Sunday, May 19, 2024

"කසුබා අපේ අනාගත දුවනේ .





පාන්දර අපි දෙන්නා වැඩට යන්න කඩිමුඩියේ ලෑස්තිවුනා.

පුංචි අතපසුවීමක් දෙන්නටම තියෙන හදිස්සියට ලොකු ප්‍රශ්නයක් බවට පත්වුනා එය මා සහ ඇය අතර වු පුංචි වරදවා වටහා ගැනීමක් .

අපි දෙන්නටම තරහ ගිහින්

මගේ මූණ දිහා බලන ඇයට තේරුනා මගේ ඉරියව් වෙනස් වෙලා කියලා.ඇය තේරුම් ගත්තා අද දවසම මම කේන්තියෙන් තමයි ඉන්නේ කියලා.ඇයද සිටියේ   කෝපයෙන් .

අපට වාහනයක් නැහැ. අපි වැඩට ගියේ පොදු ප්රවාහන සේවයෙන්. කේන්තිය නිසාම මම නිවෙසින් එලියට බැස්සා. ඇය නිවසේ දොරවල් ජනේල් වසා දමා මා පසු පස ආවා.වෙනදා එකම බස්රථයේ එකම අසුනක  මම මගේ ගමානාන්තයටත් ඈ ඇගේ ගමනාන්තයටත් යනතුරු ගමන් කරනවා.යන අපි දෙදෙනා අද අසුන් දෙකක .

මගේ ගමානානන්තය ඇගේ ගමනාන්තයට කලින් හමුවෙනවා.ඈ මට පසුවයි බසයෙන් බහින්නේ.

අද මට එයා ලගින් වාඩි වෙන්න හිතුනෙ නෑ.  නිසා මම පිටුපස අසුනේ වාඩි වූ අතර ඇය ඉදිරියෙන් වාඩි වී සිටියේ හොඳ පෙනුමක් ඇති පොලිස් නිලධාරියෙකු අසල.

ඔහු  මගේ බිරිඳ දෙස ලනවා . ඔහු ඇගේ කොණ්ඩය සහ මුහුණ දෙස බොහෝ පැහැදීමකින් බලා සිටින ආකාරය මම දුටුවෙමි. ඊට පස්සේ ඔහු කිව්වා ඇය ලස්සනයි කියලා. මගේ බිරිඳ සිනාසෙමින් ඔහුට ස්තුති කළා.

ඔහු මගේ බිරිඳගෙන් ඇය යන්නේ කොහේදැයි විමසූ අතර ඇය ඔහුට පැවසුවේ ඇය රැකියාවට යන බවයි.

 

මේ හැම වෙලාවෙම මම පිටිපස්සෙ ඉඳගෙන එයාලගෙ කතා බහ අහගෙන හිටියා.

"මගේ නම Mwansa Mweemba. මගේ නිල ඇඳුමෙන් ඔබට පෙනෙන පරිදි මම පොලිස් නිලධාරියෙක්. මාව ලුසාකා වෙත ත් කළේ මාසයකට පෙරය. දැන් මම මගේ නව රාජකාරි ස්ථානයට යමිනුයි සිටින්නේ " ඔහු කියනවා.

මගේ බිරිඳ හිස සැලුවාය. කොන්දොස්තර මගේ බිරිඳට බස්  ගාස්තු ගෙවන ලෙස ඉල්ලා සිටි විට එම නිලධාරියා ගෙවීමට ඉදිරිපත් ුනා . ඔහු ඔහුගේ මුදල් පසුම්බිය ගත්ත.

මගේ බිරිඳ  , ඔහුට ස්තුති කර සිනාසුණා.

ඊට පස්සේ නිලධාරියා දිගටම කිව්වා.

"ඉතින් , මට චෙල්ස්ටන් පොලිස් කඳවුරේ නවාතැන් දීලා තියෙනවා.  ඔයාට කවදාහරි මට පෝන් කරන්න  පුළුවන් වෙයිද කියලා මම දන්නේ නැහැ. මට ඔයාගේ නම්බර් එක ගන්න පුළුවන්ද?"

