ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2013-02-18

හලාල් සමග හරාම්






පොල් කතාව අවසන් වුයේ විධායකය  ලගටම ගිහින් !.

සතියෙන් සතිය අළුත් කතා එකතු වෙනවා. ඉස්සර නම් චිත්‍රපටි පෙන්නන්න එක සිනමා මණ්ඩල තියෙනවා. පස්වෙනි මණ්ඩයේ අජාසත්ත පෙන්න කොට හතරවෙනි මණ්ඩලේ ධාතුසේන පෙන්නනවා.
දැන් ඒ සිනමා මණ්ඩල ජනප්‍රිය ස්ථාන නෙමෙයි.
රූපවාහීණි චැනල් ඒවට හරියන්න තියෙනවා. ඒත්  එක චැනල් එකක එක් කතාවක් බලපුවම හොදටම  ඇති අනෙක් ඒවයිත් පෙන්නන්නේ ඒ වගේම කතා. විවිධත්‍වයක් ඇත්තේම නැහැ.මේ වගේ තමයි අපේ රටේ අර්බූද මතුවෙන්නේගිය සතියේ පොල් පෙන්නුවා මේ සතියේ හලාල් -හරාම් පෙන්නනවා.

හලාල් කියන්නේ කැප ඒවා.

පවුසි ඇමතිතුමා සරල විග්‍රහයක් කරලා තිබුනා කැබිනට් රැස්වීමේදී. හලාල් කියන්නේ මගේ නෝනාත් එක්ක  නිදාගන්න එක “හරාම්” කියලා හදුන්වලා දෙන්න පුළුවන්.  ‍මගේ නෝනාත් එක්ක හැරෙන්න වෙනත් නෝනලාත් එක්ක නිදා ගන්නවනම් ඒක “හරාම් “කියලා හදුන්වා දෙන්න හැකියි. .ඉතින් මේකට මොකටද පොළු උස්සගෙන හරඹ කරන්නේ ?.
හැබැයි මෙහෙම එකකුත් තියෙනවානේ.

නෝනාත් එක්ක නිදා ගන්න විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තුව ගෙවලා ලයිසන් එකක් ගන්න ඕනී.  නෝනා කර ගන්න. ඒත් වෙනත් නෝනාලත් එක්ක නිදා ගන්න ඒ වගේ ලයිසන් එකක් ගන්න ඔනී නැහැනේ.

ඒවගේ හලාල් කියලා භාණ්ඩ වල සදහන් කරන්න මුදල් ගෙවලා ලයිසන් එකක් ගන්න ඔනී. හරාම් වලට ලයිසන් එකක් ඕනීත් නැහැ.
"ALL CEYLON JAMMIYYATHUL ULAMA (උලමා ) - Halaal - Sri Lanka" සංවිධාණය වෙත ගෙවන බලපත්‍ර ගාස්තුවක් ගෙවීමෙන් පසු තම නිෂ්පාදනයන් සදහා හලාල් සහතිකය ලබාගන්න ඕනී.
 හලාල් කරන ලද භාණ්ඩ මිළදි ගැණිමට මුස්ලිම් ජාතිකයන්  කැමැත්තක් දන්වනවා. ලංකාවේ ජනගහණයෙන් මුස්ලිම් ජාතිකයෝ ඉන්නේ 7% යි. මේ වෙළදපල දිනාගන්න  ගොස් විශාල ප්‍රතිශතයක ජනගහණයක් සතු වෙළද පල අහිමි කර ගන්න නිෂ්පාදකයෝ කැමති වෙන්නේ නැහැ. ඒ නිසා උලමා සංවිධාණයට තම අරමුදල් අහිමි වෙන්න ඉඩ විවර වෙනවා.ඒත් මැද පෙරදිග වෙළදපලට යොමුවන තම නිෂ්පාදන සදහා හලාල් සහතිකය දැවටුම් වල මුද්‍රණය කරන්නට වෙනවා.ඒ වෙළදපල අහිමි කරගන්න නිෂ්පාදකයෝ කැමති වෙන එකක් නැහැ. ආයෙත් වටිනාකමක් "ALL CEYLON JAMMIYYATHUL ULAMA (උලමා ) - Halaal - Sri Lanka"සංවිධාණයට ඒ අවස්ථාවේ උදා වෙනවා. මේ ගැනත් සටනට කඩු උස්සන සංවිධාණ සලකා බලන්න ඕණි.
කාලයක් ක්‍රිස්තියාණි මුලධර්මවාදීන්  සමග සටන් කල සංවිධාණ එය නවතා දැන්  මුස්ලිම් මුළධර්මවාදීන් සමග සටනට එලබිලා.


