකුත් සොහෝයුරන්ගේ ලේ තැවරී තිබුණි. මොහොතක් දුම් නැගිමින් තිබුනු බැංකුව දෙස බලාසිටියා මතකය.

අප සමග සේවයේ නියුතු සහෝදර සහෝදරියන් 41 ක් ජීවිත අහිමි වූ බව දැනගත්තේ පසුවය.තවත් දෑස් අන්ධව අංග විකලව තවමත් දුක්විඳින සියගණනකි.මහබැංකුව අවට සිට මෙලොවින් සමුගත් සහ තුවාල වු අය බොහෝය.
වසර ගණනක් දහවල් කෑම මේසයේ සතුටු සාමීචියේ යෙදීසිටි, නොදන්නා සමහර විෂය කරුණු අපට කියාදුන්, ඇවිදින පුස්තකාලයක් වැනිවූ අපේ හොඳම මිතුරෙකු වූ නිමල් පීරිස් මහතා අකාලයේ ජීවිතයෙන් සමුගෙනය. තවත් එවැනි හැකියාවන් තිබූ කිහිප දෙනෙකුම අප අතරින් සමුගෙනය. ඒ අභාග්ය සම්පන්න ශෝචනීය සිදුවීම වී අදට අවුරුදු 28 කි. මා මියයන තෙක් මේසිදුවීම මතකයේ රැඳී පවතී.

 


ජීවිතයෙන් සමුගත් අපේම සහෝදර සහෝදරියන්ට සංසාරේ කිසි දිනක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවායි පතමි. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා...!
මේ සිදුවීමෙන් අබල දුබළ ව තවමත් ජීවත්වන සහෝදර සහෝදරියන්ට තෙරුවන් බෙලෙන් නිදුක් නිරෝගී සුවය ප්රාර්ථනා කරමු.

A day in the life

Tuesday, January 30, 2024

වැව් කතාවක්..



 




 

ලොවක් මවිත කල විශිෂ්ටතම වාරී තාක්ෂණය්කට හෙළදිව අප උරුමක්කරුවන් වන්නෙමු.හෙළදිව ආර්ථිකයේ පදනම වූයෙ වැවයි.හෙළදිව ලොව පුරා කීර්තියක් දරා සිටි ප්රථාපවත් සංකේතය වූයේ ඈත අතීතයේ සිටම අපගේ සංස්කෘතිය වූ වැවයි දාහැබයි කෙතයි වේ.

 


ඒ අනුව වර්තමානයේ පවතින සම්මතයට අනුව මුළු ලොවටම හා හා පුරා කියා වාරී ශිල්පය හදුන්වා දුන් ප්රථම වැව වන්නේ අභය වැවයි

 

වැවක් යනූ උස්බිම් දෙකක් යා කර ඇළක් කර බැදි බැම්මකින් යුත් ජලය එක් රැස් වන ස්තානයයි.ඒ අනුව හෙළදිව ගංගා 103ක් කේන්ද්ර කොට ගෙන වැව් අමුණු දස දහස් ගණනක් ඉදි කිරීමට අපගෙ අතීත රජ දරුවන් කටයුතු කර ඇත.රජරට පුරාවට පමණක් වැව් පන්දහස්කට වඩා ඉදිකොට ඇත.අහසින් පොළොවට වැටෙන එකම දිය බිදක් වත් මහමුහුදට ගලා නොයා යෑමට ඉඩ නොදි මහ පොළවෙම රදවා ගෙන වියළි රජරට තෙත් කිරීම එකල වැවක ප්රධාන රාජකාරීය වූවේය..

 


