Sunday, August 07, 2022
මුන් ට පිස්සු ආනන්ද .
Saturday, August 06, 2022
දියව් ! දියව් !!.
ජීවත් වීම අසීරුය.රටේ ආර්ථිකය ලත්වු පීඩනය අපේ
බත් පතටත් එල්ලවී තිබේ.
පසුගිය අවුරුදු දෙක අපිට වුන දේ හිතාගන්නටවත්
නොහැකිය. පොහොර ගෙන්වා ගැණිමට මුදල් නොමැතිව එම වියදම් කපා හැරීමට අපට යෝජනා කලේ
වස විසෙන් තොර ආහාර වේලක් සදහා කොම්පෝස්ට් පොහොර භාවිතා කළ යුතු බවය. මෙයට උඩ ගෙඩි
දෙන්න වියත්තුන් ,සංඝරත්නය ආදී සමාජ ප්‍රමුඛයෝ
බොහෝ සිටියේය. පොහොර නොමැති වීම නිසා කෘෂිකර්මය බින්දුවට බැස්සේය. ගොවියෝ පාරට
බැස්සා ද පාරට රැගෙන අවාද දන්නේ දේශපාලන පක්‍ෂ කාරකාදීන්ය.
කොවිඩ් රට වසා තබා විදේශීය සංචාරක ව්‍යාපාරය
,දේශිය කර්මාන්ත අඩපන කලේය.ඒ මදිවාට වැඩ
වර්ජන රැල්ලක්ද වෘත්තීය සමිති විසින් ඇති කලේය. ලෙඩා පන අදින්නට පටන් ගත්තේය.
ආහාර .ගෑස්, ඉන්ධන සහ ඖෂධ අහස උසට මිළ ඉහල ගියේය. හිග විය.
ඒ අතරට අරගලය පැමිණියේය. අරගලයට වැඩෙන්න සරු
බිමක් ඇතිව තිබු බැවින් එය පලබර විය. බීජ වැපුරුවෝත් සහ ඵල නෙලා ගන්නට බලා සිටි පිරිසත් අන්දමන්ද
කරමින් ජනතා වරමක්වද නැතිව සිටි උකුස්සෙකු
ගොදුර ඩැහැගත්තාය.
ඒ වර්තමානය තෙක් අතීත කතාවයි.
අද වර්තමාන ජනාධිපති රණිල් ගේ ආවේනික ක්‍රමයට රටේ පාලනය අවතීර්න වෙමින් පවතී. ඔහුගේ ආර්ථික න්‍යායන්ට
අනුව රාජ්‍ය ව්‍යවසාය පැවතීම යල් පැනගිය කටයුත්තකි. අද සමාජවාදී රටවල් පවා මේ න්‍යායෙන්
මිදී පෞද්ගලීකරණයට පිවිසී තිබේ. පෞද්ගලිකකරණය වු පසු රජයට බරක් නොමැතිව බදු ආදායම
ලැබේ. අපේ රටේ රාජ්‍ය ව්‍යවසායන් දූෂණයෙන් මෙන්ම අකාරයක්‍ෂමතාවයෙන් බෙලහීනවී
තිබේ.ඒවායේ පාලකයන් මෙන්ම සේවකයින්ද ආයාතනයේ පැවත්ම නොසලකා තමන්ගේ පැවත්ම ගරන
පමනක් සොයා යයි. ආයතනය පැවතුනහොත් පමනක් තමන් පවතින බව නොසිතයි. රාජ්‍ය භාණ්ඩාගාරය
මැදිහත් නොවන්නේ නම් අවසානයේ තමන්ගේ පැවත්මත් අහිමිවන බව නොසලකයි.
මිළදී ගෙන අලවි කරණ සතොස වැනි ආයාතන පාඩු ලබද්දී
පූඩ් සිටි කීල්ස් වැනි ආයාතන ලාභ ලබයි. මෑතක අරඹන ලද වෙළද ව්‍යාපෘතියක් සහිපත් වේ.