තව සතියක් දෙකක් ගියාම තවත් චිත්‍රපටියක් පෙන්නාවි. එතෙක් අපි “හලාල් සමග හරාම්” බලමු.



2013-02-09

පුංචි පුතා යයි ස්කොලේ.













අපි හෝඩියේ පන්තියට ස්කෝලේට ගිය පුංචි කාලේ මතක් වෙනවා. බුලත් හතලිහක් එක්ක දුම්කොළයක් ගොනු කරපු බුලත් අතක් අරගෙන ලොකු ස්කෝලේ මහත්තයා ලගට ගිහින් ඇතුලත්වීමේ පොතේ නම ඇතුලත් කරගෙන පංතියට එක්කරගෙන ගියේ ලොකු ස්කොලේ හාමිනේ.
ඒ කාලේ ලොකුම තෑග්ග බුලත් අත !.

අපේ ලොකු එකී ( ඉන්නේ එකයි නේ) ඉස්කොලේට බාර දෙන කොට පුටුවක් උස්ස ගෙන යන්න මට සිද්ධවුනා. පුටුව රුපියල් තුන්සීයයි ඒ දවස්වල. පංතියේ පුටු හිගයක් තිබුනා කෙල්ල බිම වාඩිකරන්න බැරි නිසා මම පුටුවක් අරන් දුන්නා. විදුහල්පතිතුමාගේ ඉල්ලීමක් නෙමෙයි. ඔය සිද්ධිය වුනේ 1986දී. නිදහස් අධ්‍යාපනේට හෙණ ගහන්න පටන් ගත්තේ විවෘත ආර්ථිකෙත් එක්ක. රජයේ පාසල් වලට යටිතල පහසුකම් සපයන්න ආණ්ඩු ඒ තරම් උනන්දුවක් නැහැ මේ වන විට.

දැන්වෙන කොට හැම පාසලකම වගේ පලමු වසරට හයවෙනි වසරට උසස් පෙලට සිසු සිසුවියෝ ඇතුලත් කරගන්න වරදාන දෙන්නම ඕනී.විදුහල්වලට මුදල් එකතු කරගන්න හොදම අවස්ථාව හැටියට යොදා ගන්නේ අළුතින් සිසුසිසුවියන් පාසලට ඇතුලත් කරගැනීම.

මට මේ කතාව මතක්වුනේ පාසල් ගොඩනැගිල්ලේ තීන්ත ගාන්න රුපියල් අටසීයයක් පාසලට දෙන්න අන්සතු වත්තක පොල් ගෙඩි පහක් එකතු කරගත් දැරිවියක් අධිකරණයට ඉදිරිපත් කරපු පොලිස් වාර්තාවක් දැකලා.

තවත් අතුරු කතාවක් එකතු වෙනවා අධ්‍යාපනයෙන් පොලිසියට මාරුවෙලා.අපේ රටේ පොලිසියත් එක්සලනට් !. පුංචි එකෙක් පොල් ගෙඩියක් හොරකම් කලාම කෙලින්ම අධිකරණයට. සමථ මණ්ඩලයේ වත් නතර වෙන්නේ නෑ.ඔය නැති බැරි නීති විරෝධී ජාවරම්වල යෙදෙන අය දැක්කම ජනේලෙන් අත එලියට දාගෙන පොලිසිය නින්දට වැටෙනවා.

