Monday, January 06, 2014

විභාගේ තමයි අපේ අභාගේ

විභාගෙ විභාගේ එහෙ බැලුවත් විභාගේ
මෙහෙ බැලුවත් විභාගේ 
විභාගේ තමයි අපේ අභාගේ//
විභාගෙ විභාගේ ..
[විහිලුවකට හිනාවකට
විනෝදෙකට වෙන වැඩකට]//
නෑ වෙලාව විභාගේ//
එකේ ඉඳන් දොලහ දක්ව
ලොකු පොඩි හැම පන්තියකම
ඇතෙක් බරට විභාගේ//
ඉරක් හඳක් ගහක් කොළක්
මනිස්සයෙක් පේන්නෙ නෑ
ඔහු සැපදුක අහන්නෙ නෑ
කන්නෙ බොන්නෙ අඳින්නෙ නෑ
විභාගේ…
අම්ම තාත්ත අයිය අක්ක
නංඟි මල්ලි විතරක්යැ
නැන්ද මාමා බාප්ප මහප්ප
යහළු යෙහෙළියො අහල පහල අය//
‘කොහොමද ලමයො විභාගේ?’
‘තව සුමානෙකින් ප්‍රතිපල එයි’
කොහොමද විභාගෙ ප්‍රතිපල
ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල
[බස් එකෙ කෝච්චියෙ පාරෙ තොටේ
යන එන හැම තැන කොහොමද ප්‍රතිපල]//
විභාග ප්‍රතිපල වසංගතේ
ඒ විතරක්යැ
විද්‍යා‍ විෂයද කලාවද
කලාව කිව්වොත් මලා වගේ
චී චී චී ලැජ්ජ නැද්ද
අපේ එකෙක් කලාව කරන්න
කව්ද උඹ දිහා බලන්නෙ ?
වි‍ද්‍යා‍ව‍යි‍ ගනන් ගන්නෙ
අඩු ගනනේ වාණිජවත්
‘ඉතින් පුතේ නම්බුවක්නෙ
පේල් උනත් වි‍ද්‍යා‍වෙ‍න්‍ විභාගෙ කොරල’
විභාගෙ විභාගේ ..//
නා‍ට්‍ය‍ය‍ -සෝමලතා සුබසිංහගේ  විකෘති

notes of imaginary

Saturday, January 04, 2014

මෙයට නමක් තියාපියෝ .




දැන් ලංකාවේ  බන්ධනාගාරගත වීම හිරිහැරයකට කාරනාවක් නොවේ. අතමිටේ මුදල් ඇත්නම් හිර ගෙදර වුවත් තමන්ගේ ගෙදර වගේ සිටිය හැකිය. මේ අද ( ජනවාරි 4 )  වෙනිදා දිවයින පලකර තිබු ප්‍රවෘත්තියකි.





......................"වැට්‌ සිරදඬුවම" අවසන් වූ පුද්ගලයා වෙනුවෙන් බන්ධනාගාරයේ උත්සවයක්‌.

රුපියල් කෝටි  හාර සියයේ වැට්‌ බදු වංචාව සම්බන්ධයෙන් සිරදඬුවම් විඳිමින් සිටි පුද්ගලයකුට ඊයේ (03 දා) නිදහස හිමි වීමේ ප්‍රීතිය සමරමින් ඉහළම බන්ධනාගාර නිලධාරියකුගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාරයේ කෝවිල් වාට්‌ටුවේ විශේෂ උත්සවයක්‌ පවත්වා තිබේ.

මාස 13 ක දඬුවම් කාලය නිමවීමෙන් පසු මෙසේ නිදහස හිමි වී ඇත්තේ එම මහා පරිමාණ වැට්‌ බදු වංචාවේ ප්‍රබලයකු වූ සෙල්ලයියා සුබ්‍රමනියම් නමැත්තකුටය.

ඔහු නිදහස්‌ වීම නිමිත්තෙන් ඊයේ වැලිකඩ බන්ධනාගාරයේ කෝවිල් වාට්‌ටුවේ පැවැති උත්සවය අතරතුර ඉහළ බන්ධනාගාර නිලධාරියා ඇතුළු පිරිස්‌ එක්‌ව සුබ්‍රමනියම්ට සෙත් පතා එහි ඇති කෝවිලේදී විශේෂ පූජාවක්‌ද පවත්වා ඇත.

