Tuesday, August 25, 2009

අතීත ආවර්ජනයක් .



මට මගේ ජීවිතයේ අතීතයට යන්නට අහම්බයක් පසුගියදා නිර්මාණය විය. උතුරු මැද පලාතට වසරක් දෙකක් පෙරුම්පුරා ගිය ගමනකදී මට මගේ වැඩිමහල් ඥාතී සහෝදරයා හමුවිය. දකුණත් සබරගමුවත් උතුරු මැද පලාතත් යා කල කථාවකට මේ හමුවීම මුලපිරවීය.

මේ අතීත කතාව ගම්පෙරළියේ ජිනදාස ඉසුරු සොයා උඩරටට ආ කාලයේ සිට පටන් ගන්නකි. දකුනේ උපන් ම‍ගේ පියානන් ජිනදාසගේ යුගයේ රැකියාවක් සොයා උඩරටට පැමින සබරගමුව පලාතේ මධ්‍යම කදුකරයේ බස්නාහිර බෑවුමේ ගමක ස්ථාන ගත විය.අපි ජීවය ලබන්නේ ඒ ගම්පියසේ දීය.අපට ගමක් නොවීය. පියා උපන් ගමට උරුමකම් කීවද එකල අපට තිබූ පහසුකම් තුල ඒ බව තහවුරු කර ගැණිමට නොහැකිවිය. පසු කාලයේ අපි පියා ගොඩනගා දුන් මවගේ ගම අපේ ගම විය. පාරම්පරික උඩරට - පහතරට බේදය තුල පීඩාවට පත්ව සිටි අපහට ඒ පීඩාවන් ජයගැනීමට පියා බලවත් අරගලයක යෙදුනාය. පසු කලක අපි පිලිගත් උඩරැටියෝ බවට පත්විය.

මමත් මගේ ඥාති සහෝදරයාත් ජීවිතයේ ඉම සොයමින් යන ගමනේ මට වඩා වසර දහයක් දොලහක් ඉදිරියෙන් ඔහු ගමන් කරමිනි සිටී.මගේ පියා ඔහුගේ බාප්පා වුවත් දෙදෙනා අතරේ එකල පැවතියේ පිය පුතු සම්බන්ධයකට සමිප බැදීමක් ලෙසින් කුඩා කල සිට මම හදුනා ගෙන සිටියෙමි . දෙදෙනාම ජිවන අරගලයට මුහුන දෙමින් එකිනෙකා සැතපුම් තුන්සියයක් පමන ඈත සිට ඔවුනොවුන්ගේ පෞද්ගලික ජීවිතවල දුක්ඛ දෝමනස්සයන් එකල සන්නිවේදන මග වු ලිපි මගින් නිතර නිතර හුවමාරු කරගත්තා අතිත මගේ මතකයන් තුල තවමත් රැදී ඇත. ගමන් බිමන් දුෂ්කර වු ඒ අවධියේ ඔවුනොවුන් හමු වුයේ වසරකට දෙකකට වරකි. නැත්නම් උග්‍ර ජීවිත ප්‍රශ්නයක් මතුව නිරාකරනය කරගන්නට සිදුවු විටකදී ඔහු මගේ පියා සොයා අවාය.
ඔහුද මගේ පියා මෙන් උපන් දකුණ අතහැර ආර්ථිකය සොයා අහඹු පර්යේෂණයක යෙදෙමින් තැනින් තැන ඇවිද සිටිනා අතර ගුරුවරයෙකු ලෙස පලමු පත් වීම උතුරු මැද පලාතට ලැබුවාය. ඔහු මගේ පියා සමග ගුරු තනතුරේ වැඩ බාරගැණිමට නියමිත පාසලට ගියාය. නවාතැනක් සොයමින් ගිය ඔවුනට කඩ පිලක නතරව තොරතුරු හුවමාරු කරමින් සිටිනා විට එතනට ආ ගම්වැසියෙක් “ අහ් බොල මේ අපේ මස්සිනා නේ” යයි මගේ පියා හදුනා ගෙන උනුසුමින් පිලිගැනීමෙන් ඒ ප්‍රශ්නය නිරවුල් කර දුන් බව ආපසු ආ මගේ පියා ගමන් විස්තර කියන අතර අපට කීවාය.
පසු කලක ඔහු, අහම්බයෙන් හමුවු මාමා සෑබෑ මාමා කර ගත් බවත් මගේ පියා සරදමින් ඔහු ගැන සදහන් කරනවිට නිතර සිහි කලාය.ඔහුද මගේ පියා සබරගමු පලාත අත් නොහැරියාක් මෙන් උතුරු මැද පලාත අත් නොහැර වෘත්තීම ජයග්‍රයහණ ලබමින් අධ්‍යාපන නිලධාරිවරයෙකු බවට පත්ව විශ්‍රාම ලැබීය.
කාලය ගෙවීයමින් මගේ පියාද කම්වු පරිද්දෙන් අප අතහැර ගියාය.කාලයා මපියා සහ ඔහු අතර ගොඩා නගා තිබු ඥාතිත්ව යේ පවුර අප දෙදෙනා අතර වඩාත් තහවුරුව ගොඩ නැගුවාය. අද අප නවීන සන්නිවේදන ඔස්සේ අපේ වර්තමානය සාකච්ඡා කරමින් සිටින්නෙමු. තොරතුරු , ජීවන ප්‍රශ්න සාකච්ඡා කරමින් විසදුම් සොයා ගැන්මට උත්සහා දරමු.එදා මගේ පියා සමග යෞවනයේ ගැට මුසු ජීවිතය කතා කරමින් සිටි ඔහු අද මා සමග බෙදා ගන්නේ වියපත් වියේ අර්බූදයන්ය.