මේ දවස්වල පොල් කියන්නෙත් වටිනා වස්තුවක් !. රුපියල් විස්සේ ඉදන් හැටට ආසන්නවුන.පොල් ගෙඩි පහ රත්තරන් වලින් හදලා කියලා පොලිසියේ මහත්තැන් හිතාගන්න ඇති.





කතාව පීලී පැන්නා. දැන් අළුත් ස්ටයිල් එකේ පාලන රටා ඔය ජාතික පාසල් , ජනප්‍රිය පාසල් වගේ ඒවයේ තියෙන්නේ. පාසල දියුණු කරන්න ආදී ශිෂය සංගම්, පාසල් සංවර්ධන සමිති අතදාලා. සිසු සිසුවියෝ පාසලට ඇතුලත් කරගන්න ඔය කියාපු සංගම්වලට පන්ඩ් එකට ගානක් ගෙවන්න ඔනී.
සමහර අරමුදල් නිශ්චිත මාසික දීමනාවක් පාසල දියුණුකිරීමට කැපවෙන විද්‍යාලාධිපති උන්නාසේට ගෙවනවා.
එතුමාට කිරි කිරි වාහනයක් ගන්න ඉඩමක් කඩමක් ගන්න රජයෙන් ලැබෙන වැටුපට අමතරව ආධාරයක් හැටියට.
ඒකත් නරකම චින්තනයක් නෙමෙයි.

අධ්‍යාපන ඇමතිතුමා කියාපු රුපියල් 2500/= ජීවත් වෙන අපි පාසල් යන්නත් හොරකම් කරන්න ඔනී කියන එක පුදුමයක් යෑ..............?.

notes of imaginary

2013-01-31

කොළඹට පායන ආශ්චර්ය

















notes of imaginary



2013-01-30

2013-01-29

රෝම පොලිසියේ ආචාර පෙලපාලියක්

notes of imaginary

2013-01-09

අපේ තාත්තේ !.



ගතේ සවිය නැති වුනාට හිත හයියයි සැමදා 
මහා මෙරක් සේ නොසැලී අපි වෙනුවෙන් සිටියා
කියා දෙමින් ගුරුහරු කම් යන මාවත හදලා
තත්තාගේ ආදරේට තාමත් නෑ උපමා

තාත්තා ම වෙලා මගේ ඊලග භවයේ 
ගෙවා ගන්න බෑ යුතුකම් මේ සංසාරේ
ලග ඉන්නට බැරිවුනාට වෙනදා වගේ
හිරු මඩලක් වුනේ නුබයි අපගේ ලෝකේ
 

කරගාවට අපි එනකොට කාටත් රහසේ 
අපි හින්දද නුබ වැහරී දවසක් ගානේ 
සොයාගන්න  එක දවසක්  සිතුවත් පරදී
ජීවිතයම නුබ දුන්නද  අපේ තාත්තේ

ගතේ සවිය නැති වුනාට හිත හයියයි සැමදා 
මහා මෙරක් සේ නොසැලී අපි වෙනුවෙන් සිටියා
කියා දෙමින් ගුරුහරු කම් යන මාවත හදලා
තත්තාගේ ආදරේට තාමත් නෑ උපමා
තාමත් නෑ උපමා


Main Artist - Bhuminda KarunatilakeMusic - Suresh MaliyaddeMelody, Music - Roshan FernandoLyrics - Wimalka Mohandiram


notes of imaginary

2012-12-30

සුබ නව වසරක් !.





notes of imaginary

2012-12-24

සුබ නත්තලක් !





notes of imaginary

2012-12-11

තොරතුරු තාක්‍ෂණයයි පොලිසියයි.



