Wednesday, November 07, 2012

ළදරු සෞඛ්‍ය රක්‍ෂණය.



ළදරු සෞඛ්‍ය කටයුතු සදහා රජය විශාල වගකීම් රැසක් ඉටුකරන බව මීදුම අත්දැකීම් ලැබුවේ පුංචිත්තා සමග සායන වලට සහභාගී වීමෙනි මව් පියන් වෙනුවෙන් වෙනම දැනුවත්කිරීමේ වැඩ සටහන් පවත්වා ගෙන යන පවුල් සෞඛ්‍ය ඒකක දරුවන් වෙනුවෙන් ප්‍රතිශක්තිකරණ පෙළක් නොමිලයේ ලබා දෙනු ලබයි.

 ·        උපතේදීම  රජයේ රෝහල්වල මාතෘ වාට්ටුවේදී බී.සී.ජී එනනන්නත ලබා දීමෙන් ප්‍රතිශක්තී කරන වැඩ සටහන ආරම්භකරනු ලැබේ.
 ·        දෙවනි මාසයේ  සිට ප්‍ර දේශයේ  මහජන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේදී පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,පිටගැස්ම,හා කක්කල් කැස්ස යන රෝග සදහා ත්‍රිත්ව එන්නත ද හෙපටයිස්ට් බී එන්නත ද
 ·        මාස හතර සම්පුර්ණ වීමෙන් පසුව පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,පිටගැස්ම,හා කක්කල් කැස්ස යන රෝග සදහා ත්‍රිත්ව එන්නත ද හෙපටයිස්ට් බී එන්නත දෙවනි මාත්‍රාවද
 ·        මාස හයේදී  පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,පිටගැස්ම,හා කක්කල් කැස්ස යන රෝග සදහා ත්‍රිත්ව එන්නත ද හෙපටයිස්ට් බී එන්නත තුන්වන මාත්‍රාවද 
·        මාස නවයේදී සරම්ප සහ විටමින් ඒ අධිමාත්‍රාව ද
 ·         මාස දහ අටේදී  පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,පිටගැස්ම,හා කක්කල් කැස්ස යන රෝග සදහා ත්‍රිත්ව එන්නත ද    ඒ අධිමාත්‍රාවද
·         මාස දහ අටේදී  පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,පිටගැස්ම,හා කක්කල් කැස්ස යන රෝග සදහා ත්‍රිත්ව එන්නත ද    ඒ අධිමාත්‍රාවද
 
·        අවුරුදු තුනේදී සරම්ප හා රුබෙල්ලා එන්නතද
·        අවුරුදු පහේදී  පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,හා පිටගැස්ම, යන රෝග සදහා ද්විත්ව එන්නත ද
·        අවුරුදු දහයේ - දහහතර අතර වයසේදී ඒ ටී ඩී එන්නතද ( වැඩිහිටි පිටගැස්ම හා ගලපටල එන්නත) 
නොමිලයේ ලබා ගැණීමට හැකිය.








notes of imaginary

Thursday, October 25, 2012

පුංචිත්තාගේ ආහාර රටාව ( මාස 8-9)

notes of imaginary

Wednesday, October 17, 2012

පිපෙන මලේ රුව




පිපෙන මලේ රුව 
එ පිපෙන මලේ රුව 
එමල දනිදෝ මල දනිදෝ
මලකි දුවේ නුබ හැඩ රුව
බලන්නෙපා
නැති බැරිකම මුතු මාල හතක් වී
නැති බැරිකම මුතු මාල හතක් වී
 නුබ අත කරලන දා
නුබ අත කරලන දා
කටු මැටි බිත්තිය හැඩ  කර අදිනා
රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ
නොතලන් සිත මා
ආදර දියණියනේ
ආදර දියණියනේ...........
පාළු කනට නුඹෙ
අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිමදැමුවේ..


notes of imaginary
විශාරද නන්දා මාලනි

Saturday, October 13, 2012

මහගම සේකර යන් සමග සඳකත් පිණි දිය



සදකන් පිණිදිය දියවී ගලනා
සීතල කදු අතරේ
අද ඔබගේ ඉකිබිද
ඔබ හඩනා හඩ මා සවනේ පෑරේ............
නිසංසලේ රෑ අහසේ ....
නිසංසලේ රෑ ඝණ බොල් අහසේ
මිලානවු තරු එළියේ
ඔබේ නුවන් මිණ පහන් එලියේ
ඇවිලේ මා දෑසේ
අවිලේ මා දෑසේ....
සුසුම් හෙලන තුරු ලතා ලපල්ලේ
 සිහිල් සුලග පාවි  
මගේ කවුළු දොර තුලින් එබී
 ඔබ සොයා ඇදේ

notes of imaginary

පුංචිත්තාගේ ආහාර රටාව 2.


මාස හතරේ සිට හය දක්වා.
පුංචිත්තාට එකම පරිදි ආහාර ලබා දීමෙන් අහාර රුචිය අඩුවන බැවින් අහාර රටාව විවිධාංගීකරණය කිරිම සුදුසුවිය.මාස හතරෙන් පසු මාස හය දක්වා සීනී සහ ළුනු රහිතව පොඩි කරන ලද තලපයක් සේ සකස් කර පහත දැක්වෙන ආදර්ශය පරිදි වට්ටෝරුවක් සකස් කිරීමෙන් අහාර රටාවේ ඒකාකාරී බව  ඉවත්විය.

