කොග්ගල ගමේ බේගල් නයිදේ හා ඔහුගේ බේගල් පිළිබඳ මතක මතු වී මගේ පෑන් තුඩ දක්වා ගලා ආවේ පඬුවස් නුවර බේගල් නයිදේ යි. හැඳින්විය යුතු තරමට නිර්මාණ ශක්තියෙන් පොහොසත් දෙමටව ජෝන් මාමාගේ කතා අසන්නට ලැබීමෙනි. මොහු පඬුවස් නුවර නාරම්මල - හෙට්ටිපොළ පාරේ දෙමටව නමැති ගමේ ජීවත් වුණෙකි. 1980 හරිය වන තෙක් ඔහු ජීවන් වුණු බව සැලැකේ.
ඔහු ගැනත්, ඔහුගේ කතාත් මා දැන ගත්තේ දෙමටව ගමට යාබද ගමක් වන මායාකඩවර ගමේ දොන් සිරිසේන දිසානායක මිතුරාගෙනි. මේ මිතුරාට දෙමටව ජෝන් මාමාගේ බේගල් දා හතරක් මතක තිබී මට කියා දුන්නේ ය. මේ කතා වල සමහර තැන් දෙමටව ජෝන් මාමාගේ ම සුවිශේෂ භාෂණයෙනි. තම ළමා වියේ දී, කළු වන් තරබාරු මහල්ලක ව සිටිය දෙමටව ජෝන් මාමා කියූ කතා බොහෝ දුරට ඒ සැටියෙන් මා සිරිසේන දිසානායක මිතුරා මා සමඟ කියා සිටියේය.
ගුවන් යානයක් වූ ගොයම් මිටියකින් දෙමටව ජෝන් මාමා අනුරාධපුර වන්දනාවේ ගිය හැටි කියන කතාව මේ කතා දාතරෙන් එකක්.
"ඉස්කෝලෙ මහත්තයටයි මේ ළමයින්ටයි මේ මා කියන්නේ ඇත්තටම වෙච්ච එකක්."ජෝන් මාමා අනුරාධපුරයට අහසින් යැවුණු කතාව ඇරඹුවේ එසේය. ඉස්කෝලෙමහත්තයා එවෙලේ එතැන සිටිය පාඨශාලාචාර්ය කළුබණ්ඩා අමරසිංහ මහතාය.
ජෝන් මාමා සෙසු බොහෝ කතා වලින් කියන දේවල් මෙන්ම මේ කතාවෙන් කියැවෙන දේද සිදු වූයේ ඔහු දෙමටව ගමේ බින්න බැහැපු තරුණ සැමියකු කාලයේය. කුඹුරු වැඩකට ගිය ගමනක දීය. වැඩට ගියේ මහවැව පාවුල රාලගේ වෙලටය. පැවරුණු කාර්යය වූයේ වෙලේ සිට පන්සල් වන්නේ කමතට ගොයම් කොළ මිටි ඔසවාගෙන ගොස් දැමීමය. හතර දෙනකු අමාරුවෙන් ඔසවා හිස මත තබන ගොයම් කොළ මිටියක් තනියෙම ඔසවාගෙන යන්නට ශක්තිය ජෝන් මාමාට තිබිණි.ඒ තරම් බර, ඒ තරම් විශාල ගොයම් මිටිය හිසේ තබාගෙන ගියේ අනුරාධපුරය ගැන සිත සිතාය.
අටමස්ථාන වන්දනාවේ යෑමට ආශාව තිබුණු බැවිනි.වැව් පැත්තෙන් හමන සුළගේ වේගය, අටමස්ථාන කල්පනාව නිසා, ජෝන් මාමාට මුල දී තේරුණේ නැත. තේරුණේ සුළභ කුණාටුවක් වී ගොයම් මිටිය අහසට ගසාගෙන යන්නට එසැවෙන විටය. ගොයම් මිටිය ගසාගෙන යෑමට හැරිය නොහැකිය. ඒ නිසා ජෝන් මාමා කළේ ගොයම් මිටියේ ලණු දෙ පට තදින් අල්වා ගැනීමය.
එත්, සිදු වූයේ කුමක්ද? ජෝන් මාමා ද එල්වාගෙන ගොයම් මිටිය අහසට යෑම ය! අහසේ ඉහළට ඉහළට යෑම ය!සිරිලාල් කොඩිකාර
වලාකුළු වලිනුත් ඉහළට ගියාට පසු පොළොව පෙනුණේන් නැත. ඉතින් ඇස් ඇරගෙන සිටීමෙන් පලක් නැති නිසා ජෝන් මාමා ඇස් පියාගත්තේය. වෙහෙස දැඩි නිසා නින්ද යනවා වාගෙන් විය.
මෙන්න ! ජෝන් මාමාට හීනෙන් වාගේ දැනුණේ ගොයම් මිටිය පහළට පහළට තතව පහළට බහිනවා වාගේය! ඇස්බලන විට නැබෑවය ! හෙමින් සීරුවේ පහළට ආ ගොයම් මිටිය සමඟ තමා සේන්දු වූයේ බිමට මය! ගොයම් මිටිය බිම දමා බලන විට මේ කෙහේ ද! අනුරාධපුරයේ ඉසුරුමුණිය විහාර භූමියය!
විශාල පිරිසක් එහෙන් මෙහෙන් ඇවිත් ජෝන් මාමා වට කරගන්නට වැඩි වේලාවක් ගත වුණේ නැත.ඉසුරුමුණියේ ලොකු හාමුදුරුවෝත් ඒ තැනට වැඩියහ.අහස් ගමන් විස්තරය ආසා දැනගත් ලොකු හමුදුරුවෝ දායකයන් මගින් ජෝන් මාමාට සරමකුත් බැනියමකුත් ලැබෙන්නට සැලැස්වූහ. ජෝන් මාමා මෙ තෙක් සිටියේ ගොයම් අදින්නට ගසාගත් අමුඩයෙන් බැවිනි.
සරමෙන් බැනියමෙන් සැරැසෙන්නට පෙර,කිසා වැවෙන් නෑම සඳහා ජෝන් මාමා ගියේලොකු හමුදුරුවන් යෙදැවූ මහ පෙන්වන්නන් කීප දෙනෙකු සමඟ ම. නාගෙන පැමිණි ජෝන් මාමාට කෑමබීම ද එ දා දවස විවේකයෙන් සිටින ලෙසට උපදෙස් ද ලැබුණේය.පසුදා සිට ඔහු දවස් ගත කළේ අටමස්ථානය හිතේ හැටියට වන්දනාමාන කරගනිමිනි. කොච්චර දවස් ගත වුණා දැයිජෝන් මාමාට තේරුණේ නැත. ආපසු ගමට යා යුතු බව මතක් වී ඒ සඳහා සැරසෙන විට ගමන් වියදම වශයෙන් ලොකු හාමුදුරුවෝ රුපියල් දහයක් දුන්හ. ඒ කාලයේ දහය සුළුමුදලක් නොවෙයි.
ජෝන් මාමා, අහස් ගමන් කතාව අවසන් කළේ මෙසේය.ළමයිනේ මට ඉතින් ගෙදර එන්න කොව්වරදවස් ගත වුණා ද දන්නවාද ? මං ගෙදර එනකොට මගේ හත් දොනේ දානෙන් දීල මේව මේ බොරු කතා හෙම නෙමේ.
රිවිරැස පිටුව වෙනුවෙන් A.Herath විසින් පළකරන ලදී.
A day in the life
1 comments:
මැන්චෝසන් චාරිකා
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.