අපි හෝඩියේ පන්තියට ස්කෝලේට ගිය පුංචි කාලේ මතක් වෙනවා. බුලත් හතලිහක් එක්ක දුම්කොළයක් ගොනු කරපු බුලත් අතක් අරගෙන
ලොකු ස්කෝලේ මහත්තයා ලගට ගිහින් ඇතුලත්වීමේ පොතේ නම ඇතුලත් කරගෙන පංතියට එක්කරගෙන ගියේ ලොකු
ස්කොලේ හාමිනේ.
ඒ කාලේ ලොකුම තෑග්ග බුලත් අත !.
අපේ ලොකු එකී ( ඉන්නේ එකයි නේ) ඉස්කොලේට බාර දෙන කොට පුටුවක් උස්ස ගෙන යන්න මට සිද්ධවුනා. පුටුව රුපියල් තුන්සීයයි ඒ දවස්වල. පංතියේ පුටු හිගයක් තිබුනා කෙල්ල
බිම වාඩිකරන්න බැරි නිසා මම පුටුවක් අරන් දුන්නා. විදුහල්පතිතුමාගේ ඉල්ලීමක්
නෙමෙයි. ඔය සිද්ධිය වුනේ 1986දී. නිදහස්
අධ්‍යාපනේට හෙණ ගහන්න පටන් ගත්තේ විවෘත ආර්ථිකෙත් එක්ක. රජයේ පාසල් වලට යටිතල
පහසුකම් සපයන්න ආණ්ඩු ඒ තරම් උනන්දුවක් නැහැ මේ වන විට.
දැන්වෙන කොට හැම පාසලකම වගේ පලමු වසරට හයවෙනි වසරට උසස් පෙලට සිසු සිසුවියෝ
ඇතුලත් කරගන්න වරදාන දෙන්නම ඕනී.විදුහල්වලට මුදල් එකතු කරගන්න හොදම අවස්ථාව හැටියට යොදා ගන්නේ අළුතින් සිසුසිසුවියන් පාසලට ඇතුලත් කරගැනීම.
මට මේ කතාව මතක්වුනේ පාසල් ගොඩනැගිල්ලේ තීන්ත ගාන්න
රුපියල් අටසීයයක් පාසලට දෙන්න අන්සතු වත්තක පොල්
ගෙඩි පහක් එකතු කරගත් දැරිවියක් අධිකරණයට ඉදිරිපත් කරපු පොලිස් වාර්තාවක් දැකලා.
තවත් අතුරු කතාවක් එකතු වෙනවා අධ්‍යාපනයෙන් පොලිසියට මාරුවෙලා.අපේ රටේ
පොලිසියත් එක්සලනට් !. පුංචි එකෙක් පොල් ගෙඩියක් හොරකම් කලාම කෙලින්ම අධිකරණයට. සමථ
මණ්ඩලයේ වත් නතර වෙන්නේ නෑ.ඔය නැති බැරි නීති විරෝධී ජාවරම්වල යෙදෙන අය දැක්කම
ජනේලෙන් අත එලියට දාගෙන පොලිසිය නින්දට වැටෙනවා.
මේ දවස්වල පොල් කියන්නෙත් වටිනා වස්තුවක් !. රුපියල් විස්සේ ඉදන් හැටට ආසන්නවුන.පොල් ගෙඩි පහ රත්තරන් වලින් හදලා කියලා පොලිසියේ මහත්තැන් හිතාගන්න ඇති.
කතාව පීලී පැන්නා. දැන් අළුත් ස්ටයිල් එකේ පාලන රටා ඔය ජාතික පාසල් , ජනප්‍රිය
පාසල් වගේ ඒවයේ තියෙන්නේ. පාසල දියුණු කරන්න ආදී ශිෂය සංගම්, පාසල් සංවර්ධන සමිති
අතදාලා. සිසු සිසුවියෝ පාසලට ඇතුලත්
කරගන්න ඔය කියාපු සංගම්වලට පන්ඩ් එකට ගානක් ගෙවන්න ඔනී.
සමහර අරමුදල් නිශ්චිත
මාසික දීමනාවක් පාසල දියුණුකිරීමට කැපවෙන විද්‍යාලාධිපති උන්නාසේට ගෙවනවා.
එතුමාට
කිරි කිරි වාහනයක් ගන්න ඉඩමක් කඩමක් ගන්න රජයෙන් ලැබෙන වැටුපට අමතරව ආධාරයක්
හැටියට.
ඒකත් නරකම චින්තනයක් නෙමෙයි.
ඒකත් නරකම චින්තනයක් නෙමෙයි.
අධ්‍යාපන ඇමතිතුමා කියාපු රුපියල් 2500/= ජීවත් වෙන අපි පාසල් යන්නත්
හොරකම් කරන්න ඔනී කියන එක පුදුමයක් යෑ..............?.
notes of imaginary
2 comments:
අදයි මේ අඩවියට ගොඩ වැදුනේ එන්නම් දිගටම.
මම සමකය වටේ ලියන නලීන්
එන්න මම සමකය බලන්න යන්නම්.
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.