අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2014-02-10
2014-02-09
Face Book

2/09/2014 08:49:00 am
3

  නුතන අධ්‍යාපන රටාව ශිෂ්‍ය පරපුරට ගැලපෙන අන්දමට වෙනස් විය යුතුයැයි මතවාදයක් සාකච්ඡා වෙමිනි පවතින්නකි. මේ සාකචඡා ඉබි ගමනින් යන ...

Read more »
2014-02-07
අවලම් දේශපාලනය.

2/07/2014 10:29:00 pm
1

දේශපාලනය ගැන අපිට දැන් හිතෙන දෙයක් නැත. එය පඩත්තලයින්ගේ වෘත්තියකි. ආත්ම ගෞරවය ඇත්තෝ සහ මේ රටේ රැකියාවක් සදහා අයදුම් කරන්නට අවම ස...

Read more »
2014-02-01
දවසේ හෙයිම්මාරුව.

2/01/2014 01:25:00 pm

ම  මීදුමට හදුන්වා දෙන අළුත්ම චරිතය. අදින් පස්සේ  වචනෙන් දෙකකින් මොනවා හරි කියාවි. අද පෙබරවාරි 01 පාන්දරම ගෙදර ජරමරයක්. ඊයේ නාමයෝජනා ලැබ...

Read more »