Tuesday, November 15, 2011

සදේ ඔබ දිලෙන විට ...

Monday, November 14, 2011

සිතට කවි පද ගෙනේවි





මීදුමෙන් වැසී සිතිජයක කව 
සුළග නිහඩවම මුමුණාවී 
අදුරු අහ‍සින් ගලන පිණි බිදු 
රැයේ මල් තියාවි
 තාරුකා රැදි අහස් මායිම 
මිහිදුම් සළුවෙන් වසාවි 
නිහඩ ගීයක් තනිව මුමුණා 
රෑ පුරා හමා ඇදේවී 
ඒ සුළග වගේ නුඹත් හෙමිහිට 
සිතට  කවි පද ගෙනේවි 

Thursday, November 10, 2011

Belihuloya

Belihuloya Slideshow Slideshow: මෙතනින් යන්න. TripAdvisor™ TripWow ★ Belihuloya Slideshow Slideshow ★ to Polonnaruwa, Belihuloya (near Ella) and Deniyaya. Stunning free travel slideshows on TripAdvisor

Tuesday, November 08, 2011

විශ්වාස කරනවද ?.

වම් අත පැත්තේ කවුද ඉන්නවා

කවුද මේ එන්නේ ?.

නිදා ගන්නවත් බෑ 

මොකද කල්පනාව ?.

ආ ඇද යට කවුද ?.

මෙහෙත් ඇවිල්ලා ?.

Friday, November 04, 2011

යදමින් බැද - විශාරද නන්දා මාලණී

යදමින් බැද විලංගු ලා  මගේ පුතා
රැගෙන යන්න
ඉදිකටු ඇන ඇගිලි තලා
දෙතිස් වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම
දඩුවම් දෙන වරදනම්.
කුමට එරට අධිකරනය නිතිය සහ විනිසුරන්.

කාකා බිබි නටන අතර නරුම
යහළු හෙහෙලියන්
පන්දු කෙලින අතර ඉහල
පාසල් වල අමනයන්
රට ගිණිගෙන ඇති වග දුටු
මගේ එකම පුතනුවන්
එ ගිණි නිවන මග නිවන මග සෙවීම
වරදක් දැයි මට කියන්

යදමින් බැද විලංගු ලා  මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇගිලි තලා
දෙතිස් වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම
දඩුවම් දෙන වරදනම්.
කුමට එරට අධිකරනය නිතිය සහ විනිසුරන්.

ගිණි ගන්නා රටක කෙළින
මී හරකුන්  වැනි පුතුන්
කුමකටද මට මහ විරුවෙකි
සිරගෙයි මල මගේ පුතුන්
කෝටි ගනන් බිහිවේවා
මගේ පුතු වැනි තව පුතුන්
කිරිමව් ලෙස මම ඉන්නම්
එවන් පුතුන් ලග උතුම්

යදමින් බැද විලංගු ලා  මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇගිලි තලා
දෙතිස් වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම
දඩුවම් දෙන වරදනම්.
කුමට එරට අධිකරනය නිතිය සහ විනිසුරන්.

රට කරවන්න නම් ........ විශාරද නන්දා මාලණී

රට කරවන්නට නම්  - රට කරවන්නට නම්
මසුරන් ඇතිව කැටේ
වටිනා කියනදේ
 විකිණිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත්
අප හැම මකර කටේ.
දළදා මැදුර
අධිකව  මිළ කල හැකිය
සිරිමා බෝධියේ
ලන්සුව පැහැදිලිය
කළු ගල්වලට
විකුණාගෙන සීගිරිය
සිගීරි කුරුටු ගී බයිලා කල හැකිය
රට කරවන්නට නම්  - රට කරවන්නට නම්
මසුරන් ඇතිව කැටේ
වටිනා කියනදේ
 විකිණිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත්
අප හැම මකර කටේ.
හෝරටන් තැන්න
දී ක්‍රීඩා පිටියකට
පවරා සිංහරාජය
ලී මෝලකට
දුන්හිද ඇල්ල හරවා
ජල විදුලියට
සමනල කන්ද බදු දෙමු
හෝටලයකට
රට කරවන්නට නම්  - රට කරවන්නට නම්
මසුරන් ඇතිව කැටේ
වටිනා කියනදේ
 විකිණිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත්
අප හැම මකර කටේ.

Sunday, October 30, 2011

දවසම අප්සට් !.

ආවේ මෙන්න මේ දඩුමොනර යන්ත්‍රයෙන්.

පාන්දරින්ම  අපේ  ප්‍රාදේශිය ලේකම් කාර්යාලෙට ගියේ  පුංචි පහේ වැඩක් කර ගන්න. 
වෙනදා ප්‍රාදේශිය ලේකම් තුමාගේ වාහනය ගාල් කරන තැන  අද අමුතු වාහනයක්.
දඩු මොනර යන්ත්‍රයක් වගේ.

එක පාරටම හිතුනේ රාවනා රජ්ජුරුවෝ මොකක් හරි වැඩකට පාන්දරින් ඔෆීස් එකට එන්න ඇති කියලා. 
මිනිහාටත් අද වතුර පොදක් වත් නැතිව හවස් වෙනකම් මිස්ලා මැඩම්ලා මහත්තුරු ගාවා මේසේ ලග එටෙන්සන් ගහ ගෙන යටත් පහත්ව වේලෙන්න වෙයි කියලා  හිතා ගෙන , කාකසයත් දොර ගාවා නැති හින්දා ප්‍රාලේගේ කාර්යාල කාමරේට ඔළුව දැම්මා. 

ඔඩිට් එකක් !.

අම්මෝ ශක්‍ර දෙවියෝ පාන්දර ඇවිත් වැඩ චෙක් කරනවා !.අවුරුදු ගානක ඉදන්මේසේ උඩ  රාක්කයේ ගොඩ ගැහිච්ච වැඩ  !.


අද නම්  බඩුම තමයි. කියලා හිතට ආවම පොඩි ජොලියකුත්  ආවා.

අද  මගේ වැඩෙත්  ටක් ගාලා ඔෆීස් එකේ මහත්තුරු කරදුන්නා. දෙවියන්ගේ අනු හසින්ද කොහෙද ?. 
යන්තම් වැහිපොදෙත් එක්ක පාරට බැස්සා .
 කුඩේ ගෙනියන්න කවදත් පුරුද්දක් නැති මීදුම ගෙදර ගියාම නිදහසට කරුණු කාරනා කියන්න , කරුණු කාරනා එකතු කර කර කඩ පිලකට වෙලා වැස්ස තුරුල් වෙනකම් බලා ගෙන හිටියා. 
මෙන්න බොලේ !  අළුත් අදහසක් .

අළුත් අදහසක් !.



වැස්ස පෑව්වා දුවලා දුවලා ගිහින් ප්‍රයිවට් බස් එකකට නැග්ගා. වැස්ස නිසා සෙනග අඩුයි කියලා  වැස්සට බනින කොන්දොස්තර කොළුවාගේ කන්දොස්ක්‍රියාව බස් එකේ  ශබ්ද විකාශණයෙන් නැගෙන සුභාවිත ගීතය පරදවා ගෙන ඇහෙද්දී කවුළුවෙන් පාර දිහා බැළුවා. 
 මෙන්න සහෝදරයෝ හතර දෙනාම එකම වාහනේ !.
 කොන්දොස්තර කොළුවාට එකටත් තද වෙලා. !

සහෝදරයේ හතර දෙනෙක් !.

හෝල්ට් එකෙන් බස් එකෙන් බැහැලා  පෙති පෙති කපාපු පාන් බෑග් එකකුත් අරගෙන ඇවිද ගෙන යන කොට මෙන්න  ඩොක්ටර් ගාවට බෙහෙත් ගන්න යන අම්මයි  දරුවෝ දෙන්නයි !. ප්‍රයිවට් චැනල් සෙන්ටර් එකක් හොයනවා.

කාටද බෙහෙත් ගන්න යන්නේ !.


මේ තුන්දෙනා දැකලා තවත් මහත්තෙක්  කැමරාව මාන ගෙන 


පින්තූර ගන්නවා.


මම ඇස් දෙක පියා ගෙන ඔළුව තදින්ම ‍ හොලවලා බැළුවා මට අප්සට්ද ? කියලා


Tuesday, October 25, 2011

කලාවැවේ නිල් දියවර අපේ අම්මා - දිවුල්ගනේ.



ගමට කලින් හිරු  
මුළු තැන් ගෙට වඩනා
ඒ හිරු එළියේ  
නැන මල් පොඩි පිපුනා
ඒ මල් සුවදේ 
අද ලොවුතුරු සුව විදිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා.

රෑ කරුවල අරගෙන 
දරුවන් එනතුරු 
සිත නෑ නිවන් දකින්නේ
රෑ කරුවල ඇවිදින් 
ඉකිබිද ඇඩුවත් 
හිත නෑ නිදි විද ගන්නේ 
හෙට අරුනට සැරසෙන  
තව දවසක් ගැන
 නින්දේ සිහින දකින්නේ 
මහමයාවනි, කවාදා දෝ ඔය නෙත් 
දරු සෙනෙහෙසින් මිදෙන්නේ

වෙල් එලි වල ඇවිදෙන 
දෙපා රිදෙන විට 
විහග ගීත බණ පද වේවා
බෝමළුවක ඇවිලෙන පහන් වැටක් සේ 
තුන් සිත නිවී සැදේවා

මතු උපදින සසරේ  විශාඛාව වී 
මෙත් මග නෙත් හමුවේවා
ඇත් රැජිණියනේ -  ඔබේ නැලවිලි ගීතය 
ලොවම නිවන කවියක් වේවා

ගමට කලින් හිරු  
මුළු තැන් ගෙට වඩනා
ඒ හිරු එළියේ  
නැන මල් පොඩි පිපුනා
ඒ මල් සුවදේ අද
ලොවුතුරු සුව විදිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා.

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
ගේය පද - සුනිල් දයානන්ද කෝණාර




 

මීදුම Published @ 2014 by Ipietoon