එම පූජාවෙන් අනතුරුව ඊයේ 3 දා පෙරවරු 8.30 ට පමණ වන විට මොහු නිදහස්‌ කිරීම සඳහා අධිකරණය වෙත රැගෙන යැමට බන්ධනාගාර නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාර ගේට්‌ටුව වෙත රැගෙන ඒමට කටයුතු කළ බව බන්ධනාගාර නිලධාරියෙක්‌ පැවැසීය. .....
කුඩුකාරයින් කප්පම් කරුවන් මිණිමරුවෝ  සහ සල්ලි විසිකලහැකි ඕනෑම දඩුවමක් ලැබු වරදකරුවෙකුට මුදල් විසුරුවා ගත හැකිනම් හිරගෙදරත් නිවසට වඩා සුපිරි ස්ථානයක් කර ගත හැක.

අපි නම පමනක් වෙනස් කරමු . බන්ධනාගාර දෙපාර්තමේන්තුව - සංස්ථාවක් හෝ පෞද්ගලික සමාගමක් බවට පත්කර ජේලර්ලා නියාමකවරු වේටර්ලා රූම් බෝයිලා බවට පත්කරමු.



notes of imaginary

Thursday, January 02, 2014

sex



 


කිසියම් කාල නියදියක් තුල Sex යන අකුරු තුන  පරිගණකයෙහි වැඩිම වාර ගණනක්‌ ටයිප් කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ වෙසෙන ජනයා බව ‍ගිය සතියේ පලවිය.
පෘථග්ජන හැම මිනිසෙක් තුළම ගෝත්‍රික ලක්‍ෂණ යටපත්වී තිබේ. එම ලක්‍ෂණ සමූහය වනචරකම්, කෘරකම්, බඩජාරිකම් යනාදියෙන් සමන්විතය. මිනිහෙක්‌ උගතකු වූ තරමට මේ ප්‍රාථමික ගති ලක්‍ෂණ යටපත් කරගෙන ශිෂ්ට සමාජයේ  ලකුණු තම තන්ගේ ජීවිතවලට  ආදේශ කර ගැණිම ශිෂ්ඨත්වයේ එක් ලක්‍ෂනයක්ය.
එහෙත් සමහර විට, සමහර අයට යටපත්වූ එම ලක්‍ෂණයන්  වැටවල් සහ තාප්ප කඩාගෙන ඉස්‌මතු වන්නේය
පසුගිය දාක අනුරාධපුර රෝහලේ වෛද්‍යවරයෙකු වැසිකිළියක සී. සී. ටී. වී. කැමරාවක් සවිකරගෙන වැසිකිලියේ සිදුවන කාර්යන් නිරීක්‍ෂණය කරන්න යාමෙන් රිමාන්ඩ් ගතවන්න සිදුවු පුවතත් පලවිය.  කලකට පෙර මීගමුව රෝහලේ  වෛද්‍යවරයෙකු රෝගී තරුණියක දූෂණය කර ඉහළ මාලයකින් පහළට ඇද දමා මරාදැමීමේ  සිද්ධියද  සිහිපත් විය.  මේ රෝගය වෛද්‍යවරුන්ට පමනක් නොව  නීතිඥවරුනට ගුරුවරුනට  අමන සමාජ සේවකයනට ( දේශපාළුවන්ට ) සහ වෙනත් වෟත්තිකයන්ටද  බෝවී තිබු බව පසුගිය කාලයේ පලවු තිබු මාධ්‍ය වාර්තා පෙරලන විට යලි  සිහිපත් කර ගත හැක.
පුරුෂ ලිංගය ස්ත්‍රී ලිංගය  ලිංගික කාර්යයන්  හැදින්වීම සදහා සිංහල භාෂාවේ නොයෙක් සුමට වචන තිබේ. අසන , කියවන  කාටත් පිළිකුල් සහගත නොවන අයුරින් මේ වචන භාවිතා කල හැකිය. එහෙත් සමහරුනට එක්වරම සිහිපත් වන්නේ අසන්න  අප්‍රිය වචනයන් වුවත් සිහි බුද්ධියෙන් යුතු ඇත්තෝ මේ වචන එක්වරම වමාරන්නේ නැත. සමහරු මේ වචන භාවිතයේ යොදා ගන්නේ කිසිදු හිරිකිතයක් හෝ නැතිවමය.


