මළ කෙලියයි. විදුලි බිල 25% කින් අඩු කරලා. පෙට්‍රල්
,ඩීසල් බස්සලා. ලාම්පු තෙල් හොදටම අඩු කරලා.
අහ්චර්යක මහිම ! . කිව්ව දේ කරන - කරන දේ කියන චින්තනයේ අරුමය!. මේක ගැන නොයෙක් කතා කියනවා.
ඉරිසියාවට කියන කතා !. ඌවේ චන්දේ පරදින හින්දා අන්තිම තුරුම්පුව ගැහුවා කියලා
කෙනෙක් කියනවා. තවත් කෙනෙක් කියනවා ඕවා ඡණ්ද ගුණ්ඩු කී දවසක් තියෙයිද ඔය ගණන්
.ඡණ්දේ ඉවරවුනාම ආයේ වැඩි වෙයි කියලා. !. ලංකාවේ ඡණ්ද තියෙන හැටියට කාලෙකට ගාණ නම්
වෙනස් වෙන එකක් නැහැ කියලා මට හිතෙනවා.
චීනෙන් ආව ජොලියට චීන ලොක්කා ඉස්සරහ තියාගෙන කරපු ප්‍රකාශයකින්
මිළ අඩුකරපු හින්දා අපිට හොද ජාත්‍යාන්තර සාක්‍ෂියක් නම් මේ වැඩේට ලැබිලා තියෙනවා.කොයි
වැඩෙ කලත් අවිශ්වාශයෙන් ඒ දිහා බලන්න පුරුදු වෙලා දැන් අවුරුදු හතලිහක් පනහක්
වෙච්ච ජාතියකට............මේ අඩුකිරිල්ල අස්සෙත් මොනවා හරි කෙන්ගෙඩියක් තියෙනවා
කියලා විශ්වාසයක් නම් ඇතිවෙනවා.
අපේ ගෙදර රෙදි දමලා තිබුන කබඩ් එක අද උදේම ප්‍රිජ් එකක්
වෙලා ! ආශ්චර්ය කියලා කියන්නේ ඒකයි.
ඉන්ධන මිල පහල බැහපු එක අපිට දැනෙන්න ගැමුණු මොකක් හරි
ප්‍රකාශයක් කරන්න එපාය. මනුස්සයා කියයි ටයර් ගණණ් වැඩියි. ස්පෙයාර් පාර්ට්ස් ගණණ්
වැඩියි. ඒක හින්දා නග්ගපුවා බස්සන්න බැහැ කියලා. එතෙක් ඉතින් අපි සුපුරුදු පරිදි
25%ක් පයින් ගිහිල්ලා ඉතිරි ටික යන්න බස් එකට නගිනවා.
මේ වැඩේ සල්ලි නැතිකමට කරන වැඩක් එහෙම නෙමෙයි.වෛද්‍යවරයාගේ
උපදේශය පරිදි කරන වැඩක්. ක්ලෙස්ට්‍රෝල් -සීනී පාලනය
කිරීම සදහා හොද ප්‍රතිකාරයක්.
කවුදෝ කෙනෙක් ගිය සතියේ ඉරිදා පත්‍රයකට ලියලා තිබුනා රාජ්‍ය නායකයා ගිය ගිය තැන ළමයි උස්සනවා.
ඒක ආදර්ශයකට අරගෙන රටේ මිනිස්සු ළමයි උස්සන්න පටන් අරන් කියලා. මේ මාධ්‍යවේදීන්ට
හිතෙන ඒවා. ඒත් අපි ඉතින් ලොකු මිනිස්සු අනුගමනය කරන්න කැමතියිනේ. ලොකු එකා හිටගෙන
කරන දේ පුංචි එකා කරන්නේ දුව දුවනේ.
මාධ්‍ය උන්නැහේලා කාලෙකට නයි අරිනවා. නලගන ලා අල්ලගෙන.
කාලෙකට ළමයි උස්සනවා. ළමෙකුට විනෝද ගමනක් යන්න බැහැ. ලොකු හෙඩිමයකිනි තුන් දෙනෙක්
හතර දෙනෙක් අතුරු දහන් වෙලා කියනවා. හොයන්නේ බලන්නේ නැතිව “ පච ” දිග අරිනවා. මෙයාලා එක - අටට හිදලා ( අට එකට හිදලා නෙමෙයි ) අපිට මවලා දෙන්න දක්‍ෂයෝ අපි මුලා වෙනවා.
අන්තිමට වෙච්ච දෙයක් නැහැ.
හූවේ ඡණ්දෙනේ ! අපි හාවක් හූවක් නොකර ඉමු. 21 වෙනිදා පාන්දරට අඩුකරපු එළියෙන් ප්‍රතිපල
බලා ගන්න බැරියැ.
notes of imaginary