පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-08-13

මුළු තැන් බත් .



මේ මාසය පෙරහැර මාසයයි.ඇසල මාසය ඇරඹෙන්නේ දළදා පෙරහැර කතරගම පෙරහැර. රත්නපුර, දෙවුන්දර,සහ අනෙකුත් පරිවාර දේවාල වල  පෙරහර මංගල්‍යයයන්  පැවත්වෙමින්.

පෙරහැර ගැන නොවෙයි මගේ කතාව.
රසවත් මුළුතැන් බත ගැනයි .
“දේවාලයක අංග කිහිපයක් තියෙනව. ප්‍රධාන පිවිසුම, වාහල්කඩ, ප්‍රධාන බරාඳ, හඳුන් කූඩම, දිග්ගෙය, වැඩ සිටින මාලිගය, මුළුතැන් ගෙය, ගබඩා කාමර, අටු මඩුව, දඬු මඩුව ආදී කොටස්වලින් යුක්ත වන විට දේවාල පරිශ්‍රයක් බවට පත්වෙනවා.
මින් මීදුම මුළුතැන් ගෙට අවධානය යොමු කරා.
කෑම බීම අපිට මුල්තැනක් ගන්නවානේ.
දෙවියන් සදහා ආහාර සැපයීම මුළුතැන් බෑම කියලයි කියන්නේ.මුළුතැන් වැඩීම කියලත් බාවිතා කරනවා. වැඩි ගෞරාවින්ත බවට.

අපේ කුස්සිය කිචන් එක දේවාලෙදී මුළුතැන් ගෙය ලෙසයි හදුන්වන්නේ.


දෙවියන් සදහා වෙන්වු මුළුතැන් ගෙයින් දේවාලයට ආහාර සැපයීම කරන චාරිත්‍රයට  “ මුළු තැන් බෑම “ කියලා කියනවා.
පුරානයේ සිංහල රජ මාලිගාවල මෙම සිරිත පැවතිලා තියෙනවා.දිනකට තුන් වරක් දෙවියන් උදෙසා ආහාර පාන පූජා කිරීම එකල පැවති සිරිතක්.
හිණ්දුන්ගේ  පිලිගැනීම් අනුව “ මුළුතැන් කවාඩි “නම්වු චාරිත්‍රය් මෙයමයි.
මුළුතැන් ගෙදර වෙනම කාර්ය මණ්ඩලයක් ඉන්නවා.මුළු තැන් කද ගෙන ඒම සදහා මෙම කාර්ය මණ්ඩලයේ නිල ඇත්තෝ වෙනමම ඉන්නවා.තේවාව පැවත්වීම කපුරාලගේ කාර්යයක්.පිරිසිදුව සකසන මෙම මුළුතැන පූජාව  බුද්ධ පුජාව සදහා රන් පාත්‍රයද , දේව පූජාව සදහා රණ් මණ්ඩයද පිසින්නාගේ බදුනද මේසය මත තබා පිලිවෙලින් එක හැන්ද බැගින් සකසන ආහාර බෙදනා. විශේෂයක් වන්නේ දේව පූජාව සදහා යොදන මණ්ඩයට හැදි තුනක් බෙදීමයි.
ඉන් පසු උඩු  වියන් සහිතවදෙවියන් උදෙසා  දේවාලයටත් බුදුන් වහන්සේ උදෙසා බුද්ධ පුජාව  පන්සලටත් පුජා කිරීම සදහා මුළුතැන් ගෙයින් පෙරහරින් වඩමවති.

ඉතිරි වන ආහාර දේවාලයට රොක්වන බැතිමතුන් වෙත බෙදා දෙති.  

මෙම ආහාර ප්‍රසාද  ලෙසින් හදුනවන අතර ප්‍රසාද භුක්ති විදීමෙන් සියළු රෝග නිවාරණය වේයැයි බැතිමතුන්ගේ විශ්වාශයයි.



A day in the life

2025-08-12

ප්‍රෙෂර් පෙත්ත Losartan Potassium





ප්‍රෙෂර් පෙත්ත (ලොසාටන්) ගැන හරියට දැනගමු...... 
 