මේ භාෂාවේ වචන හසුරුවන හැටි පිලිබවද   සිහිපත්වු අන්දමය. වචන හසුරුවන අන්දමින් හසුරුවන පුද්ගලයා ගැන චිත්‍රයක් අසන බලන ඇත්තන්ට මවා ගත හැක.
පහ වසර,  අ.පො.ස. සා.පෙළ, උසස්‌ පෙළ පමණක්‌ නොව විශ්ව විද්‍යාල උපාධියද සමත් වූ නමුත්  පුද්ගලයින්ට  විනීතභාවය සහ ආත්ම සංයමය යන විභාග දෙක සමත් වන්නට බැරි වීම වර්තමාන සමාඩය තුල දක්නට ඇති එක් ලක්‍ෂණයක්ය.
මොවුන් ජන සමාජය  පිලිබදව අවබෝධයක් ලබා ගෙන නැතිවීමත් මේ අසම්මත ක්‍රියාවලින්  පිලිබිමු වන කාරනවක්ය. එසේ අවබෝධයක් ලබා ගැණිමට අපේ අධ්‍යාපන තරගය තුල ඉඩක් ලබා නැත.



notes of imaginary

Wednesday, January 01, 2014

කුමටද සොබනියෙ කදුළු සලන්නේ


කුමටද සොබනියේ කදුළු සලන්නේ ................ විනෝද චාරිකාවක, සහෘද සාදයක  මේ ප්‍රශ්නය  මතු නොවන අවස්ථා නැති තරම්.
නරි බෑනා නාට්‍යයයේ එන ජනප්‍රිය ගීතයක්. එක්ක අළුත් අවුරුද්දට අළුත් සිතිවිල්ලක්.

අද ජනවාරි පලවෙනිදා.

අද උදේ පාන්දරම මට  president ,  ගෙන්   sms  එකක්  ?

මට හෙන ජොලි.

“.......................Oba samata
suba nawa wasarak weva !’
Ungal ellorukum
iniya puththadu vaalthukkl !
Wish you all a
very  Happy new year! ......................

උන්නැහේගේ ප්‍රර්ථනාව ලැබුනම reply එකක් අරින්න බැළුවා.
අළුත් අවුරුද්දේ මගේ නැවුම් ප්‍රාර්ථනාව උඩු හුළගට කැරකිලා ගියා. Message   එකට   Reply  කරන්න බැරිව.
ඔය වගේ හිතවත් අය තමයි අපිට ඉන්නේ .

අපිට වෙන සංගදි  මේ ගීතය වගේ නොවුනත් මේ වගේ පූච්චානම් බස් අහලාම  අපේ  ඹළු පිරිලා. නරක්වෙලා. ඔය දේශපාලක උන්නැහේලා වේදිකාවේ කියන කතා සිහිපත් කරමු. උන්නැහේලා කට ඇරියොත් කියන්නේ මේ සිංදුවනේ ?.

ආශ්චර්ය කරා යන ගමනත්  මේ සිදුවේ තේමාව නේ ...........මට හිතුනා

කුමටද සොබනියෙ කදුළු සලන්නේ
හේතුව මම නොදනිම් ........................................

හේතුව  දැන් හිතාගන්න පුළුන්නේ.

හවස් වෙනකම් ඉන්නේ නැතිව යාළුවෝ දෙතුන් දෙනෙක් එක්ක සෙට් වුනා ගිණි දවල්ම. ගානට පදම් වුනා විතරයි මතක් වුනා සොබනිව...................................

කුමටද සොබනියෙ කදුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති ‍මගේ නිවසට
මම ඔබ ගෙන යන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්

කුමටද සොබනියෙ කදුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති ‍මගේ නිවසට
මම ඔබ ගෙන යන්නම්
කුමටද සොබනියෙ කදුළු සලන්නේ

සද පායන කල ගලබඩ ඉදගෙන
ඔබෙ හිස පීරන්නම්
ඔබෙ හිස පීරන්නම්
මල් පෙති විසිරුණු සුදුවැලි මතුපිට
ඔබගෙන ඇවිදින්නම්
ඔබ ගෙන ඇවිදින්නම්

සොදුරියෙ ආදරබස් දෙන්නම්
සොදුරියෙ ආදරබස් දෙන්නම්

කුමටද සොබනියෙ කදුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති ‍මගේ නිවසට
මම ඔබ ගෙන යන්නම්
කුමටද සොබනියෙ කදුළු සලන්නේ

තණ අග දිලිසෙන පිනිකැට අරගෙන
ඔබෙ ඇග දෝවන්නම්
ඔබෙ ඇග දෝවන්නම්
ඉර පායන විට පුබුදින මල්ගෙන ඔබෙ හිස සරසන්නම්
ඔබෙ හිස සරසන්නම්

කොමලියෙ ආදරබස් දෙන්නම්
කොමලියෙ ආදරබස් දෙන්නම්



නරිබෑනා  -  දයානන්ද ගුණවර්ධන යන්ගේ

මුල් ගායනය: ජය ශ්‍රී චන්ද්‍රජිත්

https://www.youtube.com/watch?v=Jmj_JqxY1hA
කාලයක් යන කොට උතුරේ ඇත්තන්ට එපා කියන ජාතික ගීතයට මේ ගීතය ආදේශ  කරන්නත් දවසක් ඒවී. 

notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon