Wednesday, May 28, 2025

ප්‍රාග් - ප්‍රොටෝ අවධියේ සිංහල භාෂාව


---ගාමිණි වසන්ත වැන්දකෝන් මුණු පොතට.

භාෂාව මනුෂ්‍ය සත්වයා අන්‍ය සත්වයන්ගෙන් වෙසෙසා දැක්‌වෙන ප්‍රධාන ලක්‌ෂණයකැයි පැවසිය හැකිය. අන්‍ය සත්වයන් ද මුඛ මාධ්‍යයෙන් නොයෙක්‌ පණිවුඩ හුවමාරු කරගන්නා නමුත් මනුෂ්‍ය භාෂාව එම පණිවුඩ හුවමාරු ක්‍රමයන්ට වඩා සංකීර්ණ අදහස්‌වලට වාහනයක්‌ බව කරුණු පරීක්‍ෂා කිරීමේදී පෙනේ. මනුෂ්‍යයා විසින් නිපදවාගත් මේ චින්තනයේ පිහිටෙන් ඔහුට ක්‍රමයෙන් අතිශය පෘථුල වූ මහත් ශිෂ්ටාචාරයක්‌ ගොඩන`ගා ගැනීමට හැකිවිය.
 

Tuesday, May 27, 2025

පපුවේ කැක්කුම


ඔයාලා හිතන්නේ හාට් ඇටෑක් එකක් ආවම අපට රෝග ලක්ෂණයක් විදියට දැනෙන්නේ පපුවේ කක්කුම විතරක් කියලද ?
නෑ..එහෙම නෑ..හාට් ඇටෑක් එකක් එන්න පුලුවන් නොයෙක් නොයෙක් විදි කීපයක් තියෙනවා.
ඔන්න අද කියන්න යන්නේ ඒ ගැන..

Friday, May 23, 2025

යුද්ධ හමුදා බුද්ධි අංශය.



එල්ටීටීඊ නැව්, සුදු වෑන් සහ යුද්ධ හමුදා බුද්ධි අංශය.
රටේ බුද්ධි අංශ දුර්වලයි, කියන පෝස්ට් කිහිපයක් ශෙයා වෙනව දැක්කා... අපේ බුද්ධි අංශ කොච්චර ශක්තිමත් ද කියල කියන්න පොඩි උදාහරණයක් දෙන්නම්...
එල්ටීටීඊ සංවිධානයේ කොදු නාරටිය වුන ලෝකය පුරා දැවැන්ත ජාලයක් විදියට ඉතා ශක්තිමත් ලෙස පැතිරිල තිබ්බ සැපයුම් ජාලය අක්‍රීය කිරීමේ මෙහෙයුම ඒවගෙන් එකක්... හුගක් අය දන්නෙ නාවික හමුදාවෙන් මූදෙදි නැව් වලට පහර දීල විනාශ කලා කියන එක විතරයි.
ඔය විනාශ කරපු හැම නැවක් පිටිපස්සෙම හුගක් සංකීර්ණ කතා ගොඩක් තියෙනවා…

Thursday, May 22, 2025

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ .


(අන්තර්ජාල අධ්‍යාපනික සගරාව sinhala subjects ඇසුරෙන්.)


නිදහස ලැබීමෙන් පසුව වූවත් අප රට තුළ ක්‍රියාත්මක වූයේ 1946 ලංකා රාජාඥාව මගින් ප්‍රකාශයට පත් කරනු ලැබූ සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1947 ලංකා නිදහස් පනත ඇතුළු තවත් අණ පනත් කිහිපයක් එක් කොට සකස් කරනු ලැබූ ආණ්ඩුක්‍රමය 1948 නිදහස ලැබීමෙන් පසුවද ක්‍රියාත්මක වූයේය.
එම ව්‍යවස්ථාව 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත වන තෙක්ම ක්‍රියාත්මක විය.


Wednesday, May 21, 2025

ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ .



හතර වන ඊළාම් යුද්ධයේදී ත්‍රස්තයන් බියෙන් සලිත කළ, ත්‍රස්ත පාලන ප්‍රදේශ තුළට ඇතුල් වී අදහාගත නොහැකි ප්‍රහාර එල්ල කළ 6 දෙනාගෙන් හෝ 8 දෙනාගෙන් යුත් යුද්ධ හමුදා විශේෂ බලකා කුඩා කණ්ඩායම් පිළිබඳව නොදන්නා කෙනෙක් නැති තරම්. එම ඒකකය හඳුන්වන්නේ විශේෂ බලකා රෙජිමේන්තුවට අයත් දිගු දුර විහිදුම් බළකාය ලෙසයි. (Long Range Reconnaissance Patrol – LRRP) මහසොහොන් බළකාය ලෙස හඳුන්වන්නේ ද මෙයයි. සතුරන්ගේ ප්‍රධාන නායකයන් ඉලක්ක කිරීම, ඔවුන්ගේ වැදගත් කඳවුරු සොයා පහරදීම හා විශාල කඳවුරු පිළිබඳ සොයා බලා ගුවන් හමුදාවට තොරතුරු සැපයීම ආදිය සිදු කිරීම මහසොහොන් බලකායේ විශේෂ රාජකාරී වෙනවා.

Tuesday, May 20, 2025

ඓතිහාසිකවු විශ්මජනක තීරණය.





"ඔවුන් එදා අපට දුන් පණිවුඩය තර්ජනයක් වගේ. එංගලන්ත විදේශ ඇමැති මිලිබෑන්ඩ් කීවා "ජනාධිපති මහත්මයා අපි මෙතනට ආවේ ඔබට සමස්ත ලෝක ජනතාව ගේ පණිවුඩයක් ලබා දෙන්නයි. ඔබ වහාම මේ සමූල ඝාතනය නතර කළ යුතුයි." කියලා එයා දැඩිව ප්‍රකාශ කළා.

Monday, May 19, 2025

සෙනසුරා



එක්තරා සරුසාර ගමක හිටි හැටියේ විශාල සාගතයක් ඇති විය. සියළු භවභෝග සම්පත් විනාශ වී ගියේය. ගවයන් එළදෙනුන් නොදන්නා රෝග හැදී මිය ගියෝය. මෙයට හේතුව ගමේ සිටින යම්කිසි කාලකන්ණි පවුලක් යයි සිතූ ගම් ප්‍රධානියා, එම ගම දෙකට බෙදුවේය. කෙමෙන් එම ගමේ එක පැත්තක් සෞභාග්‍යය ලබා ගත්තේ, ගමේ අනෙක් පැත්තට හිටි අඩියේ දැවැන්ත වර්ෂාවක් කඩා වැටී, එහි තිබුණු වැවේ බැම්මද කැඩී ගියේය.
කාලකන්ණි යයි සලකන පවුලක් ගමේ ඒ පැත්තේ සිටී යයි සිතූ මිනිසුන්, මේ ආකාරයට ගමේ සිටිය හැකි අවාසනාවන්තම පවුල කෙමෙන් තේරුහ. ඒ පවුල තෝරන තුරාවට ගමෙන් එක් භාගයක් අවාසනාවෙන් පෙළුණි. අවසානයේ ඉතිරි වූයේ කණවැන්දුම් ගැහැනියක් සහ ඇයගේ කුඩා පුතා පමණි. මුළු ගමටම හෙණයක් වූ මේ අම්මා සහ පුතා ඒ ගම් පළාතෙන්ම නෙරපන ලද්දේය. දැන් ඔවුන් ජීවත් වන්නේ හිඟමන් යැදීමෙනි. එහෙත් හිඟමන් යැදීමට මේ දරුවා එකතු කරගෙන යනවිට කිසි දිනෙක මවටද හිඟමන් ලැබුනේ නැත.

Sunday, May 18, 2025

මහා කවි පැබ්ලෝ නෙරුදා



මහා කවි පැබ්ලෝ නෙරුදාගේ 
1973 සැප්තැම්බර් 23 වැනි දින පෙරවරු 11. 30ට කවියාගේ හදවතේ ගැස්ම නතර විය.
 
 

මීදුම Published @ 2014 by Ipietoon