 

මම තවත් කාලය නාස්ති කළේ නැහැ. මම වහාම මගේ බිරිඳගේ උරහිසට තට්ටු කළ.

ඇය ආපසු හැරුණා.

ඊට පස්සේ මම ඇගෙන් ඇහුවා.

"කසුබාස් කෑම පෙට්ටිය ඇතුලට හැන්දක් දාන්න ඔයාට මතක ඇති කියලා හිතනවාද? ඔයා දන්නවා ඔයාට හැමදාම අමතකයි කියලා."

මගේ බිරිඳ  මගේ කතාව ගැටළුවක් වුණා. කසුබා යනු කවුද, මා ඇය සමඟ කතා කිරීමට තෝරා ගත්තේ ඇයි දැයි ඇය කල්පනා කරන්නට ඇත. ඇය තවත් රස්න  ඇසීමට පෙර මම  නැවත කතා කළ.

"අද වේලාසනින් ඇයව පාසලෙන් රැගෙන යාමට උත්සාහ කරන්න. මම ගෙදර එන්න පරක්කු වෙනවා. ඔබට රාතරී ආහාරය සඳහා මට ඉෆින්කුබාලා උයන්න පුළුවන් නේ  . ඔබ නිදාගන්න, එවිට මම ආපසු එන විට ඔබට අවදිවෙන්  ඕනි නැහැනේ. මම කෑම කාලා  නින්දට යන්නම්."

මගේ බිරිඳගේ සිත අවුල් වෙලා.

 

 ඇය පොලිස් නිලධාරියා දෙස බලා ඇගේ බැල්ම මා වෙත යොමු කළා. මම කරන්න හදන දේ ඇයට තේරුණා.

"ඔව් පැටියෝ." ඇය හිස වැනුවා.

පොලිස් නිලධාරියා හැරිලා මාව දැක්කා. ඔහු මට සුබ පැතුවා. එවිට ඔහු මගේ බිරිඳගෙන් ඇසුවා.

" ඔයාගේ මහත්තයාද?"

මගේ බිරිඳ හිස වැනුවා.

පොලිස් නිලධාරියා නැවත නැවතත් මා දෙස ලනවා මම දැක්කා.

ඊට පස්සේ එයා අන්තිම වතාවට මගේ දිහා බලලා ඔහු හිනා වුණා.

මම ආපසු සිනාසුනේ .

අපි චයිනාමයට යන විට,  මම බසයෙන් බැස මගේ බිරිඳත්  මා සමඟ බස් රියෙන් බස්සා ගත්තා.

මගේ බිරිඳට හිනාව නවත්තගන්න බැරි වුණා. අපි තවත් බසයකට ගොඩ වෙන්න හදනකොට ඇය මගෙන් ඇහුවා.

"පැටියෝ, කසුබා කවුද?"

"කසුබා අපේ අනාගත දුවනේ .

අපි  බසයට නගිමු . 

අපි යමු."

මගේ බිරිඳ සිනාසුණා.

අපි  බස් රථය ගොඩ වූ අතර මෙවර අපි එක අසුුනේ  වාඩි ුනා . 

 වගේම මේ වතාවේ මම ඇයටත් සමග මුදල් ගෙව්වා.

 

ඔබ ඔබේ සහකරුගෙන්  චිත්තවේගීයව සහ ශාරීරිකව දුරස්ථභාවය ලබා දෙන විට, ඔබ යක්ෂයාට එම අවකාශය අල්ලා ගැනීමට ඉඩ දෙනවා.

ඔහු ඔබේ අවසරයකින් තොරව ඔබේ ස්ථානය ලබාගෙන ඔබේ ස්ථානයේ තමාට නිවසක් ඉදිකරනවා.

ඔබේ නිවසේ යක්ෂයාට ඉඩක් නොතබන්න. නිවස පුරාම ඔබ දෙදෙනාගෙනන්ම  සියලුම බිම් ආවරණය කරගන්න.

එවිට 

දෙවියන් වහන්සේ අප විවාහයට සහ සම්බන්ධතාවයට ආශීර්වාද කරයි.