පසුගිය දාක බාලිකා විද්‍යාලයක ප්‍රදේශයේ පොලිසිය විසින් සංවිධාණය කල සම්මන්ත්‍රණයකට සහභාගිවුනා. තේමාව නම් කරලා තිබුනේ “ ඉදිවැට “ කියලා. ඉදිවැට ගෙවතු වට කොට ඉදිකරගන්නා ආවරණයක්. බාල අපරාධ වලින් දූ දරුවන් ආරක්‍ෂා කරගන්න ඉදිවැටක් ඉදිකරගන්න දෙමාපියන්ට දෙන අත්වැලක් ලෙසයි වැඩ සටහන හදුන්වා දුන්නේ.
මීදුම සාරවත් දේශණා කිහිපයක් අහන්න පුළුවන් වෙයි කියල හරිබරි ගැහිලා වාඩිවුනා. පොලිස් මහජන සම්බන්‍ධිකාරක වරයෙකු, උප පොලිස් පරීක්‍ෂකවරයෙකු සහ මුලස්ථාණ පොලිස් පරීක්‍ෂක තුමා ගෙන් මත්ද්‍රව්‍ය, ලිංගික අපයෝජන , පිලිබදව තේමා කරගත් දේශණා කිහිපයක් අසන්නට හැකිවුනා.
මේ එක් දේශණයක පරිගණකය තදබල ලෙස විවේචනය වුනා. පරිගණකය කාමරයක් තුල පාවිච්චිකරන්නට දරුවන්ට දෙන්න එපා එය නිවසේ විසිත්ත කාමරයේ තබා ප්‍රසිද්ධියේ පාවිච්චි කරන්නට සලස්සන්න කියා දෙමව්පියන්ට උපදෙස් දුන්නා . අන්තර්ජාල සමාජ වෙබ් අඩවි, සහ තොරතුරු අඩවි හරහා අපරාධ වන අන්දම පෙන්වා දුන්නා. මේ අතරට අමරිකාණු ගැති ගූගල් සහ යාහු වර්ජණය කරන්න කියලා විමල් විරවංශ මැතිතුමාගේ දර්ශණයත් විස්තර කලා.අමරිකාණු ආක්‍රමණ ගැනත් කියාපි.
පාසල් දූ දරුවන් උදෙසා e’ Sri Lanka වැනි වැඩ සටහන් වලින් කෙරෙන්නේ මොකක්ද කියලා මේ මහත්වරුන්ට ගනිච්චියක් තිබුනේ නෑ. මේ බාලිකාවෙම තොරතුරු තාක්‍ෂණය ඉගැන්වීම සදහා ගුරුවරුනුත් ඉන්නවා. ජනධිපතිතුමා කියනවා සැම දරුවෙකුටම පරිගණකයක් ලබාදිය යුතුයි කියලා මේ පොලිස් මහත්තුරුන්ට අනුව පරිගණකය පාසල් දූ දරුවන්ට අකැප වස්තුවක්.
අද පාසල් වල පරිගණකය සහ තොරතුරු තාක්‍ෂණය අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ ඉගැන්වීම් , ඉගැන්වීම් පරිපාලනය සදහා භාවිතා කරනවා. ශ්‍රව්‍ය දෘෂ්ඨ මෙවලම් සහ පරිගණක උපයෝගී කරගෙන පංතිකාමරයේ සිටම අන්තර්ජාල පහසුකම් මගින් අධ්‍යාපන කටයුතු කරනවා. පසුවෙන් තොරතුරු ගබඩා තරගන්නත් පසුව එම තොරතුරු නැවත ලබාගන්නත් පරිගණකයන් උදව් වෙනවා.
ඉතින් දරුවන් පරිගණකයෙන් බැහැර කල යුතුද කියලා මීදුම හිතන්න පටන් ගත්තා. මත්ද්‍රව්‍ය භාවිතය සහ වලක්වා ගත යුතු අන්දම ලිංගික අපයෝජන ගැන ප්‍රදේශයේ ඇති තත්වයන් දේශන තුලට එකතු වෙලා තිබුනා.මේ උවදුරු වලින් ජනතාව ගලවා ගන්න පොලිසිය බලය භාවිතා කරන අන්දමත් විස්තර වුනා. බලය යෙදීම මුලික අයිතිවාසිකම් වලට අණුරූපව සිදු නොවන බවයි මීදුම හිතුවේ.
අරක්කු බොන මිනිහෙක්ගේ ඔළුවේ ඉදන් අරක්කු බෝතලයක් වක්කරන එක නිතියට අණුකුලයි කියලා හිතන්න බැහැ. ඒක බලහත්කාරයක්. තමන්ගේ නිල ඇදුම තුල අසීමිත බලයක් ඇති බවයි ඒ මහත්තතුරුන්ගේ කතාවලින් මීදුමට හිතුනේ.
මීදුම දේශණයන් අහලා ශාලාවෙන් එලියට ආවේ මීට වඩා සංවරව දේශණයන් පැවතුනා නම් හොදයි කියලා හිත හිතා.