ඉරිදා
Ø  බත් සමග කඩල,බටර්, සහ පළා  කොලØ  බත් සමග හාල්මැස්සෝ සහ කැරට්Ø  බත් සමග වට්ටක්කා සහ පරිප්පු

සදුදා
Ø  බත් සමග පොල්කිරි ස්වල්පයක් එකතු කර පිසින ලද අළුත්මාළු,සහ පලා කොල
Ø  බත් සමග  බතල ,සහ පලා කොල
Ø  බත් සමග  කඩල පරිප්පු ,සහ පලාකොළ
අගහරුවාදා
Ø  බත් සමග බිත්තර ,කැරට් ,සහ පලා කොළØ  බත් සමග පරිප්පු සහ බෝංචිØ  බත් සමග  වට්ටක්කා සහ ලීක්ස්
බදාදා
Ø  බත් සමග කව්පි ,බටර් සහ පළාකොලØ  බත් සමග හාල්මැස්සෝ සහ ලීක්ස්Ø  බත් සමග අළුත්මාළු  සහ පලා කොළ 
බ්‍රහස්පතින්දා
Ø  බත් සමග කඩල සහ පළා  කොලØ  බත් සමග  හාල්මැස්සෝ සහ බෝංචිØ  බත් සමග  කඩල පරිප්පු සහ බටර්
සිකුරාදා
Ø  බත් සමග අළුත් මාළු,පරිප්පු සහ පළාකොලØ  බත් සමග පොල්කිරි  කුඩා ප්‍රමාණයක් මිශ්‍රකර පිසින ලද කැරට්,Ø  බත් සමග කව්පි, වට්ටක්කා සහ ලීක්ස්
සෙනසුරාදා
Ø  බත් සමග බිත්තර සහ කැරට්,Ø  බත් සමග හාල්මැස්සෝ වට්ටක්කා සහ ලීක්ස්Ø  බත් සමග බෝංචි සහ පරිප්පු
සෑම දිනකම ප්‍රධාණ කෑම වේල් අතරට
Ø  බටර්  සහ චීස් අවස්ථානෝචිතව ලබාදීමØ  දිනකට දෙවරක් පලතුරු යුෂ ලබාදීම ( ගස්ලබු ,අලිගැට පේර, කෙසෙල්, දෙළුම් වැනි)








notes of imagin

Saturday, October 06, 2012

රුවල් ඉරී ගිය නෞකාවේ..........




රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි,
නොගිලී දළ රල පෙර අතරේ -
මා හා නොහැකිය ගොඩ බිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි..............

පාළුවු  නිහඩ පරිසරයක් තුල
දෑස් පියාගෙන මම මේ  ගී හඩ අසා සිටියෙමි. ..................................

දෝතට එක් කල වැසි දිය පොවමින්- පවසට
ඉරුණ රුවල් රෙදි දවටා තබමින් - උනුහුමට
මා රැක ගත් ඔබ රැක ගතයුතු මේ අද දින
දියඹේ නවතිමි  - මැන පෙරමග තනියම

සිතිවිලි සමග මලාණිකවු දෙනෙත රෝහල් සිවිලිමේ කම්මැලි කමින් කැරකෙන පන්කාව මත නතරව හඩාවැටෙන්න විය  ජීවිතය පිළිබද සියළු උත්සහායන්  බලාපොරොත්තු සිදී බිදී ගොස්
ජීවිතය නතරවන්නට
සුදානම් වන මේ මොහොතේ ........... ඔබෙන් වෙන්ව යා යුතු නිමේෂය ලංව ඇත.

රුවල් ඉරී ගිය නෞකාවේ............
සුන්බුන් නැව් බද දියඹත් වි යයි.
හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස
දෑස පියා ගෙන මා බිලි දී දිය ගැබරට
ගැලවි යන් මැන මේ විපතෙන් සිත දැඩි කොට.

ජීවිතය දුක් කරදර මැද විසිරීයයි.මා හා බැදි සෙනෙහස අත් හැරීමට අපහසුය. එහෙත්  කම්පාවෙන් වුවද මා අත්හැරිය යුතු මොහොත
කෙමෙන් කෙමෙන් ලංවන බව සිහිපත් කල යුතුය..
මා හා රැදී සිටිමින්   පලක් නොවන්නේය.එබැවින් ඔබ මේ විපතින් ගැලවී යනු මැනවි.
අප දෙදෙනාටම මෙයින් ගැලවී එක්ව යා නොහැකිබව මට මෙහොතින් මොහොත චිත්‍රණය වෙයි..

රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි,
නොගිලී දළ රල පෙර අතරේ
මා හා යා නොහැකිය ගොඩ බිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ .
ගලන අදුරක් සමග විදුලි පංකාව භ්‍රමණය වන්නේද නොවන්නේද
මට නොතේරේ.අවට පරිසරය සිසිල් වන්නාසේය. මහත් සැනසිල්ලක් සැහැල්ලුවක් සමග මා පාව යන්නේ
ඔබ හා බැදි සෙනෙහස සමග සමුදුර වෙරලට  විය යුතුය. 




notes of imaginary


විශාරද නන්දා මාලණිය ගයන
මේ ගීතයයේ පදවැල
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේ විය යුතුය.


 

මීදුම Published @ 2014 by Ipietoon