විශ්‍ර මික ඔහුගේ දූපුතුන් අධ්‍යාපනය ලබා රැකියාවන් ලැබ නාගරික පරිසරයන් හී පදිංචියට ගොස්ය. අද ඔහුත් - ඇඹණියත් නුවර කලාවියේ වෙල් යායක තනිවී නන්දා මාලණියගේ “ වේවැල් කැඩුන පුටුවේ වක ගසා ගෙන දූ දරුවන් කවදා ඒදැයි මග බලා ගෙන” සිටිනා තත්වයට පත්ව ඇත. මටත් එයම සිදුවනු ඇත. අතිතයත් වර්තමානයත් ගැට ගසිමින් මේ ජීවිතයේ අදෝනාව අපේ හමුවීමේ මාතෘකාව බවට පත්විය.
අපද ලෝක ස්වභාවයට මුහුණ දිය යුතුය. ම පියා අනේක විධ බාදා ගැටළු ජයගනිමින් අප රැගෙන ආ දුර මට සිහිපත් විය. ඔහු ලබා ගත් ජයග්‍රහණයන් අපේ උදාසීන ජීවිතවලට කවදාවත් ලබා ගත නොහැකිවිය. වර්තමානයේ අපද ජීවිතයේ උරුමයට මුහුණ දෙමින් පියා සිටිනා තැන සොයමින් පියමන් කරමින් සිටින්නෙමු.
කවදා ඔහු හමුවේදැයි අප නොදනිමු.

Wednesday, August 19, 2009

2009 දෙවන වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයට මීදුම ලියු උත්තර.