My wife and I had an issue this morning before we left for work. It was a small misunderstanding between me and her.
We were both angry with each other. From my facial expression, my wife knew I was very prepared to keep malice with her that morning. She was also angry and didn't mind playing along.
I stepped out of the house and she locked the doors and followed me behind. Since we don't have a car, we always board the same bus to work every morning and ensure we sit together- side by side on the bus.
I was to drop at Manda hill and she was to drop at zesco.
But today, I didn't want to sit close to her. So I sat at the back seat and she sat in front, just beside a good-looking Police officer.
The man glanced at my wife. I saw the way he looked at her hair and face with so much admiration. Then he told her she looked beautiful. My wife smiled and told him thank you.
He asked my wife where she was going and she told him she was heading to work.
All this while, I was sitting behind and listening to their conversation.
"My name is Mwansa Mweemba. I am a police officer as you can see from my uniform. I was just posted to Lusaka a month ago. Right now I am heading to my place of assignment."
My wife nodded her head. When the conductor requested for my wife to pay her transport fare, the officer offered to pay. He pulled out a K50 and Said Two.
My wife thanked him and smiled.
Then the officer continued.
"So I will be dropping soon at Munali I am accommodated at Chelston Police Camp. I don't know if you can drop by someday to say hello to me. Can I have your number?"
I didn't waste any more time. I tapped my wife on her shoulders immediately.
She turned.
And then I asked her.
"Hope you remembered to put a spoon inside Kasubas lunch box? You know you always forget."
My wife was puzzled. She was probably wondering who Kasuba is, and why I had chosen to talk to her. Before she could ask any further questions I added.
"Try to pick her up from school early today. I will be coming back home late. You can cook ifinkubala for me for dinner so that when I return I will eat something before bed."
My wife was confused.
Then she glanced at the police man and returned her gaze to me. She understood what I was trying to do.
"Yes, honey." She nodded.
The police man turned and saw me. He greeted me. Then he asked my wife.
"Is that your husband?"
My wife nodded. The police man glanced at me again and again.
Then he glanced for the last time and smiled at me.
I didn't smile back.
A day in the life

