අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Friday, November 11, 2016
Tuesday, November 08, 2016
විවාහ මංගල්‍යයක්.

11/08/2016 09:59:00 pm
3

" මැද්ද සූරිය - මුනිඳු වැඩසිටි  - වේළුවන ජය මංගලම් සුද්ද සුන් නරනිඳුන් සහ - සෙස්‌ රජුන් නම් කළ මංගලම් ඇද්ද මෙකුමරු-  පාපු විස්...

Read more »
Sunday, November 06, 2016
අළුත් අදහසක්.

11/06/2016 07:26:00 pm

මට ලස්සනට අදින්න බැහැ. ඒත් මට හිතෙනවා දවසේ සමහර වැදගත් සිද්ධීන් වලට මගේ හිතට එන ප්‍රතිචාරය කෙටියෙන් පවසන්න. ඒ අදහසට මගක් ලෙස  “ සතියේ සට...

Read more »
Friday, November 04, 2016
දැයෙන් සමුගන්නා ගාන්ධර්වයා.

11/04/2016 07:48:00 pm
2

දැයේ සංගීතයත් දැයේ සුගායනයත් සේම දැයේ සංස්‌කෘතික ආත්මයේ පරම පිළිබිඹුවද වූ අමරදේව අප්‍රමාණ කලාකරුවාණෝ ස්‌වකීය අමරණීය නාමය හැම ජන හදවතක්‌...

Read more »
Wednesday, October 19, 2016
මල්වර වෙලා.

10/19/2016 08:01:00 pm
2

අද ඔක්තෝම්බර් මාසේ 19 වෙනිදාය.පාන්දරින්ම  මා හමුවන්නට පාරිභෝගිකයෙකු පැමිණ ඇත. ඔහුගේ උවමනාව මගේ සේවය ලබා ගැණීමයි. මම සුව පහසු අසුනක් පෙන්...

Read more »
Friday, October 14, 2016
අල මහත්තයා.

10/14/2016 05:42:00 pm
3

ගොවි ජන සේවා මධ්‍යස්ථාන වලට අනියුක්තව කෘෂිකර්ම සංවර්ධන පර්යේෂණ නිලධාරි නමින් තනතුරු ලාභි රාජ්‍ය නිලධාරීන් පිරිසක් අද රාජකාරියේ නිරතය. එමෙ...

Read more »
Tuesday, October 11, 2016
මරණය සැපයි  - ජීවත් වනවාට වඩා.

10/11/2016 06:44:00 pm
2

සිරුර හමුවු  දෙගිනි වල.    1970 – 1977 සිරිමාවෝ මැතිණියගේ පාලන සමය    යහපාලන සමය මෙන් දුෂ්කර ආරථිකයකයකට රට මුහුණ පෑ යුගයක් විය. බහු...

Read more »
Saturday, October 08, 2016
කඩවත කොරලේ කතා.

10/08/2016 07:29:00 pm
2

අද කෝරලේ භාවිතාවේ නැත. රත්නපුර දිසාවට අයත්ව  කුරුවිට,  නවදුන්, කුකුළු, අටකලං, කඩවත මැද  දෙකෝරලය සහ කොලොන්නකෝරලය යනු වෙන් මහනුවර යුගයේ...

Read more »