අධ්‍යෘපන ඇමතිගේ පරිපාලනය නම් කැද හැළියකි. සියල්ල කෙලවර වන්නේ ජනාධිපතිතුමා මැදිහත් වීමෙනි. එසේනම් ඇයිදෝ ඇමතියෙක්. අධ්‍යාපන විෂයය උදෙසා පාර්ලිමේන්තුවේ සහ පලාත් සභාවේත් ඇමතිවරු කී පොලක් සිටීද ?.
එක් අයෙක්ගේ තීරණ වලට වඩා කිහිප දෙනෙක් සාකච්චා කර යහපත් තීරණයන් වලට එලබීම තුල ඉතා යහපත්වු ක්‍රියා දාමයනට යා හැකි බව අපි නිකමට උපකල්පනයක යෙදෙමු. එම උපකල්පනයේ එල්බී නම් ඇමති වරු කන්ඩායමක නායකයා කැබිනට් ඇමතිවරයා වන්නේ නම් එය ඉතා හොදය. නමුත් මෙවැනි කන්ඩායමක එකමුතුවක් ලෙස වර්තමාන ඇමති ගොල්ලගේ ක්‍රීයාකාරකම් මීදුම දකින්නේ නැත. අධ්‍යාපන විෂයය ගැන සාකච්ඡා කිරීම මුලික අරමුණ වුවත් ඉන් පිට පැන සාකච්ඡා වන්නේ මේ සියල්ල ජාලගත ක්‍රී යා බැවින්ය.වර්තමානයේ කැබිනට් ඇමතිවරුන් හා අනෙක් පුංචි පුංචි ඇමතිවරු අතර එවැනි සම්බන්ධේයක් ඇතැයි විද්‍යා මාන නොවන බව ඉතාමත් පැහැදිලිය.මේ ඒකාධිපති ස්වරූපය සෑම කැබිනට් ඇමතිවරුන් තුලම ඇති බව වැඩ අවුල් කරගන නාගන්නා අයුරින් අපට සිතා ගත හැක.
පසුගිය දා පලාත් විභාග අවුලක් ගැන මාධ්‍ය සාකචඡා කලේය. මේ විභාග අවුල නිර්මානය කර ගත්තෝ විභාග ජාවාරමක් කරගැනීම හැර ගුණාත්මක බව ගැන නොසිතා කටයුතු කල ඇත්තෝමය. දැන් ජනාධිපති නියමයෙන් වාර විභාග පැවත්වීම ආපසු විදුහල්පති වරුන් ලගටම පැමිණ ඇත.
අපේ කාලයේ විෂයය උගන්වන ගුරුතුමා ප්‍රශ්න පත්‍රයක් හදා දීමෙන් එතුමා වාර විභාගය පවත්වා අපව ඇගයීමක් කලේය.වර්තමානයේත් එය සුදුසුද ?.ජාතික මට්ටමෙන් විෂයය නිර්දේශයක් ඇත. ජාතික මට්ටමෙන් එකම පාඨ ග්‍රන්ත මාලාවක් පරිහරණයට පත්ව ඇත.ජාතික මට්ටමෙන් ඉගැන්වීමේ වේගයක් තීරණය වී ඇත.අසවල් දවස වන විට අසවල් කොටස දක්වා විෂය නිර්දේශයට අනුව අදාල විෂයය ඉගැන්වී තිබිය යුතුය. ජාතික තලයේ විභාග පැවත්වෙන විට අදාල විෂය නිර්දේශය සම්පූර්න කර තිබුනේ නැත්නම් දරුවා අතරමගය.
එවන් රටාවකට සකස් වී ඇති ඉගැන්වීම වාර අවසානයේ ඇගයීම සදහා කලාප මට්ටමේ පොදු වාර විභාගයක් පැවත්වීම විෂයය උගන්වන ගුරුවරයාද ඇගයීමට මිනුම් දන්ඩක් කර ගත හැක.කලක් මුද්‍රණ ආයාතනයන් හවුල් කර ගත් ගුරුවරුන් ප්‍රශ්න පත්‍ර සකස් කර පාසල් වල විදුහල්පතිවරු හරහා වාර විභාග සදහා ප්‍රශ්න පත්‍ර අලවි කල යුගයක් විය. ඉන් පසුව පලාත් මට්ටමෙන් ප්‍රශ්න පත්‍ර සකස් කර වාර විභාග පැවත්වූවා මීදුමට මතකය. පසුගිය අවුරුද්දේ සිට කලාප කාර්යාලය මේ කටයුත්තට අත ගැසුවා විය හැක.