ඒ අනුව වැව් සංස්කෘතිය හරහා ආරම්භ වූ කෘෂිසංස්කෘතිය මානව සංස්කෘතියකි.බීම්ට නෑමට පමණක් නොව සතා සීපාවන්ගෙ පැවත්මටද වැව අවශ්ය විය.එකල වැව් වර්ග කිහිපයක් තිබි ඇත ගම්වැව්,යෝධවැව්,ලන්දේවැව්,කුළුවැව් ලෙසින් ගම්වැව් යනු එක ගමක ඇති වැවකි.අදටත් රජරට ප්රදේශයේ බොහෝ ගම් වල වැවක් දෙකක් දක්නත ඇත.එලෙසින්ම බොහො ගම්වල අවසානය වැව ලෙසින් ද තිබේ උදා ගලෙන්බිදුනුවැව,කෝන්වැව ,දිවුල්වැව ලෙසින්. ලන්දේවැව් යනු වියළි කලාපයේ සතුන් දිය බීමට ගම්මාන වලට පැමිණීමට වැලක්වීම සදහා වනාන්තරය තුල ඉදි කල වැවකි.කුළු වැව් යනු විශාල වැවක ආරක්ෂකයාය.ප්රධාන වැවට වර්ෂා කාලය තුලදී ගලා එන විශාල ජල කද එක් වරම ප්රධාන වැවට ගලා ඒම වලක්වා ක්රමයෙන් වේගය අඩු කර රොන් මඩ තැන්පත් කරගෙන පිරිසුදු ජලය පමණක් වැවට ගලා ඒමට සලස්වන වැවය.ස්වාභාවික ඇළක් හෝ කදු වැටි දෙකක් එක් කර බදින අද බැම්මෙන් නිර්මාණය වන වැව නිකම්ම නිකම් වැවක් වූයේ නැත.ඊට සොරොව්ව,බිසෝ කොටුව, මඩ සොරොව්ව ,වාන ,රළපනාව, ඉහත්තාව ,තාවූල්ල ලෙසින් බොහෝ අංග රැසක් අයත් වූය.

 


වැවක ප්රධනම අරමුණ වූයේ විශාල ජලය ප්රමාණයක් රදවා තබා ගැනීමයී.අතීතයේ අද මෙන් යන්ත්ර සූත්ර වලින් සකස් කරන ලද ඒවා නොවෙයි.මිනිස් ශ්රමය,අලි ඇතුන්, හරකුන්, යොදා තලා බැම්මට අවශ්ය පරිදි සකස් කර ඇත.විශාල ජල කදක් වූවද ගබඩා කරගැනීමට අවශ්ය ආරක්ෂක ක්රම යටතේ සකස් කොට ඇත.අතීතයේ විශිෂ්ටතම ජල කළමනාකරණ සදහා වැවක වැදගත් ම අංගය වූයේ සොරොව්වයි.වැවේ ජලධාරීතාවය වැඩිවත්ම සොරොව්ව මගින් පිට කරන ජලයේ පීඩනය අවම කිරීම සදහා බිසෝකටුව නිර්මාණය කර ඇත.බිසෝ කොටුවෙ ඇති අවකාශය හේතූවෙන් ජලය ඉහළ ගමන් කොට ජල පීඩනය අවම කිරීම හේතූවෙන් වැව් බැම්ම ආරක්ෂා වේ.වැවේ ආරක්ෂකයාය වන්නේ වානයී වැවක උපරිම ලෙස ජලය දරා අතිරික්ත ජලය පිට කිරීම වානේ ක්රයාවලියයි.වැවක පැවත්ත්ම් ඇත්තේ ඉහත්තාව මතය.ඒය වැවේ පෝෂක ප්රදේශය වෙයි.වර්ෂා කාලය තුල වැවට ජලය ගලා එන්නේ ඉහත්තාව තුලින් වෙ.ඒ අනුව පැරණි ජනයා මහත් භක්තියෙන් ආරක්ෂා කරන ලදි කිසිවිටක කැලය එළි පෙහෙළි කිරීම නොකලේය.එම නිසා වැව් ඉහත්තාව නිතරම තෙතමනයෙන් පැවතුණි එම නිසාම වන සතුනට ආහරද සුලබව තිබිණ.මීට අමතරව වැව් බැම්මේ ආරක්ෂාව සදහා කළුගලින් රළපනාව සකස් කොට තිබිණ .

 


අතීතයේ වැව බලා කියා කටයුතු කරන ලද්දේ ගමරාළ විසිනි.එකළ වැව කේන්ද්ර කොට ගෙන ගම්මාන බිහි විය.ගම්මානයක් හා වැවක් අතර තිස්බඹය යනුවෙන් කොටසක් විය එය කට්ටකාඩූව ලෙසින්ද හදුන්වා ඇත.එ හදිසි අවස්තාවකදි බැම්මට පස් සපයා ගැනීම සද ඉතුරු කර තිබිණ .ගම්මානයේ ඉදිරිපිට වෙල් යායයී.එක රව්මට ඉදි වූ ග්ම්මානයේ සොරෝව්ව ආසන්නයේ ගෙදර හිමි වූයේ ගමරාළට හ විදානෙටයි.ගමරාළ හා විදානේ දින දෙක තුනකට වරක් ප්ර්ධාන ජලය ගලා බසින වේලී දිගේ ගමන් කොට ජලය මදි පාඩූ කුඹුරු පිලිබදව සොයා බලා ඔව්න්ට අවශ්ය ජලය සැපයීමට කටයුතු කරේය.මෙසෙ ගමරාළ හා විදානේ විසින් වැවේ ජලය කළමනාකරණය කිරීම නිසා කන්න අවසානයේ සෑම ගොවියෙකුම ඔව්න්ට සලාරිස් වශයෙන් වී කොටහක් ලබාදීමට පුරුදු වී සිටියේය.මීට අමතරව වැවෙන් නෙලාගන්නා මුකුණුවැන්න දිය බෙරලිය නෙළුම් අල, ඕළු හාල් වැනි ආහරද හේතූවෙන් වැව සම්පතක්ම විය.