මේවා හදුන්වන්නේ කුළු බඩු මණ්දීර නමිනි. ඒවායේ දේශීය කුළුබඩු වර්ග අළවිය සදහා තබා
තිබේ. නළමනාකරුවෙකු ඇතුළුව සේවකයින් කිහිප දෙනෙකු සේවය කරයි. මෙම සේවකයින්ට වැටුප්
ලබා දිය හැකි තරම්වත් ආදායමක් ඇත්දැයි මීදුමට සැක සිතේ. මෙම භාණ්ඩ සතොස මලින්ද
බෙදා හැරිය හැකියාවක් තිබියදී මෙම ව්‍යාපෘතියේ අරමුණ එක් දේශපාලකයෙකුගේ
සංකල්පනාවකි.
මෙවැනි බාල කටයුතු නිසා අපේ ආර්ථිකය තව තවත්
පිරිහේ.
අපි අද දැඩි ආර්ථික ප්‍රශ්න මධ්‍යයේ එදිනෙදා ජීවිතය
ගැට ගසා ගන්නට ප්‍රයත්න දරන පිරිසක් බවට පත්ව ඇත.මේ වෙනස ගලපා බලන විට පෞද්ගලික
මට්ටමෙන් දැඩි වේදනාකාරීය. සුළු ,මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයෝ මෙන්ම මහා පරිමාන ව්‍යාපාරිකයෝද
තමන්ගේ ව්‍යාපාර මුදල් සංසරනය අවම වීමෙන් කඩාහැලෙන තත්වයකට පත්ව ඇතැයි මැසිවිලි නගති.
ජනතාවගේ දෛණික ආදායම අඩුවීම සහ භාණ්ඩ මිළ කෘතිම ලෙස ඉහලයාමත් මිළදී ගැණිමේ
හැකියාව අඩුවීමත් වෙළදපල මුදල් සංසරණයට විශාල බලපෑමක් කර ඇත. ආර්ථිකය ගැන
දැනමිත්තන්ගේ ප්‍රකාශයන් කියවන විට මේ තත්වය තවදුරටත් ඉහල යනු ඇතැයි බියක් දැනේ.
රටකරවන පාලකයෝ අසීමාන්තික ලෙස වරප්‍රාසාද භුක්ති
විදිමින් සිටී.ඔවුනට වගවීමක් කැති තරම්ය.
ගෙවී යන 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කළ රාජ්‍ය අයවැයෙන් වර්ෂයේ සමස්ත අයවැය හිඟය
රුපියල් බිලියන 1628ක් ලෙස ඇස්තමේන්තු කර තිබිනි.මේ අනුව මේ වසරට (2021) සාපේක්‍ෂව
අයවැය හිඟය රු.බිලියන 1826 සිට රු.බිලියන 1628 දක්වා රුපියල් බිලියන 198කින් මෙම
වසරේ (2022) දී අඩුකර
ගැනීමට මෙවර අයවැයෙන් ඉලක්ක කර තිබිනි.මේ අනුව සමස්ත අයවැය හිඟය දළ දේශීය
නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස මේ වසරේ (2021) සියයට 11.1 සිට ලබන
වසරේ (2022) දී සියයට 8.8 දක්වා අඩුකර ගැනීමට අපේක්‍ෂාව
විය.
අයවැය හිඟය පියවන අයුරු
§ සමස්ත
අයවැය හිඟය රු. බිලියන 1628
§ මුළු
විදේශ මුල්‍යනය (179)
§ මුළු
දේශීය මුල්‍යනය 1807
§ මුළු
මුල්‍යනය 1628
ලෙස
සටහන් විනි. මේවා පාර්ලිමේන්තුවේ සිටින අපේ ජනතා නියෝජිතයෝ නොදන්නා කරුණු විය නොහැකියි.
මේ
අපේක්‍ෂාවන් බොද කරමින් එක් කණ්ඩායමක් විසිර ගිය අතර නව නායකත්‍වය ශිල්ප දක්වන්න
පටන් අරගෙන තිබේ. බංකොලොත් රටක ජනතාව වන අපිටත්” දියව් දියව් “ සටන් පාඨයෙන් බැහැරව
අඩුම තරමේ තමන්ගේ දිවිපැවත්ම ආරක්‍ෂා කර ගැණිමට වත් දේශීය නිෂ්පාදන කාර්යයකට යොමු
වන්නේ නම් සුරක්‍ෂිතවේ යයි මීදුම සිතයි.