විදුහල්පතිවරයාට වාර විභාග පැවත්වීම පැවරීමෙන් සිදුවන්නේ යලිත් ජනාධිපතිවරයා සහ මීදුම පාසල් ගිය කාලයට අධ්‍යාපන ප්‍රමිතිය රැගෙන යාමය.නැත්නම් කොහේ හෝ මුද්‍රණාලයක සකස් කරන ප්‍රශ්න පත්‍රවලට දරුවන්ට උත්තර සැපයීමට සිදුවීමය.වර්තමානයේ ජාතික මට්ටමෙන් භාවිතා වන්නේ එකම පෙල පොත් කණ්ඩායමකි. ජනාධිපතිවරයාද මීදුමද පාසල් ගිය කාලයේ විවිධ කතෘවරුන්ගේ පෙල පොත් විවිධ පාසල් වල භාවිතා විය.පය බරවායට පිටි කර බෙහෙත් බදිනවා යයි කියමනක් අපේ බස් වහරේ තිබේ. මෙවැනි තීරණද ඒ ඝණයට අයිතිය.

අපි කල යුත්තේ කුමක්ද ?.මෙවර ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී ක්‍රියාකාරකම් තුල සිදුවු අඩු පාඩු හදුනා ගෙන නැවත ඒවා නොසිදුවන්නට ක්‍රියාකාරකම් යාවත්කාලීන කිරීමය. එසේ නොකර ආපස්සට යාම සිදු වන්නේනම් අධ්‍යාපනය ඉදිරියට නොයනු ඇත.
අධ්‍යාපන පරිපාලනය නිසි යාන්ත්‍රණයකට පත් කලහොත් මේ සියල්ල කල හැකි බව අධ්‍යාපන ඇමතිවරයාට නොසිතෙන් නේ අපේ කරුමයටය. එතුමාට ඒ සදහා සම්පත්ද තිබේ. පහලම අධ්‍යාපන පරිපාලන ඒකකය වන කලාප කාර්යාල., අධ්‍යාපන සංවර්ධණ, විෂයයභාර, සැලසුම් යන කී නොකී අධ්‍යක්‍ෂවරු ,සහ එක් එක් විෂයය සදහා ගුරු උපදේශක වරුන්ගෙන් සන්නද්ධ බල ඇණියක් ඇමති තුමාට තිබේ. එහෙත් මේ සම්පත් යොදා ගෙන නිවරදිව වාර විභායක් පැවත්වීමට නොහැකි නම් ඇමති තුමාගෙනුත් ඔල මොට්ටල නිලධාරීන් ගෙනුත් පලක් නැත.

විභාගයෙන් සමත්ව අධ්‍යාපන පරිපාලනයට ආ නවකයෝද මහ ඇමති වරු පරිපාලනය අඩු ලුහුඩු කම් සපුරාලීමට වැඩ බලන පදනමින් පත් කල ජෙයාෂ්ඨ ගුරුවරුද රැසක් අධ්‍යාපන පරිපාලනය තුල කලාප කාර්යාල වල සිටී. කිහිප පොලක් මීදුමටද සමහර අවස්ථාවල මුණ ගැසේ . මේ අතර සමහරු අධ්‍යක්‍ෂකකම ආභරණයක් කර ගත් ඔල මොට්ටල මෝඩයෝ වෙති. විභාග සමත්ව පැමිණියෝ අනෙක් අයගේ ජ්‍යොෂ්ඨත්වයද මායිම් නොකරති. මීදුම දිනෙක මේ නොසැලිකීම අගය කලේ “සීසර් නැත්නම් නෝමල්ද නෙවෙයි බලන්නේ - තමුන් කරන වැඩේ හරියට කරනවද වැරදියට කරනවද කියලයි අපි බලන්නෙ” යයි සදහන් කරමින් බව මතකය. විභාගයක් පවත්වා නිළධාරීන් බදවා ගත්තාට මොළ පරිපාලනයට එනවා යයි මතයක් ඇමති තුමාට තිබේ. එහෙත් විභාගවලට වඩා වෘත්තීය පලපුරුද්ද ඵලදායී බව මීදුම සිතයි.
අධ්‍යාපන පරිපාලනයේ සිටින මේ මිනිසුන්ට පලමුව “මේ මගේ රට” යන්න අවබෝධ කලයුතු වේ. අපි එදාවේල සොයාගන්නේ රටේ බදු ගෙවන ජනතාවගෙන් යැයි කියා දිය යුතුවේ. මෙවන් රට ගැන තමන්ගේ දූ දරුවන් ගැන නොසිතන සියල්ල දත් යන උද්දච්ඡ මානසිකත්වයෙන් යුතු පිරිස් හට පලමුව එමදැනුම බෙදා දිය යුතුවේ.දැනුම යනු උපාධි සහතිකය පමනක් නොවේ. තම වගකීම පිළිබද අවබෝධයද රට ගැන හැගීමද ලබා නැත්නම් ඒ සහතිකවලට වටිනාකමක් නැත. මගේ දේශපාලන පක්ෂ ය මගේ ආගම වැනි මමත්ව කල්පනා මේ මෝඩ මොළවල තැන්පත්ව තිබේ. ඒවා වලින් මේ නිලධාරි මොළ පිරිසිදු කල යුතුවේ.

