ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2014-02-10

කියමු බලන්න !.



 පලාත් සභා මැතිවරන පටන් ගත්තා නේ.


notes of imaginary

2014-02-09

Face Book






  නුතන අධ්‍යාපන රටාව ශිෂ්‍ය පරපුරට ගැලපෙන අන්දමට වෙනස් විය යුතුයැයි මතවාදයක් සාකච්ඡා වෙමිනි පවතින්නකි. මේ සාකචඡා ඉබි ගමනින් යන කවදාමවත් ක්‍රියාත්මක නොවන කමත් කතාය. කමතේ ගොයම් පෑගෙන තෙක් හරක් බාන කෙතේ වාරයක් කැරකී කරකී සිටිතත් අවසානයේ ලැබෙන්නේ කරලෙන් ගිලිහුන වී ටික පමනකි.
ගුරුවරුන්ද විදුහල්පතිවරන්ද නූතන සිසු පරපුරට ගැලපෙන අන්දමට ඉගැන්වීම ද පරිපාලනයද වෙනස් කර ගත යුතුයැයි මට සිතුනේ පසුගිය සතියේ කුරුණෑගල  විද්‍යාලයකින් ඇසු ප්‍රවෘත්තියක් නිසා වෙනි.
මේ කතා පුවත සැකෙවින් මෙසේයි.
10 වැනි පන්තියේ ශිෂ්‍යාවක  Face Book වෙබ් අඩවියේ තම පෙම්වතා හෝ සහෝදර තරුනයෙකු සමග සිටින පින්තූරයක්‌ පළ විය. මේ පින්තූරය දැරිය විසින් කල් තබාම ඉවත් කරගෙන තිබූ නමුත් නිසි පරදි ඉවත් නොකල නිසා අන්තර්ජාලයෙන් නැවත නැවතත් මතු විය. තම පාසලේ සිසුවියක්‌ පෙම්වතා සමඟ අන්තර්ජාලයෙන් මතුවීම විදුහල්පති වරයා කලබලයට පත්වු හේතුවක් විය.  ඇය කැදවු  විදුහල්පතිතුමා ඇයට අවවාද කර වැඩිදුර පරීක්‍ෂණ සඳහා පියා සමග එන ලෙස සිසුවියට දන්වා ඇත. ගෙදර ගිය සිසුවිය සාරියකින් ගෙල වැලලාගෙන මිය ගියා ය.

සමාජ වෙබ් අඩවි බොහෝ ගනනක් තිබේ. ඉන් අප අතර වඩාත් ජනප්‍රිය Face Book අඩවියයි. වැඩියෙන්ම යොවුන්වියට අයත් පිරිසක් සහ ඉතා සුළු වැඩිහිටියන් පිරිසක්  මෙම අවකාශය ප්‍රයෝජනයට ගනී. කවුරුන් කෙලෙස අදහස් පල කලත් නිසි අන්දමින් ප්‍රයෝජනයට ගන්නේ නම් මෙම වෙබ් අවකාශයන් පලදායි ලෙස යොදා ගත හැකිවේ. මේ ලියුම්කරුද ‍  Face Book පරිහරණය කරන්නෙකි. විදේශ  ගත පවුලේ සමාජිකයන් හා සම්බන්‍ධකම් පවත්වා ගෙන යාමට ඇරඹු මගේ Face Book අඩවිය විවිධ වයස් කන්ඩායම් සමග අදහස් තොරතුරු හුවමාරු කර ගන්නා මධ්‍යස්ථානයක් ලෙස ලියුම්කරු යොදා ගනී.
මෙම සිසුවියගේ සිය දිවි නසා ගැණිම පිලිබදව නොයෙක් අර්ථ කථන ඇතිවිය හැක. Face Book වැනි සමාජ වෙබ් අඩවි  වෙත මෙහි වරද පටවා එවැනි වෙබ් අඩවි ශ්‍රී ලංකාවේ තහනම් කල යුතුයැයි තර්ක කරන පිරිසක්ද වේ. ගැටළු සහ ප්‍රශ්න වර්තමාන සමාජය විසින් මින් දශක හතරකට පහකට පෙර දුටු ආකාරයෙන් දැක ඒවාට විසදුම් සෙවීමේ ක්‍රම වේදයන් අනුගමනය කිරීමට යාමෙන් මෙවැනි ඛේදවාචකයන් ඇතිවන බව ලියුම්කරුගේ විශ්වාසය වී ඇත. දෙමව්පියන් ගුරුවරුන් විදුහල්පති වරයා මේ ගතානුගත අදහස් වලින් මිදී කටයුතු කලේ නම් මේ දරුවා සියදිවිනසා ගනීද ?.