තමන්
හිසට තම අත සෙවනැල්ල මිස වෙනත් පිලිසරනක් නොමැති කාලයකට අප පැමිණ සිටින
බව මීදුම සිතයි.
Thursday, August 04, 2022
මහ දිග කතාවක් නෙවෙයි...විනාඩි 18යි
Wednesday, August 03, 2022
අග්ගලා තියෙනවා නම් ගමුකෝ - මහාචාර්ය සෙනරත් පරනවිතාන.
මීදුම කතා කරන්නේ එතුමාගේ සේවය ගැන නොවේ. එතුමා
අපට ඉතිරි කල රසකතා කිහිපයක් ගැනය. මේ රස කතා තුලද ඇත්තේ ද එතුමාගේ පෞරුසත්‍වය
හා බුද්ධියේ නිම් වලළුයි.
1956 පිහිටවු රජයේ සංස්කෘතික අමාත්‍යාංශය
මගින් පවැත්වු පළමු සාහිත්‍ය උලෙල උත්සවශ්‍රීයෙන්
කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේදී පැවත්වුනා. මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා වුනේ
එවකට අගමැති එස් ඩබ්. ආර් ඩී . බණ්ඩාරනායක මැතිතුමා. එතුමා ගේ දේශණයෙන් පසු ඇමතුම
තිබුනේ මහාචාර්ය සෙනරත් පරනවිතාන. මහතාට. එතුමා දේශණය පටන් ගත්තේ මෙහෙමයි.
“මුලාසනේ හාමුදුරුවන්ගෙන් අවසරයි , පණ්ඩිත
සභාවෙන් අවසරයි ,දේශපාලන කතාවෙන් පස්සේ , කෝට්ටේ ඉතිහාසය ගැන මට අද කථා කරන්න
සිද්ධවෙලා තියෙනවා “ කියලා තම දේශණය පටන්
ගත්තා. බණ්ඩාරනායක මහතාත් වේදිකාවේ ඉන්නවා. රටේ ඉහලම බලවතා දේශපාලකයා. ඒත්
පරණවිතාන මහත්තයාගේ අභිමානය ඊට ඉහලින් .තියෙන බව අවසර ගැණිමේ වචන පේලි දෙක තුනේ
හැංගිලා තිබුනා.
ඒ එතුමාගේ හැටි.
තවත් දවසක ගුවන් විදුලියේ සාකච්ඡාවකට මෙතුමා
සහභාගි වෙනවා. මාතෘකාව “බුදු පිළිම වහන්සේ.”
ගොරහැඩි කළු ගලකින් ශාන්ත බුදු පිළිමයක් නිර්මාණය කලේ කොහොමද ? වැනි පැතිකඩ
කිහිපයකින් බුදුන් වහන්සේගේ පිළිම ගැන සාකච්ඡා වුනා. මේ සාකච්ඡාවට මාපලගම විපුලසාර හාමුදුරුවොත් මංජු ශ්‍රීමහත්තයත්
.මහාචාර්ය සෙනරත් පරනවිතාන මහත්තයත් සහභාගි වුනා.මේ සාකච්ඡාව යන අතරේ සංවාදකයා
මහාචාර්ය තුමාට ආරධනය කරනවා. ලංකාවේ බුදු පිළිම වල ඉතිහාසය ගැන මහාචාර්ය තුමාගේ අදහස කියන්න කියලා.
මහාචාර්ය තුමා කියනවා “ ලංකාවේ මුල්ම බුදු පිළිම
බොහෝම අඩුයි. හේතුව හුගාක් දෙනා බුලත් විටට කාලා .” කියලා.
ඊට පස්සෙයි කතාව පැහැදිලි කරන්න පටන් ගත්තේ.
ලංකාවේ බුදු පිළිම බොහෝමයක් හදලා තියෙන්නේ හුණු
ගලෙන්. ඒ ගල් පුච්චාපුවම විටට කන හුණු නිෂ්පාදනය වෙනවා. අපේ මිනිස්සු බුලත්
කන්න රුසියෝ.ඒ ගලෙන් හදපු බොහෝ බුදු පිළිම
විනාශ වෙලා කැඩුණු බිදුණු කොටස් මේ සදහා යොදවා ගෙන තියෙනවා.කියලා එතුමා පැහැදිලි
කරනවා.අපි පුරා විද්‍යාවේ වැඩ කරන කාලේ මෙවැනි උදවිය අල්ලා ගෙන දඩුවම් කරලත්
තියෙනවා.