notes of imaginary

2012-11-07

ළදරු සෞඛ්‍ය රක්‍ෂණය.



ළදරු සෞඛ්‍ය කටයුතු සදහා රජය විශාල වගකීම් රැසක් ඉටුකරන බව මීදුම අත්දැකීම් ලැබුවේ පුංචිත්තා සමග සායන වලට සහභාගී වීමෙනි මව් පියන් වෙනුවෙන් වෙනම දැනුවත්කිරීමේ වැඩ සටහන් පවත්වා ගෙන යන පවුල් සෞඛ්‍ය ඒකක දරුවන් වෙනුවෙන් ප්‍රතිශක්තිකරණ පෙළක් නොමිලයේ ලබා දෙනු ලබයි.

· උපතේදීම රජයේ රෝහල්වල මාතෘ වාට්ටුවේදී බී.සී.ජී එනනන්නත ලබා දීමෙන් ප්‍රතිශක්තී කරන වැඩ සටහන ආරම්භකරනු ලැබේ.
· දෙවනි මාසයේ සිට ප්‍ර දේශයේ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේදී පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,පිටගැස්ම,හා කක්කල් කැස්ස යන රෝග සදහා ත්‍රිත්ව එන්නත ද හෙපටයිස්ට් බී එන්නත ද
· මාස හතර සම්පුර්ණ වීමෙන් පසුව පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,පිටගැස්ම,හා කක්කල් කැස්ස යන රෝග සදහා ත්‍රිත්ව එන්නත ද හෙපටයිස්ට් බී එන්නත දෙවනි මාත්‍රාවද
· මාස හයේදී පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,පිටගැස්ම,හා කක්කල් කැස්ස යන රෝග සදහා ත්‍රිත්ව එන්නත ද හෙපටයිස්ට් බී එන්නත තුන්වන මාත්‍රාවද
· මාස නවයේදී සරම්ප සහ විටමින් ඒ අධිමාත්‍රාව ද
· මාස දහ අටේදී පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,පිටගැස්ම,හා කක්කල් කැස්ස යන රෝග සදහා ත්‍රිත්ව එන්නත ද ඒ අධිමාත්‍රාවද

· මාස දහ අටේදී පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,පිටගැස්ම,හා කක්කල් කැස්ස යන රෝග සදහා ත්‍රිත්ව එන්නත ද ඒ අධිමාත්‍රාවද

· අවුරුදු තුනේදී සරම්ප හා රුබෙල්ලා එන්නතද
· අවුරුදු පහේදී පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,හා පිටගැස්ම, යන රෝග සදහා ද්විත්ව එන්නත ද
· අවුරුදු දහයේ - දහහතර අතර වයසේදී ඒ ටී ඩී එන්නතද ( වැඩිහිටි පිටගැස්ම හා ගලපටල එන්නත)
නොමිලයේ ලබා ගැණීමට හැකිය.









notes of imaginary