මෙතන්ටත් ගිහින් බලන්න.

notes of imaginary

2014-02-08

විපක්‍ෂය විරෝධතාවයක.







notes of imaginary

2014-02-07

අවලම් දේශපාලනය.




දේශපාලනය ගැන අපිට දැන් හිතෙන දෙයක් නැත. එය පඩත්තලයින්ගේ වෘත්තියකි. ආත්ම ගෞරවය ඇත්තෝ සහ මේ රටේ රැකියාවක් සදහා අයදුම් කරන්නට අවම සුදුසුකම වන සීමාවත් ඇති ඇත්තන් ඇහැ ඇරවත් බලන්නේ නැති පහත්ම වෘත්තියක් ලෙස දේශපාලනය පත්වී ඇත. කුඩුකාරයෝ , එතනෝල් වැනි මත්දුව්‍ය ආනයන කරුවෝ කුලියට මිණිමරන්නෝ කප්පම්කරුවන් වැනි උදවියගේ අරමුණ මුදල් ඉපයීම මිස සාර ධර්ම ආරක්‍ෂා කිරීම විය නොහැක.
දේශපාලකයන්ගේ අරමුනද රටේ සංවර්ධණය වඩා තමන්ගේ සංවර්ධනය බවට වෙනදාට වඩා අද කැපී පෙනෙන්නකි. සාර ධර්ම නැති මිනිසුන්ගෙන් සමාජය සාර ධර්ම බලාපෙරොත්තු විය යුතු නැත.


ධනය රැස්කිරීමේ අභිලාෂය වෙනුවෙන් කොයිතරමක් වුවත් අවලම් ක්‍රියා මුදවා හැරීමට මේ දේශපාලක ඇත්තන්ට හිරිකිතයක් නැත.


මේ 07 වෙනිදා “දිවයින” කතුවැකියයි.
“……………………….ශ්‍රී ලංකාවේ දේශපාලනය ඉතාම කලහකාරී ත්‍රාඩ අවධියකට පත්ව තිබේ. 1948 න් පසු ක්‍රමයෙන් ඉදිමෙන්නට පටන් ගත් ශ්‍රී ලාංකීය දේශපාලන දේහය ශ්‍රී ලංකා, යූ. එන්. පී. සහ දෙමළ දේශපාලන පක්‍ෂ මගින් ඉහඳ තබන ලදුව කුණු වී, සැරව පිරී පුපුරා යැමට ආසන්න තත්ත්වයේ පවතී. එහෙත් මෙය කවදාවත් පුපුරන්නේ නැත. හේතුව එකී තුවාලය තුළ ගැවසෙන ඉහඳ පණුවන් එය පුපුරා යැමට ඉඩ නො දීම ය. මෙය අර්බුදය නඩත්තු කිරීමකි. එකකුගේ අර්බුදය අනෙකාගේ පැවැත්ම ය. එම අර්බුදය සමථයකට පත් වීම ඒකාගේ මරණය ය. ශ්‍රී ලංකාවේ පවතින කුණු ගඳ ගසන තුවාලය සුව වුවහොත් එහි වෙසෙන පණුවන් සියලුම දෙනාට මිය යන්නට සිදු වෙයි.

