මගේ සටහන් අතර
පසුගිය දිනක අපේ රටේ දේශපාලනයත් සමග කලින් කලට මගේ තිබුන බැදීම ගැන ලියවෙලා
තිබුනා. එක තැනක පල්නොවුන මතිමතාන්තර දැරු මම දේශපාලන පක්ෂයක යාවජීව සාමාජිකයෙක්
නොවන බව පැහැදිලි කරන්න උත්සහා කලා. සමහර කාලවල මගේ ක්‍රියාකාරකම් සමච්ලයට ලක් කල අයෙක්
“ මම කළු බළල් හමුදාවේ සාමාජිකයෙක්“ ලෙස අර්ථ ගන්වලා තිබුනා.මගේ මානව හිතවාදය ඔහු
හදුනාගත්තේ එහෙමයි.
පාර්ලිමේන්තුවේ
කතාකරන සම්පත් චාමර දිසානායක රාජ්‍ය ඇමතිතුමා ජවිපෙ හිටපු මංත්‍රීවරු විශ්‍රාම
වැටුප් ගන්නවා කියලා අදහසක් පලකරලා තිබුනා.මේ ක්‍රමය පටන් ගත්තේ ජේ.ආර්.ජයවර්ධණ
ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව.එතුමාට මංත්‍රීවරුන් පිලිබදව සත්භාවයක් ඇතිවෙන්න
ඇති. සමහර මංත්‍රීවරුන් හිටියා පාර්ලිමේන්තුවෙන් ඉවතට ගියාට පසු නිසි ආදායමක් නැතිව යැපෙන්න මාර්ගයක් නැතිව අතරමං
වෙලා. ඔවුන් සත්භාවයෙන්ම මහජන සේවකයෝ.අයථා ලෙස හරි හම්භ නොකරපු අය. මේ අතර ඉන්න පරම්පරා
ගණණාවකට හරි හම්භ කරගත්ත කම්බා හොරුන්ටත් එකම හැන්දෙන් මහජන මුදල් බෙදෙන එකේ
වැරුද්දක් තියෙනවා.
1977 වෙනකම්
දේශපාලනයෙන් හරි හම්බ කරගත් දේශමාමක පිරිස් හිටියේ නැහැ. ඔවුන් තම වත්කම් දේශපාලනයට
දියකර හැරිය පිරිස්. ජවිපෙයට තම සාමාජිකයන් විනයක් මත පවත්වා ගෙන යන දේශපාලන ව්‍යාපාරයක්
ලෙසයි පැවසෙන්නේ. සමන්ත විද්‍යාරත්න හිටපු මන්ත්‍රීතුමා තමන් වෙනුවෙන් ලැබෙන විශ්‍රාම
වැටුප පක්ෂ කාර්යාලයට යොමු කරන බව. කියනවා.