ජීවිතය……..
අලුතින් කියවමු.
අසත්‍යයෙන් සත්‍යයටද -අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
---වේද ගීතයක්
ජීවිතය……..
අලුතින් කියවමු.
94 හැවිරිදි පුද්ගලයෙකු කුලියට ගත් නිවසක කුලිය නොගෙවීම නිසා ඉඩම් හිමියා විසින් ඔහු එළියට දැමුවේය. පැරණි ඇඳක්, ඇලුමිනියම් උපකරණ කිහිපයක්, ප්ලා...
පිස්සු හැදෙන්නේ නැතිව තියෙයියැ මේ වෙන දේවල්
වල හැටියට. ඒක අහගෙන ඉන්න තව එකෙක් කියනවා. මටත් ඒ වගෙයි කියලා. ඔක්කොටම පිස්සුද ?
මම ඉන්නේ ගගක් අද්දර. දිය ඇල්ලකුත් තියෙනවා ලස්සන. නිවාඩු දවස් වලට සති
අන්තයේ ජෝඩු ජෝඩු අත්වැල් බැද ගෙන ගගයි
ඇල්ලයි බලන්න යනවා. වැඩිහිටියොත් දූදරුවෙත් එක්ක එනවා. ජෝඩු ජෝඩු එන සමහර ජෝඩු වල
එල්ලා ගෙන තියෙන බෑග් දිහා බලපුවම කන්න බොන්න දේවල් වලට අමතරව සී.ආර්.පොත් ඒ 4 කොළ
මිටිත් පේන්න තියෙනවා.
පසුගිය දවසක මම නිකමට හිතුවා උපකාරක පන්තියක් වත් ගගේ තියෙනවද
කියලා?. මට හම්බු උන උත්තරේ අප්‍රබංශ එකක්. “ අපිට නොයෙක් රෝගාබාධ ඇතිවෙනවා. අපේ
මනසත් ඒ වගේම රෝගීවෙනවා . මනසේ ඇතිවන රෝග හඳුන්වන්නේ මානසික රෝග කියලා. සාමාන්‍ය
වහරේ “ පිස්සුව “ කියලත් හදුන්වනවා. “මානසික රෝග“ යන වචනය ඇසු පමණින්ම
අපගේ සිතට දැනෙන්නේ බයක්. ලජ්ජාවක්. මානසික රෝගවලට ගොදුරු වූවන් දෙස බලන්නේ ද
අවඥාසහගත ලෙසය. මෙය ඉතා වැරැදියි. ඒ ගොල්ලත් සමාජ ගතව සිටින රෝගින් කොටසක් පමනක්
කියන සිතිවිල්ල අපි ඇති කර ගන්න ඕනී.
ඉතින් මේ ගගට එන තරුන ජෝඩු වලට මේ අදහස් ආදේශ
කරන්න පුළුවන්ය. මට උත්තර බැන්ද මනුස්සයටත් පිස්සු!.ඒක මට අදාල වෙන්නේ කොහොමද ?
ගගේ වතුර සද්දේ හෝ හෝ ගාලා ඇහෙනවා. හෝර්ටන් තැන්නට වැස්සොත් වතුර ගගට එකතු වෙනවා.
හොර්ටන් තැන්නට වහිනවා ඇත්ද ? මේ වහින මාස නෙමෙයි.ඔක්කෝම්බර් 10 -15 වෙන කොට නම්
මෝසම් වැහි පටන් ගන්නවා. අහස දිහා බලාගෙන බණ්ඩේ උන්නැහේ අනාවැකියක් කිව්වා. ගගත්
ඔහේ කම්මැලිකමින් ගලා ගෙන යනවා ඇති.
මගේ උපදේශකයා කතාව දිගටම කරගෙන යනවා. මම ආයෙත්
පරන කල්පනාවට වැටුනා.
.