මේ වාර විභාග ප්‍රශ්නපත්‍ර අවුලට හේතු කාරක වූවෝ යම් සංවිධානත්මක අරමුණක කටයුතු කල බව මීදුම උපකල්පනය කරයි.මීදුම ඇසුරු කරන රාජපක්‍ෂ නොවන මාධ්‍ය මිතුරෙකු වාර විභාග පැවත්වූ වකවානුවේ හමුවන සෑම ගුරුවරයාගෙන්ම විමසනු ලැබුයේ “කොහොමද අද ප්‍රශ්න පත්‍රය “ යන්නයි. ඔහුගෙන් “මම මොකද මේ වලිප්පුව ” යන්න විමසුවෙමි. “මේ දවස්වල ඌවේ චන්දේ” යන්න ඔහුගේ පිළිතුරයි.වෙනත් වාර වලද සුළු සුළු අඩුපාඩු වාර විභාග ප්‍රශ්න පත්‍ර වල තිබුනත් ඒවා ජාතික මට්ටමේ අවුලක් ලෙස සාකච්ඡා නොවිනි.හේතුව වුයේ එකල මාධ්‍යයට උතුරේ සහ නැගණහිර යුද්ධයක් තිබිණි. දැන් ඒ තුවාලය නොමැති නිසා “අල්පෙනිත්තක් වැටුනත් රටටම ඇසෙන සේ ” හෙඩ් ලයින් වැටේ.

මේවා හැම අර්බූදයක්ම පස්සට දාන, ජනාධිපතිවරයා ලගට යනකම්ම බලා සිටින කැබිනට් ඇමතිවරයෙකුට නිදහසට කාරනා නම් නොවේ.කෝකටත් තෛලයවු ජනාධිපති තුමාත් උතුරේ ගැටළුවට කණ්ඩායමක් ලෙස කටයුතු කල ගෝඨාභය ඇතුළු ත්‍රිවිධ හමුදාවත්, හැම දේටම විසදුම් සොයන බැසිල් රාජපක්‍ෂත් හීන් සීරුවේ වැඩ කරන චමල් රාජපක්‍ෂත් හැරෙන්නට ඉන්නේ ලක්ෂ 35හේ බ’ර්ත්ඩේ පාර්ටි කාරයෝ නම් අපිට දෙවියෝ හැර වෙන කාගේ පිහිටක්ද ?.

Sunday, August 09, 2009

ඌව වෙල්ලස්සේ පාඩම.

ඌව පලාත් සභාවේ මැතිවරණය අවසන් විය.
මීදුම, ඌවේ බස්නාහිර මායිමේම සබරගමුවේ ස්ථානගතව සිටින්නෙකි. වැට මායිමෙන් එහා පැවත්වුන මැතිවරණය පොදු පෙරමුනේ සංවිධානය පැත්තෙන් දෙවෙනි වූයේ මානුෂික මෙහෙයුමට පමනක් යැයි මීදුමට සිතිනි.බලය ලබා ගැනීමට තිබෙන උනන්දුව සහ ඒ සදහා ඇතිකර තිබූ සංවිධානය රට ගොඩනගන්නත් ඇත්නම් අපි මෙවන විට ජීවත් වන්නේ සුරපුරක බව සිතිවිල්ලක් ඇතිවිනි.

ගෘහ ආර්ථිකය මෙතරම් පීඩනයකට පත්ව ඇති කලක එය පවතින රජයේ දුර්වලතාවයක් යයි නොසිතන්නට ජනතාව පෙලබී ඇත්ද?. යන ප`ප්‍රශ්නය ඌව පලාත් සභාවේ මැතිවරණ ප්‍ර තිපල ප්‍රශ්න කර ඇත්දැයි මීදුම සිතයි.පස්සර,බදුල්ල,බණ්ඩාරවෙල සහ හපුතලේ ද්‍ර විඩ වතු ජනතාව බහුල මැතිවරණ කොට්ඨාශයන්ය.ඔවුන් තම අහාර වේලට පවා බලවත් ජීවන අරගලයක් කරමින් සිටී.මෙම ජනතාවගෙන් බහුතර එක්සත් ජාතික පක්ෂටයට චන්දය ලැබෙති. එම වතු කම්කරුවන් පවා මෙතරම් ආර්ථික පීඩනයක් හමුවේ රජයට පක්ෂපාතීත්වය දක්වා චන්ද පාවිච්චි කර ඇත. වැලිමඩ මැතිවරණ කොට්ඨාශය එක්සත් ජාතික පක්ෂයේ පැරණි බල කදචුරකි .පර්සි සමරවීරයන් නියෝජනය කල වැලිමඩ අද ඥාති රවි සමරවීර සහ ලලිත් සමරවීර යන සහෝදරයෝ ආධිපත්‍යය දරති. මේ මැතිවරණ කොට්ඨාශයන් තුලද එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම අසමාන්‍ය ලෙසින් බිද වැටී තිබීම බලාපොරොත්තු නොවුවකි.
කැරලිකාර පිලේ ලක්ෂමන් සෙනවිරත්න නියෝජනය කරන මයියංගනය මැතිවරණ කොට්ඨාශයේ ජනතාව වී ගොවියෝ වෙති. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් වී ඇති බව පවසා ඇත්ද නැත්නම් ලක්ෂ මන් සෙනවිරත්නට ඹහුගේ තීන්දුව නිවරදියැයි දක්වා ඇත්ද ?. යන්න තීරණය කල යුතු බව ඉගි කරයි.එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහයන් නිවරදිවිය යුතු අවස්ථා ගනනාවක් පසුකරමින් දේශපාලන කුණු බක්කියට යන ගමනේ එක්සත් ජාතික පක්ෂවයත් ඇද ගෙන යාම නම් ඉවසුම් නොදෙන්නකි.

මිදුම ට චන්ද බලය හිමිවුදා සිට එක් දේශපාලන පක්ෂයක් නොතිබිනි.එහෙත් එක් මතයක් එදා සිට තිබිනි.ඒ මහින්දයන් කියන පලමුව දෙවෙනුව සහ තෙවෙනුව රට යන්නයි. මීදුමට හිමිවු පලමු චන්දයෙන් සිරිමාවෝ අගමැතිණිය කර දෙවනි චන්දයේදී ධාමිෂ්ඨර් රජ කරවිනි.ලාම්පු කලගෙඩි සෙල්ලමේදි ඔහුට විරුද්ධවූ මීදුම එදා සිට අනෙක් ධනවාදී කදවුරේ සිට ගෙන චන්ද්රිකාත් වරෙක සීනුවත් අතර දෝලනය වෙමින් මහින්දගේ දේශානුරාගයට මෝහනවු දේශපාලනයක වර්තමානය වනවිට අතරමංව සිටී .

ලාංකීය දේශපාලනය තුල ප්‍රබල වික්ෂයක් තිබිය යුතු බව මීදුම අදහස් කරයි. ඒ අවශ්යතාවය ඉෂ්ඨ කිරීමේ වගකීම අද පැවරී ඇත්තේ එක්සත් ජාතික පක්ෂටයි.හෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයට එය හිමිවිය හැකිය. සීනුව ඒ අරමුණ ඉටුකරයි යන්න සිතාගෙන සිටියත් එය හිතළුවක් බවට පත් කිරීමට ඔවුන් විසින්ම වර්තමානයේදී පසුබිම සකසා අවසන් කර ගෙන ඇත.