පිල ගැන නොදන්නා කතා





දොට්ට පිලට යනවද? පිල ගැන නොදන්නා කතා!
"රෑට දොට්ට පිලට එහෙම යන්න ඕන උනොත් මට කතා කරන්න"
මෙහෙම කතාවක් කිව්වම, ඒකෙන් අද නම් කියන්නෙ රෑට වැසිකිළි යන්න ඕන උනොත් කියන එක උනාට, කවුරුහරි කල්පනා කළාද මොකක්ද මේ දොට්ට පිලට කියන්නෙ කියල!
දොරට පිලට - දොට්ට පිලට. මෙතන දොර කියන්නෙ ගෙදර තියෙන දොර නෙවෙයි! ගෙයින් පිට මිදුල කොටසට.
එතකොට පිල කියන්නෙ මොකක්ද?
පිල කියන්නෙ ගෙයක් හදනකොට පොළොව මට්ටමට වඩා උසට හදාගන්න බිමට. මේ වචනය හැදිල තියෙන්නෙ වේදිකාව යන තේරුම තියෙන පලකය යන වචනයෙන්.
අද වන විට පිල අපේ ගෙවල්වලින් ඈත් වුනත් තාම පිල් තියෙන තැන් තමයි මේ.
කඩයකට හදපු පිල- කඩපිල.
සල්( වෙළඳාමට) හදපු පිල - සල්පිල.
අපි දැන් බලමු ගෙයක තියෙන පිල් වර්ග ගැන. ලීවලින් හරි වෙනත් දේකින් හරි හදපු ගෘහභාණ්ඩ වැඩිපුර නොතිබුණු ඒ කාලෙ ඇඳ , පුටු, මේස ඔක්කොටම පාවිච්චි කළේ පිල තමයි.
1 ගෙපිල-
ගේ හදන්න පොළොව මට්ටමට වඩා උසට හදාගන්න කොටස. ගේක තියෙන අනිත් හැම පිලක්ම වගේ හදල තියෙන්නෙ මේ පිල උඩ.
2 වටපිල-
ගෙයි බිත්ති ශක්තිමත් කිරීමට, ගෙට පිට පැත්තෙන් බිත්තියට යාකර සකස් කරන පිල. මේකට දැන් කියන්නෙ කයියෝරුව/ කයිරුව කියල.
3 අගුපිල-
ගෙයින් එළියට වැටෙන වහලයේ කොනට යටවෙන බිම් කොටසත් පොළොවට වඩා තරමක් උසටයි තියෙන්නෙ . ඒක තමයි අගුපිල. අද කාලෙ නම් සිමෙන්තියෙන් තමයි මේක හදන්නෙ.
" අපේ පිරිමි පැල් යනවා කියලා
පැලට ගිහින් ගිනි බෝකර තියලා
එළිවෙනතුරු අගුපිල්වල ලැගලා
උදේට එයි පැල් රැක්කා කියලා "
පැල් රකිනවා කියල ගිහින් අගුපිල්වල ලගිනා සැමියන් ගැන, ගැමි ගැහැනු කිව්වෙ එහෙම.
එහෙම කෙනෙකුට වෙච්චි අකරතැබ්බයක් තමයි මේ කවියෙන් කියන්නෙ!
" අනේ දෙවියනේ මට වන් වියෝයා
පැලේ පැදුර හොරු අරගෙන ගියෝයා
ගෙදර ගිය කලට අඬ දබර බෝයා
පැදුර දුන් කෙනෙක් මගෙ නෑ සියෝයා "
පැල් රැක්ක නම් එතන තිබ්බ පැදුර හොරු ගෙනිච්චෙ කොහොමද?
හැබැයි හැම සැමියෙක්ම එහෙම නෑ. පිලේ පැදුර අරන් පැලට ගිය, ඒ විදියෙ සැමියෙක් මෙහෙමයි කිව්වෙ!
" පිලේ පැදුර අරගෙන හේනට යනවා
එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා"
4 දොර පිල-
ගේකට ඇතුළුවෙන තැන දොරකඩ. ගෙපිල තරමක් උසට හදන නිසා මේ ගෙපිලට නගින්න දොර ළඟ පඩියක් හදල තිබ්බ. ඒක තමයි දොරපිල.
5 උස් පිල/ කොට්ට පිල-
ගෙදර ඉස්තෝප්පුවෙ නිදාගන්න හදාගෙන තිබ්බෙ උස් පිල. ඒක බිත්තියටම යා කරල, පොළොව මට්ටමේ ඉඳල අඩි තුනක් විතර උසට අඩි තුන හතරක් පළලට හදපු ඇඳක් වගේ. ඒ උනාට ඇඳක වගේ කකුල් නෑ. කොට්ට පිල කිව්වෙත් මේකටමයි.
6 මිටි පිල-
උස් පිලට නගින්න පඩියක් වගේ දිගට හදල තිබ්බෙ මිටිපිල.
7 පිල් කඩ/ පිල් කොටේ-.
දොරෙන් එළියෙ තියෙන ඉස්තෝප්පුව වගේ කොටස තමයි පිල් කොටේ. පිල් කොටස කියන එකයි ඒකෙ තේරුම.
පිල් කඩක් කියන්නෙ ඕනම තැනක පොළොව උස්සා සකස් කළ කොටසකට.
8 පිල් තලව්ව-
පිල් තලාව කියන එකයි මේකෙ තේරුම. පොළොව උස්සල සමතලා කරපු තැනක්.
9 මඩුපිල-
පැරණි ගේක ඉදිරිපසින්, බිත්ති බැඳීමක් නැතුව ගෙපිලට උඩින් වහලය විතරක් හදල, මඩුවක් විදියට තියෙන කොටසට කිව්වෙ මඩුගේ කියල. ඒ මඩුගේ තියෙන පිල මඩුපිල. ඒකෙ තමයි හුගාක් වෙලාවට ගෙදරට එන අමුත්තන් වාඩිවෙන්නෙ!
10 හප්පා පිල/ කුදගහනා පිල-
කුස්සිය පැත්තෙ දොරෙන් එළියේ තියෙන මේ පිල් කොටස, ගෙදර අයට විතරක් වෙන් වුණු පිලයි. මෙතන කුදගහනව කියන්නෙ ඇණ තියාගෙන වාඩිවෙනවා කියන අරුතෙන්. ගෙදර ඇත්තො කුස්සියෙ උයල සප්පායම් වෙන පිල නිසා හප්පාපිල වුණා.
11 ලිප්පිල/බොකු පිල/ගිනි පිල -
ඇතැම් ගැමි ගේක ලිපත් වියතක් විතර උසට බැඳල හැදුව. ඒකට තමයි ලිප්පිල/බොකු පිල/ ගිනිපිල කියන්නෙ. ඒකෙ වලන් තියන්න කටවල් වගේ දෙකතුනක් ගෙබිමෙ මට්ටමට හදල ඒකට ලිප්කට කිව්ව
10 පිලිකන්න-
පිලේ කොන- පිල්කොන- පිලිකන්න. ඒ කියන්නෙ බිත්තියෙන් එළියෙ තියෙන අගුපිලේ අවසාන කොටස පිලිකන්න.