මානසික රෝග සදහා මීට
දශක පහකට හයකට පෙර විධිමත් ප්‍රතිකාර තිබුනේ නැහැ. බලි තොවිල් වැනි යාතු කර්ම සමග
පාරම්පරික වෛද්‍යකර්ම යොදවා ගත්තා. බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කල අංගොඩ
මුල්ලේරියා රෝහල්වලට මානසික රෝගීන් යොමු වුවත් එය ජනප්‍රිය වෛද්‍ය ක්‍රමයක් ලෙස
පිලිගෙන තිබුනේ නැහැ. ඒ වගේම අද මෙන් බටහිර ක්‍රමවලත් ක්‍රියාශිලී ඖෂධ වර්ග තිබුනේ
නැහැ. එකල කියවුන දේශිය පාරම්පරික වෛද්‍ය ක්‍රමයන්.විධිමත්
සහ ප්‍රතිපලදායි වෛද්‍යක්‍රමයන් වුනේ නැහැ. දැන් නම් සෑම ජාතික රෝහලකම වාගේ මානසික
රෝගීන් සදහා ප්‍රතිකාර කරනවා. අපිට ලගම තියෙන රෝහලේ 18 වාට්ටුව වෙන් වෙලා තියෙන්නේ
එවැන්නන්ට.ඒ කාලේ 134 දැන් හැම පැත්තටම වලංතු නැහැ. අර ප්‍රාදේශීය දේශපාලකයන් ගාල්
කරන්න පලාත් සභා තියෙනවා වගෙයි කියලා කතාවට හවුල් වුන පුංචා කියනවා.පුංචාටත්
පිස්සු. පලාත් සභායි මනෝවෛද්‍ය ඒකකයි එකට යන්නේ කොහොමද?.
මම ඊයේ කිව්වනේ හෙටත්
මේ විකාරේ දොඩවන්න එනවා කියලා. ගග ගැන අහලාත් ඇතිවෙලා ඇති. මම වාඩි වෙලා ඉන්න තැනට
ගගට එන පාර මීටර් හාරසියයක් විතර දුරට පේනවා. අතේ එල්ලිලා එන අය කරේ එල්ලිලා එන අය
බැරි බර ගානේ කුඩේ උසට උසේ අල්ල ගෙන එන අය මාව දකින්නේ නැහැ. එත් මට ඒ ගොල්ලන්ගේ විච්චූරන පේනවා. අනේ අපොයි කියලා අපිට හිතුනත්
තරුන උදවියට ගැටවර ගැටවරයින්ට මේ උනුහුම චමත්කාරයක්....
මේවා පිස්සු වැඩ කියලා
හිතෙන කාලයක් එනවා. මම පීලි පනිනවා වගේ දැනුනානේ. ඉන්න මම ට්‍රැක් එකට පනිනකම්...වර්තමානය
වන විට ශාරීරික රෝග මෙන්ම මානසික රෝග ද වැඩිදියුණුවු ඖෂධීය ප්‍රතිකාර මඟින් හෝ
වෙනත් චිකිත්සක ප්‍රතිකාර මඟින් සුවයක් ලබා ගන්න පුළුවන්, නැතිනම් අඩුම තරමේ රෝගය
පාලනය කළ හැකි බව වටහා ගෙන තියෙනවා.
මානසික ආබාධවලට ගොදුරු
වූ පුද්ගලයින් පිළිබඳව සැලකීමේදී බරපතළ සහ බරපතළ නොවන මානසික රෝගවලට ගොදුරු වී ඇති
සංඛ්‍යාව සමස්ත ජනගහනයෙන් සියයට 8 – 10 වගේ ප්‍රමාණයක්.
බරපතළ ගණයේ මානසික
රෝගවලට ගොදුරු වී ඇති සංඛ්‍යාව සියයට 2 ක් විතර
වෙනවා. මේ ගනන් හිලව් වෙනස් වෙන්න පුළුවන්.
මේ කාලේ ආතතිය හැමෝටම
තියෙනවා. තරුනයින්ට ඇති ආතතිය වේගයක් වෙලා පසුගිය කාලේ ගලා ගියා. සමහරුන්ට ඇතිවු
ආතතිය රටෙන් බැහැර වෙලා සමනය කර ගත්තා. තවත් සමහරුන්ට ඇති ආතතිය ප්‍රවෘත්ති සාකච්චා තියලා
සමනය කර ගන්නවා .
