අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

ජීවිතය‍

“................ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .

එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.

එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .

එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.

ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.

මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.

මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.


මීදුම

2015-02-26
ප්‍රේමය මම දුටිමි.

2/26/2015 09:21:00 pm
1

මා පෙර දා කල වියමන කියවු බොහෝ දෙනා ජීවිතය කළකිරුනාදෝ යයි මගෙන් විමසන්නට විනි. සිදුහත් කුමරුන් තරුන වියේදී ම සතර පෙර නිමිති දැක සසර කලක...

Read more »
2015-02-21
මා සසලයි.

2/21/2015 07:03:00 am
3

කාලෙකට පස්සේ ලියන්න හිතුවේ. වෙනස් වන ජීවිතය නොයෙක් වියවුල් ඇතිකරනවා. වයසත් එක්ක.  හිටපු  රූස්ස ගස් හිටපු හැටියේ කඩා වැටෙන්න වගේ මග...

Read more »