ප්්‍රබල විපක්ෂයක් තබා ගැණිමට රනිල්ට නම් එදා සිටම ඕනෑ කමක් තිබුනේ නැත. ඔහුට අවශ්යතාවය වන්නේ මොන කුපාඩිකමකින් හෝ තම පෞද්ගලික බලය ලබා ගැණිමේ අරමුණ නම් එතන පලමුව දෙවෙනුව සහ තෙවෙනුව රට යන්න තිබිය නොහැක. ඒ බව තමන්ගේ අග්‍රාමාත්‍ය පදවි කාලයේදී රටට දක්වනු ලැබීය. ඒ බව හදුනාගත් ජනතාවක් නම් ඔහු කිසිදා බලයට පත් නොකරනු ඇත. එසේනම් ඔහු රටට එක්සත් ජාතික පක්ෂ ය ඉතිරි කර නම්බුකාර පුරවැසියෙකු ලෙස ඉන් පිටමංවිය යුතු කාලය පැමින ඇත.

මහින්දයන්ගේ මැතුරුම දේශාණුරාගයයි. මීදුම පමනක් නොව රටම මෝහනයට පත්ව ඇත්තේ ඒ වශී මන්ත්‍රයටයි.මේ මන්ත්‍ර යට යටින් ගලා යන අපද්‍රව්‍යය ප්‍රවාහය හෙලිදරව් වීමට කලින් මැඩ පවත්වා රටට වඩාත් හිතකර මගකට ඔහු පැමිනේද යන්න අප බලා සිටුනු ලැබේ.
පලාත් සභා මැතිවරණවලදී දිනෙන් දින බුලත් කොළ ප්‍ර මානය වැඩිවූයේ ප්‍රාදේශීය අපේක්ෂකයන්ගේ වත් වේදිකාවල බෙරිහන් දුන් මැති ඇමතිවරුන්ගේ පිනටවත් හපන් කමටවත් නොව මහින්දයන්ගේ මන්ත්‍රයට බව නාස්තිකාර හැත්ත තේරුම් ගත යුතුවේ. මහින්දයන් කල යුත්තේ රටේ පැවත්ම උදෙසා මේ අපද්‍රව්‍ය ප්‍රවාහය නිසි පරිදි කලමනාකරණය කිරීමයි.

Wednesday, August 05, 2009

ජංගම දුරකතන වාරනය කැකිල්ලේ තීන්දුවක්ද ?.

පසුගිය සතිය ‍ජංගම දුරකතන වලට සහ චිත්‍රපටිවලට අසුබ වූ සතියක්. ‍ජංගම දුරකතනය සිසුවියක් අකැප අන්දමින් භාවිතයට ගිහින් සිය දිවි නසා ගෙන. ජනාධිපතිතුමා ක්‍ෂනික තීන්දුවකට පැමිණ පාසල්වල දුරකතන භාවිතය තහනම් කරලා.මීදුමට හිතුනේ පාසල්වල පොත් පත් සහ අධ්‍යෘපන උපකරණ හැරෙන්නට අනෙක් දේවල් තහනම් කරන්න ජනාධිපතිතුමාම ඕනිද ? කියන පර්‍ශ්නයයි.
පාසල් වල පරිපාලනයක් තියෙනවා. විදුහල්පති වරු ඉන්නවා . මෙයාලට පුළුවන්නේ පාසල් කාලය තුල අනවශ්‍ය දේවල් පාසලට වැද්දගන්නේ නැතිව ඉන්න. දැන් දැන් විදුහල්පතිකමත් රටේ ජනාධිපතිතුමාට කරන්න වෙලා.

අම්මලා තාත්තලත් අනවශ්‍ය දෑ දරුවන්ට අරගෙන දෙන්න යන්නත් හොද නෑ. විවෘත ආර්ථිකය , ලෝකය එකම ගම්මානයක් වීම අපේ රට බදා ගත්තේ රටේ දියුණුවට සාපේක්ෂතව නෙමෙයි.ආනයනික භාණ්ඩ මත යැපෙන අපි නිෂ්පාදනය කරන රටවලටත් පෙර ඒ භාණ්ඩ භාවිතයට ගන්නනවා. හරියට වලංකඩේට ගොනා පැන්න වගේ ඉවක් බවක් නැතිව වේගයෙන්.අපට ලැබුන අළුත් තාක්ෂණය පරිහරණය කරන්නේ අවශ්‍යවතාවයන්ට ඔබ්බට ගිහින්.

අපි භාවිතා කරන ජංගම දුරකතනවල පහසුකම් තියෙන්නේ සන්නිවේදණයට විතරක් නෙමෙයි.පරිගණකයක තරම් පහසුකම් ‍ජංගම දුරකතනවල තියෙනවා. අම්මලා තාත්තලා ලමයින්ට අරන් දෙන්නෙත් පහසුකම් වැඩි ‍ජංගම දුරකතන. ඉතින් ඒවයින් අන්තර් ජාලයේ සැරිසරනවා .පින්තූර ගන්නවා. මේවයින් යොවුන් වියේ දරුවන් මනස තුල පිලිසිදින කුතුහලය සොයා ගෙන යනවා.මග වරද්දා ගෙන ලමයින් නොමග යනවා. වැරැද්ද කරලා තියෙන්නේ අම්මලා තාත්තලා.
දරුවන් ගෙදරින් පාසල් ගිය පසු සම්බන්දතාවය තියාගන්නනම් ප්‍රාථමික පහසුකම් ඇති ‍ජංගම දුරකතනයක් තිබුනත් ඇති කියන අදහස අම්මලා තාත්තලාට නැහැ. තමන්ගේ වත්කම පෙන්නන උපකරනයක් බවටත් ‍ විලාසිතාවක් බවටත් ජංගම දුරකතනය පත් වෙලා.

දරුවොත් අධ්‍යාපන ධාවන තරගෙක ඉන්නේ. පාසල් කාලයෙන් පස්සේ අතිරේක පන්ති වල.උදේ නිවසින් ගිය දරුවෝ නැවත නිවසට එන්නේ හැන්දැවෙන කොට. මේ අතර කාලය දෙමව්පියෝ දරුවන් ගැන සොයා බලන්නේ දරුවන්ට අරන් දෙන ‍ජංගම දුරකතනයෙන්. එහෙම බලාපුවම ‍ දරුවන් ලග තියෙන ජංගම දුරකතනවල වැදගත් කමක් තියෙනවා.ඉන් ඔබ්බට යනවනම් සොයා බලන්න දෙමව්පියෝ දැනුවත් වෙලා ඉන්නත් ඕනී.

දිවි නසා ගත් සිසුවිය තමා පත්වුන ලජ්ජාව නිසා නැවත පාසල් සමාජයට දෙමව්පියනට මුණ දිමට ඇති බිය හේතු කරගෙන මේ අනතුර කරගන්න ඇති. ගුරුවරු යොවුන් වියේ දරුවන් සමග ඇතිවන මෙවැනි ගැටළු සහගත අවස්ථාවලදී කටයුතු කලයුතු ක්‍රමවේදයන් අනුගමනය නොකිරීමත් අනතුරට හේතුවක්.දරුවන් අවමානයටත් ඉච්චාභඃගත්වයටත් පත්වෙන අයුරින් දඩුවම් කිරීම මෙවැනි අවස්ථා නිර්මානය කර ගැනීමක්.
පසුගිය සති දෙක තුනක අධ්‍යාපන ක්ෂෙත්‍රයට අදාලව පුවත් පත්වල පලවු ප්‍රවෘත්ති ගුරු භවතුන්ගේ ක්‍රියාකලාපයන් ඔවුන් තම වෘත්තියේ නිපුනත්වයක් නොමැති බව පල කරන නිදසුන් බවට පත් වෙලා. ගුරුවරුන් දවස ගෙවන්නේ දරුවන් එක්ක.පොතෙන් විතරක් අකුරු කරන්න විතරක් විභාග පාස් කරලා ලේබල් එල්ලා ගත්තට මදි.දරුවන් තේරුම් ගන්නත් ඉගන ගෙන ඉන්න ඕනී.
 

මීදුම Published @ 2014 by Ipietoon