අපේ ආතතිය මේ උන්දැලා
දවසින් දවස වැඩිකරනවා. ඒක නේ මම කිවේ අපිට පිස්සු කියලා.
කමක් නැහැ අපි බරපතල විග්‍රහයකට එමු.
මොළය ආශ්‍රීතව ඇතිවන
අබාධ මානසික ආබාධ කියලා කියනවා. එවැනි රෝග
ඇතිවීමට ජානමය හේතු,. හදිසි අනතුරු නිසා
මොළයට වන හානිහේතුවෙන්න පුළුවන් .බොහෝ දෙනෙක් වෙතින් මානසික ආබාධ මතු වන්නේ වයස අවුරුදු 16 පමණ කාලයේ සිට. එතැන්
සිට එම රෝගියා මුළු ජීවිත කාලයම ගෙවන්නේ මානසික ආබාධිත තත්ත්වයෙනි.
කිසියම් රෝගයක් නිසා
ආබාධ තත්ත්වයට පත්වී ගෙවීමට සිදුවන කාලය සහ කිසියම් රෝගයක් නිසා අහිමි වන ජීවිත
කාලය ප්‍රතිශතයක් ලෙස ගත් විට එම අගය සියයට දොළහයි දශම හයකි. මෙය අනෙක් රෝග හා
සසදන විට ඉහළම අගයක්.
මෙය ඉහළ අගයක් වීමට ප්‍රධාන
හේතුව වන්නේ මානසික රෝග බහුලව ඇතිවන්නේ නව යොවුන් වියේදී වීම නිසා. එසේම බරපතළ
මානසික රෝගීන් සියයට අසූවක්ම දීර්ඝ කාලීනව පීඩා විදිනවා.
එම නිසා මානසික රෝගවලට
දීර්ඝ කාලීනව ඖෂධ භාවිතාව අවශ්‍ය වෙනවා.
අප සමාජයේ බහුලව ඇති ප්‍රබල මානසික රෝග සංඛ්‍යාව 3 කි.
1. භින්නෝන්මාදය,
2. භාවික උන්මාදය,
3. විෂාදය.
• බිය, කාංසාව, ග්‍රස්ථිය මත්ද්‍රව්‍ය
වලට ඇබ්බැහි වීම වැනි උග්‍ර නොවන මානසික ආබාධයන්ගෙන් ද බොහෝ දෙනෙක් පීඩා විඳිනවා.
මේ
අතර අපිට පහල වෙලා ඉන්න දේශපාලිකාවක්ගේ ආර්ථික උපදේශය කංසා වවා ස්වයංපෝෂිත වමු
කියලයි. හොදට හිටී නේ.....මුන්ටත් පිස්සු කියලා හිතෙන වාර අනන්තයි.
පුංචි කෝච්චිය... කොළඹ ඉදන් ඕපනායකට ආපු මතකය
තියෙන අය බොහෝම අඩුයි. මීට අවුරුදු විසිපහකට විතර ඉස්සර 1997-1998 තරම.ඕපනායක ඉදන් කොළඹ ගිය පුංචි
කෝච්චිය ආපසු අපිට දකින්නට ඕපනායක ට ආවේ නැහැ .අවසාන චාරිකාවට එක්වෙලා තිබුනේ
සංචාරකයන් පිරිසක්.
පසු කාලයේ කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා පටු අමාන
මාර්ගය නවීකරණය වෙලා පුළුල් අමාන දුම්රිය
මාර්ගයක් වෙනවා.
සුද්දන්ගේ හිරු නොබසින අධිරාජ්‍යයයේ පැවත්ම උදෙසා
අපි වගේ රටවල් වල සංවර්ධණ කටයුතු සිද්ධවුනා.ඒවා අපිට ඕන දේවල් නෙමෙයි. එයාලගේ ව්‍යාපාර
පැවත්ම සදහා අවශ්‍යවු යටිතල පහසුකම්. තේ පොල් රබර් වැවිලි නිෂ්පාදන කොළඹට ගේන්න
මාර්ග පහසුකම් ඕන.එයාලා ඒකාලෙට ගැලපෙන විදියට මාර්ග පද්ධතිය සකස් කර ගත්තා. අපිට
නිදහස ලැබුනාලු. නම වෙනස් වෙලා ලොකු ලොකු වගන්ති එක්ක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හදා
ගත්තත් තාම අධිරාජ්‍යයට වැද නමස්කාර කරනවා.