 

එලෙසින් ම වැව හිදි යන කාලය තුල වැව් බැම්ම කෙටීම වැව් බැම්ම සේදී ගොස් ඇති තැන් සදහා පස් පුරවා බැදීම වැනි රාජකාරී සැම ගොවියෙකුටම පැවරුණු රාජකාරී වෙයි.එසේ නොකරන ගොවීන් සදහා නීතීය ක්රියාත්මක කරවන්නේ වැව් ලේකම් විසිනි .ඔහු ගම්මුලාදෑනීයාගේ සහය ඇතිව ගම්සභා උසාවිය දක්වා ඔව්න් ගෙන ගොස් දඩ නියම කරණු ලැබිණ .සමහර විටක දිය තහංචිය නමින් දිය ලබා නොදීමේ ක්රියාමාර්ගද අරන් ඇත.
එසේ වැව හා කෙරෙන සිරිත් විරිත් මෙන්ම වැව් රාජකාරිය තහනම් කිරීමට බ්රිතාන්ය අධිරාජ්යවාදීන් කටයුතු කිරීමේන් වැව සදහටම ගැමි සමාජයෙන් සමුගත්තේය.

 

එහෙත් අද වැව අයිති රාජ්ය ආයතන මගින් වැවේ ප්රථිසංස්කරණ කටයුතු කිරීමට ලබා දෙන්නේ දේශපාලූවන්ගේ හෙංචයින්ටය.එය අධීක්ෂණය කිරීමට සිටින රාජ්ය නිළධාරීන් ද එම කොන්ත්රාත්කරුවන් ගේ සුරතලුන් බවට පත් වන්නේ කොන්ත්රාත් මුදලින් ලබා දෙන සියයට 1\10 ක් වූ මුදල් කුට්ටි නිසාම ය.එම හේතූවෙන් වැවේ ප්රතිසංස්කරණ කටයුතු නියම ප්රමිතියකින් තොරව නිමා වීමයී.ඊටත් වඩා හානීය කියන්නේ මෙම කොන්ත්රාත්තුව ලැබෙන්නේ ගමේ ගොවි සංවිධානයටය එහෙත් එම කොන්ත්රාත්තුව සිදු කරන්නේ දේශපාලන හෙන්චයියන් විසිනි එ වෙනුවට ගොවි සංවිධානයේ ගිණුමට %05 ක කොමිස් මුදලක් ලැබෙන අතර එම මුදල් අහිමි වේ යැයි බියෙන් වැවේ ප්රතිසංස්කරණ කටයුතු කෙසෙ වූවත් බිහිරි අලීන් හා අන්ධයින් මෙන් සිටීමට ගමේ ගොවි සංවිධානයේ නිළධාරීන් කටයුතු කරයි.අහෝ වැවට වූ කේදවාචකය ගමේ වස්තුව , ගමෙ උරුමය රාජ්ය දෙපාර්තමේන්තුවේ කෙළිබඩුවක් බවට පත්කර ඇත්.මෙම තත්වය මත නිළධාරීන් ගෙ හොද්ද බොර වීම හේතූවෙන් ගොවියාට රාජ්ය දෙපාර්තමේන්තුවේ න් ලැබෙන නියෝග දෙස බලාගෙන හූල්ලා බලා සිටීමට සිදුවී තිබේ.පැරණි ජනයාගේ වස්තුව වූ වැව අද රජයේ පමණක් නොවෙයි විදේශීය ණය දෙන සමාගම් වල කෙළිබඩුවක් වී ඇත

 

ගමක සිරිය

Wathsala Priyanthi Nanayakkara

A day in the life