එතුමාගේ කතාව
සාධාරනිකරණීය කලා
රාමා රාවනා සීතා වෘතාන්තය ගැන විවිධ මත
තියෙනවා.පරනවිතාන මහතාගේ මතය වුනේ රාමායනය සාහිත්‍ය ග්‍රන්ථයක් විනා ඉතිහාස ග්‍රන්ථයක්
නොවන බවයි. ඉතිහාසය ගොඩනැගීමේදී මූලාශ්‍රවන්නේ සෙල් ලිපි , කාසි ,පෞරාණික නටබුන්
මිස සාහිත්‍ය නොවන බව එතුමාගේ මතය වුනා. එකල පැවති සම්මන්ත්‍රණයකදී මේ පිළබදව
කරුණු ඉදිරිපත් කල එතුමා සහභාගී වී සිටි වියතුන්ගෙන් ප්‍රශ්න තිබේදැයි විමසුවා.
එක් වියතෙකු විසින් ඔහු නුවර එළිය ප්‍රදේශයේ
පිහිටි රාවනා ඇල්ලට ගිය බවත්,එහි ඇති ගල් ගුහාවක රාවනා විසින් සීතාවන් රදවා ගෙන සිට ඇති බවත්, එම ගල් ලෙන ආශ්‍රිතව
ඔවුන් භාවිතා කල බෙහෙත් හේත් තවමත් ඉතිරිව ඇති බවත් ඔවුන් ආහාරයට ගත් අග්ගලා වැනි
ගුලි විශේෂයක් හමු වු බවත් පැවසුවා . ඒ නිසා රාමායනය සාහිත්‍ය ග්‍රන්ථයක් නොවන
බවත් එය ඉතිහාස ග්‍රන්ථයක් බවත් තරයේ ප්‍රකාශකලා.
මෙම ප්‍රදේශයේ හමුවන ලිහිල් පාෂාණ ගුලි සීතා
අග්ගලා ලෙස හදුන්වනවා. හෝර්ටන් තැන්නේ අනවසර මැණික් ගරන්නන්ගේ කැණීම් වලදීද මෙම
පාෂාණ ගුලි හමුවෙනවා මේවා පාෂාණ නොවන බවත් රාවනා සීතා විසින් ගත් ආහාර වල ඉකොටස් බවයි වියතා ගේ තර්කය වුනේ..
පරනවිතාන මහතා වාඩි වී සිටි අසුනෙන් නැගිට මෛක්‍රපෝනය
ලගට ආවා. “ අග්ගලා තියෙනවා නම් ගමුකෝ බලන්න . එතුමාගේ පිළිතුර වුවේ එපමනයි. සභාව
එක හඩින් සිනා පැතුරුවා. වියතා පසු බැස්සා.
මුලසුනේ විශ්ව විද්‍යාලයක උප කුලපති වරයෙකු සිටි
එක් දේශනයකදී එතුමා තම දේශණය ආරම්භ කලේ මෙහෙමයි. “ මුලසුනේ උප කුලපති තුමාගෙන්
අවසරයි. උප කුලපති කියලා සංස්කෘතිකයේ කියන්නේ හොර මිනිහටයි.මම මේ කතා කරන්න යන්නේ
හුග දෙනෙක් කියවන්න බෑ කියලා අත් හැර දාපු ඉණ්දු නිම්නයේ රූපාක්‍ෂර කියවීම ගැනයි.
එතුමා දේශණය කරගෙන ගියා . ඒත් දේශණයට ප්‍රවිශ්ඨ
වුනේ හොර මිණිහා අමතලා.
රාජා
ධර්මපාල මහතා විසින් 1988 ඔක්තෝම්බර් මස “තුලන “ කලාපයට සැපයු ලිපියක් මුලාශ්‍ර කර
ගන්නා ලදී.
Tuesday, August 02, 2022
හේන්පිටගෙදර ශ්‍රී ඥාණසිහ හිමියන්ගේ චරිතාපදානයෙන් බිදක්.