කෝච්චිය අමතක වුනා...මම පාසල් ගියේ පැල්මඩුල්ල
ගන්කන්ද මධ්‍ය විද්‍යාලයට. සති අන්තයේ ගෙදර එනවා. හුණුවල ඉදන් ඕපනායකට පුංචි කෝච්චිය ගමන් ගන්න මාර්ගය
පිහිටා තිබුනේ මහා මාර්ගයට සමාන්තරව. ඒකාලේ බස් රථත් අශ්ප වේගයෙන් ගමන් නොගන්නා
නිසා, පුංචි කෝච්චියේ කාල සටහනහට මගේ කාල සටහනත් ගැලපුනොත් පුංචි කෝච්චිය
හමුවෙනවා.එතකොට කෝච්චියයි බස් එකයි කිලෝමීටර හතරක් විතර ඉබි ගමනේ ඇවිත් ඕපනායකින්
වෙන් වෙලා යනවා. ඒ කාලේ ඒකත් චමත්කාරයක්.
පුංචි කෝච්චියේ උපතත් අහම්බයක්. ලංකාවට ආපු චීන
පොහොර නැව (ගූ නැව) ආපහු ගියා වගේ මේකත් ආපහු අරින්න ඒ කාලේ ඇත්තන්ට දැනුම ශක්තිය
තිබුනේ නැහැ. ගැහිල්ල කලේ පරිත්‍යාග විදියට. නැත්නම් සංවර්ධණය විදියට. සුද්දන්ට
ලාභ ලැබෙන විදියට.සුද්දෝ යටත් විජිතයේ එක් එක්
රටවල් සංවර්ධණ කටයුතු කලා කියලා මුලිනුත් සදහන් කලානේ. දකුණු අප්‍රිකාවෙත් මේ වගේ
සංවර්ධණ ව්‍යාපෘතියක් ලෙස දුම්රිය මාර්ගයක් ඉදි කරන්න සැලසුම් කරනවා. මේ ව්‍යාපෘතිය
අනුව කිලෝමීටර් 100ක් පමණ දිගින් යුත් දුම්රිය මගක් සහ පද්ධතියක් ඉදිකිරීමට ඇනවුම්
කරනවා. මෙම ඇනවුම සම්පූර්න වෙනවා.පටු අමාන දුම්රිය මාර්ගයක ලෙසයි ව්‍යාපෘතිය සකස්
වන්නේ.
දුම්රිය ව්‍යාපෘතිය දකුණු අප්‍රීකාවේ
ස්ථාන ගතකරන්නට යන විට අප්‍රීකාණුවෝ පුංචි කෝච්චියක් ස්ථාන ගත කරනවාට විරුද්ධ
වෙනවා. එවකට සිටි යටත් විජිත ආණ්ඩු කාරයත් මේ මතයට එකග වෙනවා.ඔවුන්
බලාපොරොත්තුවූයේ පුළුල් අමාන දුම්රිය මගක්
විරෝධතාවය බරපතල නිසා කරන්න දෙයක් නැහැ.පාඩුව විද දරා ගන්නත් බැහැ. කර කියා ගත නොහැකිව අතරමංවු ව්‍යාපෘතිය පසුව යටත් විජිත භාර ලේකම් වරයා සහ ලංකාවේ ආන්ඩුකාරයාගේ මැදිහත් වීමෙන් කැළණිවැලි දුම්රිය මාර්ගය ලෙස කොළඹ -රත්නපුර ඕපනායක දක්වා ඉදිවෙනවා.පරිත්‍යාගයක මුවාවෙන් අපිට හිසරදයක් ලැබෙනවා.