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධ වෛද්‍ය විද්‍යා අංශය මඟින් ලංකාවේ ඖෂධ භාවිතය පිළිබඳව පවත්වන ලද දීප ව්‍යාප්ත සමීක්ෂණයෙන් හෙළි වූ කරුණු අනුව මෙරට වෛද්‍යවරුන් විසින් ‍රෝගීන් සඳහා වැඩියෙන් ම නියම කරන ලද ඖෂධ අතරින් දෙවැනි තැන ගන්නේ ලොසාටන් (Losartan) ඖෂධය වේ.  
 
ලොසාටන් ඖෂධය වැඩියෙන් ම නියම කරනු ලබන්නේ අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ය. ඉන් අමතරව ‍හෘදයේ ක්‍රියාකාරිත්වය අඩු වීම පාලනයට, දියවැඩියාව ඇති රෝගීන්ගේ වකුගඩුවල ආරක්ෂාව සහ වකුගඩුවලින් ප්‍රෝටින් පෙරීයන ප්‍රමාණය පාලනය කිරීම සඳහා ලොසාටන් ඖෂධය දෙනු ලැබේ.  
 
වෛද්‍යවරයා විසින් ඔබට ලොසාටන් ඖෂධය නියම කර දී ඇත්නම් ඒ ඉහත සඳහන් රෝග තත්ත්ව අතරින් කවරක් වෙනුවෙන් ද යන්න වෛද්‍යවරයාගෙන් දැනගැනීම වැදගත් ය. ලොසාටන් බහුලව ඇත්තේ මිලිග්‍රෑම් 50 පෙත්තක් වශයෙනි. ඇතැම් විට මිලිග්‍රෑම් 10 සහ 25 පෙති ද තිබේ. ඔබට නියමිත ඖෂධ මාත්‍රාව කුමක් දැයි දැන සිටීම වැදගත් වන අතර ඔබට නියම කර ඇත්තේ මිලිග්‍රෑම් 50 ක් දවසට වරක් හෝ හෝ දෙවරක් විය හැකි ය.  
 
ඇතැම් විට මිලිග්‍රෑම් 50 ක් දවසකට දෙවරක් ලෙස නියම කළ විට පෙත්තෙන් ½ ක් ගැනීමට සිදු විය හැකි ය. ඇතැම් විට ¼ ක් ද විය හැකි ය. පෙති - ගණනින් නොව මිලිග්‍රෑම් ප්‍රමාණයෙන් ඔබ ගත යුතු බෙහෙත් ප්‍රමාණය දැන සිටීම වැදගත් වන්නේ එලෙස පෙති ½ හෝ ¼ බැගින් ගන්නා අවස්ථාවලදී ය. 
 
සාමාන්‍යයෙන් ලොසාටන් ඖෂධය උදේ සහ සවසට ගන්නා මෙන් උපදෙස් දෙනු ලැබේ‍. මේ ඖෂධය ආරම්භ කරන විට ඔබ ගත යුත්තේ දිනකට එක් වරක් නම් එය රාත්‍රියේදී ගැනීම වඩාත් සුදුසු ය. උදේට ගත්තද වරදක් නැත. මෙහි කෑමට පෙර හෝ පසු යනුවෙන් විශේෂත්වයක් නැත. එහෙත් හැමදාම එකම නිශ්චිත වෙලාවක බෙහෙත ගැනීම කළ යුතු ය.  
අතුරු ආබාධ

ලොසාටන් යනු අතුරු ආබාධ ඉතාමත් අඩු ඖෂධයකි. සාමාන්‍යයෙන් වෛද්‍යවරයකු මේ ඖෂධය නියම කරන්නට පෙර වකුගඩුවල ක්‍රියාකාරීත්වය හා රුධිරයේ සෝඩියම් සහ පොටෑසියම් මට්ටම බලා එය නියම කරනු ඇත. එමෙන් ම මින් පෙර ආසාත්මිකතා ඇත්නම් මීට සමාන කාණ්ඩයකට අයත් (Ac Inhibitors) කාණ්ඩයට අයත් (Captopril, Enalapril) බෙහෙත් මඟින් කැස්සක් ඇති විය හැකි ය. එසේ හෙයින් ඒ වෙනුවට ලොසාටන් නියම කරනු ලැබේ.  
 