Sunday, July 31, 2022
පොටිච්ච වැල්
ශිල්පයා වට කොට කරගත් ගෙතුන සත්‍ය කතා අපමනය. නිතරම උරයක් ( ගෝණියක් ) කරෙ ඇති ශිල්පයා ගමේ ඇවිදගෙන යන අතර එක් ගැමි ගෙදර වත්තක ඔහුගේ දවසේ වියදම තියෙනු දුටුවේය.කඩුල්ල පාමුල උරය තබා ගෙට ගොඩ වැදුන ඔහුට නිවැසි මහළු කාන්තාව පමනක් සිටිනු දක්නට ලැබුනේය.ඇගේ සැමියා එවිට බැහැරක ගොස් සිටි බව ශිල්පයාගේ නිරීක්‍ෂණයට ලක්විය.
ආ ගිය කතා අතර තේ උගුරක්ද බී “ නැන්දේ
, මම බෙහෙතක්
සොගෙන ආවේ. මේ වත්තේ එහෙම නැද්ද “ ?. පොටිච්ච වැල් කාරිය ”
අනේ මන්දා ළමයෝ මම දන්න “ පොටිච්ච
වැලක් ” නෑ තියෙනවා නම් හොගෙන පලයන් නැන්දා උත්තර
බැන්දේය.
නැන්දා ගෙන් සමුගත් ශිල්පයා අවසරද ලැබුන බැවින්
බිය සැකකින් තොරව වත්ත පහලට ගියේය . “ පොටිච්ච වැල් ” වලින් උරය පුරවා ගෙන ඉක්මන් ගමනින් ඉඩමෙන්
පසු බැස්සේය.
සැමියා නිවසට පැමිනීමෙන් පසු ශිල්පයා පැමිණි බවත්
පැමිණි කාරණයත් විස්තරය දිගහැරියේය. ඔහුට එක වරම වත්ත පහල වැටී එක් කරගෙන නොතිබු “
පොටිච්ච වැල් ” ටික සිහිපත් විය. ඉන්තේරුවෙම්ම දැන් ලෙලි ගසා
මුදලාලිගේ කඩයටත් එතනින් මුදල් බවට පත්ව කසිප්පු
පොලටත් ශිල්පයා විසින් බැර කරන්න
ඇතැයි සිතු ඒ පිලිබද මතකය අත්හැර දැමුයේය.
වත්ත පහල වැටී තිබු පොල් ටික අහිමි කර ගත් නැන්දා
“ පොටිච්ච
වැල් ” ඖෂධයට
යොදා ගන්නා රෝගය කුමක්දැයි කල්පනා කරන්නට විය.
“ශිල්පයා ” …..උගතෙකු නොවීය. කුලියක් මලියක් කරමින් කීයක් හෝ
සොයා ගෙන දවස ගෙවු ඔහු නිතරම බීමතින් සිටියේය. කුලියක් මලියක් නොලැබුනදාට “ කිසියම්
ශිල්පයක් දක්වා ගතමනාව සොයාගන්නා ඔහු එය නිල හෝ නිල නොවන මත්පැන් සදහා දිය කර හරින
ලද්දේය.නැතිවු හරකෙකු හෝ වත්තක භව භෝගයක් ගැන විපරම් කරන ගැමියෙකු හට නිතතින්ම
ශිල්පයා ද සිහිවිය.ගම් ප්‍රදේශයේ ඇලක දොලක මසුන් හට ජීවත්වීමේ අයිතියපිළිබද
තීරකයාද ශිල්පයා ම විය.
පනස් වන වියේදී පමණ කිසියම් අබග්ගයකින් එක් පාදයක
අස්ථියක් බිදී කිහිලි කරුවක ආධාරය පතන්නට ඉතිරි ජීවිත කාලයේදී ඔහුට සිදුවිය. එක්
රැයක එකට කා බී නිදාගත් සගයෙකු විසින් ඒ කිහිලි කරුවම ගෙලට සිරකිරීම නිසා ශිල්පයක්
නොදක්වාම ශිල්පයා මිය පරලොව ගියාය.
Saturday, July 30, 2022
හයිබ්‍රිඩ් ආණ්ඩු.