ඕපනායක කෝච්චිය හැදින්වුනේ කැළණි වැලි දුම්රිය මාර්ගය ලෙසටයි. 1890 සැප්තැම්බර් මාසේ දෙවැනිදා තමයි කැලණිවැලි දුම්රිය මාර්ගය හදන්න පටන්ගන්නේ. 1902 සැප්තැම්බර් මාසේ 15 වෙනකොට පුංචි කෝච්චිය අවිස්සාවේල්ලට එනවා. ඊළඟට 1912 අපේ‍්‍රල් 18 වෙනකොට රත්නපුරේට එනවා. ඔන්න ඔහොම 1919 මැයි 2 වෙනකොට පුංචි කෝච්චිය ගමනාන්තය වෙන ඕපනායකටම ආවා.
කැළණී වැලි ( කැළණි මිටියාවත ) සුද්දන්ගේ වැවිලි
ආර්ථිකය නිසා ඇතිවුන නමක්. ඔවුන්ගේ වැවිලි නිෂ්පාදන කොළඹ එන්න මේ දුම්රිය මාර්ගය
බොහෝම ප්‍රයෝජනවත් වුනා. ඔවුන්ට මගී
ගමනාගමන ප්‍රවාහන සේවාවක අවශ්‍යතාවයක්
නොතිබෙන්න ඇති.
1830 ලිවර්පූල් හා මැන්චෙස්ටර් අතර දුම්රිය සේවය අයත් අයිතිකරුවෝ හොඳම දුම්රිය ඇන්ජිම සඳහා පවුම් 500 ක ත්‍යාගයක් පිරිනමන බව ප‍්‍රකාශ කරනවා. මෙම තරගයට ඉදිරිපත් වන ‘රොකට්’ නැමැති දුම්රිය ඇන්ජිම නිපදවූ “ජෝර්ජ් ස්ටීවන්සන්ට” ‘රොකට්’ නැමැති මේ දුම්රිය ඇන්ජිම මගින් කිලෝමීටර් 56 ක දුරක් පැය දෙකක් වැනි කාලයක් ඇතුළත ගමන් කර පෙන්වීමෙන් ජෝර්ජ් ස්ටීවන්සන් සහ ඔහුගේ පුත් රොබට් ස්ටීවන්සන් ප‍්‍රසිද්ධියට පත්වනවා . ජෝර්ජ් ස්ටීවන්සන් ගෙන් ඇරඹුන කෝච්චියේ වංශ කතාව දහ නව වන ශතවර්ෂය වන විට ලොව පුරා ප්‍රචලිත ප්‍රවාහන මාර්ගයක් බවට පත්වනවා. මේ කෝච්චියේ අතීතය.
පුංචි කෝච්චිය ආපු මාර්ගයවත් දැන් තියෙන්නේ තැනින් තැන. සමහර තැන් වල ග්‍රාමීය මාර්ග ඉදිවෙලා.තවත් සමහර තැන්වල ගොඩනැගිලි ඉදිවෙලා. ඕපනායක ස්ටේෂමේ හිටපු ස්ටේෂන් මාස්ටර් අද කාලේ පොලිස් ඉන්ස්පැට්ටර් මහත්තයා වෙලා. ඕපනායක දුම්රිය ගොඩනැගිලි වල තමයි අද ඕපනායක පොලිසිය පිහිටලා තියෙන්නේ.
එකල
පැවති ස්වාධීන පත්‍ර සමාගම ගුණසේන මුද්‍රණකරුවන්ගේ ආයතනයක්. ඒ කාලේ සති අන්ත පත්‍රයක්
වුන රිවිදින පත්‍රයට චන්ද්‍රා අනගිරත්න
කෝච්චි ගමන ගැන ලියපු කොළමක මේ වගේ කවියක් පළවෙලා තිබුනා. මේ කවිය ඕපනායක කෝච්චියේ ගමනේ ලතාව ගැන කියන හොද
උදාහරනයක්.
“පුංචි කෝච්චිය යයි හරි වේගෙන් - පැය හතරට එක හැතැම්මේ වේගෙන්
කොල්ලයි
කෙල්ලයි නැගුනම කොටුවෙන් - දරුවෙක් බිහිවෙයි ඕපනායකින්