පිල ගැන දන්න කියන තවත් අය මේ සමූහයේ ඇති. ඒ අයගෙත් අදහස් බලාපොරොත්තු වෙමි.

සටහන Channa Witha මහතාගෙන් උපුටා ගැනීමකී
ස්තූතියී
A day in the life

Thursday, May 16, 2024

අපෙ හැඟුම්වලට | - වික්ටර් රත්නායක.



අපි හැගුම් වලට ඉඩ දී මොහොතක්
ඉඩ තබා ගනිමු තරමින් වියතක්
හදපානේ මද අදුරේ
අත් පටලා යමූ අප ආයේ//
 
ඔබ , ඔබ  හෙවනැල්ලෙන් මිදී
මම , මගෙ හෙවනැල්ලෙන් මිදී
ඔබ , ඔබ  හෙවනැල්ලෙන් මිදී
මම , මගෙ හෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුනා
හදපානේ මද අදුරේ
 
හදපානේ මද අදුරේ
අත් පටලා යමූ අප ආයේ//
හිර  කර හසරැල්ලෙන් බැදුම්
අපි හිනහෙමු සපුරා පැතුම්
හිර  කර හසරැල්ලෙන් බැදුම්
අපි හිනහෙමු සපුරා පැතුම්
මතුආත්මයෙ හමු වෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
 හදපානේ මද අදුරේ
අත් පටලා යමූ ආයේ
 හදපානේ මද අදුරේ

අත් පටලා යමූ ආයේ

 
පද ප්‍රේමකීර්ති අල්විස්ගේ . 
සංගීතය සහ ගායනය ආචාර්ය වික්ටර් රත්නායක යන්ගේ.
මට මතක හැටියට හැත්තෑව දශකයේ ගීතයක්. අපි එදා රසවින්දා වගේ අදත් රසවිදිනවා.

 පෙර කලෙක ආදරයෙන් බැඳී සිටි යුවලක් වෙන්ව ගොස් යලි හමූ වූ මොහොතක්.දැන්  කාලය ගෙවී ගිහින්.
දවසක අහම්බෙන් ඔවු නොවුන් මුණගැහෙනවා.
අගුලු ලා තිබූ හැඟුම් ලිහිලා යනවා.
අගුලු ලා තිබූ හැඟුම් වලට යම් සීමාවක් ඇතුව යලි ඉඩ දෙන්නට ඔවුන් තීරණය කරනවා. 
ඔබ , ඔබ  හෙවනැල්ලෙන් මිදී
මම , මගෙ හෙවනැල්ලෙන් මිදී
ඔබ ඔබ හෙවනැල්ලෙන් මිදෙන්න......වර්තමානයේ ඈ විවාහකයි
මම මගේ හෙවනැල්ලෙන් මිදෙන්නම් .........මාත් දැන් විවාහකයි
අපි හැගුම් වලට ඉඩ දී මොහොතක්
ඉඩ තබා ගනිමු තරමින් වියතක්
යෝජනාවක්
 
