ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>
3 comments:
ඔබේ කරුණු වලට මම එකඟයි. ඔබ කියන පොත් අද කාලේ පාසල් ළමයින් ඇත්තටම ලැබෙන්නෙ නෑ. ඊට වගකියන්න ඕනි පාසල් ගුරුවරු. වර්තමානයේ ලිංගික අධාපනය ලබාදෙන වයස හොඳටෝම ප්‍රමාණවත්. එකම ප්‍රශ්නෙ එය නිවැරදිව ඔවුන්ට ලැබෙන්නෙ නැති වීම. ගොඩක් ගුරුවරු මේ පාඩම මඟඅරිනය එහෙමත් නැත්නම් බාගෙට කරනව.
මගේ පිලිගැනීම නම් ලිංගික අධාපනය දරුවන්ට ලබාදියයුත්තේ වෙන කවුරුවත් නොව දෙමව්පියන්විසින්මයි යන්නයි. මෙය ටිකක් ලැජ්ජා සහගත විය හැකියි නමුත් බුද්ධිමත් අනාගත පරපුරකට නම් සිදුවිය යුත්තේ මෙයයි.
කුඩාම කාලයේ ලිංගික අධ්‍යාපනයක් ලබා දීම යනුවෙන් මා අදහස් කල කරුනු ගැන මම අලුත් ලිපියකින් ටිකක් විස්තර කලා . . (පහත සදහන් පරිදි )
කුඩාම කාලයේදී අවයව ගැන වැටහීමක් ලබාදී . . ඒවා අම්මා . . අප්පච්චී . . අත්තම්මා . . හැරුනාම වෙන කාට වත් පෙන්වන්න වත් අල්ලන්න දෙන්නවත් දෙන්න එපා කියා දැනුවත් කල යුතුයි . . .
පවුලේ හෝ පිටස්තර කිසිවෙකු දරුවාගේ අවයව ස්පර්ශ කලොත් හෝ ඔහුට / ඇයට වෙන කෙනෙකුගේ අවයව පෙන්වුවොත් හෝ ඔහු / ඇය ලවා ඒවා ස්පර්ශ කෙරෙව්වොත් හැකි ඉක්මනින් දෙමාපියන්ට දැනුම් දෙන්න යැයි කියා දැනුවත් කල යුතුයි . . .
අවුරුඩු 14ක වයසට එනවිට බොහෝවිට අද සමාජයේ දරුදැරියන් රූපවාහිනිය, අන්තර්ජාලය, මිතුරු මිතුරියන්ගෙන් අසා දැන ගත් කරුනු, සමහර හොරෙන් ලබා ගත් වැඩිහිටියන්ට පමනක් සීමාවූ පුවත් පත් බැලීමෙන් හෝ වෙන යම්කිසි ආකාරවලින් නිවැරදි නොවූ දැනුමක් සහිත කොටසක් වීමී අවදානමක් තියෙනවා . . . (මට මුලින්ම එවැනි පුවත්පතක් ලැබුනේ 6 වසරෙදි . . මගේ මිතුරෙක් කීවා ඔහු මුලින්ම එවැනි දෙයක් බැලුවේ 4 වසරෙදි කියලා)
මේ හේතු නිසායි මම කියන්නේ කුඩාම කාලේ පටන් දරුවන්ව දැනුවත් කිරීමක් කල යුතුයි කියලා . . . !
මගේ වැඩිමල් සහෝදරීගේ දරුවන්ට අප එවැනි දැනුවත් බවක් ලබා දුන්නා . . එම දැනුවත් බව නිසා ඔවුන් දෙතුන් විටක් අපචාර වලට ලක්වීමෙන් වලක්වා ගන්න අපට හැකි උනා (ඔවුන්ගේත් අපේත් මිතුරන් බදු ඇසුර නිසා ඔවුන් අපට පැවසූ නිසා අප දන්නවා)
මේකයි මීදූම, දූකා කියන්නට ඇත්තේ හුදෙක් ලිංගික අධ්‍යාපනයක් නම් නෙවේ. අපචාර හා අයුතු ප්‍රයෝජනයන් වලින් ගැලවීමට කුඩා කල සිටිම දැනුවත් කල යුතු බවක් කියායි. විදේශ රටවලද එසේ ක්‍රියා කර ඇති අතර නිතීයෙන්ද හා හෞතිකමය පහසුකම් ලබා දී එවැනි අවස්ථා සිට පාසැල් යන දරුවෙකුට හිරිහැර ( ලිංගික වේවා ශාරිරක වේවා ) කරන තැත් කිරිමේදී වැලැක්වීමේ ක්‍රමවේද සකස් කර තිබෙනවා.
( අද අප රට පියවරුන්ද එසේ පාපතර ක්‍රියා කරන කල ගත යුත්තේ ඒ දැරියගේ ආරකෂාවද නැතහොත් දෙමව්පියන්ට කීකරු වන හා අගරු නොකරන සිරිතද? )
අපේ රටේ ලිංගික අධ්‍යාපනයත් ප්‍රකට තැන්වලදී ලිංගික හැසිරිම් වලත් තත්වය ගෝචනීයයි. මට එය අවබෝධ වුවෙත් විදේශ ගත වී මාස කිහිපයක් මත්තේයි. මල් වත්තක හෝ සිනමා ශාලාවක ( විශේෂයෙන් බැලකිනිය) සිදු වන ක්‍රියා බලන්න. සිප ගැනිම් කෙසේ වෙනත් ඊට වඩා අනන්තයට ක්‍රියා දැකිය හැකි වෙනු ඇති. නමුත් බටහිර රටවල එවැනි තත්ව බහුලව නොවීමත් ( නමුත් වෙනකාරයෙන් හෝ අප රටවලට වඩා ආදරයේදී ලිංගත්වයට යොමු වන ඇත්ත) එක් වීමේදී නිසි ක්‍රමවේද ( උපත් පාලන හා වෛද්‍ය උපදෙස්) අනුගමන කරන්නේ මන්ද? ලිංගික අධ්‍යාපනය යනු ප්‍රජනන ක්‍රියාවලියත් උපත් පාලන ක්‍රිම අරක වගේ ක්‍රියා හඳුන්වා දීමත් ප්‍රමාණවත් නොවෙයි, අපේ සංස්කෘතියට ගැලපෙන ආකාරයෙන් හැසිරිය යුතු ආකාරයද ක්‍රියා දිය යුතු වෙයි. ( නමුත් ගුරුවරුන් හා දෙමව්පියන් ඒ පාඩම් මඟ හරින කල කුමන කතාද )
Post a Comment