ලොසාටන් ඖෂධය ගැනීම අරඹා මාසයකින් පමණ පසුව ඉහත සඳහන් පරීක්ෂණ සිදුකර ඒ වාර්තාවල කිසියම් වෙනසක් ඇත් දැයි සොයා බැලිය යුතු ය. වෙනත් බෙහෙත් සමඟ ලොසාටන් ගන්නා විට රුධිරයේ පොටෑසියම් වැඩි වන වෙනත් බෙහෙත් Spronolactone නම් ඖෂධ කාණ්ඩයේ ගන්නවා නම් රුධිරයේ පොටෑසියම් ප්‍රමාණය වැඩි විය හැකි හෙයින් එවැනි රෝගීන් වෛද්‍ය උපදෙස් දෙනු ලබන ආකාරයට ම රුධිර පරීක්ෂණ කර ගැනීම වැදගත් වේ. 
 
කලාතුරකින්, ඇතැම් විට ආසාත්මිකතාවක් ඇති විය හැකි ය. උගුර, තොල් ඉදිමීම, හෝ පළු දැමීම වැනි ලක්ෂණ පහළ වුවහොත් බෙහෙත නවත්වා වෛද්‍යවරයා වෙතින් ඒ වෙනුවට වෙනත් බෙහෙතක් ලියවා ගත යුතු ය. 
 
ගබඩා කිරීම
ගබඩා කිරීමෙහි ලා විශේෂත්වයක් නැතත් සායනයකින් ලබාදෙන ඇසුරුම් රහිත පෙති ඉරු එළියෙන් වලකින සේ දුඹුරු පැහැති හෝ සුදු පැහැති ප්ලාස්ටික් බෝතලයකට දමා ලොසාටන් මිලිග්‍රෑම් 50/45/10 යනාදී වශයෙන් පැහැදිලිව ලියූ ලේබලයක් අලවා වියලි ස්ථානයක අසුරන්න. 
 
ලොසාටන් ගන්නේ අධික රුධිර පීඩනය පාලනයට වන හෙයින් එය හොඳින් පාලනය වී ඇත්දැයි පරීක්ෂා කර බැලිය යුතු ය. සාමාන්‍යයෙන් ඔබේ රුධිර පීඩන මට්ටම සිස්ටොලික් අගය 140 ට අඩුවෙන් හා ඩයස්ටලික් අගය 90 ට අඩුවෙන් පැවතීම යහපත් ය. හොඳින් අධික රුධිර පීඩන මට්ටම පාලනය වී ඇත්නම් මසකට වරක් රුධිර පීඩන මට්ටම මැන බැලීම ප්‍රමාණවත් ය. 
 
ඇතැම් විට තයසයිඩ් කාණ්ඩයේ ඖෂධ හා මිශ්‍ර ව ලොසාටන් ලබාදෙන අවස්ථා ද තිබේ. බෙහෙත් වර්ග දෙකක් වෙනුවට ඒ දෙකට එකතු කර සාදන ලද මිශ්‍ර බෙහෙත් වර්ග ද දෙනු ලැබේ. එවැනි පෙති ලොසාටන් මිලිග්‍රෑම් 50 – 100 ප්‍රමාණවලින් ද නියම කිරීමට ඉඩ තිබේ. හැම විටම ඔබට ලබාදෙන පෙත්තෙහි අඩංගු සංඝටක ගැන දැන සිටීම ද වැදගත් වේ. 
 
උපුටා ගැනීමකි .
කොලඹ වෛද්‍ය පීඨයේ ඖෂධ විද්‍යා අංශ ප්‍රධානී, කායික රෝග හා ඖෂධවේදීනිය පිලිබඳ මහාචාර්ය,විශේෂඥ වෛද්‍ය
ප්‍රියදර්ශනී ගලප්පත්ති

A day in the life