හදපානේ මද අදුරේ
අත් පටලා යමූ අප ආයේ
අවුදින් හෙමින් රහසින් මුමුනා
හදපානේ මද අදුරේ
අත් පටලා යමූ අප ආයේ
යෝජනාවට දෙදෙනාම එකගවනවා
 
හදපාන ඔවුන් වෙනුවෙන් වෙන්වෙලා. - අවුදින් හෙමින් රහසින් මුමුනා
අත් පටලා යමූ අප ආයේ
හිර  කර හසරැල්ලෙන් බැදී
අපි හිනහෙමු සපුරා පැතුමෙන්
තාවකාලිකවු නවාතැනෙන් ඔවුන් පිටවෙලා  යනවා.
මතුආත්මයෙ හමු වෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
සමහර විට යලිත් හමු වෙන්නේ මතු ආත්මයේ වෙන්න පුළුවන්.
 
 


 


Wednesday, May 15, 2024

අපි චක බ්ලාස්


 අඹ ගහට බකමුනෙක් ඇවිල්ලා
යන්නෙත් නැ  මා දිහා බලාගෙනම ඉන්නවා
බකමුනෝ උඹට මොනවද ඕනි
මම කරුනාවෙන් අහනවා.

හ්ම්........

බකමුනෝ
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහ ගත කරනවළු
ටෙලිකොම් එකේ රජය සතු කොටස් විකුණා දමනවළු
උඩින් යන ඒයාර් ලංකා එකත්  විකුනවලු.
පාඩු ලබන රජයේ ආයතන සියල්ලම  දෙනවළු,
හ්ම්...............හ්ම්............
හ්ම් හ්ම් කියලාත් හරියන්නේ නෑ 
විසදුමක් කියන්නකෝ.
හ්ම් හ්ම්
විශ්ව විද්යාල කාර්ය මණ්ඩල
වැඩ වරල
රෝහල් කලාවට වැඩ වරනවා.
අද ඒක පලාතක --හෙට තව පලාතක
හ්ම් .......හ්ම්.........හ්ම්
විශ්ව විද්යාල ඇන හිටලා
ශීෂ්යයන් අතරමන් වෙලා
රෝහල් වල ලෙඩ්ඩු රස්තියාදූ වෙනවා
අසාධ්‍යය   වෙනවෙ.....ට්රොලිය මත්තේ පණ අදිනවා
හ්ම්...........හ්ම්...........හ්ම්.........හ්ම්.
එක්කෝටමත්  හ්ම් ඔට්ටු නැහැ.
හ්ම්..............
ඒ්කටත් උඹට  හ්ම්.
රටේ සල්ලි නැහැල්ලු
සාමාන්‍්‍ය කෙනෙකුට ගමන් බිමන් යන්න
පුංචි වාහනයක් ගන්න ඉඩ නැහැ
ආර්ථික අර්බූදෙලු
මන්ත්‍රී  උත්තමයන්ට
වාහන ගෙන්නා ගන්න පර්මිට් දෙනවලු
හ්ම් ....හ්ම්...........හ්ම්...........හ්ම්.........හ්ම්.
එතකොට ඔය අර්බුදය නැද්ද
හම් ....හ්ම්
එක්  කෙනෙක්
හාල් බෙදනවා
ඉඩම් බෙදනවා
අස්වැසුම දීලා සනසනවා
මේ ඔක්කොම ඡන්ද උනොත්
හ්ම්...........හ්ම්...........හ්ම්.........හ්ම්.
තවත් කෙනෙනක්
බස් දෙනවා
සුහුරු පන්ති කාමර දෙනවා
හුස්ම දෙනවා.............
ඒ් ඔක්කොම ඡන්ද උනොත්
හ්ම්...........හ්ම්...........හ්ම්.........හ්ම්.
දූෂණය අතු ගානවා
ඒකෙන්ම අපි රට ඉහලට ඔසවනවා.
ඩිංගක් විතර විපක්ෂයට
පාට් දමනවාමේ ඔක්කොමත් ඡණ්ද
හ්ම්...........හ්ම්...........හ්ම්.........හ්ම්.
 

 


උඹ
හ්ම්...........හ්ම්...........හ්ම්.........හ්ම්.

අපි

චක බ්ලාස්.............


A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon