හතර වන ඊළාම් යුද්ධයේදී ත්රස්තයන් බියෙන් සලිත කළ, ත්රස්ත පාලන ප්රදේශ තුළට ඇතුල් වී අදහාගත නොහැකි ප්රහාර එල්ල කළ 6 දෙනාගෙන් හෝ 8 දෙනාගෙන් යුත් යුද්ධ හමුදා විශේෂ බලකා කුඩා කණ්ඩායම් පිළිබඳව නොදන්නා කෙනෙක් නැති තරම්. එම ඒකකය හඳුන්වන්නේ විශේෂ බලකා රෙජිමේන්තුවට අයත් දිගු දුර විහිදුම් බළකාය ලෙසයි. (Long Range Reconnaissance Patrol – LRRP) මහසොහොන් බළකාය ලෙස හඳුන්වන්නේ ද මෙයයි. සතුරන්ගේ ප්රධාන නායකයන් ඉලක්ක කිරීම, ඔවුන්ගේ වැදගත් කඳවුරු සොයා පහරදීම හා විශාල කඳවුරු පිළිබඳ සොයා බලා ගුවන් හමුදාවට තොරතුරු සැපයීම ආදිය සිදු කිරීම මහසොහොන් බලකායේ විශේෂ රාජකාරී වෙනවා.
Checkpoint වර්ගවාදය - යුධ සමයේ දමිල ශරීර වර්ග කල හැටි
-
මට මෑතකදි හිටපු ගමන් මතක් වුනා යුද්ධෙ ඉතාම දරැණුවට ඇවිල ගිය කාලයක වුන
සිදුවීමක්. ඒතකොට අපි උසස්පෙල ලියන කාලේ. අපි අමතර පංති යන්න පටන් ගත්තෙ
අනුරාධපුර .මේ...
1 day ago