මුණු පොතට වියමන් කලේ :
Shanaka Madhushan Liyanagama
අසත්‍යයෙන් සත්‍යයටද -අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
---වේද ගීතයක්
!doctype>සිද්ධාර්ථ..!
ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක.සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද
රජ ඉසුරු අපට නැත.
එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින්
යා නොහැක පහසුවෙන්
මා ගියහොත්
අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති
දරුවෝ දණ ගානා නො දරුවෝ ය;
ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ
මා නැත්නම් කෙනෙක් නැතිය;
අනාගතය දෑතින් මිට මොළවාගෙන
මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.
නිරංජලා රෑ තිස්සේ නිදි මරාන
කොච්චරවත් දැලි පෙරාන
ඇටයි හමයි;
පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව
අම්මා කෙනෙක් වගෙයි
අක්කා කෙනෙක් වගෙයි
ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..
-මහගමසේකර
'ප්රබුද්ධ'
මෙම ප්‍රශ්නයට කෙටි සහ සරල පිළිතුරු දෙන ඇතැම් අයට නම් ඇත්තේ එකම පිළිතුරකි. “එහෙම වුනා නම් රටට මේ වින්නැහි එකක්වත් නැහැ; රට අගේට තියෙයි” යනු ඒ පිළිතුර විය හැකිය. එහෙත් එවැනි පිළිතුරක් දෙන අයට තම මතය තහවුරු කිරීමට සාධාරණ හේතු ඉදිරිපත් කළ නොහැකිය. මන්ද? යථාර්ථය එය නොවන නිසයි.
සිරිපාල හදිස්සියේම මැරුනා.
දවසක් දෙකක් ගෙදර වටේ කරකැවී කැවී හිටියත් සිරිපාලගේ අදහස සම්පුර්න වුනේ නෑ.
ගෙදර මිනිස්සුන්ට පළවෙනි දවසේ තිබුන දුක වේදනාව දෙවෙනි දවස වෙන කොට පාවෙලා ගිහිල්ලා. උඩ බලා ගෙන හිටියත් ඇති කියලා දැන් සිරිපාලටත් හිතිලා.අඩන දොඩන සීන් වලින් අනම් මනම් දොඩන සීන්වලට හෙමින් හෙමින් මාරු වෙලා.පස් යට හිර වෙන්න කලින් මෙතනින් මාරු වෙන්න ඕන කියලා හිතපු සිරිපාල ගෙදර ඉස්සරහ අඹ ගහේ අත්තකුත් ජර බරාස් කියා ගෙන එතනින් මාරුවුනා.
වී ගොවිතැන(මඩ ගොවිතැන) හැරුනු විට උස්බිමෙහි කරනු ලබන සියලු වගාවන් හේන් ගොවිතැන යන නාමයෙන් ආවරණය විය. එබැවින් එයට ගොඩ ගොවිතැන යයි නමක් ද විය.
පැහැදිලි ඒකීය හේන් ගොවිතැනක් හදුනා ගත හැක්කේ වියළි කළාපයේය. තෙත් කලාපයේ තිබුනු හේන් වල විවිධත්වය වැඩි නිසා ඒකීය රටාවක් එහි හඳුනා ගත නොහැක. එමේන්ම වියළි කලාපිය හේන අනීවාර්යෙන්ම බහු බෝග වු අතර තෙත් කළාපිය හේන ඒක බෝග හෝ බෝග දෙක තුනකට සීමා විය. වර්ෂා කාලය හා ඉන් අනතුරුව එන වියළි කාලය ඇති නිසා බහු බෝග හේන වැව් බැදි රාජ්‍යයට ගැළපුනි. ඉංග්‍රීසීන් විසින් වියළි කලාපය ලෙස හදුනා ගත් වැව් බැදි රට 19 වැනි සියවස ට පෙර වියළි කලාපයක් ද නොවිය.
Shanaka Madhushan Liyanagama
මුණු පොතේ පල කරන ලද වියමනකි.
2025 . මැයි 06.
මොහොතකට පෙර වතිකාන නගරයේ සියලුම දුරකථන හා අන්තර්ජාල සම්බන්ධතා අත්හිටවනු ලැබුවා.නමුත් ශාන්ත පීතර බැසිලිකාවේ මේ අවහිරතාව ක්‍රියාත්මක වෙන්නෙ නැහැ.
මේ දුරකථන සබඳතාවයන් නැවත ක්‍රියාත්මක වන්නේ නව පාප් වහන්සේ පත් වී ඒ බව නිවේදනය කිරීමෙන් පසුවයි. ශාන්ත පීතර බැසිලිකාවේ මේ අවහිරය ක්‍රියාත්මක නොවන්නේ දහස් ගණන් සංචාරකයන් නිතරම එය නරඹන්නට පැමිණෙන නිසයි.
කාලෙකට ඉහතදි අපිට ගොඩක් ප්‍රයෝජනවත් උනු, ගොඩක් ආයතන වලට නැතුවම බැරි උනු Skype අවුරුදු 22ක සේවයක් කරමින් අද Officially Shut Down වෙනව.
💥💥මුණු පොතට - ඉෂාන් මෙන්ඩිස්.
ගැබ් ගැනීමකදී නැන්දම්මා හා ලේලිය අතර වූ පැරැණි සිරිත් විරිත්,.
විවාහක කාන්තාවගේ මුල්ම පැතුම වන්නේ මවක් වීමයි. මවක් වීමේ පෙර ලකුණු පහළ වූ සැනින්ම අපේ කාලේ කාන්තාවකගේ එකම තේරිම ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු සොයා ගැනීමය. එසේ සොයා ගැනීමෙන් පසුව වෛද්‍යවරයාගේ පරික්ෂා කිරීම් වලින් පසුව ඇය ගැබ්ගෙන තිබේද නැද්ද යන්න පිළිබදව නිවැරදිව දැනගත හැකිය.
ඒත් අපේ අතීත ජනසමාජයේ දරුවෙකු පිළිසිද ගත් බවට යම් කාන්තාවකට සැකයක් මතුවුවහොත් ඒ ගැන ඇය මුලින්ම කීවේ නැන්දම්මාටය. එවැනි සුභ ආරංචි කිවයුත්තේ උදෑසන බව ගම්මු අතර නියමයක් පැවතුණි. ඇගේ ඔසප්වීම නතර වී ඒත් සමගම ශරීරයේ යම් යම් වෙනස් කම් සිදුවීමත් සමග ඇය මේ බව නැන්දම්මාට දැන්විය. මේ සුභ ආරංචිය නැන්දම්මාට කියූ සැනින් නැන්දම්මා ලේලියගේ හිසට අතට තබා ආශිර්වාදය කරයි. ඉන් අනතුරුව මව හා දරුගැඹ ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලා පත්තනි පඩුරක් වෙන් කිරීමටද නැන්දම්මා අතින්ම සිදුකිරීම එදා පැවති චාරිත්‍රයකි. මේ පඩුර දෙහි ඇඹුලින් සෝදා පිරිසිදුකර සුදු රෙදිකඩකින් ගැට කසා පහන් පැලේ තබා පත්තිනි මෑණියන්ට කන්නලව්වක් කරන්නේ ඉන් අනතුරුවයි. කිසිදු කරදරයකින් තොරව දරුවා ඉපදුණු පසුව දින හතක් ගිය තැන දානයක් දෙන බවට පත්තිනි මෑණියන්ට පොරොන්දු වන්නේද නැන්දම්මා විසිනි.
මේ ප්‍රසිද්ධ සහ වටිනා චිත්‍රය මොස්කව් ආර්ට් ගැලරියේ ප්‍රදර්ශනයට තබා තිබුණි...
එහි නම වූයේ,
'Lenin in Paris'/ 'ලෙනින් පැරීසියේ'
යන්නයි..
කවුරුත් අනුමාන කලේ ලෙනින් පැරිසියේ ඉන්න කාලයේ හමුවූනු ලඳක් සමග යහනේ ඉන්නවා කියලයි. නමුත් කිසි දිනක කවුරුවත් එහි තේරුම චිත්‍ර ශිල්පයාගෙන් අසා නොතිබුනි..
වසර හතලිහකට පමන පසු, එක් තරුණයෙක් වයෝවෘද්ධ චිත්‍ර ශිල්පියාගෙන් චිත්‍රය ගැන කතා කොට මේ ප්‍රශ්නය ඇසුවේය...
"දැන්වත් ඔබ කියනවද ඒ ගැහැනිය කවුද කියා..?"
"ඒ නදියෂ්දා කෲප්ස්කායා"
ඔහුගෙ පිලිතුර විය.
ඒ ලෙනින්ගේ නෝනගෙ නමයි.
"නෝනයි මහත්තයයි ඇඳේ ඉන්නේ, මේ පැරිසියේ ද..?"
"නෑ මේ මොස්කව් ක්‍රෙම්ලීනය ඇතුලේ.."
"ඉතින් ඒ ඉන්නෙ ලෙනින් නේ..?"
"නෑ.... ඒ ස්ටාලින්"
"මොනවා...? එතකොට කෝ ලෙනින්..?"
"ආන්න ඒකයි චිත්‍රයේ නම වෙන්නේ - ලෙනින් පැරීසියේ (Lenin in Paris)...
ලෙනින්ගේ ස්ටාලින් ගේත් දේශපාලනික වෙනස මෙසේ දැක්වුවා ද ? කියලත් හිතෙනවා.