බස්‌නාහිර සහ දකුණ යන පළාත් සභා දෙකෙහි නාම යෝජනා තේරීම් කමිටුවට ඉදිරිපත් වූ සමහර අපේක්‍ෂකයන්ගේ ස්‌වභාවයෙන් ම මේ රටේ දේශපාලනය ගැන තක්‌සේරුවක්‌ ලබා ගැනීමට හැකි විය. ඔවුන් නොමිනේෂන් අත්සන් කිරීමට පෙර රූපවාහිනී චැනලවල සංවාද මණ්‌ඩපවලට සහභාගි වී තම දේශපාලන නීචත්වයේ සෙලුව විදහා දැක්‌වී ය. එබඳු එක්‌ අපේක්‍ෂකයකු පිළිබඳ කතාව මෙසේ යá කැසිනෝ සහ ගණිකා වෘත්තීය නීතිගත කළ යුතු බව පසුගිය දිනෙක ප්‍රසිද්ධ ගායකයෙක්‌ පැවැසී ය. එය ඔහුගේ මතය යි. රූපවාහිනී චැනලයක්‌ හරහා එම ගායකයාගේ මතය විවේචනය කළ ඡන්ද අපේක්‍ෂකයක්‌ කියා සිටියේ එම ගායකයාගේ දියණිය ගණිකා වෘත්තියෙහි යෙදවිය යුතු බව ය. ඉතාම කනගාටුදායක කරුණ වූයේ එම අපේක්‍ෂකයා ද ගායකයකු වීම ය. එ මතු ද නොව ඔහු රට ජාතිය ආගම වෙනුවෙන් දිවි හිමියෙන් කැපව සිටින වටිනා පක්‍ෂයක්‌ වෙනුවෙන් බස්‌නාහිරට තරග කරන කෙනෙකු වීම ය.
එම පක්‍ෂය මේ අපේක්‍ෂකයාගේ නීච සිතුවිලි ගැන හරියාකාරව දැන සිටියේ නම් ඡන්ද අපේක්‍ෂකත්වය ලබා දීම කෙසේ වෙතත් පක්‍ෂ මූලස්‌ථානයේ දොරකඩින් ඇතුළට ගන්නේ නැත. තවකකුගේ දියණියක්‌ ගණිකා වෘත්තියෙහි යොදවන ලෙස ඉල්ලන මේකාට ගැහැනු දරුවන් ඉන්නට ඉඩ ඇතත් ගැහැනු දරුවන් නැතැයි හිත හදා ගැනීම අප කළ යුතු ය. මන්ද මෙබඳු පියවරුන් යටතේ සිටින ගැහැනු දරුවන් අනතුරේ ය.

නාම යෝජනා භාර දීමෙන් පසු ඇතැමුන් විකාර කරන්නට පටන් ගත්හ. පැජරෝවක අලවාගෙන සිටි අපේක්‍ෂක පින්තූර සහ කතිර ලකුණ ගලවා ඉවත් කිරීමට පොලීසිය සූදානම් වූ විට එසේ කළොත් මරාගෙන මැරෙන බවට අපේක්‍ෂකයෙක්‌ පොලිසියට තර්ජනය කළේ ය.
මෙය රූපවාහිනී චැනල මගින් ප්‍රදර්ශනය කරන ලදී. මෙය දේශපාලනය කිරීමක්‌ නොව වියරු ලෙස දැඟලීමකි. මේ මිනිසුන් බලයට ආ දවසට කරන්නේ ද දේශපාලනය නොව තංගල්ලේ හාදයා සුද්දට හා සුද්දිට කළ දෙයම ය.....................”




notes of imaginary

මන්ත්‍රීතුමා අනාගත්තා !



notes of imaginary

2014-02-06

දරා ගන්නේ කොහොමෙයි ?.




notes of imaginary

2014-02-05

ඒක පුද්ගල ආදායම වැඩි වෙලා !







notes of imaginary

2014-02-04

නිදහස් ?.



notes of imaginary

2014-02-03

ආහ් ! . කිරිපිටි.







notes of imaginary

2014-02-01

දවසේ හෙයිම්මාරුව.


 මීදුමට හදුන්වා දෙන අළුත්ම චරිතය. අදින් පස්සේ  වචනෙන් දෙකකින් මොනවා හරි කියාවි.
අද පෙබරවාරි 01 පාන්දරම ගෙදර ජරමරයක්. ඊයේ නාමයෝජනා ලැබිලා පලාත් සභාවට ඉල්ලන්න. පලවෙනි මනාපය ගෙදරින් ලැබුනේ  ඔන්න ඔය විදියට.
වලං පිගන් එන්න කලින් දුවනවා.
 පණ බේරගෙන  මේ දුවන්නේ
නාම යෝජනාව ටිෆෙක්ස් කර ගන්න.


notes of imaginary